ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, May 6, 2012

මා දුටු වෙසක්

මෙන්න මෙහෙම වෙසක් සඳ නැග ගෙන එනකොට මාත් ගියා වෙසක් අසිරිය බලන්න..මන් ගියේ ඕන් ලේක් හවුස් වෙසක් කලාපය බලන්න..මෙන්න මගේ කැමරා ඇස ගිය තැන්..


අයිස්ක්‍රීම් දන්සැල වැදපුදා ගත්තා මුලින්ම...
 මේක වෙසක් කූඩු තරඟයක් හැම සැරේම වගේ..











 බැති ගී අහන්නත් ලැබුනා..ටිකවෙලාවකින් ජනප්‍රිය ගායක ගායිකාවො එනව කීවා බුදු බැති ගී ගයන්න..මන් එච්චර වෙලාවක් හිටියෙ නම් නෑ...





 ඒ වෙලාව වෙනකනුත් හදලා ඉවර කර ගන්න බැරි උන කූඩු තිබුනා...

 වාහන පාලනය අතට අරන් වෙහෙස මහන්සිය නොබලා මේ අය දෙන සහාය දැක්කහම...
 අහල පහල තිබ්බ බිල්ඩින් පවා සරසලා තිබ්බෙ හැමදාම වගේ..


 ලේක් හවුස් වට රවුමත් ලස්සනයි..



සිල් පවාරන වෙච්ච ගමන්ම වෙසක් කූඩු බලන්න ආපු තරුණ ගැටයො ටිකක් ඇහැට කනට පේන ගෑණු ලමයි ටිකකට අනවශ්‍ය විහිලු වගයක් කරලා ඒ ගැනු ලමයි එක්ක ආපු අයියලා ටික අර සිල් ඇඳුමින් ඉන්න සෙට් එකට නෙලන්න යනවා...


අනේ මන්දා..


මට හිනා ගියා ඒ සීන් එකට නම් හොඳටම..


කාලෙ වෙනස් තාලෙ වෙනස් අද කාලෙ තරුණ ළමයි ඔන්න ඔහොමයි..හැබැයි සමහරු එන්නෙ වැඩිහිටියන්ටත් උගන්නන්නයි..
ඒ අදහස ආවෙ උපේක්ශාව මැද්දෙන් මිසක් තරහකින් නම් නෙවෙයි..


හෙට ඉරිදා වගේම අනිද්දාත් අපිට නිවාඩු නිසා තව වෙසක් කලාප දෙක තුනක්වත් බලන්න යන්න හිතා ගෙන ඉන්නවා..

41 comments:

  1. ෂහ් ගෙදර ඉඳන් වෙසක් බැලුවා වගේ එල එල... කෝ තොරණ් නෑනේ කූඩු විතරද තිබුනේ.

    අද උදේ 3ට විතර හඳ පට්ට ලස්සනට තිබුනා.වලාකුලක් මිනිහෙක්ගේ පෙනුම එන්න හැදිලා හඳ දෝතට අරං ඉන්නවා වගේ පෙනුමක් තිබ්බේ දඩ බඩ ගාලා ෆෝන් එකෙන් පොටෝවක් ගත්තත් ක්ලියර් නෑනේ.ඕං ඔය වෙලාවට තමා අයියගේ වගේ කැමරාවක් මතක් වෙන්නේ...

    ගෑණු ලමයිට කරන විහිළු අනවශ්‍ය විහිළු ගොඩක් වෙලාවට.මට මතකයි ගිය අවුරුද්දේ තොරණක් බලන්න ඇවිත් ආපු කට්ටියගෙන් පිට තනියම තොරණ දිහා බලාගෙන හිටිය ගෑණු ලමයට අනවශ්‍ය අත පත ගෑම් කොරන්න ගිහිං අම්බානක ගුටි කෑවා කොල්ලෝ සෙට් එකක්.උං තාමත් මරාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ලේක් හවුස් වෙසක් කලාපෙ මේ හරියෙ තොරන් තිබ්බෙ නෑ මල්ලි, අද බලන්න යන හරියෙ නම් අනිවා තොරන් බලනවා..

      Delete
  2. ඊර්ෂයා හිතෙන කතා කියන්න එපා.
    අපිත් වාහන ඇක්සිඩන්ට් කරන් මිනිස්සු කුඩු කරලා වෙසක් බලන්න කලින් අවුරුදු වල ගියා.මේ පාර ගේ අස්සට වෙලා ගස් ගෙම්බෙක් වගේ ඉන්නකොට ගත විතරක් නෙමෙයි හිතත් ලෙඩ වෙලා.
    අනික ඔය රෑට රෑට මේ දවස් වල එලියට යන්න හොඳ නෑලු. වයිරස් එකක් එනවලු. නැතිව අපිට දුක හෙම නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් එහෙනම් පොසොන් එකට පොසොන් සිරිය බලන්න යන්න ඉක්මනට සනීප වෙන්නයි කියලා පතන්නම්.. ඒ එක්කම දැන්මම ප්ලෑන් කර ගන්න ඊළඟ අවුරුද්දෙ වෙසක් පොසොන් කවර් වෙන්න නිවාඩු අරන් ලංකාවට එන්න..එතකොට සේරම හරි !

      Delete
  3. වෙසක් නේද? අර කවුද බුකියේ අහලා තිබ්බා

    අපි වෙසක් සමරන්නේ ඇයි කියලා .... බුදු තෙමඟුලට උත්සවද නිවාඩු දවසේ ගෝල්ෆෙස්ද කියලා :DDD

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙට නම් මටත් හරි උත්තරයක් නෑ වැප්නි මලයා..අනේ මන්දා...ඕවා ගැන හිතන්න තව නාකි වෙන්න ඕනි ඇති නේද ?

      Delete
  4. එල ..
    නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුරේශ් මල්ලි, ඔය ගොල්ලත් වෙසක් බලන්න යන්න ඇතියි කියලා හිතනවා..

      Delete
  5. හොඳට වෙසක් බලලා. මොනවා උනත් කූඩු ටික හරි ලස්සනයි. දැන් අයිස්ක්‍රීම් දන්සැලුත් තියනවද?

    සෑහෙන කාලෙකින් වෙසක් එකකට ලංකාවේ ඉඳලා නෑ.:(

    ReplyDelete
    Replies
    1. ඔව් පොකූ අයිස්ක්‍රීම් දසැල් තමයි වැඩියෙන්ම තියෙන්නෙ..මේ සැරේ වැස්ස නැති නිසා..ඊයෙ රෑ වෙනකම්ම..අයිස්ක්‍රීම් දන්සැල් සහ සිසිල් බීම දන්සැල් වලට හරි සෙනඟ..ඉතින් ඊළඟ නිවාඩුව ගන්න වෙසක් අල්ලලා..

      Delete
  6. මට මැවිල පේනවා වෙනි අයියා අර තඩි කැමරාව මානගෙන පොටෝ ගහනවා.. :))

    ReplyDelete
    Replies
    1. මලයාට නම් මැවිලා පෙනේ..මගේ අතයි උරහිස්සයි තාම රිදෙනවා..අර 7.2 සෝනි point and shoot කැමරාව...හයියෝ සල්ලි...මන් මෙච්චර කල් මේ වගේ කැමරා පාවිච්චි කරන අය ගැන පොඩ්ඩක් ඉරිසියාවෙන් හිතලා බැලුවට..දැන් නම් ඒ අය ගැන පොඩි පහේ දුකක් තමයි ඇති වෙන්නෙ මලයා..

      Delete
    2. හිකිස්... තරමට එපැයි ගන්න. උස්සන්න බැරි ඒව ගත්තම අයියා.. උස්සගෙන ගහන්න බැහැ නොවැ..

      * මම කිව්වෙ කැමරාව ගැන

      Delete
  7. මං හිතුවෙ පොඩ්කාලෙ සීන්එකක් කියල. කමක් නෑ පිංතූර ටික එල. වෙසක් එකට මාත් සිල්ගත්ත.

    ReplyDelete
    Replies
    1. නෑ රාජ් මල්ලි මේ නුදුරු අතීතයෙ ඊයෙ 05 වෙනිදා උනු දෙයක්..

      Delete
  8. වෙසක් කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද නිර්මාණාත්මකව දියුණු වෙන දෙයක් .ඕව බොරු වැඩ කියල කියන අය මේ කලාවන්ගේ අගය නොදන්නා අය . සන්තෝෂයි වෙනි තවම වෙසක් බලලා සතුටු වෙන ඔයා වගේ අය ගැන

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි එක එක වෙලාවක එක එක පාට කන්නාඩි දමා ගත්තත්..මේ වගේ දේවල් බලන්න යනවා මම ඒ සේරම කන්නාඩි පැත්තකින් තියලා..වෙසක් සැරසිලි කරන්න අපි කාපු කට්ට මතක තියෙනවා..බොහොමයක් සියුම් නිර්මාණ දැක්කහම මම බලන්නෙ ඒකෙ නිර්මානකරු දිහා..මට මැවිලා පෙනෙන්නෙ..එයා සහ එයාගෙ අහල පහල හිටි අය..කොයිතරම් නම් වෙහෙසක් වුනාද ඒකට කියන එකයි..

      Delete
  9. අපිව වෙසක් සංචාරයකට අරන් ගිය වෙනියාට පිං.

    අර පොලිස් නිලධාරියා දැක්කම කවුද මතක් වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අදත් යන්න හිතාගෙන ඉන්නවා..තොරන් 2-3ක් වත් කවර් කරන්න ඕනි..
      පොලිසියෙ...හ්ම්ම් හ්ම්ම්...මොකෝ මතක් වෙන්නෙ නැත්තෙ..

      Delete
  10. අපිත් එන්න හිතාගෙන ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි..තව ඈන්ගල් එකකින් කූඩු සහ තොරන් බලන්ඩ බැරියැ එහෙනම්...

      Delete
  11. දැන් ඉතිං අපි යන්න ඕන නැහැනෙ. ගියා වගෙ තමයි.

    ReplyDelete
    Replies
    1. කම්මැලි නැතුව යන්ඩලා අනේ...වැස්සත් නැති එකේ..

      Delete
  12. මමත් ගියා හැම පාරම... ඒත් ඉතින් උඹ දන්නවනෙ මේ පාර බැරි විත්තිය... එලකිරි සහෝ.. අර ගැමියා කිව්ව වගේ පලයන් තොරන් දෙකතුනක් බලන්ටත්...

    ReplyDelete
    Replies
    1. ඔව්..ලබන අවුරුද්දෙ හතර දෙනාටම යන්ඩ පුළුවන් ස්කයි මල්ලිට...

      Delete
  13. අද නම් අනිවාර්යෙන්ම කොළඹ එනවා වෙසක් බලන්ඩ !!!
    ලස්සන පින්තූර ටික වෙනි අයියේ !!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි සුබ ගමන් එහෙනම්..මාව දැක්කොත් කොහෙ හරි කතා කරන්න..

      Delete
  14. වෙසක් ගෙදරටම ගෙනත් දුන්නට වෙනිට බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අදයි හෙටයිත් යනවා සුමිත්..ඒ කියන්නෙ තව පෝස්ට් දෙකක්වත් තියේ..

      Delete
  15. අපෙ ගෙවල් පැත්තෙත් වෙසක් ඔහලින්ම සමරනවා .. හැන්දෑකොරේ මමත් යන්න ඕනෙ තොරනක් බලා කියාගෙන කූඩු දෙකක් තුනක් බලලා එන්න ..

    වෙනියට ඉතින් කැමරාව තියන නිසා කොයිදේ දැක්කත් ඒක හැමදාම තියාගත හැකි

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි පොඩි කැමරා ෆෝන් කට්ටෙනුත් ඒකම කල හැකි කියලා මන් කම්පියුටර් සර් කෙනෙකුට කියලා දෙන්න ඕනිය ආයි සඳරූ මලේ..

      Delete
  16. 2007ට පස්සේ වෙසක් බැළුවේ නෑ වෙනි අයියේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් දිනේශ් මල්ලි ඊලඟ නිවාඩුව ගන්න වෙසක් කාලෙ ළඟඳිම..

      Delete
  17. මමත් අවුරුදු දෙකකින් වෙසක් බලල නැහැ.ගොඩාක් ලස්සන කූඩු තිබිල නේ.

    බලමු ඊළඟ සැරේවත්.

    ReplyDelete
    Replies
    1. ඊළඟ අවුරුද්දෙ එන්න වෙසක් කිට්ටු කරලා..මන් හිතන්නෙ මල්ලි ලංකාවෙ නෙව්යිනෙ ඉන්නෙ..

      Delete
  18. වෙසක් එකට ඔය කෙල්ලෝ ටෝක් කරන්න යන එකනම් ඒ හැටි හොද වැඩක් නෙවේ.. අද්දැකිමෙන් කියන්නේ...

    ReplyDelete
    Replies
    1. අනිවා..ඒ උනාට අපේ කාලෙ වගේම..කොල්ලො කොල්ලොමයි හැම කාලෙම මල්ලි..දුක රණ්ඩු වෙලා ඒවා දුර දිග යන එක..

      Delete
  19. පින් සිද්ද වෙච්චාවේ ..අපිත් ඇස් පුරා වෙසක් සිරි බලා ගත්තා ඔබ නිසා ..

    ReplyDelete
    Replies
    1. තව පෝස්ට් 2-3කින්ම ඉතින් වෙසක් අසිරියම තමයි දෙන්න වෙන්නෙ...

      Delete
  20. හරි ලස්සනයි . අපිත් යන්ට ඕන අද .

    ReplyDelete
  21. නියමයි වෙනි අයියා...ස්තූතියි....

    ReplyDelete