ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, May 21, 2012

කෙටිම කෙටි කතාවක්.....


අල්ලපු ගෙදර කුසුමා අක්කා උදෑසනම වැලපෙමින් බෙරිහන් දෙන්නට ගත්තාය..


"ඇයි අක්කෙ මේ උදේ පාන්දරම සිරිපාල අයියා ආයිමත් උඹට ගහනවා කියලා බය කරලා සල්ලි ඉල්ලගෙන සූදුවෙ ගියාද ?"


"ඒක හැමදාම උනු එකනෙ මල්ලියෙ"


ඈ ඉකි ගැසුම් අතරින් පවසන්නීය..කුඩා දරුවන් හය දෙනාද තුස්නිම්භූතව බලා සිටින්නේය..


"ඉතින් මොකද වෙලා තියෙන්නෙ ?"


"පහුගිය දවසක රෑ සූදුවෙ ගිහින් අපි හය දෙනාට සන්තකේ තිබ්බ මේ ගේ පරදුවට තියලා ඔට්ටු අල්ලලා මල්ලියේ"


ඈගේ හැඬුම තවත් දැඩි වේ..


"ඉතින් අක්කෙ මේක අක්කට අම්මලා තාත්තලගෙන් හම්බ උනු එක නේද?"


"අනේ ඔව් මල්ලියෙ..ඒක විකුනලා හන්දියෙ කඩේ මුදලාලිට නොවටිනා ගානකට..දැන් අපිට එලියට බහින්නයි වෙන්නෙ"


"කෝ දැන් සිරිපාල අයියා?"


"ඔය සූදු කෙලලා පැරැදිච්ච එක අපේ කනට වැටුනා කියලා දැන ගත්තම ආන් උදේම තිබ්බ රෙදි පෙරෙදි ටිකත් මල්ලට දමා ගෙන ගෙයින් බැහැලා ගියා මල්ලියෙ.ආයි එන්නෙ නෑ කීවා.මන් දැන් කොහොමද බලහන් අනාගතේට මූන දෙන්නෙ?"


මෙයට මටද උත්තරයක් නැත...


නිමි.

60 comments:

  1. ඔහොම කාලකන්නි ඉන්නවා මේ ලෝකේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්..ඔව් සෙන්නා හරියට ඌ උගේ එකක් වගේ විකුනාලා තියෙන්නෙ...

      Delete
  2. මේක සත්‍ය සිදුවීමක් නම් උත්තරයක් තියෙනවානේ වෙනී.
    මට තේරුන විදියට මේක නීත්‍යාණුකූලව වෙච්ච ගණුදෙනුවක් නෙමෙයි. වෙන කාට හරි තියෙන ඉඩමක් විකුනන්න කාටවත් බෑ. එහෙම කලත් ඒක වැලීඩ් නෑනේ. අනික මේ කතාවේ හැටියට ඊටත් වඩා මේක ඔප්පුවක් ලියලා වගේ විකුනපු එකක් නෙමෙයිනේ. කටේ වචනෙට ඉඩම් විකුනන්නේ නෑ නේ.
    ඔයාගේ අල්ලපු ගෙදර අක්කට කොහෙවත් නොයා ඉන්න කියන්න. එකම වැඩේ ඉතින් පස්සට දෙකක් දීල ඔය මිනිහව එලවලා දාලා ළමයි ටික හදාගන්න එක.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... නීතී විරෝධී ගනුදෙනුවක්ය වෙලා තියෙන්නෙ කියලා සහනයක් ගන්න පුළුවන්..මන් නම් කියන්නෙ අර මිනිහව හියන් ගිහින් පස්සට දෙකක් ඇනලා එන්න ඕනි කරපු අළුගුත්තේරු වැඩේට...

      Delete
  3. ඊලඟ කොටස....

    දැන් කීයටද අක්කේ විකුණලා තියෙන්නේ...

    රුපියල් පනස් දාහකට මල්ලි...

    මම හවසට දෙන්නම් අක්කේ සල්ලි.. අක්කා ගිහින් මුදලාලිගෙන් බේරගන්න....

    අනේ මන් දන්නෙ නෑ ලියන්නා මල්ලි, මේවට කෝම ස්තූති කරන්නද කියලා....

    අනේ මොන ස්තූතිද අක්කේ, අයියත් ගෙදරින් ගිය එකේ මටත්...... (මහපට ඇඟිල්ල හපමින්, නියපොතු කමින්..)

    අනේ ඉතින් ලියන්නා මල්ලිට කොහොම බෑ කියන්නද? මල්ලී කැමැත්තක් වුනාවේ ඉතින්... (පොළව හාරමින්...)

    ඊට පස්සෙ ඒ රජ කුමාරියයි කුමාරයයි ගොඩාක් කාලයක් සතුටින් ජීවත් වුනාලු....

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්.. හිනා ගියේ මේකට ඕයි... අපොයි වෙනී මාමා.... :D

      Delete
    2. වෙනි අයියා ඊයේ රෑ දැකපු හීනයත් ඔය වගේ වෙන්න ඇති සුවර් එකටම.....

      Delete
    3. බෙදාගෙන පරිප්ප කනවා කියන්නේ මේවට වෙන්නෝනෙ..
      කෙටිම කෙටි කතාවක් දැම්මට වෙනීට හොඳ වැඩේ..

      Delete
    4. සිහින, රූ, රොබින්, දීකිරට බලල්ලුත් සාක්කිලු ඕන්..

      Delete
  4. ඕක ඇත්තටම වෙන තැන් ඕන තරම් තියෙනවානේ අපේ රටේ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම රොබින්..

      Delete
  5. මිනිසෙකු පිට නැගි අසරුවෙකි....
    ඒ බර ගෙයි වහලට බරෙකි....
    පාන්දරින් පැරදුනු ඒ මිනිසා....
    හැන්දෑවෙත් අසු පිටට නගී....

    :D

    ReplyDelete
    Replies
    1. මම හොයා ගත්ත හරියටම නිසුපා කියන්නෙ කවුද කියල. “සුනිල් එදිරිසිංහ“ :D

      Delete
    2. ඈහ්.... ඒ කොහොමද අප්පේ....

      ඉතිං නිසුපා කියන්නෙ මගෙ ඇත්ත නමනෙ.. O_o

      Delete
    3. නිසූපා ගැලපෙනම සින්දුව..

      Delete
    4. මේකනේ නංගි කතන්දරේ. දැන් ඔතන අර්ථ දෙකක් තියනව නේ. එකක් “නිසුපා කියන්නෙ කවුද කියල“. අනෙක “නිසුපා කියන්නෙ කවුරු ගැනද“ කියල. ඔයා නම් ඔයාගෙ උත්තර දුන්න. මම හිතන්නෙ නෑ සුනිල් එදිරිසිංහ ඇවිත් මෙතන කමෙන්ට් කරයි කියල. :D
      අර බිංදු දෙක ගැන නම් මම මොකුත් කියන් නෑ ඔන්න. :D

      Delete
  6. අක්කට ගේත් නෑ මිනිහත් නෑ.දුක තමයි වෙනි.

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ රාජ්, වෙනිට සතුටුයිළු. ඔය උඩ අභීතත් කියල තියෙන්නෙ. :D

      Delete
    2. අනේ මන්දා රාජ්..මට හැබෑවටම දුකයි අක්කා ගැන..DDT මොනා කීවත්..

      Delete
  7. මට එක පාරක් පාරක් කේස් එකක් වෙලා කාපු කට්ටටයි කරපු අපරාද වියදමයි නිසා ඉඩං කේස් දිහා බලන්නෙවත් නෑ. අප්පිරියයි. ඔය මොකා කිව්වත් තාප්ප හදන්න එපා පාලං හදපියව් කියලා, ඒවා සුරංගනා කතා.

    අර අබීතයා කියලා තියෙන කතාව ඇත්ත උනාට හෙන කුජීතයි නේ? ඌට එහෙම කියන්න වටින්නෑ බං.. මම නං විරුද්ධයි ඕං ඇත්ත වුනාට...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉඩම් නඩු නම් ඕනි නෑ ආත්මෙකටවත්...
      මන් හිතුවා ඔළුව අතගාන කොට..ටොක්කක් ළඟම ඇති කියලා..

      Delete
  8. සමහර වෙලාවට මිනිස්සුන්ට මොළයක් කියලා එකක් තියනවා කියලා අමතක වෙනවද කොහෙද...!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඇත්තේම නෑ සමහර වෙලාවට නම්..එහෙම කියලත් හැදෙන්නෙ නැති උනහම තමයි ඉතින්..

      Delete
  9. "පහුගිය දවසක රෑ සූදුවෙ ගිහින් අපි හය දෙනාට සන්තකේ තිබ්බ“
    ළමයි හය දෙනයි, කුසුම අක්කයි 7 යි නේද. ලියන්නට තමන්ගෙ ගෑනියි ළමයි ගානවත් හරියට මතකෙන් ලියා ගන්න බෑනේ ... :D

    ReplyDelete
    Replies
    1. අනේ මන් ඕවට නෑ DDT
      :-D

      Delete
  10. කුසුම අක්කගේ ගෙදර වගේද පතිවුර්තාව? අය්ය ඕව දන්නේ නෑ වගේ ඉන්න. D

    ReplyDelete
    Replies
    1. ඔව්..මන් දන්නෙ නෑ වගේ ඉන්නම්..ඉවරයිනෙ..මේ දවස් වල හැටියට මෝල් ගසුත් ඇවිලෙනවා..ඕන්..

      Delete
  11. මටත් කියන්ඩ දෙයක් නැ!

    ReplyDelete
    Replies
    1. මගේ ග්‍රහයා තාම හොඳයි වගෙයි.... :-D

      Delete
    2. කියන්න දෙයක් නැති උනාට බුද්ධිය ඇඳල දෙයි නියමෙට.

      Delete
    3. බොලා අයිඩියාස් නොදී හිටුකො මෙතන...ඇයි යකෝ මන් මෙහෙ ශේප් වෙන්ඩ දඟලනවා.. :-D

      Delete
  12. මෙහෙමත් මිනිස්සු අප්පා...අද සමාජෙත් මේ වගේ මිනිස්සු ඕන තරම් ඉන්නවනේ..:/
    කෙටි කතාවක් උනාට කාතාව නම් ඇත්ත...:)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරූ..ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ අය කල්පනා කරන්නෙ නැත්තෙ ඇයි කියන එකයි..උනාට පස්සෙ තමයි හිතන්න පටන් ගන්නෙ..

      Delete
  13. අපේ ගෙව්ල එහා පැත්තේ හිටියා පොරක් අමරේ කියලා. බුවා මං දන්න කාලේ ඉඳන් අශ්වයෝ පදිනවා. දැනට කාලෙකට ඉස්සර මෑන්ට් රුපියල් 60,000 ක් හම්බුනා අස්සයා දිනලා. මුලින්ම කරේ පොල් අතු වහල වෙනුවට තහඩු හෙවිල්ලපු එක. ඊට පස්සේ ගෙයි බිත්ති වල තීන්ත ගෑවා. ඒ ඔක්කොම කරලා ඉවර වෙලා ගෙවල් පිළවෙලක් කරලා එහෙම ටික දවසකින් පොර හිටගෙන ඉද්දිම මැරිලා වැටුනා.

    සුදු කෙලින හැමෝම නරකයි කියන්න බැහැනේ ඉතිං. අනික ඔය ලොකු ලොකු සූදු පොලවල් ප්‍රසිද්ධියේ පවත්වගෙන අය කී දෙනෙක් නම් ලඟ ලඟ හා දුර බැහැර පන්සල් වල ප්‍රධාන දායකයෝ වෙලා ඉන්නවද..!

    ReplyDelete
    Replies
    1. අනිවා..මන් අහලා තියෙනවා කහවත්ත පැත්තෙ හොඳ සල්ලි කාරයෙකුත් පටන් ගත්තෙ අශ්වයෙක් ගෙන් කියලයි කියන්නෙ..

      Delete
  14. ඕක මොකක්ද නල-දමයන්ති කතාව බැලුවාම!
    සමහරු ගෑනිවත් ඔට්ටුවට දානවා.

    ReplyDelete
    Replies
    1. ඕ නල දමයන්ති..කතාව කාලෙකට පස්සෙ මතකය ඇවිස්සුනා..කතන්දරගෙ කමෙන්ට් එකෙන්..

      Delete
  15. අර බැන්කුවෙ සල්ලි සූදූවට දමලා ඉල්ලලා අස් උන ලොක්කත් ඔය වගේමයි...ලියන්නා ඒ කතාවද කියන්න හදලා තියෙන්නෙ ???

    ReplyDelete
    Replies
    1. ඈහ්..එහෙම සම්බන්ධෙකුත් තියේද ඇනෝ ? හ්ම්ම්ම් ඒකෙ ලොක්කො ඉල්ලා අස් වෙලාලු නේද ? ගනුදෙනුවත් නීතිවිරොධී කියලා කැනසල් කලාලු..

      Delete
    2. අපෝ නෑ වෙනි, ඒක නිකන් ෂෝ එකක් විතරයි. කොටස් විකුණුම්කරුවන්ට සම්පත් බැංකුව දැනටම කොටස්වලට අදාල (අධි)මිල ගෙවලළු. (සාමාන්‍යයෙන් ඒ වගේ ගණුදෙනු සිද්ධවෙන්නෙ අතරමැදි බැංකුවක් හරහාළු. මෙතන ඒ වැඩේ කරල තියෙන්නෙ සම්පත් බැංකුව) දැන් NSB එකට තියෙන්නෙ සම්පත් බැංකුවට මුදල් ගෙවන්න. ඒ ගෙවීම තමයි අත්හිටුවල තියෙන්නෙ. ඒ වුණාට ව්‍යාපාර නීතිවලට අනුව අනිවාර්යෙන් ඔය මුදල සම්පත් බැංකුවට ගෙවන්න NSB එකට සිද්ධ වෙනවළු.

      Delete
  16. මම දන්නා කෙනෙක් මේ වගේ දෙයක් ඇත්තටම කරලා තිබ්බා. පස්සේ එයාගේ සහෝදරයෝ ටික ආපහු ගේ සල්ලි වලට අරන් එයාගේ ළමයෙක්ගේ නමට ලිව්වා. අර අභීත කියල තියෙන්නේ ඇත්තටම මේකේ කොටහක්ද? මට හිතා ගන්න බෑ.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ක්සැන්ඩර්..මේක බලාගෙන යනකොට සූදූකෙලින්නන්ගෙ සාමාන්‍ය ස්වභායක් වගෙයි..

      Delete
  17. සූදුවට හිත ගියාම ගෙදර, දරු මල්ලෝ මතක නෑ සමහර මිනිස්සුන්ට.. ජීවිතේ තව තවත් අසරණ වෙන එක තමයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්..ලිං කටෙන්ම ගොඩ එන්නයි කියලා..ඒකෙම ගිලෙනවා කියලයි මටත් හිතෙන්නෙත්..

      Delete
  18. ඔය කැමරාවවත් විකුණල ඔය ගේ බේරගම්මු වෙනී අයියෙ.

    ReplyDelete
    Replies
    1. වෙස්සන්තර වෙන්නත් බෑ මල්ලියෙ..මන් පහුවෙනිදා කොළඹ ආවා...

      Delete
  19. මොන පැත්තකින් බැලුවත් පිළිතුරක් නැති කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් පොකූ මට තවමත් කට උත්තර නෑ..ඔය අහපු ප්‍රශ්නෙට...

      Delete
  20. මිනිහා ගිය එක පුදුමයක්යැ ඒ මිනිහට ඉන්න කෝ ගෙයක් ?

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒකත් එක හේතුවක් වෙන්න ඇති..ඒත්..

      Delete
  21. කාලකන්නි නිසා අසරණ ළමයි තමා දුක් විදින්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් හිතා ගන්නත් බෑ ඒ ළමයිගෙ අනාගතය..

      Delete
  22. ඇබ්බැහිවීමක් ගිය දුර. දුක් විඳින්න වෙන්නෙ කාටවත්. ඔය වගෙ සිද්දි වෙන එකට වඩා මට හිතා ගන්න බැරි, ඇයි ගැහැණු ඔහොම මිනිස්සු එක්ක ඉන්නෙ, මිනිහගෙ හැටි දැන දැනත් සීමාවක් නැතුව ළමයි හදන්නෙ කියන එක.

    ReplyDelete
    Replies
    1. කොයිතරම් රට ලෝකෙ දියුණු උනත් ගම් වල වෙන්නෙ ඔහොම තමයි..ඒ ගොල්ලො පවුල් සංවිධාන සේවිකාවො කියන දේවල් අහන්නෙත් නෑ..ගැහැණු අය අනේ අපේ කරුමෙ තමයි කියලා දුක් වෙවී ජීවත් වෙනවා...

      Delete
  23. මොනවා කරන්නද බං . අපේ පැත්තෙත් බුවෙක් ඉන්නවා මේ ඉයේ පෙරේදා වහලේ ටකරං ටික විකුණලා තැබෑරුමට රිංඟුවා . අද ගැන විතරක් හිතන එවුන් කොහෙත් ඉන්නවා උන්ට වැරදුනත් පේන්නේ නෑ .

    ReplyDelete
  24. සහතික ඇත්ත සඳරූ මලේ..උන්ට වැරදුනත් පේන්නෙ නෑ..ඔය වගේ උන් දහස් ගානකින් එකක් තමයි ඔය මන් ලීවෙ..

    ReplyDelete
  25. කෙටි කතා වක වුනාට මේ සමාජේ වෙන දෙයක්. පොළොවට බරක් වෙලා ඉන්න මිනිස්සු කි දෙනෙක්ටනම් කරදරයක් වෙනවද?

    ReplyDelete
  26. වෙනි මලේ, මම දන්න එකෙක් හිටියා අතේ තියෙන සල්ලි ඉවර උනහම, කලපුවෙ පීන පීන ඉන්න මාලුත් ඔට්‍ටු අල්ලලා බූරුවා ගහනවා, පස්සෙ අල්ලලා දෙන්නම් කියලා.

    ReplyDelete