ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, May 31, 2012

සින්දුව...






මේ තියෙන්නෙ මේකෙ ඔරිජිනල් සයිට් එක..ඒකෙ තව ෆන් වීඩියො ගොඩක් තියෙනවා..
 
http://www.wilbur.asia/


යූ ටියුබ් ලින්ක් එක..



http://youtu.be/nyeJ2dhtvjQ



මේ වීඩියෝ එක බ්ලොග් සෝන්ග් එක විදියට අපේ සෙට් එක මේ දවස් වල මගේ පිටේ ගහලා යවනවා මූනු පොතේ සහ ගූගල්බස් සංගමේ..මමත් ඉස්සෙල්ලම මේක බැලුවෙ මන් හිතන්නෙ මරනෙ ශෙයාර් කරපු එකෙන්ම තමයි..


මේ සුපර්ස්ටාර් එයාගෙ බ්ලොග් එක බලන්න කියලා ඒක හාස්‍යයට ලක් කරන්න හදපු වීඩියෝ එකක්..වගේමයි ඒකෙ නියමෙට හාස්‍ය තියෙනවා ඒ ඩාන්ස් එකත් එක්ක..



මන් හිතන්නෙ මාව මූනු පොතෙ දැකලා තියෙන අය සහ හම්බ වෙලා කතා කරපු අය හැමෝම දන්නවා මට තියෙන්නෙ දකුණු ඉන්දීය පෙනුමක් කියලා..ඒක මමත් පිලි ගන්නවා. අපේ අම්මා ටිකක් සුදු උනාට තාත්තා මන් වගේම කළුයි..හැමෝම කියන්නෙ අම්මගෙ මූනුවර සහ තාත්තගෙ කළු මට ඇවිත් කියලයි..ඒ මදිවට උඩු රැවුල නිසා හැමෝම රැවටෙනවා මන් ද්‍රවිඩ ජාතිකයෙක් කියලා..
බස් එකේ යද්දි ඕනි වැඩියෙන්ම මාත් එක්ක හිනා වෙන්නෙ කතා කරන්නෙ ද්‍රවිඩ  සහෝදර සහෝදරියො තමයි.


හැබැයි ඒක නරක තිබ්බ කාලයක් තිබ්බෙ පහු ගිය ත්‍රස්තවාදී කලබල කාලෙ තමයි.. මට හැඳුනුම් පත ගෙනියන්න බැරි උනු අවස්ථාවලදි අනත්තවත් හමුදාවෙ සහ පොලීසියෙ දැඩි සැකයට භාජනය වෙච්ච අවස්ථා ගනනාවක්ම තියෙනවා..ඒ නිසාම මන් හැම වෙලාවෙම මගේ අයිඩෙන්ටි කාඩ් එක ළඟම තියා ගත්තා.. 



මොනවා කරන්නද දැන් ඒ අවාසනාවන්ත කාලෙ ඉවරයි..ඒත් මගේ පෙනුම එහෙමමයි..මන් අසතුටක් නෑ එහෙම පෙනුම ගැන..හැබැයි ගොඩක් සින්හල අය අතරමගදි උනත් මාත් එක්ක කතා කරන්නෙ නෑ මේ පෙනුම නිසා..ඒක ඉතින් හැමතැනම අඩු වැඩියෙන් තියෙන සින්හල දෙමල අය අතර තියෙන පරතරයනෙ..ඒක හරි යන්න තව කොයිතරම් කාලයක් යයිද මන්දා..

හැබැයි වැල්ලවත්ත පැත්තෙ ගියා නම් මන් හිනා උනොත් හැමෝම ලෙංගතු විදියට හිනා වෙනවා..කතා කරන්න ගියොත් අහුවෙන නිසා සද්ද නොකර ඉන්නවා..

වැල්ලවත්තෙ තියෙන වීඩ්යො ශොප් එකකින් තමයි මන් ඩීවීඩී ගන්නෙ. රු. 75යි එකක්. ඒ ගානට මාර ලාභයි. මැජෙස්ටික් සිටි හරි ලිබටි ප්ලාසා හරි නම් 200 ක් වෙනවා.. ඒ දවස් වල මට රු. 75ට දුන්නට අනිත් සින්හල අයට දුන්නෙ රු. 80ට තමයි. එතන ඉන්න අය මන් ද්‍රවිඩ කියලා හිතන් රු. 75ට දුන්නා. පස්සෙ දවසක කතා කරලා මොනාට හරි මාට්ටු..දැන් රු. 80 යි.. 


අපේ ඔෆිස් එකට හරියට එනවා උතුරු නැගෙනහිර ඉඳන් කට්ටිය ඒ ගොල්ලන්ගෙ ට්‍රේනිං ව්ලට.. ඒ අයගෙන වැඩි හරියක්ම මාත් එක්ක හොඳටම මිතුරු වෙලයි යන්නෙ..මොකද ඒ අය මුලින් හිතනවා මන් එහෙමයි කියලා..ඊට පස්සෙ මන් සින්හල කියලා දැන ගත්තත් එක්කම ඒ වැරදීම එක්ක මාව හොඳට මතක් හිටිනවා..ආයි ආවහම් උනත් කියන්නෙ..

"ආ මන් මුලින් රැවටුනානෙ"

කියලයි..


එහෙම එච්චර රටක්ම රැවටෙන එකේ මගේ යාලු සෙට් එක මන් මේ වීඩියෝ එකේ ඉන්න සුපර් ස්ටාර්ගෙ පෙනුම තියෙනවා කීවට මන් පුදුම වෙන්නෙ නෑ.. හැබැයි එයාගෙ හැකියාව අතින් නම් මට එයා ළඟට වත් කිට්ටු කරන්න බෑ..

සෙල්ලන් නෑ..මාත් එහෙනම් සුපර් ස්ටාර් කෙනෙක් වගෙයි...

ඒත් මදැයි...





52 comments:

  1. උබත් තරුවක් තමා.. බොල... ථ)

    මචං.. උබට කට පියන් ඉන්න බැරි නිසා තමා 75 එක 80 වුනේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ඒක උනේ එක දවසක් මන් ඩීවීඩී 3ක් ගත්තා..මට තේරුනා මගෙන් රු. 25ක් නැද්ද ඇහුවා මන් 500 දුන්නහම..මට දෙමල තේරෙනවා උනාට කතා කරන්න බෑ..මන් ඉල්ලෙ කීවා..ඒ මල්ලි මොනාද මන්දා කියා ගෙන කියා ගෙන ගියා..මන් සින්හලෙන් කතා කලා..පස්සෙ මිනිහා කියලා තියෙන්නෙ තව ඩීවීඩී එකක් ගන්න කියලයි..දෙන්නටම හිනා..

      Delete
    2. ඕව් වොව් වෙනිය ආයෙ ඉතිං "වනයක් උඩ තරුවක්" නෙවෙන්නං හෙහ් හෙහ්..

      Delete
  2. උඹව මුලින් දැක්ක දවසේ මමත් රැවටුනානේ අයියේ !!

    ReplyDelete
    Replies
    1. ඒ හින්දම මාව මතක හිටියා නේද මලයා..

      Delete
  3. මාරම කේස් එකනේ වෙනි අයියේ.. ෆොටො වලින් දැකලා තියෙන අයියගෙයි මේ සුපර් ස්ටාර්ගෙයි වෙනසක් නෑනේ.. අර රැවුල එහෙමමනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහෙමම හිතුනා ඒක ඇත්ත තමයි..

      Delete
  4. අම්මපා වෙනි අයියේ මට හොඳට මතකයි මම වෙනි අයියගේ මූණ මුලින්ම පොටෝවකින් දැක්කේ "සමනලයගේ ලිනක්ස් පිටුවේ" ෆලෝවර් කෙනෙක් වෙලා ඉද්දි.... ඒකේ තිබුනේ WENIWEL කියලා ඕං තාමත් ඒක තියෙනවා... මම එක දැක්ක ගමන් මගේ යාළුවෙක්ගෙන් ඇහුවේ මේ කවුද කියලා... ලැබුනු පිළිතුර "ඒ දෙමළ මනුස්සයෙක් බං"... මාත් හිතුවේ එහෙම්මයි පස්සෙයි මේ බ්ලොග් එක වෙනි අයියගේ කියලා මීටර් වුනේ ඊට පස්සේ තමා වෙනිවැල් කියන්නෙත් වෙනි අයියට කියලා අඳුරගත්තේ....

    මේ වීඩියෝ එකේ මුල් ටික දැක්ක ගමන් මම නවත්තගත්තා.... ඇරපුවතක් නෑ මේ වෙනියම තමා මට හිනාව නවත්තගන්න බෑ තාමත් මොනා උනත් පට්ට ඈ... මහ රෑ පණ කඩාගෙන හිනාවෙනවා තව ඩිංගෙන්...

    මෙයාගෙම තව සිංදුවක් තියෙනවා ක්‍රිකට් ගැන ඒකත් පට්ට ඈ හොයාගෙන බලන්න අයියේ මේ නම් නිවුන් සහෝදරයෙක්...ෂහ් මරු ඈ වැරදිලාවත් ඉන්දියාවේ යන්න එපෝ

    ReplyDelete
    Replies
    1. හිකිස්..මමත් ඒ සීරීස් එකම බැලුවා මල්ලි, එයා මාර සුපිරි වීඩියෝ බ්ලොග් කරුවෙක්..හිනාව අස්සෙන් මාර කතාවක් තියෙනවා ඒ වීඩියෝ වල..

      Delete
  5. කොහොමෙයි කොමෙට් දාන්නේ අය්යා.. ෆොටෝ කෑල්ලකුත් දැම්මනම් හරිනේ..

    ReplyDelete
    Replies
    1. වීඩියො එක්ක ඉන්න නළුවා මතක තියා ගන්න..එතකොට හරි මල්ලි..

      Delete
  6. අඩේ ඒක මාර අහම්බයක්නේ !! එක සමාන පෙනුම තියන දෙන්නෙක්ම බ්ලොග් රචකයො වෙච්ච එක.

    වෙනි අයියේ උඹත් කියපන්කෝ ඔය වගේ සිංදුවක්, බ්ලොගේ බලන්ඩ කියලා..

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. අනේ සෙන්නා මන් සින්දුවක් කීවොත් ආයි මේ බ්ලොග් එකට කවුරුවත් එන එකක් නෑ..එච්චරම සවුත්තුවටයි මන් සින්දු කියන්නෙ..

      Delete
    2. ආයේ ඉතින් මේ වීඩියෝ එකේ ඉන්න එකා හොඳට කියනවා කියල යෑ?

      Delete
    3. මට එච්චරවත් බෑ ක්සැන්ඩර්...

      Delete
  7. මම හිතුවෙම ඒ ඔයා කියලා හී හී...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පොඩ්ඩි මාව දැකලා තියෙනවනෙ මූනු පොතේ...

      Delete
  8. Replies
    1. හපොයි මෙහෙමත් මඩ ගැහිල්ලක්.

      මොනවා වුනත් ඒක වෙරි වෙරි ඉන්ෆොර්මේටිව් ෆෝර් ෆොරිනර්ස්... ගඳ ගැන මුකුත් කියලා නෑ.

      Delete
    2. මටත් ඒ සීරීස් එකෙන් හොඳම එකක් මේක මාරයා.. අනිත්වත් සිරාම සිරා.. දැක්කද නිව්යෝක් වලද කොහෙද ඉඳන් සරම් අඳින හැටි උගන්වන එක..

      Delete
  9. වෙනී අයියට වෙච්ච වැඩ තාමත් මට සිද්ධ වෙනවා.. අපේ ඔපීසියේ එවුන් තාම මගෙන් අහනව මල්ලි ඇත්තටම මුස්ලිම් ද කියල.. ආ.. එක දවසක් රෑක බදුල්ල බස් එකකට නැග්ග කොටුවෙන්.. බස් ‍එකේ වාඩිවෙලා යන්න සීට් තිබුනේ නෑ.. ඔක්කොගෙම වගේ බෑග් තියලා.. කොහොම හරි සීට් තුනේ එකක හිටිය මුස්ලිම් තරුණයො දෙන්නෙක්.. දෙන්න මාත් එක්ක හොදට හිනාවුනා.. මාත් හිනා වුනා.. ඒ ලග සීට් එකේ කවුරුත් ඉදල නෑ. නිකං බෑග් එක තියං තියෙන්නේ.. කිව්ව වගේම කථාකරද්දි වැ‍ඩේ මාට්ටු.. කිරුලපන ඉදං දෙන්නගෙන් එකෙක්වත් මාත් එකක් කථා නෑ...

    ReplyDelete
    Replies
    1. ලොකුවට කියෙව්වෙ නැතුවට මන් නම් මේ වැඩේට කැමතී ඇත්තටම..

      Delete
  10. සින්දුවක් ගිය දුරක්.

    ReplyDelete
    Replies
    1. ආ ඔය ඉන්නෙ ඒක ඇදලා ගත්ත ටීම් එකේ එක් කෙනෙක් ..

      Delete
  11. වැඩේ නං මල් හතයි.

    ReplyDelete
    Replies
    1. හික්ස් අපොයි ඔව්...

      Delete
  12. ඒ උනාට වෙනිවැල්ගැට අයියණ්ඩිගේ වොයිස් එක අහපු කෙනෙකුට වෙනිවැල්ගැට අයියව කොහොමත් අමතක වෙන්නෙ නෑ.

    හරිම ආකර්ශණීය වගේම මාර මිත්‍රශීලී කමක් නේ ඒ කටහඩේ තියෙන්නෙ. අනේ මල්ලියේ කියලා පටන් ගත්තම ආයේ......

    මං කියන්නෙ ඇත්තම ඇත්තයි. කව්රුහරි එහෙම නෙමෙයි කියවනම් කතා කරලම බලන්ඩ....!

    අයියෝ සල්ලි කියලා බලන්නැතුව විනාඩි කීයක නං කෝල් ගත්තද අර සුට්ටි මෙව්වා එක ගෙන්නා ගන්න කරපු කෝඩිනේට් වැ‍ඩේට.....!

    ReplyDelete
    Replies
    1. //ඒ උනාට වෙනිවැල්ගැට අයියණ්ඩිගේ වොයිස් එක අහපු කෙනෙකුට වෙනිවැල්ගැට අයියව කොහොමත් අමතක වෙන්නෙ නෑ.

      හරිම ආකර්ශණීය වගේම මාර මිත්‍රශීලී කමක් නේ ඒ කටහඩේ තියෙන්නෙ. අනේ මල්ලියේ කියලා පටන් ගත්තම ආයේ......//

      සහතික ඇත්ත බුද්ධි අයියේ සහතික ඇත්ත

      Delete
    2. අර සුට්ටි මෙව්වා එක කීවෙ හොඳම එකට ලැබිච්ච සම්මානෙ ..සහ සඳරූගෙ පොත..ඒ පොත සැකසහිත වීම..බුද්ධිගෙ අක්කා මට කොත්තමල්ලි කියලා අපහාස කල එක සහ ඔය වගේ හේතු නිසාම තමයි ඒක එච්චර පරක්කු උනෙ..

      Delete
    3. අනේ මල්ලියෙ ඕක උනේ අර සයිබර් සැනකෙලියෙ සැඟවුනු අමුත්තා ට මාව දමලා ඒකට දීපු හැඳින්වීම එක්ක කියලයි මන් හිතුවෙ..

      Delete
  13. මේක ඉන්න එකා වෙනී අයියා වගේ උණාට වෙනියා නන් බ්ලොග් එක බලන්න කියලා පස්සෙන් යන්නෑ මං දන්න විදිහට.. ඒත් මේ වගේ ඇත්තටම බ්ලොග් එක බලන්න කියලා පස්සෙන එන උන් සිංහල බ්ලොග් වලත් ඉන්නවානේ.. එහෙම බැලුවම ලංකාවෙයි ඉංදියාවෙයි වෙනසක් නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. පසන් මලයා හැබැයි මාත් මූනු පොතේ මාකටින් කරනවා නම් වැඩී නේද බ්ලොග් එක ගැන..

      Delete
  14. ම් ..... කෂ්ටිය මාව කෑවත් මේකනම් නොකියම බෑ..

    “දෙමළ ජාතියට වඩා සිංහල ජාතිය වටින්නෙ රුපියල් 5 යි“

    ReplyDelete
    Replies
    1. අනිවා එහෙමත් කීවහැකි...

      Delete
  15. වෙනී අයියේ පට් පට් ගාල SMS නම්බර් එක කියන්න SMS කොටන්න.

    ReplyDelete
    Replies
    1. ආ ජන්දෙ කිට්ටු කරලා ම කියන්නම් ...

      Delete
  16. හික්ස් එලස් තමා

    ReplyDelete
    Replies
    1. අනිත් වීඩියෝ ටිකත් බලන්න යූටියුබ් එකේ..

      Delete
  17. ගිනි ගින්දර ඈ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම් අනිවා..හැබැයි මන් නෙවෙයි ඉන්නෙ..

      Delete
  18. මේ වීඩියෝ එක එලියට ගත්තේ සෑහෙන්න කතා බහ කරලයි,, කොහොම හරි ටක්කෙටම සෙට් කලා ඒත් ඕකේ උන්නු සුද්දිව තමා කේස් එක උනේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ළමයා ගැලපෙනවා නේ ඩිලා...

      Delete
  19. වෙනි,
    සමහර විට අපිට එය කෙලින්ම නොතේරෙනවා වුණාට මෙය ඔබ ලියු ඉතා වැදගත් ලිපියකි.
    පොඩ්ඩක් කල්පනා කර බලමු!
    -කතන්දරකාරයා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කතන්දර, මේ පසු සිදුවීම් සියල්ලම ඇත්තටම වෙච්ච ඒවා..මගේ අනිත් නිර්මාන වල ප්‍රබන්ධ කොටස් වැඩී..මේක සියල්ලම ඇත්ත..ඒක තමයි වෙනස..ඔය ඇත්ත ඇතුලේ යන කතන්දරේ නම් කතන්දර කියන්නෙ ඔව්..ඒක ඇත්ත..

      Delete
  20. මේ සින්දුව ගැන ඊයෙත් සිංහල බ්ලොග් ලිපියක තිබ්බා
    රාගමනම් ඩි.වී.ඩි ෆිල්ම් කලෙක්ෂන් ඕනෑම එකක් රුපියල් පනහයිනේ අයියා..

    ReplyDelete
    Replies
    1. සමහර හොඳම ඩීවීඩී වලට ඒවා වැල්ලවත්තෙ නෑ..රු.200 පවා ගෙවනවා මල්ලි,

      Delete
  21. සික් මටත් ඔය ප්‍රශ්නේ තියනවා අලේ...:( මටත් සමහරු රැවටෙනවා දෙමල කියලා. කැම්පස් ආපු මුල්ම දවස්වල එක එකාව අඳුර ගන්න වෙලාවක කෙල්ලෙක් මගේ ලඟට ඇවිත් හෙන ජයග්‍රාහී ලීලාවෙන් ඇහුවා "ඔයා නෙරුබන් නේද?" කියලා.:'( :'(

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන් මන් හිතන්නෙ ගොඩක් අයට මේ අත්දැකීම තියෙනවා..

      Delete
  22. 1. සල්ලි දීලා DVD නොබලමි. වෙනකක් තියා මගේ කොම්පීතරේ ඇති හැම මගුලම ඩවුන්ලෝඩ් ය.
    2. හය්යෝ වෙනි අය්යේ.. කේරල කාරයෝ ලංකාවේ වගේ තමයි, එත් ඔහොම බුරුසු රැවුල් වවපු අය වැඩි නේ.. එත් මටනම් ටිකක් විතර නිවැරදිව අඳුරන්න පුළුවන්. මොකද කේරල එවුන් දාන මුදු මාල වලින් එහෙම.

    ReplyDelete
    Replies
    1. කේරල පැත්තෙ යනවානම් එහෙනම් මමත් මාල ටිකක් දමා ගෙන යනවා..මගෙත් ඩවුන්ලෝඩ් ලොට් එකක් තියෙනවා..ඒත් ඩීවීඩී සහ බ්ලූරේ කලෙක්සන් එකත් තියෙනවා..

      Delete