ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, May 24, 2012

මිතුරුකම්...


"මචන් මන් කාර් ඒ ගත්තට පස්සෙ මාත්එක්ක හිටි යාළුවො මට ඉරිසියා කරනවද කොහෙද ?"


"ඈ කවුද බන් ඒ ? කවුරු ඉරිසියා කරනවා කියලද උඹ හිතන්නෙ ?"


පහුගිය කාලෙ මෝටර් රථයක් ගනිපු මගේ හොඳම යාළුවෙක් වෙන කපිල මාත් එහෙම කීවෙ අපි දෙන්න එක්කම අවිස්සාවේල්ලෙ යන අතරතුරේදි.


"කවුරු ඉරිසියා කරනවයි කියල්ද උඹ හිතන්නෙ මචන් ?"


මන් ආයිමත් ඇහුවෙ ඒ ප්‍රශ්නෙට මට උත්තරයක් නොලැබුන නිසාමයි. කපිල කියන්නෙ මගේ හොඳම බොක්කෙ යාළුවෙක් කැම්පස්යන කාලෙ ඉඳන්ම බයික් එක්ක තිබ්බ මම තමයි උගේ ගමන් සගයා ඒ කාලෙ ඉඳන්ම..ඒ කාලෙ ඉඳන්ම මන් කිය කියා හිටියෙ,


"දුර ගමන් ගියහම පස්ස රිදෙනවා බන් මේ බයික් එකේ ගන්කො රෝද හතරක්."


ඒ කතාවටම නොඋනත් මිනිහා පහු කාලෙක ගත්තා මෝටර් රථයක්..තාමත් කාරයාලයේ නිවාඩු ලද මොහොතක ගමනක් යන්න සෙට් උනොත් මම අනිවාර්යෙන්ම ඒ සෙට් එකේ ඇති.. ඒ වගේම තමයි අපි දෙන්නා අතරෙ පුද්ගලිකත්වයටම සීමා උනු දේවල් සීමිතයක් ඇර දෙන්නට දෙන්නා හොඳින්ම දන්නවා සහ ප්‍රශ්න , අදහස්, ගැටළු බෙදා හදා ගන්න පුරුද්දක් තිබ්බා.කපිලගේ මොනා හරි වෙන්සක් දැක්කොත් බිරිඳ පවා


"මොනාද වෙනී කපිලට මේ දවස් වල වෙලා තියෙන්නෙ ?"


කියලා අදටත් අහනවා..හැමෝම දන්නවා අපි දෙන්නගෙ රහස් සේරම අපි දෙන්නම දන්නවා කියලා..


"අර පියල් බන්"


"කොහොමද එහෙම කියන්නෙ ..උඹ උගේ හිත කියෙව්වද ?"


"නෑ බන් ඉස්සර හොඳට හිනා වෙලා කතා කරන එකා දැන් එච්චර හිනා වෙලා කතා කරන්නෙ නෑ.."


"පිස්සු නොහිතා හිටින් බන් ඌට වෙන ප්‍රශ්න ඇති හිතන්න වැඩේමයි මේ කබල් කාර් එකට ඉරිසියා කර කර ඉන්ඩ.."


විහිළුවකින් කතාව මගහැරියට මේ කතාව මගේ හිතෙත් ටිකක් හොල්මන් කර කර තිබ්බා..ඇත්තටම කපිල ගත්ත කාර් එක තරමක් සුඛෝපභෝගී එකක් නිසා කෙනෙකුට ඉරිසියා කරන්න උනත් පුළුවන්..ඒත් මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕනි දෙයක් කියන හැඟීම මගේ හිත ඇතුලට කිඳා බහිද්දී..මට කල්පනා උනේ මේ මෙහෙම එකට ඉන්න යාළුවො අතරේ එක යාළුවෙක්ගෙ දෙයක් ගැන තව යාළුවෙකුට ඉරිසියාව වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්ද ? එහෙම උනොත් ඒ ගොල්ලො ළඟ තවදුරටත් යාළු කම තියා ගෙන අන්න පුළුවන්ද වගේ මහා අප්‍රභංශ ප්‍රශ්න රාශියක්. 


දැනුම් නොතේරුම් කාලෙ පන්තියේ සුවඳම මකනෙ , ලස්සනම පැන්සල, පොත තියෙන අය දිහා බලලා හූල්ලලා ඒ එක්කම හූල්ලනවට වඩා හොඳා මේකා එක්ක යාළුවෙලා මට ගන්න බැරි දෙයක් උනත් පොඩ්ඩක් ටැස් කරලා බලන්න පුළුවන් කියලා දෙහි ගෙඩියක් තරම් තිබ්බ මොලේට පත්තු උනාට පස්සෙ කලේ නම් අනන්ත අප්‍රමාන යාළුවො හදා ගන්න එකයි. පුංචිම පුංචි කාලෙ යාළුවො හම්බ කර ගත්තෙ ඒකට උනත් කාලෙත් එක්ක යාළුවො කියන්නෙ ජීවිතයේ ලොකුම කොටසක් කියලා තේරෙද්දි පොඩි කාලෙ කරපු ඒ දේට ලැජ්ජ නොහිතෙනවමත් නෙවෙයි..


පහුගිය  රැයක මට චාන්ස් එක ආවා පියල් එක්ක සෙට් වෙන්න..රටේ ලෝකෙ තියෙන වල්පල් කතා කර කර ඉන්න අතරේ අළු යට තිබ්බ ගිණි පුපුරක් වගේ ආවා මගේ අර අදහස..


"ආ බන් කපිලයා කාර් එක ගත්තට පස්සෙ වෙනස් වෙලාලු නේද ?"


"අඩෝ කැ* කතා කියන්න එපා ඌ උඹේ බොක්ක නේද ? ඇයි දැන් උඹව හලලද ? "


"නෑ බන් කොයි මිනිහද ඉතින් ඒ වගේ කාර් එකක්  එකක් ගත්තහම වෙනස් නොවෙන්නෙ ?"


මමත් ටික ටික මීයට කුරුමානම් අල්ලන පූස් තඩියෙක් වගේ නොදැනෙන්න ලං කලා..


"අනේ මචන් මම නම් මාර සතුටුයි ඌ කාර් එක ගත්ත එක ගැන."


"උඹ මොකටද සතුටු වෙන්නෙ ? පලයන් බන් බොරු නොකියා"


"මචන් උඹ දන්නෙ නෑ..ඒ දවස් වල ඌ බයික් එක තියෙන කාලෙ මට කීප සැරයක්ම මහ රෑ හදිසි අසනීප උනු අවස්ථා දෙක තුනකම වෙලාව බලන්නෙ නැතුව ඇවිත් උදව් කලා"


"නෑ ?!"


"නෑ නෙවෙයි බන් ඔව්.ඉතින් හිතපන් බයික් එක තියෙන කාලෙත් එහෙම මිනිහා දැන් කාරෙක තියෙන කාලෙ..වෙනස් වෙන්නෙ නෑ. වෙනවට කියනවා නෙවෙයි බන් මට දැන් වාහනයක් නෑනෙ..මට ඕනි රෑක මොනා හරි හදිසියක් උනොත් මට කපිලයට කතා කරන්න පුළුවන් බන්..උඹ හිතන්නෙ ඌ නෑවිත් ඉඳී කියලද ? නෑ බන් ඌ හිත හොඳ එකා..ඌ කවදාවත් එහෙම කරන්නෙ නෑ. ඒ නිසයි බන් මට සතුටු ඌ වාහනයක් ගත්ත එකට."


සියල්ල පැහැදිලිය..කපිල වරදවා තේරුම් ගෙන ඇත..


අපට කිසි දින කිසිවකුගේ සිතුවිලි කියවිය නොහැකිය. එසේම යහළුවන් යහළුවන් අතර මෙවන් අවර ගනයේ සිතුවිලි හට නොගන්නා බව විශ්වාසය. 


කපිල සිතට නැගෙන අස්ථාන සැකයකින් පෙලෙන බැවින් එය නිවැරදි කල යුතු බව මට හැඟී ගියේය..


එදිනෙදා වන සරල සාමාන්‍ය සිදුවීමක් වූ මෙය මා යමක් තේරුම් ගත් පමණින් මෙය කියවන්නාගේ කාලය කා දැම්මාදැයි සැකයක් මසිත නැගේ..

61 comments:

  1. නෑ එහෙම කාලය කා දැමීමක් නෑ. මටත් මතක් උනා යාළුවෙක් ගැන කතාවක් දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සතුටුයි රාජ් ඒ කතාව ලියන්න

      Delete
  2. මෙන්න අපිව මීයො කරන්න ලියපු පෝස්ට් එකක්..

    දියුණුවකදී ඉරිසියා කරන මිනිස්සු නම් ඕනතරම් මම දැකලා තියෙනවා අත්දැකීමුත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මීයො නෙවෙයි හරී..ඔය මාරයගෙ නොමඟ යැවීම්නෙ.. ඔව් බහුතරයක් එහෙමයි ඒ අයගේ කතා ලියනවට වඩා මේ වගෙ සුළුතරයක්ගෙ පොඩි කතා හොඳයි කියලා හිතුවා..

      Delete
  3. අලුත් වාහනයක් ගත්තාම, අලුත් බෑග් එකක් ගත්තාම ඉරිසියා කරන අය ඉන්නේ ගෑණු අතරේ. පිරිමි අතරේ එහෙම අය සෑහෙන්න අඩුයි!

    ReplyDelete
    Replies
    1. ඔන්න පූසො, මේ පාර නම් උඹ ගැහුවෙ දෙබරෙකට. :D

      Delete
    2. මටත් එහෙම හිතේ පූසා..ඔන්න පස්සෙන් එලවගෙන ඇවිත් විදී ඔය කියන විදියට ගලකින් ගැහැව්වනම්..

      Delete
    3. ඔව්. පූසා කිව්ව කතාවට මමත් එකඟයි. පිරිමි අතරේ ඔහොම ගති නෑ තමයි. එත් නැත්තේම නෑ. අඩුයි. ඒ ඇයි කියල දැනගන්න කියවන්න මෙන්න පොත.
      Allan + Barbara Pease why men dont listen and women cant read maps

      Delete
  4. සමහර අවස්ථාවලදි හදිස්සියට අපි අපේ සමීපම යාලුවොත් වැරදියට තේරුම් ගන්නවා. ඇත්ත තේරුම් ගත්තහම පස්සෙ දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගාමිණි අයියෙ දුක වගේම මට නම් ඕකට මන් ගැනම කේන්තියකුත් එනවා..කලබලේට තීරන ගන්න එක ගැන..

      Delete
  5. අනේ මන්ද. ඉරිසියා හිතෙන තරම් දේවල් තියන යාළුවො මට ඇත්තෙත් නෑ, අනිත් එවුන්ට ඊර්ශ්‍යා කරන්න තරම් දේවල් මට ඇත්තෙත් නෑ. ඒ නිසා මම මේ ගැන වැඩි විස්තරයක් දන්නෙත් නෑ.
    අනිත් අයගෙ සතුට බලල සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් නම් මට තියෙනව. (මම මොකටද කොහේවත් ඉන්න එවුන් නිසා මගේ ලේ නරක් කරගන්නෙ :D)

    ReplyDelete
    Replies
    1. හොඳම සරල ජීවිතය ඒකම තමයි DDT ..අපි අපිමයි අපේ මේ තියෙන ජීවිතේ සරල කම නැති කර ගන්නෙ..

      Delete
  6. ඇත්තටම හොද යාලුවෙක් කවදාවත්ම තමන්නේගේ යාලුවට ඉරිසියා කරනේ නැ...තමන්ගේ යාලුවට හරි යනවා නම් තමන්ට හරි ගියා වගේ සතුටක් දැනෙන්නේ...කාලය කෑ දැම්ම කියලා නම මට හිතුනේ නැ..අනිත් අයව තේරුම ගනිද්දී මේ වගේ පොඩි පොඩි වැරදීම් වෙනවනේ..හුගක් අද කාලෙට ගැලපෙන කතාවක්....:)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු, මේ සිද්ධියෙන් මමත් ඔළුවට ගත්ත එකම දේ ඕකම තමයි..

      Delete
  7. දැන් වෙනී අපි යං ඔය කතාවේ අනිත් පැත්තට... මොනම හේතුවක් හින්දා හරි පියල් සහ කපිල කතා කරන අතරේ පියල් අතින් කියැවෙනවා වෙනී කපිලගේ කාර් එක ගැන කියපු දේ...

    දැන් ඊ ළඟට...?

    ReplyDelete
    Replies
    1. +++++++++

      වෙනී කලින්ම කපිලට කියන්න ඕනෙ මං මෙහෙම වැඩක් කල බව.නැත්නම් වලි තමා.

      Delete
    2. ඔව් කලින් කියන්න ඕනෙ. අඳුනන කෙනෙක්ගෙ වයිෆරේට බහින්නත් මේ ක්‍රමය මරු අත්දුටුවයි. සත්තයි.

      Delete
    3. කපිල , පියල්ට කියයි පියල් මට කීව දේම කැ* කතා කියන්න එපා බන් කියලා..ඒ වගේ විශේශම යලුවො කීපදෙනෙක්ගෙන් දෙන්නෙක් තමයි මුන් දෙන්නා මාරෙ..

      Delete
  8. වැරදි අවබෝධය හා විවෘතව අදහස් නොපැවසීම නිසා අහිමිවෙන මිතුරුකම් ඕනතරම් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සහතික ඇත්ත..මට ඒ වගේ අමිහිරි අත්දැකීම් රාශියක්ම තියෙනවා..

      Delete
  9. එහෙනම් ඇයි එතකොට පියල් අවුල් ගහලා තියෙන්නෙ වෙන දේකටද? අපරාදෙ දෙන්නා අතර හිත් නොහොදක් ඇති වුනානම්.

    ReplyDelete
    Replies
    1. සුමිත් සොයුරා නියමෙට නිසුපා නංගි \ දුව ට උත්තරේ දීලා තියෙනවා..

      Delete
  10. ඔතන තියෙන්නෙ යම් අලුත් භාණ්ඩයක අයිතිකරුවෙක් වුනාට. ඒ භාණ්ඩයක් එක්ක සංස්කෘතිකව අලුත් වෙන්න නොහැකි වීමේ ගැටළුවයි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සුමිත් නියම උත්තරේ

      Delete
  11. "මොනාද වෙනී කපිලට මේ දවස් වල වෙලා තියෙන්නෙ ?"
    මේක මට වපර ඇහෙන්ම පේන්නෙ ඇයි? ;-)

    ReplyDelete
    Replies
    1. වපරෙට බෙහෙත් නෑ රාජ්...

      Delete
  12. ඔහොම ප්‍රශ්න විසඳන්න අනික් එකාගේ අදහස් අහන්න ගිය හැම පාරකම මට අහන්න ලැබුනේ අදාල යාළුවගේ වැරදි ගෝනි ගනන්.... ඒවා කියන්න ගිහින් උන්ව තවත් අවුලවන එකට වඩා කට පියාගෙන ඉන්න එක සැපයි කියලා මම ඒවත් නොදන්න ගානට ඉන්නවා....

    මෙහෙම ප්‍රශ්න වැඩිපුරම එන්නේ කෙල්ලෝ අතර කියලා පූෂා කියපු කතාව සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. 80%ක්ම මටත් එහෙමයි ගැමියා..නමුත් මේ දෙන්නාගෙ තියෙන සුවිශේෂීකමත් ඒකමයි..ඒ නිසාමයි කතව බෙදා හදා ගන්න හිතුවෙ..

      Delete
  13. දැන් ඔය වෙනී අයිය මුට්ටිය දාල බලනව ඇත්තෙ අයියගෙ අලුත් කැමරාවට, ෆෝන් එකට, ෆෑන් එකට වගෙම ඊළඟට ගන්න ඉන්න ඒවටත් අපි ඉරිසියා කරයිද කියන එක වෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රසන්න මගේ ඔය කසි කබල් වලට කවුරු ඉරිසියා කරන්නද ? එහෙම කවුරු හරි ඉන්නවනම් මන් මිනිහගෙ හොඳම යාලුවා වෙලා මේවනම් බෙදා හදා ගන්න දෙනවා.. :-D

      Delete
  14. ඔය වගේ ඊරිසියා සහගත සිතුවිලි යාලුවො අතර ඇති නොවෙනවයි කියන එකනම් කොහෙත්ම පිළිගන්ඩ බෑ.. මොකද හැමෝම පෘතග්ජනයො හින්දා.. මටනම් එහෙම ඉරිසිය සිතිච්ච අවස්තා එමටයි. හැබැයි මම ඒ සිතුවිලි පාලනය කරගෙන උන්ගෙ දියුණුව දැකලා සතුටු වෙන්න පුලුවන්. සිතුවිල්ල වරදක් වෙන්නෙ ඒක ක්‍රියාත්මක කරවලා දියුණු වෙන එකාව නැතිබංග වෙන තැනට කටයුතු කළොත් පමණයි.

    ඔය මට හිතෙන හැති. ( මීයෙක් වුනාද මංදා :-) )

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා 80% හෝ ඊට වැඩි අය එහෙමයි..ඒත් ඔබ කියනාකාරයේ මනා හික්මීමක් පොඩි කාලෙ ඉඳන්ම ලැබෙන සුළුතරයක් මේ වගේත් ඉන්නවා..ඒ ගොල්ලන්ගෙන් දෙන්නෙක් තමයි මේ දෙන්නා කියලයි මන් හිතන් ඉන්නෙ..
      සෙන්නාගෙ අදහස් බෙදා ගැනීම මෙතන කොයිතරම් වටිනවද ?

      Delete
  15. යාළුවො උනහම හොද සන්නිවේදනයක් තියෙන්න ඕන එහෙම නැති උනහම තම ප්‍රශ්න ඇති වෙන්නේ

    ReplyDelete
    Replies
    1. 100%ක්ම එකඟයි රොබින් ඔබ එක්ක..

      Delete
  16. තව ඩිංගෙන් හොද යාලුවො දෙන්නෙක් තරහ වෙනව නේද ?
    …මේ පෝස්ට් එක කාලය කා දැමීමක් කියල හිතන්නේ නෑ . හිතන්න යමක් තියනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි, මට හිතන්න උනා මේ කතාව ඇතුලෙ සෑහෙන කාලයක් ඒ වගේම ගත්ත හරය ඒකත් වටිනවා.. ඒකයි බෙදා ගන්න හිතුවෙ සරල කතාවක් උනත්..

      Delete
  17. අපි නොහිතනවවට තවත් යාලුවෙක්ට කොහොම ප්‍රශ්න තියෙන්න පුලුවන්ද? තමන්ගේ ප්‍රශ්න වලදී හැසිරෙන විදිය අනුව තව කෙනෙක්ට දැනෙන්නේ පුළුවන් ඉරිසියා කරනවා කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් අසර් මමත් සමහර විට ඔය කාරනය අමතක කරලා ගන්න තීරන නිසා පසුතැවෙනවා වගේම පස්සෙ හොඳ පාඩම් ඉගෙන ගන්නවා..

      Delete
  18. ඇත්ත.. සමහර වෙලාවට යාළුවෝ ආස්‍රය කරද්දී ඔය වගේ දේ වෙනවා.. අපිට මිනිස්සුන්ගේ හිත් කියවන්න බෑනේ.. ඒත් සමහරු නම් ඔය වගේ දේවල් වලදි වෙනස් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්ටත් අත්දැකීම් තියෙන හැඩයි..

      Delete
  19. කාලය කාදැමීමක් නෙමේ අයියා අපිමයි අපේ යාලුවන්ට ඉරිසියා කරන්නෙත් අපිමයි යාළුවො ගැන වරදවා හිතන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් පරිනත වෙනකොට ඒව අපිම තේරුම් අරගෙන හදා ගන්ඩයි ඕනි..

      Delete
  20. නැට්ට පිටින් අලි මැරෙන රටේ කාර් එකක් ගත්තා කියලා මොකටද කාටවත් ඊරිසියා කරන්නෙ....!

    මට නම් දුක හිතෙනවා.....! "අනේ ඉතින් මූ ලක්ෂ ගාණක් වියදම් කරලා කාර් එකක් අරගෙන, දැන් ඉතින් නොකා නොබී ඕකට පැට්‍රලුත් ගහපන්කෝ...." කියලා....

    (මොකක්ද බං වෙනියෝ මේ බැක් ග්‍රවුන්ඩ් එකට දාල තියෙන්නේ.... මෙලෝ අකුරක් කියවන්න බෑ නෙව CTRL + A ගහන්නෙ නැතිව....!)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් දුකා ඒකත් ඇත්ත තමයි..දෙපැත්තෙ තියෙන තීරු නිසා මැද තියෙන ටෙක්ස්ට් එක පුන්චි වෙලා නම් තියෙනවා තමයි..වෙන හොඳ ක්‍රමයක් කල්පනාවට එන්නෙ නෑ දුකා..

      Delete
  21. සමහර හැසිරීම් නිසා එහෙම වෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒ කිව්වෙ නයි අරින ඒවා වගේ ඒවද මාලු ?

      Delete
  22. අනවබෝධය හා සැකය. මේ දෙක හින්දා තමයි මිනිස්සු ගොඩක් දේ නැති කරගන්නේ.

    ReplyDelete
    Replies
    1. දුරු කරගන්නත් අමාරු ඒත් කරන්න පුළුවන් දෙයක් තමයි ඒ..

      Delete
  23. අර එක්කෙනෙක් ලස්සන කැමරාවක් අරං, ඒකෙන් කෑම ජාතිවල පින්තූරු ගහමින්, ඒවා ෆේස්බුක් එකේ දානකොට, යාලුවෙක් කියලා නෑ ඔන්න මටත් ඉරිසියා හිතෙනවා.:D:D:D

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා එහෙම අවස්ථා සම්බන්දෙකුත් තියේද පොකූ ?

      Delete
  24. ඇයි මේ වගේ යාලුවො දෙතුන්දෙනෙක් හිටියාම මදෑ... පරීක්සා කරන්න ගිහින් දෙපැත්ත ගිනි තියන්න... :D

    ReplyDelete
    Replies
    1. ආන් මන් ගිනි තිබ්බෙ නෑ..සපා මන් ගියේ මගේ හිතේ ඇතිවෙච්ච සැකේ බේරුම් කර ගන්නයි..ළඟම යාලුවන්ට හැර අනිත් අයර එහෙම කරන්න යන්නෙ නෑ..කෝ ඔව්වට වෙලාවක් කලාවක්...

      Delete
  25. හැම සිදුවීමකම හතර පැත්තක් තියෙනවලි
    එක අපිට පෙනෙන හිතෙන පැත්ත
    දෙක සිදුවීමට සම්බන්ද විරුද්ද පක්ෂෙට සිතෙන පෙනෙන පැත්ත
    බලන් ඉන්න අයට පෙනෙන පැත්ත
    ඇත්ත පැත්ත..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය හතරම පෙරල ගන්න පුළුවන් නම් හරියට...දෙයක් තේරුම් ගන්න පුළුවන් ලංකා..

      Delete
  26. යාළුවන්ටත් ඉරිසියාව ඇතිවෙන්න පුළුවන් ඒත් ඒක රුසියාව තරං දුරදිග යන්නෑ මම හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් එච්චර දුර දිග යන්නෙ නම් නෑ තමයි.. ළඟ ළඟම නැති වෙනවා..

      Delete
  27. ඇයි අපි වෙනත් ප්‍රශ්න ගැනත් මේ විදියට හිතන්නේ නැත්තේ? අපි සුදනෝ දේශප්‍රේමය දෙපරැන්දේ ගහගෙන ඉන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපි හිතමුකො කතන්දර..දෙපරැන්ද අස්සෙ ගහ ගෙන තියෙන ඒවා රෙද්ද එක්කම කඩලා විසි කරල දමලා හිතමු මේ දැන් ඉඳන්..දේශප්‍රේමය විතරක් නෙවෙයි දේශද්‍රෝහයත් ඒ එක්කම විසි කරන්න අමතක නොකරමු. අපි සුදනො කියලා හිතන එකත් වීසි කරලා දැම්මහම අපේ නිරුවත පෙනෙයි හොඳටම . අපි ඉස්සෙල්ලා හොඳට බලා ගමු අපි අපේම නිරුවත..ඊට පස්සෙ බලමු අනිත් අයගෙ එව්වත්..ඒ නිරුවත තුලින්ම බලමු අනිත් ප්‍රශ්න දිහාවෙත්..මම ලෑස්තියි කතන්දර කොයිතරම් ලෑස්තිද ? මෙතන
      අපි = මම + කතන්දර ++++++++++

      Delete
    2. සමාවෙන්න ඇනෝ ඔබ ඔබගේ කමෙන්ට් එක කතන්දරගේ ඊ මේලය වෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ කිරීම සුදුසු යැයි සිතමි...

      Delete
  28. වෙලාවකට යාළුවොත් පිස්සු කෙලිනවානේ.... :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. වැරදි වැටහීම් නැති වෙන තරමට හොදයි බොල වෙනි‍යා..

    ජය !

    ReplyDelete