මේකත් ඒ වගේ කතාවක්..
මම ලියපු කතා වලින් ගොඩක් අයට මතක තියෙන්නෙ අර කැරපොත්තගෙ කතාව. හමු උණහම එක්කෙනෙක් හරි අහනවා අර කැරපොත්තගෙ සීන් එක ඇත්තද අනේ ? ඒ දැරිවි අයියා එක්ක තාම යාළුද කියලා.. ඒ කතාවම මගේ බොහොමයක් කතා වගේ මනසේ ඇඳුණු එකක් විතරයි. සත්‍ය සිදුවීමක් නෙවෙයි. නමුත් ඒක සත්‍ය සිදුවීමක් වගේ ලියලා ඒ විදියටම අරගෙන ගිය එපිසෝඩ් එකක් තමයි ඒක.
මේක සිද්ධිය මතක් වෙන්න මූලික වෙච්ච දේ උණේ නම් ඊයෙ බස් එකකදි තමයි..
සුපුරුදු විදියට මම හැමදාම ඔෆිස් එන්න නගින බස් හෝල්ට් එකෙන් බස් එකට නැගලා ඊළඟ හෝල්ට් දෙක ඇතුළතදි මට සීට් එකක් හම්බ උණා..ඒකෙ හරි බරි ගැහිලා මමත් ඉඳ ගෙන එනවා. බස් එකට නගින වෛවාරන්න මිනිස්සු දිහා බල බලා..විඩින් විඩේ පාරෙ තාප්ප වල අලවලා තියෙන පෝස්ටර් වල තියෙන හිනා මූණු සහ වැකි කියවා කියවා...එන අතරෙ...අර මේ සැරේ සිහින සයිබර් අවුරුදු උත්සවේ තියන්න සැලසුම් කරලා තියෙන බුද්ධදාස ක්‍රීඩාංගණය ළඟ බස් හෝල්ට් එකෙන් ගොඩක් අය බස් එකට නැග්ගා. ගෙදර තියෙන බෑග් වලින් එකක් ඉතුරු කරලා අනිත් සේරම තමන්ගෙ උරහිස් දෙකේ එල්ලා ගෙන තව ලොකු ෂොපිං කරන ආයතනයක නම ගහපු බෑග් දෙකක් අත් වලත් එල්ලගෙන ඔතනින් බස් එකට නැග්ගා නෝනලා දෙන්නෙක්.. හරියටම ඇවිත් හිට ගත්තෙ මම ගාවින්මයි. විශේෂයක් තිබ්බෙ නෑ ඒකට බස් එකම පිරිලා පොඩ්ඩක් හරි ඉඩ තිබ්බෙ එතන..එතනට මේ දෙන්නා තල්ලු වෙලා ආවා..බෑග් ටික එල්ලා ගෙන මේ දෙන්නා ලොකු ඕපෙකට ලෑස්තිය..
මගේ උකුළෙත් මගෙ ලැපා සහිත බෑගය තිබුණ නිසා මගේ සීමාව ආක්‍රමණය කරන්න කාටවත් ඉඩක් තිබුණෙ නෑ.. නැත්නම් සාමාන්‍යෙන් ගෑනු කෙනෙක් මගේ සීට් එක ළඟ හිටගෙන යනවට මම නම් හරි අකමැතියි. එක හේතුවක් තමා බස් එක ගැස්සෙන පැද්දෙන තාලේ ඒ ගොල්ලොත් වැනිලා එහෙ මෙහෙ වෙලා ඒ ගොල්ලන්ගෙ අංගෝපාංග අපේ උරිස්සෙ හප්පලා ඊට පස්සෙ අපි මහ ලොකු වැරැද්දක් කළා වගේ බෑග් එක අරගෙන ඒ බෑග් එක අපේ උරහිස්සට වදින්න තියාගන්නවා..මොන මල කරුමයක්ද අප්පා..කාගෙවත් බෑග් සමහර වෙලාවට හත් මාසෙකින් දූවිලි පිහලා දාලවත් නැති එව්වා අපේ ෂර්ට් එක ගාගන්න ඕනි අපි ..
නෑ පිරිමි උණත් මම ළඟ හිට ගෙන ඉන්නවට කැමති නෑ..සමහරු ඉන්නවා උවමනාවෙන්ම තමන්ගෙ තුන් කූට්ටම අපේ උරහිසේ තියා ගෙන යන්න හදන...
ඒත් සෙනඟ පිරිච්ච බස් එකක ඔය සිද්ධීන් දෙකම ඉවසගෙන යන්න වෙනවා..ඒක පුරුදු වෙලා දැන් නම්..
ඊයෙත් මේ නෝනලා ඩබල දැන් කතාව..බස් එකේ තාලෙට එහෙන් හැප්පෙනවා...මෙහෙන් හැප්පෙනවා..අර බෑග් එක්කම මම ඉන්න සීට් එකේ ඇන්ද අල්ලන් ඉන්නවා බෑග් දෙක තුනක් මගේ දනිස්ස උඩ..තව ටිකක් උරහිස්සෙ..සෙනඟ පිරිලා හින්දා මාත් මෛත්‍රී මෝඩ් එක තවත් පළල් කර ගෙන එනවා..
ඔහොම ගිහින් බත්තරමුල්ලෙන් මේ දෙන්නා බහින්න හදන ගමන් මට හින්ට් එකක් පාස් කරා..
"මනුස්සකමටවත් උස්ස ගෙන ඉන්න බෑග් එකක් අරගන්න පුරුදු වෙලා නැති හැටි නේද මෙයා?"
ඕක ඇහෙන කොටම මම ඔළුව උස්සලා බාපු නිසා මම දුටුවා අරෙහෙම කීව නෝනා ඔළුවෙන් මාව පෙන්වමින් තමයි කීවෙ..
මමත් ඒ ඩබලට ඇහෙන්නම කීවා..
"බෑග් තියන්න තමයි රැක් එකක් ගහලා තියෙන්නෙ"
කියලා.
නමුත් මනුස්සකමට මම කරපු දේ වැරදියි තමයි. මට තිබ්බෙ ඒ දෙන්නා අපහසුවෙන් දරා ගෙන ආපු බෑග් ටික අරගෙන මගේ උකුල උඩ තියා ගෙන ඉඳලා බහින කොට දෙන්න. ඕකට සල්ලි වියදන් වෙන්නෙත් නෑ..කොහෙන්වත් ගෙවෙන්නෙත් නෑ
ඒත්..
මම කියන්න යන මේ කතාව උණේ මට නෙවෙයි උණත් මගේ සුපුරුදු ශෛලියෙන් ම මම ලියන්නම්..
සාමාන්‍යෙන් මම ඔෆිස් ඇරිලා යන වෙලාව 4.45 සහ 5.00 උණාට එදා කෙටි නිවාඩුවක් දමලා එළියට බැස්සෙ යන්න තිබිච්ච අත්‍යාවශ්‍ය ගමන් කීපයක් නිසාමයි.. සාමාන්‍ය ඔෆිස් ඇරෙන වෙලාවට බස් එකේ ඇඟිල්ල ගහන්න ඉඩක් නොතිබුණත් මේ වෙලාව එච්චරම බස් එකේ සෙනඟ හිටියෙ නෑ. නමුත් බස් එකේ ඉඳගෙන යන්න ඉඩ තිබුණෙ නෑ. මට නැගපු තැනින්ම සීට් එක හම්බ උණ නිසා හොඳට ඉඳ ගෙන ගියා..
සැරින් සැරේ එක් කෙනෙක් දෙන්නෙක් බස් එකට නගිනවා බහිනවා..එක තැනකින් මැදිවියේ මැද වගේ ඉන්න ගෑනු කෙනෙක් බස් එකට නැග්ගෙ තමන්ගෙ අත් දෙකේම බෑග් දෙකක් එල්ල ගෙන..මටත් තව පැය එකහමාරක් විතර යන්න තියෙන නිසා සීට් එක දෙන්න උවමනාව තිබුණත් දවසේ උදේ කාලයෙ අධිකව වෙහෙසිච්ච නිසා ඒ අදහස අත හැරලා ඇගේ බෑග් ටික මගේ උකුලට ගත්තා..මට පොඩ්ඩක් නින්ද යාගෙන වගේ එනකොට..ඒ වෙනකොටත් බස් එකේ මැදට වගේ ගිහින් හිටපු අර මනුස්සයා බහින්න මගේ උකුළෙ තිබ්බ බෑග් දෙකත් ඉල්ලගෙන ඉස්සරහට ගියා.. ඊළඟ හෝල්ට් එකේ හරි ඊළඟ එකේ හරි එයා බහින්න ඇති..එච්චරයි..මම ආයිමත් පොඩ්ඩක් ඇස් දෙක පියා ගත්තා..බස් එක ක්ෂණයකින් තිරිංග තද කරපු නිසා හැමෝම ගැස්සිලා ගිහින් විමසිලිමත් උණා මොකද උණේ කියලා,
"පොඩ්ඩක් නවත්ත ගෙන ඉන්න"
කියලා මහ හඬින් කියපු හැඩි දැඩි තරුණයො දෙන්නෙක් බස් එකේ සෙනඟ පීරා ගෙන බස් එකට නැග්ගා.
"කවුද ඇන්ටි මනුස්සය කවුද "
පස්සෙ හැරිලා අහපු තරුණයගෙ පිටි පස්සෙ හිටියෙ මම අර බෑග් ඉල්ල ගෙන ආපි ගෑනු කෙනා,
එයා මාව පෙන්නුවා.
"මහත්තයා ලැජ්ජා නැද්ද කලිසනුත් ඇඳගෙන හොර වැඩ කරන්න? හොඳ හිතින් දීපන් මේ ඇන්ටිගෙ බෑග් එකෙන් උස්සපු ෆෝන් එක"
බස් එකට ඇහෙන්න කෑ ගහමින් අර තරුණයො දෙන්නා මා දිහාවට එනවා..සේරම බස් එකේ අයගෙ ඇස් මා දිහාවට යොමු වෙලා
"මම ගත්තෙ නෑ..මේ තියෙන්නෙ මගේ ෆෝන් එක"
ව්මතියෙන් තුෂ්ණිම්භූත වෙලා...ලැජ්ජාවෙන් මිරිකෙමින් මම මගේ ෆෝන් එක ඒ අයට පෑවා..
"මේකද ඇන්ටි?"
එක තරුණයෙක් මගේ අතින් උදුරා ගත්ත ෆෝන් එක ඒ ගෑනු කෙනාට පෑවා..
"නෑ මේක නෙවෙයි"
"හංගා ගෙන ඇති. පෙන්නපන් උඹේ බෑග් එකයි සාක්කුයි"
මේ තරුණයො දෙන්නගෙ අශීලාචාර වදන් හමුවේ මෙවර නම් මගේ ලැජ්ජාව වෙනුවට කෝපය ඇවිස්සුනා..
මම නිවැරදීයි..ඒත් හදිස්යෙන්වත් ෆෝන් එක බෑග් එකේ ඇරිලා තිබ්බ පොකට්ටුවකින් බිමටවත් වැටිලා තිබ්බොත් මගේ තත්වය තවත් ශෝචනීය වෙනාව මිසක් සහනයක් නොලැබෙන බව තේරිච්ච නිසා..මම කටහඬ අවදි කළා මෙහෙම.
"මම ෆෝන් එක ගත්තෙ නෑ. මම හොරෙක් නෙවෙයි. ඔය දෙන්නා ෆෝසස් වලද ? එහෙම නම් මම මනුස්සකමට මගේ බෑග් සාක්කු චෙක් කරන්න දෙනවා. කවුරුවත් ෆෝසස් වල කෙනෙක් මේ බස් එකේ ඉන්නවද ?"
තරුණයො දෙන්නා පොඩ්ඩක් පසු බෑවා.. කවුරුවත් නැති පාටයි..
"අල්ලන්න ඉස්සරහ පොලිසියට බස් එක"
බස් එකේ හිටිය කෙනෙක් කීවා.
"ඒක හොඳයි"
මාත් කිව්වා.
"අපිට පරක්කු වෙනවා . ඔය ඇන්ටිගෙ ෆෝන් නම්බර් එක දෙන්න අපි ඒකට කෝල් එකක් අර ගමු. එතකොට තියෙන තැනකින් රින්ග් වෙයිනෙ"
මම ළඟ හිටිය අසල්වාසී තරුණය කීවෙ ඔහු අත තිබෙන ෆෝන් එක ක්‍රියාත්මක් කරමින්..
තමන්ගෙ බෑග් එකේ තිබ්බ පරණ පොතකින් මේ ගෑනු කෙනා නොම්බරේ කියෙව්වා..
මම වෙච්ච ඇබැද්දියෙන් තාමත් ගැහෙනවා..
"ෆෝන් එක රින්ග් වෙනවා"
කියුව තරුණයා තමන්ගෙ ෆෝන් එකේ ස්පීකර් මෝඩ් එකට දමා ගත්තා..
එහා පැත්තෙන් ඇමතුමට පිළිතුර දුන්නෙ තරුණියක්..
"කවුද ඔය ? අපි මේ නැතිවෙච්ච ෆෝන් එකක් හොයනවා"
අර තරුණයා විමසුවා..
"මේ නම්බර් එක නම් අපේ අම්මගෙ..දැනට නම් අම්මා ගෙදර නෑ. ටවුමට ගියා ෆෝන් එක අමතක වෙලා"
ඊට පස්සෙ වෙච්ච දේවල් වලින් මොන විදියකින්වත් මගේ මනුස්සකම බස් එකේදි ඉස්මතු වෙන්න ඉවහල් උණේ නම් නෑ.. මිනිස්සු හිතව්වදෙන් බස් එකේදි මම හරි අමනූස්යෙක් කියලා..බෑග් එකක්වත් අරගන්නෙ නැති..ඒක වැඩිය වටිනවා නිකන් හොර නාම ගා ගන්නවට වඩා..
මටම නොඋණත් මගේම සහෘදයෙක් මුහුණ පාපු මේ සිද්ධිය මගේ ජීවිතේටත් මම බොහොම ලං කර ගෙන...බස් වලදි බෑග් අරගෙන මනුස්සකම පෙන්වන්ඩ මම නම් අදටත් යන්නෙ නෑ..
කවදා හරි මිනිස්සු තේරුම් ගනියිනෙ...ඕනිම බස් එකක දෙපැත්තෙ උඩින් රාක්ක දෙකක් තියෙන්නෙ ඉට්ටැයිල් එකට නෙවෙයි..බෑග් තියන්ඩයි කියලා..
Correct Weni. (Come back later) Sinhala is not here
ReplyDeleteහා දේශකයා ගිහින් එන්නකො එහෙනම් !
Deleteමේ වගේ සිද්ධියක් ගිය සතියේ උනා බං බස් එකේදි.
Deleteත්‍රිවිල් එකක ආපු බුවෙක් බස් එකට නැගල ටවුමෙන්. ටික දුරක් යද්දි වීල් පහක් විතර හයියෙන් ඇවිල්ල බස් එකට හරස් කරල නැවැත්තුවා. නවත්තල හැඩිදැඩියෝ පස් දෙනෙක් විතර බස් එකට නැග්ගා යකඩ පොලු අරගෙන. ඊට පස්සේ බස් එක නවත්නං ඉදපං කියල ඩ්‍රයිවර්ට කියල උන් මුළු බස් එකම චෙක් කරා. ඒත් අහු උනේ නෑ. අපි දන්නෙත් මොකක්ද කියල. හරි සමාවෙන්න ටවුමට වීල් එකේ ආපු බුවෙක් විල් කාරයාගේ පෝන් එක උස්සලලු. මිනිහ මේකට ලු නැග්ගේ. ඒක නිසා සර්ච් කරල තියෙන්නේ. හැක්. අරූ අහු උනා නං ඉතිං එතන මරණයක්..
ඔව් අප්පා නීතිය ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය බිඳ වැටිලා හින්දා මිනිස්සු නීතිය අතට අරගෙන..නිසි ක්‍රියාදාමයකින් තොරව වැරදිකාරයා තීරනය කරන එක අසාධාරනයි..අහිංසකයො කීයක් නම් මැරුනද ? ඉස්සරහටත්..
Deleteඒක තියෙන්නේ ඉට්ටයිල් එකටද කියලා ඇහුවම මට පොඩි කාලේ අහපු ලමා කතන්දරයක් මතක් උනා........
ReplyDeleteඒ කෑල්ල ගත්තෙ එතනින් තමයි මයියා..
Deleteෆෝන් එකේ සිද්ධිය අහද්දි දුක හිතුණා. මිනිස්සු ඔහොම තමා උදව් කරන අය තමා මුලින්ම සැක කරන්නේ...ඒ හන්දා හොඳ වැඩේ අර බෑග් ටික ගත්තේ නැති එක. ඔච්චර වියදම් කරපු එකේ එයාලට ටැක්සි එකක් අරන් ගෙදර යන්ට තිබ්බනේ....
ReplyDeleteඔව් පොඩ්ඩි උදව් කරන්න එන අය තමයි මුලින්ම සැකයට භාජනය වෙන්නෙ..ඒකනෙ අර ෆෙයාර් ටැක්සියක් ගන්න තිබුනනෙ ඒ අයට
Deleteඅයියෝ වෙනි අයියටයි ඔයාගේ යාලුවන්ටයි වෙන වැඩ .....
ReplyDeleteඕවා මිනිස්සුන්ට වෙන වැඩ තමයි අනේ
Deleteඅපොයි මමනම් ඔතනින් නවතින්නේ නැහැ. එතන ඉඳන් බස් එක පොලීසියට ගෙනිහින් ඉතුරු ක්‍රියාමාර්ග ගන්නවාමයි. අරවගේ එවුන්ට පාඩමක් උගන්වන්න.
ReplyDeleteඒ උන් දෙන්නා ඒ ගෑනු කෙනා බැහැපු තැන හිටි ත්‍රී වීල් කාරයයි තව එකෙකුයිලු.. මගේ යාලුවා එහෙම ඔව්වා ඇද ගෙන යන එකෙක් නෙවෙයි විචාරක..මමත් ගත්ත කටටම කිව්වෙ උඹට කල අපහාසෙට පොලිසි යන්නයි තිබ්බෙ කියලා..ඒක එතනින් ඉවරයි උන් සොරි කිව්වා..මම හිනා වෙලා ඔහේ හිටියා කියලා මිනිහා කිව්වා...
Deleteමටත් හිතුනේ එහෙම කළානම් හොඳයි කියලා..
Deleteමගේ යාළුව අහිංසක පොරක් බන්..අරුන් දෙන්නා උනත් තව හය හතරෙ පොරක් උනා නම් ඔහොම කතා කරන්නෙ නෑ..
Deleteඅනේ මන්දා හැම මිනිහාම ඉතින් ඔය වගේ නෑනේ. ඒ හින්දා මම නම් බෑග් එකක් ගන්නවා. ගොඩාක්ම ඉස්කෝලේ යන අයගේ. අපි බස් එකේ යද්දී කාපු මතක හින්දාමයි. ඒත් අර වගේ පිස්සු වාත කේස් හින්දා මිනිහෙකුට එහෙම දෙයක් කරන්න එපා වෙනවා තමයි
ReplyDeleteඉස්කෝලෙ යන ලමයින්ගෙ බෑග් නම් මමත් ගන්නවා. ඒත් යක්ශයා වෙන කෝනෙක්ගෙ බෑග් එකක් ගන්න හිතන කොටම හිත පතුලටම කා වැදිච්ච මේ සිද්ධිය තමයි මුලින්ම මතක් වෙන්නෙ..නිකන් තියෙන එකේ ටිං කිරි ගා ගන්නෙ මක්කටෙයි කියලා නිකන් ඉන්නවා..
Deleteස්කුල් බස් එකේදි,කොල්ලෙක්ට බැහැ කිවුවම,
ReplyDeleteඒ කොල්ලා තැන් තැන්වල කියලා තිබ්බා,මම පැනලා හැමදාම *උගේ බෑග් එක ගන්න බව.
මම දන්නෙවත් නැහැ.
ගෙදරිනුත් බැනුම් ඇහුවා මොකටද උගේ බෑග් එක උකුලේ තියන් යන්නේ කියලා.
කොච්චරක් කියලා බෑග් උකුලට දානවද.මම දන්නවද කාගේද කියලා.
පාර තොටේ මනුස්සකම්
එදායින් පස්සේ, සම්පුර්ණයෙන්ම අතෑරියා.
ගැහැණු ළමේක්ට ජීවිතේ වරදින්න යන්නේ,තත්පරයක්.
තරහකටවත් කුඩු පැකට් එකක්,ගංජා පැකට් එකක් වත් දැම්මොත්..?
ඔව් මල්මී... කියෙව්වනෙ අර කොටකෙතන ඝාතනයෙ අහුමුලු සිද්ධීන් ටික...කමක් නෑ අපි අපේ මනුස්සකම් හිත ඇතුලෙ තියන් ඉම්මු මනුස්සයො ඉන්න සමාජයක ක්‍රියාත්මක කරන්න..වෙන මොනා කරන්නද ?
Deleteඔය බෑග් එකක් ගත්තම අනික් එක තමයි මිනිහ අපට බෑග්එක දීල බහිනවද කියල බලාගෙන ඉන්න වෙන එක. මොකද කාලයක් තිබ්බ එහෙම බෝම්බ තෑගි කරල බහින දැං උනත් ඔය මල්මි කියල තියෙනව වගේ මොනව හරි නීති විරෝධී දෙයක් දීල බැස්සොත් එහෙම සොරි තමයි.
ReplyDeleteඔව් ප්‍රසා ඔය කතාවෙ අනිත් පැත්ත..මම ගෙදර ඉඳලා එද්දි නම්..සමහර අය බෑග් ඔබනවා සීට් යටට..ටිකක් විමසිල්ලෙන් තමයි ඉන්නෙ..ගංජාවත් තිබිලා පස්සෙ අයිතිකාරයො හොයන කොට අහු වෙන්නෙ සීට් එක උඩ හිටිය කෙනා නෙ !
Deleteදුරගමන් බස් වල දි සමහරු තමන්ගෙ බෑග් එක ළඟ ඉන්න කෙනාගෙ ෂීට් එක යටට දානවා. තමන් හොඳට කකුල් දික් කරන් යනවා. තමන් ඉන්න ෂීට් එක ඇතුලට දැම්මත් පස්සෙ ෂීට් එකේ කෙනාටනෙ කකුල් දිග අරින්න බැරිව දුක් විඳින්නෙ.
Deleteඔව් රොශාන් එහෙමත් වෙනවා තමයි. හිතන්නෙ නැති කමනෙ ඔතන තියෙන්නෙත් ..
Deleteහිතන්නෙ නැති කම නෙමෙයි.. ආත්මාර්තකාමිකම....
Deleteඔව් අරුන්දතී...ඒක තමයි නියම වචනෙ..
Deleteකරලත් බෑ නොකරත් බෑ.. හරිම පුරස්නේ...
ReplyDeleteමනුස්සකමට කරන්න ගිහින් ගෙවන්න වෙන වන්දිය හිතා ගන්න බෑ සෙන්නා..
Deleteතියාගන්න කියල දුන්නොත් ඇරෙන්න මම නම් බෑග් ඉල්ලගන්නේ නැත...
ReplyDeleteරාක්කෙ පිරෙන්න බෑග් තියෙනවා නම් සහ බෑග් එක දෙන්නෙ පිරිමියෙක් නම් මමත් ගන්නවා සාතන් ..
Deleteඅපිටත් හොඳ පාඩමක්.සමහරු බෑග් දීලා ඉන්න අතර තමන්ට වාඩි වෙන්න සීට් එකක් ලැබුනොත් තමන් ළඟට ඒවා නොගෙන අමතක වෙලා වගේ ඉන්නවා.මෙහෙම අයට මනුස්සනම්පාලා ඇත්තටම වැඩක් නැහැ..........
ReplyDeleteමමත් ඕක හොඳට අත්විඳලා තියෙනවා කුරුටු ඒ වෙලාවට මම නම් කතා කරලම දෙනවා
Delete>>ඊට පස්සෙ වෙච්ච දේවල් වලින් මොන විදියකින්වත් මගේ මනුස්සකම බස් එකේදි ඉස්මතු වෙන්න ඉවහල් උණේ නම් නෑ..<<
ReplyDeleteඋඹ මෙහෙම කිව්වේ ඇයි? ඊට පස්සෙ අර හාල්පාරුවෝ දෙන්නා උඹෙන් සමාවගත්තේ නැද්ද? බස් එකේ මිනිස්සු උඹ දිහා අනුකම්පාවෙන් බලලා අරුන් දෙන්නට බැන්නේ නැද්ද? උඹ අරුන් දෙන්නට මොකුත් කිව්වේ නැද්ද? ෂික් අපිටත් වෙන දේවල්? වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාවැටෙන එක අපිට උරුම දෙයක්ද මන්දා.
මේක උත්තම පුරුශෙන් ලිව්වට උනේ මගේ යාලුවට හෙන්‍රි අරුන් දෙන්නා අර ගෑනු කෙනාත් එක්ක සුටුශ් ගාලා මාරු වෙලා. බස් එකේ ඉන්න උන් නම් බැනලා . ඒත් වැඩක් තියේද ? මිනිහගෙ කැඩිච්ච හිත !
Deleteලියන්නෝ.. මිනිස්සුන්ට වැඩිය හොඳ කරන්න කරන්න අපිටමයි කෙලවෙන්නෙ. පොඩිකාලෙ අපිට අම්මා කියලා දීලා තියෙන්නෙත් පන්සලේදි ඉගැන්නුවෙත් අනික් අයට උදව් කරන්න. ඒ උදව්වට හොඳ ප්‍රතිපල ලැබෙනවා. පින් ලැබෙනවා කියලා. ඒත් අපි හොඳ බව දැනගත්තම අනික් අය අපිට කෙලවලා යනකන් දන්නෙ නෑ. අපි කරන හොඳට හොඳ ප්‍රතිපල ලබන ආත්මෙ හම්බෙනවානම් මේ ආත්මෙ හොඳ කරලා කෙලවා ගන්නෙ මොකටැයි කියලා හිතාන තරමක් ආත්මාර්ථකාමී වෙන්න ඕන අද සමාජෙදිනම්. දවල්ට කාලා එපයි රෑට කන්න. දවල්ට කන කෑම එක රෑට කන්න තියාන වැඩක් නෑ නෙ දවල් බඩගින්නෙ ඉන්නවානම්.
ReplyDeleteරොශාන් නියමෙට ඒක ගලපලා තියෙනවා. සහතික ඇත්ත..
Deleteමොනව කරන්නද බං. කොහොම නමුත් හැම එකා/කීම එකවගේ නෑ. හැම බෑග් එකකින්ම ෆෝන් වැටෙන්නෙත් නෑ.
ReplyDeleteමම අකමැතිම දෙයක් තමයි බෑග් අරගෙන බස්වල යාම. උදේ වැඩට යද්දි කෑම දෙක තියන බෑග් එක පවා රාක්කය උඩින් තියනව අත් දෙක නිදහස් කරගන්න ඕන නිසා. නමුත් කාගෙ හරි බෑග් එකක් ඉල්ලගන්නව උදව්වක් කරන්න තියන අවස්තාව මඟහරින්න බැරි නිසා.
මට නං කියන්න තියෙන්නෙ කරදර හමුවේ වුනත් "හොඳ" නැතිවෙන්න දෙන්න එපා කියලයි.
රාජ් කියන දේ හරි ඒ උනත් මිනිස්සු පුරුදු වෙන්න ඕනි රාක්කෙ ඉඩ තියේ නම් බෑග් ඒකෙන් තියන්න.
Deleteමමත් උඹ වගේ තමා..කෙල්ලෙක්ගෙ පොත් ටිකක් ඇරෙන්න බෑග් නම් ...ම්හු..!
ReplyDeleteඔව් වීයා මොකටද නිකන් ගා ගන්නෙ අපි !
Deleteඔයවගේ අනුන්ගෙ රෙද්දවල් වලට ගේම ඇදගෙන එන කාගෙද පුතාල ඔක්කොටම හපන් :D උන් හදන්නෙ ප්‍රශ්නෙ විසදනවටත් වඩා සද්ද දාල පොර වෙන්න
ReplyDeleteඔව් සසිඳු මල්ලි ඔව් වගේ උන් කරන්නෙ සද්දෙ දාලා පොරවල් වෙන්ඩ දඟලන එක විතරයි. රටට වැඩක් වෙන මොනාට හරි ඔය ජවය යොදවනවානම් ...
Deleteඔය වගේ සිද්දි දැන් වැඩියෙන් අහන්න දකින්න ලැබෙනව මචන් නිතිය දැන් පොදු ජනතාව අතට පත්වෙලා නිසා.
ReplyDeleteමම නම් කරන්නෙ පොලිසියට යන එක හෝ දෙන්නට එක දතක් හරි නැතිව බත් කන්න සිද්ද කරනව මමත් නීතිය අතට අරගෙන.
ලංකාවෙ දැන් ජිවත් වෙන්න වෙලා තියෙන්නෙ "අඩෝ"කිව්වොත් "මොකද ඩෝ" කියන ඉට්ටයිල් එකට.
ඔව් කෙන්ජි කියන එක නම් හරි ඒත් මම සහ යාලුවා වගේ ගොඩක් ඉන්නවා පැහැදිලිවම තමන්ට අසාධාරනයක් උනත් නිහඬව විඳ දරා ගන්න අය ..අනවශ්‍ය ප්‍රශ්න රාශියකට මුල පුරවා ගන්නවද නැත්නම් තමන්ට වෙච්ච දේ ඉවසීමෙන් උපේක්ෂාවෙන් විඳදරා ගන්නවද කියන තේරීම තෝරා ගන්න .. අනික ගහ ගන්න තරමෙ හයයි හතරෙ නෙවෙයිනෙ අපි :-D
Deleteඅපේ පුංචි කෙනෙක් එක්ක බස් එකේ ගමනක් යන කොට. පුංචි එක පාරටම කෑ ගැහුවා, ඔය පොට්ටනිය ගන්නවා ඕයි කරෙන් අහකට කියලා. ඒ කාළේ මං පොඩි එකා. පස්සෙ තමයි තේරුනේ මොකෑ වෙලා තියෙන්නේ කියලා.
ReplyDeleteඔව් මාතලන් වැඩියෙන් වෙන්නෙම කාන්තා අතවර තමයි. හැමෝම කතා කරන්නෙත් ඒ ගැනම විතරයි. නමුත් කාන්තාවො නිසා පිරිමි අපහසුතාවයට පත්වෙන අවස්තාවන් නැතුවාමත් නෙවෙයි. ඒ නිසයි මේ අත්දැකීම බෙදා හදා ගන්න හිතුවෙ .
Deleteඔය සිද්දියම වෙනව බැග් එක දිල පස්සෙ ටිකට් ගන්න සල්ලි බැග් එකෙන් අරන්දෙන්න කියල කියනව.පස්සෙ කියනව බැග් එකෙ තිබුන 500 හරි 1000 නැ කියල.ඉතින් බැග් එක ගත්ත කෙනා ඉවරයි.
ReplyDeleteඔව් දමිත් ඔය ට්‍රික් ගැන පත්තරෙත් ගියා ඔබ කිව්වහමයි මතක් උනේ..
Deleteමට නම් ඉවසන්න බැරි ස්කෝල ඇරපු වෙලාවට එන බස් එකට ළමයි ගුරුවරුන්ට නඟින්නට ඉඩ දීලා නඟින්න ඕනි කියනෙකයි.ගුරුවරයට සීට් එක දෙන්න ඕනි කියනෙකයි. ඇත්තටම වෙන්න ඕනි ළමයි ඔක්කමල බසයට නැග්ගට පස්සෙ ගුරුවරය බසයට නඟිනෙක නේද. පොඩි එකෙක් වාඩි වෙලා ඉන්න සීට් එක ඒකාව නැගිට්ටව ල වාඩි වෙන එක මහ නරක වැඩක් නෙමෙයි ද.
ReplyDeleteවෙනිය හරි,සමහර බස් වල වාඩි වෙලා යනවට වඩා හොදයි හිටගෙන යනේක කියල හිතෙනවා. සමහරු නම් අවයව තමන්ගෙ නෙමෙයි ගාණට යනවා. තවත් සමහර වෙලාවට එක කකුලක ඇගිල්ලෙන් හිටගෙන යද්දි කොහොමත් අවයව ටික අමතක කරල දාන්නත් වෙනවා.
මම නම් හිතා ඉන්නේ හොද වාහනයක් හෙම තියෙන මහත්තයෙක් පෙළවහට ගන්න. :P
අපිත් පොඩි කාලෙ ගුරුවරයෙක් බස් එකට නැග්ගහම ගෞරවයට සීට් එක දුන්නා. ඒ අය ඒක හිනා වෙලා ප්‍රතික්ශේප කලා..
Deleteවදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා කියන්නේ ඕවට තමා අයියේ :)
ReplyDeleteආයි නම් දේවාල වඳින්න යන්නෙ නෑ මල්ලි..
Deleteහම්මෙ ඔයින් ගියා මදෑ යි ,ඉල්ලන් කනවා කියන්නෙ ඔකට තමා වෙලාවකට
ReplyDeleteඉල්ලන් කනවා කියන එකෙත් හොඳම එක සහෝ.. හොඳම එක !
Deleteඇත්තටම ඒක තියෙන්නේ ඉට්ටැයිල් එකටද වෙනී?
ReplyDeleteබහුතරයක් හිතන් ඉන්නෙ එහෙමයි අරුන්දතී...නෑ ඒක තියෙන්නෙ බෑග් මලු තියන්න..
Delete:)
Deleteමටත් පෙන්නන්න බෑ බස් එකේ බඩු දාන්න රාක්ක හදල තියෙද්දි වාඩි වෙලා යන මිනිස්සුන්ගේ ඇඟට බලෙන්ම බෑග් ගෙනත් දාන ගෑණුන්ව, හරියට ඒගොල්ලෝ බෑග් අරගෙන යන්නේ අපේ උවමනාවට වගේ, අපිට අනුකම්පා හිතිලා බෑග් ඉල්ලගන්න එක වෙනම කතාවක්. ඒත් මෙ වෙලා තියන දේ ඇහුවම එහෙමවත් කරන්න හිතෙන්නෙ නෑ
ReplyDeleteඔව් චූටි ඒක නම් ඇත්ත මම කරන්නෙත් ඒකම තමයි දැන් නම්..
Deleteපුදුම වැඩක්නේ වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට. කිසිම හැදියාවක් නැහැ. සැකෙන්ම තමයි ජීවත්වෙන්නේ. එන්න එන්නම පස්සට යනවා.
ReplyDeleteමේ කොළඹ ඕඑක හරිම දරුණුයි අරූ...තමන්ට මතක නෑ ෆෝන් එක ගත්තද කියලාවත්..නැත්නම් හිතන්නෙම කවුරු හරි ඉස්සුවා කියලයි..
Deleteඅර කතාවක් තියෙන්නේ වෙනී අංකල් ලංකාවෙ උන්ට මනුස්සකමට උදව් කලාම පු*ත් ඇරල යන්නේ කියල.ඔය ගෑනු උදවිය තමා බෑග් පටවන්නේ,එහෙම කාපු කටු එමටයි
ReplyDeleteඔය කතාව අද වෙනදටත් වඩා වලංගුයි අප්පා....
Delete