ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 9, 2016

මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය


දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ...

මට තව හ් එක්ක ශොට් එකක් ඕනි...

මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. 


මට තව එක්කක්...


සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු...


මට තව එක්කම එකක්..


හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්..

ඇයි සර් ඕම බොන්නෙ..හැමදාම..ප්‍රශ්ණ විසඳෙන්න බොනවා නම්..බිව්වහම විසඳෙන ප්‍රශ්ණයක් නෑ සර්..අපි පැහිලා නෑ..සර්ට ඇඩ්වයිස් දෙන්න..ඒත් විනාශ වෙන්නෙ සර් ගෙ ජීවිතේනෙ..

මට ඇති ප්‍රෂ්නයක් නෑ මල්ල්ලිහ්..මට ඇති ප්‍රෂ්නයක් නෑහ්..මට තව එකක්..


ඇයි සර් එහෙනම් මෙහෙම ජීවිතේ විනාශ කර ගන්නෙ


මට විනාෂ වෙන්ඩ ජීවිතයක් නෑ..ඒක විනාෂ කර ගෙන අර පට්ට වේෂි ගියේ..මගෙ ලමයි දෙන්නත් මරා ගෙන.


ඉතින් සර් මැඩම් ගියේ ඇයි ? ඊට පස්සෙ සර් හොයන්ඩ ගියේ නැද්ද ? 


මම්හ්...මොක්කටද ඔය පට්ට වේෂි හොයා ගෙන යන්නෙ ? ඩිවෝස් කරලා දැම්මා...මම දැන් නිදහෂ් ගොයියෙක්..හැක්...හැක්..


මට තව ශොට් එකක්..


හා ඉන්ඩ සර් මම අර ගෙන එන්නම්..


තමුෂෙ බොරුව දාන්නෙ..මේ වෙලාවෙ කොහෙද ඕයි බාර් ඇරලා..


හරි හරි සර් ඉන්ඩකෝ..


මේ තමුෂෙ දන්නවද අද මට බස් එකේ හම්බුනානෙ..අරූ


කවුද සර් අරූ කියන්නෙ ?


අරූ..අර වේෂිගෙ පුතා..මගේ ගෑනි මගෙ එක මදි කියලා පැනලා ගිය වේෂ්ෂිගෙ පුතා


ඉතින් මැඩමුත් හිටියද ඌ එක්ක..ඒකනෙ සර් අද වැඩියෙන් බීලා


මොන මැඩමෙක්ද ඕයි ? ඌ එක්ක හිටියෙ වෙන එකියෙක්..ඒ කියන්නෙ..හොඳ වැඩේ ඒකිට..මට දීපු දුක...මයෙ ළමයි දෙන්නවත් මරා ගෙන..මට දීපු දුක...


ආ එන්ඩ සර්..ඔන්න ගෙදරටම ආවා..කෝ ඔය යතුර දෙන්ඩ..


ආ පර්ස් එක..මල්ලිගෙ  ත්‍රී වීල් එකේ ගාන ගන්ඩ..


එපා සර් සර් හොඳ සිගියෙන් ඉන්න වෙලාවට ගන්නම්..කෝ එන්ඩ..එන්ඩ මම ගත්ත මේ ඉඳියාප්ප ටික කන්ඩ සර්..මම ඉන්නම් සර් කන කම්..


පොඩ්ඩක් ඉන්නවාකො...මම මේ මගෙ කතාව මේකෙ ලියලා දාලා එනකන්..


එහෙනම් සර් ඕක ලියන්ඩ..මම යන්නම්..


සර් කන්නෙ නැතුව නිදා ගන්ඩ නම් එපා..බීලා කන්ඩ ඕනි හොඳට..


මේ මල්ලිහ්..පොඩ්ඩක් ඉන්නවකො..මේ ෆෝන් එකේ ඇති..ඉනෝකා කියලා නම්බර් එකක්..ඒකට කතා කරලා අහනවාකො..මගෙ ගෑණිගෙ සැප දුක...අර මිනිහා  ගෑණිව දමලා ගිහිල්ලා..කොහේ ඉන්නවද දන්නෙ නෑ..ඒ ගෑණි කෑවද බිව්වද දන්නෙත් නෑ ඕයි...
කතා කලේ මම කියලා කියන්ඩ එපා..පට්ට වේෂිගෙ මෝල් අමාරුව සනීප වෙලා..නම් ඒ ඇති මට..එන්ඩ කියනවා මල්ලි ඒ ගෑණිට ආයි ..මට ඒ ගෑණිව ඕනි නෑ..ඒත් මට බෑ..දවෂකට හරි හරි ආදරේ කරපු එකීයෙක් අමාරුවෙ වැටිලා ඉන්නවා දකින්ඩ...


උම්බලා පොඩි උන්...ආදරේ ගැන දන්න මඟුලක් නෑහ්...

17 comments:

  1. හොඳ වියමනක් ලියන්නා

    ReplyDelete
  2. What the hell u are doing?😕 we don't have this much energy to read all ur posts.
    Buha...
    It's nice to see u back weniyo😉

    ReplyDelete
  3. What the hell u are doing?😕 we don't have this much energy to read all ur posts.
    Buha...
    It's nice to see u back weniyo😉

    ReplyDelete
  4. අම්මට සිරි කතාව දිගටම ඇදිලා යනවා නේද ? එළ එළ ඕම යන් ෂර්..ඕම යන්...

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ෂර් ඔහේ අදන්නෙ අර අහිංසක ත්‍රීවීල් කොල්ලවත් අමාරුවෙ දාන්නද?

    මට තව එක්කක්...

    ReplyDelete
  7. මට තව කාලක් දෙන්න....මේක කියෙව්වාම මට හිතුනේ එහෙමයි..වෙනි දිගටම ලියපන්!Aru

    ReplyDelete
  8. වෙනි අයියගේ නැවත පැමිණිම.

    ReplyDelete
  9. ෆෝන් එකෙන් මේක කියවන්ඩ බෑ . අකුරු තොරණක ලයිට් වගේ.

    ReplyDelete
  10. හිතට දැණුන ලියවිල්ලක් ...

    ReplyDelete
  11. මොකක්.. මේ යකා ආයි ලියනවද අමු කැවිල වගේ..

    ReplyDelete
  12. යකෝ මෙහෙම අවංක බාර්මන්ලා වේටර්ලා ත්‍රීවීල් කාරයෝ ඉන්නවනම් හැමදාම බොන්න තියෙන්නේ ඔය පට්ටා වේෂියෝක්කොම අමතක වෙන්න හිටංස්.

    ReplyDelete
    Replies
    1. ++++++++++
      ඉඳියාප්ප මුළ ගියත් මොකද, පර්ස් එකම අතේ.

      Delete
  13. අම්මට සිරි ...
    පට්ට කතාව ඈ..

    ReplyDelete
  14. //.එන්ඩ කියනවා මල්ලි ඒ ගෑණිට ආයි ..මට ඒ ගෑණිව ඕනි නෑ..ඒත් මට බෑ..දවෂකට හරි හරි ආදරේ කරපු එකීයෙක් අමාරුවෙ වැටිලා ඉන්නවා දකින්ඩ...//

    කට බොරු කීවත් දිව බොරු කියන්නෑ කියන්නේ ඕකට තමා..

    ReplyDelete
  15. ෂර්... ඩෝප් පිටිං හරි කමක් නෑ ආපහු ලියනවනං. මොකෝ?

    ReplyDelete