ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, December 27, 2012

පිස්සු හැදෙන සඳ... සඳේ කොහෙද ලප ?

මට මතකයි ගිය පෝයටත් මන් මේ කතාවම වගේ දෙයක් කීවා.. ඒ තමයි පුර හඳ පායන කොට ටිකක් පිස්සු කෙලින් උන්ගෙත් පිස්සු වැඩ වැඩි වෙනවා..එතකොට කරන පිස්සු වැඩ වලට තනිකරම වැරැද්ද කරන කෙනාට පටවන එක අන්තිම අසාධාරනයි... පිස්සු හැදෙන හඳත් වග කියන්න ඕනි අනිවාර්යෙන්ම !

ජීවිත කාලෙටම 4-5 වතාවක් අපේ සෙට් එක සිල් ගන්ඩ ගියා.. සහතිකෙන්ම සිල් රැක්කා.. උදෙන්ම නැගිටලා නාලා කියලා ගෙදරින් දෙන තේ එක බීලා.. සුදු කමිසෙයි සරම හරි නැත්නම් ලාපාට කොට කලිසමක් හරි ඇඳගෙන අර සිල් සාටකයත් අරන්..මල් වට්ටියයි, තෙල් හඳුන්කූරු අරන් බොහොම ශාන්ත දාන්තව පන්සලට යන අපි පොඩි උන් ලස්සනට ඉන්ඩ ඇති කියලා හිතෙන්නෙ දැන් තමයි...

ඔය විදියට අපි සිල් ගත්ත අන්තිම සැරේ මට අද ඊයෙ වගේ මතකයි... 

එතකොට නම් අර පොඩ්ඩක් කර දඬු උස් මහත් වෙන කාලෙ තමයි...නාහෙට නාහන ගතිත් ටික ටික ඔළුවට වඩින කොට...

අපි සෙට් එකම උදෙන්ම ගියා සිල් ගන්න..

වැඩිහිටි පිරිමි අය සහ වයසක උපාසකම්මලා සේරම සිල් පවාරන කරන්නෙ පහුවදා උදේ පාන්දරම තමයි.. පොඩි ගෑණු ළමයි සහ තරුණ කාන්තාවො හවස පහ වෙනකොට සිල් පවාරණය කරනවා..ඒ කාණ්ඩෙ වගේ අපිට ඉස්සර සිල් පවාරණය කලාට එහෙම කලේ කැමැත්තෙන් නම් නෙවෙයි..

ඒත් ගෙදරින් අවසර නුදුන් නිසා අපිත් ගෑණු ලමයි වගේ හවස හය වෙනකොට සිල් පවාරණය කරලා ගෙදර ඇවිත් තමයි ඉතින් පෝය දවසෙ අනිත් වැඩ කරන්නෙ..නමුත් කොල්ලො ලොකු නිසා දැන් ඕන් ඔය සැරේ අපිට අවසර දුන්නා වැඩිහිටියො එක්කම පහු වෙනිදට සිල් පවාරනය කරන්න කියලා... හැබැයි දහසකුත් එකක් උපදෙස් එක්ක අපේ ලොකු මාමගේ පූර්ණ අධීක්ශනය යටතේ තමයි අපිට රෑ පන්සලේ ගත කරන්න වෙන්නෙ.. ලොකු මාමා රෑ එකොලහ වෙනකොට ගොරෝ ගොරෝ ගත්ත සිල් රකින බව අපි දන්න නිසාම ඒ ගැන අපිට වැඩි දුකක් නම් තිබ්බෙ නෑ...

වෙසක් , පොසොන් සහ ඇසල නොවන පෝයක් නිසා එච්චරම පන්සලේ සිල් ගන්න කාණ්ඩෙ නොහිටියත් වැඩිහිටියො අපි සෙට් එක දිහා රබර් ඇහැ දා ගෙන හිටියා..

රෑ නවයට විතර අපිට නම් කෝෆි වගයක් වක් කරලා දුන්නා පන්සලේ පොඩි හාමුදුරුවො..විකාල භෝජනං කියලා වැඩිහිටියො නොබිව්ව එව්වත් බීව අපි..ඔය දහම් පාසලේ පොත් ටිකයි එතන තිබ්බ පන්සිය පනස් ජාතක පොතේ පින්තූරයි බලලා ඒ වෙනකොට ඇති වෙලා තිබ්බෙ..වැඩිහිටි උපාසක වරු සේරම සිල් ගත්ත තෙහෙට්ටුවට ඔය වෙනකොට නින්දත් නොනින්දත් අතරේ හිටියෙ..

ඔය අතරේ අපේ කවුරුහරි පොඩි උපාසක මහත්තෙකුට චූවා බරක් හැදුනා..සිංහලයගෙ පුරුද්ද නිසා අපි අට දෙනෙක් වෙච්ච සේරම දැන් චූ කරන්ඩ නැගිට්ටා..

"කොහෙද යන්නෙ ?"

කියලා නිදි මරගාතෙම අපෙන් අහපු ලොකු මාමා අනිත් පැත්තට හැරිලා ආයිමත් ගොරොද්දෙ අදින්ඩ ගත්තා..

"චූ කොරන්ඩ යන්නෙ"

කියලා අපි දීපු උත්තරේ ඇහුනෙ නැති වගට මේන් කැට !

කට්ටියම පේලියට ඔය ජාතික කර්තව්‍යය ඉටු කරන ගමන්,

"ආයි බණ මඩුවට යන්ඩ කම්මැලියි බන්..පොඩ්ඩක් ඇවිදිමු එලියෙ නිදිමත ඇරෙන්න"

ඒකමතික ඡන්දෙන් ඒ යෝජනවා සභා සම්මත උනා..

පන්සලට උඩ පොඩි කඳු ගැටයක් තිබ්බෙ..ඒ කඳු ගැටේ උඩ තිබ්බ ගල තලාවට හඳ වැටිලා දිලිසෙනවා..

දැන් කට්ටිය එක්කම ඔය ගල් තලාවට ඇදෙන්නෙ සීල සාඨකය බෙල්ල වටේ ඔතාගෙන..

අප්පා ගල තලාව උඩට ගියහම හඳ එලියෙන් බබලන ගමම ලස්සනට පේනවා..පන්සලේ වෙහෙර  සහ කොත් කැරැල්ල කිරි පාටට බබලනවා.. ගමම කිරි ගඟුලක අඳුරෙ ගිලිලා..
.
සෝමෙ මාමගෙ මල්ලි අපිට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්නෙ මොකද්ද ?

ඔය ගල් තලාව මායිමේ තියෙන කිතුල් ගස් යාය...

දෙයියනේ.... කළු පාටට කිතුල් ගස් වල අඳුරු සෙවනැලි ඡායාව අතරේ සමහර කිතුල් ගස් වල මල් අතරේ එල්ලෙන විශාල කල ගෙඩි.. ඒවත් හරියට කිතුල්ගස් වලම පල දරපු ලබු ගෙඩි වගේ පේනවා..




ඔය වෙනකම් උගුරක් විතර කට ගාලා තිබ්බට කවදාවත් අපි හැමෝම කිතුල් රා බීලා තිබ්බෙ නෑ..නිමල් නම් තාත්තගෙ කිතුල් රා බීලා හොඳට වෙලා තියෙනවා..අනිත් අය කවුරුවත් ඒ අත්දැකීම විඳලා නෑ.. ගමම නිදිය ගත්ත මොහොතක...අපිට මොනද කරන්න ඕනි කියලා කාගෙනවත් අවසර ඉල්ලන්න අවශ්‍ය නැති මොහොතක...

ඊළඟ මොහොතේ නිමල් සට පට ගාලා අර කිතුල් ගහට නගින්න පහසු වෙන්න බැඳලා තිබ්බ පොල් ලෙලි වලට අඩිය තිය තියා ගහ උඩ...අපේ දෑස් පේන මානයේම...

එච්චර සද්දෙට නැතත් හැමෝම අත්පුඩි ගහලා නිමල්ව පිලිගත්තෙ ආපහු රා පිරිච්ච ලබු කැටෙත් අරන් රටක් රාජ්‍යයක් දිනලා එන වීරයෙක් පිලි ගන්නවා වගේ..

අපේ වෙලාව හොඳා විමලෙ මාමා අද පෝය හින්දා රා එකතු කරලා නෑ.. හෙට උදේ පාන්දරම එකතු කරන්න තියෙන්ඩ ඇරලා "

නිමල් දැනමුත්තෙක් වගේ කියෝනවා...

දැන් කට්ටිය එක එක්කෙනා කොහෙන්දෝ හොයා ගත්ත පොල් කට්ටකින් ටික ටික බොනවා..
එකෙකුටවත් මතක් උනේ නම් නෑ..අද පෝය මේ ඉන්නෙ සිල් ගත්ත ගමන් සිල් පවාරනය කරලවත් නෙවෙයි කියලා නම්...

ක්‍රෑහ්...තුහ්ප්...

කිය කියා කෙල ගහ ගහා මුලින් බීපු අපිට පොඩ්ඩක් ඔළුව කරකැවෙන්න ගත්තම නම් ආයි ඇරලා දැම්මා නොකර සද්ද..

මන් හිතන්නෙ රා කැටෙන් භාගයක් විතර ඉවර වෙන්න ඇති..

මෙන්න එක එකා එක එක විකාර...නිමලයා සරම උස්සගෙන සින්දු කියනවා.. තව දෙතුන් දෙනෙක් ගල් තලාව උඩ පෙරලෙනවා.. මගෙත් ඔළුව කරකැවෙනවා...කොහොම හරි ඔළුව උස්සගෙන ඉන්න තමයි ෆුල් ට්‍රයි එක.. එකෙක් හූ කියනවා.. ඒ අමලයාද සුගතද කියලා නිච්චි නෑ..

"ඒයි යමන් බන් පන්සලට..දැන් කට්ටිය අපිව හොයනවා ඇති"

"පිස්සුද යකෝ..දැන් පන්සලට යන්න..ඕන් ඔහේ මෙහෙම ඉඳලා උදේ වෙනකොට ආපහු යන්..

එක එකා ගල් තලාවෙ එක එක තැන දපලා.. ඔළුව කරකැවෙන වේගෙට නින්ද යනවා වගේ දැනෙනවා ආයි ඇහැරෙනවා... ඔය අස්සෙ කවුරු හරි වමනෙත් දානවා..

ගල් තලාවට ඔළුව තිබ්බහම..කැරකි කැරකි පල්ලහට යනවා දැනෙනවා...ඉතින් ඔළුව උස්සන්න හදනවා ආයි වැටෙනවා...එක විකාරයයි...

මට අන්තිමට මතක කවුරු හරි හූ තියනවා...කෑ ගහනවා.

ඊළඟ මොහොතේ මට ඇස් අරින්න බැරි තරම් ඔළුව කැක්කුමයි.. සියොළඟම දෙහි ගඳයි..මුරු මුරු සද්දෙකින් පටන් ගත්ත කන් දෙකේ ඝෝශාව ටිකකින් අඩු උනා..

දෙයියෝ සාලේ බනිනවා ඇහෙන්නෙ තාත්තා නේද ?

දවස් කීපයක් යනකම්ම ඔළුව රිදි රිදී තිබ්බා..ඊටත් වඩා හිත රිදුනා තාත්තා මටත් වඩා බැන්නෙ අම්මට නිසා.. අම්මත් මට බැන බැන කන්ඩ බොන්ඩ සේරම ළඟටම ගෙනත් දුන්නා..

කාලයක් යනකම් ගමේ ඇස් ගෙඩි වලින් වහන් වෙවී වහන් වෙවී හිටි අපි..ඊළඟ පෝය වෙන කොට ආයිමත් පණ ගහලා ආවෙ..ජීවිතේට අපි එකතු කරගත්ත තවත් නවමු අත්දැකීමක් එක්ක !

ඇත්තටම එදා රෑ වෙලා තිබ්බෙ..නිමල් වෙරි මර ගාතේම ගෙදර ගිහින් ගෙදර දොරට තඩි බානකොට නිමල්ගෙ ගෙදරින් පන්සලට ඇවිත් අපිව හොයලා..නිමල්ට කන රත් වෙන්න එකක් දුන්නහම කියලා අනිත් අය තාම ඉන්නෙ ගල් තලාවෙ කියලා..එතකොටයි අපේ ගෙවල් වලින් අපිව හොයන් ඇවිත් ගෙදර එක්කන් ගිහින් තියෙන්නෙ.. වෙරි මරඝාතේම මට දැනුනෙ ගල් තලාවෙ ඉද්දි වැස්සකට තෙමෙනවා වගේ...තාත්තා වතුර බාල්දියක් වක්කරලා සියොළඟම වෙරි බහින්න කියලා..අම්මා දෙහි ගහම අතුල්ලලා මගේ ඔළුවෙයි කකුල් දෙකෙයි...

ඔන්න ඔහොමයි අපි අපේ ළමා කාලෙ අන්තිම වතාවට සිල් ගත්තෙ.. පස්සෙන් පහු පෝ දාට අපි කරන්න පටන් ගත්තෙ අමුතුම පුණ්‍ය කටයුත්තක් තමයි... ඒ ගැන විස්තර පසුවට..
.
මෙන්න මේ මොහොතේ කතාව කියවපු කාට හරි හිතෙනව නම් ...

"යකෝ මුන් වගේ නැහැදිච්ච , මගෝඩි , පජාත රැලක් ගමක හිටියනේ "

කියලා...
මතකද ?

පුර හඳ දවසට මිනිස්සුන්ගෙ පොඩි පොඩි උමතුවන් උත්සන්න වෙනවා..
ඒකට වග කියන්න ඕනි ඒ පිස්සු කෙලපු කොල්ලො සෙට් එකමද ?
නැත්නම් හඳද ????

පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතන්න පිංවතුනි !

61 comments:

  1. ගොයම් කපන දවසක අපිත් කාටත් හොරෙන් අරන් ඇවිල්ලා බිව්වා කික් එන්න කියලා .දවල් වරුවම ගෙදර සාලේ කොල්ලෝ සේරම

    ReplyDelete
    Replies
    1. ගොයම් කැපිල්ල කැලේ යන්ඩ ඇති එහෙනම් ! අපොයි...

      Delete
  2. ublath maru wada thamai karanne..
    Ekath sil redi porawagenama. :D

    Dawasak ape iskole ekek thul tiyala,muta yana ena than mathakath na..
    Hitapu gaman mu panthiye wate ekarawumak gya,2k gya,3 gya..mu yanawa yanawa nawathinema na.
    Ekek gihin kana purawala dunnamai hoda sihiyata awe...

    ReplyDelete
    Replies
    1. ඔය කොලු කාලෙ සිල් ගත්ත ඒවා මතක තියෙන්නෙ කාටද මල්ලි.. ක්ලාස් එකේ එකාට එහෙනම් අපේ නිමල්ට දීපු බේතම වැඩ කරලා එහෙනම් !

      Delete
  3. ඇහැරගෙන ඉද්දි සිල් රකින්ඩ අමාරුයි කියලා නැවත වරක් ඔප්පු වෙනවා. ඒකයි ඔය වයසක උදවිය සිල් අරගෙන නිදියන්නෙ.
    අර කිව්වත් වගෙ, ඔය හඳ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපිට පුළුවනියෑ සිල් අරන් නිදා ගෙන සිල් රකින්න ඕන් ! ඔය හඳ නොවෙන්න අපි හොඳ ළමයි කිව්වත් වගේ !

      Delete
  4. මද පමනට ගත්තනම් ඔහොම වෙන්නේ නැහැනේ....

    ReplyDelete
    Replies
    1. යන්තම් කටේ තොලේ ගාලා තිබ්බ අපිට මද පමනක් කොහෙ තේරෙන්නද මල්ලි..මහ් ලොකුවට බීවෙ නම් නෑ..නුපුරුද්දට වැදුනා !

      Delete
  5. නියමයි බං. ඔය වයස කීයෙදි විතරද?

    ReplyDelete
    Replies
    1. අවුරුදු 12 යි නැත්නම් 13යි මගේ හිතේ !

      Delete
  6. කිතුල් කියනකොටත් සුවඳ එනවා...නැහැයට....

    ReplyDelete
    Replies
    1. දැන් නෑ අප්පා හොඳම එකෙන්...ඒ රහත් නෑ..සුවඳත් නෑ..වදින්නෙත් නෑ අප්පා !

      Delete
  7. පන්සල අහලම එහෙම පොට් එකක් තියේනං සිල් ගන්න බැරියෑ හැමදාම උනත්..:D

    ReplyDelete
    Replies
    1. අහලම කීවට අහලම නෙවෙයි මල්ලි හැතැප්ම භාගයක් විතර තියේ උඩට නගින්න..ඔය වෙලාවට දුර, බර, පතල තේරෙන එකක්යෑ ඉතින් ?

      Delete
  8. තනිකරම හඳ

    ReplyDelete
    Replies
    1. නැතුව ආයේ ඉතින් අපේ වැරැද්දක්යෑ ?! හ්ම් !

      Delete
  9. සාධු සාධු සාආආආආආආආධු! :D

    ReplyDelete
    Replies
    1. පින් සිදු වේවා පූස් පිංවත !

      Delete
  10. අර කවුදත් කිව්වලුනේ සුරාමේරය මද පමනට ගන්න කියල කෝ කියන එකක් අහල නැහැනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් මද පමණ මොකද්ද කියලා දැනෙන්නෙ දැන් නොවැ ! ඒ කාලෙ ඔය බිව්වමයි එච්චරටම !

      Delete
  11. //ඒ තමයි පුර හඳ පායන කොට ටිකක් පිස්සු කෙලින් උන්ගෙත් පිස්සු වැඩ වැඩි වෙනවා..//

    මේ කතාව ඇත්තක් නේන්නම්...:)

    මම මේ කල්පනා කලේ ඔය ඒ කාලේ. මේ කාලේ සිල් ගත්තොත් කොහොම තියෙයිද? :-D

    ReplyDelete
    Replies
    1. හප්පේ පොඩ්ඩි දැක්ක කල්...ආන් වලව්ව පාළුවටම ගිහිල්ලා...රට තොට හක්කලම් කරනවද මන්දා ???
      දැන් කාලෙ ගත්තොත් කැඩෙන්නෙ තුන් වෙනි සිල් පදේ වෙයි මයෙ හිතේ ! :-D

      Delete
  12. තනිකරම හ‍ෙඳ් වැරැද්ද..
    නැත්තං මේ ශ්‍රද්ධාවන්ත උපාසක කොල්ලෝ ඔය වගේ අසමත්ජාති වැඩක් කරයිද පෝය දවසෙත්??

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්න අපිව සහ සුද්දෙන්ම තේරුම් ගත්ත එකම එක් කෙනෙක් හරි ඉන්න එක කොයි තරම් නම් ලොකු දෙයක්ද ?!!!

      Delete
  13. මේ වගේ වැඩ දැක්කම පිස්සු හැදිල ආයෙත් හැදෙනවනෙ.

    අම්මප මේ හඳනං තියන්න වටින්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෙ දවස් 29කට සැරයක් මක්කටැයි මෙච්චර පුරවලා එන්නෙ කියලයි හිතන්නෙ දැන් නම් !

      Delete
  14. අනේ අම්මපා ඔය හදනම්

    ReplyDelete
    Replies
    1. උල තියන්නයි වටින්නෙ නැද්ද හා ?!

      Delete
  15. ඒකටත් හඳ අල්ලලා වෙනි අන්කල්... හි හි...

    මං කොල්ලෙක් උනා නං එහෙම එක කිතුල් ගහක් ඉතුරු කරන් නෑ.. ඔය රස කර කර කියන කතා ඔක්කොම කරලා බලනවා... හි හි...

    කොහෙද.. කරුමෙට කෙල්ලෙක් වෙලා ඉපදුනා නේ....

    ReplyDelete
    Replies
    1. අල්ලලා කියන්නෙ එහෙනම් අපිද වැරදී හිරුවෝ ?!
      මහත්තයා එක්කම කිතුල් රා තියෙන පැත්තකට ට්‍රිපක් වත් ගියොත් නරකද ?

      Delete
  16. ආදරේ ඇයි පොඩි හඳ මාමේ
    ඔබට මෙතරම් දරුවෝ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම් කරන මගෝඩි වැඩ උන්දැගෙ පිටින් යවලා සුදනො වෙන්න හැකි නිසා වෙන්නැති නේද අකමා ???

      Delete
  17. ඔච්චර පොඩ්ඩක් කස්ටියක් එක්ක බීලා.. ගොඩාක් පොඩි කාළේ වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන්.. හැබැයි ඒ ලබු ගෙඩිත් මහ තඩි එව්වා..සහ බීලා පුරුදුත් නෑනෙ..යන්තම් බීපු ගමන් අර පාරෙ යන්ඩ බැරි තරම් බීල යන උන්ගෙ ගතිය දැනෙන කාලෙනෙ...

      Delete
  18. මෙච්චර කල් ඉදලත් මේක ෆලෝ කරලා නැනේ මම.... ඔන්න අද නම් ෆලෝ කලා.....

    ReplyDelete
    Replies
    1. හා ඇත්තද ? 298 වෙනියා !

      Delete
  19. Replies
    1. හැබැයි කශූ අපි පූසන්ට පාට් දාන්ඩ නම් ගියේ නෑ ඕන් ! හැබැයි ඔය සිද්ධීය්න් පස්සෙ ගමේ හිටියෙ නම් 5ට ගනින්න බැරි පූසො වගේ තමයි !

      Delete
  20. වෙනී අයියට හැම පෝයටම හද මතක් වෙන එක නම් එච්චර හොද නෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන මොනා හරි මානසික ලෙඩක් තියේද මල්ලියෙ ?

      Delete
    2. හද මෝරන කාලෙට මානසික රෝග වැඩි වෙනවා කියලා පිලිගැනීමක් තියෙනවා. එහෙම කිව්වට තවම ඔප්පු කරලා නෑ. විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි තවත් එක දෙයක් තමයි ඒ.

      Delete
  21. සාමාන්‍යයෙන් පන්සලෙන් පිටිපස්සේ ගෙදරට හොර අඩි පාරක්නේ තියෙන්නේ...ඒත් මේ පන්සලේ නම් මදින කිතුල් ගහකුත් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. පන්සලේ වත්තෙ නෙවෙයි ඊට හැතැප්ම භාගයක් විතරර එහායින් තමා තියෙන්නෙ !

      Delete
  22. වෙනී කොහොමෙන් කොහොම හරි අර පැත්ත ඉන්න හඳත් මේකට ගාවගත්තා නේ?

    ReplyDelete
    Replies
    1. පැත්තෙ ඉන්න ???? තනිකරම ඔය සිද්ධියට වග කියන්ඩෝනි හඳම තමයි රූ !

      Delete
  23. මෙහෙම කොලුකම් නොකලොත් උන් කොල්ලෝ නෙවෙයි ලියන්නෝ. නපුංසකයෝ. ඒ ගැමි ජීවිතය කොයි තරම් මිහිරිද? අද කාලේ සමහරු, නැවතත් කියමි සමහරු, කොලුකම් සහ බලුකම් අතර වෙනස නොදැන, කොලුකම් කියා හිතාගෙන බලුකම් කිරීම ගැනනම් දුකයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක ඒ නිසානෙ අපිට මෙහෙම මතක් කරන්න හොඳ ගැමි අතීතයක් තියෙන්නෙ ! ඔව් ඒක ඇත්ත සමහර අය දන්නෙ නෑ ඔය බලුකම් වල වෙනස නම්.. ඒකට හේතුව අනුන් ගැන සංවේදී නොවීම කියලයි මට නම් හිතෙන්නෙ..
      මම් මෙතන ලිව්වෙ නෑ අපි කරපු මේ වැඩේට අපිට ගෙවල් වලින් දීපු දඬුවම..ඒක සෑහෙන්න දරුණුයි..ඒක ආයි නියම කල වයස එනකම් රා නොබොන්න තරම ප්‍රබල උනා..

      Delete
  24. පට්ට ආතල් වෙනී අයියේ.. පෝය දවසේ ගල්තලාවට නැග්ගම ගම පෙනුන හැටි මට මැවිලා පෙනුනා...පෝය දවසේ කරලා තියෙන්නේ පන පිටින් අපා ගත වෙන වැඩක්නෙව. හොරකම් කිරීම එතකොට සුරාව පානය කිරීම එතනම දෙකයි.

    ReplyDelete
    Replies
    1. දිට්ඨ ධම්ම වේදනීය කරුමෙ පල දුන්නා ඒ කාලෙම අපිට ගෙවල් වලින් හම්බ උන දඬුවමින් මල්ලි..

      Delete
  25. ඔය ගල් තලාව උඩට ගිහින් හඳට යන්න ට්‍රයි එකක්
    දුන්න එකද පහු කාලෙ කොලේ...................?

    ReplyDelete
    Replies
    1. ඒ පසු කාලීනවනෙ මල්ලි... දැන් නම් ඒ ඒරියා එකම ගෙවල් යායක්..කඳු ගැට සමතලා කරලා !

      Delete
  26. හඳෙන්ම තමයි අහන්න වෙන්නේ;

    යාලු බාල සඳේ - කඳු මුදුනේ
    මොකද කරන්නේ?

    අද තමයි මේ පැත්තෙ ඉස්සෙල්ලම ආවෙ. රසවත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොත් ගුල්ලා එහෙනම් සාදරයෙන් පිලි ගන්නව !

      Delete
  27. හික්ස් මුන් ටික නම් මරු සෙට් එක.චාටර් වුන එක තමා සවුත්තු :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි පොතේ හැටියට ඔය වැඩේ මාට්ටු නොවෙන්න තියෙන ඉඩ හරිම අඩුයි..ඒක තේරෙන්න මොලයක් තිබ්බෙ නැති හැටි ඒ කාලෙ !

      Delete
  28. ඒයි වෙනී අයියා අපිත් ඔය වගේ මීමුරේ ඉසව්වෙදි හොරෙන් බාගෙන කිතුල් රා ගැහුවා නොවැ...ඒ උනාට අපිට කිසිම වෙනසක් වුනේ නෑ.. මෙතැනදි රා පැහිලා තිබුන එකද අවුල උනේ ?

    ReplyDelete
    Replies
    1. දැන් නම් අපිටත් එහෙම නෑ සිරා මල්ලි, ඒත් ඒ කාලෙ බීලා පුරුදු නෑ..අර සෙට් එක එක්ක බිව්ව මිස තනියෙන් නම් බොන්නෙත් නෑ.බොන්නත් බෑ..

      Delete
  29. අඩේ පෝයට මේකගේ මොලේ සුපිරියට වැඩ කරනව නේ. මං හිතන්නේ එදාට බාර් වහන හින්දද කොහේද?? හිකිස්

    ReplyDelete
  30. පොඩි මහත්තයාMarch 19, 2015 at 10:47 AM

    අර කිව්වත් වගේ... මුන් වගෙ මගෝඩි රැලක් හැබෑට

    ReplyDelete