ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, August 12, 2013

රමණයට අවසරද ?


  යන්න කියවූදා සිටම අකුරින් අකුර එකතු කොට වචන ගොඩ නගා ගෙන එම වචන වලට ලෝකයාගෙන් අර්ථයන් සපයා ගෙන ගෙවූ දශක තුනක කාලය තුළම නොවූ විරූ ලෙස පසු ගිය මාස එක හමාර දෙක තුළ ලිවීම සහ කියවීම තුළ උකටලී වූ කිසිම කාලයක් නොමැත.. 

"
කට චෝංඡාවක් නැතුව ගිරව් වගේ කියවන්නෙ නැතුව හිටහල්ලකො"


මාත් සොයුරියන් දෙදෙනාගේත් කියවිල්ලට මවත් පියාත් කාලයේ කී නෝක්කාඩු අදටද මතකය..එලෙස කියවිල්ල මෙන්ම කියවීම පවා අතහැර දමා මෙලෙස කාලයක් ගත වේයැයි මා කිසි දිනක ඇදහුවේ නැත.නමුත් නො ඇදහූ දෙයම සිදු විය..පොතක් පතක් අතට නොගෙන එයි වියෝවී ගත කල කාලයක්..සිහිනයක් බඳු වීය..අකමැත්තක් නොතිබුණත්..ලිවීම සහ කියවීම අතහැර දැම්මෙමි..දින ගණනාවකින් විටෙක ඇසට ගැටෙන සිංහල බ්ලොගයක යාවත්කාලීන ලිපියක් උඩින් පල්ලෙන් කියවීම හැර..එයයි සත්‍යය...


යමක වටිනාකම දැනෙන්නේ එය අපගෙන් මඟ හැරෙන විටයි යන සනාතන දහම නැවත නැවතත් පසක් කරමින්..දිනෙන් දින මා නැවත ලොභ බැන්ඳේ මා වියෝකළ අවකාශයටයමය..


දහසකුත් එකක් වූ තරමේ මඟ හැරී ගිය බ්ලොග් ලිපි කන්දරාව එකින් එක එකින් එක ගෙන ඒවා මාගේ අතෘප්තිමත් නෙත් හා රමණය කරවන්නට හිත මා පොළඹවන්නේ ඇදහිය නොහැකි තරමේ වල් හැඟීම් සමුදායක් සහිතවය..


හෙට සිට නොව අද සිටම..මා පසු ගිය මාස 2 තුළ වු සිංහල යුනිකේත වූ සිතුවිලි ගොන්න සේවනය කිරිමට අදිටන් කර ගත්තෙමි...


රමණය අතරතුර කෙඳිරිලි හඬක් හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැකිය.. කියවා අවසනව නැවත ලියන්නට පැමිණෙමි..

මෙතෙක් මා ඇසට අසු නොවූ සහෘද ලිපි සමූහය ! පරිස්සම් වෙයවු ! මා පැමිණෙමි...

67 comments:

  1. අම්මපා.. මාත් ලැහැස්ති වෙලා ඉන්නං.. බලෙන්ම රමණය කරනවා.. අනිවා.. ජය වේවා. හරිම සන්තෝසයි එහෙම එනවයි කිව්වම...

    ReplyDelete
    Replies
    1. ආන් වැඩේ කොරලම ආවා..දැක්කනෙ..කියවන්න අතපහු වෙච්ච පෝස්ට් එකසිය ගානට තියෙනවා බන්..

      Delete
  2. Replies
    1. කේන්ති ගියාද එදිරි..එදිරි නොවන්න සබඳ !

      Delete
  3. මූ මොකාටද එන්න හදන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අපොයි මේ සෙන්නා එහෙම මහ වල් විදියටමයි හිතන්නෙ..පහු ගිය කාලෙ නොකියවපු පෝස්ට් ටික සේරම කියවනවා කියලනෙ ඔය තියෙන්නෙ !

      Delete
  4. මගුලයි වෙනියා බ්ලොග් රමණයේ යෙදෙන්න හදනවා මෙන්න . . හිකිස්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...නොකරපුවා බොහොමයි දුකා මල්ලි..ඉතින් තවත් ඉවසන්නෙ කොහෙමෙයි ?

      Delete
  5. හුහ්..... අපි බය වෙයි ඕවට...

    ReplyDelete
    Replies
    1. බය උනත් නැතත් අපි අතාරින්නෙත් නෑ ඕන් කිව්වා !

      Delete
  6. නියමයි නියමයි... ඉදිරියට විවේකී කාලයක් ලැබී ඇති හැඩයි.

    ReplyDelete
    Replies
    1. විවේකයක් නැතත් නලෙන් පහු ගිය කාලෙ මග හැරිච්ච එව්වා කියවලා ආයිමත් ඉස්සර වගේ අර පෝස්ට් එකක් අප්ඩේට් වෙච්ච ගමන්ම කියවන්න සෙට් කර ගන්න ඕනි..

      Delete
  7. Replies
    1. අන්න මල්ලි විතරයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම කී එක තේරුම් ගත්තෙ වල් විදියට නොහිතා !

      Delete
  8. මූට අකුරු මාරු වෙලා. බ්ලොග් මරණය රමණය වෙලා කෙටිල. වයසට යනකොට ඔහොම තමා මාමෙ.

    ReplyDelete
    Replies
    1. මාමා ?! මම බොට කිව්වා කියලා හිතා ගන්...අපි තාම කොල්ලො..පොඩ්ඩක් පීනසේට කෙස් සුදු උනාට..

      Delete
  9. කෙඳිරිලි හඬක් වත් නගපිය අපිට ඇහෙන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයිලාස්..පෝස්ට් කියවලා කමෙන්ට් එකක් කරන එක තමයි මම ඒකෙන් අදහස් කලේ !

      Delete
  10. අර ඇනොගේ වල් කමට මාත් පොඩ්ඩක් කැමතියි; කිව්ව්ම මොකෝ.

    ලියන්න කාලෙකට පස්සෙ ඇවිත්.
    බලමු වැඩ කිඩ?

    ඕන මගුලකට අවසර!

    ReplyDelete
    Replies
    1. ඒකා ඇවිස්සෙන්න මම ව්‍යාකරන වරද්දන්න ම ඕනි දයාල්...ඔව් මුලින්ම කියවනවා ටික කාලයක්..ඊලඟට ලියන්න ගන්න ඕනි..

      Delete
  11. කිරි අප්පට බල්ලො පැනපි ... කමෝන් වෙනී අයියා, ....

    හැබැයි රජෝ පැනගෙන ආවා වගේ නෙවි ඕං, ක්‍ෂණික මෝචනය කරගන්නෙ එහෙම නෑ.

    ReplyDelete
    Replies
    1. හිකිස්..අපොයි එහෙම වෙන්නෙ නෑ..

      Delete
  12. හපොයි ... හපොයි... බලාගෙන කරන්ට් වැඩයි.

    ReplyDelete
    Replies
    1. වැඩයි නොවේ වදියි

      Delete
    2. ඔව් සුදීක පරිස්සමින්..ඉන්නෙ මේ දවස් වල..

      Delete
  13. හැමිනෙන්න ආවයි... වල් පඳුර....

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ නෑ...ඇලිස් ගැන කියලා අපිවත් වල් කරන්න තැනුවෙ එහෙනම් !

      Delete
  14. ඔන්න අපි ගියා. ඕන එකක් කර ගන්න.. :D

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් නෑ..ඔය බ්ලොග් ටික කියොවනවා විතරයි...

      Delete
  15. එහෙනං රමණය කරල ඉවරකරන්නකෝ...ඕවර් යන්නෙ නැතිව ගාණකට කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..මෙලෝ සිහියක් නැතුව කියවන්න පටන් ගත්තා අයියෙ...හෙන ගොඩක් තියෙනවා ..

      Delete
  16. ඒක හොඳයි. රමණයේ යෙදීම තරම් සුව දෙන කටයුත්තක් තවත් මේ ලෝකේ නෑ කියල පඬිවරුත් කියල තියනවනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි පහු ගිය කාලෙ පිස්සුවෙන් වගේ හිටියෙ..

      Delete
  17. බ්ලොග් අවකාසෙට අඩුව හිටියෙ එච්චරයි... "බ්ලොග් හු**න්නෙක්...!"

    ReplyDelete
    Replies
    1. ශෙක් බොලාගෙ වල් හිත..මම කිව්වෙ රමණය ගැන විතරයි..රමණය කියන්නෙ තෘප්තිමත් කිරීම..බ්ලොග් එකක් කියවලා ඇස තෘප්තිමත් කිරීම රමණයක් තමයි..

      Delete
  18. අපේ බ්ලොග් ටික හෝදන්න වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ආයෙ හෝදන්න දෙයක් නෑ අයියෙ..මන් කිව්වට විශ්වාසෙට ගන්න..

      Delete
  19. Replies
    1. මට මතක් උනේ..හෆොයි කියලා කම්මුලේ අත තියාගෙන විස්සෝප වෙන කෙනෙක් පොඩ්ඩි

      Delete
  20. කොච්චර කයිය ගැහුවත් ඇනෝලට ඔහේ තවම ගූ බයයි නේ?

    ReplyDelete
    Replies
    1. අර ව්‍යාකරන ඇනෝව ස්පෑම් කල එක නේද ? ගූ වලට බයටත් වඩා අප්පිරියාවක් බන් තියෙන්නෙ.. අපි ගමේ ඉඳන්ම පුරුදු වෙලා තිබ්බෙ..නන්නාඳුනන බල්ලෙක් ගෙදරට ආවත් කන බොන වෙලාවක නම් මොනා හරි ටිකක් දෙනවා..ඉන්ඩ අරිනවා ඔන්න ඔහේ..ඌම කකුලට හුජ්ජ කරන්න එනවා නම්.. කොසු පාර දීලා එලවනවා බන්

      Delete
  21. එන්ට සහෝදරයා එන්ට අපි මග බලන් ඉන්නවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ආවා ආවා ඇවිත් ගියා ශාන්..ෆලෝ පාරකුත් දැම්මා..

      Delete
  22. පහ වෙනකල් රමණය කරමු බලන්න! :-)

    ReplyDelete
    Replies
    1. "පහ" වෙන කල්!...වෙලාවක් කලාවක් තියා ගෙන නම් බෑ රාජ්..

      Delete
  23. මගේ එකටත් ඇවිත් යන්න.

    මම අහවල් එක ලියන අහ වලා....

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒක කියවන්න කියවන්න අප්ඩේට් වෙනවනෙ මල්ලි...දවසට පෝස්ට් කීයක් දමනවද ???

      Delete
  24. රමණය කොරන තොගේ අහවල් මීමින්නා
    ඉල්ලුවේ ඒකමද කියපිය ලියවන්නා
    ඕකම කරොත් දිගටම උඹ වැඩ පෙන්නා
    ලියවන්නා නොවෙයි නම වෙයි ...කවන්නා

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට කයි සිතුවිලිත් පහල වෙලා !

      Delete
  25. අයියා.... මැරිච්ච නයි හුඹස් වලට දාන්න බැහැ අයියා... :D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් එකට තමා අර හෙයාර් ජෙල් තියෙන්නේ

      Delete
    2. කවුද මල්ලියෙ ඔය මැරිච්ච නයි ඔව්වට දමන්ඩ ගියේ ?
      මන් තැනුවෙ කියවන්න නොවැ
      අර පණුවෙකුත් ගුලකට දැම්මලු නේ ?!

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. උඹට disturb වෙයි කියලා මම time දීලා ආවේ. හරිද වැඩේ?

    ReplyDelete
    Replies
    1. මොන !? දවසකට පහක් හයක් කියෙව්වත් ..එක බ්ලොග් එකක පොස්ට් හත අටක් වත් තියේ හෙන්රි...සේරම කියවන්නත් ඕනි..හිතට එන කමෙන්ටු දාන්ඩත් එපාය !

      Delete
  28. මම ඔබේ ලිපි කියවල නැද්ද මන්ද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජිව මම නම් බොහෝ බ්ලොග් වල දකිනවා හැම වෙලාවෙම ඇනෝල ළඟින්ම !සහ ඔබ මූණු පොතෙන් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා..කියවලා ඇති..

      Delete
  29. උබේ ඔය කියවන ගොඩට මේකත් එකතු කරගනින්!
    දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. රයිටෝ දුලා ! අනිවා ඩෙෆා මේ දැන්ම එනවා !

      Delete
  30. හා හා හොඳා හොඳා හැබැයි පරිස්සමින් කරහන්, ඔය වැඩේ කරන්න හයිය හත්තිය ලබන්න කියල කියන්නම්කො ....

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දැන් කියෝනවා එකසිය ගානට !

      Delete
  31. වඩිනු මැන රමණයට.පිටුපසට වඩා ඉදිරිය විවෘතය.

    ReplyDelete
    Replies
    1. මම පිටි පස්සෙන් නැත..ඉදිරියෙන්ම පමනි..

      Delete
  32. කෝ දැන් තාම කෙලින් කරගත්තෙ නැද්ද?

    ( මන් ඇහුවෙ ලියන පෑන )

    ReplyDelete
    Replies
    1. ගත්තා ගත්තා..කියවලා කියවලා කමෙන්ට් කරමින් යනවා..නොනින්ද ගැනත් කියෙව්වා කියවලා රස වින්දා ඉන්දික..

      Delete