ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Monday, August 26, 2013
ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය
ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය
සෙනසුරාදා හවස් ජාමෙ ගතකරපු සහ සාම්පල් සහ ඒ වෙලාවෙ හදලා දීපු කෑම බීම ජාති කාලා බඩ පුරවා ගත්ත ප්‍රදර්ශනය..
අපේ යාළු මිත්‍රයෝ කිහිප දෙනෙක්ම හිගින් තිබුනා කියලා උනත් හමු උනේ නම් අපේ අමිල මලයා විතරයි..එළවළු පලතුරු අහුරලා තියෙන ස්ටෝල් එකක බෙල් පෙපර් ගෙඩි දෙකක් ෆොටෝ ගන්ඩ ගිහින් ඒ දෙකට දෙන වදය දැකලායි මම පොඩ්ඩක් නැවතිලා බැලුවෙ..බිම දිගා වෙලා ඉඳලා කැමරාවත් උස්සගෙන නැගිට්ට වෙලාවෙ මාව දැකලා කථා කරා..
අනිත් අය නම් ගිහින් මට කතා කලා..සමහරුන් ගිය බව දුටුවෙ මූණු පොතේ බෙදා හදා ගතපු ෆොටෝ වලින් තමයි..
ෆොටෝ විතරයි..පෙර සැකසුම් ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය
Subscribe to:
Post Comments (Atom)
ලස්සන පිංතූර ටික.
ReplyDeleteගෞරවය යන්නෙ ප්‍රදර්ශනය සංවිධානය කරපු අයට..රාජ්
Deleteබිම දිගා වෙලා ගත්ත ඒවා ඇඩල්ස් ඔන්ලි ඒවද අයියේ@@@
ReplyDeleteඅමිල මල්ලි ඒවෙලාවෙ නම් ගත්තෙ එළවලු වල ෆොටෝ
Deleteමමත් සෙනසුරාදා සවස ඔතනින් ගියා, තනියම යන්න කම්මැලි නිසා ප්‍රදර්ශනේ බලන්න ගියේ නැහැ. උඹ යනවා කියලා කිවනම මමත් එනවා.
ReplyDeleteකොහොමද දෙන්න එක්ක බිම දිගා වෙලා පොටො ගගහ හිටියනං හෙම.. මැවිල පේනවා. උඹ නොගිය එක නං හොදා. අයියේ..
Deleteඒ මොකද මලේ, වෙනියා බිම දිගාවෙලා ෆොටෝ ගැහුවද?
Deleteඔය කියල තියෙන්නේ බිම දිගා වෙලා නැගිටින කොටයි අමිලව දැක්කේ කියලා...
Deleteමල්ලියේ මේකා ඒ බිම දිගා වෙලා තියෙන්නේ ෆොටෝ ගන්න නෙවේ, එදා මේකට වැඩි වෙලා.
Deleteඅයිලාස් ආවනම් නියමයිනෙ..මම නෙවෙයි බිම දිගා වෙලා ෆොටො ගත්තෙ ඒ අමිල ලමයානෙ..
Deleteඒක ඇවිල්ලා වෙනි අයියේ කලාකාමී ඡායාරූපයක්. බිම දිගා වෙලා අමුතුම කෝණෙකින් ගත්තේ. :D
ReplyDeleteඔව් ඔව්..ඒ මම ටක් ගාලා බැලුවෙ අහල පහල කොටට කොටේ ඇඳන් ඉන්න ඈයො කවුරුවත් ඉන්නවද කියලයි..
Deleteමොකක්ද බොල වෙනී අයියේ මේ තියෙනා ෆොටෝ
ReplyDeleteකෙල්ලෙක්වත් කොටට ඇඳලා නෑනේ ඉතින් මොටෝ
ඔන්න අපේ නලින් අයියා ගැහුවා නියම ෆොටෝ
බල්ලෝ නෙවෙයි හිටියෙම බොල කෙල්ලෝ නටෝ නටෝ
මේක බලන්න යන්න නම් බැරිවුනා, එත් අනිවා වෙනී අයියාගේ කැමරාව ඒ පැත්තේ කැරකෙන් අනිසා බය නැතුව ඉන්න පුළුවන් ෂුවර් එකටම මේකෙන් බලන්න පුළුවන් නේ.
කවි පෝස්ටුවක්ම දාන්ඩකො මල්ලි..කමෙන්ට් වලත දාන්ඩ ඉතින්..අපේ මාතලන් රාජ් එහෙමත් ටොප් එකට ඒක කරලා තිබ්බෙ...
Deleteපිංතුර ටික හරි වටිනව.සමහර පිංතුර ෆෝගස් අවුට්.අර කෑම කවන්නෙ කුමාර් ධර්මසේන කියල හිතුන.
ReplyDeleteඅර EGB කොන්ඩ වහල්ල ඉස්සරහට දාගෙන කෑම/බීම දෙන තැන්වල නම් හරිම කැතයි.
මෙදා සැරේ ටිකට්ටුවට හරියන්න බඩ ගෙඩිය පුරෝගත්තෙ නැද්ද?
ඔව් කෙන්ජි ෆොටෝ ටික එඩිට් කලේම නෑ..ඒ විදියටම දැම්මා..මේ දවස් වල පොඩ්ඩක් බිසි සහ ලැපාත් නිතරම ලෙඩ වෙනවා..
Deleteවෙනී අයියා අමාරුවෙන් අඹ ඉල්ලපු පාටක් පේන්ට තියේ :-)
ReplyDeleteඑතන නම් බොහොම ආකර්ශනීයයි...ටිකක් වෙලා බලා ගෙන හිටියා
Deleteපින්තූර තව ටිකක් ක්ලෝස් වුනානම් ගොඩක් ලස්සනයි.ඔක්කොම වගේ තියෙන්නෙ දුර පින්තූරනෙ වෙනී.
ReplyDeleteඑඩිට් කලේ නෑ අයියෙ..ඒකයි
Deleteඑතකොට කෝ කාපුවා, දැකල හරි බඩ පුරව ගන්න.
ReplyDeleteඅත් දෙකේම කෑම පුරවගෙන ෆොටෝ ගන්ඩ බෑ මල්ලි..
Deleteපින්තූර ටික ලස්සනයි.:)
ReplyDeleteපින්තූරවලට හිටි අය නෙ ලස්සන පොඩ්ඩියෙ
Deleteමොකද බං පින්තූරත් පොඩි කරලා අකුරුත් පොඩි කරලා තියෙන්නේ?
ReplyDeleteඔව් ෆොටෝ එඩිට් කරන්න වෙලාව තිබ්බෙ නෑ හෙන්‍රි
Deleteනිකං බොරු කියන්න එපා වෙනී අයිය. කෝ කෑම ගිලපු ෆොටෝ.
ReplyDeleteතනියමනෙ ගියේ මල්ලි..පැත්තකට වෙලා කාලා බීලා වෙලාව තියෙන තියෙන වෙලාවට විතරක් ෆොටෝ ගත්තා..
Deleteවෙනි අයියා අරන් තියෙන්නේ කෑම වල ෆොටෝ වලට වඩා කෑම බෙදන්න හිටපු ගෑලු ළමයිනේ ඒවානේ :D :D
ReplyDeleteලස්සන දේවල් දිහාවට කැමරාව හැරෙන්නෙ මටත් නොදැනීම මල්ලි
Deleteකාපුව දැම්මෙ නැති එක තමයි අවුල
ReplyDeleteසෙනඟ පොර කකා කෑවෙ..මාත් ඉතින් ඒ තැන් වල ටිකක් බිසි උනා..
Deleteතනියම කනවාට වඩා මේ වගේ බෙදා හදාගෙන කන එක කොයිතරම් දෙයක්ද ? ඒ කීවේ මේ වගේ පිංතූර වලින් හරි අපට මේ අවස්ථාව බලන්න ලබා දුන්නාට බොහොම ස්තුතියි .
ReplyDeleteඉස්සරහ සති අන්ත වල දිගටම ප්‍රදර්ශන තියෙනවා.. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එනවනෙ ලබන 14 වෙනිදා ඉඳන්..
Deleteවෙනීට බොහොම ස්තූතියි.රටඉඳි ගහක්ද එක ෆොටෝ එකක තියෙන්නේ?
ReplyDeleteයන්න බැරිවෙච්චි එකේ පොටෝ ටිකවත් ඇති අප්පා..තැන්කූ වෙනී..
ReplyDelete