ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Friday, November 16, 2012
සාපරාධී හෘදයසාක්ෂිය - Guilty Conscience
පින්තූරෙ ගත්තෙ,
http://www.personalizeddogtraining.com/webpages/socializingandseparation.htm
පසු ගියදා තරමක චෝදනාවක් එල්ලවී තිබුනේ රහට යමක් නොලියන බවත් ලියන ඒවා පවා මෙලෝ රහක් නැති ඒවා ලෙසත්ය... මෙය ප්‍රධානවම අපේ මාරයාගේ හෝරාව ලියන සීටී මල්ලි විසින් ලියන ලද පෝස්ටුවක් වීය.. එහි තිබූ කරුණු බොහෝමයක්ම පිළිබඳ එකඟ වන අතර සමහර කරුණු පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කල යුතුව ඇතැයි මට සිතුනේ එම කරුණු පවා සත්‍ය නිසා මිස ඒවා පිළිබඳ වැරදි වැටහීමක් ඇති වූවා නිසා නොවේ..
ලියන එක බොහෝම ලේසි දෙයක්ද ?
නැත්නම් අමාරු , අපහසු , සංකීර්ණ දෙයක්ද ?
මෙයට එක පිළිතුරක් දීමට නොහැක්කේ අප ලිවීම පමණක් නොකරන නිසාය.. ලිවීම තවත් පටු අර්ථයෙන්ම ගත් කල බ්ලොගය ලිවීම යනු දෛනිකව පවතින රාජකාරී, පෞද්ගලික වැඩ කටයුතු දහසක් මැද කරන්නට තතනන තවත් උත්සාහයකි..
ලියන්නේ කුමක්ද ? අපගේ සිතට නැගෙන සිතුවිලි යම් අරමුණක් හෝ යම් තේමාවක් ඔස්සේ ගෙන ගොස් යම් නිර්මාණයක් ලෙස එලි දැක්වීම මා බ්ලොග් පෝස්ට් එකක් ලීඑම ලෙස සිතමි..
බ්ලොගය තුල කිසිම සීමාවක් පනවා නොගෙන අච්චාරුවක් ලෙස ලිවීමට මා පුද්ගලිකව කැමැත්තේ ඒ තුල ඇති මහා නිදහස නිසාත් විවිධ පාඨක සමූහයන් විවිධ මට්ටමින් තෘප්තිමත් කල හැකි නිසාත්ය..
මා යම් කාලයක් තුල විටින් විට..පරිකල්පිත කතා කිහිපයක්ම ගෙතුවේය..අදහා ගත නොහැකි ලෙස ඒවා යම් පාඨක පිරිසක් වෙත ආකර්ශණය වී ඉහල ප්‍රතිචාර ලද්දේය..එවන් විටක මා හා රැඳුනු යම් යම් පාඨක පිරිස් මා එලෙස එම මට්ටමේ නිර්මාණ නොකරන පසු කාලයේදී මාගෙන් සමු ගත්තේය..
වඩා ආත්ම තෘප්තියක් ලැබෙන්නේ පරිකල්පිත නිර්මාණයකින් නිසා මුත් එවන් නිර්මාණයක් කිරීම කෙතරම් විඩා දනවන කාර්‍යයක්ද යන්න නිර්මාණකරුවෝ දනිති..නිදසුනක් ලෙස මා පුතා යන කසිප්පු ලියන්නාගේ චරිතය නිර්මාණය කිරීමට සති කීපයක්ම ගත වූ බව මතකය..කසිප්පු පෙරන , කසිප්පු බොන, හිරේ ගොස් සමාජ රෝගයක් වැළඳීම නිසා තම බිරියගේ ලිංගික පිළිකුලට භාජනය වන නූගත් කක්කුස්සි වලවල් අදින පුද්ගලයකුගේ චරිතය නිර්මාණය කිරීමට මා දැඩි උත්සාහයක් ගත් බවත් එය තරමක සාර්ඨක වූ බවත් මට මතකය..තම නාමික පියාගෙන් අනන්ත දුක් ගැහැට විඳි ළමා කාලයත් එලෙසම දුක් විඳින වර්තමානයත් සාර්ථකව පරිකල්පනය කිරීමට මට සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ වෙනත් අන්තයක සිටය.. එම චරිතයේ ජීවත් වීමට ... එම චරිතයේ මනෝභාවයන් තුලට ඇතුළුවී ඔහු මෙන් සිතීමට, දුක් වීමට, සමාජයට, තම දරුවාට, බිරිඳට අසල්වැසියන්ට වෛර කිරීමට මට සිදු වේ..එම කාලය සමාජයෙන් තරමක් ඈත් වී..හුදකලාව එම චරිතය තුලට වී ගත කරන කාලයකි..
මුහුණු පොතේ නැත්නම් බුකියේ මා දන්නා හිතවතුන් සහ හිතවතියන් මාගේ නියම වර්තමාන ජීවිතය කුමක්දැයි දන්නා බැවින් අරවන් ජීවිතයක් අකුරු මතින් නිර්මාණය කිරීමේදී ගත වන කාලය හා වෑයම තරමක් වැඩිය...
නමුත්...
මේක ඇත්තටම උනාද වෙනී අයියට ? ලියන්නා කියන්නේ වෙනී අයියටම නේද ? කියමින් නැගෙන කමෙන්ටු ඉදිරියේ මා හට මහත් සතුටක් ලැබෙන්නේ එබැවිනි.
ඉතින් ඒ වගේ නිර්මාණයකට කාලය , වෙහෙස වැඩියෙන් යනවා වගේම තමයි ආපසු ලැබෙන ඉහල තෘප්තිමත් භාවය..
එහෙම නිර්මාණයකට මනස කොයි තරම් නම් නිදහසේ තියෙන්නෙ ඕනිද කියන එක එතකොට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ...
එහෙම මනස නිදහසේ තියෙන කොට තමයි අපිට පුළුවන් වෙන්නෙ අපිට හාත්පසින්ම වෙනස්ව ගෙවන ජීවිතයකට මනසින් ගිහින් ඒක ඇතුලේ තියෙන ගැටුම්, හැල හැප්පිලි, වගේම සතුට, ප්‍රීතිය, තෘප්තිය වගේ මනෝ භාවයක් ස්පර්ශ කරලා ඒවා අකුරු මන් එළියට ගේන්න...අවසන් නිර්මාණයේ තාත්වික භාවය තීරණය වෙන්නෙ අර කීව අනුන්ගෙ ජීවිතයක් ඇතුලේ අපි ගත කරන මානසික කාල පරිච්ඡේදය කොයි තරමට අපේ වර්තමාන ජීවිතයෙන් වියෝ වෙලා ඉන්නවද කියන එක මතයි..
ඔව් ඒක මානසික රෝගයක් වැළඳිලා ඉන්නවා වගේ කාලයක් තමයි..ෆැන්ටසිමය ලෝකයක අතරමං වෙලා ඉන්න එක..අර ප්‍රදීප් මල්ලි කියලා තියෙන හීනෝන්මාදය ගැන වගේම මානසික රෝග ගැන කියවෙන ලිපි කියවන කොට පොඩි පහේ බයක් නො එනවා මත් නෙවෙයි..
හොඳම නිදසුන තමයි මන් ලොකු උත්සාහයක් ගත්තා පහු ගිය කාලෙ...සීරියල් කිලර් Serial Killer කෙනෙක්ගේ කතාවක් ලියන්න..ඒකට කියන සිංහල වචනෙ හොයා ගන්න ඕනි..
ඇත්තටම එහෙම මිනී මරපු අයගේ ජීවිත කතා කීපයක් කියෙව්වහම මට රෑට හීනෙන් පවා බය වෙන හීනම තමයි පේන්න ගත්තෙ..මහාම මහා භයානක හීන වගේම තමයි මගේ හිතේ තිබ්බ සතුට, තෘප්තිය වගේ සාධනීය තත්වයන් පවා වෙනස් වෙන්න ගත්ත නිසා මන් ඒ උත්සාහය අතහැරලා දැම්මා..
ඉතින් ඔන්න ඔහොමයිළු තොරණේ විස්තරය..
රාජකාරීමය හා පෞද්ගලික ජීවිතයේ යම් හෝ ඉසුඹුවක් නොලැබීම නිසා මන් අතින් පහු ගිය කාලෙ අර ඉස්සෙල්ලා වගේ නිර්මාණයන් නොකෙරුනා තමයි. ඒ වෙනුවට කැමරා කාචය තුලින් මන් අත්විඳින ලෝකය ගැන තමයි වැඩියෙන්ම පෝස්ට් ගනනාවක් ලියවුනෙ..
මාරයා මල්ලි කියපු කතාවෙන් මන් කැළඹුනේ නැතුවා නෙවෙයි..
ඒ නිසාමයි මාරයා මල්ලිට විතරක් එතන උත්තරයක් නොලියා පෝස්ට් එකක්ම ලියන්න හිතුවෙ..
ඉතින් හැමදාම මෙහෙම් සීසන් එකක් තියෙන එකක් නෑ...
ඉඩ හසර ලැබෙයි ආයිමත් අර වගේ නිර්මාණ වලට යන්න..එතකන්..
ඉතින් පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා හැර වෙන දෙයක් ඉතිරු වෙලා නෑ..මන් දන්නවා ඔය ගොල්ලො මගේ බ්ලොගයට එන්න වැය කරන බයිට් ගානට මන් ණය ගැතී..
එහෙම වෙලා තමන්ගේ රසිකත්වයට නොගැලපෙන පෝස්ට් එකක් නම් කියවන්න වෙන්නෙ මට චෝදනා කරන එක වැරදිත් නෑ කොහොමත්ම..
Subscribe to:
Post Comments (Atom)
මං නං වෙනි අන්කල්ගේ ෆොටෝ පෝස්ට් වලට මාර ආසයි.. මොක උනත් මම නම් ගොඩක් බ්ලොග් වල ලියවෙන ගොඩක් දේවල් වර්ගීකරණයක් නොකර කියවනවා...
ReplyDeleteසීරියල් කිලර් කිව්වම මතක් උනේ.. එක්ස් ෆයිල්ස් එකේ ඒ වගේ කතාවකුත් ගියා වගේ මතකයි... කාලයක් එකම අපරාධකාරයා පස්සෙන් පන්නපු රහස් පරීක්ෂකයෙක් අන්තිමට ඒ අපරාධකාරයා වගේම අපරාධ කරන්න පටන් ගන්න කතාවක්....
ඔව් ඔව් එක්ස් ෆයිල්ස් වල එහෙම කතාව්ක් තිබ්බ තමයි..මාත් අනිතිමේ එහෙම වෙයිදෝ කියලා බයයි අප්පා !
Deleteහොඳක් අහන්න ලැබෙන මට්ටමේ බ්ලොග්පෝස්ට් එකක් ලියන්න තියන අමාරුවත් එක්ක බැලුවම නිර්මාණයක්-විශේෂයෙන් වෙනි අයිය ලියන ජාතියෙ කෙටිකතාවක්-ලියනව කියන්නෙ ඉතාම අපහසු කාර්යක් මටනම්. හැමෝටම වගේ කාල වේලාවෙ ප්‍රශ්න තියනඑක ඇත්ත. ඒත් පුළුවන් තරමින් ලියන්න කියලයි හැමෝටම කියන්න තියෙන්නෙ.
ReplyDeleteතවත් එකක්,
සමහරුන්ගෙ චෝදනවෙක් තියනව බලන්න පුළුවන් මට්ටමේ බ්ලොග් නෑ කියල. සි.බ්.කියවනය, ලාංකීය, අඹගහයට, මාතලන්ගෙ සින්ඩිය කියන සින්ඩි 4න්ම බ්ලොග් කියවන මටනං කියවීමේ අහේනියක් මේ වෙනකල් ඇතිවෙලා නෑ.
මටත් කියවන්න බ්ලොග් අඩුවක් වෙලා නම් නෑ..මට ඕනි එකක් කියවලා රස විඳින්න පුළුවන්..තාමත්
Deleteඋබට පුලුවන් වෙලාවකට, උඹට පුලුවන් දෙයක් ලියහන් වෙනි අයියේ.. මට නම් උඹ මොනවා ලිව්වත් රහයි..
ReplyDeleteලියන එක නම් අතාරින්නෙම නෑ..ලියන එව්වයෙ ගුණත්වය තමයි එහෙ මෙහෙ වෙන්නෙ..හැමෝටම රස විඳින්න බැරි වෙන එක තමා මල්ලි..
Deleteඔය කියලා තියෙන්නේ හැමෝ වෙනුවෙන්ම
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ඔව් බහුතරයකට තියෙන ගැටළුවක් තමා මේක !
Deleteමම පලවෙනි වතාවට මේ බ්ලොග් එකට ආපු දවසෙත් තිබුනේ ලියන්නා ලියන්නෙක් ගැන කියපු පෝස්ට් එකක්. :) .. නිවාඩු පාඩුවේ ආයේ එව්වා ලියන්න බැරියැ.
ReplyDeleteSerial Killer කියන එකට දාම ඝාතකයා කිව්වොත් හරිද ?
හෙන්රි අයියනම් යෝජනා කරයි, හොඳ හුරුබුහුටි සිංහල වචනයක්. ඒ ගැන අධ්‍යනයක් කරන්න පුළුවන් කහවත්තට ගියාම.
හ්ම්ම්ම් ඒ වචනෙත් හොඳයි ඒත් බලමු ඊට වඩා හොඳ වචනයක් තියේද කියලා !
Deleteඅපි යමක් හොයලා අධ්‍යයනය කරලා නැත්නම් නිර්මාණය කරලා ලියනවානම් අනිවාර්යයෙන්ම පෝස්ට් දෙකක් අතර යම් කාල පරාසයක් ගත වෙනවා. නමුත් සමහර බ්ලොග් වල තමන්ගෙ අත්දැකීම් අහපු දේවල් එහෙම ලියනකොට ලේඛකයාට හිතට ආපු ගමන්ම ලියන්න පුළුවන්. එහෙම පෝස්ට් අවතක්සේරු කරනවා නෙමෙයි. ඒ හැම දෙයක්ම වටිනවා. කොහොම වුනත් මම දකින විදියට මීට අවුරුද්දකට විතර කලින්(2011 විතර) පෝස්ට් වල තිබුනු නිර්මාණාත්මක බවේ මේ වෙනකොට යම් අඩුවක් තියෙන බව පේනවා. මම එක අවස්ථාවක මගේ පෝස්ට් එකකත් ඒ ගැන සදහන් කලා. ඒ නිසා බ්ලොග්කරුවා තමන් ලියන දේ ගැන වගකීමක් ඇතිව කටයුතු කරනවානම් මීට වඩා හොද නිර්මාණ බිහි වේවි. වෙනී අයියට නම් මේ කතාව අදාල වෙන්නෙ නෑ. ජය...!
ReplyDeleteමගේ අච්චාරුවෙ නම් ප්‍රදෙප් මල්ලි සමහර එව්වා ගැන මටම සැටිස් නෑ..ඒත් ලිව්වා පබ්ලිස් කලා..වැරදියි තමයි..
Deleteමාරයා උඹේ කොමෙන්ටුවට ලස්සන පිළිතුරක් දීලා තිබුනා. මම ඒක 100% අනුමත කරණවා. උඹ වගේ කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ උසස් දෙයක් මිසක් චූ කරන ෆොටෝ නෙමෙයි.. මම දන්නවා උඹ මාත් එක්ක තරහා නෑ කියලා.
ReplyDeleteමාරයා කීව කරුණු මාත් ඒ ප්‍රතිශතයටම එකඟයි මාතලන්..එක ගැන නම් කිසිම ප්‍රති විරෝධී තර්කයක් නෑ..ඒ හිතේ අප්සට් එකටනේ මේකත් ලීවෙ..සමාව ඉල්ලලාම !
Deleteනිර්මාණකරනය කොච්චර අමාරුද කියලා මම දන්නවා, වෙනියා. අර කිව්වත් වගෙ ඉඩ ලැබෙන වෙලාවට ලියාපං. ඇයි බං මම උඹේ චිත්‍ර වලිනුත් කොයි තරම් රසයක් ලබනවද? බ්ලොග් නොකියවන අපේ කොල්ලාත් උඹේ චිත්‍රයක් තියෙනවා කිව්වොත් ඔක්කොම වැඩ දාලා දුවගෙන එන්නෙ.
ReplyDeleteමේ, හැම දේම ලියාපං බං. උඹේ ජීවිත අත්දැකීම් තමයි මම නම් ආසම ප්‍රවර්ගය.
අනේ මචං මම නම් සීරියල් කිලර් ට කියෙන සිංහල වචනෙ දන්නෙ නෑ. නමුත් අර රවියා නම් ඕවට වචන හදනවා. නමුත් කවුරු හරි කිව්වොත් උඹට ඔය ධාන්‍ය මිනීමරුවා කියලා ගහපං කණ රත්වෙන්න.
ඒක නෙමෙයි මචං උඹට මේ හැටි සංසාරෙ කලකිරුනෙ අර අම්පාර ට්‍රිප් එක ගිහින් අර අසමජ්ජාති හිපාටුවො උඹට වෙනි අංකල් කියන්න ගත්තා මදිවට අර හිරුවා උඹට පන්න පන්න වෙනී අංකල් කියන නිසාවත්දෝ කියලා මට හිතුනා. හික් හික්?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
දැන් මේ ඔව්වා පුතා සහ දීපා බලනවා කීව හම මන් කොහොමද බන් ඒ දෙන්නගේ මූණ බලන්නෙ ආයි හම්බ උනහම..?!
Deleteජීවන අත්දැකීම් ඔබනවා ඔය හැම නිර්මාණයකටමත්..
ධාන්‍ය මිනීමරුවා ! අඩේ ඒ වචනෙ නියමයිනෙ ! :-D
අනේ නෑ බන් කලකිරුනෙ නම් නෑ කොහෙත්ම..ලියන එක ලියනවා අයි ලියන්න පුළුවන් කම තියෙනකම්ම.. හරි ඒ ගොල්ලොන්ට ඉතින් මන් අංකල්ම තමයි දැන් !
"නමුත් කවුරු හරි කිව්වොත් උඹට ඔය ධාන්‍ය මිනීමරුවා කියලා ගහපං කණ රත්වෙන්න"
Deleteඔය තියෙන්නේ කියලා. ඉස්සර වෙලාම ඔය වචනය කිව්වේ හෙන්රි අයිය. ළඟදී ලංකාවට එනවලුනේ.
ධාන්‍ය මිනීමරුවා කියන එක 'ඇට මරුවා' කියල පාවිච්චි කලොත් ?
කනට ගහන්න නම් බැරියැ මල්ලි ඒත් රතු උනාද කියලා ආයි කොහෙ හොයන්නද ???? කට්ට කළු මූනක් රතු වෙන්න සෑහෙන්න කලක් යාවි මයෙ හිතේ ! :-D
Deleteඔය කිව්වට වෙනියා ගහන්නෙ නෑ රාමා මට . ඕකා මට බයයි. මම ආවාම හැලප හෙම අරන් දීලා ෂේප් වෙනවා.
Deleteඒ න්වෙයි මම රවියගෙන් ඇහුවා වචනයක්. බුවා යෝජනා කරපු එකක් රාමා දැනටමත් කිව්ව වචනෙ. මෙන්න රවියගෙ කමෙන්ට් එක එහෙම මෙතන ඇලෙව්වා.
//Serial Killer නේද? දාම ඝාතක නැත්නම් බහු ඝාතක ....කොහොමද ඒ වචන? - Ravi//
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ වචන දෙකම හොඳා හෙන් රි.. පිස්සුද බන් මන් බොට ඇඟිල්ලක් වත් උස්සන්නෙ නෑ නොව... ආ දැන් ආවොත් නම් සුපිරි කැන්ටිමක...හැලප දෙන්න පුළුවන්...දෙසැම්බර් දිහා ආවොත් එන්නකො මේ පැත්තෙත්..සාදරයෙන් පිලි ගන්නවා !
Deleteමඟුලක් කතා කරනවා..යකෝ ඔය වගේ ඒවට මගෙන් අහන්න එපෑ... ඔය වගේ එහෙකට හරි අර්ථයක් දෙන්න ඇහැකි මේ මං වගේ දැන උගත් භාෂා පරුමකයෙකුට (පරමේෂ්වරට වඩා ටිකක් උඩ පොස්ට් එකක්) විතරයි...
Deleteඕකට ඔය ධාන්‍ය මරුවා/ඇට මරුවා/දාම ඝාතක වගේ ඒවා නෙවෙයි හරියටම හරියන්නේ... මෙන්න නියම නම...
"වැල මරුවා"
හා කියහං ඕක නෙවෙයිද හරි කියලා... දෙයක් අහනකොට ඒකට සුදුසුම එකාගෙන් අහපල්ලා... :D :D :D
කෙලියා නේද තාප්පෙටම මාරයා? යකෝ වචනෙ නම් පට්ටයි.
Deleteඒ වුනාට වැල මරුවා කියන්නෙ වෙනියටමනෙ බ. එතකොට?
කතාව ලියන්නෙ උත්තම පුරුෂෙන්! හීහ් හේ හී!!!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පොඩ්ඩක් හිටහං අති විශේෂ හෙලිදරවුවක් කරමින් ඉන්න වෙලාවක් මේ... හරියටම සාධක නැති හින්දා කල් දම දමා හිටියේ..දැන් හරි... ටිකක් ඉවසං...
Deleteවෙනි අයියා ...පුළුවන් වෙලාවට ලියමු ..අපි කියෝනවා ..
ReplyDeleteඔව් මල්ලි දැන් ලියන එකට ඇබ්බැහිම වෙලා !
Deleteඅනේ වෙනී අයියා ..... ඔව්ව ගැන වැඩිය හිතන්න එපා.... අල්ලල දාන්ට. පුළුවන් වෙලාවට පුළුවන් දෙයක් ලියන්න. අපි ඇවිත් කියවල යන්නම්. ඔයාට ඉඩ තියෙන වෙලාවක, වෙලාව අරගෙන කලින් වගේ ලියන්නකෝ.
ReplyDeleteඔයාගෙ චිත්‍රවලට මාත් ආසයි. මටත් ඒ හැටි හැකියාවක් නැතිවුනාට මාත් ඔය පුළු පුළුවන් හැටියකට අඳින්න ටිකක් කැමතියි. ඉතිං බ්ලොග් ලෝකෙ අය අඳින චිත්‍ර බලන එකත් එක සතුටක්. මොනවට වෙලාව නැතිවුනත් අඳින්ට නම් වෙලාව හොයා ගන්න වෙයි ඔන්න.
ඔව්වා ගැන හිත හිතා ඉන්නෙ නෑ මල්ලි මන් ලියනවා..වෙලාව වැඩි පුර ආපු වෙලාවලට අර වගේ කතාත් ලියනවා අනිවා...චිත්‍ර අඳින්නත් ඕනි..ඕන් චිත්‍ර කතාවක්ම ලේස්ති කරා..මේ දවස් වල ඇඳ ගෙන ඇඳගෙන යනවා...
Deleteඅවුලක් නැහැ වෙනියා වෙලාවක් තියෙන වෙලාවට ලියන්න.ඔයා මොන කුනුහබ්බේ ලිව්වත් මම නම් එනවා කියවන්න.
ReplyDeleteඔව් මලේ ඕන් ඔහෙ ලියන් යනවා යන අතකට යන්න කියලා..
Deleteවෙනී අයියා බ්ලොග් ලිවීම පැත්තකින් තිහයං.. මේ කොමෙන්ට් කොරන එක තියෙනවා නේද.. ඕක එක එක ආකාරයෙන් කරන අය ඉන්නවා...
ReplyDeleteඑක කට්ටියක් පට්ට/මැක්සා ඒ වගේ කෙටියෙන් කිව්වා ගියා...
තව කට්ටියක් දුටු තැන ඇනෝ..ආවා බැන්නා...ගියා...
ආයේ ඉන්නවා බොහෝම සුහදව හොඳ නරක කියවලා යන.. බ්ලොග් එක අවුල් වගේ උනත් ටික දවසක් ඔහේ බලං ඉදලා මිස එක පාරට කිසිම දෙයක් නොකියන..ඒ කිව්වත් බොහෝම හිමීට...
ආයේ කස්ටියක් ඉන්නවා හොඳ ඒවා කොච්චර ලිව්වත් කිසිම දෙයක් නොකියා ඉදලා එකක් වැරදුන ගමන් ඇවිත් අපෝ චාටර් කියලා යන...
තවත් කට්ටියක් ඉන්නවා හොඳයිනං හොඳයි කිව්වා.. නරකයිනං එතැනම නරකයි කිව්වා...
ඔය වගේ අටෝ රාසියක් වර්ගවල අය අපිට ඉන්නවා.. අපිත් ඔය වර්ගවලින් එක වර්ගෙකට අහුවෙනවා.. මොකද අපිත් කොමෙන්ට් කර කර ඇවිදිනවනේ...
බොලාම එක පාරක් කිව්වා ඇනෝ ඇවිල්ලා හරි විවේචනය කරන්න කියලා... මට ඒ ඇනෝ සෙල්ලම ඕන නැති හින්දා කෙලින්ම කියනවා ඇර වෙන මොකක් කොරන්නද..? ඔන්න කොරා... ඔය කෙරිලා තියෙන්නේ...
:D
ඕන් බලන් ඉතින් මන් මලයට දොසක් කියලා තියේයැ.. බොලා කීව එක පිළි අරන් ඒකට හේතුව පොඩියක් කියලා ශේප්මාට් එකේ සමාවත් භාජනේකට දාල ඉල්ලලා නොවෙන්නම් මේ තියෙන්නෙ !
Delete:-D
පුළුවන් වෙලාවක ලියමු වෙනී අයියේ.. වෙනි අයියගේ කෙටි කතා වලට තමයි මම කැමති.. කෝ දැන් ඒවා වැඩිය නෑනේ...
ReplyDeleteඔව් මල්ලි ඒ කතා ලියන එක තමයි පොඩ්ඩක් අපහසු වෙලා තියෙන්නෙ..ඉන්ඩලකො.. පොඩියක් ඉවසලා..
Deleteකොමෙන්ට් දාගන්න බැරි උනත් හැමදාම කියවනව. ලගදී දාපු පොස්ට් වල පොඩි නීරස ගතියක් තිබුන තමයි.එත් දොසක් කියන්න බෑ බන් උඹල ලියන එකත් ලොකු දෙයක්, අපිට උඹල මහන්සි වෙලා ලියන එකට කොමෙන්ට් එක්ක්වත් දාන්න වෙලාවක් නැතිව යනව.
ReplyDeleteමටත් ඔය සන්තෑසියමයි වෙලා තියෙන්නෙ මල්ලි, හැම එකම වගේ කියවනවා බස් එකේදි..cඔම්මෙන්ට් දමන්න නම් වෙන්නෙ නෑ ගොඩක් එව්වට..
Deletequality over quantity කියන එක මාත් විශ්වාස කරන දෙයක්!
ReplyDeleteනිතර කමෙන්ට් නොකලට වෙනි අයියගේ පොස්ට් මං කියවනවා නිතරම. හුඟක් වෙලාවට කතාවක් වගේ එකක්, එහෙම නැත්නම් ගවේෂණශීලී පොස්ටුවක් ලියන්න නම් වෙලාව වගේම නිදහසකුත් ඕනි කියන එක මේ කෙටි කාලෙට මටත් හොදට තේරුණු දෙයක්.
ReplyDeleteමං නම් හුඟක් කැමති අත්දැකීම් වගේ දේවල් කියවන්න තමයි. //"මට ලොකු චූවෙක් ඕනි !// මේ පොස්ට් එක කියවල මට හිනා වෙලා ඇස් වලින් කඳුලුත් පැන්න. :D
එකිනෙකාගේ රුචිකත්වය වෙනස් නේ ඉතින්.
මම මෙහෙ ආවේ ඉස්සරලාම වෙනියා ඉන්ටවිව් එකකට ගිහිං ඇස්වදින ලෙඩේ ට බෙහෙත් ගත්තු විදිය ඉන්ටවිව් බෝඩ් එක ඉස්සරහ පෙන්නුව පෝස්ට් එකෙන්. එදා ඉඳං එනවා. අද වෙනකම්ම.
ReplyDeleteසැලෙන්න එපා වෙනී අයියා. ඔන්න ඔහේ ලියමු මොනවහරි.
ReplyDeleteවෙනිගෙ කෙටිකතා තමා මම හුඟක්ම රස වින්දෙ. අපූරු නැවුම් ගතියක් තිබුණා ඒ කතාවල, මුල සිට අගටම කුතුහලය රඳවාගෙන ලියවිලා තිබ්බෙ. ඒත් එහෙම නිර්මාණ කරන්නට එක්තරා මට්ටමක විවේකයක් ඕන. එහෙම දේවල් ලියවෙන කාල වගේම මුකුත්ම ලියන්නට හිතට නොඑන කාල වකවානුත් තියෙනවනෙ. ඉඩ ලැබෙන හැටියකට දිගටම ලියමු.
ReplyDeleteඔබේ බ්ලොගයේ වැඩක් නැති පොස්ට් තියනවා මම දැක නැත. එමනිසා එදා සිටම හැකි පමණින් කියවමි. ඉදිරිය ගැන සිතා බලන් ඉන්නෙමි තව හොඳ දෙයක් දමන තුරු.
ReplyDeleteඑන්න ටිකක් පරක්කු උනා. මන් ආසම "ලියන්නා"ට. මන් ඒක කලිනුත් තැන් දෙක තුනකදීම කියලා ඇති. හැම පොස්ට් එකක්ම ආසාවෙන් කියවපු එකම බ්ලොග් එකද මන්දා. ඉක්මනට නිදහස ලැබේවා! කියල ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteඅලුත් බෝඩිමට ගියත් එක්ක බිසී උනේ අලුත් නෝනෙක්වත් සෙට් වෙලාද මන්දා. එහෙනම් එකටත් ජය!