ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 4, 2012

කොන්ක්‍රීට් ආදර්ශ ගොවිපළ හා අපි නොදන්න චෙස් !

"ලියන්නා එහෙනම් අපේ මුණුබුරායි මිණිබිරී දෙන්නවම මේ ආදර්ශ ගොවිපළ බලන්න එක්ක යන්න...ඩ්‍රයිවර් එක්ක විතරක් යැව්වට වැඩක් නෑ..ඔයා ඉතින් ගම් පළාත්වල ඒවා ගැන දන්න නිසා..වැඩිපුර කියලා දෙන්න පුළුවන් !"






ගෙදරට - ඒ කියන්නෙ මගේ ඇනෙක්ස් එකට - වෙලා ජොළියෙ ඉන්න හිතන් හිටපු ඉරිදාවක් ඔන්න ඔහොමයි ගෙවෙන්න යන්නෙ.. මගේ ඇනෙක්ස් එකේ අයිතිකාරයාගේ රට ඉන්න පුතාගෙ දුවයි පුතයි එක්ක මට සංචාරයක් සෙට් වුණේ ඔහොමයි. ගෙවල් හිමියකුටත් වඩා ඥාතියකු බඳු ඔහුගේ ඉල්ලීම කෙසේවත් බැහැර කිරීමට නොහැකි නිසා මේ කොන්ක්‍රීට් නගර සීමාවේම අසලක වූ කෘතීමව සකසන ලද ආදර්ශ ගොවිපළ නැරඹීමට සම්පූර්ණ දවසක්ම ගත කිරීමට සිදු විය. ආදර්ශය කෙසේ වෙතත් නියම සජීවී ගොවි ගම්මානයක වසර 20කට නොඅඩු කාලයක් ගත කල මා හට මෙවන් කෘතීමව සකසන ලද ගොවිපළක ඇති අරුමය සිත නැගෙත්ම නිතැතින්ම ඈනුමක් දෙකක් පිට වීම සිදු විය. මෙය එතරම්ම අලස උදාසීන කාර්යයක් විය.


නමුත් කල හැකි දෙයක් නැත. බැඳ ගත් බෙරය ගැසීමටම සිදු වේ. එම ඉරිදා දිනය..උදෑසන ආහාර ගත් සැණින් වාහනයේ රියැදුරු මා සහ දරු දෙදෙනා කැමරා, දහවල් කෑම , වතුර, පලතුරු සහ තවත් කෙටි කෑම බෑගයන් සහිතව ගමන ආරම්භ කළෙමු. මීට පෙර මෙම ආදර්ශ ගොවිපළ පිළිබඳ ලිපි කියවද්දී මා සිත නැගුණු සෝපාහාස සිතුවිල්ල තවම බැහැරව ගොස් නැත. නගරයේ සිටින අය සජීවී ගොවිපළවල් වෙත ගොස් එහි නියම අත්දැකීම් ලබා ගන්නවා විනා මෙවන් කෘතීම පරිසරයන් තුළ කෙසේවත් ප්‍රායෝගිකව ගොවි ජීවිත අත් විඳිය නොහැකිය. මෙය හුදෙක් තවත් එක් මුදල් ගරා ගන්නා ව්‍යාපෘතියක් පමණක් බව මා කිහිප විටෙකම මිතුරන් සම්ඟ තර්ක කළෙමි. ඔවුන් අද මා මෙලෙස මෙම ගොවිපළ වෙත යන බව දන්නේ නම්.. හික්ස්...දෙකොනින්ම හිනා වෙනු නියතය.දරු දෙදෙනා අතොරක් නොමැතිව නගන ප්‍රශ්න වලට මා සහ රියදුරා පිළිතුරු දී හෙම්බත් වෙද්දී..අප ප්‍රධාන මාර්ගයෙන් හැරුණේ අතුරු මාවතකටය. 


කෙළවරක් නොපෙනෙන තරමේ ඉද්ද ගැසූවක් මෙන් කෙළින් පාරේ දිගටම කොහොඹ ගස් සරුවට දෙපැත්තේම වවා ඇත. 


"අමරේ අයියෙ පොඩ්ඩක් වාහනේ නවත්තන්න"


මාවතේ මැද හරියේදී මාගේ ඉල්ලා සිටීමට රියදුරු අවනත විය. වායු සමන රියේ දොර හැරි සැණින් නාස් පුඩු තුළින් පෙනහලු කරා ගමන් කල හුස්ම පොද මා විස්මයට පත් කරමින් දෙපයේ ඇඟිලි දක්වාත්, දෙ අතේ ඇඟිලි දක්වාත් ගමන් කරනු මා හට හොඳින්ම දැනෙන්නට විය. තවත් හුස්මක් ළය පුරා ගත් මා..හට දැනුණේ..වචනයෙන් කිව නොහැකි තරමේ සැහැල්ලුවකි. ඇඳුම් වලින් ආවරණය නොවූ ශරීරයේ දැවටෙන මුදු, මදක් සිසිල් මදනල..මා අමුතුම ලෝකයකට ගෙන ගියේය..දරුවන් දෙදෙනා සමඟ ඈතට දිවෙන කොහොඹ ගස් සමූහය සහ දෙපසින් ගලා යන සිහින් ඇල දොළ..සමගින් සවන් පිනා යන සිහින් සුළඟේ ශබ්දයට ලතාවකට ගී ගයනා සියොතුන්ගේ ශබ්දය.


"යන් ලියන්නා සර්.. එන්න බේබි ගොවිපලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා..ඉක්මනට ගියොත් බලන්න පුළුවන්.. අක්කර විසි ගාණක්ලු "


රියදුරුගේ හඬින් මෙලොවට ආ අප නැවත රියට ගොඩ වූයෙමු. 


"ඒසී ඕෆ් කරන්න අමරෙ අයියා..අපි ග්ලාස් ඇර ගෙන යමු "


කුමක්දෝ දමා යන්නට නොහැකි දුකක සේයාවක් මසිතේ පැලපදියම් වේ. කොහොඹ වැටිය අවසන පාර දෙපැත්තේම සරුවට වැඩුණු සූරියකාන්ත, දහස්පෙති, කූඩලු , හෙන්දිරික්කා , ගැට පිච්ච, ඉද්ද ආදී ගම් වලටම ආවේණික වූ මල් ගොමුව අවසානයේ ගොවි පලේ දොරටුව විය. අවසර පත් ගන්නා ඉසව්වේ පොල් කට්ටක වත් කල කහට සමඟ ලැබුණු කිතුල් හකුරු කෑල්ල...කලකින් ලද අමෘතය මෙන් විය.


අවසර පත් වල තරමක් ඉහළ මිල මා තරමක් මවිතයට සහ සිත තුළ කැකෑරෙන ගිනි පුපුරකට ගිනි ඇවිලෙන්නට විය.මිනිස්සුන්ගේ සල්ලි සූරා කා ලාභ උපයන තවත් එක ව්‍යාපෘතියක් යන්න තහවුරු කිරීමට තවත් සාක්ෂි කුමකටද ? 


මන් හිතපු දේ හරි මොර ගාමින් හදවත කුරිරු සතුටකින් ඉපිලෙන්නට වූවත්..අප හට ලබා දුන් මාර්ගෝපදේශකයා දුටු සැණින් එය නිවී ගියේය. මහලු වියට ආසන්න සුදු වූ කොණ්ඩය සහ රැවුල සමඟ බුලත් විට කා රත් පැහැ වූ තොල් අතරින් පැන නැගුණු අව්‍යාජ සිනහව අප සැමගේම සිත් ගත් බව නොකිව මනාය. අපේ ගමේ ගොවියකු වූ පියා මෙන්ම ඔහුද බර අඩි තබමින් අපට ඉස්සර වූයේ දරු දෙදෙනා දෙ අතේම එල්ලා ගනිමිනි. 


"හා ළමයි දැන් සේරම ඔය සපත්තු ගලවලා මෙතනට දෙන්න..අපි ඇවිදින්නෙ පයින් සපත්තු නැතුව..ආපහු එනකොට මෙතනින් ගනිමු" 


දරු දෙදෙනා අකමැත්තෙන් වූවද එයට අවනත විය.
මා හඬ අවදි කළෙමි.


"Son you will hurt your feet dear, please don't. We will clean our shoes later.."


සිහින් මදහසක් මුව රඳවා ගත් අපේ මාර්ගෝපදේශකයා, 


"Excuse me Sir, How are you going to feel the real farm life with those shoes ? Just trust me, You will feel better without shoes. A little bruise here and there is nothing serious Sir !"


මදක් බ්‍රිතාන්‍ය ඌරුවට ළංවූ වචන උච්ජාරණය මා අල්ලා පොළවේ ගැසුවාක් මෙන් විය. දුව මා දෙස බලමින් දිව දිගු කර විරිත්තන්නට විය. උද්ධච්ච නාකි මිනිහෙක්..මෙතන ජොබ් එක කරන්න ඕනි නිසා ජීවිතේ අන්තිම කාලෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇති. මද නොරිස්සුමක් මා හිත තුළ පැලපදියම් වන්නට විය.


නිහඬ වූ මාද පාවහන් ගලවා ඔවුන් හා එක්වීය. එක යායට පෙනෙන කුඹුරු යායක් අප දෙනෙත් ඉදිරියේ විද්‍යාමාන වන්නට විය. ලා කොළ පැහැ..අඟලක් දෙකක් උසට වැඩුණු කුඩා ලියැදි සහිත කුඹුරු යාය..දෙඇසට සිසිලසක් ගෙන එන්නට සමත් විය. කුඹුරේ නියර මත තරමක් උසට වැඩුණු තණ ගොල්ල මත පා තබනවාත් සමඟම.. කුඩා තණපත් අග බැඳී තිබූ සියුම් පිනි බිඳු පා මත පතිත වෙමින්..පාදයන්ට ගෙන ආවේ සියුම් සිසිලසකි. තණ පත් අග නිරුවත් යටි පතුල මත දැවටෙන විට සියුම්ව දැනෙන කිතිය...මා ගෙන ගියේ වචනයෙන් කිව නොහැකි තරම් සියුම් ආස්වාදයකටයි..මුළු සිරුරේම ඉන්ද්‍රීයයන් අවදිවී මා හට අවට පරිසරයේ සියුම් භාවයන් හා එකාත්මික වන්නට විය..


Come oooon uncle ! What are you waiting there freeze !?


ඔවුන් හා මා අතර පරතරය මා අඩු කළේ දුව ගොස්ය... මා හට සිහි වූයේ කුඩා කාලයේ දිනය පුරාම සරුංගලයක් අතැතිව ගම පුරාම ඇති කුඹුරු නියර දිගේ දිව ගිය කිසිම බරක් පතලක් නැති වගකීමක් නැති ජංගි කොටයක් ඇඳි කොලු ගැටයාය..


"සර් අපි යමු අර බිත්තර වී ගබඩාවට.. එන්න මේ නියරෙන් බැහැලා අපි කුඹුර මැදින් යමු.."


එක පේළියට රටාවට සිටුවා ඇති ගොයම් පැල කට්ටි අතර පොහොර දැමීමට සකසා ඇති කුඩා ඉඩ තීරුව මැදින් මේ තිදෙනා ගමන ආරම්භ කළේය. කී වාරයක් නම් අප මෙසේ ගොස් වල් නෙලා ඇත්දැයි මට සිහියට නගා ගත නොහැක.


"Uncle Why are you silent today ?"


මා වර්තමානයට පැමිණිය යුතුය..නැතහොත් අපේ මාර්ගෝපදේශක සිල්වා අංකල් මා උමතුවෙන්දැයි බලනවා නිසැකය.අඟලක් දෙකක් පමණ වූ මඩ සහිත වතුරේ චක චක හඬින් මහත් සතුටින් අප පිය මැන්නේ කුඹුරු යාය මැද වූ පිදුරු සෙවිලි කර වරිච්චි බිත්ති හා ගොම මැටි ගා පිරියම් කල නිවෙස වෙතටයි. එහි බිත්තර වී සැකසීමේ සිට ඒවා තවාන් කිරීමට බීජ පැල ඇදෙන තත්වයට ගෙන එන තෙක්ම වන ක්‍රියාවලිය එහි සජීවීව දක්වා තිබිණි.


ගමේ අපගේ නිවසේ සාලයේ පසෙක වතුරේ පොඟවන ලද වී ගොඩක් තෙත ගෝනි වලින් හා හබරල කොළ වලින් වසා ඇත. මමත් චූටි අක්කාත් බලා සිටින්නේ එහි කුඩා මුල් මතුවී වී ඇටයේ එක පැත්තකින් කුඩා අංකුර එළියට ඇදෙන තුරුය. මා වඩාත් ආශා කළේ කාටත් හොරෙන් අංකුර ඇදෙන වී ගොඩතුළට අත දමා ගෙන සිටින්නටය..එහි තුළ ඇති මද උණුසුම සමඟ එන සියුම් කිරි සුවඳ විඳ ගැනීමට කාලයෙන් බාධාවක් නැත.. විටින් විට එම වී ඇටයක් කටේ දමා සපා එහි සිහින් කිරි සහ පැණි රස විඳීමට කාගෙන්වත් බාධාවක් නැත.


"එන්න පුතා , එන්න දුව මේ හැදී ගෙන එන පැල අත ගාලා බලන්න"


මමද ඔවුන් හා එකතු වූයෙමි. 


"පුතා හෙමීට ඔය පැළ කැඩෙන්නෙ නැති වෙන්න ඇඟිල්ල දමලා බලන්න ඒ ඇතුළෙ රස්නෙ"


පොඩි උන් දෙදෙනා විමතියට පත් වේ..


"ලියන්නා අංකල් දන්න දේවල්"


ඔවුන් තිදෙනාටම හොරෙන් මා අංකුර ඇදී ගෙන එන වී ඇට කීපයක් අත්ලේ සඟවා ගත්තේ ලද විටෙක රස බැලීමටය.කුඹුරු යායේ ඉහළට වන්නට මදක් මේරූ ගොයම් මෙන්ම අවසන් කෙළවර රන්වන් පැහැයෙන් හිස්බිමට නමා ගත් සරුසාර ලි‍යැදි කීපය..හරහා අප ඇවිද ගියේ මහත් වූ ආනන්දජනක හැඟීමකිනි. 


"බලන්න පුතා වී ඇට පැහෙන කොට මුළු කරලම බිමට නැමෙනවා"


"ආ..."


"අපි මේ කුඹුරු යායම අස්වද්දන්නෙ කිසිම රසායන බෙහෙත් පලිබෝධ නාශක, කෘමි නාශක පාවිච්චි කරලා නෙවෙයි..කොහොඹ වගේ සාම්ප්‍රදායික බෙහෙත් වර්ග වගේම කාබනික පොහොර වලින්ම තමයි."


සිල්වා අංකල්ගේ හඬ මා විමතියට පත් කරයි.


"එන්න පුතා දුව ගන්න මේ කූඩ දෙක අපි යන්නෙ ඊළඟට එළවළු කොරටුවට..මන් කියලා දෙන්නම් හොඳ මෝරපු එළවළු කොහොමද තෝරා ගන්නේ කියලා.. ඔයාලා දෙන්නා තෝරල කඩන එළවළු ඔයාලට ගෙදර ගෙනියන්න දෙනවා. මහත්තයාටත් ඕනිද?" 


බුලත් කසට බැඳුණු මුවින් නැගෙන අව්‍යාජ සිනහව මැද ඔහු අසයි.


 "එපා අංකල් පොඩි අයට දෙමු. "


මතකයට නගා ගත හැකි සියලුම වර්ගයේ එළවළු එහි වවා තිබුණි. පොඩි උන් දෙදෙනා අත ඇති කූඩා දෙක විවිධාකාර එළවළු වර්ග වලින් පිරී තිබුණි..ඊටත් එහා උන්ගේ හිත් පිරී ඇති බව ඔවුන්ගේ දිලිසෙන දැස් කියාපායි. 


"ඔන්න පුතා දුව ඔය එළවළු ගෙදර ගෙනිහින් සේරම උයා ගෙන කන්න ඕනි. වස විෂ නැහැ ඕවායෙ ඔය සුපර් මාර්කට් වලින් ගන්න ඒවා වගේ"


"කොහොමද සිල්වා අංකල් අර වගේ ටිකට් වලට පොඩි ගණනක් අය කරලා මෙච්චර වියදමක් දරන්නෙ මේක බලන්න එන අය වෙනුවෙන් ?"


මගේ සිත තුළ කැකෑරෙන ප්‍රශ්නය එළියට පැන්නේය. කට තුළ වූ විට හපය එළියට දමා අසළවූ කුඩා දිය දහරෙන් වතුර දෝතට ගෙන මුව සෝදා ගෙන ,


"මහත්තයා අපි මේ ගොවිපළ කරන්නෙ සේරම ආණ්ඩුවේ ලොකු ජොබ් කරලා පැන්ෂන් එක අරන් ඉන්න ටීම් එකක්. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා.මේකෙන් පඩි ගන්නෙ නෑ..බලන්න මේ වගාව, ගස් කොළන් එක්ක අපි ආයි ආයි ඉපදිලා ළමා කාලය ගෙවලා තරුණ වෙනවා..ජීවිතේ පිරිලා යන්නෙ ඒ සතුටින්..සල්ලි වලට ගන්න බැරි"


මේ මඩ ගොඩේ දණ බිම ඇන මේ උතුම් පුද්ගලයාට වැඳ නොවැටෙන්නේ මන්දැයි මගේ සිත මුරගායි.


"එන්න සේරම අපි යන් සත්තු ගොවි පළට..අපේ සේරම පොහොර එන්නෙ එතනින් තමයි."


මනාව සකසන ලද සත්ව ගොවිපළ මට සිහි කළේ බටහිර චිත්‍රපට හෝ වාර්තාමය චිත්‍රපට වල දැක ඇති සිද්ධි සමූහයකි. එයද බොහෝ තරුණ හා මැදිවිය ඉක්මවූ බොහෝ පිරිසකට රැකියාව දෙන ස්ථානයක් බවද පෙනී ගියේ..නමුත් රැකියාවක් කරන බහුතරය්කගෙන් දිස් වන වෙහෙසකාරී,නොසන්සුන්, පීඩනකාරී පෙනුම වෙනුවට ඔවුන්ගෙන් දිස්වූයේ මනා නින්දක් ලද මේ සැණින් අවදි වූ පිරිසකගේ පෙනුමකි. සියල්ලෝම අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන වචනයක් දෙක දෙඩීමට පසු බට නොවීය.


"මහත්තයා ඕන්න අල බෝග වගාව එක්ක මල් බලන්න විතරයි තව තියෙන්නෙ. එහෙමනම් අපි ඔය ඉස්සරහා ළිඳෙන් නාලා.. දවල් කෑම ගමු"


 මාගේ දෑස යොමු වුණේ අතබැඳි ඔරලෝසුව වෙතටයි. පැය තුන හමාරක් ගෙවුණෙ කොහොමද ? ඉදිරියේ වූ එළි මහන් භූමිය මැද විශාල කුඹුක් ගසකි. එහි පාමුල විශාල ළිඳක්ද එයට යාව කුඩා නොගැඹුරු පොකුණක්ද විය. 


"දූ පුතාලා ඔය පොකුණේ නාන්න.. එන්න මහත්තයො"


දරු දෙදෙනාට විධාන අවශ්‍ය නැත..දෙදෙනාම පොකුණ තුළ ජල ක්‍රීඩා පටන් ගති.


 "මහත්තයා නාන්න අඳින්න යමක් ගෙනාවෙ නැද්ද ? එන්න මන් සරමක් දෙන්නම්.. "


රහසින් කනට කොඳුරා


 "හොඳ කිතුල් රා තියෙනවා..පොඩ්ඩක් බොමුද මහත්තයා?"


ජීවිතයේ පානය කල හොඳම පානය එය විය.


කුඹුක් ගස පාමුලින් ගලා එන දිය දහරෙන් නා ගත් මා හට ඒ වන විට දැනෙමින් තිබූ වෙහෙස අතුරුදන් වූයේ කෙසේදයි මා තවමත් නොදනී.
දිවා ආහාරය වූයේ මඤ්ඤොක්කා,බතල, වැල් අල ආදී අල වර්ග වලින් සමන්විත කැකුළු හාලේ බත් සමඟ එළවළු කිහිපයකි. මස් හෝ මාළු නොමැතිව කෑම දෙසවත් නොබලන දරු දෙදෙනා බඩ පුරා කන ආකාරය මා මවිතයට පත් කළේය. දිවා ආහාරයෙන් පසු මදක් විවේක ගෙන අප මල් වගා භූමිය හරහා අපේ ගමනාන්තයට ළඟා විය. 


නැවත නැවතත් ආවර්ජනය කරමින් අමන්දානන්දයට පත් විය හැකි හෝරා කීපයක් අප ගත කර තිබුණි. මාගේ පසුම්බියේ වූ සියලුම මුදල් ගෙන එය අප මෙම ගොවිපළට ඇතුළුවීමට වැයකළ මුදල මෙන් හතර පස් ගුණයක් වූවත් දෙවරක් නොසිතා කවරයක බහා අපගේ මාර්ගෝපදේශකයා අත තැබීය. 


"මහත්තයලා මේ බෙලි මල් වතුර බොන්න.. මන් ටක්ගාලා එන්නම්"


සිල්වා අංකල් අතුරුදහන් වූයේ කොහාටදැයි සිතා ගත නොහැකිවිය. අප සමු ගැනීමට මොහොතක් තිබියදී ඔහු අප වෙත ආවේ සිනහා මුසු මුහුණකිනි.


"අපි සල්ලි භාර ගන්නෙ නෑ මහත්තයා රිසිට් එකක් නැතුව..මෙන්න රිසිට් එක. අපි මෙතනට එන හැමෝටම මේ තෑගිපාර්සලය දෙනවා..වටිනා පැල ටිකක් ..ඉඩ තියෙන තනක හිටවලා දමන්න මහත්තය"


"එහෙනම් අපි ගිහින් එන්නම් සිල්වා අංකල්..අපි ආයිමත් එනවා"


 ඔහුගේ දෑතම අල්වා ගනිමින් මම ඔහුගෙන් සමු ගත්තත්..දමා යන්නට බැරි දෙයක් අකමැත්තෙන් වූවත් දමා යනවා යන හැඟීමක් මා සිත සමඟ පොරබදන්නට විය...


මීටම නොදෙවෙනි වූ සජීවී ගොවි ගම්මානයක්ම වූ අපේ ගම වෙත යා යුතුමය.. යන අදිටන මා සිත තුළ තැන්පත් වූයේ.. අමරේ අයියා වාහනය පණ ගන්වනවාත් සමඟය.


පසු දින කාර්යාලයට පැමිණි මා අපගේ පාලන අධ්‍යක්ෂ වෙත ගියේ දහසක් බලාපොරොත්තු ඇතුවය. තමා අසල වූ පරිගණක තිරයත් මේසය මත වූ ගොනු කිහිපයත් දෙස වරින් වර බලමින් ඔහු මා දෙස බැලුවේ නොරිස්සුම් ස්වරූපයක් මුහුණට ආරූඨ කර ගනිමිනි.


"සර් මට සති දෙකකට නිවාඩුවක් ගන්න ඕනි"


"What ? What are you talking Mr.Liyanna ? සති දෙකක් නිවාඩු අරන් කොහොමද? මේ අවුරුද්ද අන්තිමේ වැඩ වැඩිම කාලෙ..ඕනිම නම් දවස් දෙකක් ගන්නවා"


නැවතත් තම එක අතක වූ ගොනුවත් පරිගණක තිරයත් දෙස නෙත් යොමන්නට විය.


"සර්.."


"WHAT?"


මහා හඬින් ගොනුව මේසයට අත හැර කෝප සහගත දෙනෙතින් මා දෙසට හැරුණේ උපැස් යුවලද ගලවමිනි...

64 comments:

  1. ඉතින් බෝස් මොකද කිවුවේ.නිවාඩු ලැබුනද.ඉතුරු ටික දාල නැහැ නේ..අය්යේ කොහේද ඒ ගොවිපල තියෙන්නේ..

    ReplyDelete
  2. please apitath kiyanna e koheda???
    nethnam mekame PRabandayakda????

    ReplyDelete
  3. අපි වත්තේ ලඳුකැලැවල දුවපු පැනපු කාලේ මතකෙට ආවා වෙනි අයියා..ලියල තියෙන විදිහට...නියම වැඩක් වෙනි අයියේ.." ගමේන් නගරෙට ඇවිත් ෆොෂ් වෙලා ..ආපහු ගමට ගියාම ෆොෂ් කියන සරුව පිත්තල කඩාගෙන වැටුන මිනිහෙකුගේ කතාවක්...."

    ReplyDelete
  4. http://tikakhinawenna.blogspot.com/2011/02/blog-post_07.html මේ තියෙන්නේ... ගොවිපල කොහොම උනත් ඇඬෙනවා බන් ඒ කාලේ මතක් වෙලා....

    ReplyDelete
  5. අයියේ මේක තියෙන්නෙ කොහෙද, මමත් හරි ආසයි ඔය වගෙ තැනකට ගිහින් බලන්න. වෙන මොකටවත් නෙවෙයි මගෙත් පොඩි අදහසක් තියෙනව ඔය වගෙ එකක් පොඩියට කරන්න. එකට ඕන කරන අදහස් ටිකක් ගන්න ඔන එකයි.

    ReplyDelete
  6. මෙම කතාවට තවත් කොටසක් තිබෙන බව ව්‍යංගාර්ථයෙන් කීමට දැරූ උත්සාහය අසාර්ථක බව හැඟේ !

    ReplyDelete
  7. මරු ලියන්න අයියේ. මේක දැක්කහම මටත් අපේ ගමට දුවගෙන යන්න හිතුණා. ඒ එක්කම අභීත අයියා දාලා තිබ්බ ලින්ක් එක දිගේ ගියා. මේ ලිපි දෙක මැද්දේ මාත් ඔහේ මගේ අතීතයට ඇදිලා ගියා. අර අභීත අයියගේ පෝස්ට් එකේ කියලා තිබ්බා "රට ඉන්න උන්ට කොහොම ඇතිද කියලා?" වැඩක් නෑ ඒ ගැන කතා කරලා. නගරයේ හැදුන වැඩුන මිනිස්සුන්ට නගරය හොඳ ඇති. ඒත් අපි වගේ ගමේ ගොඩේ බයියලාට ගම තමයි දිව්‍යලෝකේ. මාත් සෑහෙන කාලෙකට කලින් ගම මතක් වෙලා වචනයක් දෙකක් ලීවා. මේ තියෙන්නේ ඒක.
    http://mamagodaya.blogspot.com/2011/03/blog-post_1691.html
    ඔය ගොවිපොල කොහෙද තියෙන්නේ වෙනි අයියේ?

    ReplyDelete
  8. මොනා කරන්න්ද මේ කොන්ක්‍රීට්‍ වනාන්තරේ ඉපදිලා හැදුනු වැඩුනු අපිට ඔහොම එකක්වත් බලන්න තියෙනවානම් කොච්චර දෙයක්ද?

    ReplyDelete
  9. අභීතගෙ කන්සෙප්ට් එක හොඳයි.. මෙය කියවන අයගේම හෝ කියවා ඇති බ්ලොගයක ගම පිළිබඳව තියෙන ලිපි වල ලින්ක් එක දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සඳරූ මල්ලිට එය වලංගු නැත. හිස් අහස බ්ලොග් එකම ගමේ සුන්දරත්වය තමයි !

    ReplyDelete
  10. මේක නිකං විද්‍යා ප්‍රබන්ධයක් වගේනෙ ලියල තියෙන්නෙ.
    නියම පෝස්ට් එකක්.

    ReplyDelete
  11. අපේ දරුවන්ට(නැත්තං ඔවුන්ගෙ දරුවන්ට) අනාගතයේදී අත්විදින්න වෙන්න පුළුවන්කම තියන ඛේදවාචකය තමයි ලියන්නගෙ කතාවෙන් කියල තියෙන්නෙ. කතාව සාර්ථකයි කියල කියන්න අමුතුවෙන් කාරණා නැතත් ඉහලින් කොමෙන්ටු දාපු අය අහල තියන ප්‍රශ්නයකින් කියන්නම්. "අය්යේ කොහේද ඒ ගොවිපල තියෙන්නේ.. " ඊට වඩා දෙයක් ඒගැන ඕන නෑ.

    ඇත්තටම උඹේ කතාවෙ තියනදේ අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් දෙයක්. අද කාලෙ පොඩි එකෙකුගෙන් අහල බැලුවොත් කමතේදී එක් එක උපකරණ වලට කමත් භාෂාවෙන් කියන නම් මොනවද කියල, එයාලට පුළුවන් අපිටත් වැඩිය හොදට උත්තර දෙන්න. මොකද! හැමදෙයක්ම කටපාඩමින් ඉගනගන්න නිසා. ඒත් ඊට එහා දෙයක් සිද්ධ වෙන්නෙ නෑ කියල හිතෙනකොට දැනෙන්නෙ කණගාටුවක්. ගමේ තිබුනු ඇළ-දොළවල්,දිය ඇළි වෙනුවට කෘතීම "වෝටර් පාක්" නගරෙට ආව වගේ කවදහරි කොන්ක්‍රීට් ගොවිපොළ වලුත් ආවොත් පුදුමවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  12. අපූරු පෝස්ටුව...ඇත්තටම ඔහොම තැනක් තියෙනවද ?

    ReplyDelete
  13. හ්ම්....තාම ගම ඉතුරු වෙලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ....නගරෙට ආවට මම ජීවත් වෙන්නේ ගමේ....නියම ලිපියක් ලියන්නා....

    ReplyDelete
  14. පිස්සු හැදෙනවා බන් . .
    සිරාවටම බොක්කටම වදින්න ලියලා තියෙනවා මේකත්.
    කිව්වත් වගේ කොහේද බන් මේක තියෙන්නේ?
    නැති නම් මේක හිතලුවක්ද?

    ReplyDelete
  15. මේක චලන චිත්‍රයක් වගේ. මමත් ගොවිතැන් කරන කෙනෙක්, ගම කොලඹ. ගොවිතැන් කරන්නෙ ටිකක් දුර කතරගම පැත්තට කිට්ටුව.පොඩි කාමර කෑල්ලක් හදාගෙන[ඒකත් තාම හදලා ඉවර නැහැ.] එහේ තමයි ඉන්නෙ. ඇත්තටම මම ගමට කැමතියි.

    ReplyDelete
  16. ඒ අතීතයට ආයෙත් යන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ?

    ReplyDelete
  17. අර කිතුලගල ගොවිපොල බලන්න ගියාම මත් ඔහොම හිතුන

    ReplyDelete
  18. කියල වැඩක් නෑ ... නියමෙටම ලියල තියෙනවා..

    හපෝ අවුරුද්ද පටන් ගත්තා විතරයි.. සති දෙකක් දෙන්නෙ කොහොමද බොල...

    ReplyDelete
  19. ලියන්න දැකපු හීනයක්ද, නැත්තං ඇත්තක්ද? ඇත්ත නං ගොවිපොළ තියෙන්නෙ කොහෙද?


    රහසෙන්......[කිතුල් රා ඇරෙන්න වෙන ජාතිත් තියෙනවද?]

    ReplyDelete
  20. //ගමේ අපගේ නිවසේ සාලයේ පසෙක වතුරේ පොඟවන ලද වී ගොඩක් තෙත ගෝනි වලින් හා හබරල කොළ වලින් වසා ඇත. මමත් චූටි අක්කාත් බලා සිටින්නේ එහි කුඩා මුල් මතුවී වී ඇටයේ එක පැත්තකින් කුඩා අංකුර එළියට ඇදෙන තුරුය.//

    ආච්චිලගෙ ගෙදරදි මම ලබපු අමතක නොවෙන අද්දැකීමක්. මට දැනුත් දැනෙනෙව වගේ පැළවෙන වී ඇට වල අමුතු සුවඳයි ඒ රස්නෙයි. කිව්වත් වගේ ඒව වහල තිබුනෙත් ලොකු ගහල කොළ වලින් හරි හබරල කොළ වලින් හටි තමයි.

    ReplyDelete
  21. හ්ම්.... දුකෙන් වුනත් කියන්න ඕනෙ දැන් ගමක හිටියත් ඔච්චර අත්දැකීමක් මටත් නැති වග.. :((

    ReplyDelete
  22. ලස්සන ලිපියක්....

    මගෙත් හීනය ආපහු ගමට යන එකනේ
    මේ විදිහටම නැතත් මේ වගේම ලස්සනට මම දන්නා කියන එක්තරා ආචාර්ය වරයෙක්(ලංකාවේ නම කියූ පමණින් කවුරුත් දන්නා කෙනෙක්) තණමල්විල ප්‍රදේශයේ ගොවිපලක් පවත්වාගෙන යනවා
    මමත් එහේ යන්න පෙරුම් පුරාගෙන හිටියට තාම යන්න ලැබුනේ නැහැ
    තව මාස තුනකින් වගේ මමත් ආපහු ලංකාවට එනවනේ නතර වෙන්නම
    ඒ ආවට පස්සෙවත් ගිහිං එන්න ඕනේ ඒ පැත්තට
    ගමට අපි බැඳිලා තියෙන පෙකණි වැල ලේසියෙන් කැඩෙන්නේ නැහැ කියල තමයි විශ්වාස කරන්නේ
    මගේ එක බලාපොරොත්තුවක් තමයි මේ වගේ වගා බිමක් පොඩියට හරි පටන් ගන්න එක
    කුඹුරුනම් අපි දැනටත් කරනවා, ඒත් මම කාලෙකින් කුඹුරකට බැස්සේ නැහැ කියල මතක් උනේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ

    ReplyDelete
  23. ." ගමේන් නගරෙට ඇවිත් ෆොෂ් වෙලා ..ආපහු ගමට ගියාම ෆොෂ් කියන සරුව පිත්තල කඩාගෙන වැටුන මිනිහෙකුගේ කතාවක්...

    සිරා කතාව

    ReplyDelete
  24. @ අසරණයා - මෙම කතාවට තවත් කොටසක් තිබෙන බැවින් එහිදී සිදුවූයේ කුමක්දැයි බලා ගත හැක..
    @ අමිල - කතාවට අනුව මෙය තිබෙන්නේ කොන්ක්‍රීට් නගරයේ එක කෙළවරකය.
    @ රාජ් - ඔබ යම් කොටසක් ග්‍රහණය කර ගෙන නැති බව පෙනේ. මේ කණ්ඩායම ගියේ කොන්ක්‍රීට් නගරයේම කෘතීමව තැනු ආදර්ශ ගොවිපල වෙතටයි..

    ReplyDelete
  25. @ අභීත - ඒක නම් සහතික ඇත්ත මල්ලි..එක සැරයක් කියෙව්වත් ආයිමත් කියෙව්වා ගිහින් ඔබේ ලින්ක් එක
    @සිහින කොදෙව්ව - සිහින කොදෙව්වක තියෙන්නෙ..කන්සෙප්ට් එක අරන් ඔබටම ආවේනිකව ගොඩ නගන්න..එතකොට ඒක විතරයි තියෙන්නෙ ඒ ජාතියෙ
    @ ගොඩයා - සහතික ඇත්ත..කොහෙද තියෙන්නෙ කියලා අපි හොයමු..නැත්නම් අපි හදා ගමු එකක්

    ReplyDelete
  26. @ පූසා - අපි හැමෝම තවමත් අවාසනාවන්තයි ඒ අතින් නම් නේද ?
    @ ප්‍රසන්න - විද්‍යා ප්‍රබන්ධයක තියෙන්නෙ රචකයා පතන එහෙත් නොලබන නමුත් ලැබෙතැයි සිතන ලෝකයක් නේද ?

    ReplyDelete
  27. @ රාජ් -මම ඔබගේ කමෙන්ටුවට පසුව පිළිතුරක් දෙන්නම් ! ඔබේ සුපිරි කියවීම නම් මාව විශ්මයට පත් කලා !

    ReplyDelete
  28. @ දිල් - අපි එකතු වෙලා හදමු ඒ වගේ තැනක් !
    @මකුළුවා - ඒක ඇත්ත, මේකට සම්බන්ධ ඊළඟ ලිපියෙන් ඔබ දකීවි සැබෑ ගමක සැබෑ සුන්දරත්වය
    @දුකා - කොන්ක්‍රීට් වනයේ දුක් විඳින අපේ සිහින ගොවිපල !
    @ uwiniran- ඔබ වාසනාවන්තයි !

    ReplyDelete
  29. @ සීජේගයාන් - සැබෑ ගම එහි අසිරිය, සුන්දරත්වය තවමත් නිරුපද්‍රිතයි සිතමි. බලමු ඊළඟ කොටසින් මගේ ගමේ සුන්දරත්වය බලමු
    @ ඉන්දික - මාත් යනවා බලන්න !ස්තූතියි ඉඟියක් දුන්නට
    @පැණි දොඩම් - හෆොයි ඔහොම හිතන බොස් කෙනෙක්ම නේන්නම් මට ඉන්නෙ !
    @ ඔබ්සර්වර් - අයියා අපි හදමුකො ඔය වගේ තැනක් ! හැබැයි රා විතරයි !

    ReplyDelete
  30. @ නවම් - මල්ලි පැල වේගෙන එන වී ඇට කාලා නැද්ද ? හැබැයි වැඩිහිටියෙකුට අහු උනොත් ගුටි කන්න පුළුවන් අතුරුපස විදියට !
    @ නිසුපා - දැන් ගම වෙනස් අෆ්ෆා..අපේ ගම නම් ඒත් !ඊළඟ කොටසින් බලමු !
    @ලොකු පුතා - සහතික ඇත්ත.. ඒ මහාචාර්‍ය වරයාගෙ නමත් සඳහන් කලානම් වටිනවා..ඔබ එතැන බලන්න යනවානම් විස්තර ලියන්නකො පස්සෙ

    ReplyDelete
  31. @ මහිම - ඒ වචන පෙල හරි අර්ථවත් ඒත් මේ කතාව තුල තියෙන්නෙ රචකයා කොන්ක්‍රීට් වනයක් තුල තිබිය නොහැකි යයි විශ්වාස කල , තර්ක කල, ඔහුට මග හැරුනු ඒ සුන්දර ගම ඔහුව විශ්මයට පත් කරමින් හමුවීමයි..ඔහු යන්න හදනවා ඊටත් වඩා සජීවී වූ ඔහුගේ ගම වෙත..මීට වඩා දහස් ගණනක් ඉහල සුන්දරත්වය විඳින්නට ..ඔහුට යන්නට හැකි වේවිද ?

    ReplyDelete
  32. අඩේ වෙනි ලංකාවෙද බන් ඕක තියෙන්නෙ ආශ්චර්ය දේසෙ අැත්තටම ආශ්චර්යත් වෙනව නේ..

    ReplyDelete
  33. අයියා මේ තැන කොහේද කියලා කියලා නෑනේ.. ඒ ගැනත් කිවුවනම්නේ හොද...

    ReplyDelete
  34. මේක ආයෙමත් පබිලිස් කලාද?

    ReplyDelete
  35. "හොඳ කිතුල් රා තියෙනවා..පොඩ්ඩක් බොමුද මහත්තයා?"

    කී බෝඩ් එකේ හිටන් කෙල !!!
    රා ටිකක් බීපු කාලයක් මතක නෑ. පුත්තලම් ගියා නම් පොල් රා ටිකක් බොන්න පුලුවන්. ඒත් කොයි ???

    නිවාඩු නෑ නෙව. මේ මාසේවත් බලන්න ඕනා රා ටිකක් බොන්න.

    ReplyDelete
  36. @අමිල චතුරංග - හැමෝගෙම සිහිනයක් වගෙයි මේ වගේ තැනකට යන්න
    @දිනේශ් - එක් කොන්ක්‍රීට් නගරයක අග කෙළවරක ඇති ගොවිපලකි..ඔබට දැනට යා නොහැක.
    @ ඔබ්වර්වර් - අයියෙ පොඩි වැරදි වගයක් තිබිලා හැදුවා !

    ReplyDelete
  37. දැන් දැන් ලියන්නා ලියන්නෙ එක විදියක් පෝස්ට් බව අපි දවසක් කතාවුනා. (ඔන්න අපි ආපහු ඇවිත් තවත් අවුරුද්දක් පටන් ගත්තා.)
    henryblogwalker the Dude

    ReplyDelete
  38. ///ගමේ අපගේ නිවසේ සාලයේ පසෙක වතුරේ පොඟවන ලද වී ගොඩක් තෙත ගෝනි වලින් හා හබරල කොළ වලින් වසා ඇත. මමත් චූටි අක්කාත් බලා සිටින්නේ එහි කුඩා මුල් මතුවී වී ඇටයේ එක පැත්තකින් කුඩා අංකුර එළියට ඇදෙන තුරුය///

    මේක ඉස්සර අපේ ගෙදරත් කරනවා... හබරල කොල වෙනුවට දාන්නේ කෙහෙල් කොල... තව උඩින් ගොඩක් බර තියනවා...

    ReplyDelete
  39. ගම් වල එවුන් නගරෙ ගැන හිත හිතා දුක් වෙනවා.නගරෙ එවුන් ගම ගැන කතා කර කර හූල්ලනවා. ටක්කෙටම ඇත්ත ඕකයි.හැබැයි ඔහොම හිතන අයගෙන් එක්කෙනෙක් වත් ගමෙන් නගරයට ගිහින්වත් නගරෙන් ගහට ඇවිත් වත් එක අවුරුද්දක් එක දිගටම ඉදිමේ සම්බාවිතාවය අඩුයි. ඉඩත් ලැබුන ගමන්ම ආපහු පුරුදු නවාතැනට දුවනවා.

    ඔය වගේම කෘතිම ගොවිපලක් මෙහෙත් හැදෙනවා ලහි ලහියේ.වෙන මොකටවත් නෙමේ දැයට කිරුළ බලන්න එන ඈයොන්ට පෙන්නන්න ළුනේ.ඒත් දුක කියන්නේ ඒ දවස් දහයෙන් පස්සේ ඒකට වෙන දේ ගැන ඒකට මහන්සි වෙන ඈයොමවත් හරියකට කියන්න දන්නැති එක තමයි.

    ReplyDelete
  40. @හෙන් රි - සීමිත කාලයකට වුනත් මෙහෙ ඉන්න ටිකට දෙවරක්ම ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයන් හමුවීමට ලැබීම නම් මට හරි සතුටක් ! එහෙනම් නැවතත් අපි මෙහෙම අතත්‍ය පරිසරයේදී හමු වෙමු !

    ReplyDelete
  41. @බීට්ල් - ඔව් ඔව්.. ඔය බර තියන කතාව මට ලියන වෙලාවෙදි අමතක වුනා..අපේ පැත්තෙ හරියට විශාල හබරල කොල තිබුනා..ඒවා සහ කෙසෙල් අතුත් පාවිච්චි කලා..

    ReplyDelete
  42. @ නාකියා - සහතික ඇත්ත...ආපහු නවාතැනට දුවනවා... මෙහෙ කොළඹ 2ක් තිබ්බා ඔය ප්‍රදර්ශනෙ..ඔය සිද්ධිය මමත් ඇහැටම දැක්කා..

    ReplyDelete
  43. මමත් දැක්ක පොඩි වැරදි කීපයක්, ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස් බලන්නෙ මොටද කියල සැද්දේ වහල නිකා හිටිය. :-))

    ReplyDelete
  44. ඒ වෙනි අයියේ සිරාවට හදමුකෝ ඔහොම පොට් එකක්

    ReplyDelete
  45. සිරාවටම එහෙම තැනක් තිබුන නම් කියල හිතෙනව බං. මමත් ගමේ එකා වෙච්චි. ඒත් දැන් ගමත් ඔය විදියටම නෑ බං. මිනිස්සු වෙනස් වෙලා. වැඩ කරන විදිය වෙනස් වෙලා. නගුල වෙනුවට ට්‍රැක්ටර් ඇවිල්ල. කොම්පෝස් වෙනුවට මැසිමෙන් ගහන බෙහෙත්. මෙහෙම ගියොත් ඉස්සරහට මොනවයින් මොනා වෙයිද මංදා

    ReplyDelete
  46. හරිම ලස්සන හීනයක් වෙනි අයියෙ...සජීවි අත්දැකිම් හැටියට මමවත් විඳලා නැති දේවල් මෙතන තියනවා. ඇත්තටම මේ වගෙ තැනක් තියනවනම් කොච්චර හොඳද ..?
    ප.ලි.
    කිතුල් රා නම් නැතත් කමක් නෑ..
    ප.ප.ලි.
    අර කිව්ව කිතුල්ගල ගොවිපල තියෙන්නෙ කොහෙද ?

    ReplyDelete
  47. @ ඔබා අයියෙ - පිස්සු නම් කෙලින්නෙ නැතුව වැරැද්දක් තියේනම් ලියපන් අයියෙ ! මට මගේ වැරදි පෙනෙන්නෙ නෑ ! උඹලවත් පෙන්නුවෙ නැත්නම් මන් කොහොමෙයි හදා ගන්නෙ ?

    ReplyDelete
  48. @ චම්මා - ඇත්තටම කාගෙත් හීනයක් තමයි ඒක !

    ReplyDelete
  49. @ රංග - සහතික ඇත්ත මල්ලි ! ඉන්නකෝ මගෙ ඊළඟ කොටස එනකන් !

    ReplyDelete
  50. @ ලකී - කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති හීනයක් තමයි මේක ! හොඳම කිතුල් රා බීවොත් ඔහොම කියන්නෙ නෑ. අපි ඉන්දිකගෙන අහල බලමු..කොහෙද කියල

    ReplyDelete
  51. @මදුරංග - සෙට් වෙලාම බොමුද ? හොඳ කිතුල් රා අඩියක් !

    ReplyDelete
  52. ගොඩක් ම හිතේ වැඩ කරන පොස්ට් එකක්. මට ගෙදර මතක් උනා මගේ පුංචි කාලේ මතක් උනා. එත් අපිට එහෙම තිබුනට කවදාවත් මගේ පොඩි එවුන්ට එහෙම කාලයක් එන එකක් නෑ..මං මේ පොස්ට් එක දෙපාරක්ම කියෙව්වා. ඇත්තටම මේක නම් හීනයක්. එත් ඇත්තටම මෙහෙම තැනක් තියනවද වෙනි? (ප ලි. මේක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් උනේ නැතෝ..)

    ReplyDelete
  53. සොරි බං ඊයේ කමෙන්ට් මේක කියවලා ගියා කමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබුන්නෑ

    මට මේ කතාව කියවනකොට මගේ තාත්තා එක්ක ඉස්සර ගම පුරා කරක් ගහපු හැටි මතක් වුණා . කියන්න වචන නෑ බොල මම මේ කියන ගැමි සුන්දරත්වයෙන් බොහෝම ඩිංගක් වෙන්න විඳගෙන තියනවා , තවමත් විඳිමිනුත් තමා ඉන්නේ ..මම ඒ ගැන සතුටු වෙනවා ..

    ReplyDelete
  54. ක්සැන්ඩර් - මම නම් අවුරුදු 25කට උඩදි විඳපු අත්දැකීම් ගමේ.. මගේ හීනය එහෙම කොන්ක්‍රීට් හරි තැනක් තියේනම් කියලා..ඇති කොහෙ හරි ! බලමු ඊළඟ කොටසින් දැන් ගමේ සුන්දරත්වය කොහොමද කියලා

    ReplyDelete
  55. @ හිස් අහස - සඳරූ .. ඔව් අය කතාව ඇතුලෙ තියෙන්නෙ මන් ගමේ ඒ කාලෙ විඳපු දේ තමයි, බලමු අද තත්වය කොහොමද කියලා.. සතුටුයි , උඹ නම් තවමත් මේ සුන්දරත්වයේ ඉන්න එක ගැන !

    ReplyDelete
  56. හීනයක්ද? ඇත්තක්ද?

    ReplyDelete
  57. @ පොකු - සිහිනයක් සහ ඇත්තක් අතර අපි ජීවත් වෙන මානයක් තමයි ඔය !

    ReplyDelete
  58. සිරාවටම මචෝ . . . මගෙත් හිතේ අස්සක තියන චුට්ටි බලාපොරොත්තුවක් තමයි ගොවිතැනට බහින එක. උඹ මගෙ ආසාව අලුත් කලා

    ReplyDelete
    Replies
    1. ඕනයා අපි පටන් ගමුකො දවසක මම එනවා සේරම දමලා ගහලා ..

      Delete
  59. මෙන්න යකෝ ඕනයා ගොවිතැනට බහින්න යනවලු. ගොවිතැනටත් දෙයියන්ගෙම පිහිටයි. ඇත්තටම මාත් හරි ආසයි ඔය ග්‍රීන් හවුස් එකක් හදාගන්න.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කට්ටිය එකතු වෙලා පටන් ගමු හෙන් රි .. ඕනයත් එනවා කියන්නෙ..

      Delete
  60. වගා පැත්තට මමත් සම්බන්ධ නිසා අයියේ.., මම දන්නවා පොලොව සුව විඳින්න තියෙන හොඳම විදිය. උඹ හරි.., අපි මෙහෙම පුටුවක් උඩට වෙලා මෙහෙම නොබ් ඔබ ඔබ හිටියාට් මීට අවුරුදු 50කට 100කට කලින් අපි උදලු කරේ තියාගෙන කුඹුරු වලට ගිය මිනිස්සු, සොබාදහම වින්ද මිනිස්සු..! ඒ touch එක අහිමි වෙච්චි නිසා තමා අයියේ අපි තවමත් මේ විඳවන්නේ..!

    තව අවුරුදු 2 දීපන් මගේ ගොවිපොළ හදලා ඉවර වෙනකල්..! :))

    ReplyDelete
  61. ඔව් ලිශාන් මල්ලි, මට පොඩි හරි ජොබ් එකක් තියන්න ඒ ගොවිපලේ.. මන් එනවා මේ සේරම දමා ගහලා..

    ReplyDelete