ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Wednesday, July 31, 2013
මට ඉන්නට බෑ...
අද උදේ ...ඔව් ඔව් උදේ කිව්වට ඉතින් 9.45 ට විතර මම ගෙදරින් පිටවෙලා කාර්‍යාලයට එන්න බස් නැවතුම් පොළට ආවා. ඔය හරිය කිමි 1ක් විතර පයින් එන්න තියෙනවා. ආයි හවසට යනකොට කිමි 2ක් විතර තියෙනවා. කවුරු හරි ඇහුවොත් උදේ යන පාර රෑ වෙනකොට දික් වෙනවද කියලා..නෑ මම ආපහු එන්නෙ වෙනත් පාරකින්..ඒ පාරෙ කිමි 2යි . එතකොට ඔය කිමි 3 ඇවිදින එක තමා මගේ දෛනික ව්‍යායාමය.ඉතින් ඔන්න ඔහොම බස් නැවතුමේ ඉන්න අතරෙ මම බෑග් එකට අත දෑවා..මල හත්තිලව්වේ කණ්නාඩි කුට්ටම ගෙදර ඇඳ උඩ. අනිත් කූට්ටමුත් ඇඳ උඩද මන්දා ..අත ගාලා බලලා සුවර් කරගෙනම..පාරෙ යන තුන් සක රියක් නවත්තාගෙන ආයි ගෙදරට ගිහින් කූට්ටම බෑග් එකට දමා ගත්තා.
තුන් සක රියැදුරාට මගේ නොසැලකිල්ලේ දඩය රුපියල්ම හැත්තෑවක් ගෙවලා..ඊ ළඟට එන බස් එකට නැග්ගා. බස් එක යනවා නෙවෙයි වලාමේ හැමනෙනවා..පාරේ යන බයිසිකල් කාරයොත් බස් එක ඕවර්ටේක් කර ගෙන යනවා..ඒ උනාට මෙන්න බස් එකේ පට්ට සින්දු ටිකක් යනවා..කරුණාරත්න දිවුල්ගනේගෙ.. ආයි තවුසන්ඩ් ටයිම්ස් ඇහුවත් එපා වෙන්නෙ නැති ඒවනෙ..
ඕකෙන් ලස්සනම සින්දුවක පද වැල මම කලේ මුණු පොතේ ස්ටේටස් එක විදියට දැම්මා. සින්ග්ලිශ් වලින්..කාලෙකට ඉස්සර පත නයෙක් වෙච්ච ගැලක්සි එස් 2 එකෙන් සින්ග්‍රීසි තමයි කොටන්න වෙලා තිබ්බෙ.ඉතින් මම සින්ග්‍රීසි වලින් කෙටුවෙ
"මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා.."
කියන පදවැල විතරයි. හැමෝම සින්දුව අහල තියෙනවනෙ..මෙන්න ඒ වෙලාවෙ එතන හිටපු මගේ බොක්කවල් ටික කියන කතා සහ කවි..
\\ඔව් ඉතිං කොස්ගහ යට ගෙදර සෝමයි.. පහල ඇල ගාව සුමනයි.. ඕවිටේ ගෙදර සීලවතියි මතක් වෙද්දි උඹට ඔහොම හිතෙනවා ඇති තමා.. ඔන්න ඔහේ ගමට පලයං අයියා... අරුන්දලට යන කලක් තියෙන්නත් එපෑ.. ඒ ගෙහුං පරණ පුරුදු විදියට සුදුවා ටිකක් පෙරාගෙන අග මුල අල්ලගෙන හිටහං...\\
මෙහෙම කීවෙ ඉතින් අපේ මාරස් තුමා තමයි. මම අර කසිප්පු පෙරපු කතාව මේ බ්ලොග් එකේ නොලියන්ඩයි තිබ්බෙ..නැත්නම් ඔය සුදුවා බිස්නස් කරපුවා කොහෙ අල්ලන්නද ? ආ ඒ ලිව්ව එක මේ තියෙන්නෙ..කියෙව්වෙ නැති අය කියවලා එන්නකො..
ඊළඟට මගේ අවාසනාවට් ම දාපු එක දැක්කෙ ඇන්ඩා ලමය..ඔව් ඔව් සිකුරා තමයි..ඕකා ඉතින් දැක්කොත් අබ සරණයි..එසැනින් ඔන්න ලියලා දාපු කවිය.මඩ ගොඩක් උනත් පට්ටයි..නැද්ද මම කියන්නෙ
\\වෙල් එලියේ වෑකන්දේ අතපත ගෑවාලූ
දෙවැට ලගම බිම දාගෙන *ලකුත් කැපුවාලූ
කොයි දේසේ හිටියත් එය මතක් කරල යාලූ
වෙනී අයිය *තේ ගහල වතුර යවනවාලූ \\
මගේ ස්ටේටස් එකටත් වඩා මේ වෙනකොට ඒ කයියට ලයික් වැදිලා තියෙන්නෙ..
අද රෑම ගෙදර ගිහුන් හිට..කාමරේ තියෙන වෙන්ටිලේශන් කවුළු ටිකයි..රෑට රෑට රස්නෙයි කියලා හායි ගාලා ඇරලා තියෙන ජනේල් ටිකයි වහලා දාන්න ඕනි..මුන් ඒ කනේ බලන් හිටියා වගේ මෙහෙම කයි පද බඳින්නෙ..
බත් මාළු වෑංජනත් කවියෙන් ලියන්න හැකි මාරස් තුමා ඒ ගමන් ෆෝම් වෙලා මෙහෙම කයියක් කියනවා
// ගමේ ඉදන් පාත් උනත් හිටි හැටියේ සිදාදියට..
තාමත් හිත ගමේ උන්නු කාලේ කොරපු කුප්ප වැඩට..
සෝමා..සුමනා සීලවතී එක්ක නටපු ඒ යුගේට..
හිත යනකොට කොළඹ එපා වෙලා අපේ වෙනි අයියට.. \\
අපි තරහ වෙයි කියලා හයියෙන් වචනයක් වත් නොදොඩන මනුස්පයෙක් වෙච්ච ලිශාන් මලයා මේන් බොලේ..ඔව් ඒකා නම් ඉතින් ඉඳලා ඉඳලා තමන්ගෙ බ්ලොග් එකේ ලියන නිර්මාණත් කලයක් රස විඳින්න පුළුවන් ඒවනෙ..
// වෙල් එලියට වෑකන්දට මතකෙට මම ආසයි
එන්න කලින් කොළඹට මම *ලක් කැපුවේ ඒකයි
කොළඹ හතේ කොහෙද සැපක්, මමයි අතයි විතරයි
මම වෙනි වෙමි, අසරණ වෙමි, ගීත දැම්මේ ඒකයි //
අම්මපා මුන්දැලට තියෙන මේ කවි බැඳීමේ හැකියාවෙන් වැඩක නොගන්න හැටි කියලා හිතමින් මම ඇති පදමට හිනා උනා.. ඔයවට ඉතින් හතර වටෙන් පෝර දාන උදවිය සෙට් එකම හිටියා වටවෙලා..මේක බ්ලොග් පෝස්ට් එකකට රිංගවන්න හිතුනෙ..මූණු පොතේ තියෙන නිර්මාණ කාලයේ වැලිතලාවට වැහිලා ගියාට බ්ලොග් එකේ ඒ තියෙනවනෙ කියන සිතුවිල්ල එක්කයි.
Subscribe to:
Post Comments (Atom)
කවූද ඔය නොසන්ඩාල උන්, බලහල්ලකො රෙදි ගලෝල අතට දීලනෙ. D
ReplyDeleteඔව් බන් මුන් ටිකම තමයි ඉතින් සයිබර් අවකාශයෙ මගේ හොඳම යාළුවො ටික කියලා දුකට සැපට ඉන්නෙ..
Deleteහොකෑස්... ස්ටේටස් එකට මදි නොකියන්න කමෙන්ට් වැටිල තිබ්බෙ.
ReplyDeleteඔව් නේ..නිකමට දාපු ස්ටෙටස් එක..මදැයි ගිය දුර !
Deleteහෆ්ෆටසිලි ! වෙනී අයියා ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වෙලානේ.
ReplyDeleteඔහේ ‘ඇහැක් විදියට‘ කුට්ටම ගෙදර තියල ගියා නම් අහවරයි නෙව. හෙනං ඔය කඩප්පුලි කතා අහාන්ට වෙන්නෙ නෑ.
අන්තරජාතික ත්‍රස්ත ප්‍රහාරයක් මල්ලි..හද්දෙයියනේ ඔය කූට්ටම නැතුව මම දෙයක් කියවන්නෙ කොහොමෙයි ? දැන් නම් උදෙන්ම කරන්නෙ කූට්ටම බෑග් එකට දමා ගන්නවා ..
Deleteමරු හිටිවන කවි කරයෝ ටික... හි හි
ReplyDeleteඔව් හිරුවො බලන්ඩකො හොඳ දේකට කවියක් තියා වචනයක් වත් නොදොඩන මුන් !
Deleteසෝමයි සුමනයි සීලයි වෙනියයි
ReplyDeleteනැටූ නැටුම් නොම දන්නේ කවුරුයි
කොලේ වහන්නට හදන්නේ අපටෙයි
කුට්ටම ගෙවිලා නැත්තං පුදුමයි
පට්ටයි ! ඔය ඉන්නෙ තව අංකුර කවියො !
Deleteපට්ටම පට්ටයි වෙනි පෝස්ටුවත් ඒ නිර්මාණත් කියල වැඩක් නෑ...
ReplyDeleteසම්පූර්ණ ගෞරවය හිමි වෙන්ඩ ඕනි ඔය කවි ලියපු ඈයොන්ටම තමයි නලින්..
Delete//.අත ගාලා බලලා සුවර් කරගෙනම..පාරෙ යන තුන් සක රියක් නවත්තාගෙන ආයි ගෙදරට ගිහින් කූට්ටම බෑග් එකට දමා ගත්තා. //
ReplyDeleteඋඹේ ඔය කුට්ටම උඹට පුදුම කරදරයක් වෙලා නේද?
ඔව් බන් අයිලාස් සහතික ඇත්ත..
Deleteඔය ගමේ කාන්තා නම් තුන දැක්කාම මට මතක් වුනේ මේ කවිය
ReplyDeleteලීලයි කමලයි චම්පයි රේඛයි
භානුමතියි නයනයි සඳලේඛයි
දිය ගෙනියන්නට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ කවදත් අවිවේකයි
ඔය ටියුන් එකට කවි හැදුවහැකි ගමකට කතන්දර...
Delete[si="2"]පට්ටයි ඕයි[/si]
ReplyDelete[si="3"]පට්ටයි ඕයි[/si]
[si="4"]පට්ටයි ඕයි[/si]
[si="5"]පට්ටයි ඕයි[/si]
[si="6"]පට්ටයි ඕයි[/si]
[si="7"]පට්ටයි ඕයි[/si]
වෙන මොනා කියන්නද මන්දා මේ ගැන.
ටික කාලෙකින් මේ පැත්තේ එන්න ලැබුනේ. මුල හරිය කියවද්දී හිතුණා වෙනී අයියගේ රචනා විලාශය වෙනස් වෙලාවත්දෝ.. කියලා. මට අද උදේ නිකමට වගේ හිතුණා වෙනී අයියා අපේ පැත්තේ එන්නෙ නැත්තේ මොකෝ කියලා. ඔන්න ඔහේ මේන් මේ ගමට වෙලා බතක් බුලතක් කොරන් හිටහන් කොළුවෝ. ඔය ගිනි කාස්ටකේ ගෙන්දගම් පොළොවෙ කරවෙන්නැතුව.
ඒක නම් හොඳ අදහස අකමා..ඒත්..
Deleteසති පහක්ම ගමේ ඉන්නකොට.. ඔහොම හිතිච්ච වාර ගණන අනන්තයි..
හපොයි උබත් නිකන් ඉන්න බෑරුව කරගන්න දෙවල්.හරි මෑන්ස්ල ටිකක් නෙ ඉන්නෙ.ඔන්න් එ අස්සෙ ඉවනුත් තව එකක් ලියල
ReplyDeleteඔව් දමිත් මල්ලි හොඳ වෙලාවට ඉවාන් මලයට මගේ ස්ටේටස් එක අහු වෙලා නොතිබ්බ..නැත්නම් එතනම පතුරු ගහනවා.. මුකුත් කියන්නෙ නෑ ඔය බොක්කවල් ටික ගැන නම්..
Deleteපට්ට කවි ටික ආ . හැක හැක හැක .....
ReplyDelete//ඒ උනාට මෙන්න බස් එකේ පට්ට සින්දු ටිකක් යනවා..//
හෑ මොකක්ද බොලේ ඒ බස් එක ? .
ඩ්‍රයිවර්ටයි කොන්දටයි මල් තියන්න ඕන .
ආයිත් අහලා ! ඔය 174 බස් එකනෙ මල්ලි..මගේ සුපුරුදු බස් එක..
Delete
ReplyDelete[si="8"]චීයා වල් කොල්ලෝ![/si]
සහතික ඇත්ත හෙන්රි.. හොඳ වෙලාවට හෙන්රි සර් මූණු පොතේ කරක් නොගහන්නෙ.. නැත්නම් ඉතින් අපි නොදන්න චෙස් !
Deleteවෙලාවට ඕක දැකල මම සද්ද නැතිව හිටියේ. එහෙනං මුං කවි කියන ඒවා දිහා බල බල මට නිකං ඉන්නයි තිබ්බේ.. රස හිටි කවි.. ලීෂාන්ගේ එක නං එළ
ReplyDeleteඅපොයි ඔව් ! බොලත් ඉතින් මට නම් අන්විශ්වාසබල් තමයි..
Deleteඔව් බන් කවි ටික මාත් රස වින්දා..හිනා වෙන එක බෙදා ගමු කියලයි මෙතන දැම්මෙ..
මොනවා උනත් වැනි ඔය උදවිය ඇත්ත ඇති සැටියෙන් කියල තියනවා කියන එක තමා මට නම් තේරුනේ ඔන්න ...
ReplyDeleteළඟ ඉඳන් බලන් හිටියා වගේනෙ කියලා තියෙන්නෙ..මට කෑගැස්සුනා පුදුමෙට කොටින්ම !
Deleteහෆොයි වෙනී අයියේ බොට අහල පහලක ගෙදරක රෙදි වැලක් වත් නැද්ද බන් එල්ලිලා මැරෙන්න . . හික් හික් හික්
ReplyDeleteආයි අහලා මල්ලි..දැන් මම කොහොමෙයි ලෝකෙට මූණ දෙන්නෙ බලහන්කෝ !
Deleteඅපොයි කුට්ටමක් හන්ද වෙනී අයිය අහගෙන තියෙන කතා ටිකක්.
ReplyDeleteපැල්මඩුල්ල පැත්තෙ ඉඳං කොළඹ ආපු වෙනි අයියට
කොළඹ හතේ හෝටල්වල කෑලි දිරව ගන්න බැරුව
ගමේ තියෙන වැල වරකා මතක් කරන් හොඳ පදමට
බ්ලූ (රේ) සීඩී දාගෙන අත මරනව රෑට රෑට
මෙන්න බොලේ ප්‍රසා අයියගෙන් කයියක්... හෑ.... :o
Deleteඔව් බලහන්කො මු සෙට් එක හිමිජ්ජො වගේ හිටියට මඩකට කවි ලියවෙන්නෙ උණ බඩ ඇදෙන ගානට !
Deleteඔකේ තනිකරම වැරැද්ද කන්නාඩි කුට්ටමේ....
ReplyDeleteකුට්ටම අරගෙන දෙකට පලාලා බේරේ වැවට දාපං
පරණ සිංදු ගිය අර බස් රථයට හෙන හතක්ම වැදියං
තුන්සක රියදුරු යනේන හැම තැනම හයර් ගලාන වරෙං
දෙවිරැකවරනින් අපේ වෙනි අයියට ගමේ යන්ට ලැබියං
හිකිස්.. අපොයි කූට්ටම පරිස්සම් කරන්නෙ හරියටම ඇස් දෙක වගේ රාජ් ! ඕක නැති උනොත් මොනාවත් කියවලා හමාරයි..
Deleteගලක් කපපු කාලයක් මතක නැහැ.තැන්ක් යු මතක් කරාට.
ReplyDeleteතව මොනා අමතක වෙලාද දන්නෙ නෑ බොටත්..කී වර්ඩ්ස් ටිකක් එවන්නද මේල් එකකට !
Deleteකූට්ටම් කවි...:D
ReplyDeleteයස කවි ටික..
මට නං තේරෙන්නෙ නෑ .. ඒ කියන්නෙ ඉසුරුමුණියෙ ගල් කැටයං කැපුවෙ වෙනීමද ?
ReplyDeleteඅනේ එච්චර ලොකු ගල් කපන්න තරම් එකෙක් යෑ සරත් අයියෙ මම ?
Deleteබොලා බබා ! හුහ් !
මම ස්පෑම් එකට කමෙන්ටුවක් එව්වෙමි..
ReplyDeleteහරියටම ඒකට ඔබන හැටි උඹ දන්නව වගේ.. හොරා...
Deleteඒ ක්‍රමය ඉබේම අහුවුනා මට. කියල දෙන්නෙ නම් නෑ.. :p
Deleteමේ දවස් වල මං දාන සමහර කමෙන්ට් පබ්ලිෂ් වෙලා ස්පෑම් වෙනව. :(
චන්දන මල්ලි මම බලලා නොට් ස්පෑම් කියලා තෝරන්නම් ..සොරි වෙන්ඩ ඕනි..දැන් ජාලගත වෙන්නෙ බොහොම ටික වෙලාවයි..ඒකයි
Delete:D
ReplyDeleteසික් තව දෙතිස් දන්ත කල්‍යාණෙම දාලා හිනා වෙන අපූරුව !
Deleteපට්ට පට පට,වෙනියගෙ කවි ටික
ReplyDeleteහැලප අයියෙ ඔය මම ගැන අනුන් කිව්ව කවි ටිකක් ..බොලත් ඉතින් දීකිරට සාක්කි කියයි..මම නොදන්නවද ඉතින් !
Delete\\වෙල් එලියේ වෑකන්දේ අතපත ගෑවාලූ
ReplyDeleteදෙවැට ලගම බිම දාගෙන *ලකුත් කැපුවාලූ //
පරණ කතන්දර හැටක් විතර මතක් උනා මලේ ...!
හා හා අයියෙ..
Deleteඔය මතක් වෙච්ච ඒවා ලියලා දාන්ඩ අප්පා..