ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, May 30, 2012

ඉල්ලා ගන්න අඹ වල රහ..


"අඩේ මචන් චූටි , ලස්සන ලේන් පැට්ටෙක් හම්බ උනා බොලව්"


ඔහොම කියන කොට පුංචි අපිත් අපේ යාළුවා රනේ ලඟට දුවන් යන්නෙ..හුරතලේට ඇති කරන්න පූසො , බල්ලො හිටියත් ලේසියෙන් අල්ල ගෙන ඇති කරන්න බැරි ලේනෙක් ගැන අපිත් හීන මව මවා ඉන්න නිසාම වෙන්න ඇති..


"කෝ කෝ?"


අපි දැන් රවුමට රනේ වටේ ඉන්නවා.
රනේ තමන්ගෙ කොට කලිසමේ එක සාක්කුවක් පිටින් අතින් වහගෙන ලේනා ඉන්නෙ සාක්කුවෙ බව පෙන්නනවා..


"අඩේ මන් අර අඹ ගහට පොල්ලක් ගහද්දිමයි මේ ලේන් පැට්ටා බිම වැටුනෙ.."


"අයියෝ උඹේ පොලු පාර වදින්න ඇත්තෙ එහෙනම් ලේනට වෙන්න ඇති.."


රනේ කරන්නෙ හෙමිහිට වහ ගෙන ඉන්න සාක්කුව හිමින් සීරුවෙ අතඇරලා..අනිත් අත සීරු මාරුවට සාක්කුව ඇතුලට දමනවා..


"ඕක අත හපයි බන් පරිස්සමෙන්"


අපි අනතුරු ඇඟවීම් නොකරනවාමත් නෙවෙයි.


"හා හා හිටින් ද්ඟලන්නෙ නැතුව"


"මචන් මේකා එලියටම ගන්න බෑ..අත හපලා පැනලා දුවයි..මන් පොඩ්ඩ්ක් අරන් පෙන්නන්නම්..අහම ගිහින් අර පරන කූඩුවක් තියෙනවා ඒක සුද්ද කරලා දමන්න ඕනි"
කියන ගමන්ම රනේ කරන්නෙ අර සාක්කුවට දමපු අත හෙමිහිට සාක්කුවෙන් පොඩ්ඩක් එලියට අරන් පෙන්නනවා..


"මේ තියෙන්නෙ ලේනගෙ ඔළුව"


හැමෝටම එක සැරේ බලන්න බැරි නිසා අපි පෝලිමෙ ගිහින් බලලා එන්නෙ ලේනගෙ ඔළුව..ලේනගෙ ඔළුව බලපු අපිට හිනා වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තමයි එන්නෙ..මොකද මුගේ ඔය කලිසම් සාක්කුවෙ තඩි හිලක්..


අපේ ගමේම ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක විතරක් නෙවෙයි රනේ වයසක අන්කල්ලටත් මේ ලේනවා පෙන්නලා තිබ්බා.. හැබැයි එක සැරයයි..ඊට පස්සෙ අහු වෙන්නෙ නෑ..
මේ ලේනා පෙන්නිල්ල නැවැත්තුවෙත් අපිමයි..මොකද අපි සෙට් එක කතා කරගත්තා දවසක් ..
හොයා ගත්තා ඇබුල් නාරං, ජම්බු සහ ජම්බෝල ගෙඩි කීපයක්ම..කෑලි වලට කපා  ගත්තා. එදා හවස සෙල්ලම් කරලා දැන් කට්ටිය ආපහු එනවා..කට්ටියම රනේව වට කර ගත්තා. 


"මචන් රනේ අපි කාලෙකින් උඹේ ලේනාව දැක්කෙ නෑ නේද ?"


මේකට දැනුනා මොකක් හරි වෙන්නයි යන්නෙ කියලා.. ඒත් දහ පාලොස් දෙනෙක්ගෙන් කොහෙ ගැලවිලා යන්නද ? බලෙන්ම ගැලෙව්වා රනේගෙ කලිසම..


"හෆෝ බලපන් මුගෙ කෙට්ටු..උඹ කන්ඩ දීලා නෑ මුකුත්ම "


කිය කියා  එක එකා පෝලිමෙ ගිහින් අර ගෙනාපු පලතුරු ලේනගෙ ඔළුවෙ ඇතුල්ලුවා කාපන්...කාපන් කියලා...
රනා බෙරිහන් දීපු හැටි අදටත් මට මතකයි...රනේට ටික කාලයක් යනකම්ම අපේ සෙට් එක එක්ක සෙල්ලම් කරන්න ගෙදරින් එන්න දුන්නෙ නෑ..සෝමෙ මාමා රනේගෙ තාත්තා..දවසක් එනවා කසියා ගහලා වැනි වැනී..අපිත් සෙල්ලම් කරලා ගෙදර එනවා..


"යකුනෙ සෙල්ලම් කරපල්ලා  ඕනි මගුලක් එක්ක ඔය අංගජාතෙ එක්ක සෙල්ලම් කරලා ජීවිතේම කාලකන්නි කරන්නෙ නැතුව.. "


අපේ උන් කට පියන් ඉන්ඩ බැරුව හූ කිව්වා..තද වෙච්ච සෝමෙ මාමා,


"අතුල්ලපියව් තොපි දෙහි මේකෙ " 


කියලා සරමත් උස්සගෙන අපි දිහාවට ආවෙ ගහන්න.. අපි දිව්වා දිවිල්ලක්...


ගම් වල තුන් ඉරි අප්පු කියන සාමාන්‍ය ලේන්නු සහ දඬු ලේන්නු හරි හරියට හිටියා.. අපේ කීප දෙනෙකුටම  ඇති කරන්න පොඩි ලේන්නු කීපදෙනෙක්ම හිටියා.. ඒ නිසාම හැමෝගෙම තිබ්බෙ දඬු ලේනෙක් අයිති කර ගැනීමෙ ආසාවම තමයි. පුංචි ලේන්නු අල්ල ගන්න පුළුවන් උනත් දඬු ලේන්නු අල්ල ගන්න බෑ.. ඒකට අපි කලේ..
ඔය දඬු ලේන්නු සාමාන්‍යයෙන් ගහකින් ගහක්ට පනිනවා සෑහෙන ඈත දුරකට උන්ට පනින්න පුළුවන්.. අපේ සාමාන්‍ය අඩි 10යෙ පාරත් ගම හරහා තිබ්බෙ..ඔය පාරෙ අපේ වත්තෙ තියෙන පොල් ගස් වල ඉඳන් පාර එහා පැත්තෙ තියෙන පොල් ගස් වලට දඬු ලේන්නු පනිනවා..අපි දැකලා තිබ්බා..අපි කලේ හරියටම එහෙම පනින වෙලාවක් බලලා..පිම්මෙ හරි මැද වෙනකොට යටි ගිරියෙන් කෑ ගහනවා.. කලබල වෙන දඬුලේනට පිම්ම වරදිනවා..ඔහොම කරලා අපි අල්ලා ගත්තා බිමට වැටිච්ච  එක දඬු ලේන් පැට්ටෙක්ව..දැන් ඉතින් කාගෙත් සුරතලා ඌ තමයි..හැබැයි ඌට වැඩි කල් ජීවත් වෙන්න ආයුස තිබ්බෙ නෑ.මොකද,.අපේ එකෙක් කවපු කෙසෙල් ගෙඩි කෑල්ලක් හිර වෙලා ඌ මලා...


ලේන්නු ගැන තියෙන ඊළඟ සිද්දි වලින් හොඳම එක තමා..මන් එක දවසක් අපේ ගමේ කෙලවර තිබ්බ රබර් වත්තෙ ඔට්ටපාලු ගලව ගලවා ඉන්න කොට එතන තිබුනු පඳුරක තිබ්බ ලේන් කූඩුවක් කපුටො කඩලා..ඒකෙ හිටිය ලේන් පැටව් තුන්දෙනාට කපුටො කොටනවා.. සේරම වැඩ නවත්තලා මන් කලේ ලේන් පැටව් දෙන්නෙක් ගත්තා අත් දෙකට..උන් ඇස් ඇරපු ටිකක් ලොකු උන්..බයේ දඟලනවා..අනිත් එකා දමා ගත්තා කලිසම් සාක්කුවට..ටික දුරයි එන්න පුළුවන් උනේ කකුලෙ උඩ හරියෙ විදුලි කොටනවා වගේ වේදනාවක් ආවෙ..අනිත් පැට්ටො දෙන්නා අත ඇරපු මන් බැලුවෙ කලිසන් සාක්කුවෙ හිටපු එකා මගෙ කකුල කාලා..ලේ වැක්කෙරෙනවා.. තුන් දෙනාවම එතනම දමලා ගෙදර දුවපු මන් ඔය තුවාලෙට බෙහෙත් දැම්මා සතියක් විතරම.. දැන් වගේ නෙවෙයි බල්ලො අරුනහම වෙන සත්තු කෑවට ජලභීතිකා එන්නත් ගහන සීන් එකක් ඒ කාලෙ තිබ්බෙ නෑ.. තාමත් කකුලෙ තියෙන තුවාල කැලල දකින කොට ආයිනම් ලේන්නු අල්ලන්නෙ නෑ කියලයි තාමත් ඔළුවට එන්නෙ...අදටත් කකුලෙ ඔතන තියෙන තුවාලෙ දකින් හැම කෙනාම අහන්නෙ ,


"කවුද බන් ඔතන හපා කෑවේ ?"


කියලයි. ඇත්ත කීවට කවුරුවත් විශ්වාස කරන්නෙ නම් නෑ..


ඔය ලේන් කතා සේරම මතක් උනේ..පහු ගිය ඉරිදා නිවාඩු පාඩුවෙ ඉන්නකොට අපේ මිදුලෙ තියෙන අඹ ගහේ තියෙන ගෙඩියක් කනවා ලේනෙක්..මාත් කැමරාව අරගෙන ගහ ගත්තා ෆොටෝ ටිකක්.. ඔය තියෙන්නෙ ඒවයින් ටිකක්..






ලේනා අඹ ගෙඩිය රහ කර කර කන කොට පොඩි පහේ ඉරිසියාවක් ආවෙ නැත්තෙත් නෑ..







ඔය කෙලිය ඔහොම යන අතරෙ අපේ ලැසියා දැක්කා මන් මොනාට හරි ඔට්ටු අල්ලනවා කියලා.. මේකා ඇවිත් බැලුවා දැක්කා අඹ ගෙඩිය කන ලේන..ට්‍රිබල්, බේස් හයි දමපු ලැසී බුහ් බුහ් ගාපි.. අනේ කලබල වෙච්ච ලේනා අනිත් පැත්ත හැරුනා..අඹ ගෙඩියටම උගේ බර ආවා වෙන්න ඇති.. මෙන්න අඹේ බිම..






ඒ අඹ කෝට්ටෙට උන දේ තමයි මේ..




කෘතීමව නෙවෙයි ස්වාභාවිකවම ඉදිච්ච අඹයක රස..කියන්න ආයි වචන නෑ..


අපි පොඩි කාලෙ අඹ ගස් යට තිබිච්ච අඹ කෝට්ට..ඒ කීවෙ සත්තු කාලා බිම වැටිච්ච අඹ බාග ඕනි තරම් කාලා ඇති..දැන් නම් කියන්නෙ සත්තු කට ගහපු අඹ කන්න එපා..ලෙඩ වෙයි කියලා..ඒ කාලෙ නොහැදිච්ච ලෙඩ අද කොහෙ හැදෙන්නද ?


අඹ ගහේම පැහිලා ඉදිච්ච මේ වගේ අඹ ගෙඩියක් කන්න වාසනා කරලා තියෙන්න ඕනි..කියලා හිත හිතාම මන් මන් ඔය කෑලි ටික කෑවෙ..

50 comments:

  1. හපොයි ලේනට පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් ලේනෙක්වම කන්න තිබුනා... අර මුලින්ම කියපු ලෙන වර්ගයේ උප ප්‍රභේදයක් තියෙනවා නේද හම්බාවා කියලා.. උන් නම් කොහාට පා වෙල‍ා යයිද තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මාත් බය උනා අඹ ගෙඩිය පිටින්ම ලේනත් බිම වැටෙයි කියලා..ලේනා පැන්නා අත්තට..

      Delete
  2. අම්මෝ ... අර සාක්කුව ටිකක් කොට එකක් වුනානම්, ඌ කන්නෙ වෙනියගෙ අංගජාතෙ. හෙහ් .... හෙහ් ....
    ලේන පෙන්න පෙන්න ගම පුරා ගියේ, අර රනේට පිස්සුද හැටිද?
    සත්තු කාපුව කන්න එපා අෆ්ෆා. හොඳ ගෙඩියක් කඩන් කන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම උනේ නෑ..
      රනේගෙ හැටි..ඔයිට වඩා ෆන් වැඩ තමා කලේ..සමහර ඒවා ලියන්නත් බෑ..
      ගහේම ඉදිච්ච ඒවා අපිට කඩන්න තේරෙන්නෙ නෑ..

      Delete
  3. ආ මේ අඹ ඉල්ලගෙන තියෙන්නෙ ලේනගෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..හිතින් ඉල්ලුවා..වගේම ලැබුනා ලැසීගේ පිහිටෙන්..

      Delete
  4. මම හතරෙ හෝ පහේ පන්තියෙ. වහලෙන් වැටුන කූඩෙක හිටපු ලේන් පැටවු දෙන්නෙක් අනිත් උන්ටත් හොරෙන් ඉස්කෝලෙන් අරගෙන ආව ගෙදරට. ගෙනාවෙත් කෑම පෙට්ටියෙ දාගෙන. ගෙදර ගෙනත් අම්මට පෙන්නුව. ඇස් ඇරලත් නැද්ද කොහෙද. අනේ යකෝ මේ ලේන්නු නෙමේ.. මී පැටවු දෙන්නෙක්.. $&(*)&()*_)(+(+*^&*%$$%@

    ReplyDelete
    Replies
    1. ආ ඒ කියන්නේ ඒ කාලෙත් එහෙමයි...

      Delete
    2. මීයො පැටව්, ලේන්නු පැටව් දෙගොල්ලම එක වහෙයි පුන්චි කාලෙ..

      Delete
  5. ඉතින් ඔය ඉල්ලලා ගත්තු අඹ ගෙඩියක් නෙමේනේ. වැරදිලා වැටුනු එකක්.:D

    ReplyDelete
    Replies
    1. ලේන්නු නැතුව කවුද වෙනී අය්යට ඕව දෙන්නේ :D

      Delete
    2. අහින්සක මන් ගැන හිතුවෙ ඒ ලේනා විතරයි..මන් හිතින් ඉල්ලුවා..

      Delete
  6. මම කමෙන්ට් කරන්න හිටිය එක තමා පළවෙනි කතාව.

    මගේ කතාවෙ කතා නායකයා තමයි සෝමෙ මාමා,එයා ලේනා පෙන්නලා තියෙන්නෙ කොල්ලන්ට නෙවෙයි කෙල්ලන්ට, ඉස්කෝලෙදි.
    වැඩේ ඇත්ත, ලේනා අල්ලපු අක්කා ඒක තහවුරුකලා. (ඉස්කෝලෙ ර/පුර මල්වල)

    ReplyDelete
    Replies
    1. ආ එහෙම අයත් ඉන්නවා.. මූ නම් ෆන් එකට ඒක කලේ..

      Delete
  7. වෙනි අය්යලත් කොරල තියන වැඩ... අබ කොට ගැන කිව්වහම පොඩිකාලේ මතක්වෙන එකනං නවත්තන්න බෑ.. ලේනෙක් මාක්කරපු අඹයක් ආයේ බලන්න දෙයක් නෑ ෂුවර් බඩු ඉදිලා.. මාත් ඕන තරම් අඹ කොට කාල ඇති. ඉහෙන් බහින ලෙදක් හැදිලා නෑ

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ එහෙම නෑ..දැන් අපිව බය කරලද නැත්නම් ඇත්තටම එහෙම වෙනවද මන්දා

      Delete
    2. අර සිංහලෙන් කියන්නේ
      ඉග්නොරන්ස් ඉස් බ්ලිස් කියල.. ඕකට තමයි.

      Delete
  8. මම බැළුවා කාගෙන්ද ඉල්ලලා අඹ ගත්තේ කියලා.. :)

    ReplyDelete
    Replies
    1. ඕන් දැන් දැන ගත්තනෙ දිනේශ් මලයා..

      Delete
  9. මට හිතුනා ඔහොම එකක් වෙන්න ඇති කියලා.... :-)

    අඹේ නං පට්ට රහයි වගේ.. මං කෙල ගිල්ලා ඈ..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ඔය අඹත් විවිද රහයි නේව..රට අඹ, මී අඹ, පොල් අඹ, බෙට්ටි අඹ, විලාඩ්, කර්ත කොළම්ඹන් මෙකි නොකි එකී අඹ...වැඩිපුරම කන්නේ ඉතින් ලෙන්නු නොවැ...

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ තිබ්බා දෙහි අඹ කියලා ඇබුල්ම අඹුල් අඹ ජාතියකුත්..

      Delete
  11. මගෙත් අත ලේන පැටියෙක් හපලා තියෙනවා එකපාරක්...

    ReplyDelete
    Replies
    1. ලේන්නු මාලුන්ව කන්නෙ නෑ..බොලු නම් කියල්ල එපා...

      Delete
  12. ඕක හරි වාසනාවන්ත ලේනෙක්, පණුවන්ගෙන් බෙරිලා , කලාතුරකින් තමයි ලේනෙකුට හොද ගෙඩියක් කන්න ලැබෙන්නේ. ලේනෙක් ගෙඩියක් කනකොට ඌව එලවල ගෙඩිය කන එක මහ නොහොබිනා වැඩක්නේ.
    ඒත් ගෙඩියෙ පාට දැක්කම උදුරගෙන කාපු එකත් අරුමයක් නෙවේ.: ;D
    වෙනි අය්යට හොද ගෙඩි කන්න ලැබේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මන් ඒකව එලෙව්වෙ නෑ..මන් කලේ ෆොටෝ ගත්තු එක..ලැසී බැල්ල තමයි එහෙනම් නෝබිනා වැඩේ කලෙ..

      Delete
  13. ලේනෙක් සහ මීයෙකුගෙ ෆයිටිඑක නූලෙන් මිස්වෙලා තියෙන්නෙ. අඹ කොට කෑවට අගුණ වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒ උනාට අද අම්මලා තාත්තලා ලමයින්ට කන්න එපයි කියනවා...

      Delete
  14. හරි හරි දැන් තමයි තේරුනේ මන් ඒත් බැලුවා මේ වෙනියාගේ හැටිද කියලා.

    ඕකේ දෙහි ගාපු උන්නම් අනන්ත ඇති මගේ හිතේ....?

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් ටියුබ් ලයිට් එකක් හැබෑටම..යන්තම් ඇති අන්තිමේ පත්තු උනා...

      Delete
  15. අඹ කොට ගැනංනං මං කලින් ලිව්වත් එක්කනේ..අපි ඒක අමතක කොරමු...

    ඈ බං වෙනී අයියේ..උඹලත් අරූගේ ලේනා හුරතල් කරන්න ඒ හැටිම අකමැත්තක් තිබිලා නැහැ නේද..?

    ඊ ළඟ කාරනේ...අර ලේනා හැපුවේ කකුලමද? එහෙම නැත්තං ලේන්නු ලේන්නු ඇතුලේ මරාගත්තවද්ද..?

    (සතෙකුට ගෙඩියක් කන්න දෙන්නේ නැහැ බල්ලෝ උසි ගන්නලා ඒක උදුරගන්නවා..තුක් ඉතරක්)

    ReplyDelete
    Replies
    1. හා අමතක කොරමු ඒක..
      ඇයි බන් අපිව රවට්ටපු එකේ කේන්තිය !
      අපොයි නෑ කකුල විතරයි කෑවෙ..මේන් බලහන්..
      බල්ලො කරපු දේට මන් මක් කරන්නද ?

      Delete
  16. මාවත් ලේන්නු කාල තියෙනව. තව වෙනකල් මොකක්වත් හැදිලනං නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ලේන්නුන්ට මොනා වුනාද දන්නේ නැහැ ...

      Delete
    2. ඒ පැත්තෙ ලේන්නු අභිරහස් ලෙස මිය යන්න හේතුව ඕක තමයි..

      Delete
  17. ඒ උනාට ඔය අඹ කොට කන්න යන එක එච්චර හොඳ දෙයක් නෙමේ .

    ReplyDelete
    Replies
    1. අනේ මක් වෙනවද ගිම්හානි ඒවා ගහේම ඉදිච්ච ඒවා.. කාබයිඩ් ගහලා ඉදවපුවා නෙවෙයි..

      Delete
  18. Replies
    1. යකඩෝ මන් ලේනවා නෙවෙයි කෑවෙ..අඹ කොටේ..

      Delete
  19. අෆොයි ලේනටවත් අඹයක් කන්න නෑ.හැබැයි අඹ කොට්ට නම් එච්චර හොද නෑ.ඉස්සර වගේ නෙවෙයි දැන් විෂබීජත් වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. විසබීජ දැන් වෙනස් හා දරුනුයි කියන එක නම් පිලිගන්න පුලුවන්..අපි පොඩි කාලෙ කාපු දේවල් දැන් කන්න බෑ..

      Delete
  20. අඹ !!!!!!!!!!!!
    පට්ට අසාධාරනයි. ලේනුන්ටත් අඹ. බුරු බබාට විටහර්යි අඹ නැත්තේ....

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම හිත හිතා ෆොටෝ ගන්න කොට තමයි මෙන්න අඹ ගෙඩිය බිම...

      Delete
  21. මමත් වහලෙන් වැටුන ලේන්නු ඇති කරලා තියනවා. ඉස්සර අපේ පරණ ගෙදර වහලේ ලේන්නු පිරිලා. අඹ ගැන කිව්වොත් මටනම් ඉතින් පොලු පාරක් දීල තවම යහමින් ගෙඩි දෙක තුනක් අතාරින්න පුළුවන්.. කොට නම් කන්නේ නෑ.. දැන් බය කරලා තියන හැටියට..

    ReplyDelete
    Replies
    1. මෙහෙ කොළඹ ගෙවල් එක යායට තියෙන නිසා පොල්ලක් ගහන්න බෑ ක්සැන්ඩර්, වහලවල් දෙක තුනකම වදිනවා..ඒ කෙලි කලේ ඉතින් ගමේ තමයි..ඒත් අපි කඩා ගෙන ඉදවා ගෙන කන එව්වයෙ සහ ගහේම ඉදෙන මෙව්වයෙ රසේ වෙනස !

      Delete
  22. මමත් දවසක් ගොනා සේ ලේන් පැටියෙක්ව අල්ලලා කවෝ ගත්තා චූ යන්න. එදයින් පස්සෙ කොටියෙක් ඇල්ලුවත් ලේන්නු දිහානම් ඇහැක් ඇරලා බලන්නෑ..

    අහිංසක සතාව භයගන්වලා ඌ කකා හිටපු එක උදුරගෙන, ඒක ඉල්ල ගත්තා කියලා සාධාරණීය කරලාතියන කැත.

    අඹ කොටේ රස ඇති මයෙ හිතේ.

    ReplyDelete
  23. අඹ කොට කන කොට රහයි !!

    ReplyDelete
  24. පොඩි කාලෙ අපේ ගෙදරත් නිතරම ලෙන්පැට්ව් හැදුව....දඬු ලෙන්නු දෙන්නෙකුත් උන්න...මම ජීවිතකාලෙ දැක්ක ලස්සනම ලේන්නු ඉන්නෙ මෙහෙ..රතුම රතු පාට දඬු ලේන්නු...මාර ලස්සනයි...ඕක රට අඹයක් නේද? අපේ වත්තෙ ගේ වටේට රට අඹ ගස් තිබුනා..ලංකාවට දුවන් එන්න හිතෙනව මතක් වෙද්දි.....

    ReplyDelete
  25. හානේ මේ පින්තුරේ ඉන්න ලේනා වගේම ලේන පැටියෙක් මටත් හිටියා. ඒත් එය පහු ගිය දවසක යන්න ගියා එයාගෙ උන්ට එකතු වෙලා .අවුරුද්දක්ම මාත් එක්ක හිටියා. මම එයා ගැන බ්ලොග් පෝස්ට් දෙකක්ම දැම්මත් එක්ක.

    ReplyDelete