ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 4, 2012

පිස්සු හැදෙන සඳ...


දඩ බඩාස්...
ගාන සද්දෙකින් මාව එකපාරටම ඇහැරුනත් එක පාරටම හිතා ගන්ඩ බැරි උනා මොකද්ද ඒ සද්දෙ කියලා නම්. ඊළඟ ක්ශනයේදී මගේ හිත කීවෙ අර පාහර මීයා ආයි ඇවිත් ..අයියෝ මගේ මේ වෙනකම් කපලා ගිය ඇඳුම් ටිකයි..පොත් පත් ටිකයි..අඳුරේම නැගිටලා අතපතා ගාලා ලයිට් ස්විච් එක දමන ගමන්ම මන් ළඟ තිබ්බ කොස්ස අතට ගත්තා. මේ යකා මෙච්චර පෙරලි කරන්නෙ මගේ අනිත් කාමරෙ. ඒකෙ දොර අරින කොටමත් ඌ ආරක්ශිත පියවර අරන් ඌ හැමදාම හැන්ගෙන තැනට ගිහින්...


මාව ඇහැරෙව්ව එකේ කේන්තියත් එක්කම ඒ කාමරෙ ලයිට් එක නිමලා ආයි නිදිය ගන්න කාමරේට යන්න ගියත් පිරිලා තිබ්බ තව අවශ්‍යතාවයකින් නිදහස් වෙන්න මන් ආයිමත් ගෙයින් පිටත තිබ්බ නාන කාමරය වෙතට ගියා. ඉස්සෙල්ලා දවසෙ සුට්ටක් වෙන්න පානය කරපු මධු විතේ බලපෑම තාම ඔළුවෙ ..යන්තම් ඔළුව රිදෙනවා. ඔව් පෝය දවසෙ බිව්වහම පව වැඩිලු..ආච්චි කීවෙ නම් මාමලා බීලා ආපු දවසට මාව ඔඩොක්කුවට අරන් ආදරණීය විදියට ඔළුව ආත ගාන ගමන්..ඒ වගේම බොන අය අපායට ගියහම කටේ ලෝදිය වක්කරනවා කියලා කියන ගමන්මයි.. පවක්ය..කියන අදහස ඔළුවෙ තිබ්බත් සොඳුරු මිත්‍රයෙක් ආපු වෙලාවක ඔහුත් එක්ක දොඩමළු වෙන්න..පොඩ්ඩක් බොන මදු විතෙන් ඇරඹෙන කතා බහ කොයි තරම් නම් සොඳුරු ඉසව්වන්ට ඇදිලා යනවද කියලා අපිට සීමා මායිම් පනවන්න බෑ..හමුව පුරාවටම කතා කලේ අහල පහලම වෙච්ච සොඳුරු මල් කැකුලක් තලා දමලා ඈව මරා දමපු නරුමයො හතර දෙනෙක් ගැන උනත්..තාම පොඩියක් ඔළුව රිදෙනවා සහ කැරකෙනවා හැඟීම නිසා ඔන්න ඔහේ උණුවට ප්ලේන්ටියක්ම බීලා නිදා ගන්ඩ ඕනියි කියලා හිතුවෙ නාන කාමරයේ ලයිට් එක නිවන ගමන්මයි..මන් නිදන පුන්චි නවාතැනේ මිදුල හරහා යන්ඩ වෙච්ච නාන කාමරය..ආපහු එනකොට හොඳට නිදා ගෙන හිටපු ලැසීත් ඔළුව ඔසවලා බලලා මාත් එක්ක නැට්ට වනලා හිනා වෙනවා..තාම නිදිමතයි..අතපය දිග ඇරලා..ඔළුව උස්සලා මන් හිතේ හැටියට ඈනුමක් ඇරියේ මගේම වාසනාවකට..


හඳ මෝදුවීගෙන එන දවස් වල මෝදුවී ගෙන එන පිස්සුව පුන් පෝ දාට උච්ච වෙනවළු..පිස්සු හැදෙන සඳ..අඹ ගහේ අතු රිකිලි අස්සෙන් මගේ නෙත් මානයට අහු වෙච්ච සඳ කැරලි නිසා මන් ඒ ක්ෂනයකින් පිස්සු හැදුනා කීවොත් නම් බොරුවක් නෙවෙයි.අහල පහල වලාකුළු කැටි කීපයක්ම තිබ්බත් මෙන්න ඈ මා එක්ක මුව පුරා හිනා වෙනවා.. අනේ වළාකුළු අතරෙ හැංගිලා යන්න නම් එපා..මන් හිතින් ආයාචනා කරමින්ම කාමරේට ආයිමත් දිව්වා..දුවපු වේගෙට බාගෙට වහලා තිබ්බ දොරේ හැන්ඩ්ල් එකේ පැටලිච්ච සරම නිසා බෙල්ල කඩා ගන්න ගියා උනත් ඊට වඩා හදිසියක් මට තිබ්බෙ..තුන් පාදය සහ මගේ ආදරණීය කැමරාව අරන් අඹ අතු රිකිලි..පොල් අතු ..දිවුල් ගහේ සිහින් කොල අතරින් බේරිලා මාව හොයන් එන සුමුදු සඳ රැස් අල්ල ගන්න මන් පැයක් විතරම දත කෑවා..දන්න සේරම ශිල්ප ක්‍රම දාල සේරම දමලත් අල්ල ගත්ත ඈගේ සඳ රැස් ඔන්න මන් මගේ සහෘදයො එක්ක බෙදා ගන්නයි හිතුවෙ











මේ ෆොටෝ ටික ගනිද්දි වෙලාව අද (04) උදේ පාන්දර හතර හමාරයි..


..ආයි ආයි ෆොටෝ ටික බලද්දිත් හිතුවෙ සඳ කුමාරිය මිනිස්සු පිස්සු වට්ටන එක ගැන පොඩ්ඩක්වත් පුදුම වෙන්න ඕනි නැහැයි කියලයි..අල්ල ගන්ඩ බැරි තරමක දුරකින් ඉඳන්..ලස්සනට හිනා වෙවී ඉන්න ඈ ගැන හිතන කොට එච්චර වෙලා තිබ්බ නිදි මත කොහේ ගිහින්ද මන්දා ? ආයි මොකටද ප්ලේන්ටි ? ආයි කාමරේට ආපු මන් බැලුවෙ මීයා රිංගපු උගේ ප්‍රියතම සැඟෙවෙන තැන දිහා..කිසිම හැලහොල්මනක් නෑ..එලියට ඇදලා අරන් චීස් කෑල්ලක් කටෙ ඔබන්න තිබ්බනම් කියලා නොහිතුනාමත් නෙවෙයි..


සතියෙ මැද දවසක එන නිවාඩුවක් උනත් මට නිවාඩු තියෙන්නෙ ඉරිදා විතරක් නිසා..කවදා ලැබෙන නිවාඩුවක් උනත් මගේ හිත රැවටෙනවා අද ඉරිදාය කියල..අයියෝ ඊයෙ ඉරිදා නම්..මට ලොකු අමතක වීමක් උනා කියන පසුතැවීල්ලත් එක්කම..ආයිමත් මතක් උනා ආ...ඊයෙ බදාදානෙ කියලා..ඔන්ලයින් චැට් එකකදි එක දවසක සිහින මල්ලි කීවා...මට මතක නෑ මොන පෝස්ට් එක ගැනද එයා කීවෙ කියලා..මගේ ඒ පෝස්ට් එක කියවද්දි මල්ලිට මතක් උනේ රෑ ඉරපාන කියලා..මන් ලියන රටාව ඒක කරන බන්ධුල අයියගේ වගෙයි කියලයි කීවෙ..මන් කීවා පිස්සු කියවන්න එපා මල්ලි..මන් කොහෙද එච්චර ශ්‍රේෂ්ඨ..ඉස්තරම් විදියට ලියන්නෙ කියලා..ඒ තරම් ගේය පදවැල් රචකයකුගේ පා දූවිල්ලක් තරමෙවත් ලිවීමෙ හැකියාවක් මට තියෙනවා කියලා මන් හිතන්නෙ නම් නෑ.. ඒත් ඒ තරමට ලියන්න පුළුවන් නම්...කොයිතරම් හොඳද කියලා නම් හිතුව වාර ගාන අනන්තයි. හැමදාම රෑ ඉරපාන අහන මන් සමහර විට ඒක කොපි කරනවා වෙන්න පුළුවන්. කමක් නෑ..බැරි කමට හොඳ දෙයක්නෙ කොපි කරන්නෙ..ඒකට කවුරුවත් අමනාප වෙන එකක් නෑ..ඉතින් ඉරිදාකට මට අමතක වෙන්න පුළුවන් නරකම දේ තමයි හවස හතේ ඉඳන් ගෙදර ඉන්න බැරි වීම තමයි..ඩීවීසී, අන්තර්ජාලය , රූපවාහිනිය අතරෙ අතරමං වෙලා හිටි මාව ආයිමත් රේඩියෝ වැඩසටහන් වලට ආශක්ත කලේ රෑ ඉරපාන කීවොත් බොරුවක් නම් නෙවෙයි..වෙළඳ පරමාර්ථ තියෙන මාධ්‍ය ආයතන වල අනික් වැඩසටහන් ගැන කොයිතරම් විවේචන තිබ්බත් ..හොඳ දේ අනිවා හොඳයි..


මේ පෝස්ට් එක දමන එක ගැන මගේ හිත මට හොඳටෝම දොස් කියනවා.. හැමෝම බලන් ඉන්නෙ අර නිශාවර ජායාරූප ගන්න ගිහින් මට උනේ මොකද්ද කියලා කියවන්නයි..ඒ අස්සෙ මේ මොකද්ද මේ කියලා සමහරෙක් අමනාප වෙන්න බැරි නෑ.. ඔය පොඩි පොඩි සොඳුරු අමනාපයන්..වැඩි කාලයක් තියෙන එකකුත් නෑ...මාව සාඪාරනීකරනය කරන්න මන් මටම කියා ගත්තා..සිකුරාදා හවස් වෙනකොට අනිවාරයෙන්ම ඒ කතාව දමන්න ඕනි කියලා මටම ස්තීර කර ගත්ත මම මවුස් පොයින්ටර් එක Publish කියන බට්න් එක ළඟ අරන් ගියා...



75 comments:

  1. ඉස්සෙල්ලා දවසෙ සුට්ටක් වෙන්න පානය කරපු මධු විතේ බලපෑම තාම ඔළුවෙ ?? :/

    කොහොම උනත් යාළු පින්තූර ටික නම් හරි අගෙයි හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. බාගෙට වෙරි පිට ලියන කතා නෙ...

      Delete
  2. උදේ පාන්දර පින්තූරු ගන්ට ගිහිල්ලා ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ.:)

    (හඳ කුමාරිගෙන් නෙමේ.)

    ReplyDelete
    Replies
    1. නෑ මන් හිතන්නෙ එහෙම වෙන එකක් නම් නෑ..

      Delete
  3. හෑ ? :O

    නිමලා ආයි නිදිය ගන්න කාමරේට යන්න ගියත් එක්කම පිරිලා තිබ්බ තව අවශ්‍යතාවයකින් නිදහස් වෙන්න මන් ආයිමත් ඒ කාමරයටම ගියා.

    කොහොම වුනත් පින්තුර ටික නියමයි....

    ReplyDelete
    Replies
    1. නාන කාමරයට ගියේ චූ බරක් තිබිලා රාමා..ඒක වාසියට ගියා...

      Delete
  4. ආහ් මාත් ඊයේ රෑ 12 ට විතර වගේ හඳේ ෆොටෝ එකක් ගත්තා. හඳ වටේට වලාකුළු තිබුණේ හරි අමුතු විදිහකට

    ReplyDelete
    Replies
    1. දොලහට විතර මන් හොඳටම නිදි..හැබැයි අටට විතර මිදුලට ගිහින් බැලුවා..අහසම වලාකුලු වලින් වැහිලා මන් හිතුවෙම කිසිම ෆොටෝ එකක් ගන්ඩ බැරි වෙයි කියලයි..

      Delete
  5. මරු ඇ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාළු...

      Delete
  6. ෆොටෝ ටික ලස්සනයි. අයියටත් හොඳ ‘ඇහැක්‘ තියනව වගේ. තව ටිකක් දියුණුකරගන්ඩ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..අනේ මන්දා..බලමු බලමු..

      Delete
  7. අයියට කියන්න මටත් මේ ලොකෙන්න් කුජීතම ස්අත්තු ඩ්හෙන්න තමයි ගස් ගෙම්බයි මීයයි කියන්නේ

    ReplyDelete
    Replies
    1. ගස් ගෙම්බො නම් මෙහෙ නෑ..ඇයි කැරපොත්තො..!

      Delete
  8. මේක හරියට මෙගා ටෙලියක හොඳම හරියෙදි මැද්දෙන් දාන ඇඩ් එකක් වගේනෙ. දඩ බඩාස් කිව්වම මම හිතුවෙ වැඩේ හරි තමා කියල.. වෙනී මාමාගෙ නයිට් පොටෝග්‍රැපි නැගල යයි වගේ. ආසාවක් නැද්ද නයිට් ක්ලබ් එකක හෙම නයිට් පොටෝග්‍රැපි කරන්න. නයිට් නෙ.. මම එන්නං ලයිට් අල්ලන්න..

    ReplyDelete
    Replies
    1. හා යන් යන් ඒත් නයිට් ක්ලබ් වල ෆොටෝ අල්ලන්ඩ දෙන්නෙ නෑ නේද ?

      Delete
  9. ඕකට පූසෙක් ඇතිකළානං හරිනෙ.

    ReplyDelete
    Replies
    1. ගෙවල් අයිතිකාරයින්ගෙ පූසො 4-5 දෙනෙක්ම ඉන්නවා..උන් එන්නෙත් මන් උයන දේවල් කාලා යන්ඩ මිසක් මීයො අල්ලන්ඩ නම් නෙවෙයි..

      Delete
  10. දැන් මේකයි අවුල..
    බොල අයියේ.. උඹට වෙරි වෙනකං ‍බොන්න පුලුවන්ද?

    අනික සරම දොරේ කොක්කෙ පටලලා නිර්වස්ත්‍රෙන් ගිහින් පොටෝ ගනිද්දි බෝඩිමේ අහල පහලවත් වෙන කවුරුත් හිටියෙ නැද්ද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම් බොන ශොට් එකෙන් එක හමාරෙන් වෙර් නම් වෙන්නෙ..
      කවුද කීවෙ සරම අරන් ආයි ඇඳ ගත්තෙ නෑ කියලා..

      Delete
  11. හාපෝ ඔයා කරදරකාර මී රාළ කෙනෙක් අපේ ගෙදරත් ඉන්නව ඔකා හැංගෙන තැනට අද වැටබඳින්ටයි මගේ වැයම..හික්ස් ආ ෆොටො වල අයිතිය තහවුරු කිරිම ගැන මාගේ සතුට ප්‍රකාශ කරමි. අර කලකන්නි අවලම් මිනිස්සු කොලනැති ගහේ යවන්ට ඔන අම්මපා

    ReplyDelete
    Replies
    1. අදහස් තුනටම එකඟයි..ඒ අම්මත් වැරදී..

      Delete
  12. niyama kalathmaka hakiyawak ne weniyata thiyenne.e aththata oka enne sutta wenna gahala hitiyamada?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් සුට්ට වෙන්ඩ ගත්තහම නිර්මාන සිතුවිලි ගලා ගලා එනවා

      Delete
  13. වෙනියො, @#$#@ %$#@ ##$%^^&^% (*&^&*( @#$%$#$^&*&^% *&^%^& ?

    ReplyDelete
    Replies
    1. සුදු හෙන්‍රි අයියට කේන්ති ගිහින් අභ්‍යාස තෙපුල් දොඩන්නෙ.. චිත්‍රයක් නැති නිසාද අර කතාවෙ දෙවනි කොටස නැති නිසාද මන්දා ???

      Delete
  14. නිදිමතේ වුනත් ගත්ත පින්තූරු ටික හරි අගෙයි..

    ලියලා තියන ඉතුරු ටිකක කියෙව්වාම නම් හිතුනෙ පික්සු හැදෙන සඳ කියලා තමයි..!!

    ReplyDelete
    Replies
    1. හික්ස්..සඳ ගැන පිස්සු හැදෙනකම් කියවන්න ලියන්න පුළුවන් අප්පා..

      Delete
  15. පින්තූර ටික නම් මල හතයි ඈ... නිදිමරලා ගත්තට පාඩු නැහැ. මීයන්ට හොද මී උගුලක් පාවිච්චි කරන්න. සත්ව ඝාතන පාපයත් එන්නේ නැහැ. කසල තිබෙන තැනකට නිදහස් කරන්න. පොඩි පෙට්ටියක් වගේ එකක්. එච්චර ගානකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. සරළ මී උගුලක් හදාගන්න හැටි මම කියන්නම්!

      Delete
    2. ඔව් වෙද මහත්තයො ඒකවත් කරන්න ඕනි.. ඔය බුද්ධි මලයා කීව එක කරන්න කුරුම්බැට්ටි කොහෙන් හොයන්නද ? කඩෙන් ගන්නවා කූඩුවක්..
      ස්තූතියි බුද්ධි...

      Delete
  16. ඕක තමා වෙනියෝ වැඩිය බොන්න එපා කිව්වේ ....

    ReplyDelete
    Replies
    1. එච්චර වැඩිය බීවෙත් නෑ රොබින් මලයා...

      Delete
  17. හඳේ අන්තිම පින්තූරෙ තමා ලස්සනම

    ReplyDelete
    Replies
    1. අන්තිම පින්තූර දෙකම මගේ හිතටත් ඇල්ලුවා..

      Delete
  18. සඳ මෝදු වෙලා නැගෙනා
    රෑ කාලයේ කොළොම්පුරේ
    කුමරියකගේ දුක් ගීයක්
    ඇසුනා හද නිරන්තරේ....//

    පොටෝ ටිකනම් එළය...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් සඳ ගැන තියෙන්නෙම ලස්සන සින්දු සුමිත්..

      Delete
  19. මුලින්ම ඇතිලියක් ගන්න. ඊලගට කුරුම්බැස්ටියකට ඉරටුවක් ගසා අනික් කොනේ කරවල කැබැල්ලක් ගසන්න. දැන් කරවල කැබැල්ල ඇති කොන ඇතිලියෙ ඇතුලට දමා කුරුම්බැට්ටිය උඩින් ඇතිලියේ ගැට්ට තබන්න. මීයා රාත්‍රියේ පැමිණ කරවල කැබැල්ල අදිද්දී කුරුම්බැස්ටිය මෙව්වා වීඇතිලිය වැසී යයි.

    උදේට ඔහුව පෙට්ටියක දමාගෙන ගොස් සුදුසු තැනකට මුදා හරින්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි කුරුම්බැට්ටි නෑ අනේ මෙහෙ..වෙඩ්ඝ මහත්තය කීවහේ කූඩුවක් ගන්නවා..

      Delete
    2. එහෙනම් මෙසේ කරන්න.. හොඳට කැපෙන පිහිතලයක් ගෙන එහි මිට ඉවත් කරන්න. ඉන්පසු එක් පසෙක කරවල කැබැල්ලක්ද, අනෙක් පස චීස් කැබැල්ලක්ද ගසා සුදුසු තැනක කැපෙන පැත්ත උඩට එන සේ රඳවා තබන්න. මීයා පැමිණ පිහිතලය මත බෙල්ල තබාගෙන කරවල කනවද, චීස් කනවදැයි දෙපසට බලමින් කල්පනා කරනු ඇත. එවිට බෙල්ල කැපී මීයා නසිනු ඇත.

      හරි නොගියොත් ගාස්තුව ආපසු නොගෙවනු ලැබේ..

      Delete
    3. අයියෝ සෙන්නා ඔය හරිම පරණ ක්‍රමයක්නේ මොඩන් මීයො ඕවට අහුවෙන්නෑ දැන්..!!

      බුද්ධිගෙ ක්‍රමේ නම් මගෙත් හිතට ඇල්ලුවා..

      Delete
    4. ඈහ් කවුද යකෝ මේක පරණ ක්‍රමයක් කියන්නෙ... ඕක අත්නොදුටුවයි, අසත්‍යයි..

      හිතට ඇල්ලුවට වැඩක් නෑ.. දැන් කුරුම්බැට්ටි නෑ...

      Delete
    5. මුනින් අතට වැහිලා තියෙන ඇතිලියෙන් මීයාව පෙට්ටියකට මාරු කරන ක්‍රමයක් ගැන මම දවසක් හිතුවා... :(

      Delete
    6. මාත් ඒක නම් හිතන්න ගත්තා..

      Delete
    7. මේක බලලා යන්නමයි ආවේ... උඹට ක්‍රමයක් මීටර් උනාද..? :D අරූ මොකද කියන්නේ බලමු...

      Delete
    8. සෙන්නා, රූ,
      දැන් ඔබලා දන්න ක්‍රමය මෙව්වා කර ඊටත් වඩා අඩුවියදම් ක්‍රමයක් මා සොයා ගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නේයැ.

      මේකයැ!

      බියැ නොගෙනැ චීස් හෝ කරෝල නොතබා පිහිතලයැ පමණක් තබන්නැ. මියා පැමිණ “චීස් ද නැතැ, කරෝලද නැතැ...“ යනුවෙන් දෙපස බලනු ඇත. ප්‍රතිඵලය එයමයැ.!

      Delete
    9. බීටලය,
      මමදැ අලුත් ක්‍රමයක් සිතමි. කුඩා කල අද්දැකීමක් වෙන මෙයින් එකල මියා ඩැහැ ගත් ආකාරයනම් මට මතකයැ.

      Delete
  20. //පොඩ්ඩක් බොන මදු විතෙන් ඇරඹෙන කතා බහ කොයි තරම් නම් සොඳුරු ඉසව්වන්ට ඇදිලා යනවද කියලා අපිට සීමා මායිම් පනවන්න බෑ.//
    උඹට DCSL එකෙන් කීයක් ගෙව්වද?

    ReplyDelete
    Replies
    1. මේක කියවලා මාසෙකට බෝතල් 2-3ක්වත් නොමිලේ දෙනවනම් ශෝයි.. නේද ?

      Delete
  21. ඔය වගේ පොටෝ ගන්නනම් මැනුවල් කැමරාවක්ම ඕන..ෂටර් ස්පීඩ් අඩුම කරල ගත්තාම ලස්සනට එනව.

    ReplyDelete
    Replies
    1. මැනුවල් කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මොකද්ද ? මේ කැමරාවෙ මැනුවල් ෆෝකසින් කරන්න පුළුවන් තත්පර 30 තමයි උපරිම ශටර් ස්පීඩ් එක තියන්න පුළුවන්.. ඔතන තියෙන ෆොටෝ ගොඩක්ම තත්. 1/6 තිබ්බ ඒවා.. සහරක් තත්. 2-10 අතර තියලා තියෙන්නෙ.. අන්තිම ෆොටෝ 4ම මැනුවල් ෆෝකසින්..

      Delete
    2. ඔව් වෙනී,... ඒ ගැන තමයි කිව්වෙ.ගහ කොල හෙලවෙන්නෙ නැතිනම් ත්‍රිපාදය මත තියල උපරිම ස්ලෝ ෂටර් ස්පීඩ් එකට ගියෑකි..

      Delete
  22. නියම ෆොටෝ ටික.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිසූපා.. තාත්තට කැමරාවක් අරන් දෙන්න ඕනි කියලා කතාවක් මතකයි.. මොකද උනේ ?

      Delete
  23. කාලෙකට කලින් කසිප්පු ගැනත් ලිව්වා මතකයි මේකත් නිකන් වෙළඳ ප්‍රචාරණයක් වගේ... සිරාවටම අවසිහියෙන් කොරන සාකච්ඡා සිහිය ආවාම මතකයිද????

    පින්තූර ටික නම් එල තමා... මේ ළඟදි මම දැක්කා මගෙ යාළුවෙක් දාලා තිබුනා ක්ෂීර පථයේ පොටෝවක්... ඒකට මට පිස්සු හැදුනා... වෙනි අයියට ටැග් කරන්නම් ට්‍රයි එකක් දෙන්නකෝ එහෙම එව්වා ගන්න..

    ReplyDelete
    Replies
    1. ඒක මමත් දැක්කා.. අහස පට්ට විදියට පැහැඩිලිව තියෙන්න ඕනි..අනිත් එක ටෙක්නික් දැනන් ඉන්න ඕනි උපරිමයට මන් හිතන්නෙ..

      Delete
  24. වෙනි අයියෙ.. ඇත්තටම උබට හොඳට ලියන්ඩ පුලුවන් ඒකෙ ආයෙ දෙකක් නෑ...

    ඒ වගේම උඹට හොඳට ෆොටෝ ගහන්ඩත් පුලුවන් ඒකෙත් දෙකක් නෑ..

    ඔච්චරයි කියන්ඩ තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන් මන් එහෙම හිතන්නෙම නෑ..මොකද මට ඕනි මීට වඩා හොඳට මේක කරන්න..

      Delete
  25. මාත් මේ හිතුවේ අරකේ දෙවෙනි කොටස කියලා.. කමක් නෑ කමක් නෑ.. 7 වෙනි ෆොටො එකට මම ගොඩක් ලයික් ඔන්න.. :)

    ReplyDelete
    Replies
    1. ඒකෙ 2 ඉක්මනින්ම..

      Delete
  26. Replies
    1. සිකුරාදා උදේ වෙනකම් ඉවසන්න ඇනෝ..

      Delete
  27. :) අපි ඔක්කොම මිනිස්සුනේ අයියා.

    ReplyDelete
  28. පොඩ්ඩක් අරක්කු මතට වදින පොටෝ ලස්සනයි වගේ නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා එහෙනම් මීට පස්සෙ ෆොටෝ ගන්ඩ ඉස්සරවෙලා...

      Delete
  29. Replies
    1. හික්ස්..මීයා හින්දා දැක්ක හඳ කීවොත් නරකද අසර් ?

      Delete
  30. පින්තූර ටික ඇත්තටම ලස්සණයි මලේ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ.. ඒ පැත්තෙ එන්න ඕනි දවස් 2-3ක්ම ඉඳලා ලස්සන ෆොටෝ ටිකක් අරන් යන්න..මේ කොළඹ ඉතින් එච්චර දේවල් නෑ ෆොටෝ ගන්න..

      Delete
  31. මමත් බලන් උන්නේ අර කතාවේ ඉතුරු කොටහවත්ද කියාල.. හඳපානේ ගිලිච්ච සඳ කුමරිය වෙනී අයියගේ කැමරාවේ කාචේ හරහා ඇවිත් බ්ලොග් පිටුවක මවපු ඒ රටා ටික මාරම මාරම ගති ඈ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් සිකුරාදා උදෙන්ම ඒකෙ දෙවනි කොටස දමනවා..

      Delete
  32. ඔබේ සිනහව මට සතුටක් !

    ReplyDelete
  33. නිවාඩු පාඩු ලැබිච්ච ගමන්ම බලන්නම් !

    ReplyDelete
  34. අපේ ගෙදරටත් පඩත්තල මීයෙක් එනවා.මම දැන් මේ ඌව මරණ්ඩ හදලා බැරැව මෙතනින ඉදගත්තේ.
    ගෙදර බඩු මුට්ටු භාගයක් සීසිකඩ

    ReplyDelete