ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, March 25, 2014

පිටරටින් එන බඩු ???



"මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් කැමරාවක් ගෙනත් මේ ගානට දෙන්න ලෑස්තියි වටිනවද අංකල් ?"

අසල්වැසි පුතෙක් දුවගෙන ඇවිත් මගේ ඇහුවෙ ඊයෙ හැන්දෑවෙ..

මටත් තියෙන්නෙ ගැජට් පිස්සුවෙ හොඳම එක හින්දද කොහෙද, අසල්වාසියෙක් හරි, ඔෆිස් එකේ කෙනෙක් හරි, යාළු මිත්තරයෙක් වගේ ම නෑදෑයෙක් හරි මොනවා ජරි ඉලෙක්ට්‍රික් හරි ඉලෙක්ට්‍රොනික් හරි ගැජට් එකක් ගන්නවා නම් බොහෝ වෙලාවලට මගෙන් අහනවා මෙහෙම එකක් තියේ වටිනවද දන්නෙ නෑ නේද කියලා..මමත් පාවිච්චි කරලා තියෙන දෙයක් නම් ඉතින් ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ බඩු ගැන තියෙන හොඳ , නරක ගැන මටත් පොඩි තක්සේරුවක් තියෙනවා..ඒකෙන් මට උදව් කරන්න පුළුවන්..ඒ වගේ මයි මාත් කරන්නෙ මොනා හරි ගැජට් එකක් හම්බ උණහම ඒක වැඩ කරන්නෙ කොහොමද, අවුලක් උණොත් හදා ගන්නෙ කොහොමද කියලා තියෙන පොත් පිංචෙ ඉඳන් අන්තර්ජාලයේ තියෙන විස්තර ඉඩ තියෙන වෙලාවට කියෝලා දානවා.

 ඒ නිසාමද කොහෙද මම මොනා හරි දෙයක් ගැන කියන්ඩ ගියහම අහන කෙනා හරි කෙනී හරි අධිතක්සේරුවක් ගන්නවද මන්දා මම ඒවා ගැන එක්ස්පර්ට් කියලා...අනේ නෑ..මම පොඩ්ඩක් කියවලා තියෙනවා විතරයි..

හැබැයි පුළුවන් තරමෙ හොඳ උපදෙසක් නම් දෙනවා ..

එක සැරයක් මරු වැඩක් උණා. ඔය එල්සීඩී මොනිටර් සහ ටීවී ආපුම කාලෙ..අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් මම ළඟට දුවන් ආවා.

"මල්ලි අර පස්ස නැති මොනිටරයක් අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් රට ඉඳන් එනකොට ගෙනත්, ඒක 20,000 කට දෙන්න හදනවා ගන්නද ?"

පස්ස නැති මොනිටරේ කිව්වෙ අර සීආර්ටී මොනිටරේ වගේ පිටිපස්ස දිගට නැති එකට..ඔය කාලෙ ඔව්වා හරි ගණන්..අපේ ඔෆිස් එකෙත් අයිටී එකේ එකක් නැත්නම් දෙකක් තිබුණා..20,000 කට දෙනවා නම් හොඳයි වගේ අඟල් කීයද අහන්න.

ටික වෙලාවකින් අක්කා කීවා අඟල් 17 කියලා..

මාත් කිව්වා එහෙනම් වටිනවා වගේ පේනවා. අපේ අයිටී එකෙනුත් අහලා බලලම ගන්න..

"අනේ ඒ ගොල්ලන්ගෙ ගණන් බලන්න බෑ මල්ලි"

මමත් පොඩ්ඩක් අන්තර්ජාලෙ ගණන් මිනුම් බලලා අක්කට ඒ ගැන වාර්තාවකුත් දුන්නා. අක්කා ඒ ගානට ඒක අරගත්තා..කාලයක් පාවිච්චි කළා..දවසක්,

"මල්ලි අර මොනිටරේ එන්න එන්නම කලු වෙනවනෙ..තැනින් තැන කලු  ඉරි"

කියල කියපි..

"අක්කෙ දූවිලි වෙන්න ඇති..හොඳට පිහදාන්න"

ප්‍රශ්නෙ තේරුම් නොගත්ත මම එහෙම කිව්වා

"ඕඩිකොලොන් දාලා පිහ දැම්මා මල්ලි ඒත් හරි යන්නෙ නෑ..අර දීපු මල්ලිත් රට ගියානෙ අහගන්න කෙනෙකුත් නෑ..මල්ලිට එන්න බැරිද මේ වීක් එන්ඩ් එකේ"

අක්කා පත්වෙලා හිටි අසරණ තත්වය නිසාම මමත් ගිය ඒ වීක් එන්ඩ් එකේ..

අම්මට සිරි..මොන්ටරේ තැනින් තැන..කලු කලු පැචස් ඇවිත්..හතර කොනේ සුදු වෙලා..එල්සීඩී මොනිටරයෙ ලොකු අවුලක් තියෙන බව පේනවා..

මම කිව්වා අර දීපු මල්ලිට කතා කරන්න කියලා..එයාට කතා කරත් එයා කියලා,

"ඇන්ටිලා කරන්ට් එකට ගහන කොට අවුලක් වෙන්න ඇති, අපේ එක නම් හොඳට වැඩ කරනවනෙ. දෙකම එකට ගත්තෙ. ඇන්ටිලට දුන්නෙත් හොඳම එක තමයි"

කියලා . එකෙන් පස්සෙ අල්ලපු ගෙදර අයත් මඟ අරිනවලු අක්කලා දුටුවහම..

මේක හදවමු කියලා මම අක්කලයෙ ගෙවල් හරියෙ ටීවී සහ පරිගණක මොනිටර් හදන තැන් කීපයකට අරන් ගියා..හැම තැනකම උත්තරේ..

"අනේ මහත්තයා අනික්වා නම් හදන්න දන්නවා..ඕවා මේ ළඟදිනෙ ආවෙ..පාර්ට්ස් ඇත්තෙත් නෑ..හදන්න දන්නෙත් නෑ"

සොරි ඩොට් කොම් කියහන්කො ඉතින්..

ගැරැන්ටියක් තියේ කියලයෑ..

පස්සෙ මමම ගියා යුනිටි ප්ලාසා එකේ පරිගණක කඩේකට රු. 17,000ක් ආයිමත් දීලා වීව්සොනික් මොනිටරයක් ගත්තා අවුරුදු තුනක වොරන්ටියක් එක්ක..ඒ මොනිටරේ තාමත් වැඩ..

අතීතෙ අමතක කරලා දාලා අක්කලා සහ අසල්වාසීන් ආයිමත් සමඟියෙන් ඉන්නවා. අර රු. 20,000 වතුරෙ තමයි..

පිටරට ඉඳන් අර ගෙන එන හැම බඩුවම ඔහොමයි කියන්න නම් බෑ තමයි..

ඔය අවු අස්සෙ තව කතාවක් මතක් උණා...

(හැලපෙ අයියෙ උඹව නම් අහු වෙයකො !)

අර අපේ සුප්‍රසිද්ධ බ්ලොග් කාරයා...ඔව් ඔව් කෑම බීම එහෙම හදන හැටි උණත් දම දමා හිටියෙ..මේ දවස් වල ඡන්ද උණ.. මිනිහා තමයි..එයාට මොකද උණේ..

එයාගෙත් ඔය ඔටුලන්තෙද කොහෙද ඉන්න යාළුවෙක් එහෙන් ටීවී එකක් ගනිද්දි නොමිලේ දීපු කැමරා පොජ්ජක් මෙයාට ලොකු ගාණක් කියලා පොඩි ගාණකට විකුණලා..ඕක ඔය මොකද්ද හොද්දක් හදද්දි ඒකෙ ෆොටෝ එකක් ගන්න ගිහින් හොද්දට වැටිලා..ආයි ඩස්ට් පෲෆ්, වෝටර් පෲෆ් කියලා කැමරා හැදුවට මොන ලෝකෙද හොදි පෲෆ් කැමරා කියලා ජාතියක් හදන්නෙ ආයි ?මෙයාත් මොකද කළේ ගෙනල්ලා තිබ්බ පාන් භාගයක් අරගෙන අර කැමරාවෙ දැව්ටිලා තිබ්බ හොදි එක්ක කාලා..මේ කැමරාව හරි සවුත්තුය..ෆොටෝ ගන්න බෑය..අරක ගත්තහම වදින්නෙ මේකය...කිය කියා කැමරාව ආයි රිටර්න් කොරන්න උත්සාහ කොළත් අනේ පිංවතුණි..ඔටුවොත් එක්ක ඔට්ටු උණු එකෙක්ව කොහෙ තම්බන්නද මෙයාගෙ ගොරකා වලින්...

ඉතින් මම මොකද්ද මේ කිය කියා හිටි කතාව..

ආ අර අසල්වැසි පුතාගෙ ප්‍රශ්නය...

මම කිව්වා 

"පුතා ඔයා හොඳම දේ තමයි යන්න ඔය බ්‍රෑන්ඩ් එක ගෙන්නන්නෙ මෙන්න මේ ගොල්ලො, සෝරූම් එක තියෙන්නෙ මෙතන..එතනට ගිහින් අහන්න ගාන කොහොමද, වොරන්ටිය කොහොමද වගේ දේවල්..ඔයාට ඔය මොඩල් එකම අතපත ගාලා බලන්නත් පුළුවන්..
ඊට පස්සෙ ඔය ලෝකල් වෙබ් සයිට් තියෙන්නෙ කැමරා ගැන..ආන්න ඒවයෙත් ගණන් මිනුම් ගැන බලන්නඅර ඔරිමජිනල් තැන ගාන සහ ඔයා ගෙවන්න යන ගාන අතරෙ මිල රු. 10,000 සහ 20,000 අතරෙ නම්..මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔරිජිනල් තැනින් ගන්න, මොකද ඔයා කොහොමත් ඔය ගාන ගෙවනවනෙ..අර අවුරුද්දක හරි දෙකක හරි වොරන්ටිය හරිම වැදගත්..ඒක ඒ ගානට වටිනවා "

මම දීපු උපදෙස කොහොම භාර ගත්තද දන්නෙ නෑ..ඒත් මගේ පුද්ගලික අදහස නම් දන්න අඳුරන අය රට ගිහින් එනකොට අරන් එන බඩු ගන්න එක ලොකු අවදානමක්. ගන්නෙ ඩියුටි ෆ්‍රී ෂොප් එකකින් නම් අවුලක් නෑ..ඒකට ගැරන්ටියක් ලැබෙනවනෙ...

මොනා හරි උණොත් බ්‍රෑන්ඩඩ් නම් තමයි ඉතින්..පාට්ස් දාන්න යන ගණන් ඇහුවහම..අර අපි සුළු මොහොතක අත් කර ගන්න ලාබෙ ගැන සතුටු වෙන්න නම් බෑ...

මම අන්තිමට කිව්වෙත්..ගන්න නමුත් හොඳට හොයලා බලන්න ඔය ගානටම අපේ ප්‍රසිද්ධ ආයතනයකින් ගන්න පුළුවන් නම් ඒ ඔප්ෂන් එකට යන්න කියලා..

ඔය වගේම සිද්ධියක් වෙලා මගේ ළඟම ඥාති සොයුරකුගෙ පුතෙකුට ඕනි උණා ලොකු කැමරාවක් ගන්න..එයා ෆොටෝ ගැනිල්ල ගැන මහ ලොකු උනන්දුවක් තිබ්බෙ නෑ...ඔය ට්‍රිප් යනකොට වගේ ෆොටෝ ගන්න. ඥාතියෙක් නිසා මම මෙහෙම කිව්වා..

"ඔය වගේ ඩී එස් එල් ආර් කැමරාවක් ඔයාට මොකටද ? මූලිකවම ඔයා ඔය ට්‍රිප් යන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න යන්නෙ ඔය දෙන්න හදන සල්ලි අපරාදෙ නෙවෙයිද ? හොඳ පොයින්ට් ඇන්ඩ් සූට් කැමරාවක් ගන්න"

කියලා.

පස්සෙ මට ආරංචි උණා ඒ අයියා කිව්වලු අපේ අක්කා එක්කම,

"එයාට ඉරිසියා ඇති අපේ පුතා කැමරාවක් ගන්න එකට ඒකයි එහෙම කියන්න ඇත්තෙ" 

කියලා..

ඉරිසියාව කෙසේ වෙතත් මට නම් ඇති උණේ දුකක්..ඉන් මත්තට මම කවුරු හරි මොනවා හරි ගන්න යනවා කියලා මගෙන් උපදෙස් පැතුවොත් ජීවිතේටවත් ඕක අරන් වැඩක් නෑ නේද කියලා නම් කියන්නෙ නෑ..ඒ වෙනුවට කියන්නෙ ඊට ඉහළ භාණ්ඩය ගන්න බැරිද කියන එක තමයි..ඇත්තටම අපි මොනවා හරි භාණ්ඩයක් ගන්න යනවා නම් ඒක ගන්නෙ කොයි තරම් ප්‍රසිද්ධ තැනකින්ද කියන එක සහ වොරන්ටිය හරිම වටිනවා. 

කයිය ගැහුවට එම්සී එකේ පරිගණක කඩේකින් මාව ඇන්දුවා නියමෙට. වයර්ලස් කී බෝඩ් එකයි මව්සයි රු, 11,000 විතර..අරන් මාස හයයි වැඩ නෑ..අරන් ගියා වොරන්ට් කාඩ් එකත් එක්කම..ෂොප් එක එමමයි...වැඩ කරන උනුත් එමමයි..කඩේ නම වෙනස් කොරලා..කාගෙන්ද කියහන්කො වොරන්ටි ඉල්ලන්නෙ ඉතින් ???

ඊට පස්සෙ නම් කඩේ නමත් ප්‍රසිද්ධද බලලා මිස බඩුවක් ගන්නෙ නෑ..ආයි අහන එකත් අහනවා මාස අයකින් විතර එනකොට ඔය ගොල්ලො නම වෙනස් කරලා නැති වෙයිද අර කඩේ වගේ කියලා කඩේ නමම කියලා..එතකොට උන් දන්නවා අපිත් ටිකක් තැම්බිච්ච උන් තමයි කියලා.. 


72 comments:

  1. මම නං මචං, ගෙවල් වල වැඩට කට්ටිය හොයාදීම, බස් වලට කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලා හොයා දීම, මගුල් ජෝඩු කිරීම වගේ කොන්ත්‍රාත් නම් කරන්නේම නෑ. කල හොඳ පස්සෙන් එලවනවා බං. දෙපැත්තෙම අඬෝවැඩියාව අහං ඉන්න ඕනෙ. ඕකත් ඒවගේ තමයි.

    ReplyDelete
    Replies
    1. // ගෙවල් වල වැඩට කට්ටිය හොයාදීම, මගුල් ජෝඩු කිරීම//

      අන්තිම භයානක දේවල් තමයි.

      Delete
    2. අප්පටසිරි ඩූඩ් අයිය මගුලුත් ජෝඩු කළාද. වොරන්ටි ක්ලේම් කරන්න ගිහිල්ල වෙන්නැති අවුල් උනේ. :D

      Delete
    3. ඔය තුනට අහු උනොත් නම් ආත්මයක් නෑ තමයි හෙන්‍රි

      Delete
  2. හැබැයි දැන් එල්ජී සැම්සන්ග් වගේ බ්‍රෑන්ඩ් වලට දෙනව ඉන්ටර්නැෂනල් වොරන්ටි එකක්. එතකොට මෙහෙන් ගත්තත් ලංකාවෙදි වොරන්ටි ක්ලේම් කරතෑකි. හැබැයි ඔය යුරොපියන් හරි ෆාරීස්ට් හරි රටවලින් ගේන ඒවගෙ ඒ පහසුකම මම දන්න තරමට නෑ.

    අනික ඔය ඩී එස් අයි කැමරා. උස්සගන්න බැරි තඩි හොම්බ දිග එව්ව සමහර උන් ගෙනියනව මේ නිකන් මලගෙවල්වලයි, ගෑණු නාන තොටවල්වලයි, පොත් කඩවලයි පොටෝ ගහන්න. ඇත්තටම අපරාදෙ තමයි. මේ ලඟදි මෙහෙ ඉන්න යාලුවෙක්ගෙ දුවෙකුත් අරන් තිබ්බ අලි හොම්බ තීන එකක්. පොටෝ ගන්නෙ සමාන්‍ය එව්ව වගේ ඔටෝ මෝඩ් එකට දාල. මම ඉඳන් කිව්ව තුවක්කුවෙන් වෙඩි තියල මැස්සො මරන එක අපරාධයක් නෙමේද කියල. ගස්සගනෙ ගියෙ...

    ReplyDelete
    Replies
    1. මල ගෙවල් ඩගෑනු නාන තැන් පොත් කඩ ... හොකෑස් ඉන්දික ..

      Delete
    2. ඉන්දික මමත් ඔය ඉන්ටනැෂනල් වොරන්ටිය ඇහුවම කිව්වේ ගත්ත රටේ නම් අවුරුදු දෙකයි පිට රටකට නම් අවුරුද්දයි වැලිඩ් කියලා..

      Delete
    3. ඉන්ටර්නැශනල් වොරන්ටි එක වෙනම ක්ලේම් කරන්න පුළුවන්. පොඩි ගාණක් වැඩිපුර ගෙවන්න ඕනෙ වගෙ මතකයි. (යුරෝපයේ අනිවාර්යෙන්ම අවුරුදු දෙකක වොරන්ටි එකක් දෙන්න ඕනේ.) සාමාන්‍යයෙන් ඉතින් මෙහෙන් බඩු අරන් පිට රටක ගෙනියන එක තේරුමක් නෑ කියලයි මාත් හිතන්නේ. ගන්න ඕනේ දේවල් තියෙනවා ඒත් ඔය ලොකු සයිස් ඒවා හදිසියකදි කැඩුනත් ආපහු ගේන්නයැ වොරන්ටි ක්ලේම් කරන්න.

      Delete
    4. මෙහෙත් සමහර එව්වට ඉන්ටනැශනල් දොරන්ටි එක දෙනවා මෙට්‍රොපොලිටන්ලා ඒසර් ලැප් වලට දෙනවා සුවර්. බූරු බබා නම් ඔහෙඅම ඉන්න නිසා ඔහෙ ඩ්ගෙන වොරන්ටිය මදැයි .. ඔව් පත්තර මල්ලි එහෙම තමයි දෙන්නෙ .

      Delete
    5. ඉන්දික මල්ලි අර ලිස්ට් එක අප්ඩේට කර ගන්න ඔය උඩ තියෙන පොලේදි ගත්ත ෆොටෝ එකත් ඒකෙන්මයි.. තව තියෙනවා :-D

      Delete
    6. දැන්ද ටියුබ් ලයිට් එක පත්තු උනේ :D

      Delete
    7. හොකෑස් ගෑවෙ ඒකනෙ බොල ! මුලින්ම ...:-D

      Delete
  3. ඇත්තටම ඔය රටිං එක එකා ගේන බඩු ගන්න එකනං හරි භයානකයි වොරන්ටි නැති හින්ද. අනික සමහර මොඩල් ලංකාවට එන්නෙත් නැති හින්ද ඒවයෙ පාට්ස් හොයන්නත් අමාරුයි. ඒ නිසා කීයක්හරි වැඩිපුර ගියත් ලංකාවෙ ඩීලර්ස්ලගෙන්ම ගන්න එක අනාගතයට හොඳයි.

    අර ප්‍රසිද්ධ බ්ලොග් කරුව ඔය කැමරාව ගත්ත දවසෙ ඉඳල කළේ ඕක උස්සගෙන හැලි වළං අස්සෙ රිංගපු එකනෙ. ඒක ඉතිං ඔය කැමරාව එයැයිට එවපු අයත් නොදන්නව නෙමෙයිනෙ.

    අනික ඔය කොච්චර ස්ටේට් ඔෆ් ද ආර්ට් ගැජට් තිබුණත් අන්තිමට පිහිටවෙන්නෙ අර A4 GPS වගේ ආදි කාලෙ ඒව තමයි නැද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ වෙනී අයිය අසල්වැසි පුත්තුංට උදව් කරනව වැඩියි වගේ.

      Delete
    2. ඔව් පාට්ස් නැති සීන් එකත් එනවා තමයි..

      Delete
    3. ඉතින් ප්‍රසාත් එන්න අසල්වැසියෙක් විදියට මම උදව් කරන්නම් ඕන්

      Delete
  4. අවමය රු.70000 ක් විතර වියදම් කරල ගන්න DSLR එක ඔය වගේ පොඩි වැඩකට පාවිච්චි කරන එකනං හෙන අපරාධයක් අප්ප..!! :(

    ReplyDelete
    Replies
    1. ඔව් සංචාරකයා ඒක ඇත්ත තමයි. ඒත් ඒක මටම ඇර වෙන කාටවත් කියන්න යන්නෙ නෑ මම නම්..

      Delete
  5. හැබෑට ඔය බ්‍රෑන්ඩඩ් බඩු වල ඔහොම කේස් එකක් තියෙනව තමයි... ඒවට මෙහෙං කෑල්ලක් ගන්න ගියාම ඒ ගානෙං අලුත් එකක් ගන්න පුළුවන්... මගේ ඩීවීඩී ප්ලෙයර් එකටත් ඒ සෙතේම වෙලා තියෙන්නෙ... කම්පියුටරේ තියෙන නිසා ඔහෙ ඒක පැත්තකට දාලා හිත හදං ඉන්නව...

    ඔය සම හරක් ඉන්නව නේද... මොනා හරි දේක හොඳක් නරකක් කියන්න කලින් දහ පාරක් විතර හිතලා පැත්තකට වෙලා කට පියං ඉන්න ඕනෙ සෙට් එකක්... කිව්වට වැඩක් නෑ.. මම ඕක මේ හරකට කලින්ම කිව්ව කියල ඇණගත්තට පස්සෙ කියලා පොඩි ආතල් එකක් ගන්න විතරයි පුළුවන්.. ඒකත් මොකටද ඉතිං...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු ඒ බ්‍රෑන්ඩ් එකේ නම කිව්වහම ඒ ගොල්ලො කියන ගනන් ඇහුවහම කලන්තෙ දානවා. දැන් සමහරු කම්පැටිබල් පාට්ස් දාලා අඩු ගානට හදලා දෙනවා.
      අර සෙට් එක නම්.. මම නම් එහෙම නොකියා උනත් හිතෙන් හොඳ ආතල් එකක් ගන්නවා

      Delete
  6. කතාව ඇත්ත... මගෙ ලගත් රටින් ගෙනාපු සෙටප් එකක් තියෙනවා මෙහෙ පාර්ට්ස් නැති නිසා හදාගන්න බැරිව තියෙන...

    ReplyDelete
    Replies
    1. හදන තැනකින් නිකන් අහලා බලන්න ලෝකල් පාට්ස් දාලා හදන්න පුලුවන්ද කියලා. මගේ යාලුවෙක් වෙන බ්‍රෑන්ඩ් එකකට ලෝකල් පාට්ස් දාලා සෙටප් එකක් හෆ්හා ගත්තා ..

      Delete
    2. තැන් කීපෙකටම අරන් ගියා වෙනි.හැමෝම කියන්නේ එහෙම වගකීමක් ගන්න බෑ කියලයි..

      Delete
    3. කාලෙකට උඩදි මම දන්න මල්ලි කෙනෙක් හිටියා මිනිහා කරන්නෙ ඔය වගේ කැඩිච්ච සෙටප් වල අවුල හොයා ගෙන ඒ අවුලට අදාල පාට්ස් වල විස්තර අර ගෙන මෙහෙ ඔය රේඩියෝ බඩු තියෙන කඩවල් වලින් කෑලි අරගෙන හදනවා..පස්සෙ එයා ඉලෙක්ට්‍රොනික් කරලා මොරටුවෙන් දැන් නම් ඉන්නෙ රට.. ඒ වගේ අය තමයි අප්පා අද ඉන්න ඕනි..

      Delete
  7. එක වතාවක් එකෙකුට ෆෝන් එකක් ගන්න ගිහින් කෑව කට්ටක්. ඊට පස්සෙ නං මෙන්න මේකයි තත්ත්වය කියල දන්න දෙයක් තියනව නම් තේරුම් කරල දෙනව මිසක ඉන් එහා නම් යන්නෙ නෑ. අනික ඕවයෙ ලෙඩ පොඩි වෙලාවක් බලල හොයන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් එහෙම කටු කාලා කාලා තමයි දැන් මෙහෙම හිතන්න පුරුදු වෙලා තියෙන්නෙත් චන්දන.

      Delete
  8. අර ප්‍රසිද්ධ බ්ලොග් කාරයට ගහල තියන මඩ නම් එච්චර සැර නෑ වගේ, A4 GPS එක්ක බලද්දි එව්ව මොනාද :D

    ReplyDelete
    Replies
    1. මල්ලි කියවන්නකෝ අර මගේ පරන ‍රහස් ප‍රීක්ශක කතා තුන කිය්වන්නකෝ ඉන්න බලන්න ලින්ක් එක හොයලා දාන්නම්

      Delete
    2. අහල පහල හිටියා නම් ප්‍රසාට උම්මා එකක් දෙනවා..මම පීසී එකක් ලඟට එනකම් හිටියෙ මේ ලින්ක් එකදාන්න...තැන්කූ..මල්ලි...

      Delete
    3. උම්මා.... හෆොයි... :D

      Delete
    4. හාිතින් දුප්පත් මම වෙන මොනවා දෙන්නද ???

      Delete
  9. වෙනීගේ කතාවට නම් මමත් අත් දෙකම උස්සලා එකඟයි..
    අර ලාබ බඩුවේ හිලක් කියන්නේ කට කහනවට නෙවිනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ ලාබයි ... බාලයි කියන්නෙත් නිකන්‍යෑ !

      Delete
  10. පිට රටින් උනාම මොකෝ බං..බඩුනෙ.....

    මම නම් මට ඕනෙ දෙයක් ගද්දි අනුගමනය කරන්නෙ වෙනස් විදියක්...බොහෝ දෙනා පාවිච්චි කරන සන්නාමයක් හෝ මාදිලියක් මට සැට් වෙන්නෙ නෑ...මම කරන්නෙ හොද ගුණත්වයක් තියෙන වෙනත් මාදිලියක් තෝරා ගැනීම...ඊට පස්සෙ පාවිච්චි කරන අයගෙන් වගේම ජාලෙනුත් සෑහෙන විස්තර හොයා ගන්නවා...ඔරිජිනල් එක සහ බාල එක අදුනාගන්නා අන්දම තමයි හොදටම හොයා බලන්නෙ...මේ සියල්ල ගැලපුනාම...මිලදී ගන්නවා...නරකද මගේ සිස්ටොන් එක...

    ReplyDelete
    Replies
    1. හොදයි මල්ලි ඒත් වැඩිය පාවිච්චි නොකරන බ්‍රෑන්ඩ් ගැන එච්චර නෙට් එකෙන් හොයන්නත් බැහැනෙ.. ලෙනෝවෝ ගත්තෙ ඒකද ??

      Delete
  11. මමත් දන්නා කාලේ ඉඳලා ඉලෙක්ට්‍රොනික් බඩු පිළිබඳව කියවලා/අහලා/දැකලා/අධ්‍යයනය කරලා/ ලබාගත් අබ ඇටයක් තරම් දැණුමෙන් අහන ප්‍රශ්න වලට කඩ කාරයන්ගේ මූණ ඇඹුල් වෙනවා. ඊළඟට මම එම භාණ්ඩට අදාළ විස්තර පත්‍රිකා මුල සිට අගට අග සිට මුලට කියවනවා. කඩ කාරයන්ට පෙන්නන්න බෑ ඒ වැඩේ. උන් ගහපු බොරු අහුවෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක මාත් ගන්න ඉන්න බඩුවට අදාල අත්පොත සහ පත්‍රිකා සියල්ලම අන්තර්ජාලෙන් අරගෙන කියවනවා. ඒකෙන් බලන්න පුලුවන් අපිට ඕනිම දේ තියෙනවද කියලා. බඩු ඇඟේ ගහන්න විතරක් ඉන්න උන්ට මම උගන්නලත් ඇවිත් තියෙනවා මේ ලඟදි HDMI ගැන

      Delete
  12. මිස්ටර් මාර නේ අර කැමරා හොද්ද හදපු උන්දැ? :p
    හපෝ ඔය වගේ කටු ඒමට කාල තියෙනවා :/

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතින් වෙන කවුද !!

      Delete
  13. අනේ බං ගෙවල්වල වැඩට කට්ටිය හොයාදීම මගුල් ජෝඩු කිරීම නං කමක් නෑ කියමුකො,යාලුවෙකුට මෙහෙ ලයිසන් එක ගන්න ඕනෑ කිව්වම මම දන්න ලර්නස් කාරයෙකුගේ නම්බර් එක දුන්නා,දැන් මු මට මාර ඇනයක් වෙලානෙ.අර යකා උගන්නන්න ආවෙ නැතත් මට කතාකරනවා සල්ලි ගත්තත් මට කතා කරනව දෙසැරයක් ට්‍රයල් ගිහිං පේල් වෙලා ලර්නස් කාරය මෙච්චර ගත්ත අච්චර ගත්ත කියා කියා මට කියනව.හරියට මම ලර්නස් එකේ සම අයිතිකාරයා වගේ.
    මීට පස්සෙ නං එකෙකුටවත් උදව් කරන්න යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැලපේ ඇත්තටම ඇයි ලංකාවේ මිනිස්සු මෙන්න මේ වගේ කිසිම සම්බන්දයක් නැති දේවල් වලට ඇණයක් වෙන්නේ. උදව් කරනකම් චුරු චුරුව. ඊට පස්සේ ඒක වෙන විදිය හොඳ නෑ කියන එක. මටත් එපාම වෙලා ඉන්නේ දැන් නම්. නිකම් බොරුවට අපි ස්ට්‍රෙස් අන්තිමට.

      Delete
    2. හෙන්‍රි කිව්ව ලිස්ට් එකේ අත්දැකීම් ඔය තියෙන්නෙ හැලපෙ අයියා.. විශේශයෙන් නෑයින්ට උදව් කරන්න ගියහම වැඩියෙන්ම කන්න වෙන්නෙ... ඔව් බූරු බබා උදව් නොකලහම කියන කතා වෙනයි. කලහම කියන කතා..

      Delete
  14. හැම පිටරට බඩුවම ඔහොම නෑලු හොඳේ... :D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ පොඩ්ඩි මම පාවිච්චි කරන බහුතරයක් මෙහෙ ඒවා නෙවෙයි. සමහර ඒවා මෙහෙ කාලගුනයට ඔරොත්තු දෙන්නෙ නැති එක humidity high ..හැර වෙන අවුලක් නෑ

      Delete
  15. කොහොමත් අපේ අය යම් භාණ්ඩයක් මිලට ගද්දි බලන්නෙ එවලෙ ලැබෙන ලාභය සහනයක් ලෙසයි.පසුව ලැබෙන අසහනය එද්දි බඩු බනිස් වී හමාරයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කෙන්ජි අනෙ අප්පේ ඒ මදිවට ඒ අසහනය සමහරු අහල පහල අයටත් බෙදනවානෙ ..

      Delete
  16. මං ගෙදර ඉන්න කාලෙ ඔය වගේ රට ගිහින් ආපු කෙනෙකුගෙන් අම්මලා ගත්තා පොලිෂර් එකක්... ඒකා ලංකාවෙ ඉන්දැද්දි එක සැරයක් වැඩ කළා... එච්චරම තමයි... ඊට පස්සෙ නම් කවදාවත් ඔහොම කට්ටිය ගේන බඩු ගත්තෙ නෑ...
    අර මොකද හොදි පෲෆ් නැති කැමරාව ගැන කියන්න කලින් හැලප ගොයියට සත්තමක් දාල තියෙන්නෙ.... එයාද කතාව කිව්වෙ...? :D

    ReplyDelete
    Replies
    1. බහුතරයක් එහෙම අහුවෙලා තියෙනවාම තමයි මියුරු,
      හැලපෙ අයියා තමයි මේ කතාවක් ලියා ගෙන යනකොට තුරු ලතා ගොමු තැලිල්ල පුරුදු උනේ..ඒක සත්තමක් නෙවෙයි අනේ..හමු උනහම උම්මා එකක් දෙනවා එච්චරයි ..

      Delete
  17. වෙනියා හරි. මටත් හිතෙන්නේ එන එකෙකුට ඩියුටි ප්‍රි එකෙන් අරන් එන්න පස්සේ සලිලි දෙන්නං කියල කියන එක තමා...අක්කා ගැන එක්කෝ ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා ඒක නම් ඉතින් සුවර්..ගැරැන්ටියක් හම්බ වෙනවනෙ..
      ඇයි අක්කා මොකද ??? කතන්දරයක් හදපියකො ඒකටත් එහෙනම් ! :-D

      Delete
    2. ඕන නෑ ඕන නෑ. ඉහටත් උඩින් කතන්දර තියෙන එකේ...

      Delete
  18. අපේ උන්ගේ මාර ආසවක් තියෙනවා නේ ඕනම වැරද්දක් අනුන් පිට පටවන්න. ඉතින් ඕන දෙයක් ගන්න ගියාම තව එකෙක් අල්ලගන්නවා, මොකක් හරි අප්ෂට් එකක් ගියොත් අරූව මරාගෙන කන්න පුළුවන් නිසා.

    ඒ කාලේ සම හරක් මගෙන් ඇහුවාම, මචං මේ බඩුව මම බඳින්නද කියලා. මම ඕන නම් ගහලා බලලා කියන්නම් කියලා. ඊට පස්සේ මගෙන් අහන්නේ නෑ. මගුල කියන්නෙත් නෑ. වාසි දෙකයි. එකක් ගැරන්ටර් කෙනෙක් නොවීම. අනික මළ මගුලට යන වියදම.

    ReplyDelete
    Replies
    1. හම්මේ මාතලන්ගෙ මොලේ තමයි මොලේ...කොයි අපෙන් අහනවයෑ එකෙක් වත් මම අරකිව බඳින්නද කියලා...ලිහන්නද කියලා නම් අහනවා බන්..ඒකට මක්කැයි කියන්නෙ ???

      Delete
  19. Replies
    1. දැන් කොයි කතාවද හරි ?

      Delete
  20. කෙනෙක් තමන් කරන්න යන දේ ගැන උපදෙස් පැතුවට ඒ උපදෙස් අනුගමනය කරලා මොනාහරි අවුලක් වුන ගමන් ආයෙ එන්නෙ උපදෙස් දුන්නු කෙනා හොයාන. ඒ නිසා මම නම් උපදෙස් දෙන එක අඩුකළා. ඒ වුනාට ගන්න එපා කියන ෂොප් ටිකක නම් කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ට්‍රික් එකත් හොඳා තමයි...

      Delete
  21. රට බඩු අපේ එකාල විකුනනවනම් අවුලක් නැහැ බං..දැන් බං අපේ ගම් වලට සුද්දො සුද්දියොත් එනවනෙ බං පොඩි පොඩි ගැජ මැටික්ස් කුදලගෙන..

    ReplyDelete
    Replies
    1. උමේශ් සමහර විදේශිකයො තමන් පාවිච්චි කරන බඩු ටික මෙහෙ විකුනලා තමයි ආපහු යන්නෙ..සල්ලි නිසාම නෙවෙයි යුරෝපයෙන් එන අය නම් එහෙම කරන්නෙ ඊ අය ආපහු යනකොට ඒව යල් පැනලා නිසා..

      Delete
  22. පස්ස නැති මොනිටරේ ගැන ඔයගෙන්ම ඇහුවේ ඇයි.. ඒ අක්ක ගෙදර ගිහින් කිව්වලු පස්ස නැති මොනිටරේ හොඳයි කියලා ,අර පස්ස නැති කැමරා කාරයා කිව්වා කියලා :D

    ඔයාගේ කැමරාවත් හොදි ප්රූෆ් ද?

    ReplyDelete
    Replies
    1. පස්ස නැතත් හොම්බ දිගයිනෙ ඉවාන් මල්ලි ඒ මදැයි..
      මම උයන හොදි වල ෆොටෝ අල්ලන්නෙ නෑනෙ බන්..

      Delete
  23. ඕවට උපදෙස් දෙන්න යන එක වෙලාවකට සෑහෙන්න භයානකයි කියලා අත්දැකීමෙන්ම දන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඔයාත් රට ඉන්න නිසා ඔය ගැන හොඳ අත්දැකීම් ඇති නේද ?

      Delete
  24. මට ඔය ඉලව් ගැන තියන දැනුම අල්පයි. ඉතින් මගේ තියරිය සිම්පල්. හොඳම නමක් තියන තැනකින්, හොඳම බඩුවක් ටිකක් වැඩිපුර ගෙවල ගන්නවා. එතකොට මම ගොඩ. වෙන කවුරුවත් අමාරුවේ වැටෙන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ සිම්පල් තියරිය නම් ටොප් සෙන්නා. බහුතරයක් කරන්නෙ අරෙගෙම තමයි ඒ උනාට..

      Delete
  25. මගෙත් අදහස රටින් ගෙනාවයි කියල ගන්නවනම් සල්ලිනැතිවුනත් කමක් නැති ගානක එකක් ගත්තට කමක් නැ.ලොකුගානක් වියදම් කරන වැඩක්නම් වොරන්ටිය ගැන බලන්නම වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් මේ සීන් එක ඩී එස් එල් ආර් කැමරාවක් . මම නම් කොහොමත් ඒවගෙ දෙයක් වොරන්ටිය නැතුව ගන්න කියන්නෙ නෑ කාටවත්.. හරිම සියුම් සහ නොසැලකිල්ලෙන්ම පාවිච්චි කරන එකක් නෙ කැමරාව කියන්නෙ..

      Delete
  26. අර හොදි කේස් එක උනේ "මාරයාට" නේද?

    ReplyDelete