ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, November 2, 2012

යාල පැත්තෙ ගිය ගමන.. ජායාරූප පමණි...

මේ වෙනකොට යාල නම් සංචාරය කරපු නැති කෙනෙක් ඉන්න විදියක්ම නෑ.. පහු ගිය සති අන්තෙ අපිත් ආයිමත් යාල ගියා. මීට ඉස්සෙල්ලා ගිය කාණ්ඩයක් නොවුනු නිසා නවමු අත්දැකීමක් උනත් යාල නම් ඉතින් සුපුරුදු විදියටම ඒ වගේමයි.. ගිය නඩයේ පොඩි අය හිටි නිසාදෝ අපිට ගොඩක් උදෙන්ම නම් යාලට යන්න බැරි උනා..ඒකෙන් අපිටමයි පාඩුව  උනේ නම්..සත්තු ගොඩක් උදේ කෑම කාලා යන්ඩ ගිහින් වගෙයි පේන්ඩ තිබුනෙ නම්..

කැමරාව අතේ තිබ්බ නිසාදෝ මන්දා මම බොන කට්ටිය හිටි පැත්ත පලාතක ගියේම නෑ..යාල යන්ඩ ඉස්සර දවසෙ අපි ගියේ බට අත කෘෂි ගොවි පලට..

අපි ගියේ අධි වේගෙ...
මේකෙ ෆොටෝ නම් නොදැකපු කෙනෙක් නැතුවම ඇති..



බට අත ගොවිපොල


ඒකට යන මොහොතේ නම් මට මතක් උනේ  මන් කාලෙකට  ඉස්සෙල්ලා ලියපු ඒ පෝස්ට් එක..

http://liyanna-liyanna.blogspot.com/2012/01/blog-post.html


ඒ පෝස්ට් එකේ මවපු සිහිනයට ටිකක් හරි ලං වෙන්න පුළුවන් තරමේ මෙතන ගොවිපල තිබුනා..

මේ තියෙන්නෙ  ඇතුළුවීම වැගිහිට්ටෙක් ගෙන් රුපියල් 30 ක ටිකට් එකක් කඩනවා..



පරිසරය රැකෙන්න ඕනි නිසා කෑම ඔතන කොල අරෙහෙ මෙහෙ නොදා කුණු බැරල් වලටම දාන හින්දද කොහෙද කේඩෑරි වෙච්ච බල්ලෙකුට අපේ අය නම් කන්න දුන්නා 


බොහොමයක් ගස් අපි දැකලා තිබ්බට හරි නමින් අඳුනන්නෙ නෑ..හොඳටම හුරු පුරුදු ගස් කීපයකටම කියන නම් දැන ගත්තා..



එක එක වර්ග වලට එක එක අංශ වෙන වෙනම තිබ්බා..









මේ ඇතුල්වීමෙ දොරටුව එක්ක පැත්තකින් තිබ්බ පොකුණ එක්ක එන දර්ශනය නම් ලස්සනයි..












තැනින් තැන තිබ්බ මේ වගේ මැටි වලින් හදපු ගෙවල් හරිම ලස්සනයි.. ගම් වල ගෙවල් වගේ..විඩාව නිවා ගන්න ඉඳ ගෙන ඉන්න නම් ටොප් !















අපිව දැකලා කලබල වෙච්ච මෙයා දිව්වෙ නම් පන එපා කියලයි !





සුළං බලයෙන් සහ සූර්‍ය බලයෙන් ක්‍රියා කරන විදුලි පහන් !











හම්බන්තොට රෑ නැවතුන තැන..






යාල වනෝද්‍යානය 

මෙන්න නරියා පාර පැනලා ඔරේ රන් ! මෙයා දුවනවා දැකලා අපෙ අය කිව්ව හූවට මෙයාට ලැජ්ජා හිතෙන්නත් ඇති.. පස්සෙ මන් හූ කීව අයට පෙන්නුවා අර ඔබේ නිශ්ශබ්දතාවය රන් හා වටී කියලා වගේ තියෙන බෝඩ් එකක්.. අපේ සෙට් එකට ඒක දැකලා ලැජ්ජා හිතෙන්න ඇති කියලා හිතුනා..


මේ ටිකට් ගන්න ඔෆිස් එක ළඟ තියෙන කෞතුගාරය..මගේ විජිතය ලියන ගාමිණි අයියගෙ ගිරිතලේ කෞතුකාගාරය බලන්න යන්න බැරි උන එක ගැන පොඩි ශෝකයක් ඇති උනේ නැත්තෙම නෑ..








මේ පෝස්ටරය කියෙව්වහම දුක හිතුනා සෆාරි ජිප් එකකට අහු වෙච්ච දිවි පැටියෙක්.. බලන්න ඩ්‍රයිවර් ලගෙ තියෙන නොසැලකිල්ල ..මොන තරම් පාඩුවක්ද වෙලා තියෙන්නෙ.?
























අප්පා මෙයා නම් අපිට පේන්ඩම වට දෙක තුනක්ම කැරකිලා නැටුවා..

මොනරා නටන කොට පස්ස එලියෙ කිව්වට බලන්නකො ඒ පැත්තෙත් තියන ලස්සන !






මෙතන කිඹුලෙක්, නරි කීප දෙනෙක් සහ කපුටො ටිකක් තමන්ගෙ උදේ ආහාරය ගන්නවා 



මෙන්න මෙයා නම් අපි යන කම්ම මේ අකුලෙන් එලියට ආවෙම නෑ..





පස්සෙදි මෙන්න මෙහෙම මෙයා පාර පැනලා තිබ්බා ..












මෙන්න මගේ සංචාරයේ හොඳම ෆොටෝ ටික.. මෙයා ගහ උඩ ඉඳන් ගොදුරක් කාලා .. ගහින් බිමට බැස්සා.. 
මුළු ට්‍රිප් එකෙක ෆොටෝ ටිකත් හරි..මෙන්න මේ දිවියගෙ ෆොටෝ ටිකත් හරි..






බලන්න ඇවිස්සෙන දූවිල්ල කොයි තරම්ද කියලා..කළු පාට වාහෙනෙ.. අපේ ඇඟ පුරාමත් ඔයි තරම්ම දූවිල්ලක් තිබ්බා.. අතර මඟදි මන් කැමරාව කීප සැරයක්ම සුද්ද කලා !














කිඹුලා හොඳටම බුදි..








අද පෝස්ට් එක නම් ලියන්න කම්මැලි කමෙන් ෆොටෝ වලින් ම පිරෙව්වා කියලා හිත දොස් කියනවා හරියට..

62 comments:

  1. අපූරු ඡායාරූප එකතුවක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වකා... ඔබේ පැමිණීම සදරයෙන් පිලි ගන්නවා !

      Delete
  2. මම තාම ගිහිල්ලා නෑ නේ...

    වෙනි අන්කල්ගේ ෆොටෝ ටිකයි කැප්ෂන් ටිකයි හින්දා පෝස්ට් එකක් ලිව්වේ නෑ කියලා අඩුවක් නම් දැනුනේ නෑ...

    ෆොටෝ ටික හරිම ලස්සනයි... විශේෂයෙන් අර ඇතාගෙයි, දිවියගෙයි, ‌මොණරගෙයි... හි හි... ගොඩක් අය සත්තු දැක්කේ නෑ කියලනේ කියන්නේ... වෙලාව හොඳයිද කොහෙද කට්ටියගේ... හි හි..

    අර මොක්කුද පල්ලෙහා ඉඳන් 5 - 6 ‌ෆොටෝ වල ඉන්නේ? කොක්කු ජාතියක් ද...?

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු එකෙක් දෑකැති කොකා අනිත් එකෙක් හිටියා හැඳි කොකා කියලා ..ඒත් එතන ෆොටෝ එකේ ඉන්නෙ නම් මොක්කුද මන්දා ? අපේ හෙන් රි කියන උන් වෙන්න ඇති..බලමු අපේ ගාමිණී අයිය වත් මේ පැත්තෙ ආවොත් හරියටම කියයි..

      Delete
  3. ෂා මාර පින්තූරු ටිකක්නේ..මගේ ඩෙස්ක්ටොප් එකට නියමෙට ගැලපෙනවා..!!

    ReplyDelete
    Replies
    1. හා හා එහෙනම් ඕන් ඩෙස්ක්ටොප් එකට දා ගන්නකො !

      Delete
  4. ආනේ මම යාලේ ගිහින් නෑනේ.... යන්න ආස හිතුනා ෆොටෝ ටික දැක්කහම...... අර දිවියගේ ෆොටෝ ටිකට තමා මන් වැඩියම කැමති.ඒ ටික නියමෙට අරන් තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී යාලට ගියත් ගොඩක් අයට දිවියො දැක ගන්න වෙන්නෙ කලාතුරකින්ම තමයි.. යාල නම් ගිහිලා තියෙන්නම ඕනි එක වතාවක් හරි..

      Delete
  5. වෙනි මාම නම් හරිම වාසනාවන්තයි මන් ගිහින් දිවියෙක් දකින්න කාපු කට්ට, අපේ ජීප් එකේ driver අයිය ගේ ඇස දෙකට පින්සිද්ද වෙන්න බොහොම අමාරුවෙන් පැදුරක් අස්සේ ඉදලා එකෙක් ව දැක්ක එත් හරියට පැහැදිලි ෆොටෝවක් ගන්න බැරි වුණා ආයිත් ගිහින් block 2 පැත්තෙත් එක්කම රව්මක් ගහල එන්න ඕනේ කස්ටියක් සෙට් කොරගෙන

    ReplyDelete
    Replies
    1. මට වැරදුනා යාලේ ඉන්නේ දිවිය නෙමෙයි කොටියා , ගොඩක් ය දිවිය කියල කියන එක වැරදියි ලු, (මන් අහල තියෙන හැටියට) දන්නා කෙනෙක් මා නිවැරදි දැයි කියන්න

      Delete
    2. ඉමල්ක ඕක අහන්න නියම තැන මෙතන. ගිහින් අන්තිම පෝස්ට් එකේ කමෙන්ට් එකකින් අහන්න.
      http://gaminievijith.blogspot.com/2012/10/28.html

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. ඔව් ඉමල්කා අපි හරි වාසනාවන්ත උනා එදා නම්.. මටත් හරි සතුටුයි ඒක ගැන..අපි ආපහු එනකොට මෙයා ගහ මුලට බැහැලා කෑම කනවා.. ඒක එච්චර හොඳට පෙනුනෙ නෑ..කොටියා කියනවා දිවියා කියනවා.. ගාමිණී අයියා තමයි මේවා කියලා දෙන්න ඉන්න එක්ස්පර්ට් හෙන්රි කියනවා වගේ !

      Delete
  6. එළ කිරිනෙ බං වෙනී. හොම්බ දිග කැමරාවට ස්තුති වේවා. උඹලට අර ට්‍රැක්ටර් බුවා හෙම හම්බ වුනේ නැත්ද බං?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ට්‍රැක්ටර් බුවාව නම් දැක්කෙ නෑ හෙන්රි ...ට්‍රැක්ටර් කතාව කියෙව්ව ආපහු ඇවිලා නොවැ..ඊළඟ සැරේ බලන්න ඕනි..අපි ගියේ සෆාරි ජීප් වල නිසා..ගණුදෙනුව තිබ්බෙ ඒකෙ ඩ්‍රයිවර් ලා එක්ක විතරයි !

      Delete
  7. වල් ඌරව තව ටිකක් ලං කරලා ගත්තනං ලස්සනට තියෙයි...

    ReplyDelete
    Replies
    1. ඌ හීලෑ වල් ඌරෙක්.. ළඟටම ආව කෑම ඉල්ල ගෙන !

      Delete
  8. ෂාහ් නියම ට්‍රිප් ටික.. ලස්සන ෆොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන ..

      Delete
  9. යාල ගිහින් කඳවුරු භූමියක ඉන්න ඕන නියම ෆන් එක ගන්න.

    ReplyDelete
    Replies

    1. ඒ කෑම්ප් සේරම අයින් කරලා දැන් !

      Delete
  10. නියමයි වෙනී අයියා, තනියම ගිහින් බලල එන්නැතුව අපිටත් බලන්ට ෆොටෝස් දැම්මට තෑන්ක්ස්.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ඉතින් බුකිය හැර මෙතනින් උනත් බෙදා හදා ගන්න ඉඩ තියෙන එකට සතුටුයි !

      Delete
  11. මම තාම යාල ගිහින් නය අයියා.ෆොටෝ ටික නම් නියමයි ඕවා වලින් හරි දැකගන්න ලැබුනානේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් මල්ලි..ඉඩ ලැබිච්ච ගමන් යන්න යාල සංචාරයකට !

      Delete
  12. මම ගිහිල්ල තියෙනවා එත් දැක්කේ අලි කිහිප දෙනෙක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව් අසර් කියන්නෙ උදෙන්ම යන්න කියලයි..අපි එතනට යන කොටත් හත විතර උනා.. උදේ හයට විතර ගමන් ඇරඹුවා නම්..මීට වඩා සත්තු බලන්න තිබුනා...

      Delete
  13. ශෝක් පින්තූර ටික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයාල් බතී..

      Delete
  14. නියම පිංතූර ටික වෙනී අයියා.

    මේ ගමන තමයි කැමරාවෙං 'ප්‍රයෝජනයක්' අරං තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා මල්ලි සහතික ඇත්ත...චෙහ් ගොඩකෙවෙල පැත්තෙ හිටි නළුවෙක්ගෙ ෆොටෝ එකක් ගන්න බැරි උනා නොවැ !

      Delete
  15. අපූරු පින්තූර ටික. (මට ටිකක් ඉරිසියාවත් එක්ක මගේ කැමරාව පුස්කන එකට)

    ReplyDelete
    Replies
    1. ඇයි බුද්ධි නිවාඩු පාඩු නැත්ද රවුමක් ගහන්න යන්න ... ?

      Delete
  16. අන්තිමට මම යාල ගියේ අවුරුදු අටකට විතර කලින් වෙන්න ඕනේ. කොළඹ ඉඳන් තියෙන දුරයි කැලේ සත්තු බලන්න ආසා වුනාට කූඹින් මැස්සන් හා සර්පයන්ට තියෙන බය හින්දම මම අන්තිම කාලේ යාලට ආස වුනේම නෑ. ඒ වුනාට වෙනීගේ ඇල්බම් එක බලලා අර බීච් එක දැක්කම ආයේ කවදාහරි ලංකාවට ආවොත් යන්නම ඕනේ කියලා හිතුනා. මට විතරක් තනියම ඉන්න පුළුවන් බීච් එකක් වගේ. මායි මායි මායි විතරක් වුනාම බීච් එක මරු....
    යාලේ පෙලිකන්ස්ලා නැද්ද දැන්?
    ඖෂද උයනත් බලන්නම ඕනේ එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ බීච් එකේ නාන්න නම් බෑ රංගි.මන් හිතන්නෙ රල පාර සැරයි...හැබැයි හැම වෙලාවෙම සෙනඟ පිරිලා..පෙලිකන් ලා ??? දැක්කෙ නෑ..

      Delete
  17. හම්මපා පංකාදු පොටෝ ටික. අදිවේගේ නම් මම යන්න හිටියට යන්න බැරි උනා. මේ පාර ආවම යන්න ඕනේ. වෙනී මාමට බොහොම පිං මේ වගේ පින්තූර ටිකක් හරි දානවට.

    ReplyDelete
    Replies
    1. ඔව් අධිවේගෙ යන එකත් එක අතකට මරු..ගෝල් රෝඩ් එකේ ඔට්ටු වෙලා වෙලා ඉඳලා මේකෙන් කස් ගාලා යන කොට ටොප් !

      Delete
  18. අර අවුසද උයනෙ වෙනිවැල් ස්පෙසල් ප්ලාන්ට් එකක් තියනව නේහ් ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...මන් දැක්ක ගමන් ෆොටෝ 2-3ක් ම ඇල්ලුවා..

      Delete
  19. අපි මේ ඉවක් බවක් නැතුව විනාශ කරන්නෙ මොන තරම් ලස්සන රටක්ද ? පූරුවෙ පිනකට මේකෙ ඉපදිලා ඒකම විනාශ කරනවා..

    ස්තූතියි වෙනි අයියා.. යාල ගිහින් නැති අය නෑ කියලා හිතුවට එහෙම අය ඉන්නවා. ඒගොල්ලන්ට මේ පින්තූර ටික හරි වටිනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම විනාශ කරන්න එපාබං සෙන්නො..(ඇයි යකඩො උඹ කැලෑ පාලුවෙක්යැ..)
      අනිව වෙනී අයිය..අද ඔයා ලස්සනට අපේ ඇහැ පිනෙව්වා..

      Delete
    2. අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් ඒකට හවුල් විමුක්ති.

      Delete
    3. ඔව් සෙන්නගෙ කතාව හරි..අපි කෙලින්ම නැතත් වක්‍රව හරි ඒ දේට හවුල් !..ඒ නිසාම වන විනාශයෙන් වෙන තර්ජනයට අපිවත් ලක් වෙනවා...

      Delete
  20. මම මාතර වෙලත් අවුරුදු 10 කින් විතර ගියේ නැ යාල.ඔබේ පින්තුර ටික දැක්කම යන්න උවමනාව ඇති උනා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් උදෙන්ම යන තරමට සත්තු වැඩිපුර දකින්න පුළුවන් ..

      Delete
  21. බොහොම සුන්දරයි... බට අතේ ඩ්‍රැගන් පෘට් වගාවෙ ගෙඩි
    තිබුනෙ නැද්ද ?

    කියන්න ලැජ්ජයි මමත් තාම යාල ගිහින් නෑ... ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. නෑ සිරා මල්ලි මේ ගෙඩි නැති කාලෙ වෙන්න ඇති..එහෙනම් කට්ටිය එක්ක ලෑස්ති කර ගමු ට්‍රිප් එකක්..මාත් එන්න බලන්නම් !

      Delete
  22. පින්තූරු ලස්සනයි. යාල ගියාට වඩා හොඳ විස්තරයක් දැක්කා...ගොඩක් කලකට උඩදි ගියේ. ආයම යන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි මාත් අවුරුදු 3-4කට උඩදි ගියේ..දැන් වෙනස් වෙලා...ආයි යන්නකො..කැමරාවයි බැට්‍රි මතක් ඇතුව අරන් යන්න !

      Delete
  23. මාත් ගිහිං නැතෝ....
    සිතුල් පව්වටනම් ගිහිං තියෙනවා.

    නිස්කලංක පරිසරය... සත්තුන්ගේ, සුළඟ අතුවල වැදීගෙන යන ශබ්දය... සිසිලස.. වන සතුන් දැකීමෙන් ඇතිවන ප්‍රීතිය... අනතුරක් වේදෝයි ඇතිවන බිය... සිතේ සැහැල්ලුව.. etc.... ස්පිරිතාල දාහක් වහන්න පුළුවන් වෙයි මිනිස්සු වනගත සුන්දරත්වයට යොමු කලොත්.

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාල වැහෙන කතාව නම් සහතික ඇත්ත..මොකද අද ගොඩක්ම ලෙඩ තියෙන්නෙ මනසික ආතතිය එක්ක බැඳිච්ච ලෙඩනෙ !

      Delete
  24. කොහෙ ගිහින් ගැහුවත් බොගෙ ෂොට්ස් නම් නියමෙට වදිනවා අයියේ පොටෝස් ඈ

    ReplyDelete
    Replies
    1. ඒ කැමරාවෙයි ලෙන්ස් එකෙයි හොඳ කම මල්ලි..

      Delete
  25. මම තාම යාල ගිහින් නෑ,,ලස්සනයි පොටෝ ටික වෙනී අයියේ

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ ආවහම් යන් ඩිලා මල්ලි...

      Delete
  26. කියල වැඩක් නැහැ..හරිම අපූරුයි පින්තුර ටික සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු හිමාවි..ඔය ගොල්ලන්ටමයි ඕන් පින්තූර ටික ගත්තෙ ඒ නිසාමද කොහෙද හොඳට ඇවිත් තියෙනවා..

      Delete
  27. ශික්.. අද මගෙ ජන්ජාලෙ වේගය මදි.. ආයිත් එන්න වෙනවා ඔක්කොම බලන්න නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියෙ ෆොටෝ ගොඩක් දැම්මහම එන ලෙඩේ නම් ඒක තමයි..ආයි ඇවිත් බලන්නකො එහෙනම්..

      Delete
  28. වෙනිවැල් පැලයකුත් හොයා ගත්ත නේද කොහොමහරි? මගේ ජන්ජාල වේගේ අලුත් වෙනකම් ඉඳල යන්තම් පොටෝ ටික බලාගත්තේ. දිවියාගේ රූපේ නම් මරු. ඕකා දිවියද නැත්නම් කොටියද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක දැක්කහම මට හරි ෆිට් ඉතින්..
      දිවියා නේද ?

      Delete
    2. 'දිවියා','කොටියා' නම් දෙකම හරි මලේ. (විද්‍යාත්මක නම - Panthera pardus kotiya)

      කොටියගෙ පින්තූරටික එල.

      Delete