ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, August 22, 2013

බ්ලොග්, ප්‍රදර්ශන සහ කමෙන්ට්..අතීතකාමයද මන්දා ?

Pro Food Pro Pack 2013 Ag Biz trade fair for National Agri Business 2013  මේ ප්‍රදර්ශනය මේ සැරෙත් තියෙන්නෙ ලබන 23,24, 25  BMICH එකේ තියෙනවා..මේක පෙරසැකසුම් ආහාර පාන සහ පෙර සැකසුම් ආහාර පාන දවටන..සිංහල පරිවර්තනය හරි ඇති මයෙ හිතේ..එක්කම කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනය..මේ ප්‍රදර්ශනය උදේ 10 ඉඳන් හවස 8 වෙනකම් තියෙන්න නියමිතයි.



2011 දි තිබ්බ මේ ප්‍රදර්ශනයට ගිහින් මම මගේ බ්ලොග් එකේ මුලම කාලෙ ලියපු ෆොටෝ සහ කුඩා විස්තරයක් සහිත බ්ලොග් පෝස්ට් දෙකක් මගේ ඇහැ ගැටුනෙ ඉබේමයි. ඒ පෝස්ට් දෙකට ලින්ක් මේ තියෙන්නෙ..

http://www.liyanna-liyanna.blogspot.com/2011/08/01.html


http://www.liyanna-liyanna.blogspot.com/2011/08/2.html

පරණ පෝස්ට් එකක් කියවද්දි අපි ආසාවෙන් කියවන්නෙ ඒකට වැටිච්ච කමෙන්ට් ටික..ඒ කාලෙ බ්ලොග් එක ලියලා මාස දෙකයි. මේ තියෙන්නෙ ඒ කමෙන්ට් ටික..බලද්දි මගේ හිත පිරුනෙ.මේ කමෙන්ට් දාපු සමහරෙක් අද කෝ කියන සිතුවිල්ල සහ අනිත් අය කොයි තරම් නම් අපේ ජීවීතේට ලං වෙලාද කියන සතුට පිරිච්ච හැඟීමක් එක්ක  ..

\\නදීAugust 28, 2011 at 10:15 PM

ඔයාට නම් නියමයි.අල්ලපු වැටේ නේ.මමත් ආසයි එහෙම ප්‍රදර්ශණ බලන්න යන්න.ඒත් යන්න වෙන්නෙ නෑනේ. \\

නදී මුල කාලෙ ඉඳලම මගේ බ්ලොග් එක හිටපු සොයුරියක්..අද නම් දකින්න නෑ..මගේ පාඨකයන් සමූහයෙන් ගිලිහිලා ගිය කෙනෙක්..හැබැයි කාලයක් හිටියා..ලොකු දිරියක් දුන්නෙ..

\\DudeAugust 28, 2011 at 11:24 PM
අර ඇතුලෙ ඉන්න එකා මල ඇනයක්නෙ වෙනී.කොහොම හරි ඉතුරු ටිකත් ලියන්න. මමත් හරි ආසයි ඔය ජාතියෙ ප්‍රදර්ශණ බලන්න.\\

හෙන්රි ඩූඩ්. බ්ලොග් අවකාශේ නොදන්න කෙනෙක් නැති සහෘදයෙක් නෙ අද වෙන කොට...එදා ඉඳන් අද වෙනකම්ම...මොන තරම් සුන්දර මතකයන් තීයේද ? ලංකාවට ආවහම පුළුවන් විදියට හමු වෙනවා..සයිබර් අවකාශෙට පිං සිද්ධ වෙන්න..

\\WeniAugust 29, 2011 at 4:27 AM
@ නදී - සහ ඩූඩ් - එන්න දෙන්නම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ලබන මාසෙ 11-25 වගෙයි මගෙ මතකයෙ හැටියට තියෙන්නෙ..මම හැමදාම වගේ ඒකට නම් යනව
@ඩුඩ් - ඔව් අප්පා ඒකා මේ ළඟදි ඉඳන් මං කරන්න හදන එව්වට හරස් කපනව වැඩියි..හැබැයි මගේම හොඳට තමයි..\\


\\හරී - පිණිපළසAugust 29, 2011 at 9:14 AM
පොත් ප්‍රදර්ශනේ මතක් වෙනකොට දුකේ බෑ අප්පා,, ඒක නෙමේ ඔය යන යන ප්‍රදර්ශන ගැන විස්තර ඔක්කොම ලියන්නකො අපිටත් දැන ගන්නම\\

පිණි පලස ලියන හරී ත් මගෙන් ගිලිහිලා ගිය පාඨකයෙක්

\\ObserverAugust 29, 2011 at 12:35 PM
බලාගෙන යනකොට Weni ත් මට වඩා චුට්ටනෙ බාල. ඔව්..වොව්...40 පනිනකොට සීනි විතරක් නෙමේ, තෙල් පිටි දෙකත් අඩු කොරල දැම්ම නං හොඳා. චොකලට් වල සීනිය්, තෙලුය් දෙකම සෑහෙන්න තියෙනව. හැබැය් ඕව ඔක්කොම කැපෙනව මද්‍යසාර කියන ජාතිය චුට්ට වෙන්න පාවිච්චි කලොත්.\\

ජීවත්ව ඉන්නකම් ඔබා අයියා අපිට දීපු සපෝට් එක බ්ලොග් එකට අනන්තයි අප්‍රමානයි..ඊට පස්සෙ අපි සේරම අඬවලා යන්නම ගියා..අදටත් ඔබා අයියගෙ අඩුව පිරවුනේ නෑ..

\\WeniAugust 29, 2011 at 2:33 PM
පිණි - හා මන් ලියන්නම්.. මේකෙ ඉතුරු ටිකත් ලියන්නම්..ඇයි පොත් එකට එන්න බැරිද?
@ ඔබ්සර්වර් අයියා.. මගෙ එකේ තියෙන්නෙ ඇත්තම විස්තර තමයි.. මන් හිතුවෙ දන්නව කියල..හැබැයි 40 ඉඳන් 50ට අවුරුදු 10ක් තියෙනෝ... හොඳේ...\\

\\ObserverAugust 29, 2011 at 4:24 PM
50 නෙමේ දැන් 58 ත් පැනල.\\

\\DudeAugust 30, 2011 at 10:50 PM
හෙලෝ ඔබා. ෆොටෝ එක වෙනස් කරල නේද? කොහෙද ඔය ඉඳන් ඉන්නෙ ටොයිලට් එකේ වගේ පේන්නෙ.
henryblogwalker aka Dude\\

\\ranjithAugust 31, 2011 at 3:11 PM
මම තෙ බොන්නෙත් ඔය එකක...\\

රන්ජි අයියව නම් දන්නෙ එෆ්බී සහ බ්ලොග් වලට එන්න ඉස්සර අපි පරණම කාලෙ ෆන් එල්කේ එකේ ෆන් ගන්න කාලෙ ඉඳලම...කීප සැරයක්ම හමු වෙලා තියෙන පරණම හිතවතෙක්..හමු වෙන්න උදව් උනේ සයිබර් අවකාශයම තමයි

\\නදීAugust 29, 2011 at 4:01 PM
මෙයා ගිහින් කාල කාල ඇවිත් වගේ.\\

\\prasanna86kAugust 29, 2011 at 4:11 PM
මෙයා කාලා කාලා විතරක් නාලාත් ඈවිල්ලා වගේ....\\

පස්සෙන් පහු ගෝල්ඩ් ලීෆ් උනත් ගෝල්ඩ් ෆිශ් මාළුවා..අදට බ්ලොග් එක කියවලා කමෙන්ට් නොකලත්..සෙට් වීම් වලදි නිතර හමු උන චරිතයක්..තාම අර වර්ඩ්ප්‍රෙස් එකේ ඉන්න නිසා උගේ බ්ලොග් එකට කමෙන්ට් කිරීම නම් කරන්නෙ නෑ.

\\හරී - පිණිපළසAugust 29, 2011 at 4:18 PM
රු. 40 කට ඔච්චර කෑව මදැයි අද කාලෙ,, අර ජින්ජර් බියර් බීමට දාන්නෙ මින්චි කොළයි, ජින්ජර් බියරුයි විතරද? හදලා බලන්න ඕනි\\

\\ObserverAugust 29, 2011 at 4:21 PM
මේක තාමත් අර රුපියල් හතලිහ ගැන කතාව.....බඩ පැලෙන්න කාල බීලත්.\\

\\WeniAugust 29, 2011 at 4:43 PM
@ නදී - මට දුක අපරාදෙ සෙනසුරාදා යන්න බැරි වෙච්ච එක ගැන..
@ ප්‍රසන්න - අපි එහෙම තමයි තැනකට ගියොත්..
@ පිණි - ඔව් ඔය සෙනඟ අතරෙ ඉඳන් බලන කොට දැක්කෙ.. අයිස් කැටයි..මින්චි කොලයි..මන් හරියටම දන්නෙ නැහැ නම මින්චිද කියල.. අර මෙන්තෝල් රහක් තියෙන කොල..ජින්ජර් බියර් තමයි..
@ ඔබා අයියෙ.. - මන් එහෙම කිව්වෙ මොකද දන්නවද.. ගොඩාක් අය ප්‍රදර්ශන බලන්න යන්නෙ නැහැ.. අපෝ.. ටිකට් ගන්නත් උනා.. අපරාදෙ සල්ලි කියල දුක් වෙන නිසා..\\

\\ඉන්දිකAugust 29, 2011 at 8:05 PM
affaa..යන්න හිතෙන විදියට ලියල තියෙනව!\\

එකේ වාට්ටුව ලියපු ඉන්දික...වැඩ අධික කම නිසා වෙන්න ඇති පේන්න නැත්තෙ..ඒ කාලෙ කොයි තරම් වටින බ්ලොග් එකක්ද ?

\\WeniAugust 29, 2011 at 8:47 PM
ඊළඟ ප්‍රදර්ශනේට එන්න ඉන්දික..හැබැයි මෙහෙම නොමිලෙ කෑම දෙන්නෙ කෑම ගැන තියෙන එව්වයෙ විතරයි..අනිත් දවසට පර්ස් එක හිඳෙනව..\\

\\KasunAugust 29, 2011 at 10:43 PM
මම ඉස්සෙල්ල කියෙව්වෙ මේක. විකාර වුනා එක පාරට. පස්සෙයි ටොපික් එක දැක්කෙ. ඊට පස්සෙ ගිහින් මුල් කොටස බලල ආවෙ. අනිවා 40ක් දීල 4000ක විතර කෑම වලට ශොට් එක දෙන්න ඇති\\

කසුන් දැන් ලියන්නෙත් නෑ..ෆේස් බුක් එකේ දැක්කෙත් නෑ ළඟදි..මොකද උනේ මන්දා ?

\\ChammAAugust 29, 2011 at 11:10 PM
ෂික් ,අපිට සෙට් වෙන්නේ නැහැ නේ ඔය වගේ එව්වා
චම්ම පෙරේරා ත් අද මගේ බ්ලොග් එකෙන් ගිලිහිලා ගිය පාඨකයෙක්\\

\\WeniAugust 30, 2011 at 6:36 AM
@ කසුන් - මට මුලින්ම ලියන්න බැරි උනා මේකෙ මුල කතාව ඉස්සෙල්ල එකෙන් බලන්න කියල..එහෙම දමන්න ඕනි..අනිවා.. තෑන්ක්ස් කසුන් මතක් කලාට..ඔව් සෑහෙන්න කෑවා තමයි..
@ චම්මා - ඉන්න මන් ඔයවගෙ එකක් ආයෙ තිබුනොත් ඉක්මනටම කියන්නම්.. සාමාන්‍යෙන් ප්‍රදර්ශන පටන් ගන්නෙ සිකුරාදා..එදා ඒක විවෘත කරල හවස ඉඳන් ඕනි කෙනෙකුට බලන්න් පුලුවන්..ඒත් ස්ටෝල් හරියට හදල සේරම බඩු එන්නෙ සෙනසුරාද සහ ඉරිදා තමයි..\\

\\DudeAugust 30, 2011 at 10:57 PM
වෙනියො, 
අවුරුද්දට රුපියල ගානෙනෙ ගිහින් තියෙන්නෙ. කොහොම උනත් අර ඇතුලේ ඉන්න පොර කරදර කරන එක වැරදි නෑ මට පේන්නෙ.
henryblogwalker aka Dude

WeniAugust 31, 2011 at 8:41 AM
ඔව් ඩූඩ්..ඒක නම් ඇත්ත තමයි..ඒත් සමහර වෙලාවට පොඩි පොඩි ගැටුම් තියෙනව..අන්තිමෙ මමම තමයි පරාද..

ranjithAugust 31, 2011 at 3:04 PM
යකෝ මට ඉන්විටේසන් එකක් හම්බ වෙලත් ගියෙ නෑ. අපරාදෙ....\\

\\වෙද ගෙදර මහ වෙදනාJuly 4, 2012 at 3:01 PM
මටත් ඉන්විටේෂන් ලැබුනා ගියේ නම් නැහැ. ඒත් මම දැන් ලියන පොස්ට් එකේ හැටියට ඕවෑ ඉදල අහු වුනොත් මගේ කාඩ් කුඩු. අපිටත් එක්ක කාල ආවනේ ඒ මදෑ.\\

වෙදනා නම් අදටත් හෙළ වෙදකම ගැන කියවන්න කියවලා ලොකු දැනුමක් ගන්න පුළුවන් බ්ලොග් එක ලියන සයිබර් අවකාශයෙන් මුන ගැහුනු..ආ ඔබා අයියගෙ අනුස්මරනය වෙනුවෙන් අන්තිම පේලියෙන් සංවිධානය කරපු ලේ දන්දීමේ කර්තව්‍යයේදි හමු උනු සහෘදයෙක්..

එදා සහ අද කාලය අතර වෙනස සිහි කරද්දි මට නම් තවමත් සයිබර් අවකාශය සොඳුරු හදවත් ගොන්නක් ජීවිතේට ලං කරපු එක කරපු මාධ්‍යයක්..ඒකට මම ණය ගැතියි..

ඔය අව් අස්සේ සති අන්තයේ තියෙන මේ ප්‍රදර්ශනය බලන්නම යන්න ඕනි..මේකෙ තියෙන විශේෂත්වය උයන පිහන ශෝ වලදි හොඳට කන්න බොන්න ලැබෙන එක..හැබැයි ඉතින් ටිකක් බලන් ඉන්න නම් වෙනවා තමයි..පොඩි පොඩි තරඟ වලට සහභාගි වෙලා තෑගි දිනා ගන්නත් පුළුවන් නිසා ..

ආ මේ සැරේ මට නම් ආරාධනා පත්‍රයක්ම තැපෑලෙන් ලැබුනා..අනිත් හැම ප්‍රදර්ශනේම වගේ මේ සැරේ නම් ඇතුල්වීමේ ගාස්තු වැඩි වෙලාත් ඇති..
කෑම බීම ගැන සහ කෘශිකර්මය ගැන උනන්දුවක් තියෙන අය එන්න ඕන්..

53 comments:

  1. මෙදා සැරේ ෆොටෝ එකක් ගහ ගන්නට බලන්න
    මතක ඇතුව ඇරයුම්පත සාක්කුවේ තියන්න
    අවසර ලියුමක් ඕනේ මෙතන පොටෝ ගහන්න
    කිව්වොත් අත මිටමොලවා දෙන්න හක්ක පනින්න

    වෙනී අයියේ පොටෝ තහනමක් එහෙම දායිද දන්නේ නෑ මේකෙත් අර අත්කම් එකේදී වගේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මල්ලි මේකෙ එහෙම ෆොටෝ තහනමක් නෑ..මොකද ගොඩක් පුද්ගලික ආයතන එනවනෙ..කවි නම් නැගලා යනවා නේ !

      Delete
  2. කල්පනා කරල බැලුව! ඒ කාලෙ උඹේ අඩවිය ගැන මම දන්නෙ නෑ මම හිතන්නෙ. බලමු මේ සැරේවත්....

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පොඩිම පොඩි කාලෙනෙ රාජ්.ඔයිට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉඳන් බ්ලොග් කියවන්න පටන් ගත්තට..කමෙන්ට් කලෙ අඩුවෙන් නිසා බ්ලොග් එක ලියන කොට ගොඩක් අය දැන ගෙන හිටියෙ නෑ

      Delete
  3. ටීවී එකේ ඇඩ් එක යද්දි මට මතක් උනේ වෙනී අයියව. මේ ගමන ආරාධනා කරලම හොඳට සලකයි වගේ.

    අපිට ඉතිං කෑම වල, ඕකෙ ඉන්න ගෑණු ළමයින්ගෙ එහෙම ෆොටෝ ටිකක්වත් බලාගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. කොහෙන් හොයන්ද මන්දා මගෙ ඇඩ්‍රස් එක..කොහොම වෙතත් නරකම නෑ වැඩේ..ඔවො ඔව් කැමරාව සෙට් කරගෙන ඉන්න ඕනි..

      Delete
  4. මේ සැරේ කාලා බලමු.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ නම් පරිස්සමෙන් කන්නෙ අයිලාස්..සීනි ගැන එහෙම ටිකක් පරිස්සම් දැන් දැන්...

      Delete
  5. ගිහින් අපිට බලඩත් එක්ක පොටෝ ටිකක් දාන්නනොකො ඒනම් :)

    ReplyDelete
    Replies
    1. ඕව් සමී සඳුදා වෙන කොට දාන්නම්..

      Delete
  6. ආ..මේ සැරෙත් අර හොම්බ දිග මෙව්වා කැමරාව අල්ලං ඉන්න වෙනී අයියව බලතැහැකි. ඔබාව ආයෙත් ආයෙත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ගිහින් බලන්න ඕනි..ගිය සැරවල් වලට වඩා හොඳ වෙන්න ඕනීනෙ..

      Delete
  7. ඉස්සර BMICH එකේ එක ප්‍රද්ර්ශනයක් අතෑරියෙ නැති කාලයක් තිබ්බා... හැම සෙනසුරාදම මොකක් හරි එහෙකට ගිහිල්ලා රවුමක් දාලා එනවා.. දැන් ඉතිං සොරි තමයි... කොහෙද අපෙ මනුස්සයා ගෙදර නැති එකනේ මට වෙලා තියෙන්නෙ මොන ලෝකේ හරි යන්න... 24 යන්න බලනවා ඉතිං..

    පරණම කමෙන්ට් කියෝනකොට මාර ජොලි තමයි අප්පා... හි හි

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සර වගේ යන්න වෙන්නෙ නෑ හිරු පදිංචිය වෙනස් වීමත් එක්ක දුර වැඩි උනා..නැත්නම් ඉස්සර ඉරිදට යනවා..දැන් සෙනසුරාද ඔෆිස් ගිය ගමන්ම ගොඩ වදිනවා..
      පරණ කමෙන්ට් කියවන කොට සමහර වෙලාවට දුකයි..සමහර වෙලාවට සතුටුයි !

      Delete
  8. පරණ කොමෙන්ට් ටික නම් මරු... අපිට ඉතින් ඔය ප්‍රදර්ශන කොහේ බලන්නද ...

    ReplyDelete
  9. ආ අතීත කාමය නෙමේ ප්‍රදර්ශන කාමය

    ReplyDelete
    Replies
    1. ප්‍රදර්ශන කාමය


      හෙහ් හෙහ් හෙහ් ......

      Delete
    2. ශික්...මඟියෝ ප්‍රදර්ශන කාමය කියන්නෙ ඔයිට වඩා වෙනස් දෙයක් යකෝ..මාව කෑවා !

      Delete
  10. මටත් ඒ බ්ලොග් ලේකේ දණගාපු, වැටි වැටි අල්ලගෙන හිටගත්ත අතීතය මතක් වුනා. මම වෙනියගේ බ්ලොග් එකට ඉස්සෙල්ලම ඇවිත් කියෙව්වෙ "අල්ලපු ගෙදර නංගිලගේ ළමාසාරි" කියන පෝස්ට් එක. කට්ටිය ගිහින් බලන්න වටිනවා. හොයාගන්න බැරි වුනොත් අල්ලපු ගෙදර නංගිලගේ සිල්රෙදි කියලා සර්ච් කරලා බලන්නකෝ.

    මේ ලඟදි අපේ එකෙක් BMICH එක හෙලයට හරවලා තිබ්බා බ.අ. ජා.ස.ශා කියලා. මම ඔතනට ආවොත් උඹත් හමුවෙලාම තමයි යන්නේ. හැබැයි අපිට තාම උඹත් එක්ක ගිහින් බ.අ. ජා.ස.ශා වේ ප්‍රදර්ශණයක් බලන්න බැරිවුනා. ඇයි උඹට මතකද ඕකෙ ඉන්ෆොටෙල් තියෙනවද කියලා සෙවිල්ලෙන් ඉඳලා අපිට ඔත්තුව දෙන්න කියලත් අපේ පොඩි එකා උමට කොන්ත්‍රාත්තුවක් දීලා තිබ්බා?

    මේ පාරත් හමුවෙමු. තව මාස තුනකට අඩුයි. අපිව මතක් කලාට ස්තුතියි වෙනී.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන් රි..
      ආ මතකයි මතකයි පුතාගෙ ඉල්ලීම..මම ඇහැ ගහ ගෙන ඉන්නෙ..මම දුටුවා පත්තරේක ඉන්ෆොටෙල් ගැන මොනා හරි දෙයක්..අර ප්‍රදර්ශන කුටි වෙන කරවා ගන්න කියලා උනන්දුවක් තියෙන අයට කරන දැන්වීම..දුටු ගමන් දන්වන්නම්..

      Delete
  11. 24 සෙනසුරාදා .ඇහැක් වුනෝත් මාත් එනෝ.

    ReplyDelete
    Replies
    1. ඇහැක් විදියට එන්ඩෝ සොසී..

      Delete
  12. ප්‍රෝෆුඩ් එකට අනිවා යනව, මගෙ රස්සාවත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන ප්‍රර්ශනයක්නෙ ඒක නිසා ගතයුතු දෑ බොහෝයි

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙනම් දුලිප් මල්ලිව නම් හමු වෙයි..සෙනසුරාදා හවසට මාත් එනවා..

      Delete
  13. http://lakmisher.blogspot.com/2012/07/blog-post.html
    මෙන්න ගිය අවුරුද්දෙ ඒ ප්‍රදර්ශනේ ගැන මම දාපු පෝස්ට් එක. ඉස්මුරුත්තාවට එන්න කන්න නම් පුලුවන්. බලමු මේ පාරත් යනවා පුලුවන් උනොත්

    ReplyDelete
    Replies
    1. මේ සැරේ ගිය සැරවල් වලට වඩා හොඳ වෙයි මයෙ හිතේ...

      Delete
  14. Replies
    1. චෙෆ් මාරය ගිහිල්ල එතන ඉන්න එවුවන්ට උයන්න උගන්නන්නද?

      Delete
    2. ඔව් මල්ලි දැන් ඉතින් ඔය ක්ශේත්‍රයේ ඉන්න නිසා අනිවාර්යෙන්ම මේ වගේ ප්‍රදර්ශන බලන්නම වෙයි..
      මොනවා හරි උයලා දෙයි එහෙනම් එන අයට..

      Delete
  15. නියම පෝස්ට් එක වෙනි.කෑම නිසා මගේ පරන ක්ෂේත්‍රයටත් සම්බන්ධයි.අනික පරන බ්ලොග්ස්. මම වෙනිගේ ඒවා ඉස්සර කියවලා තියෙනවා.මමත් ඉස්සර බ්ලොග් ලිව්වා.හැබැයි කමෙන්ට් දාන්න රිප්ලයි කරන්න දැනගෙන හිටියේ නැහැ.මතකය පස්සට අරන් ගියා.
    පසුව අසමි...වෙනියෝ මේකේ ගොඩාක් තියෙන්නේ Food preparationගැනදfood packagingගැනද?

    ReplyDelete
    Replies
    1. පහු ගිය කාලෙ නම් වැඩියෙන්ම තිබ්බෙfood preparation ..Packaging වඩා

      Delete
  16. හරි ප්‍රදර්ශනේ තමයි. මොනවද කෑම ?

    ReplyDelete
    Replies
    1. උයන පිහින කුකරි ශෝ වල හදන කෑම..තමයි මල්ලි

      Delete
  17. පරන පෝස්ට් කියවල ඒවයි කමෙන්ට්ස් කියවගෙන යන එක අපූරු අත්දැකීමක් තමයි. අනෙක හැමවිටම සැහැල්ලුවෙන් හිනාවෙල විහිළුවක් කරල කමෙන්ට් දමපු ඔබා මාමාගෙ කමෙන්ට් දකිද්දි හිතෙනවා අපරාදෙ ඔහු තව ටික කාලයක් හරි අපිත් එක්ක ඉන්න තිබුනා කියල.

    ReplyDelete
    Replies
    1. හැම දාම ඉන්න තිබ්බ මනුස්සයෙක් නෙ මොනා කරන්නද මල්ලි ජීවිතේ ඔහොම තමයි..

      Delete
  18. අපි කොහොම එන්නද ? ...ඒ වුනාට හැමදාම වගේ ගිහින් ඇවිත් පිංතූර ටික දාවි කියල බලාගෙන ඉන්නවා .., 

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තමයි..බලමු ඉක්මනින් දාන්නම්..

      Delete
  19. අතීතය සිහිවීම හා සැමරීම කොයි තරම් සොඳුරුද..?

    ReplyDelete
    Replies
    1. ඔව් වීයා..ඒක නම් සොඳුරුම තමයි..

      Delete
  20. අතීතය සොඳුරු අතීතය.හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඔය අතරෙ මඩ කඩිතිත් තිබුනා..ඒවත් දැන් නම් සුන්දරයි..

      Delete
  21. මේ සැරේ ටිකක් වැඩිපුර පින්තුර ටිකක් බලාපොරොත්තු වෙනව වෙනී මල්ලිගෙන්.
    මේ දවස්වල අපේ අයිලාස් මේකෙ කොල්ලො/කෙල්ලන් ව පිස්සු වට්ටල ඉන්නෙ පින්තුර/කැමරා ගැන විස්තර ලියල.
    අද වයස හරියට දැනගත්ත :).

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයිලාස් ගෙ ඒ ලිපි ටික මමත් දිගටම කියවනවා..
      මගේ මූනු පොතේ තියෙන විස්තර ඇත්තම ඒවා...

      Delete
  22. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. අයියෝ කෙන්ජි අයියෙ, ලින්ක් එකත් එක්කමනේ ඇඩ් එක දාන්ට තිබ්බෙ. ඔයා මේක දාපු හැම තැනකටම මම ලින්ක් එක හලාගෙන යන්නද, ඒත් .... මට කම්මැලියි අනේ. එහෙම දැම්මත් පාඩු නෑ, අරූට රසවත් අත්දැකීම් තියෙනවා.

      දැන් එතකොට ඔයා කවද්ද කෙන්ජි අයියෙ ඔයාගෙ චරිතාපදානෙ ලියන්නෙ අපිට කියවන්න.

      Delete
    2. මම නම් මේ බ්ලොග් එක දැනටමත් කියවනවා කෙන්ජි..අළුත්ම පෝස්ට් එක හොඳ ආරම්භයක් වගෙයි..

      Delete
  23. ඔන්න කාලෙකට පස්සෙ කොලුවා මේ ඉසව්වට ඇවිත් ගියා කියන්නයි මේ ටික කෙටුවෙ...වෙනී මාමට ජය !

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටල කමෙන්ට් එකක්වත් දාපන් බං. උඹල දැන් එක විදියක්, අපිත් එක්ක ආශ්‍රය කරන්න එන්නෙත් නෑ.

      හවස මම තව කොහෙදි හරි උඹ දැකල රිප්ලයියක් දැම්මා, කොහෙද කියල මතකක් නෑ බං.

      Delete
    2. මෙහෙ මට තිබුන ප්‍රශ්න කියන්න බෑ මචෝ...තනි ඇහැට ඇඩෙනවා...ඒවා එක්ක මොන බ්ලොග් ද...දැන් ඉතින් ඒ සියල්ල විසදිලා..සතුටුදායක කාලයක් ආපු නිසා තමයි ආයෙත් බ්ලොග් වලට ඔලුව දැම්මෙ...ලබන මාසෙ ඉදන් කාමරේ පැත්තෙ වරෙන්...මකුළු දැල් එහෙම කඩලා කාමරේ දොර අරින්නයි කල්පනාව...

      Delete
    3. වෙල්කම් බැක් මචං. දන්නවා, දන්නවා උඹ මේ රටකින් රටකට ගිහින් ජොබ් හොයන් හෙන කට්ටක් කකා හිටපු බව. සතුටුයි බං ප්‍රශ්න ටික විසඳගත්ත නම්.

      එහෙනම් මකුළු දැල් කඩල හොඳට දූවිලි පිහදාලා දාපන්, මට දූවිලි ඇලජික්, කිවිසුම් යනව. :)

      Delete
    4. සිරා ව දැකීමත් සතුටක්..හොඳයි දැන් එහෙනම් ආයිමත් ලියන්ඩ පටන් ගන්නකෝ..

      Delete
  24. ෂඃ මරු . නියම අදහස . කමෙන්ට් වලින් පොස්ට් එකක් වගේ .

    ReplyDelete