ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 9, 2016

සැදෑ සමය ද ?

නිවසින් එළියට බැස්සෙ යන්නෙ කොහෙද...ගිහින් කරන්නෙ මොනවද කියන එක ගැන කිසිම අරමුණකින් නෙවෙයි ...ජීවිතය ටත් නැති අරමුණ ක් මේ වගේ සැදෑ වක එළියට බහින මට තියෙයිද ?

හිරුත් දවසේ මෙහෙය අවසන් කරලා මුහුදෙ ගිලෙන්නට මොහොතයි..ජීවිතයත් හෙමි හෙමින් මෙහෙය අවසන් කරලා කොයි මොහොතේ මුහුදෙ ගිලෙයිද මන්දා.. හිරු නම් ආයිමත් හෙට උදේ..ආයිමත් හෙට උදේ..නැවත නැවතත් දවසේ මෙහෙය එන එක නිසැකයි..දිවිය අවසන නැවතත් ඒමක් තිබෙනවා කියන්න පුළුවන් නම් කාටද ?

බස් රථයේදී දුටු දසුනින් සිත මේ තරම් නම් කැළඹේයැයි මා කිසිවිටෙකත් සිතුවේ නැත..පෙර යම් දිනයක මගේ දිවියට පැමිණි කුණාටුවක් වන් ඔහු..මගේ ප්‍රිය බිරිය සමග සැගවී ගියේ කොයිබටදැයි මම නොදනී..

"
අපේ දරුවො ගැන හිතලවත් ඔය සම්බන්ධය නවත්තන්න

දරුවන්ගෙ අනාගතය ගැන හිතන්න

මගේ අවවාද වලට කන් නොදුන් ඇය...

"
මම බලා ගන්නම් උන් දෙන්නගෙ අනාගතය "

ජීවිතයේ එකම එක දෙයක් මුළු දිවියම කර ගත් ඇගේ පෙර දිනයක කර්කශ වචන දශක දෙක හමාරක් තිස්සෙම සවනත දැවටෙන්නේ ඊයේ සිදුවීමක් ලෙසය.

"
උන් දෙන්නා වැවේ ගිලුණා නෙවෙයි උඹ උන් දෙන්නව මරා ගත්තා "දහස් වර මා සිතින් මිමිනුවද එය වදන් වලට පෙරලූයේ නැත...

"
මල්ලි ඔය ගෑනිගෙ නාඩගම් අපි නම් දැනන් හිටියා..මල්ලිගෙ හිත රිදෙන නිසා කිව්වෙ නැහැ. නැතිනම් ළමයි දෙන්නා මැරිලා මාස තුනක් යන්ඩ ඉස්සෙල්ලා තව මිනිහෙක් එක්ක යයිද ? "

"
මල්ලි අපි කීප තැනක් බැලුවා..ඔහොම ඉන්ඩ බෑනෙ මල්ලිට"

දික්කසාද යෙන් පසු අක්කා දහස් වර මෙම වදන් පෙළ මගේ සවනත යොමු කරන්නට ඇත..හැම එකාම ඔහොමයි...තව එකත් ඔහොමයි..

එදා මගේ දිවියම උඩුයටිකුරු කල තරුණයා අද මැදිවියේය..නමුත් ඔහුට තුරුලුව සිටින්නේ අනිකෙකි...එතකොට ?????

මදින් මද අන්ධකාරය මෝදු වේ..

මා මෙතනින් නැගී සිටිය යුතුය..

"
මහත්තයා ඔහොම බොන්නෙ ප්‍රශ්න වලට උත්තර හොයන්ඩ නම්..අනේ මන්දා මහත්තයා උපදෙස් දෙන්න තරම් අපි පැහිලා නෑ.."

සැමදා මැදියමේ මා නිවසට ගෙනයන ත්‍රීරෝද රියදුරු ගේ වදන් මගෙ දෙසවන දෝන්කාර දේ..

මිනිසා කෘතීමව සැකසූ විලේ මැද ගොඩැල්ලේ තනිවූ ගස අදුරේ මා දෙස දුකින් බලා සිටිතැයි මට සිතේ..

7 comments:

  1. Replies
    1. මගේ සීතාම්බර කොමෙන්ට් එක මෝඩයින්ට පේන්නැති හින්ද ආයෙ දාන්නං. හැක්..
      එතකොට මේ ළමයි දෙන්න මැරෙන්න ඉස්සරද අර ගෑනු මනුස්සට සම්බන්දෙ ඇති කරගත්තෙ.

      Delete
  2. ඔන්න ඉතින් ඉඳලා ඉඳලා ඇවිල්ල ගැහුවා පොල්ලෙන් ඔලුවට....

    ReplyDelete
  3. උඹ පරණ අවුරුද්ද වෙනුවෙන් ලියපු පෝස්ට් එකක්ද කොහෙද> එතකොට උඹත් අර රවියා වගේ බාගෙට ලියලා නවත්තපු ඒවට මොකද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒව ගැන අහනවට වැඩිය හොඳයි කට වෙනිවැල්ගැට ගහක අතුල්ලගන්න එක. හැක්..

      Delete
  4. හිටපු බිරින්දෑත් සැඳෑ සමය විඳිනවා ඇති නේද

    ReplyDelete
  5. //මිනිසා කෘතීමව සැකසූ විලේ මැද ගොඩැල්ලේ තනිවූ ගස අදුරේ ම මා දෙස දුකින් බලා සිටිතැයි මට සිතේ..//
    මේ ගහ දැක්කාමට මටත් මෙහෙම හිතිලා තියෙනවා..ලස්සන පින්තූරයක් වෙනී..

    ReplyDelete