ඌ ලියන්නා ඇයි අපි එහෙනම් මලවනවද මේ ?
මේ කතාව බොහොම තැන් වල කියවෙච්ච සහ මගේ මූණටම අහපු ප්‍රශ්නයක් උණ නිසාම මගේ බ්ලොගය ඇයි ලියන්නා කියන නමින් දැම්මෙ කියන කතාව තමයි මේ කියන්න යන්නෙ.
මගේ උපන් ප්‍රදේශයේ කීප දෙනෙක්ම මේ බ්ලොග් එක කියවනවා කියන එක වාරයක් දෙකක්ම කමෙන්ටු වල සටහන් වෙලා තිබුණා..ඒ නිසා මේ කියන කතාවට අදාළ කෙනා ගැන ඒ අය හෝ ඒ අයගේ වැඩිහිටියෝ හොඳටම දන්නවා. කඳු වැටි කීපෙකටම වට වෙච්ච තේ පොල් රබර්, වී සහ මහ කැලෑ වල් තියෙන ගමක් වෙච්ච අපේ ගම වටේම යහමින් පතල් කර්මාන්තයත් තිබුණා.. හරි හමන් යන්ඩ එන්ඩ පාරක් නැති ගමට ලයිට් නැති 80 දශකයේ මුල් භාගය මම පාසල් සිසුවෙක් එතකොටත්..පාසලේ 6 නැත්නම් 7 පන්ති වලට එහා ගිය කොල්ලො එච්චරම හිටියෙ නැත්තෙ ඉස්කෝලෙන් කට්ටි පැනලා පතල් කර්මාන්තෙට යන පෙළඹවීමක් තිබුණ නිසයි...
ගමේ හිටියා ලියන මහත්තයා කියලා දරුවො හය දෙනෙක් නැත්නම් හත් දෙනෙක් හිටපු මැදි වයසෙ කෙනෙක්. අදටත් නියම නම දන්නෙ නෑ. ලියන මහත්තයා කියන නමින් තමයි හැමෝම දන්නෙ. ඔහු සැබවින්ම ඔය කඩ වල් වල එහෙම පොත් පත් ලියපු කෙනෙක්. එහෙම නැත්නම් ගනුදෙනු ලියපු කෙනෙක්. එහෙමයි ඔහු ලියන මහත්තයා උණේ. ඔහුගේ කන් ඇසෙන්නෙ නෑ. ඔහු හෝ ඔහුගේ පවුලේ අය ඉදිරියේ හැමෝම ලියන මහත්තයා කීවට නැති තැන ලියන්නා නැත්නම් බීරා කියන නමින් තමයි අපේ ගමේ අය කතා කළේ. ඒ කාලෙ ප්‍රසිද්ධම වාහනයක් වෙච්ච පුට් බයිසිකලයක් ඔහු සතු උණා.. ඔහු පුදුම විදියට ළමයින්ට ආදරේ කළා. අපි පාරෙ යනවා දුටුවොත් කට පුරා හිනා වෙලා බයිසිකලේ නවත්තලා ඔළුව අත ගානවා. ඒ වගේ කරුණාවන්ත කෙනෙක් මම දැකලම නෑ ඒ කාලෙ. ඒ වගේ මයි සමහර දවස් වලට පාර අයිනෙ ඉන්න අයට ටොෆී, ලොසින්ජර එහෙම නැත්නම් පණු පෙති කියලා අපි කීව පෙපර්මින්ට් පෙති වගේ ඒවා අරගෙන දීලා ඔළුව අතගාලා යනවා.
හිනාවීම හැර කතාවක් බහක් කරනවා කිසිම දවසක අපේ කනට නොඇහෙන නිසාම ඒ කාලෙ අපිට ලියන්නා මාම ගැන තිබුණේ අමතක නොවෙන පුදුම විදියෙ බැඳීමක්.. හිතන්න කිසිදා කතා නොකරන නමුත් සිනහා වෙන මොනා හරි පැණි රහක් දීලා ඔළුව අතගාලා යන වැඩිහිටියෙක් ගැන කුඩා උන් වෙච්ච අපි තුළ ඇති උණ හැඟීම මොන වගේද කියලා.. පස්සෙන් පහු කන් නොඇහෙන නිසා කතා නොකරන බව අපිට තේරුම් යන වයසෙදි අපිත් ඒ කාරුණික බවට කෘතඥතාවයක් විදියට කටපුරා හිනා වෙන්න පුරුදු උණා.. ඒක ලියන්නා මාමට ලොකු සතුටක් උණා කියලා දැනෙන කොට අපිටත් හරි ආඩම්බරයි.
බ්ලොග් එකට හොඳ නමක් මොකද්ද කියලා හිත හිතා උන්නු කාලෙදි මොන හේතුවකට හරි මේ කාරුණික මනුස්සයා මගෙ මතකෙට ආවා..පස්සෙන් පහු හිතන කොට..අච්චාරුවක් වගේ ලියන්ඩ හිතන් උන්නු මගේ බ්ලොග් එකට නොගැළපුණත් මගේ පුංචි කාලෙ තිබ්බා ඒ සොඳුරු මතකයක් එක්ක ලියන්නා නමම තෝරා ගත්තා..
එහෙම නැතුව මහ ලොකු ලිවීමක් කරන කෙනෙක් කියන අර්ථය නෙවෙයි මෙතන තියෙන්නෙ
ඇයි අපි ලියනවා නෙවෙයිද මලවනවද කියලා අහන අයට ඇයි මම මේ නම තෝරා ගත්තෙ කියන එක පැහැදිලියි කියලා හිතෙනවා..
මිය ගොස් කාලයක් උණත් අතීතයේ මතක මං ඔස්සේ හිත සක්මන් කරන කොට ඇදිලා එන ජීවිතේට සමීප උණු ලියන මහත්තයා..වගේ ආදරණීය කෙනෙක් වෙන්න තිබුණා නම්...කියලා හිතෙන කොට නම් දුක වගේ හැඟීමක් හිත වෙලා ගන්න එක වළක්වන්න බෑ කොහොමටවත්ම..
දැම්ම නිසා අයියේ උඹ නම මේකට ලියන්නා
ReplyDeleteඅපි මලවන්නෝද කියලා අපත කොලුවො අහන්නා
හදිසියෙවත් දැම්මා නම් කියලා උඹ ....න්නා
මොනව අසාවිද මන්දා රටෙත් නොහිට දුවන්නා
ගණන් ගන්න එපා වෙනී අයියේ වෙන එකක් දැම්මත් මොකක් හරි ලෙඩක් හදාගෙන හරි තව එකක් අහයි.
ඉවාන්,
Deleteමරු බං..!
supiri piri ithiri
Deleteඉවාන් මල්ලියා ප්‍රතිචාර දෙන්නෙත් කවියෙන්.
Deleteඑළකිරි කොල්ලො....!
:D
Deleteටොපි පාර්සල් දෙකයි පුට් සයිකලයයි විතරයි ඕන ලියන්න මාමෙක් වෙන්න.. හැබැයි කැත හිත තමා අවුල...
ReplyDeleteහොද නමක් නෙව දාලා තියෙන්නේ.
ඔව් උඹ මලවනවා තමයි කෙලින් කියන්නේ.. හැක්..
හොඳ වෙලාවට ලියන්නා කියල නම දැම්මෙ.. නැත්තං ඔය අපතයෝ මොනව අහයිද දන්නෑ... හි හි
ReplyDeleteඉස්සර හැම ගමකම වගේ ලියන මහත්තයලා හිටියා. එක වර්ගයක් තමයි කඩවල් වල ගණන් හිලව් පොත්පත් නඩත්තු කල පුද්ගලයා. රජයේ කාර්යාල වල ලිපිකාර වෘත්තියේ හිටිය අය අපි බොහොම කුඩා කාලේදී අපේ ගම්වල හැඳින්නුවේ, සරුව ජනෙල් කන්තෝරුවේ :D (Surveyor General's Department) ලියන මහත්තයා, කච්චේරියේ ලියන මහත්තයා ආදී වශයෙන්.
ReplyDeleteසුන්දර මිනිහෙක් නේද
ReplyDeleteඅය්යෙ උඹ විස්වාස කරාවිද මන්දා..? මටනම් ලියන්නා කිව්වම ආවෙ ඕය කියපු විදියෙ හැඟීමක් තමා..මොකද අපේ ගමෙත් ඔහොම ලියන්නෙක් හිටිය.චරිතය පමනක් වෙනස්.
ReplyDeleteබ්ලොගේට මොන නම දැම්මත් ඒ මොකද කියල අහනව ඒක එහෙමම තමයි...මටත් මතක් වෙන්නෙ යකෝ අපේ ගමෙත් හිටියනෙ ලියන මහත්තයෙක් කඩේක වැඩකරපු...ඒ ඇවිල්ල හැත්තෑව දශකයෙ මැද බාගෙ වාගෙ...ගමෙන් ගියා ගියාමයි දැන්නං ඉන්නවද මළාද දන්නෙ නෑ.
ReplyDeleteඅතීතයේ සුන්දර මතක හදවත් කැටපත් පවුරෙහි ලියැවු කුරුටු ගී වැනි.....
ReplyDeleteබ්ලොග් ලියන්නත් පුලුවන්.. මලවන්නත් පුලුවන්.. ගමේ උන්ගෙන් තමා බේරෙන්න බැරි..
ReplyDeleteරෙද්ද..
උබ ලියපං ලියන්නා..
කොච්චරනම් සුන්දර මනුස්සයෙක්ද නේද?මේ විකාර ලෝකේ ඒ වාගේ මිනිස්සු අඩු වෙන්නේ ඇයි?
ReplyDeleteආ ආ ඒකයි මේ කතාව.. ඒ ලියන්නගේ පුරුද්දටම වෙන්ට ඇති අයියා මේ අහල පහලින් කොල්ලෙක් ගියත් අතගානවා කියන්නේ..?
ReplyDeleteහප්පේ ඉතිං ඕකටත් අපේ එකාලා දාහක් හරුප කියනවා නෙව...
බලපුවහම මේක අහඹුවකින් වැටිච්ච සුපිරි නමක්නේ!
ReplyDeleteමං හිතාගෙන හිටියේ වෙනිගේ මූණ නිකං ල යන්නට ඉස්පිල්ලක් දැම්මාම වගේ උසට රවුමට පේන නියා ලියන්නා කියලා නම පට බැඳුනා කියලයි. ;-)
ReplyDeleteමම කියන්න හිටපු එක, "ඉවාන් පවුලූෂා" කවියෙන්ම කියලා තියෙන්නේ. කොහොම උනත් උඹ ආයේ ලියන එකනම් හොඳයි. අනේ තොගේ කැමරාව කැඩෙනවනම්... මට ඊට එහා සතුටක් නෑ.. මූසල කැමරාව...
ReplyDeleteවෙනියෝ ඉවාන් කියලා තියෙන නමින් කතා කරන්න කලින් මට මේල් එකක් එවපන්
ReplyDeleteayilas419@gmail.com වලට.
මේ පැත්තෙත් හිටිය ඔය වගේ ලියන්නෙක් මිනිහනං කළේ කේන්දර බලන එක.
ReplyDeleteහැබැයි ඉතිං ලිව්වට කමක් නෑ දකින දකින එක අතගාන්න යන්න එපා. :D
තාම හම්බවෙන්න නැතුව ඇති. :D
හැබැයි සමහර ලියන්නො ඉන්නව ඔය මනුෂ්‍යාගේ අනිත් පැත්ත තිබෙන.
ReplyDeleteඒ වගේ කාරුණික මනුස්සයෙක්ගෙ මතකය ජීවිතකාලෙටම නොමැකී තිබෙනවනේ...
ReplyDeleteකොහොම උනත් වෙනී ලියන්නා උන හැටි ගැන කිව්ව එකත් හොඳා.
// පුට් බයිසිකලයක්// ද
ReplyDeleteපුෂ් බයිසිකලයක් ද
මේ .. ඒ කාලේ වගේ නමේ හොඳද .. මේ දවස් වල එහෙම පොඩි උන්ට ටොපි චෝකොලට් දීල ඔලුව අත ගන්න තිය ගන්න එපා,... කොහෙන් වේවිද දන්නේ නැහැ .....
ReplyDeleteෂෝයි ගමක් තමා...
ReplyDeleteඒ උණාට මම දන්න එකම ලියන්නා ඔයා විතරයි වෙනී...:)
ReplyDelete>> අපි පාරෙ යනවා දුටුවොත් කට පුරා හිනා වෙලා බයිසිකලේ නවත්තලා ඔළුව අත ගානවා. ඒ වගේ කරුණාවන්ත කෙනෙක් මම දැකලම නෑ ඒ කාලෙ. ඒ වගේ මයි සමහර දවස් වලට පාර අයිනෙ ඉන්න අයට ටොෆී, ලොසින්ජර එහෙම නැත්නම් පණු පෙති කියලා අපි කීව පෙපර්මින්ට් පෙති වගේ ඒවා අරගෙන දීලා ඔළුව අතගාලා යනවා. <<
ReplyDeleteඋඹ ලියන්නා වුනාට අද නම් ඔය වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඇයි කියලා දන්නවනේ.
//මිය ගොස් කාලයක් උණත් අතීතයේ මතක මං ඔස්සේ හිත සක්මන් කරන කොට ඇදිලා එන ජීවිතේට සමීප උණු ලියන මහත්තයා..වගේ ආදරණීය කෙනෙක් වෙන්න තිබුණා නම්...//
ReplyDeleteසමහර වෙලාවට ලියන්නා බ්ලොග් එකත් ආදරණිය මතක එකතු කරපු තැනක් වෙන්න ඉඩ තියේවි අනාගතේදි..ඒක රැඳිලා තියෙන්නේ වෙනී අතම තමා..
උඹ මලවනවා නම් අපි මැල්ලුම් කන්න එනවා.
ReplyDeleteසුන්දර මනුස්සයො.. අපේ අම්මත් පොඩි කාලෙ ඉදන් කියල තියෙන්නෙ කොලුවො පාරෙදි කාව හරි දැක්කම පුම්බං ඉන්නැතුව හිනාවෙයං කියලා.ඒක සමහරු ඉන්නවනේ අපි හින උනත් ඔරවං යන එකාල.. දැක්කාම හිනාවෙන්න නෙමේ ආයෙ හිතෙන්නෙ :/
ReplyDeleteඇත්තයි.. නම්බුකාර විදිහට ලියන මහත්තයගෙ තෝම්බුව කියල මේකට නම දැම්මා නං ඒත් අපි ලියන්නගෙ කඩේ කියල නමක් හදනවානෙ..
ReplyDeleteඒ වගේ අතීතයක් මතක් කරන ඒක කොතරම් දෙයක්ද.
ReplyDelete