ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, November 19, 2012

පුද්ගලික අපරාධ විමර්ශන ඒකකය අපරාධ විමර්ශන ගොනුව අංක 01 Criminal Tech Kestrel - 01


ලෝකයේ වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ශණික රැල්ලත් සමඟම ලෝකය එක ගම්මානයක් බවට පත්වීමේ ගෝලීය ගම්මානකරනය වීමත් සමඟම සිදු වූයේ ඉහල තල වල තුබූ රටවල අවර ගනයේ  සංස්කෘතීන් එම රට වල තිබුනාටත් වඩා දරුණු ලෙස කුඩා රට වල පැලපදියම් වීමයි. නීතිමය රාමුවකින් ආරක්ශා කරනවාට වඩා සදාචාරාත්මක ඇගයීම් ක්‍රම වලින් ආරක්ශිතව තිබූ මානව ක්‍රියාකාරීත්වයේ අවර ලක්ෂණ මෙම කුඩාරටවල සියල්ලම අභිබවා මහා ඛේදවාචකයක් වන්නට වීය..

මෙවන් තත්වයකට මුහුණ දුන් කල්පිත රාජ්‍යයේද පෙර නොවි විරූ ලෙස අපරාධ රැල්ලක් කුණටුවක් මෙන් ජන ජීවිතය වනසමින් ඇදෙන්නට වීය
වසර 30 තිස්සේ ඕනෑම රටක් මුහුණ දෙන සිවිල් කලබලකාරී තත්වයන්ට සහ දෙවරක් පමණ රටේ අභ්‍යන්තරයේම මතු වූ කැරලි දෙකකින් රට කැළඹී නැවතත් සන්සුන් වන කාල පරිච්ජ්ඡේදයකදී සිදු වූ මෙම සිදුවීම හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස සංඛ්‍යාංකකරණය කිරීමට අවසර දෙන්න මා සුහද, සුහදිනියනි...

කුඩා කල සිටම අපරාධ විමර්ශන ක්‍රියාදාම චිත්‍රපට හා ටෙලි සිනමා සිත්තම් නැරඹීමෙන්ද පුවත් පත් , පොත් කියවීමෙන්ද මහත් ආශ්වාදයක් ලත් කෙළෙඹි පුත්‍රයෙක් එක් නුවරක වාසය කරන්නේ වම්හ..

රට පුරා හතු පිපෙන්නාක් මෙන් නැගී යන ධාන්‍ය මිනීමැරුම් Serial Killer  පිළිබඳ ඔහුගේ සිත විකල් වන්නේ..ඔහු වඩ වඩාත් එය පිළිබඳ දැනුම වඩා ගන්නේ..යම් අනාගත අභිලාෂයක් සිතේ තැන්පත් කර ගෙන බව ඔහුගේ සමීපතමයන් දුටුවාත් නොදුටුවා මෙන් සිටියෝය..

නමුත් දිනක් එ තෙමේ පොළට ගොස් ආපසු පැමිනෙන්නේ නා කපන වැස්සේ තෙමි තෙමී බැවින්දෝ එදින සවසම තම අභිලාසය කූඨප්‍රාප්ත කර ගැනීමට අවශ්‍ය පිඹුරු පත් ඇන්දේ..පසු දිනම සයිබර් අවකාශයේ තම අභිලාසය වූ පුද්ගලික රහස් පරීක්ෂක සේවාව ඇරඹීම සඳහා අවශ්‍ය සන්නිවේදන කටයුතු ඇරඹුවාවම්හ...

අවශ්‍ය ප්‍රථම සහායිකාව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ශණයට පැමිණි සිය ගණන් තරුණියන් අතුරින් ඔහු තෝරා ගත් විසි දෙහැවිරිදි තරුණිය නමින් ඩයනා සේකරසිංහ නම් වීය..

ඈ එතරම් සුරූපී හෝ ඇහැට කනට නොපෙනෙන තරුණියක් නම් නොවූවාය.. 

ඇගේ නම නිසාත්..එසේම පසුවට පැමිණෙන පරීක්ශණ  කටයුතු බොහෝමයක විමර්ශනය කිරීම් වලට රාත්‍රී සංචාර බොහෝ සිදු වන බැවින් එම තරුණිය තෝරා ගත් බව පසුව අනාවරණය වූවත්..

"ඉන්වෙස්ටිගේශන් කිරිල්ල පැත්තක තියලා මට වෙන්නෙ මගේ ඇසිස්ටන්ට් ව පරිස්සම් කරන්න අර ආපු අනික් සුකුරුත්තන් වලින් එකක් බඳවා ගත්තනම් එහෙම"

තම මිතුරන්ට කිවූ එම වදන් නිසාම ඔහු තුල වූ අනාගත ව්‍යාපාරික දැක්ම හා මෙහෙවර ප්‍රකාශය මොනවට ඔප්පු වීය..

දැඩිව තිබූ අපරාධ රැල්ල මැඩීමට රාජ්‍ය ආරක්ශාව යටතේ ක්‍රියාත්මක වූ බල ඇණි ප්‍රමාණවත් නොවූයෙන් ඔහුට ඉතා පහසුවෙන් තම පුද්ගලික අපරාධ විමර්ෂන ඒකකය ලියාපදිංචි කිරීමට හැකි වීය..

මාසයකට පමණ පසුව තම සහායිකාව වූ ඩයනා සේකර සිංහ තම කාර්‍යාලයට කැඳවීය..

ඈට දී තිබුනේ උදෑසන 9 වනවිට තම කාර්‍යාලය සහ නිවහන වූ ස්ථානයට පැමිණෙන ලෙසය..

නමුත් 9.15 පමණ වන විට ඔහු පැමිණීමට ඔහු හමුයේ ප්‍රාදුර්භූත වූයේ කවුද ?

සුරූපී නිලියක් බඳු ඉතා ලාස්සන තරුණියකි. නවීන ඇඳුම් ආයිත්තම් වලින් සැරසුනු බටහිර ඌරුවට විශාල අව් කණ්නාඩි දෙකක් සහ නිවසේ තිබුනු සියළුම අත් බෑගයන් වූ අත් බෑග් හත අටක් තම දෙවුරේම රඳවා ගත් ඇස් පිය සලන බැවින් සුරඟනක නොවන බැව් පෙන්වමින් ඈ මේ කෙළඹි තරුණයා ඉදිරියේ පෙනී සිටියාය..

"මේ මේ මේ...අපි පස්සෙ හම්බ වෙමු නංගි..මන් මේ වෙලාවෙ මගේ ඔෆිස් එකේ පොඩි ඉන්ටවීව් එකකින් තෝරා ගත්ත මගේ ඇසිස්ටන් එන කම් බලන් ඉන්නෙ..නංගි ෆ්‍රී වෙලාවක මට කෝල් එකක් දෙන්නකෝ මෙන්න මගේ කාර්ඩ් එක"

"අයියෝ සර් මන් නෙ ඩයනා සේකර සිංහ මාව අඳුරා ගන්න බැරි උනාද සර්ට .. මන් තමයි..."

අනේ ශෝකාන්තය එලෙස ආරම්භ වෙද්දී ඊළඟ මොහොතේ දර්ශනය වූයේ ක්ලාන්තය සෑදී තම පුටුව මත පතිත වූ සේවාදායකයාට පවන් සලන තම සහායිකාවයි..

දෙතුන් වරක්ම සිහිය ලදත්..ඈගේ වත දෙස බලා නැවත නැවතත් සිහිසන්වූ මේ කෙළඹි පුත්‍රයා අවසානයේ තම සිහිය නගා සිටුවා ගත්තේය..

"මොකද්ද ඩයනා මලහත්තිලව්වේ ඔයාට උනේ ? මාසයකට උඩදි හිටි ඔයා නෙවෙයිනෙ මේ "

"ඇයි සර් මන් බැංකු ණයක් දාලා ගිය මාසෙම බියුටි සැලූන් එකක පදිංචි වෙලා හිටියේ.. සර්ගෙ ඇසිස්ටන් උනහම ලාක්සනට ඉන්න එපාය..අපේ අම්මත් තාත්තලත් කැමති උනා.."

බැඳ ගත් බෙරය දැන් කෙසේ පසෙක තබම්දෝහෝයි සිතමින් රැකෙම්වා මියෙම්වායි සිතා මේ කෙළෙඹි පුත්‍රයා තම අනාගත ලෝකයට මේ සකල සුකුරුත්තම සමඟම යම්හයි තම සිත සදා ගත්තේ...

""හරි නංගි අපි දැන් මේකට හොඳ නමක් දාන්න ඕනිනෙ..දැන් බලන්න සීඅයිඩී..එෆ්බීඅයි..කේජීබී..ආන්න ඒ වගේ නමක්..දිග නම අකුරු තුනකින් කෙටි කරලා කියන්න පුළුවන් වෙන්න ඕනි..ඒ නම මිනිස්සුන්ගේ ඔළුවෙ රැඳෙන්නත් ඕනි.."

"අපි වැඩියෙන්ම රෑ තමයි මේ ඉන්වෙස්ටිගේශන් කරන්නෙ..අපරාධ ගැන නේ කරන්නෙ..අර මගේ ඔටුලන්තෙ ඉන්න යාළුවො අවශ්‍ය කරන සේරම හයිටෙක් ඉක්විප්මන්ට් ටික ලබන සතිය වෙනකොට එවනවා කීවා...දැන් තේරෙනවනේ නංගි..නෑ ඩයනා.... නමක් හදලා තියන්න මන් එළියට ගිහින් එන කොට.."

"සර් මට ඉඳ ගන්න පුටුවක් මේසයක්"

"ආ ඔයා මේ පුටුවෙ ඉඳගෙන වැඩ කරන්නකො"

"සර් සර් එතකොට සර් ඉන්න වෙලාවට මන් සර්ගෙ උකුලෙ වාඩි වෙලා වැඩ කලාට කමක් නෑ නේද සර්..වෙන පුටුවක් මේසයක් නැති නිසා"

"ඈහ්..නෑ නෑ මන් දැන් එළියට යන්නෙ තව අවශ්‍ය කරන ගෘහභාණ්ඩ ටික ගේන්න තමයි..එනකොට නමක් හදලා තියන්න..ඒ අකුරු තුන දාලා හෙටම අපි බැච් ටිකක් හදා ගනිමු..ඔය සෙනඟ ඉන්න තැන් වලට ගිය හම ඒක පෙන්නලා අපිට ඉස්සරහ වැඩ කර ගන්න පුළුවන්නෙ"

"හා සර්"

පැයකින් පමණ කාර්‍යාලයට අවශ්‍ය උපකරණද රැගෙන පැමිණෙන කෙළෙඹි පුත්‍රයා

"සර් මේ නම හොඳයි නේද ? CTK ඒ කියන්නේ  Criminal Tech Kestrel අපරාධ හමා යන තාක්ෂණික උපකරණ භාවිතා කරන නිශාචර උකුස්සෝ වගේ තේරුමක් තමයි තියෙන්නෙ"

"ශාහ් නියමයි නියමයි..CTK නම නියමයි..අපි හෙටම වැඩ පටන් ගමු..ඔයා දැන් සේරම ටීවී පත්තර රේඩියෝ වගේ මාධ්‍ය වලට ලියන්න ලිපියක් අපි කරන්න යන වැඩ කොටස ගැන...අපි පබ්ලිසිටි එක්කම යන් මේ ගමන..මන් හිගින් මේ  CTK අකුරු තුන දාලා අපේ බැච් ටිකයි අයිඩින්ටී ටිකයි හදන් එන්නම්..ඔයා ලේස්ති වෙන්න හෙටම අපි යන් අර එක රැල්ලට මිනී මැරුම් වෙන ගමට මුලින්ම අල්ලමු ඒකෙ මිනීමරුවව..එතනින් අපිට හොඳ ස්ටාට් එකක් ගන්න පුළුවන්"



පසු දිනම තම ඔටු ලන්තයෙන් එවා තිබූ අධිතාක්ශනික උපකරණ සියල්ලද තම මොටෝ බයිසිකලයේ පටවා ගත්..

"මේ ඩයනා ස්කලී ඔයාටත් මේ මොටෝ බයිසිකලේම යන්න පුළුවන්..මේක ඉවර කරපු ගමන්ම අපි ඊළඟට දෙන්නටම යන්න කාර් එකක් ගමුකො"

"අනේ සර් මට මේකෙ යන්න බෑ..අපි පොඩි කාලෙ ඉඳලම හෙදර හොඳට සංවරව, සදාචාරාත්මකව හැදිච්ච අය සර්..ගෙදරින් මට බයිසිකලයක් වත් පදින්න දෙන්නෙ නෑ..හොඳට හිටී සර් එක්ක ඔය බයිසියේ යන්න ගියොත්..මන් බස් එකේම එන්නම් සර් එතනට..අනික සර් මන් ඩයනා මිසක් ස්කලී නෙවෙයි"


අප රහස් පරීක්ශක කෙළෙඹි පුත් තෙමේත් තම සහායිකාවත් යට කී ගම්මානය බලා පිටත් වූයේ..ඩයනා නම් වූ සහායිකාව තම දෛනික සටහන් තැබූ ගොනුවේ තිබූ කරුණු වූයේ..

දිනය 12 -

අපි ගමට ආවා..හෝටලේ එක ළඟ කමර දෙකක තමයි නැවතුනේ..රෑට තමයි වැඩියෙන් පරීක්ශන කටයුතු තිබ්බෙ..

දිනය 13


අද නිවාඩු දවස සර් හොඳට බීලා හිටියෙ..මාත් එක්ක කාමරේ ඉන්න පුළුවන්ද ඇහුවා..මන් අහු වෙයි ඕවට මන් බෑම කීවා..

දිනය14 -

අපි ගමේම ඉන්න වයසක  අම්මලාගේ විස්තර අර ගත්තා..මරලා දාලා තිබ්බ සේරම අය වයසක අය නිසා ඊළඟට මිනී මරුවා එන්නෙ මේ අයගෙන් කෙනෙක් ළඟට කියලයි සර් හිතන්නෙ..සර් බීවහම තමා හරිම වල් නැත්නම් කිසිම දෙයක් දන්නෙ නෑ..පොඩි එකා වගෙයි..

දිනය15 -


ඉතුරු වෙලා ඉන්න අම්මලාගෙ උපන් දින වල  වාසනා අංකය අරන් අවාසනාවන්ත අංකය වෙච්ච නවය වෙන අම්මලා 8 දෙනෙක්ව තෝරා ගත්තා..ඒ අයගෙන් කෙනෙක් තමා ඊළඟට ගොදුරු වෙන්නෙ කියලයි සර් නම් කියන්නෙ

දිනය 16 -

 සර් අදත් බීලා පිස්තෝලෙත් අරන් ආවා ..මන් කීවා මන් කෑ ගහනවා එතකොට හෝටලේ අය මාව බේරගන්න එයි කියලා.. එහෙනම් ඉස්සෙල්ලාම හෝටලේ අයව මරලා එන්නම් කියලා යන්න හදන කොට....
මන් හෝටලේ සේරම අයව මරණෙන් බේරා ගත්තා..

දිනය 17 -

ගමේ දැනට ඉන්න මැදිවියේ පිරිමින්ගේ විස්තර ගත්තා..සර් කියන්නෙ මරලා තියෙන්නෙ වයසක අය ඒ කියන්නෙ..මිනීමරුවා දුර්වල එක් කෙනෙක්..කෙට්ටු උස මනුස්සෙක් වෙන්න පුළුවන්..කියලා...ඒ නිසා ගමේ ඉන්න කෙට්ටු උස පිරිමි හය දෙනෙක් මූලික සැක කරුවො කියලා අපි ඒ අය ගැන රෑ තිස්සේ හොයලා බලමු කියලා තීරණය කලා..

දිනය 18 -


මේ වගේ මිනීමරුවො තමන් මරපු අයගෙන මොනා හරි සැමරුමක් විදියට තියා ගන්න එකතු කරනවා කීව නිසා මන් ඉස්සෙල්ලා මැරිච්ච අයගේ ගෙවල් වල ඉන්න අයගෙන් ඒ මිනී මැරුමත් එක්ක නැති වෙච්ච දේවල් ගැන දීර්ඝව විස්තර ඇහුවා.. අන්තිමේ හැමෝම වගේ කීවෙ,

"අම්මගේ රෙද්ද තමයි නැති උනේ"

"ආච්චිගේ රෙද්ද !"

මේ නිරීක්ශන අනුව අපේ සර් කීවෙ වැඩිපුරම චීත්ත තියෙන මැදිවියේ උස කෙට්ටු පිරිමි ඉන්න ගෙවල් බලමු කියලයි..

දිනය 19 -


චීත්ත විස්සක් තිහක් හෝදන මනුස්සයෙක්ව අද අතටම අහු උනා..අපේ සර් ඌට හොඳටම ගහලා පොලීසියට භාර දුන්නා. ඒ ගමේ හේනෙ මාමා වෙච්ච මිනිහගෙ බෑනා අද හෝටලේ ඉස්සරහට ඇවිත් සර්ව මරනවා කියලා තර්ජනය කරලා ගිහින් තිබ්බා.

දිනය 20 -


අද නිවාඩු මන් දෙවෙනි සැරේටත් හෝටලේ වැඩ කරන අයව බේරා ගත්තා.. හෙට තමයි අපේ පරීක්ශනේ අන්තිම දවස..අපි කරපු නිරීක්ශන අනුව ඊළඟට ගොදුරු වෙන කෙනා කවුද සහ මිනී මරුවා කවුද කියලා අපි හොයා ගෙන ඉවරයි. හෙට තියෙන්නෙ මිනීමැරුම කරන වෙලාවෙම ඒක අතටම අල්ලලා දෙන්න.. අපි මීඩියා වලටත් කිව්වා අපි දැනුම් දීපු ගමන්ම එන්න ලෑස්ති වෙලා ඉන්න කියලා..

ප.ලි.


තීරණාත්මක දිනය වූ පසු දින මෙම කෙළඹි පුත්‍රයා සහ ඔහුගේ සහායිකාව මෙම රට හෙල්ලූ මිනීඑමැරුම සාර්ථකව අල්ලාගෙන රට පුරා ප්‍රසිද්ධ වූ ආකාරය සවිස්තරව දැන ගැනීමට අවශ්‍ය සියල්ල සකසා ගැනීමට මට හෝරා 48ක් පමණ දෙන මෙන් ඉල්ලා සිටිමි..


මතු සම්බන්ධයි..

To be Continued...
























77 comments:

  1. මේකද මේ උන්දැ සබරගමු පලාතෙ ගල් පොටෝ ගහන් ආවේ. කවුද මේ අපි නොදන්න ඩයන.

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්..සබරගමු පැත්තෙ රවුම් ගැහුවලු..මූලික පරීක්ශන වලට ? කවුද බොලේ ඩයනා ??? ඩේනා ස්කලීද දන්නෙ නෑහ් !

      Delete
  2. දෙයියනේ මේක නම් මරු..

    CTK නේද? හික් .. හික් ... නියම රිටර්න් එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේකත් අර CID වගේ නැගලා යන නමක් වගේ පේනවා නේද ?

      Delete
  3. ම්ම්ම්ම්ම් CTK නේද......

    මටත් යාන්තම මතකයක් තියෙනව ඔය හන්වඩුව ගහගත්තු එකෙක් ගැන.

    CTK......

    ඒක නෙමෙයි බන් අර ඩයන කෙලී කොහොමද අර හෝටලේ කට්ටිය බේර ගෙන තියෙන්නෙ. සවිස්තරව ලියපන්කො

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් .... දිනය 16 - තමයි මේකෙ උපරිම කෑල්ල. නිකම් නෙවි, මිනිහ පිස්තෝලෙත් අරන් ගිහින් තියෙන්නෙ. මගේ හිතේ දික්කරගෙනම යන්න ඇති, මම කිව්වෙ මේ පිස්තෝලෙ.

      Delete
    2. රාවණාගේ පිස්තොලේ වෙන්න ඕන..

      Delete
    3. ඈහ්...එහෙම කෙනෙක් හිටියද ? හාංකවිසියක් දන්නෙ නෑ නිශ්..ඔය ඩයනගෙ ෆයිල් එකේ එතන හෝටලෙ අය බේර ගත්ත දින සටහන් ලඟ තිබ්බ පිටුවක්ම ඉරලා දාලා බන්..ඒක හොයා ගන්න ඇහැක් උනොත් සවිස්තරව ලියන්නම් !
      අර ෆිල්ම් වල තියෙන්නැහේ කොකා අස්සෙ ඇඟිල්ලක් දාලා කරකවා කරකවා ගියා වෙන්න බැයිද DDT ?
      රාවනාගේ පිස්තෝලෙ..ඒ ඉඟියත් නරකම නෑ..අනාගතේදි ඕනි වෙයි...ඔව්වා දන්නෙ ඉතින් රාමා ම තමයි ඕන් !

      Delete
  4. සර් අදත් බීලා පිස්තෝලෙත් අරන් ආවා ..මන් කීවා මන් කෑ ගහනවා එතකොට හෝටලේ අය මාව බේරගන්න එයි කියලා.. එහෙනම් ඉස්සෙල්ලාම හෝටලේ අයව මරලා එන්නම් කියලා යන්න හදන කොට....
    මන් හෝටලේ සේරම අයව මරණෙන් බේරා ගත්තා..


    "මන් හෝටලේ සේරම අයව මරණෙන් බේරා ගත්තා.." ඒ කොහොමද ඒ.. බොන්න ඕනි පස්නයක් ;-)

    ReplyDelete
    Replies
    1. හෝටලෙ අයව බේර ගත්ත විදිය විස්තරේ තිබ්බ පිටුව අන්තරස්දාන වෙලා..හම්බ උනොත් ලියන්නම්කො..

      Delete
  5. වෙනියගේ මොලේ තමයි මොලේ... හි හි... CTK නේද....හයියෝ......

    කෝ මේ මාරයියා... හි හි

    ReplyDelete
    Replies
    1. අපි ෂැලෙයිද නංගි ඔව්වට... දෙවැනි වටේට යන්න දෙනවා...

      Delete
    2. මක්කටෙයි අර මාරයා මල්ලිව සොයන්නෙ ?
      අනික මොකටද මාරයා මල්ලි ෂැලෙන්නෙ අර කිව්වහේ !

      Delete
  6. අප්පට සිරි... වෙනි අයියේ මේක නං මරු එකට ලියල තියනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිට කොයි ඔටුලන්තෙ ඕම කල්‍යන මිත්තරයෝ ඉතින් ?

      Delete
    2. මොකක්ද ඒ අණ්ඩර දෙමල රිප්ලයි එක ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඇයි බන් ඔටුලන්තෙ න් ආපු high tech gadget වලින්නෙ ලොක්කා වැඩේ දෙන්න යන්නෙ..ඊළඟ කොටසින් ඔය ඔටුලන්තෙ යාළු මිත්තරයින්ගෙ කෙරුවාවත් එලිය එයි මයෙ හිතේ ! ඉවසන් හිටින් ...

      Delete
  7. මෙතුවක් කල් ලියපු සියලුම කතාවලින් මේක තමයි මගෙ ප්‍රියතම එක වෙනියා. ආයෙ කතා දෙකක් නෑ බං, උපරිමයි. අන්න එහෙමනෙ බං ලියන්න ඕනෙ ලියන්නෙක් වෙච්චහම!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම හෙන්රි අයියා...

      Delete
    2. ඒකනෙ මාරේ. බලාපං මූ හැමෝටම උත්තර දීලා මට හැර. :O

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. Hutaaah kooo dhamapu reply eka ????
      Inna sudhu ayiye aayi liyannam..ikmanatama...

      Delete
    4. මන් ඉස්සෙල්ලා උත්තරේ ලීවෙ
      බොලාටත් මඩ පෝස්ට් එකක් කීවොත් ඉතින් ...
      කියාලයි..ඒක පබිලිස් වෙලා නැහැ නොව !

      Delete
  8. ඔන්න ඔහොමයි උනේ...

    මැරිච්ච නයින්ට පණ දෙන්න ඉතිං අපි දුං පිඹින්නම ඕන...

    කියන්න වදන් නැත..ලිවීම සුපිරිය... නොදන්න දෙමලෙට ගොහිං වරිග නහන වෙලේ මෙන්න මෙහෙම දන්න සිංහලේ රැකලා හිටපිය...

    :D

    ReplyDelete
    Replies
    1. මාරයියා කවි තෙල් බොන එක නවත්තලා කියලා දන්නැතුව හිටියනං වෙනි අන්කල්ගේ කතාව සහතික ඇත්ත කියලා හිතන්නත් තිබ්බා... හි හි....

      Delete
    2. @ හිරු,

      මාරයියා? වෙනි ‘අන්කල්‘?

      හුහ්ඃ !

      මෙන්න වෙනී අයියා, බලන්ටකෝ මෙයා කියන කතා.

      Delete
    3. නොදන්න දෙමලෙ කීවා...පව් බන් අර පැත්තක ඉන්න ප්‍රසන්නට බයින්නෙ ඇයි මෙතනත් ???? පූසො පවුලක් එක්ක සාමෙන් ජීවත් වෙන කෙනා නොව මිනිහා !
      ඕන් හිරු දන්න තරම තමයි කවි තෙල් ගැන !
      හා හා DDT පව් බන් පොඩි එකාගෙ ආශාව නොවැ..මාරයා මට වඩා වැඩිමාල් කියලා දැන ගත් දොහක ගලක් බැඳන් ගඟෙ මූදෙ තමයි හිරුවට පනින්න වෙන්නෙ ! ඒ නිසා අපි නොකර සද්ද ඉමු ඕන් ඔහෙ !

      Delete
    4. අපි නොදන්න දෙම'ළෙ'ට යන්නෑ ‍බොල මාරයො.

      Delete
    5. හිරු නංගි හරි නංගි... මේ අංකල් වෙනීනං ඔන්න නැටුන් තෙල් කප්පිත්තා..ඕනනං බෝතල් බදං පොටෝ ගහපුවගේ පින්තූර උනත් මං දෙඤ්ඥං...

      Delete
    6. ඔය හිරුවා ට්‍රයි කොරන්නෙ වෙනියාව මානසිකව වට්ටන්න. ඕකට වගෙ කියන්න ඕනෙ අර අම්පාරෙ ගිය සිරා ඇතුලු සැට් එක.
      මට මෙතන දාන්න ඕනෙ මගෙ අංකල් එඩ්ඩා එවපු මේල් එකක්. මේක පරිවර්තනය කරන්න ඕනෙ නෑනෙ. කම්මැලි නැතුව කියවපියව්. මාරයටත් එක්ක කියන්නෙ.

      This is my neighbor:
      (මෙතන තියෙනවා කෙල්ලෙක්ගෙ පින්තූරයක්. ඔව් පට්ට කෑල්ලක් තමයි)

      She's single ...
      She lives right across the street.
      I can see her house from my living room.
      I watched as she got home from work this evening.
      I was surprised when she walked across the street and up my driveway.
      She knocked on my door ...
      I rushed to open it.
      She looks at me, and says, "I just got home, and I am in mood to have loads of fun!
      I have this Strong urge to have a good time, get drunk, and make love all night long!
      Are you busy tonight?"
      I immediately replied, "Nope, I'm free ... I have no plans at all!"

      Then she said, "Good! In that case, could you watch my dog?"
      (මෙතන තියෙනවා බල්ලෙක් නෝන්ඩියට හිනාවෙන පින්තූරයක්)
      MAN ... IT'S NO FUN GETTING OLD!!!

      උඹ මානසිකව වැටෙන්න එපා මචෝ. මොකද ඔය අපිව මානසිකව වට්ටන්න මනෝ විද්‍යා පර්යේෂණ වලට අපිව මුලින් යොදාගත්තෙ උඹ. ඔය කජුකිරි හුජ්ජ කෙල්ලොන්ට කලින්.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    7. අයියා ම‌ලෝ දෙන්නගේ වයස මං දන්නවානේ .. ඒක නිසා අවුලක් නෑ... හි හි..

      නැටුම් තෙල්...??? හැබෑට....

      ඩූඩ් අයියත් ෂේප් එකේ වෙනි අන්කල්ට OLD MAN කිව්වා නේ... ( ඔයාගේ අන්කල් එඩ්ඩාත් වෙනි අන්කල්ගේ වවසේ විතර ඇති නේ... හි හි)

      Delete
    8. මන් නම් වැටෙයි ඕන් මානසිකව ! හේනම්...
      හිරු මට අංකල් කියන්නේ ආදරේට කියලා මන් දන්නවා !

      Delete
    9. හෙන්රි අයියගෙ මේලය නම් මරුය...සත්ගුණවත් සිරා ඕවාට ගාව ගන්න එපාය... වෙනී අයියාට මාමා කියූ සිහිනයාට අත් වූ ඛේදනීය ඉරණම හිරු උඹටත් ඕනෙ වෙලාද ?

      හෙන්රි අයියා තව හුජ්ජ බෑග් ටිකක් එවන්න... මම දැන් අක්කරේ පත්තුවෙ ඉන්නෙ..මෙහෙ ඉල්ලුම අප දිරිමත් කරවන සුළුයි.

      Delete
    10. එක හීනෙන්ම එළි වෙන්නෙ නෑ සිරා මල්ලි..හෙන්රිත් ලංකාවට එනවයි කියන්නෙ..
      හිරු නම් දරු මල්ලො හදන්න කම්මැලී කියලා මාව දරු කොමට ගන්න කැමතීදත් ඇහුවා..මන් ඉතින් තාම හරි හමන් උත්තරයක් දුන්නෙ නෑ ඕන් ! :-D

      Delete
    11. වෙනි අන්කල් සිහිනයට කරපු වැඩේ මට නං කරන්න හම්බුවෙන්නේ නෑ මේ ආත්මෙදි.. හි හි

      දරුකමට ගන්න...??????????????? වෙනි අන්කල්ව...

      ආ... ඒකට තව කල් තියෙනවා... තාම 40 ගණං වලනේ... හි හි... 70ට විතර ගියාම බලමු....

      Delete
  9. දැන් ඔය පාට් ටූ එකත් ඉක්මනටම දෙන්ඩකෝ ..... හිනා වෙලා පන ගියා...
    මාර සොයා ගැනීමක් නේ... ,

    ReplyDelete
    Replies
    1. ඉන්න සමීර මල්ලි දවස් 2-3කින් දාන්නම් !

      Delete
  10. ඔය තියෙන්නේ ලෙසටම. මෙච්චර නිර්මාන තියෙන එකෙක් නේ. බලි කුරුටු පින්තූර දාන්නේ.. අයියෝ සල්ලි... ඇත්තටම මාරයා ඒ වගේ කෙනෙක්ද අනේ...

    ReplyDelete
    Replies
    1. මේ මාතලන් තුමා අර පැත්තක හිටි මාරයාව මේකට ඈඳලා ගත්තෙ මොකෑ අප්පේ ???

      Delete
  11. කියන්න දෙයක් නොමැත ... ලිවීම උපරිමය ... අර CTK එකේ ලොක්කා එච්චරම කුජීත චරිතයක්ද බීවම ...:P

    ReplyDelete
    Replies
    1. නැහ්නම් නැහ්නම් හුහ්....!!! :-D

      Delete
  12. ඔන්න ඔය වෙලාවට තමයි අපිටත් හිතෙන්නේ .... නෑ එක්කෝ ඕනේ නෑ. මෙන්න නිර්මාණ. බනිස් කාලම තමයි මේ නුවන පහල වෙලා තියෙන්නේ.

    ReplyDelete
  13. වාඩුව අරගෙන නේද? :D බලමු ඊලඟ කොටසෙදි මොකද වෙන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. අති සාර්ථක මෙහෙයුමකින් මිනීමරුවව අල්ලයි..එකේ ප්‍රසිද්ධිය රට පුරා පැතිරිලා බිස්නස් එයි හෝ ගාලා..මාත් ඉතින් අර වොට්සන් උන්නැහේ වගේ මේ කතාව අරන් යනවා ආයි මොනාද ඉතින් ?!

      Delete
  14. හැබැයි වෙනියෝ අනුන්ගේ ඩයරි උස්සන එකනම් කැතයි ඈ.

    ReplyDelete
    Replies
    1. හුදී ජනයගෙ පහන් සංවේගය පිණිස නොවැ මල්ලි....

      Delete
  15. මාත් දැකල තියෙනව ඔය කැලෑවල් වල රිංගල ෆොටො ගහල CTK කියන හංවඩුව ගහගෙන ප්‍රසිද්ධ වෙන්න දඟලන පොරක්ව. ඒ මනුස්සය ගැනද මන්ද මේ කියන්නෙ. මේ ළඟදි පාරක් යන්නෙ මෙතනිං කියල ගෙයක් අස්සෙත් රිංගල තිබුණ.

    ඒ කොහොම වෙතත් බ්ලොග් ලියන අනික් උන්ට විමර්ෂන ඒකකයක් දාන්න වෙනව තව ටික දවසකින් 'බ්ලොග් ලෝකයේ නම රැන්දූ චරිත දෙකක් වන මාරයා සහ වෙනී අතුරුදන් වෙයි.' කියන නිවුස් එක ආවහම.
    (ඒක මේ සිද්ධියට සම්බන්ධ නැති බව සැලකුව මනාය.)

    නියම ලියවිල්ල වෙනී අයියා.

    ReplyDelete
    Replies
    1. දැන් ප්‍රසා කියන්නෙ කා ගෙන කා ගෙන කා ගෙන ගිහින් නැටි කෑලි දෙක විතරක් ඉතුරු වෙයි කියලද ??

      Delete
  16. මේක සීටීකේ රහස් පරික්ෂක සේවාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක්. අන්තිමට බලමුකෝ කවුද අයිතිකාරයා... කවුද හාතකාරයා කියල. නියමයි වෙනි මාමේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...මේ වගේ එකක් නග්ගලා ගන්න එපාය ඉතින් !

      Delete
    2. පන්සල් වල රහස් හොයන්ට එහෙම යනවෑයි??

      Delete
  17. "සර් අදත් බීලා පිස්තෝලෙත් අරන් ආවා ..මන් කීවා මන් කෑ ගහනවා එතකොට හෝටලේ අය මාව බේරගන්න එයි කියලා.. එහෙනම් ඉස්සෙල්ලාම හෝටලේ අයව මරලා එන්නම් කියලා යන්න හදන කොට....
    මන් හෝටලේ සේරම අයව මරණෙන් බේරා ගත්තා" කොහොමින් කොහොමින් හරි වැඩේ වෙලා තියෙනවා අපූරුවට එල එල ඉතිරි ටිකත් ඉක්මනටම ලියන්නකෝ. වෙනී මාමේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලොක්කා කොහොම හරි වැඩේ කරන් කියලයි මටත් තේරෙන්නෙ.. බල්මු බලමු...

      Delete
  18. වටේටම වෙඩි තියාන ගිහිං.. හයියෝ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේද ??? හික්ස්...

      Delete
    2. CTK කිව්වාම කවුද නොදන්නේ. රහසේ රහස් පරීක්ෂක වැඩ කොරන අයියා කෙනෙක්නෙ ඔය.

      Delete
  19. මාරය රහස් පරික්ෂක සේවාවක් පටං ගත්තනං ඌ දාන්නෙත් ඔය නම ෂුවර් එකටම. පොරගෙ නම හොරෙං අරංනෙ මේ කතාවට :p
    පව් මාරයා :D

    ReplyDelete
    Replies
    1. මාරයා දාන්න ඉන්න නම නම් මන් දන්නෙ නෑ..මේ කතාවෙ ඕම තමයි උනේ ඉතින් !

      Delete
  20. අඩේ පට්ටයි වෙනි අයියා... අර කෙල්ල හෝටලේ සැට් එක මරණෙන් මුදා ගන්න එකම කොච්චර ලොකු දෙයක්ද නේද...

    ReplyDelete
    Replies
    1. එක සැරයක් නම් මදැයි...මල්ලි.. දෙසැරයක්ම දෙසැරයක්ම නේ !

      Delete
  21. මගේ ඇගේ හීගඩු පිපුනා සිද්දියමගේ ඇස් ඉදිරපිට මැවුනා..

    ReplyDelete
    Replies
    1. හික්ස්..මල්ලිටත් පුළුවන්නෙ ඒ වගේ එකක් හදා ගන්න !

      Delete
  22. හික්... හික්.... මරු...මරු.... :D

    ReplyDelete
  23. උපරිමයි වෙනි අයියා.. උපරිමයි... ඌ හැබැයි ධාන්‍ය මිනී මරුවෙක් නෙමේ චීත්ත මිනී මරුවෙක්නෙ..

    අනේ ඒ නංගි කොච්චර පරහට දයාව තියන කෙනෙක්ද ! දෙපාරක්ම හෝටලේ ඔක්කොවන්වම බේරගන නේද ? සම්මානයක් දෙන්න වටිනවා.. මිනිස් ජීවිතම කීයක්ද !

    // ඈ එතරම් සුරූපී හෝ ඇහැට කනට නොපෙනෙන තරුණියක් නම් නොවූවාය.. //

    මොකක්ද බන් අයියේ මේ හරුපෙ.. ? මේකි ලස්සනද ? කැතද ? මට නම් හිතා ගන්න බෑ...

    ReplyDelete
  24. එතන පොඩියක් වැරදිලා සෙන්නා..ඇහැට කනට පෙනෙන තරුණියක් නොවූවාය කියලයි එන්න ඕනි..

    ReplyDelete
  25. අනේ වෙනී අයියෙ මගෙත් කොට කලිසමක් නැති වුණා ගිය සතියෙ...ඩයනා අක්කත් එක්ක මේ පැත්තෙ ඇවිල්ල හොයල දෙන්න බැරිද.........

    ReplyDelete
    Replies
    1. හා පිසාච මල්ලි අපි ඊළඟ ඇසයින්මන්ට් එක බොලාගේ කලිසම හොයන එක භාර දෙමු ඒ දෙන්නට ! හැබැයි කැමපස් හොස්ටල් වල නම් රෑට ඇඳන් ඉන්න එකත් උදේට කවුරු හරි ගලවන් ගිහින්..ආයි හොයනවා නම් බොරු !

      Delete
  26. ඇර වෙනියා... ඇර... ලිව්වයෙන් ලිව්වෙ නෑ මේ වගෙ එකක්... සියනෑ කෝරලේ පොරවල් දන්නෙ නෑ සබරගමුවෙ උන්ගෙ වැඩ කිඩ...

    ReplyDelete
    Replies
    1. ඔව් සපා..ඉවසන් හිටියා හිටියා හිටියා..සබරගමුවට නිවීහැනහිල්ලේ ඉන්න දෙන පාටක්ම නෑ නොවැ.. :-D
      මාරයා මල්ලි ඒ ලින්ක් එකෙන් පෝස්ට් එකට යන්න බෑ...

      Delete
    2. යකෝ මේකනං කුමණ්ත්‍රණයක්... එහෙමනං මෙන්න සාක්කි...

      දැන්වත්බලමු...

      Delete
  27. අහිංසක කොල්ලෙකුට (සොරි..මාමෙකුට ) කරපු ගැරහීමක්. ඇල් නිවල බොන්නේ මෙයා. ඉස්කැලී කෝ බොල.

    ReplyDelete