ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, October 25, 2013

මායි ගෑණියි

එහෙන් මෙහෙන් ඇහැ ගැටුනු පොඩි පොඩි කතන්දර ටිකක මගේම සංස්කරණයක්... ඒ නිසා මේ කතා කොහේ හරි දැකලා තියෙනවා වගේ හිතුනොත්..ඔබ හරි !


------------------------------------------------------------------------------------------

මම බඳින්න ඔන්න මෙන්න කාලෙ වගේ මගේ වෙන්ඩ බිරිය හා ඇගේ යෙහෙළියක් අතරේ වෙච්ච කතා බහක් මගේ සවනට වැටුනේ මෙහෙමයි
මගේ වෙන්ඩ බිරිඳගේ හඬ..


"දන්නවද සුනිලා ලියන්නා හැමතැනම කිය කියා ඇවිදිනවලු එයා බඳින්න යන්නේ ලෝකෙන්ම ලස්සන කෙල්ලයි කියලා "


"නෑහ්...අනේ කෙල්ලෙ අපරාදෙ ඔයා අවුරුදු කීයක් ඔය මනූස්සයව ආශ්‍රය කලාද ? කොහොමටත් වටින්නෙ නෑ  ඔයාට බූට් එක තියන්න නේද ?"


ඒ ඇගේ මිතුරියගේ දුක්බර කටහඬයි...


--------------------------------------------------------------------------------------------------------

එවකට ලෝක ප්‍රසිද්ධව සිටි චිත්‍ර ශිල්පියකු ලවා මගේ බිරිඳගේ රුවක් ඇඳ ගැනීම ඇගේ නොවක් සිහිනයක් වූයෙන් එක් උපන්දිනයක් දා මා ඇයට තිලිණ කලේ එම චිත්‍ර ශිල්පියාවයි..මේ ඔහු හා ඇගේ රුව ඇඳ ගැනීමට පෙර වූ කතා බහෙන් කොටසකි

"මාව අඳින්න ලස්සන දියමන්ති මාලයක්, රත්තරන් වළලු ජෝඩු කීපයක් එක්ක රොලෙක්ස් ඔරලෝසුවක් ඇඬ පැළඳගෙව්න ඉන්න විදියට"


"ඉතින් නෝනට දියමන්ති මාල , රත්තරන් වළලු හරි රොලෙක්ස් ඔරලෝසුවක් හරි නෑනේ"


"නෑ තමයි ඒත් මම හදිසියෙන්වත් මලොත් ලියන්නා සුවර් එකටම තව ගෑණියෙක් ගේනවා..මට ඕනි ඒ ගෑනි ඔය දේවල් හොයලා මේ ගේ දෙක කරලා ලියන්නාව කන්ඩ හදන හැටි බලන්න"

---------------------------------------------------------------------------------------------------------------

මේ මගේ පෙර පෙම්වතියගෙන් ලද ලිපියකි..

මා සදාදරණීය ලියන්නා වෙත සෙනෙහසින් ලියමි...


මා ඔබ හැර දමා සුනිල් සමඟ සම්බන්ධයක් පැවැත්වූවත් ඔබ සිහිවී එදින පටන්  මා හට සැනසිලිදායක නින්දක් ලැබුනේම නෑ..


ඔබ සියල්ල අමතක කර දමා මා හට සමාව දෙනු ඇතැයි සිතන්නේ මා හද ඔබ පිළිබඳව නැගෙන විරහා වේදනා ගිණිජලාවෙන් මා නිරන්තරයෙන්ම පිළිස්සෙන බැවිනි.

මා මෝඩයෙක් වූවත් ඔබගේ තැන ගැනීමට මෙදියත සමත් කිසිවෙකුත් නැත.


මා ඔබේ සදාදරණීය 


කුසුමා


ප.ලි. ඔයාට මහජන සම්පතේ පළමුවෙනි තෑග්ග ඇදිච්ච එකට මට හරි සතුටුයි. මගේ උණුසුම් සුබ පැතුම් !


-----------------------------------------------------------------------------------------------------------------
මා සාලයේ සිටින විට මාගේ බිරිඳට මගේ නැන්දම්මා විසින් දෙන අවවාදයක් මා වවන ගැටුනි...

"දුවේ පිරිමි වැඩිය විශ්වාස කරන්ඩෙපා..හැම මිනිහම එකයි. මම දූගේ තාත්තා ගැන දන්නවනෙ.පොඩ්ඩ ඇත්නම් වෙන ගෑණු පස්සෙ දුවයි"


"අනේ අම්මෙ මම ලියන්නව කොහොමද පරිස්සම් කරගන්නෙ එහෙනම්"


" වියදම් කරහන් උඹම ලියන්නාට වෙන ගෑණුන්ට වියදම් කරන්න සල්ලි නැති වෙන තරමට. එතකොට ඉවරයි"

------------------------------------------------------------------------------------------------------

මගේ බිරිඳ සහ ඈගේ යෙහෙලියක් සතුටු සාමිචියේ යෙදී සිටින්නීය..

"බලන්ඩ අනේ අද වෙච්ච දේ "


"මොකද්ද?"


"මම ටවුන් එකට යන වෙලාවෙ එකපාරටම කටහඬක් ඇහුනා ඔතනින් අඩියක් හොලවන්න එපා කියලා..මම ගල් ගැහිලා බලන් හිටියා"


"ඉතින් ඉතින් ?"


"අර වැඩ කර කර හිටිය බිල්ඩින් එකේ තිබ්බ ලොකු ගලක් මගේ ඉස්සරහටම වැටුනා"


"නෑ"


"ඔව් අනේ..ඊට ටික වෙලාවකට පස්සෙ මම පාර පනින්න හදන කොටම ඒ හඬ ආයිමත් ආවා..මම නැවතිච්ච ඇසිල්ලේම මම ඉස්සරහින් ලොකු ට්‍රක් එකක් බ්‍රේක් නැතුව ගිහින් ඉස්සරහ තිබ්බ කනුවෙ හැපුනා"


"උඹ නූලෙන්නෙ බේරිලා තියෙන්නෙ"


"ඔව්"


"කවුද අර වෝනින් එක දුන්නෙ එතකොට?"


"මම හයියෙන් ඇහුවා කවුද ඔය කියලා එතකොට කියපි..මම ඔයාගේ ආරක්ෂක දේවතාවා කියලා"


අනේ හරි හරි ශෝක්..ඒ දේවතාව තාම ඔයා එක්කද ඉන්නෙ?"


මගේ බිරිඳගේ යෙහෙලිය ඇගේ අත් දෙකම අල්ලා  ගනිමින් උඩ පනී


"නෑ අනේ මගේ කට හින්දා ඒකා යන්ඩ ගියා"


"ඒ මොකෝ?"


"මම ඇහුව"


"මොකද්ද?"


"කොහෙද යකෝ තෝ මගේ වෙඩින් එක දවසේ හිටියෙ කියලා"

----------------------------------------------------------------------------------------------------------

අවසානයේ ගැහැණුන් පිළිබඳ මගේ දාර්ශනික මතය වන්නේ  ගැහැණුන් යනු විවාහයට පෙර මිනිසකු බලාපොරොත්තුවන, විවාහයෙන් පසු ඔහුව සැක කරන , මරණයෙන් පසු ඔහුට ගෞරවාදරය දක්වන අමුතුම සංකීර්ණ සත්වයෙක් බවයි..


මේ මතය දැරීමෙන් ඔබට බිරිඳගෙන් සිදුවන අනතුරු වලට වග නොකොයනු ලැබේ !

57 comments:

  1. අම්මප ඇත්ත මචො

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට නෙට් එකේ ඇහැ ගැටෙන කතන්දර ..දුටුවහම මටත් ඔහොමමයි හිතුනෙ !

      Delete
  2. හෙහ් හෙහ් හෙහ් අපි නම් නොදනී ඔව්ව ඈ ;)

    ReplyDelete
    Replies
    1. රෙප් මහත්තයා දන්නෙ නෑ කියලා අපි විශ්වාස කරයි එහෙනම් ඕන් !

      Delete
  3. අනේ වෙනිය තැන්ක්ස්, මල්ලිය කස...න ...සමාවෙන්න....මල්ලිගෙ රචනාවට කොමන්ට් කරපු එකට පිළිතුරු දුන්නට.
    මේක හෙට කියවල කොමන්ට් කරන්නම්...
    මට අද දවස පුරාම පේන්නෙ අධි වේගී කටුනායක අයිවේ එකේ ඇවිදින කහපාට ටී එක ගහගත්තු ලද තුමාවමයි...!!

    ReplyDelete
    Replies
    1. ඇයි කෙන්ජි අපිටත් එහෙමම තමයි...බලන්ඩකො ඇවිදින අපූරුව..දුවහම ආඩම්බර නැද්ද අප්පේ ?

      Delete
  4. හොද වෙලාවට කෙල්ල තාම බිරිද වෙලා නෑ... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..එහෙම උනා නම් ඉතින් කොසු පාර තමයි මේ ටික පබ්ලිශ් කරන්ඩ ඉස්සෙල්ලා !

      Delete
  5. හයියෝ මේ ටිකමයි අපිට ඔයාලා ගැන හිතෙන්නේ... :D :D

    ReplyDelete
    Replies
    1. :D :D නොදැම්මා නම් වලියක් වත් ඇද ගන්න තිබුනා පොඩි කුමාරිහාමි එක්ක !

      Delete
  6. කොහෙන්ද මේ ටික හොයාගෙන සිංහලට පරිවර්තනය කලේ...ඉංග්‍රීසි ගතිය සම්පූර්ණයෙන් ඇරිලා නෑ සිංහලට පෙරලුවට....

    ReplyDelete
    Replies
    1. ඔය නෙට් එකේ තැන තැන තිබිලා කියවන කොට පොඩි පොඩි නෝට් ගහ ගෙන හිටිය ටිකක්..එහෙමම ඇරලා දැම්මා සිරා මල්ලි..මටත් එහෙම හිතුනා..

      Delete
  7. //වියදම් කරහන් උඹම ලියන්නාට වෙන ගෑණුන්ට වියදම් කරන්න සල්ලි නැති වෙන තරමට. එතකොට ඉවරයි///

    මරු ඈ.... සිරා කතා සෙට් එක.විවාහය බලාපොරොත්තුවෙන් ඉඳිම සැපයි වගේ

    ReplyDelete
    Replies
    1. බ;ලාපොරොත්තු වෙවී ඉඳලා කවදා හරි කොර ගන්නත් එපාය මල්ලියෙ !

      Delete
  8. නියම කතා සැට් එක බං,කොහෙන්ද හොයාගත්තෙ.

    ReplyDelete
    Replies
    1. නෙට් එකේ තියෙන ජෝක් කතා කියවන කොට මම පොඩි නෝට් ගහලා තියා ගත්ත ටිකක් අයියෙ..තව ගොඩක් තියෙනවා හොඳට හදලාම දාන්න ඕනි !

      Delete
  9. මේ මොක නැතත් ඔය රොලැක්ස් ඔරලෝසු කතාව තමයි මට ගොඩක් හිතට වැදුනේ. බලන්නකෝ ගෑනු මොලේ හැඳි මිටේ කිව්වට...............

    ReplyDelete
    Replies
    1. හැඳි මිටේ..අප්පා මොන හැඳි මිටද මල්ලි..ඒ ගොල්ලො ලබන ආත්මෙත් ගැන කල්පනා කරලයි තීරන ගන්නෙ !

      Delete
  10. වෙනී අයියත් පරණ කතා ටිකක් ආයෙම උස්සන් මොකද මන්දා..

    ReplyDelete
    Replies
    1. අළුත් අහ්ඩහස් ටිකක් මෝරමින් තියෙනවා මල්ලි..තාම හරියට මේරුවෙ නෑ ලියන්න තරම් !

      Delete
  11. හරිම ලස්සනයි. බොහොම ඉහලයි.

    ReplyDelete
  12. ආරක්‍ෂක දේවතාවා ඇය අතහැර ගිය පසු බිරිඳ හදිසි අනතුරකට ලක්වී රෝහලේ ය.

    ඇගේ ආදර සැමියා ඇය අසල කඳුළු පිරි දෙනෙතින් යුතඔව අනිමිස ලෝචන පූජාවකය.

    බිරිඳ - ලියන්නා මං මළොත් ඔයා බඳින්න.

    ලියන්නා- පිස්සු කතා කරන්න එපා අනේ මේ වෙලාවේ.

    බිරිද- නෑ, ලියන්නා ඔය පොරොන්දු වෙන්න මං මළාම ඔයා ආපහු බඳිනවා ක්‍රිලා.

    ලියන්නා- මං එක පාරක් කිව්වාවේ. (හඬයි). අනේ ඩාලින් මට තවත් දුක හිතෙන කතා කියන්න එපා. ඔයාට සනීප වෙනවා, අපි තව දවස් කීපෙකින් ගෙදර. ඊට පස්සේ අපි දඹදිව යමු බුද්ධගයාව වැඳලා එන්න.

    බිරිඳ- අනේ ලියන්නා මයා මට පොරොන්දු වෙන්න මං මළාම ඔයා ආපහු බඳිනවාමය කියලා, ඒ විතරක් නොවෙයි, මගේ ගවුම් ටිකයි, ජීන්ස් ටිකක් සේරම ඔයාගේ අළුත් වයිෆ්ට දෙනවා කියලත් ඔයා මට පොරොන්දු වෙන්න ඕනෑ!

    ලියන්නා- (ඉකි ගසමින්) අනේ ඩාලින් ඔය කතාව නවත්වන්න. කොහොමටත් ඔයාගේ ඇඳුම් එයාට ලොකු වැඩියි.

    ReplyDelete
    Replies
    1. මේක මට මතක් උනේ නෑනෙ කශූ..මේකෙ සංස්කරනයක් කීපයක්ම පත්තරෙත් ගියා වගේ මතකයි..

      Delete
  13. තුන් වැනි කතාවට සමානම එකක් රාජ් දාලා තිබ්බා බ්ලොග් එකේ...

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා මේ නෙට් එකේ තියෙන කතාවල මගේ සංස්කරනයක්..ඒකයි මම මුලින්ම ලිව්වෙ ඒ කතාව !

      Delete
  14. මුන් කලින්ම කසාද බැඳලා බඳීන්න ඉන්න අපිව බය කරනවා දුෂ්ට හැත්ත

    ReplyDelete
    Replies
    1. බැඳහන් බන් මැලේ..බැඳලා බයේ ඉන්න එකත් මාර ආතල් එකක් !

      Delete
  15. මේක බලල ගෑනි මොකද කිවිවවෙ...?

    ReplyDelete
    Replies
    1. සිංහල බැරි නිසා ගානක් නෑ...නැත්නම් කොසු පාර තමයි !

      Delete
  16. පිරිමින්ට මේ ලෝකෙ වෙන අසාදාරණේ තරම . අනේ අපොයි .

    ReplyDelete
    Replies
    1. එරෙහිව නැගිටින්න කාලෙ හරියි කියලා හිතෙන්නෙ නැද්ද ?

      Delete
  17. අපේ ගෑනි බ්ලොග් නොබලන නිසාම හොදයි. පිස්සු හැදෙනවානෙ
    :-) :-)

    ReplyDelete
    Replies
    1. එරෙහිව නැගිටින්න කාලෙ හරියි කියලා හිතෙන්නෙ නැද්ද ?

      Delete
  18. වෙනී අයියට ගෙදරින් තර්ජනයක් දාල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඉතින් යුද්ධ ප්‍රකාශ කලා !

      Delete
  19. ලියන්නා සහ කියවන්නා එකම සේවා ස්ථානයේ රාජකාරී කරන දෙදෙනෙකි. දිනක් දෙදෙනා වැඩ ඇරී එනවිට අසල බාර් එකකින් පොඩ්ඩක් අනුමත වී පාර දිගේ ඇවිද ගෙන එති.

    පාරේ ඈතින් කාන්තාවන් දෙදෙනෙක් එනු පෙනේ.

    වහා දිවයන ලියන්නා අසල තාප්පයකට මුවාවෙයි.

    කියවන්නා ද ඒ පසුපස දිව ගොස් තාප්පයට මුවාවේ.

    ලියන්නා- මචං ගැණියි, හොර ගෑණියි දෙන්නා එකට එනවා බං. ඒකයි හැංගුණේ

    කියවන්නා- මාත් හැංගුණේ ඒක හින්දම තමයි බං.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කශූගේ කතා මගේ කතා වලට වඩා හොඳා !

      Delete
  20. අපොයි...එහෙනම්...
    මං බඳින්නේ නෑ නෑ.. මං බඳින්නේ නෑ නෑ.....

    ReplyDelete
    Replies
    1. බැඳහන් බන්..තේරෙනවනේ බැන්ඳෙ නැතුවම මිස් වෙන දේවල් !

      Delete
  21. ඇයි ගෑනු ලමයින්ගේ ෆොටෝ ගන්නවා කියලා නෝනා කැමරාව කුඩු කරපු කතාව වෙනියා දාලා නැහැනේ. :D

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ කැමරාව කුඩු කරලා අඬු දෙක කඩපු කතාවද ? එව්වා පවුල් රහස් !

      Delete
    2. අඩේ උබටත් ගැහුවද....

      අඩෝ මටත් ගැහුව බන්....

      Delete
  22. නටන්නා සහ වයන්නා මරණින මතු අපායේදී හමුවිය

    නටන්නා : අඩෝ වයන්නා උඹ කොහොමද මෙතනට ආවේ.

    වයන්නා : ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉඳලා හීතලට මැරුණා බං, උඹ කොහොමද මෙහෙට ආවේ.

    නටන්නා : මම දවසක් ගෙදර එනකොට මගේ ගෑනි ඇඳුම් නැතුව ඇන්දේ හිටියා , මම හිතුවේ ගෑනි හොර මිනිහෙක් එක්ක ඉඳලා කියලා මම ගෑනිව මරුවා. ඒත් මුළු ගේ පුරාම හෙව්වත් මට මිනිහෙක්ව හොයාගන්න බැරිවුනා. මම දුරදිග නොබලා ගෑනිව සක කරපු එක ගැන මටම පසුත්විල්ලක් ආවා මචන්. ඉතින් මම උඩ තට්ටුවෙන් බිමට පැන්නා ....

    වයන්නා : අපරාදේ බන් උඹ ෆ්‍රිජ් එකේ දොර ඇරලා බැලුවනම් අපි දෙන්නම අද මෙතන නෑනේ

    ReplyDelete
    Replies
    1. ෆ්‍රිජ් එකේ හැංගෙන්නෙ නෑ ! ආයිමත් නම්...

      Delete
  23. කෝ මම බලාපොරොත්තු වෙච්ච තරම් විරෝධයක් මේ පෝස්ට් එකට කාන්තාවන්ගෙන් ලැනුනේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කාන්තාවො මට ආදරෙයි හෙන්‍රි ඒකයි !

      Delete
  24. නියමයි ලියන්නෝ!!!!!!!!!!!!!!!

    ReplyDelete
  25. ගෑනු තමයි ගෑනු....

    ප.ලි.- මහජන සම්පත ඇදුනට මගෙත් සුබ පැතුම්....

    ReplyDelete
  26. නියම කතා සෙට් එක !

    ReplyDelete
  27. ගෑනුන් ගැන කතා කර පලක් නැත..... ඔවුන් ගැන කතා කරනවාට වඩා "දිවි නහගන්න එක හොදය"

    ReplyDelete
  28. නියම කතා තික වෙනියෝ.

    ReplyDelete
  29. හ්ම්ම් ඔන්න ඔහොමයි වෙනි මල්ලිට ගෑනු එපා උනේ..

    ReplyDelete