ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, December 14, 2012

බලන් ඉන්න ආසම දේ...

අපි වැඩියෙන්ම බලන් ඉන්න කැමති දේ මොකද්ද කියලා කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවොත් ඒකට උත්තරය මොකක් වෙයි කියලද ඔබ හිතන්නෙ ?

කෙනෙක් කීවොත් සෙක්ස් කියලා ඒකත් පිලි ගන්න වෙනවා..ඕක තියෙන්නෙ බලන් ඉන්නයෑ කරන්නනෙ කියලා දහසක් තර්ක ගෙනාවත් කොච්චර කලත් බලන් ඉන්නත් ආසයි කියලා නොකියන කෙනෙක් ඉන්නවනම් එයාගෙ කුහක කම ගැන පොඩි අදහසක් ගන්නත් පුළුවන්...ඒකනෙ xx සහ xxx චිත්‍රපටි කියන්නෙ ලෝකය පුරාම බිහිවුනු අති මහත් ආදායම් ලබන ක්ශේත්‍රයක් වෙලා තියෙන්නෙ..ඉතින් මගේ උත්තරේ නම් ඒකම නෙවෙයි..


වර්තමානයේ උනත් කාලීනව මේ දවස් වල ගොඩක් මිනිස්සු විශෙශයෙන් රෑට රෑට අහස දිහා බලන් ඉන්නවා..විද්‍යාවද මිත්‍යාවද මන්දා..හඳුනා නොගත් ජීවීන් හරි එයාලගෙ යානා හරි එහෙමත් නැත්නම් මොකක් හරි අද්භූත එලියක් හරි තමන්ගෙ ඇහැ ගැටිලා..තමන් අතේ තියෙන කැමරාවෙන් හරි ෆෝන් කැමරාවෙන් හරි අල්ලා ගන්නයි මේ හැමෝම දත කන්නෙ..මාධ්‍ය වලින් අද ගොඩක් එහෙම අල්ල ගත් ඒවා ප්‍රචාරය වෙන අතරේ..ඡායාරූප පිළිබඳ විශේෂඥයෝ ඒවා කැමරා කාචය තුල නිර්මාණය වෙන්නෙ කොහොමද කියලා විශ්ලේෂනය කරනව..එතන එක ගිණිවිජ්ජුම්බරයයයි බලන් ඉන්න ආසයි..


ඉතින් අපි ඔහොම උඩ බලන් ඉන්න වෙලාවක පිටසක්වල යානයක් අපේ මිදුලටම කඩන් වැටුනොත් ඇතිවෙන තත්වෙ මොකක් වෙයිද ????


මන් හිතන්නෙ ලෝකෙන්ම වාසනාවන්ත අය ඉන්නෙ අපේ ගෙදර කියලා එහෙම උනොත්..හරි හරි ඒ යානය වැටුනට ඉතින් මිදුලෙ තියෙන මල් ගහකටවත් හානියක් වෙන්න නම් බෑ..එච්චරයි කොන්දේසියකට තියෙන්නෙ..


මගේ පුද්ගලික මතය නම් මිනිස්සු බහුතරයක් බලන් ඉන්නම ආසා දේ තමයි

කඩා වැටෙන එක !


 

මොන පිස්සු කතාවක්ද ඒ කියලා හිතපු අය පොඩියක් ආයි හිතලා බලන්නකො..


අපේ ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් හැර...අනිත් දේවල් කඩා වැටෙන එක බලන් හිටියේ ආසාවෙන් නෙවෙයිද මෙච්චර කල්.. ???


අපි පුංචිම කාලෙ 1979 දි තමයි ඔහොම ලොකුවට කඩා වැටෙන එකක් ගැන ආරංචිය ඇවිත් අපිත් පණ බයේ හිටියෙ..කොයි වෙලාව්වෙ ඔළුව කඩන් වැටෙයිද කියලා.. ඒ තමයි ස්කයි ලැබ් අභ්‍යවකාශා යානය. ඕක නාසා එකේ පළමුවෙනි යානය..අරින කොටම වෙච්ච අවුලක් නිසා අවුරුදු හයකට පස්සෙ මේක ආපහු කඩා වැටුනා..


1979 රේඩියෝ වක් වත් හරියට නැති රටේ ලෝකෙ වෙන දේවල් මොනවද කියලා දැනගන්න සතියකට සැරයක් ඉරිදට ගමට එන රිවිරැස පත්තරේ වෙච්ච කාලයක් මේක..ඔය ස්කයි ලැබ් එක කඩන් වැටෙන්න පුළුවන් ලංකාවට කියන ආරංචිය එක්ක..අවුරුදු අටක් වෙච්ච මාවත් අරන් අපේ පවුලේ අය ළඟම තිබ්බ ඉස්කෝලෙ මහ පිට්ටනියට ගියා මතකයක් තියෙනවා..ගමේම මිනිස්සු එතකොට එතන..භූමිතෙල් පන්දම් වලින් එලිය වෙලා තිබ්බ පිට්ටනියෙ මිනිස්සු එලිවෙන කන් එක එක කතා කර කර ඉන්න අතරේ පොඩි අපිට නම් නින්ද ගිහින් තිබ්බා.. ස්කයි ලැබ් එක අන්තිමේ කඩන් වැටුඉලා තිබ්බෙ ඔව්ට්‍රෙලියාවෙ පර්ත් වලටයි අප්‍රිකාවටයි මයෙ හිතේ..


ඕක ගැන ආරංචිය ආපු දවසෙ ඉඳන් අපි බලන් හිටියෙම ඕක කඩන් වැටෙන කම්ම තමයි..


ගහක් කපන කොට ඕක කඩන් වැටෙන හැටි බලන්න හැතැම්ම ගනන් ගිහින්..කඩා වැටිච්ච ගහේ ගෙඩියක් කොලයක් මල්ක් අරන් ආපු අපිට...සුළි සුළඟක් එක්ක කඩන් වැටෙන ගස් කොලන් කොයිතරම් නම් අවදානමක් ගත්තත් බලන් ඉඳලා තියෙන්නෙ ඇස් රිදෙන කම්ම..
ගෙයක් දොරක් බිල්ඩිමක් කඩන කොට ඕක කඩන් වැටෙන හැටි බලන්න කොයිතරම් නම් මිනිස්සු පොර කනවද ? 


අර ඇමෙරිකාවෙ ට්වින් ටවර්ස් දෙකට බෝම්බ ගහපු වෙලාවෙ  ඕක කඩන් වැටෙන එක නොබලපු කෙනෙක් ඉන්නවද ?
මන් කියන්නෙ නෑ මේ සේරම ආසාවෙන් බලන් හිටියා කියලනම්..ඒ වෙලාවෙ අපේ හිත ඇතුලේ එකතු වෙන්නෙ එක එක සිතුවිලි උනත් බහුතරයක් කඩන් වැටෙනවා බලන් ඉන්න නම් බොහොම කැමතී..
එහෙම වෙන්නෙ කොහොමද කියල නම් මන් දන්නෙ නෑ..

අපි පොඩි කාලෙ සුරංගනාවියො ගැන අහලා විශ්වාස කරන් හිටි කාලෙ මගේ එකම පැතුම උනේ කවදා හරි ඔය සුරංගනාවියකගේ අත් තට්ටක් කැඩිලා අපේ වත්තටම කඩා වැටියන් කියලයි... ඒක කවදාවත් උනෙ නම් නෑ..ඒත් තාත්තගේ නෑකමට අපේ ගෙදරට කඩා වැටිච්ච ආච්චි කෙනෙක් නම් පොඩි කාලෙ මට හිටිය..

ඔහොන් ගිහින් පොඩ්ඩක් නැට්ටට කිරි උරන කාලෙ නම් අපේ ගමේ හිටි ලස්සනම ලස්සන ලතා අක්කා නාන්න යන වෙලාවලට අපි කොල්ලො සෙට් එකම අඩුම තරමේ පැයකට  ඉස්සෙල්ලා නාලා තිබ්බත් මූණ කට හෝදන්න හරි ළිඳට හරි ගඟට හරි යන එක පුරුද්දක් වෙලාම තිබ්බා.. අපි එක්කත් විහිළු කර කර ලතා අක්කා රෙදි පෙරෙදි හෝදා ගෙන නා කියා ගෙන යන්න ගියා..අපි නොඉවසිල්ලෙන් බලන් හිටියේ කවදාම හරි නාන වෙලාවකට ඇඟට කිටි කිටියෙ ඇලිලා තිබ්බ දිය රෙද්ද කඩන් වැටෙයිමයි කියලා...ම්ම්ම්ම්හ්හ්හ්හ් ඒකත් කවදාවත්ම උනේ නෑ..හැබැයි එක දවසක නම් එතන ළඟ අතු පතර විහිදිලා ගිය ගහකින් දසේ අයියගේ හඩු සරම නම් බිමට කඩා වැටුනෙ අපි ගම දෙවනත් වෙන්න හූ කියද්දිමයි....ලතා අක්කා උඩ නොබලාම එතන අඩි පාර දිගේ ගෙදර ගියාට පස්සෙ අපිට නොවදිනා වැඳුම් වැඳලා දසේ අයියා අර හඩු සරම ආයිමත් ගහට අර ගත්තා.. මිනිහා කීවෙම ගැට පොලොස් ගෙඩියක් කඩන්න ගිහින් දිමි ගොට්ටක් ඇවිස්සිලා උන් එලවන්න ගිහින් සරම බිමට වැටුනයි කියලයි...අනේ මන්දා අපිත් ඒක විශ්වාස කලා..







මේ දවස් වල නම් හැමෝම බලන් ඉන්නෙ අහසෙ තියෙන මොකක් හරි උණ්ඩුකපුච්චයක් බිම කඩන් වැටෙයි කියලයි..මාත් ඊයෙ රෑ නම් ඇප් එක පාවිච්චි කරලා අහසේ තියෙන තරු සහ ග්‍රහලෝක දිහා බලන් හිටියා..මොකක් හරි කඩන් වැටෙයි කියලා..ඒත් දැක්කෙ නම් නෑ..

මෙන්න උදේ පාන්දරම...


මොකද්ද ???


මොනා හරි කඩා වැටිලා තිබ්බද ????


නෑ .....


අල්ලපු ගෙදරක ඉන්න එළුවා හොල්ලා හොල්ලා පාරෙ යන අතරෙ බල්ලෙක් කෙල පෙර පෙරා පස්සෙන් යන්වා.. කඩා වැටෙයි කියලා ආසාවෙන්..





එහෙනම් මේක අපිට විතරක් පොදු වෙච්ච ආසාවක් නෙවෙයි..කඩන් වැටෙයි කියලා බලන් ඉන්න පුරුද්ද අනිත් සත්තුන්ටත් තියෙනවා හරි හරියට..


ඉතින් ඔහොම භෞතික දේවල් විතරද කඩන් වැටෙනවා බලන් ඉන්න ආසා ???

නෑ අපේ හතුරෙක් , අකමැති කෙනෙක්, නුරුස්සන කෙනෙක් උනත් කඩන් වැටෙනවා බලන් ඉන්න ආසා නැත්තෙ කවුද අප්පා ????


හැබැයි එහෙම බලන් ඉඳලා බලන් ඉඳලාම තමන්ම කඩන් වැටිච්ච අය තමයි වැඩියෙන්ම ඉන්නෙ..


ප.ලි. අහසෙ තරු බලන අයට සහ ඇන්ඩ්‍රොයිඩ් තියෙන අය ගූගල් ප්ලේ එකෙන් ගූගල් ස්කයි  Google Sky ඇප් එක අරන් බලන්න...තියෙන හොඳම ඇප් එකක් තමයි ඒක..මේකෙන් රෑ ඉතරක් නෙවෙයි දවාලෙත් තරු බලන්න පුළුවන් !

47 comments:

  1. මූණු පොතේ මගේ යාළුවො කියන්නෙ නම් මෙහෙමයි..
    Chathu Ranga :- නැලවෙන නාරි දේහය..කවුදෝ කරත්ත රෝදයක් දැකලත් ඕකක් වගේ කියලා කවි ලියලා තියෙනවාලු...
    Upendra Harshana De Silva :- උඩ ( දැන් අහපන්කෝ මොකක් යට ඉදලද කියලා )
    Nipuna Sujeewa :- apeta hithata sanaseemak sathutak windanayak dena ona deyak diha ape balanawa.
    මලිත් කුශාන් :- Boooooooooobiiiiiiiiis!!!

    ReplyDelete
  2. මුණු පොතේ කමෙන්ට් එකක් කොටන්න ගිහිල්ලත් නිකා හිටියා. ඇයි මොකක් හරි දෙයක් වෙලා තව කෙනෙක් විනාස වෙලා යන හැටි බලන්න ආස අයත් කොයි තරම් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මූනු පොතේ ඒවා සේරම මෙතන අප්ඩේට් කරනවා..බලමු එහෙම කරලා !

      Delete
  3. මාත් බලං හිටියා ඊයේ.. අර උල්කාපාත වැස්සේ කතාව හින්දා... මොන....

    ReplyDelete
    Replies
    1. හැබැයි හිරු මේ දවස් වල තරු නම් පේනවා ඕසෙට..බෙල්ලත් රිදෙනවා උඩ බලන් ඉදලම !

      Delete
  4. මිනිස්සු වැඩියෙන්ම බලන් ඉන්න කැමති තමන්ගේ මූණ දිහා..බොරුද කියලා හිතලා බලන්නකෝ...ඔය රෙස්ටුරන්ට් වල ඇයි කණ්නාඩි දාන්නේ... මිනිස්සුන්ට තමන්ව බලා ගන්න. එතකොට ලිෆ්ට් එක..ඒකත් ඒ වගේ..මේක ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව තමයි ලෝක ප්‍රසිද්ධ කතාව ලිහිණි..ඒට අමතරව මන් කීවෙ !

      Delete
  5. පුරුෂයින් නම් දකින්න කැමතිම දේ නිරුවත් නාරි දේහයලුනේ! මාත් පුරුෂයෙක් තමයි! :D

    ReplyDelete
  6. ඔය එකක්වත් නෙවෙයි මංනං කැමතිම ලස්සන හීන බල බල ඉන්න... ඒ කියන්නේ හොඳට නිදා ගන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. එහෙනං දෙකක් නෑ මාරයියට හීනෙං පේන්නේ අර මං උඩිං කිව්ව ඒවා තමා! :D

      Delete
    2. මාරයා අයියට හීනෙන් චූටි ටීචගෙ චූටි ටෝච් එක පේනවලු.. :P

      Delete
    3. සිරාවටම නිදියන්නෙ නැතුව හීන බලන්න බැයිද ???
      අනිවා පූසා අනිවා..
      ලිහිණි වෙන්න ඕනි ඕකෙ අනිත් පැත්ත..චූටි ටීචට මාරයගේ චූටි ටෝච් එක හීනෙන් පේනවා ඇති කියලයි මට නම් හිතෙන්නෙම !

      Delete
  7. ඔය කඩන් වැටෙන දේවල් දිහා බලන් ඉන්න ඇත්තටම මාත් ආසයි ඒත් සමහර මිනිස්සු බලන් ඉන්නේ තවත් මිනිහෙක් වැටෙනකම්.ඒකනම් මට අත්දැකීම් සහිතයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි එහෙම බලන් ඉඳලා කඩන් වැටිච්ච කෙනෙක් දැකලයි මේ කතාව ලීවෙත් !

      Delete
  8. Replies
    1. කම්මැලි නැතුව කල්පනා කරලා බලන්ඩකෝ !

      Delete
  9. මිනිස්සු අනතුරු දිහා බලා ඉන්න ආසයි නේද? ඒකනෙ පාරෙ මොකක් හරි හැප්පිලා තියන වෙලාවට තමන්ගෙ ගමන් බිමන් නවත්තල, කට ඇරගෙන බලන් ඉන්නෙ. කඩන් වැටෙන දේවල්, ජීවිතේ වැටෙන මිනිස්සුත් ඒ වගේම වෙන්න ඇති.
    ළිහිණි කියනවා වගේ මිනිස්සු ආසයි තමන්ගෙ රූපෙ දිහා බලා ඉන්න. තමන්ගෙ දරුවෙක්, නැත්නම් සුරතල් සතෙක් සෙල්ලම් කරන දිහා බලා ඉන්න. අහස, දියපාරවල්, වැව්, කඳු, වළාකුළු දිහා බලා ඉන්න.
    කඩා වැටෙන දේවල් දිහා බලා ඉන්න මට පුරුද්දක් නැහැ. මට එච්චර ඉවසීමක් නැති හින්දා වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඔව් මතකනෙ අර බෝම්බ පිපිරෙන කාලෙ අච්චර හමුදා ඉන්නවා ඒ වැඩ කරන්න... අපේ අයියලා රිංගනවා ඒ අස්සෙ..කට ඇරන් බලන් ඉන්නවා..අහල පහල තව බෝම්බයක් සෙට් කලානම් කොටි ඊට වඩා විනාශයක් කරනවා..
      ඔව් එක එක අයගේ රසඥතාවයේ විවිධත්වය නිසා මේක වෙනස් වෙනවා..

      Delete
  10. දිය ඇලි කඩා වැටෙනවා බලන්න ආසයි. වෙනි අයියා කියපු අනික් ඒවත් එහෙමයි.
    අර කියපු චිත්තර පටිවල කොල්ලා පර වෙලා කඩා වැටෙනවා බලන්නත්....

    Ohh! I like that.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි කිරිඳි ඇල්ලේ වතුර වැඩි කාල වල ඔතන දවසම ලැගා ගහලා ඉඳලා තියෙනවා...

      Delete
    2. අපිනම් ලිස්සන බෝට්ටුත් පැදලා තියෙනවා. කලිසම් ලෙලි ගහගෙනත් තියෙනවා. ඒත් දැන්නම් වතර ගොඩක් අඩුයි. ඒ දවස්වල මීට වඩා ලස්සන ඇති නේද?

      Delete
    3. ඔව් මල්ලි ඒ කාලෙ හොඳට වතුර තිබ්බා..දැන් වැහෙ කාලෙට විතරයි වතුර වැඩි..වැස්ස ඉවර උන ගමන්ම ආයිමත් වතුර අඩු වෙනවනෙ..

      Delete
  11. අනෙක් අය කඩන වැටෙනකන් බලන් ඉන්න මිනිස්සුත් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි එහෙම බලන් ඉන්න මිනිස්සු නම් අර එළුවා පස්සෙ ගිය බල්ලා වගේම තමයි මල්ලි !

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. අර ගැට ෙපාෙලාස් කඩන්න ගහිං සරම කඩං වැටුන ඒකා පවු ෙන්....

    ReplyDelete
    Replies
    1. හද්දා පව් ! අපි හූ කීවට ඉතින්..

      Delete
  14. එතකොට අර වල් බල්ලා බලන් ඉන්නේ එළුවගේ එක කඩා වැටෙනකම්
    ඒක ටිකක් සමාජෙටත් ගැලපෙනව වගේබං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...ඒක වැඩියෙන්ම ගලපෙන්නෙ මිනිස්සු අනිත් අය කඩා වටෙයි කියලා බලන් ඉන්න මිනිස්සුන්ට තමයි !

      Delete
  15. වෙනී අයිය බලාගෙන ඉන්නෙ කොයි වෙලාවක හරි කොලම්බු සෙවන් කඩා වැටෙනකංලු.

    ඔය ස්කයි ලැබ් කතාව ඒ කාලෙ නැගල ගිය එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඈ කොළඹ හත කඩන් වැටුනොත් නම් මන් කාලා හමාරයි !
      ඈහ් ස්කයි ලැබ් කතාව දන්න තරම් ප්‍රසා මල්ලි නාකිද ????

      Delete
  16. දැන් වෙනි අයියා බලන් ඉන්නෙ මොකක් කඩන් වැටෙනකම්ද ?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වලනම් තරුවක් හරි ග්‍රහලෝකයක් හරි පිටසක්වල යානාවක් හරි මිදුලට කඩා වැටෙන කම් තමයි සෙන්නා මල්ලි !

      Delete
  17. මට නම් හිතෙන්නේ මේ කාපු බීපු වෙලාවක බුකියේ දාපු ස්ටේටස් එකක් ශේප් කරලා දාන්න දාපු පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි පොස්ට් එක ලියලයි අර ස්ටේටස් එක දැම්මෙ !

      Delete
  18. අපිත් ඉස්සර බටහිර චිත්‍රපටි බලද්දී (1960 දශකයේ ආව 'බයි නයිට්' චිත්‍රපටි විශේෂයි)බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ කඩා වැටෙයිද කියලා. පරණ කතාවක් තියනවා කවුරුත් දන්නා. එක චිත්‍රපටියක කොට ගවුමක් ඇඳපු නිළියකගේ වේගවත් නැටුමක් තියනවා. දවසක් මේ ජවනිකාව යද්දී සිනමා පටිය කැඩුනා. නරඹන්නෙක් කිව්වා 'අඃ පටිය කැඩුනා' කියලා. ඒක අහගෙන හිටපු චිත්‍රපටිය බලන්න ආපු ආච්චි කෙනෙක් කියනවලු, 'පටි නොකැඩී තියෙයිද අර නටපු නැටිල්ලට' කියලා. ඒ වගේම චිත්‍රපටියක තියනවලු ලස්සන තරුණියක් මුහුදු වෙරළේදී මුහුදට බහින්න පෙර ඇඳුම් එකින් එක ඉවත් කරන ජවනිකාවක්. ඇය තමන්ගේ යට ඇඳුම් ඉවත් කරන්න හදනවිටම දුම්රියක් යනවා ඇයව වැසී යනසේ. එතනින් ජවනිකාව අවසන්. දවසක් ගැලරියේ ප්‍රේක්ෂකයකු මෙහෙම කියනවලු. 'චිහ් අදත් ආවනේ මේ කෝච්චිය වෙලාවටම'

    ඇත්තටම කඩා වැටීම විතරක් නෙවෙයි, අමාරුවේ වැටීම දිහා වුනත් බලා ඉන්න කැමති, වෙන්න යනකොටම සැදී පැහැදී ඉන්න පිරිස වැඩියි. අමාරුවේ වැටෙන්න කලින්, ඒ මිනිහා ගලවගන්න බල්ලෙක්වත් නැහැ. ඊළඟට කියන්නෙත් 'අපි නම් දැනගෙන හිටියා ඔහොම වෙයි කියලා' කියලයි.

    'කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ' (මිල්ටන් පෙරේරා මහතාගේ ගීයක පදයකි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා...ඒ කතා ටික නම් නියමයි..අපොයි ඔව් අද කාලෙ මිනිස්සු බහුතරයක් එහෙමයි...හැබැයි සුළුතරයක් ඉන්නවා තමන්ගෙ ජීවිතෙ පරදුවට තියලා හරි අනුන්ව බේරා ගන්න..විරු ජන සම්මාන යට ලක් වෙන අය මට හම්බ වෙනවා වසරක් පාසාම !

      Delete
  19. එළුවගෙ පස්සෙන් බල්ලා යන්නෙ එළුවගේ අරක කඩං වැටෙයි කියලා කිව්වෙ පස්සෙන් ගිය බල්ලද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා මල්ලි ඌම තමයි කීවෙ නම්..

      Delete
  20. //අල්ලපු ගෙදරක ඉන්න එළුවා හොල්ලා හොල්ලා පාරෙ යන අතරෙ බල්ලෙක් කෙල පෙර පෙරා පස්සෙන් යන්වා.// නැද්ද වෙනි අයියේ විසිකරන එකක්වත් අහිංසක එළුවට අන්දවන්න..

    ReplyDelete
    Replies
    1. අපොයි අසර් ඔය අසරණ එළුවව මරන්න මට අදහසක් නෑ දැන්මම !

      Delete
  21. අම්මපා වෙනී අයියේ ඔය "ස්කයි ලැබ්" එක කඩාගෙන වැටෙන්න යන කතාව මටත් මතකයි. අවුරුදු 4ක විතර පොඩි එකෙක් වෙලා හිටිය මමත් ගූ බයකින් හිටියේ ඔය අට මගලේ මගේ ඔළුවටම කඩා වැටෙයිද කියල. මොකද ඉස්සර ගෙදරින් එළියට යනවට ලොකු අය අපිව බය කරනවා, සක්යි ලැබ් එක වැටෙයි කියලා...

    ඇත්තටම මට මතකයි වැඩිහිටියෝ පවා ඕක ගැන පැය ගණන් කතා කරනවා. අන්තිමේදි ඕක කොහොම හරි කඩාගෙන වැටුනේ මුහුදට මගේ හිතේ.....!

    ඈ බං වෙනී අයියේ, උබලගේ පැත්තේ එළුවන්ට ඔච්චර මයිල් තියෙන්නෙ, උඹ ඉන්නෙ ඇන්ටාටිකාවට කිට්ටුවද ?

    ReplyDelete
    Replies
    1. ඒක කඩන් වැටිලා තියෙන්නෙ ඔස්ට්‍රෙලියාටලු මාත් ඉන්ටනෙට් එකෙන් කියෙව්වෙ ! මල්ලි..ඔය නම් ඇන්ටාටිකාව හරියෙ එළුවෙක් තමයි...බල්ලෙක් සමඟ එළුවෙක් හොයන්න අමාරු උනා මල්ලි..

      Delete
  22. හි හි ... ඔයා දැන් බලාගෙන ඉන්නෙ මොකක් කඩන් වැටෙයි කියලද?

    ReplyDelete
    Replies
    1. ඕනි දෙයක් කඩන් වැටුනොත් මන් එතන ඇති...

      Delete