ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, November 21, 2012

පුද්ගලික රහස් පරීක්ෂක කතා මාලාව කොටස් අංක 1 අවසාන කොටස Criminal Tech Kestrel 01-02

මෙම රහස් පරීක්ශක කතාවේ පළමු කොටසට මෙතනින් 






එම තීරණාත්මක දිනය උදා විය..

උදෑසනම ඇටි කුකුලන් බුහ්ග් ගාන හෝරාවේ අවදි වූ  රහස් පරීක්ශක තරුණ කෙළෙඹි පුත්‍ර තෙමේ..තමාගෙ ඔටුලන්තයේ සිටි මිත්‍ර පිරිස විසින් එවන ලද රහස් පරීක්ශක උපකරණ ගොන්න පිරික්සන්නට පටන් ගති..

"ගුඩ් මෝනිං සර්.."

ඇසින් කබ කඩමින් ඔහු ප්‍රාදුර්භූත වූයේ රූපලාවන්‍යාගාරයේ ආශ්‍රය අත්හැරීමත් සමඟ වැහැරී යන රූ සපුවෙන් යුත් තම සහායිකාව වූ ඩයනායි..

"ගුඩ් මෝනිං..එහෙනම් ඔයා නාලා කරලා එන්න මේ ගැජට් ටික වැඩ කරන හැටි ඔයාත් බලාගන්න ඕනි හොඳට.."

තනිවම නිදහසේ බිම තප්පලන් ගසා ගෙන  සිටිමින්වූවද හනික තම ඇඳුම් නිසි ආකාරයෙන් සකසා ගනිමි ඔහු තම සහායිකාවට උපදෙස් දුන්නේය..

"හා සර්..මන් ආසයි ඔය ගැජට් හරියටම පාවිච්චි කරන්නෙ කොහොමද කියලා බලන්න"

තවත් හෝරාවකින් පසු උදෑසන ආහාරය ලබා ගත් ඔවුන් දෙදෙනා වහා කාමරයට ගොස් දොර වසා ගත්තේ ගැජට් පිරික්සීමේ  අරමුණින්ම පමණි..

නා නා ප්‍රකාරයේ තිර (Screen) , වයර්, කුඩා පරිගනක, රහස් වීඩියෝ සහ ශබ්ද පටිගත උපකරන ආදී උපකරණ රාශියක් ඇඳ මත හෙලූ ඔවුන් දෙදෙනා එකින් එක ගෙන පිරික්සන්නට වීය..

"මේ මොකද්ද සර් ?"

බැටන් පොල්ලක් මෙන් වූ දිගු උපකරණයක් අතට ගත් ඩයනා විමසුවාය. එහි එක පසෙක කවුළුවක් බඳු සිදුරක්ද ක්‍රියාත්මක කිරීමට ස්විචයක්ද වීය.. ඒ සමඟ වූ ක්‍රියාකරවීමේ පොත් පිංච අතට ගත් රහස් පරීක්ශක තෙමේ..

"ආ මේකෙන් කරන්නෙ සැක කටයුතු දේවල් පෙන්නන එක..කියන විදියට නම් මේක ක්‍රියාත්මක කරපු ගමන් මේ හිලෙන් එලියට එන පොඩි අඬුවක් වගේ එකක් ඒකට පුළුවන් අවට තියෙන දේවල් වලින් වැඩියෙන්ම භයානක දේ තේරුම් අරන් අල්ලලා දෙන්න..බලන්නකෝ තාක්ශනේ දියුණු වෙලා තියෙන හැටි.."

"අපි ඕක ඔන් කරලා බලමු සර්..මෙතන තියෙන භයානකම දේ ඉතින් සර්ගෙ පිස්තෝලෙනෙ..ඒක අපි අතන මේසෙ උඩින් තියමු..මෙතන ඉඳන් ඕක ඔන් කරහම ඒක අපිට පිස්තෝලෙ පෙන්නයි"

"හරි, එහෙම කරමු"


"කෝකටත් අපි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මේක ඕන් කරමු.."

ක්‍රීස් ක්‍රීස්..ගාමින් සර්පයකුගේ හිසක් මෙන් එලියට පැමිණි අඬුවක් වැනි යමක් කාමරය හාත් පසම බලන්නාක් මෙන් වට කීපයක්ම තම හිස කරකවන්නට වීය.. බැටන් පොල්ලක් මෙන්වූ යන්ත්‍රයද විවිධ හඬ නඟමින් ක්‍රියාත්මක වූයේ..අර අඬුව එකවරම පෙරකී කෙළඹි පුත්‍රයාගේ කලිසම තුලින් රිංගා අතුරුදහන් වූයේ ක්ෂණිකවය.. කටස් යන හඬක් සමඟම වේදනාවෙන කෑ ගසන ශබ්දයත් සමඟම ඔහු වහා නාන කාමරය තුලට දිවගොස් දොර වසා ගති.. සහායිකාව වූ ඩයනා සියල්ල දුටුවේ මුත් එය හොඳින් බලා ගැනීමට නොහී දෑතින්ම තම දෑස වසා ගත්තීය. 

වසා ගත් නාන කාමරය තුලින් ඈ සවන් පත් මත පතිත වූයේ ඈ තම ජීවිත කාලයම නොඇසූ තරමේ පාරිශුද්ධ සිංහල වචන වැලකි.. ඈ වහා දෑස පියා ගනිමින් තම දෑතින්ම සවන් වසා ගත්තීය..

මද වෙලාවකින් සියල්ල යහපත් අතට හැරුනු බැව් සැක හැර දැන ගත් ඈ..

"සර්..සර්. මොකද උනේ ? තුවාලද සර්ට "

"නෑ නෑ මන් ටිකකින් එන්නම් එතකන් ඔයා ඔය අනිත්වා බලන්න"

"සර් මේ පොඩි කම්පියුටරයක් වගේ එකක් තියෙනවා..මන් ඔන් කරන්නද ?"

"හා හා ඔන් කරන්න"


"ආනේ සර්.. මේකෙන් බිත්ති වලින් එහා තියෙන ඒවත් පේනවා.. හැබැයි පේන්නෙ රතුපාටට හෙවනැල්ලක් වගේම තමයි සර්..."

"ආ ඕක ඔය අධෝරක්ත කිරණ වලින් ක්‍රියාත්මක වෙන එකක්..ඒකට පුළුවන් බිත්තියක් එහා උනත් තියෙන දේක උෂ්ණත්වය අඳුනා ගෙන අපිට ඒකේ මූමන්ට්ස් පෙන්නන්න"

"ආ සර්වත් පේනවා සර් මොකද ඔය කරන්නෙ අත් දෙකෙන්ම අල්ලා ගෙන?"

"ඈහ් ? ඔන්න ඕකෙන් ඔය අල්ලපු කාමරේ බලන්න ඩයනා"


"ආආආආආආහ් අනේ සර් එන්න එන්න ඉක්මනට එන්න...අල්ලපු කාමරේ..."

"ඇයි ඇයි..මොකද වෙන්නෙ අල්ලපු කාමරේ? ඉන්නම් මන් ඉක්මනට ප්ලාස්ටරයක් ගහ ගෙන එන්නම්"

"සර් සර් අල්ලපු කාමරේ පිටසක්වල ජීවියෙක් ඉන්නවා ඇඳ උඩ..අනේ ඉක්මනට එන්න"

ඔහු  සැක කටයුතු දේ අල්ලා දෙන උපකරණයද රැගෙන හනික ආවේ ඩයනා අත වූ මොනිටරය වෙත ලං වූවාය.




"මේ බලන්න මේ බලන්න සර්.. අමුතුම සතෙක්.. මේ මේ ඇඟේ දෙපැත්තේම ඔළු දෙකක්..ඒ වගේමයි ඇඟේ දෙපැත්තටම අත් දෙක ගානෙයි කකුල් දෙක ගානෙයි තියෙනවා..අනේ සර් අපි රිසෙප්ශන් එකට කියමු සර්..මේ මේ ඔළු දෙකම හෙල්ලෙනවත් එක්ක"

"ඔන්න ඔය මඟුල වහලා දානවා ..මේ යක්කු මහ දවාලෙත් 69...අනේ මන්දා ? දැන් ඔයා ගිහින් නිදා ගන්න..අද රෑම නිදි මරන්න වෙයි.මේ ඉන්වෙස්ටිගේශන් එකට..අනිත් ගැජට් ටික අපි පස්සෙ බලමු"


"මොකද්ද සෑර් 69 කීවෙ ? ඒකත් රහස් පරීක්ශන වැඩ වලට ඕනි වෙන එකක්ද ?"

"යනවා ඕයි යන්න තමුන්ගෙ කාමරේට මන් ඒක පස්සෙ කියලා දෙන්නම් "



සන්ධ්‍යා කාලය එළඹිනි..ඔවුන් දෙදෙනාම මහත් වෙහෙසක් දරා අද දින අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමට  බොහෝ ඉඩකඩ ඇති මව සොයා පැමිණ ඈ හට බොහෝ උපදෙස් දුන්නේ. ඈද මහත් කෘතඥපූරවකව අවසානයේ මෙසේ පැවසුවාය..

"ඈ යකෝ මට දොට්ට පිලට එලියට යන්න එපා කියන්න ආපු බොලාලා දෙන්නා කවුද බොල ? මගෙ මිනිහ සෝමෙවත් මට ඒ කාලෙ දොට්ට පිලට යන එක ගැන සීමා මායිම් පනවන්න ආවෙ නෑ.. දුපියව් දෙන්නම මන් ඉලපොතක් ගන්න ඉස්සර!"



ජයග්‍රාහී සිතින් ඔඩ වැදුනු රහස් පරීක්ශක තෙමේ සහ සහායිකාව රාත්‍රිය එළඹෙත්ම රාත්‍රියට සුදුසු කළු පැහැ ඇඳුම් ලා ගෙන අවසන් වතාවට තම සැලසුම ආවර්ජනය කරන ලද්දේ..

"ඩයනා මේක අපේ පළවෙනි මිෂන් එක..වැඩේ සාර්ථකව කෙරෙන්න ඕනි.. බය වෙන්න එහෙම එපා.. අපිට මේක කරන්න පුළුවන්"

"ඔව් සර්.. මාත් පොඩ්ඩක් එක්සයිට් වෙලා ඉන්නෙ ඒත් අපිට මේක කරන්න්න පුළුවන්..මේ වගේ තීරණාත්මක වෙලාවක සර්ට මොනාද හිතෙන්නෙ සර් ?"


"වෙන මොනාද ඩයනා ඔයාට හිතෙන දෙවල්ම තමා"

"ඊයා සර් නම් හරිම වල්..මන් යනවා යන්න..මේ වෙලාවෙවත් ඕවා නොහිතා ඉන්නකො සර්"

"හරි හරි එහෙනම් මන් යනවා අර ආච්චිගෙ ගෙදර රැකවල් දාගෙන ඉන්න..ඔයා යන්න අර සැක මිනිහගෙ  ගෙදර පිලිකන්නට වෙලා ඉන්න..මිනිහා කොයි යම්ම වෙලාවක හරි එලියට එයි..මිනිහට නොදැනෙන්න ඔයාත් පස්සෙන්ම එන්න..අපි හරියටම මිනිහව අල්ල ගන්නෙ..මේ ආච්චිගෙ ගෙදරට එන ඉස්තෝප්පුව පැත්තට ආවහමයි..නැත්නම් මිනිහා වෙන මොනාට හරි ආවා කියලා ගැලවෙන්න හදයි.."

"හරි සර් එහෙම කරමු එහෙනම්"


"හරි ඩයනා එහෙනම් මේ ගැජට් එක තියා ගන්න..මේක මිනීමරුවා දිහාවට එල්ල කරලා මෙන්න මේ ස්විච් එක ඔබන්න..එතකොට මේකෙන් මිනිහට හෙල්ලෙන්නවත් බැරි වෙන්න මොකද්ද වෙනවළු කියලයි පොතේ තිබ්බෙ.."

"එතකොට මට ඉස්සෙල්ලා සර්ට මිනීමරුවා හම්බ උනොත්?"

මන් ළඟ තියෙනවා මේ කුණු දාන ලොකු සිලි සිලි බෑග් එක ඒක ඔළුවට දාලා මන් අල්ල ගන්නම් .."

හෝරාවෙන් හෝරාව ගෙවී යද්දී රහස් පරීක්ශක තෙමේ අසල වූ කෙසෙල් පඳුරට මුවාවී දෙනෙත් නොපියා බලා සිටියේ ඔහුගේ ශාස්ත්‍රයේ වූ පරිදි කොයියම්ම මොහොතක හෝ මිනීමරුවා අසල වූ කොස් ගස අසලින් මතු වන තෙක්ය..

සඳ රාජිනිය වලාකුළු පසු කරමින් තම සුපුරුදු ගමනේ යෙදී උන්නාය.. එක්වරම ඈ තම සළු අළුතින් ඇඳ පැළඳ ගැනීමටදෝ විශාල කළු වළාකුළකට මුවා වූයේ අවට ලෝකයා මඳ අඳුරේ තබමිනි. වෙහෙස නිසාමදෝ දෑස පියවී දෙනෙත් හරිනවාත් සමඟම ඔහු දුටුවේ මදක් විවර වූ දොර තුලින් කුප්පි ලාම්පුවක්ද රැගෙන එළියට බසින ඉහත කී ආච්චීය..

කොස් ගසට මදක් එහායින් වූ අඹ ගසේ සෙවනැල්ල අතරින් යමකු මුවා බව අපගේ රහස් පරීක්ශක ගේ තියුණු දෙනෙතට ලක් වූයේ ඔහු සෙමින් සෙමින් ශබ්ද නොනැගෙන සේ..එදෙසට ගමන් කරන්නට වූයේ තම අත තිබූ විශාල හිස්  කුණු බෑගයද සූදානම් කර ගෙනය.. මද සුළඟ නිසා ගස් වල අතු රිකිලි සර සර හඬින් සෙලවීම නිසා තම අත වූ බෑගයේ සිරි සිරිය එයට යටපත් විය.. ආච්චි කොස් ගස පාමුලට පැමිණියේත් අඹ ගස මුල සිටි තැනැත්තා ගේ යම් ක්‍රියාකාරීත්වයක් දුටුවේත්..එදෙසට පිනූ අප තරුණයා තම අත වූ විශාල බෑගය මිනීමරුවාගේ හිසේ සිට පහලට දමා වැරෙන් ඔහුව බිම පෙරලා ගත්තේත් එක විටමය.

ආච්චි ශුද්ධ සිංහලෙන් ජාතිය අමතද්දී ඔහු වහාම තම අතවූ තන්ගුස් ලණුවෙන් සැකකරුව කිටි කිටියේ වෙලා දැමීය...

"ආච්චි කෑ නුගහ ඉන්න..ආච්චිගෙ මිනීමරුවා අපි අල්ලා ගෙන ඉන්නෙ..ඉක්මනට ගමේ අයට එන්න කියන්න"

ආච්චීද සිහි එළඹ ගත්තේ කොවුලෙක් මෙන් කී කුණුහරුප වලින්ම තම අසල්වාසීන්ට අමතමින් ඔවුන් එතනට ගෙන්වා ගත්තේය..

මොහොතකින් පොලීසිය, මාධ්‍ය ඒකකයක් සහ ගම්මු එම ස්ථානය වටලා ගත්හ..පොලීසිය නොවන්නට මේ වන විටත් මිනීමරුවා ගම්වාසීන්ගෙන් අවසන් ගමන් යන්නට ඉඩ තිබිනි..



සියල්ලන්ගේම ප්‍රශංශා මධ්‍යයේ...

"එහෙනම් අපි බලමු කවුද මිනීමරුවා කියලා ?"

සියල්ලෝම ඇසි පිය නොහෙලා බලා සිටී.. මාධ්‍ය කැමරා සියල්ලම සූදානම්ය..

සෙමින් මිනීමරුවා වෙත ලං වූ අප රහස් පරීක්ශක තෙමේ.. සැකකරුගේ මුහුණ වැසී තිබූ කුණු බෑගය ඉරා ඉවත් කලේය... අකුණු  ගසන්නාක් මෙන් කැමරා ෆ්ලෑශයන් දහසක් දැල්වෙද්දී ඔහුද මිනීමරුවාගේ මුහුණට එබිකම් කලේය..

"ඈහ්..මොනවා ඩයනා ඔයා ?????"

පහත දැක්වෙන්නේ වාර්තාකරු විසින් අතිශය වෙහෙසක් දරා තම අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතාවයන් සියල්ලම උපයෝගී කර ගනිමින් තම ඥාතියකුගේ නිවසේ නැවතී හුන් ඩයනා සේකරසිංහ නම් වූ යුවතිය සමඟ කරන ලද සාකච්ඡාවේ හඬ පටයෙන් ලබාගත් සංවාදයයි.


ලියන්නා - එතකොට ඩයනා ඇත්තටම එදා රෑ මොකද්ද උනේ ?

ඩයනා - අනේ මිස්ටර් ලියන්නා මේ කියන දේවල් ඔයාට විතරයි කියන්නෙ..ඔයා වෙන කාටවත් එහෙම කියන්න එපා..ඒ විශ්වාසෙ මත තමයි මන් ඕන් ඔයා එක්ක කතා කරන්න උනත් කැමති උනේ හොඳද ?

ලි - කියන්න ඩයනා මන්  කටේ කෙල බිඳක් හෙලන්නෙ නෑ මේ ගැන..අනික කාට කියන්නද ආයි..මන් හරි ඉන්ටරෙස්ටිං මේ කතාවට ඒකයි..

ඩ - මන් එදා සෑහෙන්න වෙලාවක් බලන් හිටියා අර අපේ සැකකාරයගෙ ගේ දිහා..කිසිම හා හූවක් නෑ.. බලා හිටියා බලා හිටියා ම්ම්ම්ම්ම්හ්හ්හ්හ් කිසිම හෝඩුවාවක් නෑ


ලි - ඉතින් ඉතින් 

ඩ - අන්තිමේ බැරිම තැන ම නැගිටලා එන්න හදන කොටම අර අපි  සැක කරපු මනුස්සයා ගෙදර දොරත් ඇරගෙන එලියට ආවා..

ලි - නෑහ් ?

ඩ - නෑ නෙවෙයි ඔව්.. මාත් සූදානම් ශරීරෙන් හිටියා..මන් හිටි ගහ ළඟටම ඇවිත් චූ කරලා ආපහු ගේ ඇතුලට ගියා..

ලි - හික්ස්

ඩ - හිනා වෙන්න එපා අනේ.. මන් ඒක කියන්න සර්ව හොයන් අර ආච්චිගේ ගෙදරට ගිහින් බැලුවා සර් කොහෙද කියලා එතන තිබ්බ අඹ ගහට  මුවාවෙලා. එතකොටම තමයි අර ආච්චි දොට්ට පිලට යන්න එළියට බැස්සෙ..


ලි - ඊට පස්සෙ උනේ මොකද ?

ඩ - හතර විලි ලැජ්ජාවයි.. හැමෝම අපිට බැන්නා.. පොලීසියෙන් කියලා සර්ගෙ කොම්පැණියෙ ලයිසන් එක මාස තුනකට අත් හිටෙව්වා..ගම කලබල කලයි කියලා

ලි - අපරාදේ ඔයාගෙත් පලවෙනි ජොබ් එක නේද ? සර්ව හොයා ගන්නත් නෑ නේද ඒකෙන් පස්සෙ.. දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද ?

ඩ - සර් ඉන්නවා ටෙලිෆෝන් නම්බර් වෙනස් කරා..මාස තුනකින් පස්සෙ අපි ආයිමත් වැඩ පටන් ගන්නවා..එතකන් සර් මට මේ ෆිල්ම් ටික බලන්න කීවා 

ඈ X Files  ටෙලි චිත්‍රපට මාලා 11ම මට පෙන්වමින් පැවසුවාය.


ලි - එතකොට මේ මාස තුනට ඔයාට පඩි ?

ඩ - මට මාස තුනටම පඩි ගෙව්වා..

ලි - කොහෙන්ද සර්ට සල්ලි ? කරපු වැඩෙත් අසාර්ථකයිනෙ

ඩ - අර ඔටුලන්තෙන් එවපු බඩු වලින් භාගයක් විකුන්නා

ලි - අපරාදෙ ඒවා හරි වටින ගැජට් වගයක් නේද ?

ඩ - මොන ඒ ඔටුලන්තෙ ඔය ටීවී ෆ්‍රිජ් වගේ එව්වා සල්ලි දීලා ගන්න කොට නිකන් ෆ්‍රී දෙන එව්වළු..ඔටුලන්තෙ යාළුවො වටිනවා කියලා තමයි සර්ට දීලා තියෙන්නෙ..

ලි - හරි එහෙනම් අන්තිම ප්‍රශ්නේ මේන්.. මට හරි කුතුහලයි ඔයා හරිම ශ්‍රේෂ්ඨ විදිය අර හෝටලේ සේරම අයව බේරා ගෙන තියෙන්නෙ..එතන විස්තර තිබ්බා කොලය ගලවලනෙ..ඒක කවුරු ළඟද ?

ඈ ලැජ්ජාවෙන් රතු වෙමින් ඇඹරෙන්නට වූවාය..

ඩ -  ඒක මන් ගලවා ගත්තේ..මන් ළඟ තියෙනවා..

ලි -  ඒක මට දෙන්නකො බලලා දෙන්නම්

ඩ - ඒක ඔයාට පෙන්නවද කියලා මන් පොඩ්ඩක් හිතලා බලන්න ඕනි ලියන්නා..බලමු බලමු ඉස්සරහට එන විදියක් බලලා මන් ඒක දෙන්නම් ඔයාට.. අනේ තරහ වෙන්න එපා..

ලි - පිස්සුද අනේ ඔයා එක්ක තරහ වෙන්නෙ..මෙච්චර දේවල් කියලා දීපු නිසා ඉස්සරට වඩා යාළුයි..

අවසානයි . 
( දැනට  අවසන් එන එන විදියට ගහ උළුවස්සා කියනවනෙ )

ප.ලි. මෙහි එන සියළු චරිත ප්‍රදේශ , රටවල් හෝටල් ගෙවල් දොරවල් මෙන්ම ගස් කොලන් පවා මනඃකල්පිත ඒවා බවද දැනට ජීවත් වන කිසිවකුට ඒවා අදාල නොවන බවද කරුණාවෙන් සලකන්න..




























54 comments:

  1. අනේ මගේ මෝල්ඩර්......... කාලෙකින් ෆොටෝ එකක් හරි දැක්කේ...

    හරි මෝඩයෙක්නේ.. අර බැටන් පොල්ල වගේ ගැජට් එක මාර වටිනවනේ... ටක් ගාලා කාමරේ තිබ්බ භයානකම ආයුධේ හොයා ගත්තේ... හි හි

    ///ප.ලි. මෙහි එන සියළු චරිත ප්‍රදේශ , රටවල් හෝටල් ගෙවල් දොරවල් මෙන්ම ගස් කොලන් පවා මනඃකල්පිත ඒවා බවද දැනට ජීවත් වන කිසිවකුට ඒවා අදාල නොවන බවද කරුණාවෙන් සලකන්න..////

    හි හි.. වෙනි අන්කල් ජාම බේරගෙන තියෙන ලස්සන........

    ReplyDelete
    Replies
    1. කොයි තරම් හොඳ උනත් පාවිච්චි කරන්නම වෙන්නෙ නෑ කියලා ඒ ගැජට් එක තමයි මුලින්ම විකුනලා තියෙන්නෙ හිරූ !

      Delete
  2. හප්පේ රාජකීර රහස් පරික්ෂකයෝ. බඩු බාගයක් වික්කය කියන්නේ ඉතිරි බාගෙට මක්කයැ උනේ.. සුපිරියි මෙයා..

    ReplyDelete
    Replies
    1. මාස තුනෙන් ආයි ලැයිසොම හම්බ උනහම වැඩ පටන් ගනී මයෙ හිතේ !

      Delete
  3. ඇති ඔයින් ගියා... රහස් පරීක්ෂක මිස්ටර් මෝල් (ඩර්) ගේ තවත් වීර කතාවක් ලියනවා නේද?

    කතාව හොඳට ගොඩනගාගෙන ඇවිත් අන්තිමට බෝම්බයක් ගහලා විනාශ කලා වගේ එකක් මට හිතුනා.. අනික අර ඔටු ලන්තෙ හාදයො ටික නම් මහ පාප මිත්‍රයො ටිකක්..:)

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදි සලකා බලනවා ආයිමත් ලියන්න..රිටන් එක දෙයි නේ මයෙ හිතේ..
      බොලා ඔහෙ ඔටුලන්තෙ ඉඳන් කීවට මන් එපාය මෙහෙ ජීවිතේ බේරන් ඉන්න ලිව්වා වගේ නෙවෙයි ඕන්..

      Delete
  4. අප්පේ මේ ඔටු ලන්තෙ යාලුවෝ ටික එවල තියෙන ගැජට්වල හැටි.
    ඔය අස්සෙ චොක්ලට්, සුරුට්ටු වගේ ජාති තිබුණෙ නැද්ද?

    මිස්ටර් ලියන්නට තිබුණනෙ තව ටිකක් මේක ඇදගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මලයා නම් කියයි..අපි කිලෝමීටර් ගානක් පයින් බස් හෝල්ට් වලට යන දුප්පත් ඈයෝ...දැනටමත් බයික් එකක් පිටිපස්සෙන් එනකොට ඇඟේ ලේ වතුර වෙනවා.. නැහ්නම් දනී මන් මේක ඇද ගෙන යන හැටි නම්....

      Delete
  5. ඒ විදියට අනුන්ගෙ පණ බේරගන්න කැමති ළමයි තව ඉන්නවනං පොඩ්ඩක් අපිටත් කියන්න මලේ ...!

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා ගාමිණි අයියෙ..අපි ඉන්ටවීව් එකක් තියලා බලමුද ඔය මොනා හරි ව්‍යාපෘතියක් වගේ එකකට බඳවා ගන්නයි කියලා ! :-D

      Delete
  6. කොටස් දෙකම බැලුවා ඉස්තරම්ම ලියැවිල්ලක් ගෑනු මොනතරම් කැප කිරීම් කරනවද ජීවීත බේර ගන්න..69 නොදැනගෙන් ඉදීම තමයි පුදුමේ...

    ReplyDelete
    Replies
    1. අර තාප රක්ත සෙන්සර් තියෙන එකකින් දෙන පින්තූර සාමාන්‍ය ඒවා වගේ නෙවෙයිනෙ.. මයියා..එකපාරටම අඳුරා ගන්න බැරි වෙන්න ඇති..

      Delete
  7. සුපිරියි වෙනි අයියා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජය මලයා..

      Delete
  8. අර බයානකම දේ හොයාගන්න ගැජට්‍ටුව හැටියට චරිත නිරූපනය කලේ කවුද බං?
    මම නම් ආසම ගැජට්‍ටුව ඒක තමයි.

    මම මේ නිකමට අහන්නෙ, උඹේ බ්ලොග් රසිකයො සෙට් එකම, වැඩේ ලේසි වෙන්න මේකෙ පලවෙනි කොටසෙ සහ මේ කොටසෙ කමෙන්ට් දාපු සෙට් එකයි උඹයි එක කාමරේකට දාලා, ගැජට් එක ඔන් කලොත් කාව අහුවෙයි කියලද උඹ හිතන්නෙ?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක චරිත නිරූපනයක් නෙවෙයි හෙන් රි...තනිකරම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් !
      කාවවත් අහුවෙන්නෙ නෑ..ඒකට හිතා ගන්න බැරි වෙනවා කියිකද වැඩිම භයානක කියලා..ඊට පස්සෙ ශෝර්ට් සර්කිට් වෙලා පිච්චිලා යයි මයෙ හිතේ !

      Delete
  9. පොඩ්ඩක් හිටහං දැන් මං ගමනක් යන්න ලෑස්තිය..ගිහිං ඇවිත් කියන්නං ඉතිරි ටික...

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ ඔය යන ගමනෙ ගමක ඉන්න ගම හාමිනේ කෙනෙක් සෙට් වෙලා එහෙම බින්න බහින්න ලැබේවා !!!!!!

      Delete
  10. හරි ලස්සන කතාවකි...

    ReplyDelete
    Replies
    1. අමිල ඉතින් හොඳයි කියනවා නම් ඉතින් ඇත්තටම හොඳ ඇති !

      Delete
  11. 69 කතාව නම් මරු, හිනාවෙල පනගියා.

    අර බැටන් පොල්ලෙ ගැජමැටික් එක කාන්තා රහස්පරීක්‍ෂකවරියොන්ගෙ ප්‍රයෝජනයට හදපු එකක් වෙන්න ඇති මගේ හිතේ. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කියන්නෙ ඕනිම කෙනෙකුට ගැලපෙනවලු...

      Delete
  12. ඔය 69 කියන්නේ 96 වගේ එකක්ද වෙනි අයියේ ?

    මේක අනු හයේ වර්ල්ඩ් කප් ගහපු රටක්!!!

    ReplyDelete
    Replies
    1. 69 ට ගොඩාක් පාසේ තියෙන එකක් තමයි 96. නිකං නින්ද ගියාම වගේ. :)

      Delete
    2. මාත් CTK ලොක්කගෙන් අහලම කියඥ්ඥංකො

      Delete
  13. මොකද මේ මේක නිකං පල්ලමකින් පෙරලලා වගේ දාල තියෙන්නේ? කලින් එක නම් CTK එකෙන් හෝටලේ බේරගන්න දිරිය යුවතියක් කැපවුන කතාවක් හරි තිබ්බා මේකේ CTK අයිතිකාරයාට ආයේ වෙඩි තියන්න බැරිවෙන්න සැත්කමක් කොරලා..

    ReplyDelete
    Replies
    1. ඔව් ක්සැන්ඩර්...අපි ලියනවා වගේම ජීවිතාරක්ශාව ගැනත් හිතන්න ඕනි නොවැ !

      Delete
  14. මූ නිකන් රහස් පරීක්ෂක නරිසන් වගේ පොරක් නොවැ.....ධාන්‍ය මිනී මරුවා තවමත් නිදැල්ලේ...

    හොඳට හිනා වුනා වෙනි අයියා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ධාන්‍ය මිනීමරුවා තාම නිදැල්ලේ !

      Delete
  15. හපොයි දෙයියනේ.... මට හිනාව නවත්ත ගන්නත් බැරිව ගියා....හික්ස්... නියම කතාව.... :)

    ReplyDelete
    Replies
    1. ඕන් හිනා වෙලා තර උනාට මන් එහෙම වග කියන්නෙ නෑ !

      Delete
  16. හෆොයි නියම කතාවක් නේ. අර ඩයනා ඔක්කමලාව බේරගත්ත විදිය ගැන හොයලා අපිටත් කියන්න. හිකිස්.

    ReplyDelete
    Replies
    1. ඩයනා අර ඉරා ගෙන අයින් කල කොලේ දුන්නොත් අනිවා ඒක ගැනත් ලියන්නම් ! දෙසැරයක්ම බේරා ගෙන තියෙන ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් නොවැ ඩයනා කරලා තියෙන්නෙ..

      Delete
  17. කලිසම අස්සට රිගලා පටස් ගෑව නිසා ජාමෙ බේරිලාද කියලා මට පොඩි සැකයක් ආවා...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් තුවාල වෙන්න ඇති...මයෙ හිතේ.. තව ඉන්වෙස්ටිගේශන් එකකට ගියොත් ඩයනා ගෙන් අහ ගන්න ඇහැක් වෙයි !

      Delete
  18. කලින් කතාව කියවන්න බැරි වුනානේ.මේ කතාව නම් පට්ට අයියා හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් කතා දෙක කියෙව්වනෙ !

      Delete
  19. වෙනි අයියේ සුදු බයිසිමොටෝ එකෙකින් උස්සගෙන යාවි ඔයාව බලාගෙන හොඳේ ...:D
    පට්ට ලියවිල්ල හොඳේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මන් ඒ ගැන මේ දවස් වල බොහෝම සෙවිල්ලෙන් තමයි ඉන්නෙ...මල්ලි

      Delete
  20. මාරයාගේ කොමෙන්ටුව වැටෙන තෙක් බලා සිටිමි. ෆෙඩ්‍රිකා ජෑන්ස් මතක් උනා රත්තරං....

    ReplyDelete
    Replies
    1. ම්හ්හ්හ්හ්හ් මට හිතෙන්නෙ නම් මල්ටි බැරල් එකක්ම එයි වගේ...
      අනේ අසරණ, අහිංසක මන් !

      Delete
  21. මට පෙන්නේ වෙනියට අම්බානකට තද වෙලා අර බම්බු කැමරා කතාවට. අර බැටන් පොල්ල වගේ ගැජට් එක තිරිසන් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. බම්බු කැමරාව... හිකිස්...
      ඔව් ඔව් ඒ උනාට ඒ ගැජට් එක එතන තිබ්බ භයානකම එක නෙවැ සොයා ගෙන තියෙන්නෙ !

      Delete
  22. හෙහ් හෙහ් නියමයි කතාව. එත් කොටස් දෙකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කොටස් දෙකකට කැඩුවා.. හැබැයි ඉතින් සීරීස් එක අරන් යන්න පුළුවන් ...මොකෝ මාස තුනටයි නොවැ ලැයිසම කැන්සල් උනේ

      Delete
  23. වෙනී අය්යා අපේ කතා නායක ..රයා තුමා ආපහු වැඩ පටන් ගත්තොත් අපිටත් දන්වන්ඩ ඕනි ඈ........ඒක නෙවී අර භයානක උපකරනෙ ආපහු රෙපයාර් කරන්ඩ බැරි තත්තෙකද තියෙන්නේ....... ?

    ReplyDelete
  24. පලවෙනි කොටසනම් ඉතාම සුපිරියි. මේක ටිකක් කලබලෙන් වගේ ලියලා තියෙන්නේ.

    මේ වගේ කතා දෙන්නකෝ හැමදාම. (අර බොරුවට පන්දිතකම පෙන්නන්න කරන "අච්චාරු" වැඩෙයි, ගණන් උස්සන්න කරන "සති දෙකකට වතාවක් නම් ලකුණු කිරීමේ වැඩෙයි නැවත්තුවොත් හොඳා)

    ReplyDelete