ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, March 29, 2012

ගිය නුවණ - It is generally not sharp itself !




අපි සාමාන්‍යයෙන් සමහර වෙලාවල් තියෙනවා සීමාව පැන්නහම වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව කියන දේවල්.. ඒ වගේ දේවල් අපේ ජීවිතේටම සමහර වෙලාවට හොඳට, සමහර වෙලාවට නරකට හිටිනවා. එහෙම සිද්ධ වෙච්ච වෙලාවකට ඇණයක් උණත් පස්සෙ හිතන වෙලාවල් වල ජීවිතේම හැරවුම් ලක්ෂ්‍යයක් වුණු දෙයක් තමයි මේ..






මට පහු ගිය කාලෙ ඉතින් ඔය කැමරා රාජයෙක් හම්බ උණා නොව..මන් ළඟ තිබුණු පොඩි පොඩි කැමරා එක්ක බලද්දි මේ කැමරාව උස්ස ගෙන ඉන්නත් සෑහෙන කැලරි දහනය වෙන වැඩක් තමයි. ෆොටෝ ගහන්න හොඳයි, ලස්සනයි කියලා හිතෙන සීනරීස් දැක්කත් ඔය ප්‍රශ්නෙ නිසා කැමරාව උස්සගෙන යනවා ටිකක් කම්මැලි වැඩක්ම තමයි..


ඉතින් ඔය කැමරාව එක්කම මට දවස් කීපයක කැමරා භාවිතය පිළිබඳව පුහුණුවක් ලැබුණා. කැමරාව එපා කීවත් මේ අති දුෂ්කර පුහුණුව නම් මග හරින්න කිසිම ක්‍රමයක් තිබුණෙ නෑ.ඉස්සෙල්ලා තිබුණු කැමරාවෙන් බොහෝම ලේසිවට ගත්තා ඇල්ලුවා ගැහැව්වා කියන සරල කම බොහෝම ඈතකට ගිහින් තිබ්බත් මමත් ඉතින් ඔය කැමරාවෙ මැනුවල් එක එහෙම කියවලා දැන් වැඩේ යනවා.. මැනුවල් එක කියවලා ඒකෙ තියෙන විදියටම කරනවා කියන එකත් මහ ලොකු ගේමක් නෙවී..ඒ පාඩමත් ඉවරයි..


ඊළඟට තමයි ආවෙ ගේම ! එක එක වෙලාවලට කියනවා ,


"Ah ! Now This is the best time for a perfect shot , Please take a sharp photo from this angle making all adjustmanets what you learnt so far..."


ෆොටෝ එකක් ගන්ඩ අමාරු අඩු එළිය තියෙන මොහොතවල් වල සහ දුෂ්කර ෆොටෝ ගැනීම ගැන ඔන්න ඔහොම තමයි මට ෆොටෝ ඉගෙන ගන්ඩ උණේ. මට අකමැත්තක් පෙන්නන්නත් බෑ..මොකද මෙච්චර ලොකු තෑග්ගක් දීපු කෙනාගෙ හිත රිදවන්න බැහැනෙ කොහොමත්.. අනිත් භයානකම එක අකමැත්තක් හිතන්නත් බෑ හිතන දේවල් පවා දැනෙන තරම් සමීපතමයෙක් වීම ඊටත් වඩා ලොකු හේතුවක්..ඔහොම පාඩම් දෙක තුනකට පස්සෙ මන් මහන්සිය නිසාම පොඩ්ඩක් ඇල උණා පොඩි නැප් එකකට...මගේ කරුමෙ කියන්නෙ ඒ වෙලාවෙම ජනේලෙ වීදුරුවෙ වහලා සලබයෙක්..ඌ හිතන්ඩ ඇත්තෙ වීදුරුවක් නෙවේ කියලා වෙන්ඩැති. ඕක දැක්ක විතරයි..


"Oh what a beautiful butterfly, please take sharp photo from outside dear"


මොන බටෆ්ලයියෙක්ද ? ඌ සලබයෙක් මතක් කළා සලබයාට කියන ඉංග්‍රීසි වචනෙ එන්නෙම නෑ ඔළුවට


"No no this is not a butterfly it is a kind of moth"


කියලා ෂේප් වෙච්ච මන් කැමරා උපකරණ ටික ලෑස්ති කරන් ගියා එතනට..යකඩෝ ඌ වහලා ඉන්න තැන මගේ උසට වඩා අඩි 2-3ක් උඩ. මොනවා කරන්නද වැඩිය සද්ද බද්ද නොකර පුටුවක් උස්සන් ගිහින් ගත්තා ෆොටෝ 2-3ක් ම.. පුටුව උඩ ඉඳන් එහෙ මෙහෙ වෙන්නත් බෑ හරියටම එළිය වැටෙන පැත්තෙ ඉඳන් ගන්ඩ..
ගන්න ගන්න ෆොටෝ එක බලලා ...


"Oh, this is not sharp enough ! See you cant count its legs !"


හතර පස් පාරක් ගත්තත් ෆොටෝ එක ඔය උත්තරේමයි ලැබෙන්නෙ..
පුටුවක් උඩ නැගලා මේ කැමරාව එල්ල කරන් ඉඳලා අත් දෙකයි උරහිසත් රිදෙනවා. මහන්සිය අස්සෙ මේ කැමර හිලෙන් සලභයා දිහා බලා ඉඳලම ඇස් දෙකත් රිදෙනවා..තව ෆොටෝ දෙක තුනක් අරන් ෂාප් නැහැයි කීවහම මටත් ගන දෙවි නුවන පහළ උණා පොඩ්ඩක්


"Oh,  These photos are sharp. The trouble is this butterfly itself is not sharp" 


උත්තර දීලා ෆොටෝ ගන්න එක නැවැත්තුවා.
හිනා වෙලා මොනා හරි තේරුම් අරගෙන වගේ ඒ පාඩම එතනින් ඉවර උණා කියමුකො..


මේ තියෙන්නෙ ඒ ෆොටෝ සෙට් එකේ වැඩිම ලකුණු දීපු ෆොටෝ එක.. ඒත් ලකුණු 40යි. 






ඔන්න ඔහොම කැමරා ලෙසන් ඉවර වෙලා මට වෙන කරන්න කීව වැඩක් දවස් දෙක තුනක් ම අමතක වෙලා අත පහු උණා.. මෙන්න එනවා SMS එකක් ෆෝන් එකට


This butterfly itself is not sharp :-D


කියලා.. එතකොටයි මට මීටර් උණේ මොකද්ද කියලා.. ඒ වෙලාවෙම අතපසු වෙච්ච වැඩේ ඉවර කරලා දැම්මා. දැන් කැමරාව ගෙනාවට ඕක දමලා තියා ගන්ඩ මට හරි හමන් එකක් නෑ.. කැමරාව අරන් යන බෑග් එකේම තමයි තියලා තියෙන්නෙ..දවස් කීපයක්ම ඔය කියන කැමරා ආරක්ෂක බොක්ස් එකක් බලලා තිබ්බත් මිලදී ගන්න එක අතපහු උණා.. අද උදේම චැට් එකේදි අහනවා,






"Still not buy the humidity control box for the camera ?


"Nope but soon I am gonna buy that"


"Aah this butterfly itself is not sharp"


කියලා ආවෙ නැද්ද උත්තරයක් !


ඒ වෙලාවෙම චෙක් කළා වෙලාව නවයයි කාලයි. ඔෆිස් යන්ඩ  වෙලාව තියෙනවා. ඒ ෂොප් එක එක. මේ වෙලාව ඇරලා. ගියා ගත්තා බොක්ස් එක.. ඒ වැඩෙත් ඉවරයි..


මටම හිනා මතක් වෙනකොට.. මේ වචන සෙට් එක මාව පාලනය කරන හැටි කියලා. ඇත්තටම මේක ගැන වාදයක් ගියානම්..ඒ කීවෙ
දැන් කී දවසක් ඔහොම කිය කියා ඉන්නද ..හැම වැඩේම ඔය වගෙයි කල් දම දමා ඉන්නවා වගේ එකක් කීවනම් එහෙම මගෙත් හිතත් රිදෙනවා.. මමත් මොනවා හරි ම කියනවා..අවසාන ප්‍රතිඵලය දෙන්නම් හිත් රිදවා ගන්නවා..


මේක හොඳ සාර්ථක ක්‍රමයක් තමයි එයා පාවිච්චි කරන..
මමත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා යමක් කරවා ගන්නෙ කොහොමද හිත් නොරිදවා කියලා..
හැබැයි මට එකක් ෂුවර් මගේ ජීවිත කාලෙටම සෑහෙන වාරයක්,


"Aah this butterfly itself is not sharp"


කියන එක අහන්ඩ ලැබෙයි. මට විරුද්ධ වෙන්ඩ බෑ ඒකට.. ඒ මගේම වචන !


ඒ එක්කම මගේ වැඩ අතපසු කිරීමේ නරක පුරුද්දත් නැති වෙලාම යයි.. 


60 comments:

  1. හිතන්නෙ බලන්නෙ නැතුව වැඩ කරනව කියන්නෙ පිස්සු බල්ලෙක්ට පස්සෙන් එන්න දුන්න වගේ තමා. වැඩක් නෑ ඒ ගැන කතා කරල.

    මේ සීන් එක නම් මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත, පිස්සු බල්ලෙක්ගෙ උපමාව නම් හරියටම ගැලපෙනවා..සමහර වෙලාවට හොඳට හිටින වෙලාවලුත් තීයෙනවා මේ වගේ

      Delete
  2. ඔක්කොමත් හරි තමන්ගෙම වචන වලින් තමන්ට ගහද්දිනේ ඉවසන්න බැරි.. අර box එක ගත්තේ කැමරාවටද?

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් ඒ බොක්ස් එකට දමන්න තියෙනවා තව පොඩි කෑල්ලක් ඒක සති 2-3කට සැරය්ක් ප්ලග් කරලා තියලා ඒ බොක්ස් එකට දමන්න ඕනි..ඒකෙන් තමයි Humidity එක කන්ට්‍රොල් වෙන්නෙ..

      Delete
  3. පට්ට භාණ්ඩයක්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සිතුවම්, මටත් තාම කියවෙන්නෙ ඔහොමමයි !

      Delete
  4. මාත් එක්ක ගන්න පොඩි හීනයක් මවා ගෙන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. මමත් මව මවා හිටි හීනයක් නේන්නම් මේ !

      Delete
  5. පස්සෙන් අයින්න කවුරුහරි ඉන්න එකත් වෙලාවකට වාසියක්..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට කියන්නෙ හරී...මටනම් ගොඩක් වෙලාවට ඒක හොඳට මගේ වාසියටමයි හිටින්නෙ !

      Delete
  6. මරු අයිටම් එකක්නේ පිස්සු හැදෙනවා.... මම දැකලා තියෙනවා මේ වගේ කැමරාවකින් ෆොටෝ එකක් ගන්නකොට තව එකෙක් ටෝච් එකක් වන වන යනවා බිත්තියක එතකොට ඒ ෆොටෝ එකේ අර බිත්තියේ ටෝච් එලියෙන් ඇඳපු ඉරි නොකැඩී තීන්තෙන් ඇන්දා වගේමයි පේන්නේ... ආසාවට ගාන බැලුවා ආයේ නම් ගානවත් බලන්නේ නෑ ලක්ෂෙකටත් එහානේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ගැමියා ඒ වගේ ටෙක්නික් හරියට තියෙනවා..තාම මට පුළුවන් නිකම්ම නිකම් ෆොටෝ ගන්න විතරයි..හෙමිහිට හෙමිහිට ඉගෙන ගන්න ඕනි.. ඔව් තරමක් ගනන් මේ කැමරා..වැඩිය ගනන් මේ ලෙන්ස් එක ! අර මැක්‍රෝ කියලා තියෙන ලෙන්ස් වලින් සමහරු අරන් තියෙන ෆොටෝ දැක්කහම ආසා හිතිලා ඒ ලෙන්ස් එකක් බැලුවා..ලෙන්ස් එකම ලක්සෙට කිට්ටුයි !

      Delete
    2. මැක්‍රෝ ෆොටෝ ගහන්න ආසනම් Canon 100mm f2.8 මැක්‍රෝ ලෙන්ස් එක ගන්න...
      ඒක මෙහෙන් ගන්න පුළුවන් රියාල් 2030 කට....
      ලංකාවේ මෙට්‍රොපොලිටන් එකෙනුත් ගන්න පුළුවන් වේවි රු.70,000/- කට වගේ
      ඒ ගාන දීලා ගත්තට පාඩු නැහැ ඒකෙන් ගන්න පුළුවන් ෆොටෝ වල තත්ත්වේ ගැන බැලුවහම....
      මමත් මේ පාර ලංකාවට එද්දී එකක් ගේන්න කියල තමයි හිතාගෙන ඉන්නේ...:)

      මීට අමතරව Canon නොවෙන මැක්‍රෝ ලෙන්ස් (Sigma, Tamron..etc) එහෙමත් තියෙනවා තරමක් අඩු ගාණට, එව්වයේ ෆොටෝ කොලිටි එකත් Canon එකේ ගානටම වගේ තියෙනවා, වෙනසක් නැති තරම්...

      Delete
    3. ඒ මැක්‍රෝ ලෙන්ස් එක 86ක් ලොකු පුතා..පසුවට කල් දැම්මා ..

      Delete
    4. 86,000/- කියලා ගාන කියන්න ඇත්තේ මේ මම කියන Canon 100mm f2.8 ලෙන්ස් එකම තමයි. ඒත් ඒකට එච්චර ගානක් වියදම් කරන්න එපා.
      රට ඉන්න කෙනෙකුට කියලා ගෙන්න ගන්න බලන්න.
      ඇමෙරිකාවේ ඒ ලෙන්ස් එක $579 යි (රු.74,216/-)
      මෙහෙ SR2030 යි (රු.69,385/-)
      ලංකාවෙන් ගන්නවානම් මෙට්‍රොපොලිටන් එකෙන් ගන්න, බොහෝ දුරට 75/- ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි.
      මෙට්‍රොපොලිටන් එකෙන් ගන්නවානම් ගන්න කලින් මට පොඩ්ඩක් කියන්න, යාලුවෙක් හරහා ගාන පොඩ්ඩක් අඩු කරලා දෙන්න පුළුවන්...;)

      Delete
    5. ස්තූතියි ලොකු පුතා මන් ගන්න කොට අනිවා කියන්නම්..යම්කිසි ගානක් අඩු වෙනවා කියන්නෙ ඔය මිල ගනන් ව්ලදි අපිට ලොකු දෙයක්නෙ.. හැබැයි ළඟදිම ගන්න අදහසක් නෑ..
      ගැමියා --ඒ නිසාමයි මේ ගැන කාලයක් හීන මවන්න උනේ..

      Delete
  7. දැන් ඉතින් කැමරාවෙ වැඩ කිඩ කවද්ද අපිට දැක බලා ගන්න ලැබෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු නිවාඩුවට වැඩ පටන් ගන්නවා...

      Delete
  8. මට පේන්නෙ වෙනියට කැමරාවක් පහල වෙලා මදිවට ක්‍රෑෂ් කෝස් එකකුත් පහල වුනා වගේ. තව ටිකෙන් අර ගෙඩි පිටින් හයදාහෙ හ්‍යුමිඩිටි කන්ටෝල් බොක්ස් එකත් පහල වෙනවා ඒ ආකාරයටම. අන්න බලන්න පින්වත්නි පින පස්සෙන් පන්න පන්න පටිසන් දෙන ආකාරය.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ බොක්ස් එක නම් මගේ සල්ලි වලින් ගත්තෙ හෙන් රි

      Delete
  9. මට අකමැත්තක් පෙන්නන්නත් බෑ..මොකද මෙච්චර ලොකු තෑග්ගක් දීපු කෙනාගෙ හිත රිදවන්න බැහැනෙ කොහොමත්.. අනිත් භයානකම එක අකමැත්තක් හිතන්නත් බෑ හිතන දේවල් පවා දැනෙන තරම් සමීපතමයෙක් වීම ඊටත් වඩා ලොකු හේතුවක්..

    මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.. පූසයි රංගයයි කොහෙ ගිහින්ද හැබෑට....

    ReplyDelete
    Replies
    1. මේකටත් ළගදිම "Blog has been removed" බැනර් එකක් වැටෙන පාටයි... ;) අභීත මොකද කියන්නේ????

      Delete
    2. හැංගි හැංගි බැන්දට නටන්න වෙන්නෙ එලියෙනෙ අභියො...

      Delete
    3. නැහැ නාකියා එහෙම වෙන්නෙ නම් නෑ..මට එච්චර කවුරුවත් නෑ..පන්න පන්නා වීවේචනය කරන්න..මහ ජරා විදියට !

      Delete
  10. මරු ආවුදයක් නේ වෙනී අයියා . ආයේ මම උඹව හමු වෙච්ච දාක ඔයි කියන පත සයිස් කැමරා රාජයා ගෙන් මයෙ පින්තූරෙකුත් අරගනිං ඈ ..

    ReplyDelete
    Replies
    1. රවා ගෙන ඉන්න ෆොටෝ මේකට අහුවෙන්නෙ නෑ මලයා... හිනාවුනොත් විතරක් ෆොටෝ එකක් ගතහැකි..:DD

      Delete
  11. කපුටෙක්- තැඹිලි ‍ගෙඩියක්//

    කැමරාවක්- සලබයෙක්/////////

    අනේ මන්දා.. තේරේ..නොතේරේ...
    මොනවා වුනත් විපර්යාසෙ අගෙයි වෙනී අයියා... :) ඔහොම යං.. ඔහොම යං..
    ( හා.. හා.. කළබල වෙන්න කාරි නෑ..
    මම කිව්වේ ෆොටෝ අල්ලන එක ගැනළු.. ;)

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිලා දැන් තමයි දැක්කෙ මල්ලි...

      Delete
  12. මේ වගේ තෑග්ගක්,,පහු ගිය ටිකේ තරු හොටෙල් එකක් අසල ගැවසීම්,මේක නම් ලොකු පෙරළියක්

    ReplyDelete
    Replies
    1. හා හා ඩිලා ... ඩිලා ඒ ගමන් අභිරහස් විසඳන්න ලේස්ති උනාද ?

      Delete
  13. සමහරු ඔහොම තමා උගන්නන්ඩ ගියාම ටොකු ඇන ඇන උගන්නනවා...

    නමයයි කාලටත් යන්ඩ වෙලා තියන ඔෆිස් එක මොකක්ද ? නැද්ද වේකන්සියක් එහෙම :-)

    අර කලින් අභිරහස විසඳුවද..? යන්ඩ ඕනා ඒ පැත්තට බලන්ඩ..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙනා... මාව ශිෆ්ට් කරලා තියෙන්නෙ ඒකයි..
      අභිරහස විසඳෙන්න තාම අර අභීත ගෑනු ලමයගෙ වේකන්සිය ෆිල් උනේ නෑ :DD

      Delete
  14. කම්මැලි වෙන්නේ නැතුව කරගෙන ගියොත් "වන් ඩේ යු විල් අන්ඩස්ටෑන්ඩ් රියල් ෂාප්නස් ඔෆ් ද බටර්ෆ්ලයි".... :))))
    එතකන් අත අරින්න එපා අයියා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..අත හරින්නෙ නම් නෑ..මන් තාම ඉගෙන ගන්නවා ..

      Delete
  15. හොඳ කැමරාවක්. මටත් එකක් ගන්ට කාලේ හරි. ඕකෙන්ද දන්නේ නෑ අර මූනු පොතේ තිබුනු අලුත්ම පින්තූරේ ගත්තේ? :D

    ReplyDelete
    Replies
    1. ගන්න ඊට පස්සෙ වත් බලමුකො පොඩ්ඩිගෙ ෆොටෝ ටිකක්... ආ ඒ ෆොටෝ එක..:DD

      Delete
  16. මාත් හීන බල බල ඉන්නවා ගන්න එකක්... බලමු

    ReplyDelete
    Replies
    1. බල බලා ඉන්න හීන හැබෑ වෙනවා අනිවා !

      Delete
  17. අලුත් කෑමරාවෙන් ෆොටෝ ඩිකක් අරන් දාන්නකෝ ඔයාගෙ මූණු පොතට . අපිටත් බලාගන්න .:D

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එක දෙක දමන්නෙ ඒවා තමයි ගිම්හානි..තාම නිවාඩුවක් ආවෙ නෑ..ෆොටෝ ටුවර් එකකටම !

      Delete
  18. හොඳ හිතවතෙක්. සලබයට ගැලපෙන විදිහට පාඩම උගන්නන්නෙ. ;-)

    ReplyDelete
    Replies
    1. හිතවතියක් නලිනි..ඒ මගේ ජීවිතය !

      Delete
  19. http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s320x320/547604_3365062079240_1049785475_33207238_347219718_n.jpg
    මේ ෆොටෝ එක ගත්තෙත් ඔය කැමරාවෙන් වෙන්ටැ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම ස්වාභාවිකයි, තාත්විකයි නේද ? :DD

      Delete
  20. ඕකට කියන්නෙ ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියල කපනව කියල

    ReplyDelete
    Replies
    1. ඔබා අයියගෙ උපමාව හරියට හරි..

      Delete
  21. අප්පා...මරු භාණ්ඩයක්නෙ...
    අපේ තාත්තත් කැමති වෙයි මේකටනම්.

    ReplyDelete
    Replies
    1. උපන් දිනයක් අල්ලලා අරන් දෙන්න නිසුපා..මෙහෙ මෙට්‍රොපොලිටන් එකේ තියෙනවා ඔර්ජිනල් ඒවා..

      Delete
  22. එච්චර සිරා භාන්ඩයකින් මෙහෙම පොටෝ එකක්ද මචෝ ගත්තේ.. :(

    ReplyDelete
    Replies
    1. සෑම් භාන්ඩෙ සිරා උනාට මන් තාම මැට්ටනෙ මේ ෆීල්ඩ් එකට.. ඒකයි වෙනස..

      Delete
  23. අඩේ එළ භාන්ඩයක්නේ....අර ක්‍රිකට් මැච් කාලෙට ග්‍රවුන්ඩ් එක අයිනේ ඉන්නේ මානගෙන මේවගේ එව්වනේ,,,,

    ReplyDelete
    Replies
    1. ඒ මේවාට වඩා තුන් හතර ගුනයක් කොලිටි සහ මිල අධීක අපිට ලන් කරන්නවත් බැරි ඒවා අෆ්ෆා..ඒවගේ කැමරාවක් නම් හීනයක්ම තමයි ඉටු නොවෙන..

      Delete
  24. මාර කතාවක් අද තියෙන්නේ. කතාව ඇතුලේ තියන අදර්ශේ හරිම වටිනවා. වෙනස්ම ආරක කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ක්සැන්ඩර් ඔබ දැන් ලංකාවෙ නේද ? එහෙනම් අපි හමු වෙමු 22 වෙනිදාට !

      Delete
    2. ඔව් ඔව් ඊයේ මෙහෙට පාත් උනේ. අනිවා 22 එනවා.

      Delete
  25. ඔය වැඩේට අපි කියන්නේ ඌරගේ මාලු ඌරගෙම ඇඟේ තියලා කපනවා කියලා . .. කොහොම නමුත් හිත නොරිදා වැඩක් කර ගන්න හොඳ ක්‍රමයක් . . උත්සාහ කරලා බල්ලන ඕන . ..

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා.. මේ සීන් එකෙදි නම් ඉතින් මට කට උත්තරත් නෑ තමයි..ඒත් බලන්ඩකො මගේ මොලේට නම් මෙහෙම චාන්ස් මීටර් වෙන්නෙම නැති හැටි.. :DD

      Delete
  26. දිස් බටර්ෆ්ලයි තමයි යකෝ බටර්ෆ්ලයි . . . . හැහ්

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිලා දැන් තමයි දැක්කෙ මල්ලි...

      Delete