"මොනවද බන් ගෑණු ජොබ් කරන්නෙ නෑ කියන්නෙ ඔහේ ගෙදරට වෙලා ජොලියෙ ඉන්න එකනෙ කරන්නෙ.. අපි මේ දවස ගානෙ ඔෆිස් ඇවිත් මැරී ගෙන වැඩ කරලා සල්ලි හම්බ කරලා ගිහින් දෙනවා.. නිවාඩු දවසටවත් නිවාඩු තියේද බන් අපිට එදාටත් ඕටී කරන්න වෙනවා..අම්මපා ගෑණියෙක් වෙලා එහෙම සැපට ඉන්ඩ තිබ්බා නම් අපිටත්"
"වෙලාම බලපන් අන්න එදාට උඹට තේරෙයි"
කාර්යාලයේ සහ ඉන් පිටත හමුවීම් ප්‍රිය සාද වලදී මා උදාරම් ලෙස මෙලෙස කීමට සැදී පැහැදී සිටියේ පෙරේදා හවස් ජාමය වන තෙක් පමණි.
විටෙක මගේම බිරිඳගෙන්ද මේ මතය සම්බන්ධයෙන් මා ප්‍රතිවිරුද්ධ මත වලින් පහර ලැබූවද තර්ක කිරීමේ දක්ෂ කම නිසාම මා කෙසේ හෝ මගේ මතයම දිනවීමට උත්සාහ ගතිමි.
ඔවුන් අවසානයේ පරාජයට පත් වූයේ,
"වෙලාම බලපන් අන්න එදාට උඹට තේරෙයි"
යනුවෙන් කියමිනි.
කෙසේ නමුත් මම මාගේ බිරිඳ ඇතුළුව සියළුම රැකියාවන් නොකරන ස්ත්‍රීන් පිළිබඳ ඉතා දැඩි ඉරිසියාවකින් පෙළෙමින් සිටියෙමි. මා සැමදා පැතුවේ එලෙස ගෙදරට වී සතුටින් කාලය ගත කිරීමට ලැබෙන්නේ නම් ඊට වඩා දෙයක් මා හට මේ ජීවිතයට අවශ්‍ය නොවන බවයි.
දිනය පෙරේදා රාත්‍රියයි. මා සියළුම වැඩ අවසන් කර රාත්‍රී මාගේ ආගම සිහි කරන විටද ප්‍රාර්ථනා කරන ලද්දේ එයමයි..
මා නිදි දෙව්දුව වැළඳ ගෙන සිටියදී මා ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ මාගේ ඉටු දෙවියායි.
"පුතනුව ඔබගේ ප්රාර්ථ්නාව එලෙසම ඉටු වනු ඇත"
සැබවින්ම ඊයේ උදෑසන මා අවදි වූයේ හිමිදිරි උදෑසන හහරටය. වෙනදා නොඇසෙන ලී කොටයක් ඉරන්නාක් මෙන් ගොරවන ශබ්දය කුමක්දැයි බැලීමට මා විදුලි පහන ක්‍රියාත්මක කලෙමි.
මාගේ ප්‍රාර්ථනාව ඉටු වී තිබුනි. දෙපා පාමුලට රොක් වී තිබුනු සරම සහිතව සැමියා ගොරවමින් නිදා සිටී. ඇඳ අතුරනය ගෙන ඔහුව වසා මා නැගී සිටියෙමි. ඇඳ සිටින සරම වෙනුවට ඇඳ අතුරනය පෙරවෙන්නේ කෙසේදැයි මා දැන් දනිමි.
කේතලයට වතුර දමා උණු වෙන්නට ඉඩ දී මුහුණ කට දොවා ගෙන විත් සියල්ලන්ට තේ සාදා ලොකු දූ වදෙන් පෙරැත්තෙන් අවදි කරවා ඇයව ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරවන්නට පොත් මේසය සකසා දී තේ කෝප්පයද ළඟට ගොස් දුනිමි. උදෑසන ආහාරයට පාන් සැන්ඩ්විච් සකස් කර සැමියාට වෙනම පරිප්පු වෑංජනයක් සමඟ සම්බෝල සාදා දහවල් ආහාරය සඳහා එළවළු කීපයක් සමඟ බත් සකසා සැමියාගේ සහ දරුවන් තිදෙනාගේම ඇඳුම් සියල්ලම මැද සපත්තු මේස් ටයි සියල්ල පිළියෙල කලෙමි. තවමත් ගොරවමින් නිදා හුන් සැමියා සහ දරුවන් දෙදෙනා ඇහැරවා ඔවුන් පාසලට ලෑස්ති කරන විටම යාන්තම් හය හමාර වී තිබුනි.දරුවන් තිදෙනා පාසැල් වාහනයට දමා ආපසු නිවෙසට පැමිණෙන විටත් තවමත් සැමියා තේ එක බී ඇත්තේ බාගයටය.
"යන්න... යන්න... ලෑස්ති වෙන්න අද නේද උදෙන්ම මීටින් වගයක් තියෙනවා කීවෙ?"
"කෝ ළමයි ටික ගියාද ?"
"ඔව්"
"එන්නකෝ මෙහාට ඊයෙ රෑත් හරියකට නෑ..මීටින් වලට යනකොර ඔළුව හොඳින් තියෙන්න එපාය"
තවත් පැය භාගයක් ගත වෙද්දී..
සැමියා සියල්ල අවසන් කර අවසන රැකියාවට පිටත් විනි. යකා නැටූ පොළක් මෙන් වූ කාමර තුනද අපගේ නිදන කාමරයද, සාලය, කුස්සිය අස් පස් කර අතු පතු ගා සියල්ලම අවසන් වන විට යන්තම් දහය හමර වී තිබිනි. සැමියාට සහ දරුවන්ට සැකසූ පාන් වල ඉතුරුව තිබූ සියල්ල උදෑසන ආහාරය ලෙස ගත් මා ගෙවීමට තිබූ බිල්පත් ගොන්න සහ අද දින වෙළඳ පලෙන් ගත යුතුව ඇති භාණ්ඩ ලියූ සටහනද ගෙන නිවසින් එළියට බැස්සෙමි. බැංකුවේ පෝළිමේ පැයක් පමණ පොරොත්තු වී අවසන අසල වූ වෙළඳපලින් අවශ්‍ය එළවළු, පලතුරු සහ මස් මාංශ මිලදී ගෙන නිවසට පැමිණෙන විට මධ්යාහ්නයද පසු වී තිබිනි.
මිදුල අතු පතු ගා මල් සහ එළවළු ගස් වලට පොහොර දමා යාන්තම් ඇඟ පත සෝදා ගෙන විත් දිවා ආහාරය ගෙන රාත්‍රී ආහාරයට අවශ්‍ය සියළුම දෑ පෙර සකසා ශීතකරනයට දැම්මෙමි. දරු තිදෙනා පැමිණෙන වෙලාවයි. ඔවුන් පැමිණ තමන්ගේ ඇඳුම් පැළඳුම් ගලවා තැන තැන දමා නාන කාමරයට රිංගා ගත්තෝය. ඔවුන්ගේ ඇඳුම් සියල්ල එකතු කර පෙඟෙන්නට දමා සපත්තු කූට්ටම් තුනම පිරිසිදු කර වියලෙන්නට තැබුවෙමි. ඔවුන්ගේ කෑම මේසය සකසා දී පොඩ්ඩන් දෙදෙනාගේ පාසැල් වැඩ සියලම බැලුවෙමි.
"අම්මේ මට කතුරකුයි ලොකු බ්‍රිස්ල් බෝඩ් එකකුයි ගෙනියන්න ඔනි හෙට"
"මට ගම් බෝතලයක්"
"අම්මේ අර ඕ ලෙවල් වලට සතර එකෙන් හොඳ අනුමාන ප්‍රශ්ණ පොතක් ගහලලු. තියෙනවා නම් අරන් එන්න."
දරුවන්ගේ ඇඳුම් සෝදා දමා නැවතත් අසල වූ නගරයට ගොස් අවශ්‍ය පාසැල් ද්‍රව්‍ය සොයා ගෙන ආපසු එනවිට සවස හතර හමාරත් පසු වී තිබුනි.
මල් පාත්ති සහ එළවළු පාත්ති සියල්ලම වේලීමට පටන් ගෙන තිබුනි.
"ලොකූ ඔය මල්ලිලා දෙන්නා එක්ක මේ ගස් වලට වතුර ටිකක් වත් දානවකො"
"මට බෑ මට විභාගෙ"
"මටත් බෑ මට මේ කාටුන් එක තියෙනවා බලන්න"
"අම්මේ මල්ලිට ටීවී එකේ රිමෝට් එක දෙන්න කියන්න අනිත් පැත්තෙ හොඳ ක්‍රීඩා වැඩසටහනක් යනවා"
"බෑ..බෑ.."
"අම්මේ මේ අයියා ටොක්කක් ඇනලා දිව්වා"
සියළුම වියලී ගිය ගස් වලට වතුර දමා මල් වට්ටියක් කඩා බුදු මැදුරට තබා එහි මල් පහන් හඳුන් කූරු සියල්ල අළුත් කර රාත්‍රී බුදුන් වැදීමට සූදානම් කර දරුවන් තිදෙනාගේ පාසැල් වැඩ සඳහා උදව් වූයෙමි.
රාත්‍රී හත වන විට සැමියා පැමිණෙයි.. ඔහුට ඒ ව්නවිටත් සකසා තිබූ තේ එක දී රාත්‍රී අහාරය සැකසීමට කුස්සිය වෙත ගියෙමි. රාත්‍රී නවය වන විට සියල්ලන්ම රාත්‍රී ආහාරය ගෙන අවසන්ය. හෙට උදෑසන ආහාර වලට අවශ්‍ය සියල්ල සෝදා කපා ශීතකරනයේ තැන්පත් කර පොඩ්ඩන් දෙදෙනා නිදි කරවූවෙමි.
"ලොකූ නිදි මතනම් දැන් නිදියා ගෙන හෙට උදේ අහරින්න එලාම් එක තියා ගෙන"
"නෑ අම්මේ දහය වෙන කන් පාඩම් කරනවා"
සැමියාගේ ඇඳුම් සහ සපත්තු හරි බරි ගස්සා නාන කාමරයට ගොස් නා කියා ගත්තෙමි.
නින්දට පෙර ආගම සිහි කීරීමට ගොස් මා පැතුවේ,
....මා සිතු සියල්ලම වැරදිය..ඈ ගැන මා සිතූවේ වැරදියටය. සැබවින්ම රැකියාවක් නොකරන බිරිඳක් කරන රාජකාරි සියල්ලම සුළුපටු නොවේ...එම නිසා මා නැවත කිසි දිනක මා මෙතෙක් දැරූ මතය මත හිඳ තර්ක නොකරමි..මා නැවතත් සුපුරුදු ලෙසම සැමියාගේ තත්වය ලබ දෙනු මැනවි....
සියල්ලම අවසන්ව මා නිදි යහනට එන විට රාත්‍රී දහයට ආසන්නව තිබුනි.
සැමියා කියවමින් සිටි පත්තරය පැත්තකට දැම්මේය.
"කොහොමද අද මීටින් එක?"
"වැඩක්ම නෑ මට තව ප්‍රොජෙක්ට් කීපයකම වැඩ කරන්න වෙයි වගේ..එන්න එන්නම වැඩ වැඩි වෙනවා..මේවා ගැන හිතලම මගේ ඔළුවත් අවුල් වෙලා..මෙහෙට එන්නකෝ අද නම් නින්ද යන එකක් නෑ නැත්නම්"
"ලොකු නිදා ගන්නවා කීවෙ දහයට තව ටිකක් ඉමු"
උදෑසන අවදිවීමට එලාම් එක තැබීමට යාමේදී දුටුවේ වෙලාව රාත්‍රී එකොළහ හමාර බවයි. ඒ වනවිටත් සැමියා ගොරවමින් නිදා සිටී..
හ්ම්ම්ම්ම්ම්ම්ම් හෙට උදෙන්ම සියල්ලම යථා තත්වයට පත් වෙයිනෙ..
ලොකු සුසුමක් සමඟ මා සිතුවෙමි.
පෙරදා මෙන්ම සැමියාගේත් දරුවන් තිදෙනාගේත් සියළුම වැඩ අවසන් කර මා මොහොතක් සැටියට වී කල්පනා කරමින් සිටියේ ඊයේ රාත්‍රියේ මාගේ ඉටු දෙවියා සිහිනයෙන් කී දෙයයි. මේ වන තෙක් බොහෝ අපහසුවෙන් වූවද අමතක කර දමා සිටියද එය දෙසවන් තුල දෝංකාර දෙන්නේ මා භීතියෙන් කම්පිත කරවමිනි.
"මට ඔබව නැවත යථා තත්වයට පත් කරන්න පුළුවන්. නමුත් ඔබ තව මාස නවයක් ඉවසා සිටිය යුතු පුත..මන්ද ඔබ ඊයේ රාත්‍රියේ ගැබිණියක් බවට පත්ව ඇත. එම නිසා මාස නවය අවසන මා ඔබව නැවත යථා තත්වයට පමුනුවන්නම්"
දැන් මෙහෙම සැටියේ ඉඳ ගෙන කම්පිත වෙලා වැඩක් නෑ ලබන සෙනසුරාදා ලොකු පුතාගේ උපන් දිනේ උත්සවයට බඩු ගන්න යන්න තියෙනවා..ඉරිදා මාමයි නැන්දම්මයි එනවා කිව්වා..කොහොම කරත් නැන්දම්මගෙන් බේරිල්ලක් තියෙනවයැ..
යන්න ඕනි ටවුමට කේක් එකට ඕනි බඩු ටික ගේන්ඩ..ඉරිදයින් පස්සෙම බබෙක් හම්බ වෙන්ඩ තියන එක කියනවා කට්ටියට...
නිමි...
ප.ලි.
නිමි වෙන්නෙ කොහොමද බන් තව මාස නවයක් තියෙනවනෙ !
බුදු අම්මෝ! දවසට දෙපාරක්!!
ReplyDeleteඅද රූ නිදාගන්න කොටත් විලෝම ප්‍රාර්තනාව කරලා නිදා ගන්න.
ප/ලි:
ඒක නෙවෙයි, මාත් හෙට දාන්නේ මගේ අද දවස ගෙවුණු හැටි ගැනයි.
කකා අපි බලං ඉන්නං ඔයා දවස ගෙවුව හැටි බලන්න.
Deleteඕක 21+ කියලවත් දාන්න කශූ..පොඩි ළමයිත් බ්ලොග් කියවනවා මේ කාලෙ.. :-D
Deleteඑකනේ.. මට තාම 17 යි.. :ඩී
Deleteදෙයියට කියල ඔය morning-after pills මවල ගත්තනම් වෙනි අයිය ආයෙමත් ..........
ReplyDeleteදෙයියො පරන ක්‍රමේටම නොවැ වැඩ මල්ලි..ඔව්වා නෑ දැන් !
Deleteමේක කියවලා තියෙනවා කලින් ඉංග්‍රීස්යෙන්.. ඒත් වෙනි අන්කල් හොඳට අපේ විදියට හරවලා තියෙනවා...
ReplyDeleteඔව් හිරුවො මගේ මේ වගෙ කතාවලට හරය ගන්නෙ ඔය ඉංග්‍රීසි ජෝක් කතාවලින් තමයි. ඊට පස්සෙ මංකරනය කරනවා..
Deleteපරණ කතාවක්නේ. වෙනී අයියා ගැබ් ගත්තේ මීට කලිං නෙමේද?
ReplyDeleteහිකිස්..එච්චර අතීතේ වෙච්ච දේවලුත් දන්නවය ??? බයේ බෑ අප්පේ එහෙනම්..
Deleteඅම්මේ ගෑණු කෙනෙක් උනාම කොච්චර වැඩ තියනවද.රස්සාවට යන අය ගෙදරවැඩයි ඔෆිස් වැඩයි ඔක්කොම කරන්ඩ එපැයි.හෆ්ෆෝ.
ReplyDeleteහ්ම්ම් හැබෑ නේන්නම් අද බහුතරයක් රැකියාවට යන කාන්තාවො නේන්නම් ඉන්නෙ...
Deleteවෙනි අයියත් දැං අම්ම කෙනෙක්.. කොංග්රැජුලේෂන්..!!
ReplyDeleteතැන්කූ බට්ටා තැන්කූ...
Deleteවෙනි අයියා පවුල ඉද්දි නිදි දෙව්දුව වැලදගත්ත එක නම් අන්තිම කැතයි...
ReplyDeleteකාන්තා සමිතියක පට්ටමක් වත් ලැබුනද බං ??
ජාත්‍යන්තර කාන්තා දිනේට ලිව්වෙ සෑමො...
Deleteනියමයි
ReplyDeleteහොඳා හොඳා..
Deleteමචෝ , ඔය මාස නවය කොහොම හරි අල්ලං ඉඳිං, නැතිනං උඹ කොහෙන්ද වදන්නෙ?
ReplyDeleteඔව් හෙන්රි එහෙම ගැටළුවකුත් තියෙනෝ නේන්නම්..
Deleteහි හි මාත් ඔය කතාව අහල තියෙනවා ඒත් හරියටම මතක් උනේ මේක කියෙව්වාම :)
ReplyDeleteඉංග්‍රීසි කතාවක ඔහොම සැකිල්ලක් තිබ්බා..ඒක දේශීයකරනය කලා..
Deleteකාන්තාව කරන දේවල් සුළු පටු නැහැ.ඔච්චර දේවල් කරලා මහන්සියට අල්ලපු ගෙදර මිනිහා ගාවට ගිහින් අහුවුනත් ගුටි කන්නේ කාන්තාවමයි.
ReplyDeleteවැඩ කරලා මහන්සි උනහම ඇයි බන් මල්ලියෙ අල්ලපු ගෙදර මිනිහා ලඟට යන්නෙ ??? මට නම් තේරෙන්නෙ නෑ ඒක නම්...
Deleteමාස නමයක් බලාගෙන ඉඳපන්කො ඉතිං
ReplyDeleteඅයිත් නෑ කොර වෙන්න ලියලා තියෙනවා... දවසට දෙසරයක්... අය්යෝ ඔයා හරි වල් අයියෝ...
ReplyDeleteපස්ස හැරිලා බැලුවනම් මාතලන් ඔහොම කියන්නෙ නෑ...ඒ කාලෙ..නෑ කොයි කාලෙත් ඔහොම කෙරෙන්න ඇති මයෙ හිතේ...
Deleteඅනික් කෙනාගේ පැත්තෙන් බැලුවම ඔහොම තමයි ඉතින්. මෙහෙම අහනකොට නම් බයත් හිතෙනවා ඇත්තටම උනොත් කියල.
ReplyDeleteබය වෙන්ඩෙපා මෙව්වා ඇත්තටම වෙන්නෙ නම් නෑ..
Deleteලේසි නෑ...
ReplyDeleteදවසට දෙපාරක් කියන්නෙ ඉතිං නේ...
ඒ මදිවට ගෙදර වැඩත් කරපන්කො නේද ?
Deleteදවසට දෙපාරක් ඔච්චර කැමැත්තෙන් වැඩේට පැනලා එන්නේ පිරිමියෙක් ගෑනියෙක් වෙච්ච දවසට තමයි ඉතිං... නැත්තං 'අනේ අද ඔලුවේ කැක්කුමයි', 'මහන්සියි', 'අද හොඳ නෑ'... අර ෆේමස් ලිස්ට් එකක් තියෙන්නෙ ඔය ගැන..
ReplyDeleteඔව් තිසර මේක ලියද්දි මට ඒ කතාව මතක් උනා..ඒමමත් නෑ ඉතින් ඔය කීවට !
Delete[box]මම මේ කල්පනා කලේ මාස නවයෙන් පස්සේ නෝනාට, මහත්තයා විදියටම ඉන්ට හිතුනොත්, වෙනීට යන කලදසාව මොකක්ද කියලා.:D[/box]
ReplyDeleteදෙවියන්ගෙ බලයට පිටුපාන්ඩ වෙන එකක් නෑ පොඩ්ඩි...
Deleteකාන්තා දින පණිවිඩය වෙනි මහතාගෙන්...
ReplyDeleteආන්න හරි !
Deleteමාස නමයෙං ඉවර වෙන්නෙ කොහොමද වෙනී අයියෙ ඊට පස්සෙ ළමයට කිරි දෙන්න තියෙනවනෙ.
ReplyDeleteටීවී එක ඉස්සරහ ඉඳගෙන චංගුමී බලන කෑල්ල අයියට අමතක වෙලා වගෙයි.
හපොයි පුළුවන්නම් මේක ජීවිත කාලෙටම සෙට් කරලා දීහන් මල්ලි...මොන චංගුමියෙක්ද බන් ඔව්වට කෝ වෙලාවක්..?
Delete"හලෝ මචං.. වයිෆ් මොකද කරන්නේ - ගෙදෙට්ට වෙලා ඉන්නවද - ජොබ් එකක් කරන්නෙ නැද්ද?" අසනාවුන්ගේ හොස්ස හලන්නට සිතෙන්නේද මේ නිසාමය
ReplyDeleteස්තූතියි වෙනී - මෙය දකින්නේ / දැක්කත් කියන්නේ එහෙමත් කෙනෙකි!
කියවන්නන්ගෙනුත් වැඩි දෙනෙක් stimulate වී ඇත්තේ කුමකටදැයි වෙනී මහතුන්ටත් තෙරී ඇතියැයිද සිතමි. මක්කරන්නද :-(
stimulate එක බලෙන් එබුවෙ..නැත්නම් මේක රහ මදි වෙනවනෙ තිසා..ඒක අස්සෙ පොඩි පණිවිඩයක් ඇදන් ගියා..ඒක හැමෝටම දැනෙනවා..කමෙන්ට් එකක් කරන්න පොළඹවන්නෙ අර stimulate කෑල්ල තමයි..
Deleteදවසට දෙවාරයක් කැමට පසු....
ReplyDeleteඔහොම තමයි දොස්තර බෙහෙත් ලියන්නේ.
උඹට වෙන්නෙම ඔහොම දේවල් නේද වෙනි?
ඔව් අයිලාස් ඔහොම ඇබැද්දිම නේන්නම් !
Deleteඅප්පට සිරි! හතුරෙකුටවත් මේ වගේ දෙයක් නං වෙන්න එපා.
ReplyDeleteආන් හොඳ ප්‍රාර්ථනාවක් රාජ්..
Deleteහපොයි.. වෙනි අක්කෙ...
ReplyDeleteහපොයි මේ අයියලගෙන් මට බේරෙන්න බැරි වෙයිද මන්දා ????
Deleteදුක දන්නේ වෙන කව්ද ඇස දෙක තරම් ....
ReplyDeleteහරියට හරි !
Delete[MARK][BOX]ඊයේ රෑ කොටපු කමෙන්ට් එක පබිලිස් කොලා විතරයි error එකක් ඩෝන් ගාලා වැටුණා. ඉහතින් මක්කෙයි කොරන්නේ. ඔන්න අදත් ලේට් වෙලා. මේකට රිප්ලයි එන්නත් තව සතියක් විතර යයි නොවැ. එතකන් හිට්ස් ටිකක් වැඩි කර කර ඉන්නම්. එතකන් ඔන්න....[/MARK][/BOX]
ReplyDelete------------------
අර බුරුසු රැවුල තාම යහතින්ද? [co="yellow"]හොයලා බලන්න හැදුවෙ රැවුල ගැනනම් නෙවෙයි.... :D[/co]
මං කාටූන් එහෙක දැක්කා කොල්ලයි කෙල්ලයි දවසේ වැඩ මාරු කරගෙන කොරන්න ගිහිං හොඳටම හෙම්බත් වෙච්චි සීන් එකක්.
ආ... ඒක නෙවෙයි ඔන්න ලියන්නියට මගෙන් උණුසුම් සුභ පැතුම්!!!!
මේ ආරංචිය දැනගත්තම නම් කට්ටිය ගොඩක් එයි නේද අකමා ? ඔය තියෙන්නෙ හැඩ වැඩ දාලා ලියලා..
Deleteකියන තරම් දකින තරම් ලැසි නෑ ගැණු කෙනක් කරන වැඩ කන්දරාව.එකට ගැනියෙක් වෙලාම තමා බලන්න ඕනි. ලොල්
ReplyDeleteකියන තරම් කොහොමත්ම ලේසි නෑ ..ඒක කාන්තාවට විතරක් නෙවෙයි පුරුෂයින්ටත් පොදුයි ළමයිනෙ..ඔය කියන තරම් ලේසි නෑ..
Deleteවෙනි අක්කණ්ඩි ....නියමෙටම ලියා ඇත . දවසම ගෙදර ඉඳන් මක් කරනවද කියලා අහන අයට හොඳ උත්තරයක් .
ReplyDeleteඅපේ අම්මලා අක්කලා ගෙදර ඉඳන් කරපු වැඩ කන්දරාව ඇහැ ගැටිච්ච අපිට කවදාවත් ඒවා සුළුවට තකන්න හිතුනේම නැහැ බින්දි...
ReplyDeleteඅපොයි වෙලා තියන වින්නැහියක්. :)
ReplyDeleteමේ කතාවේ යටි පෙළට මං කැමතියි. ඒ කොයි රස්සාවත් අමාරුයි කියන එක නම් ඇත්ත. මම රස්සාවල් කීපයක් කල කෙනෙක් විදියට ඔය දේ අත්දැකීමෙන්ම දන්නවා.
කකාගෙන් පාර අහන් අනේ ආවේ...
ReplyDeleteඕව ඉතින් ලයිසන් ගත්ත මුල දවසට
5 සිට 10 දක්වා වගේ..
පස්සේ දිනකට ( රාත්‍රියට ) 3 > 2 > 1
පස්සේ 1
පස්සේ සතියට 3
පස්සේ පස්සේ --------------- ( විවිදාකාර වෙනවා )
ගෘහණියක් කරන තරම් වැඩ කන්දරාවම රස්සාවට යන අයත් කරනවා. මධ්‍යම ප්‍රාන්තික ගැහැණු අය ගෙදර වැඩත් රස්සාවත් දෙකම කරනවා.
ReplyDeleteඒත් පුද්ගලිකව මම කැමැති ගෘහණියක් වෙලා ගෙදර වැඩ කරන්න.හේතුව බොහොම සරලයි.
මම ස්කෝල යන කාලේ ස්කෝලෙ ඇරිල ගෙදර එනකොට හරි පන්ති ඇරිල ගෙදර එනකොට හරි ගෙදර අම්මා නැති නම් මට එන තරහ.ඒක අදටත් එහෙමයි. ගෙදර එන වෙලාවට අම්ම ඉන්නම ඕනි.ඉතින් අනිත් අයත් කැමැති ඇති තමන්ගෙ අම්මා නෝන ගෙදර මඟ බලාන ඉන්නවට තමන් එනකම්......
සැරදේවා ජය වේවා ගෘහණිය නිති බැබලේවා.
වෙනියෝ........බබා හම්බුනාට පස්සේ ඔයා පිරිමියෙක් වෙන්න හිතන එකක් නැහැ කවදාවත්.....
මරු මරු .අපූරු කතාව වෙනී.... මේ ලියලා තියෙන්නේ ඔබේ දෘෂ්ටිකෝණයෙන්නේ. කොහොමද මේ අළුත් වෙනස් වීම ගෙන බිරිඳට හිතෙන හැටි ගැනත් එයාගෙ පැත්තෙන් ලිව්වොත්.
ReplyDeleteමේක නං ඇත්තම ඇත්ත , බොරැනං අපේ පවුලගෙන් අහන්න
ReplyDelete