ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, March 22, 2012

මේ අභිරහස විසඳීමට ඔබේ සහාය අවශ්‍ය හෝරාවයි...

අසෙනිය කුසුම 2012 සාහිත්‍ය මංගල්‍යයේ හොඳම බ්ලොගය සහ හොඳම පුද්ගලික බ්ලොගය සඳහා තේරුණ සඳරූ මලයාගේ හිස් අහසටත් හොඳම වින්දනාත්මක බ්ලොගය ලෙස තේරුණ බුද්ධි මලයාගේ සයිබර්යායටත් මගේ උණුසුම් සුබ පැතුම් පතමි. එලෙසම ඒ සඳහා නාම යෝජනා වූ වීදුරු ගෙවල් ලියන අපේ පූසා මලයාටත් නෙළුම් විලේ බින්දි සොයුරියටත් මගේ හද පිරි සතුට මෙයින් පල කර සිටිමි. 


මේ සියල්ලන්ම මගේ සහෘදයන් යැයි කීමේ භාග්‍යය ලත් මාද වාසනාවන්තය.


===========================================


බැලූ බැල්මට සාමාන්‍ය පොතකි. කොළ අමුණා එය බැඳ ඊට උඩින් ගන කවරයක් දමා ඇත්තේ පොතේ ආරක්ෂාවට විය යුතුයි..






"අනේ ලොකු අයියෙ එහෙනම් මේ පොතත් ඕක එක්කම දියන් හොඳේ"


මේ ඉල්ලීමද ඉතා සාමාන්‍ය එකකි.


"හා මල්ලි ඕක කම්පියුටර් නෝට් එකක්නෙ.. මටත් ඉගෙන ගන්ඩ බැරියැ මේකෙන්"


"ෂාහ් මුතු ඇට වගේ අකුරු කාගෙද ?"


මේ දෙබස එහෙ මෙහෙ වෙමින් දිගට ඇදී ගියේය...






------------------------------------------------------------------
"අම්මපා මන් කෑම එක බල්ලට දානවා දවසක් දෙකක් කියලද හැමදාම පොතක් මූණෙ ගහ ගත්ත ගමන්මයි..මෙහෙ කෑම එක වේලි වේලි තියෙනවා පැය ගාණක්"


ඒ අම්මාගේ කටහඬයි..ඔය එක්කම පොතේ හැටියට නම් සහායට ඩැනී චූටි අක්කාගේ සහ ලොකු අක්කාගේ කටහඬ ඇසිය යුතුයි..


"තේ එක හදලා තිබ්බත් එච්චරයි..නිවිලා ඇල් උණාට පස්සෙ බොන්නෙ ඒකෙ පිරිච්ච කූඹි එක්කමයි.. මොන ලෝකෙද මන්දා ඉන්නෙ?"


නාන්නෙ නෑ..මූණ හෝදන්නෙ නෑ..කක්කුස්සි ගිහින් පස්සවත් හෝධනවද මන්දා"


"සේරම හරි පන්තියෙ වෙනියා අඩු කර ගන්කො අන්න එදාට තමයි මන් ඔය පොත් ගොන්නම ගිනි තියන්නෙ" 


ඒ අයියාගෙ කටහඬයි..


"තාත්තට බොරු ගොත ගොතා කියලා සල්ලි ඉල්ල ගන්නව ඊට පස්සෙ ඒවා පොත් ගන්ඩ කඩවල් වලට පූජා කරනවා." 


ඒ චූටි අක්කායි. 


"ඔව් ඔව් ගිය සතියෙත් තාත්තගෙන් සරුංගල හදන්න ඉල්ල ගත්ත සල්ලි වලින් හදපු සරුංගලයක් නම් නෑ"


ඒ ලොකු අක්කායි..


"කෝ තවම ඉන්නවද කාමරේ?"


"අපි මොනවා හරි කතා කරන්ඩ ගත්තොත් පොත් ටික උස්සගෙන යනවා අර පල්ලැහැ ගල උඩට.. දැන් ගිහින් ඇති"


ලෝකෙ මොනවටත් වඩා වටිනාම වස්තුව වූ පොත් කියවීමට වඩා වැඩි දෙයක් නොවීය.. කිසිදා මගේ පොත් ගීනි දෙවියාට බිලි නොවූයේ මා පන්තියේ පළවෙනියාගෙන් එහෙ මෙහෙ නොවූ නිසාය. ඒ මගේ දක්ෂතාවයක් නොව මා වැනිම මැට්ටන් රාශියකගෙන් යුත් පන්තියක විභාගයට පෙර දින කියවන පොත් ටීකෙන් ගන්නා ලකුණු මත මා හට පළවෙනියා වීම මහ ලොකු කජ්ජක් නොවූ නිසාය නමුත් චූටි අක්කා තම සටන අත් නොහරී. 


"පල වෙනියාගෙන් වැඩක් නෑ අම්මෙ ඇවරේජ් ලකුණු 45යි . ඉතින් වැඩක් තියේයැ..?"


අම්මා දන්නා ඇවරේජයක් නැත.


"යනවා යන්ඩ චූටි අක්කා , පළවෙනියා උණාම ඇති අම්මේ..මේ සැරෙත් මට අලුත් පොත් දහයකට සල්ලි ඕනි පළවෙනියා උණාම හොඳේ"


ෂර්ලොක් හෝම්ස් ගේ පොත් සියල්ලම කීප වතාවක්ම කියවා ඇති මා ,


"තාත්තා ගියා නේද පහළ බුලත් කොරටුවට ?"


"ඇහ්?"


"ඔය සරමේ ලේ... ඒ කියන්නෙ, තාත්තගේ කකුල කූඩැල්ලෙක් කාලා.. කූඩැල්ලො ඉන්නෙ පහළ බුලත් කොරටුව ළඟ තියෙන තණ කොළ වල.. මන් හරි නේද ?"


"අනිනවා ටොක්කක්..පුවක් ගෙඩිය කපන්න ගිහින් ඇඟිල්ල කැපුනා මේන්"


තාත්තා රෙදි කෑල්ලකින් වෙලාගත් ඇඟිල්ල ඔසවා පෙන්වයි. 


අදටත් සිතින් ෂර්ලොක් හෝම්ස් වීමේ අරුමය සිතට ගෙනෙන්නේ මහා චමත්කාර ප්‍රීතියකි..
පසුව ඉංග්‍රීසි උගෙන මෑතකදී කියවූ ඩෑන් බ්‍රවුන්ගෙ සියලුම පොත් මා හට ගෙන ආවේද මහා චමත්කාරයකි. එහි මහාචාර්‍ය රොබර්ට් ලැන්ග්ඩන් නම් ඉතිහාසඥයා තම දැනුම යොදා සංකේත වල අර්ථයන් විග්‍රහ කරමින් රහස් නිරාවරණය කර ගනිමි ලෝකය බේරා ගැනීමේ මහත් වෑයමක යෙදෙන්නේ ඔහු මගේ ලෝකයේ විරුවෙකි..







කීපවතාවක්ම කියවා මෙන්ම චිත්‍රපටයද නරඹා ඇති "Da Vinci Code" හා "Angels and Demons" මෙන්ම Deception Point, Digital Fortress
The Lost Symbol යන පොත් තුනම මා අත තවමත් රැඳෙන්නේ ඉතා ප්‍රීතියෙනි..එවන් පසුබිමක් ඇති මා...හට 


පරිගණක අතැඹුලක් මෙන් දත් එක් සගයකු එසේම පරිගණක පිළිබඳව මෙන්ම පරිගණක චිත්‍ර පිළිබඳ අති දක්ෂයෙකු හට අතින් ලියන ලද සාමාන්‍ය පරිගණක පිළිබඳ පොතකින් තිබිය හැකි ප්‍රයෝජනය කුමක්ද ? මොහොතකට සිතන්න..උසස් පෙල කරන අයකු තවත් එවැනිම අයකුට දෙන්න කියා හෝඩි පොතක් දුන්නොත් ඔබ ඒ පිළිබඳව විමසන්නේ නැද්ද ?


මෙය මහා අභිරහසක්..


ෂර්ලොක් හෝම්ස් හා රොබර්ට් ලැන්ග්ඩන් පැන ආවිත් මා හට පවසයි. මෙය හැකි ඉක්මනින් මා සන්තකයෙන් ගිලි හී යනු ඇත. ඔරලෝසුවෙහි තත්පර කට්ට ටික් ටික් යන හඬින් පැන යන්නේ මාගේ අභිරහස විසඳීමේ කාල සීමාව තත්පරයෙන් තත්පරය ගිලිහී යාදෙමිනි. මා වහා ක්‍රියාත්මක විය යුතුයි..මාගේ ඇඩ්‍රිනලින් හෝමෝනය මා පොළඹවයි. මෙවන් අවස්ථාවක මා හට වගකීම පිළිබඳ මහා කාර්‍යභාරයක් කරට පැටවේ.. කෙසෙල් කොටුවකට පෙරුම් පුරා කල් යල් බලා පැමිණි පොඩ්ඩකුගේ අනාගතය ආරක්ෂා කර ගැනීමේ වගකීම මා මෙන්ම සයිබරයේ සැරි සරන සියල්ලගේම වගකීම නොවන්නේද ? මේ පොත හරහා යන කුමන හෝ රහස් ගොන්න අවසන් වන්නේ කුමකින්ද, එහි පංගු කාරයකුවීමට මටද සිදු වේ...




වහා සම්පුර්ණ පොතම ගෙන අංකිත පිටපත් කර ගබඩා කර ගත්තේ එය පසුව ප්‍රයෝජනවත් විය හැකි නිසාය. ඒ කීවෙ ස්කෑන් කරලා පීඩීඑෆ් කර ගත්තා කියලයි...


අත් කාච කීපයක්ම ගෙන පොතේ පිටු සියල්ලම පරීක්ෂා කරන ලද්දේ.. මා හට පෙනී ගියේ මෙහි සටහන් ලියා තිබෙන ආකාරය පිළිබඳවයි. සැබවින්ම මෙම අකුරු පිරිමි අත් අකුරු නොවේ. මාගේ සිටම මාගේ යහළුවන්ගේ හකුරු වැනි අත් අකුරු දැක ඇති මා හට එය කීමට කිසිදු විශේෂඥ දැනුම අනවශ්‍යයය. 






ඉන් පසු මෙහි ලියා ඇති දෑ පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ අනවශ්‍ය ලෙස "කෘතීම බුද්ධිය" පරිගණකයේ බුද්ධිය" සහ මිනිසා බුද්ධිමත්ද පරිගණකයට වඩා" යන මාතෘකා අනිත් ඒවාට වඩා හයි ලයිට් කර ඇති බවක් පෙනෙන්නේ මන්ද ? එසේම එම පිටුවල තැන් තැන් වල යොදා තිබෙන තරු ලකුණු, හදවත් හැඩයන් සහ විශේෂ සලකුණු සියල්ලම විසඳිය යුතු අභිරහස් රාශියකි. මෙවන් වූ අභිරහස් සංකේත රාශියක් පොත පුරා දැක ගත හැකිය. 


මෙය මට පමණක් තනිව කල හැකි දෙයක් නොවේ.. ෂර්ලොක් හෝම්ස් කථාවල සැමවිටම හෝම්ස්ගේ සහයට වොට්සන් සිටියේය. එම කතා නූතන පරිසරය හා සමපාත නොවන මුත්..ඩෑන්ගේ සියලුම කථාවල සහායට සුරූපී, ගුණවත් නැණවත් අභීත කාන්තාවක් සැමවිටම සිටියාය. 






ප.ළි. - ඉහත නිර්මාණය සඳරූ මලයාට හෝ බුද්ධි මලයාට කිසිම සම්බන්ධයක් නැති බව දහාතේ දිවුරා පොළවේ පස් කා කිව හැක. මී අම්මපල්ලා...

75 comments:

  1. පරීක්ෂනය කරන්න සාධය මදි මා ප්‍රිය මිතුර.. සිද්දිය මා දෑසින් දකින තුරු නිගමන වලට පැමැණිය නොහැකිය.. බලන්න ටයිම්ස් පුවත් පතේ මේ ගැන තියන වැඩි විස්තර මොනවද කියලා..

    අද හවස තියන අමරදේව මාස්ටර්ගෙ ෂෝ එක බලන්න යන්න ඉන්නේ..ඔබ කලින් යොදා ගත් කාර්යයක් නොමැති නම් මා හා එක් විය හැකියි..
    හවසට එද්දි මට දුම්කොල පැකට්ටුවක් රැගෙන එන්න මා ප්‍රිය මිත්‍රයා

    විධිමත් සාධක නොමැතිව සැකකරුවන් උපකල්පනය කරන්න එපා මා ප්‍රිය මිත්‍රයා..

    පරීෂනකයක නිගමනයන් සියල්ල ගෙන විය නොහැකි දේවල් ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන දෙය සැබෑව විය හැකිය..

    ස්තූතියි.. ෂර්ලොක් හෝම්ස් මගේ මතකයට ගෙන ආවට...

    ReplyDelete
    Replies
    1. සාධක තියෙන ටික හොඳටම ඇති පසන් මල්ලි.. මේක ගොඩ දමා ගන්ඩ කෙනෙක් තමයි ඕනි...

      Delete
  2. ඔය උඩ ඉඳල පස්වෙනි පින්තූරෙ මැද ඉන්න සතාගෙ හැටියට නම් අනිවා මෙය ලළනාවනගේ පුස්ථකයක් විය යුතුය. එපමනක් නොව ඇය පෑන අල්ලන්නේ තුඩට ඉතාමත් කිට්‍ටුවෙන් විය යුතුබව අත් අකුරු කොලයේ ගිලී ඇති ගැඹුර හා සැසඳීමේදී පෙනී යයි.

    එමෙන්ම පොතෙහි ඉහල දකුණු කෙළවරේ යොදන ලද අංකයන්හි අත් අකුරු ඇගේ නොවීමට සීයට හැත්තෑපහක අවස්ථාවක් ඇත.

    තාවද ඈ නිතරම උඩබලාගෙන හිඳීමට රුචිකත්වයක් දක්වන වග උඩබලාගෙන හිඳිනා අකුරු වලින් සංඛේතවත් වේ.

    ReplyDelete
    Replies
    1. නවම්ගෙ නිරීක්ශනය සෑහෙන හොඳයි..හ්ම්ම් ඒ පැත්ත තව ටිකක හොයලා දෙන්නකො මල්ලි එහෙනම්..

      Delete
  3. මමත් මේ බලාන ඉන්නේ වෙනියා හදාපු මේ අභිරහස කොහෙන් කෙලවර වේවිද කියලයි ..අනේ අම්මපා !!

    ReplyDelete
    Replies
    1. සඳරුවා මේ අභිරහස අපි විසඳන එක හරි නෑ නේ? :D

      Delete
    2. එහෙම බලන් ඉන්නෙ නැතුව සඳරූ මල්ලි දෙන්නකො මොනා හරි සප් එකක් බොක්කෙන්ම...

      Delete
    3. හා හා එන්ඩ එන්ඩ පූස් මල්ලිත් පොතේ මුල් පිටු ටික මන් ඊ මේලට දමන්නම් එහෙනම්...

      Delete
    4. මුල් පිටුනම් මොනවද වෙනී අයියා! අදාල පුද්ගලයා අපිට පොත් පෙරලන්න නොවැ හැදුවේ! :D

      Delete
    5. යමක් පැහැදිලි වෙමින් තිබේ.....

      Delete
    6. ඔව් පූසා මල්ලි දැක්කනෙ ඒක ගැන අහන කොට මූන රතු උනා.. !

      Delete
  4. මළ මගුලයි, උස්සලා පොලවෙ ගැහුවා වගේ..

    " මේකත් මෑතකදී ආරම්භ උන පර්යේෂණාත්මක බ්ලොග්යක්..ඌ ලියනවට වඩා අපිව උගේ මානසික පරීක්ෂණ වලට යොදාගන්න බලනවා. කාට හරි ඕනනං පර්යේෂණාගාර මීයෙක්වගේ වෙන්න..අන්න තැන ගිහින් උගේ කූඩුවේ ලැග්ගැකි." - මාරයා.

    කතාව ඇත්ත වගේ..

    පොත් කියවන්ඩ ගිහින් මාත් ඔය විදිහටම බැනුම් අහලා තියනවා..පොතක් කියවමින් කෑම කාපු දවස් නිමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා ස්තූතියි.ආවට. හත් අට පොලකින් ඉඳ ගෙන ඉතින් මගේ අභිරහස විසඳන්න ඔය මොලේ පොඩ්ඩක් පාවිච්චි කරන්ඩලකො..

      Delete
    2. මමත් සෙන්න වගේම තමයි. ඉස්සර කාලයක් තිබ්බ කනකොට පොතක් ඕනෙමයි.

      Delete
  5. හෆ්ෆා මේක පුදුමාකාර අභිරහසක් නේ.....

    ReplyDelete
    Replies
    1. එහෙ මෙහෙ වෙච්ච දෙබස් ටික මතක් කරලා ගත්තොත් හසී මොන වගේ නිගමනයකට එන්න පුළුවන්ද ? මේ පොත මගේ අතට දෙන වෙලාවෙ මූනෙ තිබුන බය වෙලා වගේ හැඟීම මතකද ? හ්ම්ම්ම්ම්ම්...

      Delete
  6. මේ මහත් වූ අභිරහස විසඳා හුදී ජනයන් වන අපගේ පහන් සුවය උදෙසා පවසන්නේ නම් මැනවි.

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නෙ නැතුව දෙන්න කිරිපුතා සප් එකක්..

      Delete
  7. සෙන්නාගෙ කතාවම තමයි මටත් කියන්න තියෙන්නෙ... මාත් මීයෙක් වුනාද මන්දා?

    හැබෑටම A & D පොඩ්ඩක් දෙන්න බැරිද කියවන්න...

    ReplyDelete
    Replies
    1. නෝ ප්‍රොබ් A & D දෙන්නම් ඔබ මගේ මූනු පොතේ ඉන්නවද ? නැතිනම් එවන්න රික්වෙස්ට් එකක්..මන් වැඩ කරන තැන එතනින් ගන්න පුළුවන් ඔබට..

      Delete
    2. මූණුපොතේ ඉන්නවා.. මම මැසේජ් එකක් දාන්නම්කො..

      මම ඔය පොත කියවලා නෑ.. මගේ බ්ලොගේට එන හැමෝම ඔය ගැන කියන නිසා හිතුනා පොඩ්ඩක් කියවලා බලන්න..

      මෙතන විසඳන්න දෙකුත් තියනවද?

      Delete
  8. මං ෂර්ලොක් හෝම්ස් පොතක් ගත්තම කියවලා කුතුහලය නිමා කරගන්නේ ආවසානයත් කියවල.ඒ වගේම මේක විසදන්නට ඔබට සහ වොට්සන්ලාට (උප පරීක්ෂකවරු) ඉඩ දීලා අවසානේ බලන්ඤඤං

    ReplyDelete
    Replies
    1. හා නිශාන්, බලන් ඉන්නම එපා, මොලේ පාවිච්චි කරලා මොනා හරි අයිඩියාස් ටිකක් දෙන්න මේකට..

      Delete
  9. සෑහෙන්න කංපනා කලෙමි...සඳරු අයියා සහ බුද්ධි අයියා දෙදෙනාම පරිගණක කප්පිත්තන් බැවින් මෙවැනි නෝට් එකක් ලියනවා යැයි සිතිය නොහැකිය...නමුත් සඳරු අයියාගේ හිත කෙල්ලෙක් හමුවේ ඔකඳ විණි නම් කෙල්ලගේ අම්මාට වුවත් නෝට් ලියා දෙන බව අපි දනිමු....

    මෙහිදී මා දුටු වැදගත්ම කාරණය "බුද්ධි" යන නාමය කීප තැනකම විවිධ අයුරින් ලියා තිබීමයි...

    //"කෘතීම බුද්ධිය" පරිගණකයේ බුද්ධිය" සහ මිනිසා බුද්ධිමත්ද පරිගණකයට වඩා"//

    මට හිතෙන විදියටනම් මේ පොත අයිති විය යුත්තේ බුද්ධි අයියාගේ වෙන්ඩ භාරියාවට විය යුතුය....ඇය කොම්පියුටර් නෝට් ලියන වෙලාවට බුද්ධි අයියා මතක් වීම නිසා බුද්ධිය කියන වචනය විශේෂ කලා විය යුතුයි කියලා මම සිතමි....(බුද්ධි අයියා අවිවාහක යැයි උපකල්පණය කලෙමි)

    ලැබී ඇති සාධක මත කිව හැක්කේ මෙපමණකි පරීක්ෂණ වාර්තා කඩිනම් කරන මෙන් වෙනී අයියාගෙන් ඉල්ලා සිටිමි...

    ReplyDelete
    Replies
    1. උපකල්පන සෑහෙන්ඩ වැරදී..දහ අතේ දිවුරලා කීව ඒවා සලකා බලන්ඩකො NOT එකක් එහෙම දමලා..

      Delete
    2. මලා ඒ කියන්නේ බුද්ධි අයියා බැඳලාද??? හ්ම්ම්ම්ම් සෑහෙන්න හිතන්ට වෙනවා සෑහෙන්න දරුණුයි....හලේ ඉක්මන්ට කවුරු හරි උත්තරේ කියන්ඩෝ

      Delete
    3. බුකියේ තිබුනු ෆොටෝ එකක තිබුනනේ වෙනි අයියා වටේ හිටිය කස්ටිය ගැන...ඕක මතක් කර කර යද්දි 14 පිටුවේ ඉන්න පූසව දැක්කම මට අම්බානක සැකයක් ආවා හොඳේ...මී කේස් එකකුත් තියෙන නිසා පූසව සැකායි....ඒත් ඊට වඩා හිතන්න අමාරුයි අප්පා

      Delete
    4. බලන්ඩ මලයා මූනු පොතේ මෙසේජ් එක...

      Delete
    5. ගැමියා ගම කනවා තව පොඩ්ඩෙන්. බුද්ධියාගේ වෙන්න භාර්යාව කියලා. හම්බෝ අපිනම් නෑ ඔව්වට.

      ඔය ප්‍රශ්නෙට උත්තරේ හොයන්න හොඳම විදිය දැන් මොකුත් නොකර ගිහින් නිදාගන්නවා. ඊට පස්සෙ හෙට හවස්වෙල ඇවිල්ල බලනව අනිත් උන් දාල තියෙන කමෙන්ට් සහ වෙනි රහස්පරීක්ෂකයා දීලා තියෙන උත්තර. ඊට පස්සෙ ඒ අනුව තේරුන්ගන්න උත්සාහ කරනවා වෙනියාට තියෙන අමාරුව.

      දැනට උපක්‍රමශීලීව පසුබහිනවා අර ෆාක්ස් මෝල්ඩර්, එෆ්බීආආයි ඒයිජන්ට් නොහොත් චූටිමහත්තයාවගෙ.

      henryblogwalker the Dude

      Delete
  10. මීයෙක් වුනත් කමක් නැහැ කියල ඔන්න ඔහේ කියෙව්වා . ෂර්ලොක් හෝම්ස් මාත් ආසම කෙනෙක් . වෙනිගේ ලියුම් එන්න එන්නම සංකීර්ණ වෙනවා අප්පා . කුඩල්ලෝ කෑවම රත්නපුර පැත්තේ කඩදාසියක් පුච්චලා ගානවා මතකයි .දැන් උනුත් නැහැ නේද වැඩිය .

    සුබ පැතුමට ගොඩක් ස්තුතියි වෙනි . මේ වචන වලින් සතුටු වෙනවා මන් නම් හුඟක්

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි මන් පහු ගිය කාලෙක ඇහුවා තාමත් කදදාසි පුච්චලා ගානවා..පළිබෝධනාශක නිසා කූඩැල්ලො වඳ වෙලා ගිහින් වගෙයි.. නැතුවාමත් නෙවෙයි..

      Delete
  11. හෆ්ෆේ... මේ අභිරහස..............

    ReplyDelete
    Replies
    1. එන්ඩලා දීනෙශ් දෙන්ඩලාකො සප් එකක් මේක විසඳා ගන්ඩ..

      Delete
  12. මේක විසදලා පෝස්ටුවක් දානවද තව ?

    ReplyDelete
    Replies
    1. නෑ සෑම්, මේක එන එන කමෙන්ට් වලින්ම විසඳෙයි වගේ..

      Delete
  13. සුරූපී, ගුණවත් නැණවත් අභීත කාන්තාවක්

    කවුද ඩෝ අභීත කාන්තාවක් කිව්වේ....

    ReplyDelete
    Replies
    1. ඔය බලකො ඉතින් අභියො උඹ මේ අභිරහස විසඳන ක්‍රියාවලියම වෙන අතකට ගෙනියනවනෙ..මන් මේ පොතේ තියෙන රහස් පණිවිඩ ටික එකින් එක ලිහනවා.. :DD

      Delete
  14. ඔන්න ඔහෙ විසඳලම කියන්න පස්සෙ ඇවිත්ම බලන්නම්

    ReplyDelete
    Replies
    1. කට්ටිය අවස්ථා සම්බන්ධෙ නම් හොයා ගෙන තියෙන්නෙ දැනටමත්..

      Delete
  15. බුද්ධියව ඉන්තේරුවෙන්ම මේකෙන් අයින් කරන්න ඕනා... හුටා යතුරක් තියේ මම හොයා ගන්න උත්සහ කරන්නම්

    ReplyDelete
  16. විශ්ලේෂණ තුලින් නිගමනයකට එන්න උත්සහ කරමි.ඒත් ටිකක් සංකීර්ණයි වගේ වෙනී අයියණ්ඩි

    ReplyDelete
    Replies
    1. ජනරංග ට්‍රයි එකක් දීලාම බලන්න..

      Delete
  17. වටකුරු අකුරු වලින් ලියාපු සෙනෙහෙ කොළ නම් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. සරත්, මේක සෑහෙන සෙනෙහෙකින් තමයි ලියාල තියෙන්නෙ...

      Delete
  18. මම මේ අභිරහස ගැන කල්පනා කලා සුරුට්ටුවක් උරමින්..... මේ අභිරහසේ ආරම්භය තියෙන්නේ පළවෙනි වාක්‍යයේමයි... පටන් ගමු මෙතනින්....

    "අනේ ලොකු අයියෙ එහෙනම් මේ පොතත් ඕක එක්කම දියන් හොඳේ"

    මේ සඳරුගේ වචන, වැරදිලා ආපු බුද්ධිගේ සම්මානෙත් එක්ක බුද්ධිට මේ පොතත් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ,,,,
    අනිවාර්‍යයෙන් බුද්දි අර ඉංග්‍රීසි ඉස්කෝලේ පරිඝණක පාඩමක් පාඩමක් පටන් ගන්න තමයි අර අදිනවා ඇත්තේ.... ඒකට අවශ්‍ය සඳරූගේ පාසලේ ඩොකියුමන්ට් එකක් තමයි මේ... මේ පොත ගොඩාක් අවශ්‍ය වෙන්නේ බුද්දිට නෙවෙයි මැරියන්ට...

    තව ඕන වෙයිද වෙනියෝ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් මිනිස්සු.... සිරාවට අර සුරුට්ටුවෙ වර්ගෙ මොකද්ද? කියුබන් එකක්වත්ද? ඔච්චර හොඳට කතාවක් ගොතන්න පුලුවන් උනේ...

      Delete
    2. මට හිතෙන්නෙ නම් අභියා සුරුට්ටුවක් බොන්න ඕනි වෙලා ඒක මේක පිටින් දමලා කාට හරි කෝල් එකක් දමලා වගෙයි...

      Delete
  19. 'අනේ ලොකු අයියෙ එහෙනම් මේ පොතත් ඕක එක්කම දියන් හොඳේ'
    මෙතන සඳහන්වන 'මේ පොත' මෙහි සඳහන්වන පොත නං 'ඕක' මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේ පොත් හැර තවත් පොත් තිබේද?

      Delete
    2. ඔය අභියා කියලා තියෙන්නෙ මල්ලි,
      නෑ බුද්ධි මලේ..එච්චරමයි...

      Delete
  20. //සියලුම කථාවල සහායට සුරූපී, ගුණවත් නැණවත් අභීත කාන්තාවක් සැමවිටම සිටියාය. //

    අහන්ටත් දෙයක්ද? :D:D:D

    මේ අභිරහස විසඳන්ට හෝම්ස්ට හරි ඩෑන්ටම හරි දෙමු නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මන්ම විසඳන්නම්..තාම එහෙම කෙනෙක්ගෙ සපොර්ට් එක නැති එක තමයි අවුල...

      Delete
  21. ඔය ඉතිං අපේ අභීත හෝම්ස් මහත්තය අපි එද්දි අභිරහස විසඳලත් ඉවරයිනෙ...

    ReplyDelete
    Replies
    1. සිහින මල්ලි අභියා අවස්ථා සම්බන්දෙ හොයා ගත්තා විතරයි..මේ පොතෙ තියෙන් Secret Code ටික තාම Decode කරගන්ඩ බැරුවා..

      Delete
  22. මේක නම් වෙනස්ම මාදිලියේ කතාවක්. ඇත්තටම මාව උස්සල පොලවේ ගැහුවා වගේ, මොකද මට මේ වෙලාවේ මෙච්චර එකක් තේරුම් ගන්න වෙලාව මදි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට එන කතාවක් කීවා නේද එහෙනම් මෙහෙ ඇවිත්ම බලමු නේද ?

      Delete
  23. පිස්සු පීකුදු....ඊළඟ වංගුවෙ චාරුලතා

    ReplyDelete
    Replies
    1. ඉක්මනට වරෙන්කො ඔබා අයියෙ..දැන් අවුරුදු ළඟයි...

      Delete
  24. අප්පෝ...ඔයාලම විසදලා කියන්ට.මට නම් බෑ...

    ReplyDelete
    Replies
    1. කම්මැලි ළමෙක් අෆ්ෆා මෙයා නම්..:DD වැඩ අධිකද නිසූපාට තාමත් ?

      Delete
  25. සුවර් මොකක් උනත් ඔය රතුඇස්කොට් :D

    ReplyDelete
    Replies
    1. නිකන් එහෙම එකක් පෙනී නොපෙනී යනවා කනියා මල්ලියෙ... :DD

      Delete
  26. මේ ගැන කොමෙන්ටුවක් දාන්නත් වෙනිගෙ පරණ පෝස්ටු සූක්ෂමව අධ්‍යයනය කරලා එන්නොනැ ආපහු..(ඒත් එතකොට වෙනී ම මේක විසඳලා තිවුනොත් හොඳයි..)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉක්මනින්ම..විසඳෙන හැඩයි...

      Delete
  27. යහපත් කල්කිරියාවෙන් සිටීම අවශ්‍යව ඇති නිසා ගැටලු නිරාකරණය කිරීමට හැකියාවක් නොමැත.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟදීම හෙලිදරව් වේවී.

    :D:D:D:D

    ReplyDelete
    Replies
    1. සුදු කොඩි උස්සන් ඉන්නෙ.. :DD

      Delete
  28. මෙය සදරුවා විසින් වෙනියාට කියන ලදි.

    පොත බුද්ධියාට වේ.

    ReplyDelete
    Replies
    1. ඔය විසඳලා තියෙන්නෙ...

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. උඹ ගැන කියන්න ප්ලස් පොයින්ට් එකක් තියෙනවා (ඔවු පුදුමයි ඒත් ඇත්තයි). උඹේ මේ බ්ලොග් ලිස්ට් එක හරිම ප්‍රයෝජනවත් වෙනියෝ. උඹ ඔය ඔක්කොම නොකියෙව්වත් (කියවනවා? බොරු නං කියන්න එපා වෙනියෝ) උඹ ඒක ෆුල්ල් ඔප්ෂන් එක්ක එල්ලගෙන ඉන්න නිසා (මම තාම කියන්නෙ බ්ලොග් ලිස්ට් එක ගැන) මම මේක සින්ඩියක් හැටියට නැතිනම් ඉන්ඩෙක්ස් එකක් හැටියට පාවිච්චි කරනවා බං. ඒ කියන්නෙ අනිත් උන් මොනවත් අලුතෙන් ලියලද කියලා බලන්න මම එන්නෙ උඹේ බ්ලොගේට. කාටද ආඩම්බර?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන් රි පහු ගිය කාලෙ කියවන්න අත පසු උනා ටිකක්.. ලියන එක පොඩ්ඩක් කල් දමලා කියවන්න ඕනි..

      Delete
  31. අම්මෝ මේ දවස්වල ඇහෙන්නෙම අභිරහස් කතාමයි..ඉක්මනින් විසදෙයි කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. ඔව් පුංචි කුමාරිහාමි විසඳෙමින් තියෙනවා දැනටමත්...

      Delete
  32. සැක් විතරක්.......... දැන්නේ මේක දැක්කේ............... නැත්තං මං විසඳලා දෙනවා අපූරුවට......... දැන් ඉතිං ගිහින් උඩ තියෙන කොමෙන්ට් ටික කියවලා එන්නං.......... වෙන මොනවා කරන්නද?

    ප.ලි. අපරාදේ අර ඔයා ප.ලි. කෑල්ල දැම්මේ.........

    ReplyDelete
  33. ආහ් බලං ගියහම කවුරුත් විසඳලා නැහැ වගේ නේද?

    මේ කෙහෙල් කොටුවේ චුටි එකා ඒ කාලේ පරිගණක පංති යන කාලේ එයැයිගේ හකුරු වගේ අකුරු වලින් ලස්සනට ලියපු නෝට් එයැයිගේ මැරියන් වෙන්න මැරියන් කාලේ එතුමියගේ මුතුවන් බෝල අකුරු වලින් ලියා දුන් පොතක් විය යුතුය. මටත් තිබෙනා ලෙඩක් ඇයට ද තිබීම අපමණ ප්‍රීතියට කාරණයකි. අනෙකුත් කෝටි ගණනක් වචන ලෝකයේ තිබෙද්දි එකම වචනයක් පමණක් උලුප්පා දැක්වීම එම රෝගයයි. ඒ ගැන වැඩි විස්තර රවා මල්ලී මෙහි පැමිණියහොත් මොනවට විස්තර කර දෙනු ඇත.

    ඉතිං මේ නෝට් පොත පෙර දිනකදී සඳරුගේ ඉගැන්වීම් කටයුතු සඳහා පහසුව තකා කෙහෙල්කොටුවේ චුටි එකා දෙන්න ඇති බවක් පෙනී යන අතර ගත් ‍දෙය නැවත අදාල කෙනා අතට පත්වන ලෙස කටයුතු සැලසීම ඉතා අගනා පුරුද්දකි.

    ReplyDelete