ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 12, 2012

රස්නෙ රෑට !! රෙද්දක් ඇඳන් නිදා ගන්න පුළුවනියැ ? ජායාරූප සහිතයි...


අෆ්ෆා මේ දවස් වල දවල්ට තියෙන රස්නෙ..ඊටත් වඩා හරිම ඌෂ්ණයි..තොල් පැලෙනවා , කටේ ගිණියම් බිබිලි එනවා... උදේට චූ කරන්න ගියහම සංසාරෙ එපා වෙනවා..

නානවා ඇඟ හෝදනවා කියලත් කී සැරයක්ද මන්දා දවසකට...
පර්ස් එකේ තියෙන සල්ලි ටික ඉවරයි තැඹිලි වලට යෝගට් වලට, ජෙලි වලට....ඒ මදිවට කතුරු මුරුංගා කොල කිරිහොදි කන්නයි..සව් හදලා කන්න සහ තව තව එක එක්කෙනා ඇඟ නිවෙන්න හොඳයි කියන සේරම ජාති කන්න බොන්න ගියහම තව ජොබ් එකක් කරන්න වෙයි මේ කාලෙ ඉවර වෙනකන් වත්...ඔය මුකුත් නෑ..හොඳට වතුර බෝතල් පහ හයක් බොනව නම් දවසකට...

එහෙම උපදෙස් දෙන යාළුවොත් ඉන්නව. ඔය වතුර බොන වැඩේ නම් සෑහෙන දුරට හරි.. ඒත් දවල්ට වගේම මේ දවස් වල රෑට තියෙන රස්නෙ දරා ගෙන නිදා ගන්න බැරි එක තමයි හොඳම සීන් එක..ෆෑන් එක දමන්නෙ නැතුව නිදා ගන්නව නම් බොරු ආයි..ඒත් ෆෑන් එක දමා ගෙන නිදා ඉඳලා උදේට නැගිටින කොට දැනෙන සනීපෙ මතක් වෙනකොට නිදා ගන්න හිතෙන්නෙම ෆෑන් ඒක් නැතුවම තමයි.වායු සමීකකරනයක් වත් සින්හලෙන් කීවොත් ඒසී එකක් වත් තිබුන නම් ගොඩම තමයි... ඒත් එන ලයිට් බිල මතක් වෙනකොට ඇඟ සීතල වෙනවා ඒසී නැතුවම..

ඒත් එක්කම ෆෑන් එක දමා ගෙන උනත් රෙද්දක් ඇඳන් නිදියන්ඩ ඇහැකියැ මේ දවස්වල..අපි ගම් වල ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො නිසා මන් කරන්නෙ ලයිට් එක නිවලා........(ලැජ්ජාවෙන් ඇඹරෙමින්...) තමයි නිදා ගන්නෙ..එහෙම නිදා ගන්නකොට ෆොටෝ කෑල්ලක් ගහලා දමනව කියලා හිතුවත් ඕන්..ඒකට ප්‍රායෝගික ගැටළු කිහිපයක්ම පැන නැග්ග නිසා..නිකන් ඉන්නවා..
අනික මන් සාමාන්‍යයෙන් උදේ හය වෙනකොට ඇහැරෙන් කෙනා..නැගිටින්නෙ නවයට උනාට..එක දවසක් ඇහැරුනෙ පොඩ්ඩක් පරක්කු වෙලා..එදාත් ගෙදර අයිතිකාරයා මට ගුඩ් මෝනිං කියන්න ජනේලෙන් ඔළුව දමලා..හෆොයි..

"ඔහොම නිදා ගන්නවනම් ලමයො ජනේලෙ වහන් නිදා ගන්න"

කියලා අනතුරු දැන්වීමක් කරලා ගියේ පහු වෙනිදා..


ඒක ගැන කල්පනා කර කර ඉන්න කොට නම් රෑට රස්නෙ වගේම එන හිතේ අමාරුවටත් කොහොමත් නින්ද යන්නෙම නෑ ඉතින් ඔහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරන් යනකොට පහු ගිය දවසක මගේ ෆෑන් රාජයාට කෙල උනේ නැද්ද කෙලවිල්ලක්.. ආයි හදනවා නම් බොරු..ඒක ගොඩක් පරන එකක්  නිසාමත් මන් හිතුවා අළුත් ෆෑන් එකක් ගන්න යන වියදමින් භාගයක් විතර පරන එක හදන්න යන නිසාත් ඔන්න ඔහේ ගන්නවා අළුත්ම එකක් කියලා..ඔය පහු ගිය කාලෙ ගිය ප්‍රදර්ශන වල තිබ්බා ෆෑන් එකක් ඒකෙ බේස් එකේ තියෙන ටෑන්ක් එකට වතුර දැම්මහම ෆෑන් එකෙන් මීදුම එනව..Mist Fan එකක් ඒක.. ඔව්ව ගන්න කොහෙ තියෙන සල්ලිද කියලා ඒ අදහස හද සොහොනේ භූමදාන කරලා අන්තිම පස් පිඩැල්ලත් දමලා මන් ගියා ෆෑන් එකක් බලන්න මොනාද තියෙන්නෙ කියලා..

ඒකෙ හිටිය සුරූපී වෙළඳ සහායිකාව පෙන්නුවා තියෙන ෆෑන් සහ ඒවායේ මිල ගනන්.. බුදු සන්තෝ..මන් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා රු තුන් දාස් ගනනකට ගත්ත මගේ කැඩිච්ච ෆෑන් රාජයා සයිස් එකේ එව්වා දැන් රුපියල් 11,500ක්ම වෙනවා.. උගුර කට වේලීලා තව පොඩ්ඩෙන් කලන්තෙත් දමලා අර ළමයගෙ ඇඟ උඩට වැටෙන්න ගිය මම.. යන්තම් සිහිය එලවා ගත්තෙ..ටිකක් හරි අඩුවට ගන්න පුළුවන් ෆෑන් එකක් දුටුව නිසාමයි..

'ඔය ජාතියෙන් තියෙන්නෙ තව තුනයි ඉතුරු වෙලා"

එහෙම කීව නිසාම මම සුටුශ් ගාලා අර ෆෝන් එක අරන්... ගියා ඉන්ටනෙට් එකට..ගිහින් පොඩ්ඩක් බැලුවා මේ ෆෑන් එක ගැන විස්තර..කොහොමද ෆෑන් එක වැඩ කරන්නෙ..මොකද්ද මේක හදලා තියෙන තාක්ශනෙ..සාමාන්‍යයෙන් මන් ගෙවන්න යන මිල වටිනවද කියලා.. හ්ම්ම්ම්ම් ඔව් ඔව් ෆෑන් එක ගැනම තමයි ඉන්ටර්නෙට් එකෙන් එච්චර විස්තර හෙව්වේ...

hmmm It's really worth the money....

කියලා කඩ්ඩෙන්ම හිතපු මම පොඩි ඩිමෝ එකකුත් බලලම ගත්තා ෆෑන් එක..ආවා ගෙදර..මේන් දැන් බබා මගේ මේසෙ උඩ...ඔය තියෙන්නෙ කිරි ටොයිස් එකට...



ජනේලයේ යන්තම් ඇරී තිබුනු පළුව අතරින් ඔළුව දැමූ නයා පෙනය

 දෙපැත්තට වනා තමාට යා හැකි තරමට ජනේල් පියන් පත හැර 

ගත්තේය..ජනේලය අසලම වූ පරිගනක මේසය මතට වන් හේ නෙත් 

හෙළුවේ මේසය දෙසටයි..කෙමෙන් කෙමෙන් නාගයාගේ දෑස් 

මවිතයෙන් විසල් වන්නට විය..

යකඩෝ මෙච්චර දවසක් මේ මේසෙ උඩ තිබ්බ බඩු ගොඩට මොකද 

උනේ ? මන් උන්නෙ ඔය මේසෙ උඩ DSLR කැමරාවක්, 4G i phone 

එකක්..i-7 laptop එකක් ඇතිය...ඒ ළඟින්ම ඇදිලා යන්නනෙ..



ඒත් මේ මොකද්ද මේ තියෙන අට මගලෙ යකෝ..නයි අල්ලන මැසිමක් වත් මේ යකා ගෙනත් හයි කොරල වත්ද ? 
කියලා හිතපු නයි තෙමේ..අර පෙනේ ගහලා ඇරපු ජනේලෙන්ම ආපහු හැරිලා ගියා...



එහෙම හිතන්න තරම් මොකද්ද නයා දැක්ක අට මගලෙ ?
ඔය තියෙන්නෙ පින්තූරවලින්ම බලා ගන්නකෝ...






නයා වගේ එහෙම හිතලා ආපහු යන යාළුවො නෙවෙයිනෙ අපිට ඉන්නෙ..


"මොකද්ද බන් මේ උඹේ අර පිටි හලන පෙනේරේ දැල ගලවලා ප්ලාස්ටික් බටයකට හයි කරලා ඇයි මේ මේසෙ උඩ තියන් ඉන්නෙ?"

"පලයන් බන් මෝඩ කතා නොකියා උඹල ඉන්නෙ මේ ශතවර්සෙ නෙවෙයිද ? ඔය මගේ අළුත්ම ෆෑන් එක තමයි"


කිව්වට විශ්වාස නොකරපු නිසාම මට සිද්ධ උනේ ඒක ඕන් කරලා වැඩ කරන හැටි කියලා දෙන්න වීරයා වගේ..

ඔන්න මන් අඩු මිලට ගත්ත ෆෑන් එක..මේක Blade-less fan එකක්..කරකෙන  පෙති නෑ .. හැබැයි ඔය බේස් එකේ තමයි තියෙන්නෙ පොඩි ෆෑන් එකක් වගේ පෙති ටිකක්..බලන්නකෝ මේ ෆෑන් එකේ පෙට්ටියෙ තිබ්බ පින්තූර වලින් පැහැදිලි වෙයි මේක වැඩ කරන හැටි.




මේකෙ තියෙන වඩාත්ම පහසුව තමයි..සම්පූර්න යුනිට් එකම කිලෝ 2ක් විතර බර ඇති..අනිත් ෆෑන් වගේ ඇඟේ දහිරිය දමන්න ඕනි වෙන්නෙ නෑ උස්සන් යන්න..







සාමාන්‍ය ෆෑන් වගේ හුලං කැඩි කැඩී එන්නෙත් නෑ..ඔය පින්තූරෙ තියෙන්නැහෙ..එනවා හුලන්...





මේක ඔන්/ඔෆ් කරන ස්විච් එකට අමතරව පොඩි නොබ් එකක් තියෙනවා හුළඟේ වේගය අඩු වැඩි කරන්න..සහ අනිත් ස්විච් එක අංශක 90 කට ෆෑන් එකේ හෙඩ් එක කරකැවෙන එක ඔන්/ඔෆ් කරන්න..


මේකෙ  ෆෑන් හෙඩ් එක උඩට පහලට හෝ අපි ඉන්න දිශාවට හරවගන්න පුළුවන් වීම තවත් විශේෂත්වයක්...



ලොකුම පහසුව තමයි ෆෑන් බ්ලේඩ් නැති නිසා ආරක්ශාව අතින් උපරිමයි..සුද්ධ කරන්න අන්තිම ලේසියි..ගත්තා පරන රෙදි කෑල්ලක් පිහ දැම්ම..තත්පර පහයි..


මේ තියෙන්නෙ අනිත් ෆෑන් එක්ක බැලුවහම තියෙන වාසි ...

හරි හරි ඉතින් කට්ටිය දැන් ගෙදර තියෙන ෆෑන් ටික බැද්දට විසික්ක කරලා මේ ෆෑන් ගන්න දුවන්නෙපා..මේක සාමාන්‍යයෙන් පොඩි කාමරයකට තමයි හොඳම..සාමාන්‍ය ස්ටෑන්ඩ් ෆෑන් එකක් තරම්ම නම් හුළඟ නෑ වගෙයි කියලයි මට දැනෙන්නෙ..
ඒ වගේම මේකෙන් එන හ්ම්ම්ම්ම්ම් සද්දෙට තාම කන හුරු නෑ.. මේකෙ ගාන නම් රු. 5700/= තාමත්.. 


බලමු මේ ෆෑන් එකවත් දමා ගෙන රෙද්දක් ඇඳන් නිදා ගන්ඩ පුළුවන් වේද කියලා...

එහෙම කොරන්න බැරි උනොත් ජන මත විචාරනයක් වත් තියන්න වේද මන්දා මේ රස්නෙ අස්සෙ රෑට රෑට නිදා ගන්නෙ කොහොමද කියල...


57 comments:

  1. අඩේ එළ භාණ්ඩෙ... මම තවත් කොහෙදි හරි කලින් ඕකක් දැකලා තිබුනා.. නැද්ද ඕවයේ ලොකු සයිස් එහෙම.. සාමාන්‍යයෙන් ලොකු කාමරයකට හරියන..

    මොකකද අර නයාගෙ කතාව.. ඉන්නවද යාලු වෙච්ච නයෙක් හැමදාම යන එන.. නැත්නම් ඌ ඇරිය නයෙක්ද ? :-)

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. තව ප්‍රශ්ණයක්.. මොකද මේ හැමෝම දැන් "ඡායාරූප සහිතයි" කියලා දාන්නෙ.. මාත් දාන්ඩ ඕනා ඊලඟ ලිපියට මාතෘකාව එහෙම.. :-)

      Delete
    2. මාත් කීප තැනකම දැක්ක ඔය "ඡායාරූප සහිතයි" කියන එක... අලුත් මාකටින් ට්‍රික් එකක්ද?...

      Delete
    3. මම හිතන්නේ අර අරුණි ශපිරෝ නිරුවතින් කියන පොස්ට් එකෙන් පස්සේ ආව රැල්ලේ එකක් මේ..

      Delete
    4. නයාගෙ සම්බන්ධෙ එන්නෙ මන් මූනුපොතේ දමපු ඇඩ් පාරකට තමයි..මලයා..
      ආ ජායාරූප තියෙන නිසයි මන් එහෙම දැම්මෙ...

      Delete
    5. ක්සැන්ඩර් ඒ පෝස්ට් එක කීව නිසා මන් බැලුවා ඒත් ඒකෙ ජායාරූප තියෙනවා කිව්වට නෑනෙ..

      Delete
  2. ඔය කිව්වට මට නම් තේරෙන්නෙ නෑ මේක වැඩ කරන හැටි... :)

    ReplyDelete
    Replies
    1. පහල දමලා තියෙන යූ ටියුබ් එකේ වීඩියො එක ඔබට උත්තර දීලා තියෙනවා..

      Delete
  3. ෂාහ් මරු භාණ්ඩේ....මමත් පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනා මේක ගන්න.

    ReplyDelete
    Replies
    1. අබාන්ස් එකේ තියෙනවා..පොඩි කාමරයකට තමයි ගැලපෙන්නෙ..

      Delete
  4. මාර සුකුරුත්තන්නේ අයියාත් හොයාගන්නේ.අලුත් අලුත් බාන්ඩ එනවානේ අපේ කාලේදීත් ඈ.පට්ට

    ReplyDelete
    Replies
    1. ඔව් මන් බලන්නෙම මොනා හරි අමුතු දෙයක් තියේ නම් ඒක දිහා මයි..ඉතින් මාර සුකුරුත්තන්ම තමයි අහු වෙන්නෙ...

      Delete
  5. මමත් පාවිචි කරනව අපේ ඔෆිස් එකේදී මේක සුපිරි භාණ්ඩයක්

    ReplyDelete
    Replies
    1. මෙහෙට ආවෙ නම් ළඟදි තමයි රුචා මන් හිතන්නෙ..

      Delete
  6. අදමයි නේ එක දැක්කේ. ඒ ජාතියේ එකක්. හරියට වැඩි දියුණු කරපු පෙනේරයක් වගේ.

    ReplyDelete
    Replies
    1. මටත් තාමත් දකිනකොට එහෙමයි හිතෙන්නෙ මලයා..

      Delete
  7. දැක්කමයි මෙහෙම බඩුවක් නම්. අප්පෝ දැන්නම් පැලෙන්න රස්නෙයි. අනේ මන්දා මෙහෙමත් ගිනියමක්. මැදපෙරදිග වගේ වේගන එනවද?? මටත් නිදාගන්න ගියාම දහ දුක් විඳින්න වෙනවා නින්ද යනකම් ෆෑන් නැතිනම්. ෆෑන් එකේ අවුලටනම් මම ඉතින් ෆෑන් එක දාගන නෙට් එකත් දාගන්නවා එතකොට ගානට හෙමින් හුළඟක් එන්නේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. http://www.youtube.com/watch?v=8he8afjQyd8&feature=fvwrel

      Delete
    3. ක්සැන්ඩර් ඔබට බොහොමත්ම ස්තූතියි...

      Delete
  8. කිව්වට මොකෝ. මම වැඩ කරන්නේ ගෙදර ඉඳලා නිසා මේ දවස් වල රැ වැඩමුරය කරන්නේ වෙනි අයියා අර නිදාගත්ත විදියට. :) :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි නැත්නම් දාඩිය නිසා නින්ද යන්නෙම නෑ..හොඳයි තනියම ඉන්න නිසා..

      Delete
  9. අලුත ගැජමැටික් පොඩ්ඩ පාවිච්චි කරලා බලලා හොදද කියලත් කියන්නකො ..මේ ගමේ ගොඩේ අපිට කොහෙද ඔව්වා..;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා කමෙන්ට් එකට..මමත් අවුරුදු 18ක්ම ගමේ ගොඩේ තමයි හිටියෙ...එහෙට මේවා තියා ෆෑන්වත් ඕනි නෑ..කොච්චර සනීපදායක හස් කොලන් අස්සෙන් එන හුළඟ ! ඒක නොලැබෙන්න තරම් මම පව් කරලා..ඒකනෙ මේ කොළඹට වෙලා මේ ගැජමැටික් වලින් එන හුළඟට පෙම් බඳින්න වෙලා තියෙන්නෙ... !

      Delete
  10. මරු භාණ්ඩයක් වගේ පේනවා... ඒත් සුපුරුදු විදියට වතුර බේසමක් ලගින් තියාගෙන බාල්කෙ එල්ලලා තියෙන ෆෑන් එක උපරිමේට දාල සැනසෙන එක හොදයි කියලයි මට හිතෙන්නේ.. මොකද මම ෆෑන් දාන්නේ වැඩියෙන්ම මදුරුවො එලවන්න..
    පේන විදිහට මේකේ ඒ ෆන්ෂන් එක නෑ වගේ... ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න එක ක්‍රමයක් එලියට ආවා...මට ඕනිත් මෙන්න මේ ටික මේක කියවන අයගෙන අර ගන්න..ඔබට ස්තූතියි..සීලින් ෆෑන් එකට ඔබ කීව ක්‍රමය ඇර වෙනත් කිසිම හොඳ ක්‍රමයක් මටත් අහුවෙලා නෑ..

      Delete
  11. අලුත් ගැජමැටික් එකක් නේද...?
    භාණ්ඩෙ චයිනා නෙවෙයිනම්...චයිනා එකකුත් එයි ළගදිම....
    එහෙම උනොත් අපිටත් ගන්න බැරියැ.(කිව්වට ඉතින් මෙහේනම් එච්චර රස්නයක් නෑ)

    ReplyDelete
    Replies
    1. සුමිත්ගෙ ප්‍රහාරය කවදා විතරද එල්ල කරන්ඩ බලාපොරොත්තුව ? දැන් ප්‍රහරයන් දෙකක්ම තියනවා..

      Delete
    2. දෙකම හිස් නේද...? එහෙම තමයි මුලින් දෙන ප්‍රහාර

      කොහොමත් තව ටික දවසක් යාවි පෝසට් එකක් දාන්න. මේ දවස්වල වැඩ වැඩියි.

      Delete
    3. මේක මේඩ් ඉන් කොහෙද කියලා ගහලා නෑ..සමහර විට චයිනා වෙන්නත් පුළුවන්..
      අපිත් බලන් ඉන්නෙ සුමිත්ගෙ ඔය ප්‍රහාර එනකම්ම තමයි..

      Delete
  12. වෙනියා නිරුවතින් නිදාගන්න එක අවුලක් නෑ.. ඒත් මට කල්පනා වුනේ අර බුරුසු රැවුලේ හැටියට..

    නියරේ ඔහොමනම් කුඹුරේ කොහොම වෙයිද කියලා....... :D :D :D

    ReplyDelete
    Replies
    1. සිකේ අභියො...ලැජ්ජවෙන් ඇඹරෙමින්....අහකො ඔයි වගේ එව්වා..ෆෝන් එකෙන් මෙතන මේ ගෑල්ලමයිත් ඉන්නවා...කොහෙද අර යෝගට් කන්නත් කමිස කලිසම් ගලවව්ව කෙනාට කොහෙද ලැජ්ජාවක් කියලා එකක්.... :-DD

      Delete
  13. ෂා නියම භාණ්ඩයක් නෙ .......... හුලන් ටිකක් වැදිලා ම බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔව් හර්ශන.. බෑග් එකක උනත් දමා ගෙන යන්න පුළුවන්..

      Delete
    2. මහත්වරුනි, මේ කතා කරන්නේ කුමක් ගැනද?
      ෆෑන් එක ගැනද? නැතිනම් ඒකෙන් හුලං වද්දා ගන්නා වෙනත් භාණ්ඩයක් ගැනද?
      :D.. ඒක මදි. බිපෙහි...ඒකත් මදි ඕයි. LMAO!!!

      Delete
  14. වෙනි අයියා යන යන තැන ඇයි ෆෝන් ඒක ඇදලා වැඩ දානවා හප්පා.. අර ගැල්ලමයා මුකුත් කීවේ නැතෙයි??
    ෆෑන් ඒක නම් නියමම නියමයි.. ගත්තු තැනත් කීවනං.. :D

    ReplyDelete
    Replies
    1. අබාන්ස් එකෙන් ගත්තෙ මල්ලි..මට ඉන්ටනෙට් යන්න තියෙන හොඳම විකල්පය ඔය ෆෝන් එක තමයි..මේ වගේ දෙයක් ගැන ස්ටඩි නොකර සල්ලි දීලා ගන්න බය උනා මල්ලි..ඒ ගෑනු ලමයත් බැලුවා මන් බලපු සයිට් එක..ඒකෙ ඇඩ්‍රස් එක අරගත්තා හිනා වෙවී..

      Delete
  15. වෙනි අයියට සෙට් වෙන්නේ මරු භාණ්ඩනේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දිනේශ් මල්ලි..දැන් හැමෝම එක්ක බෙහ්ඩා හදා ගන්න බ්ලොග් එක තියෙන නිසා සතුටුයි..

      Delete
  16. දැන් දැන් මෙයාගේ අලුත් ගැජට් ලිස්ට් එක පෙන්නනවා වැඩී.
    හැමදාම මොකක් හරි එකතුවෙලා...:D:D:D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත පොකු..අපිට කොහෙද ඔයාට තරම් නිර්මානශීලී හිතක්..ඉතින් මේවයින් ටික කාලයක් ශේප් වෙනවා..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. වෙනදා වගේම මාතෘකාව දැකලා ගැජට් වෙනියගෙ ගැජට් එක බලන්න මේ පැත්තෙ ආපු එවුනුත් ඉන්නවද? හැබැයි අපේ පොර කැමරාවෙන් දාන වැඩ වල හැටියට ලඟදිම අහවල් එකේ close up එකක් දාලා "මේ මොකක්ද? පුලුවන් නම් කියාපල්ලා බලන්න" කිව්වත් පුදුමයක් නෑ!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔන්න යාළුවාගෙන් කාඩ් එකක්....ඒකත් නරක නෑ
      "ගැජට් වෙනි"....;)

      Delete
    2. හිකිස් හෙන්රි අනේ මන් ඔව්ව නම් දමන්නෙ නෑ..ඔය සල්ලි දීල ගන්න එකක් දෙකක් දැම්මත්... :-D

      Delete
  19. මරු ඈ...

    ReplyDelete
    Replies
    1. මාළු ටැංකියකට ගැලපෙන ගැජට් එකක්..

      Delete
  20. කොහොමද දැන් රෙද්දක් ඇඳන් නිදාගන්නවද

    ReplyDelete
    Replies
    1. නෑ.. තාමත් එමමයි ලොකු ජෝන්...

      Delete
  21. පට්ට ගැජට් නෙ වෙනී අයියටත් අහුවෙන්නෙ.

    අර පෝන් එකෙන් ඉන්ටනෙට් යනව වගේ පෙන්නගෙන පෝන් කැමරාවෙන් ගත්ත අර ගෑනු ළමයගෙ පොටෝ ටිකත් මේකෙ දැම්මනං අපිටත් බලාගන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි එච්චරම ෆොටෝ ගන්න තරම්ම ලකයක් නෑ මල්ලි..ඒ හින්දා නිකා හිටිය...

      Delete
  22. නියම භාණ්ඩයක් වගේ....

    ReplyDelete
    Replies
    1. ඔව් නිසුපා..අමුතුම ටයිප් එකේ එකක් නිසායි මාත් ගත්තෙ...

      Delete
  23. මාරයි බං මම එහෙම ෆෑන් එකක් මයෙ ජීවිතේටම දැක්කාමයි ඔය . කොළඹට ඔය තරම් උස්නේ නම් මේ මම ඉන්න ඉර නැගෙන පලාතට කොච්චර රස්නේ ඇතිද කියලා පොඩ්ඩක් හිතලා බලහං . අනේ ඉතින් ඒත් අපිට කොයින්ද පෙති නැති ෆෑන් .. පන්දාස් හත්සීයයි නම් ඉතින් ඕක කොහොම හරි ගත හැකි ඒත් කොහෙන්ද ඕක හොයාගන්නේ ? උඹ ඕක ගත්තේ අබාන්ස් ද සිංගර්ද සොෆ්ට් ලොජික්ද අයියේ ?

    ReplyDelete
    Replies
    1. ගත්තෙ අබාන්ස් එකෙන් මල්ලි, මේක හරි යන්නෙ මගේ වගේ හුන්ඩුවක් තරම් කාමරයකට...සහ මේකෙ හ්ම්ම්ම්ම් සද්දය නම් මට තාමත් ඇල්ලුවෙ නෑ..ඒක හරියට අර වැකුම් ක්ලීනරයකින් එන සද්දෙට සමානයි...

      Delete
  24. මේ කතාව කියෙව්වේ හිනා වෙවී ඒත් මං බැලුවා ෆෑන් එකක් ගන්න මක්කැයි වෙබ් සයිට් පීරන්නේ කියලත්... ෆෑන් එක දැක්කම නම් ආයෙම පෝස්ට් එක මුල ඉඳන් කියෝගෙන ආවා මගැරුණු මුකුත් තියෙනවද බලන්න... පෙති නැති ෆෑන් එකක් මේ දැක්කමයිනේ බොලේ... මම ජනෙල් ඇරං මොන රස්නේ තිබ්බත් නිදාගන්නේ ඔළුවේ ඉඳන් පොරෝගෙන නැත්තං මදුරුවෝ මාව හිස් කරනවා...

    වෙනි අයියට මාර අයිටම් තමා සෙට් වෙන්නේ පට්ට ඈ.තාමත් ප්‍රශනේ පෙති නැතිව හුලං එන්නේ මොකෙන්ද කියලා...

    ReplyDelete
  25. අනේ මන්ද කොහෙන් සොයගන්නවද මේවා . අදමයි මාත් දැක්කෙ .

    ReplyDelete