ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, October 15, 2012

ගහපු ගාන -Hits- මතකද ?


ගහපු ගාන මතකද ?

මට නම් මතක නැත

එහෙනම් සොරිම තමයි පේන විදියට...

ගහපු ගාන අතුරුදහන්..





අද උදේ පාන්දරම සුපුරුදු විදියටම මම අපේ අනිත් බ්ලොග් කියවන්න ගියා..

ලිපි කීපයක්ම කියවලා ආපහු එන්න යද්දි තමයි මේක දැක්කෙ..අපේ ගොඩක් බ්ලොග් ලියන අය තමන්ගෙ හිට් කවුන්ටරේ බ්ලොග් එකේ හොඳට පේන තැනක නෙ එල්ලලා තියෙන්නෙ... මෙන්න ඒක ආයි එකේ ඉඳන් කැරකැවෙනවා...අපේ ෆේමස්ම අයගේ එව්වට ගිහින් බැලුවා..ඒත් එමමයි.. ඒ කියන්නෙ මේක බ්ලොග්ස්පොට් එකෙන්ම රිසෙට් කරලා වගෙයි..අපොයි පහුගිය කාලෙක ඔය හිට් කවුන්ටරේත් එක්ක අපේ සමහරු අල්ලපු පොරයක්...අපි සින්නො...අපි කබ්බො කිය කියාඅ සමඟි වෙන්න මතිමතාන්තර වලින් වෙන් වෙන්න දඟලපු දැඟලිල්ල මතක් උනහම මට හිනාත් එක්ක...

මොන මඟුලකටද මේ හිට් කවුන්ටරේ අල්ලන් අසමඟි වෙන්න පොයින්ට් හදා ගන්නවද කියලයි මන් හිතුවෙ ඒ කාලේ..

ඒත් හිට් කවුන්ටරයෙන් බ්ලොග් ලියන අයට ලොකු තල්ලුවක් ආවා..මොකද ඒකෙන් අපි දන්නවා අපේ බ්ලොගියට ආපු ගනන සහ එක පෝස්ට් එකක් කියවපු ගනන..ඒත් මේ වෙනකොට ආපු ගාන එකතුව එන ඉලක්කම මත අපේ අය බෙදෙන්න ගන්න කොට නම් ඒකට තියෙන ගෞරවය පොඩියක් එහෙට මෙහෙට උනා..

අද උදේ ඉඳන් ආයිමත් ඒක එකේ ඉඳන් නම් කැරකෙන්නෙ...අර කීව ලියන්නන්ගේ අභිප්‍රේරනය නම් වැඩේවි..ඒත් ?!

යම් අරමුණක් වෙනුවෙන් ලියන අයට මේ හිට් කවුන්ටරය එච්චරම වැදගත් නොඋනත්..පහු ගිය කාලෙ ගිය ළඳරු තර්ක අස්සෙ මේක කොයි තරම් නම් කතාවට ලක් වුනාද ?

බ්ලොගයක තමන් නොදමපු පාඨකයො දමපු කමෙන්ට් ගනන සහ ෆලෝවර්ස් ලා ගාන තමන්ගෙ බ්ලොගිය කොයිතරම් ජනප්‍රියද කියන එක මනින්න තියෙන තව සාධක කීපයක්..

අනේ මන්දා..

ප.ලි. සමහර බ්ලොග් වල විතරයි හිට් කවුන්ටරය රිසෙට් වෙලා තියෙන්නෙ..ඒ කියන්නෙ මේක පොදුවේ හැමෝටම බලපාන තත්වයක් නොවෙන්න පුළුවන්...

ප.ප.ලි. රාජ මල්ලි හරි මන් මේ පෝස්ට් එක මකන්නත් ගිහින්..ඕන් ඔහෙ තියෙන්නෙ ඇරියා..මට හූ හූ.. :-D

27 comments:

  1. :)

    මාත් උදේම ඕක දැක්කා... ඒ හැටි ගානක් ගියේ නැත්තේ ඕක මට වෙච්ච දෙවැනි වතාව හින්දා... ඉස්සරම බ්ලොගර්ලා දුන්නේ නැහැනේ හිට් කවුන්ටරයක්... මං දාගෙන හිටියේ වෙන එකක්.. එකේ හිට් ලක්ෂ දෙකක් පනිනකොට තමා බ්ලොගර්ලා දුන්නේ ඕක.. ඒ පාර මේකත් දාං අරකත් තියං උන්නා.. හැබැයි අර කලින් එකේ දෙලක්ෂ පණස්දාහ පැනලා තියෙද්දී මේකේ පෙන්නුවේ තිස් දහස් ගානක්... මුල් කාලේ හිට් මේකෙන් කවුන්ට් වෙලා තිබුනේ නැහැ.. ඔය අස්සේ මං බ්ලොග් එකේ ඇදුම මාරු කොරන්න ගිය වෙලාවට අර කලින් එකට මගේ අතින් කෙල උනා... ඊට පස්සේ ‍බ්ලොගර්ලගේ එක විතරයි... දැන් අතිසාර්ථක විදියට දෙවැනි වතාවටත් අපි බින්දුවේ ඉඳන් යං...

    ReplyDelete
    Replies
    1. මාරයියාගේ කතාව ඇත්ත.. වැටි වැටි නැඟිටිමු.. අපිට ජය වේවා..
      බින්දුවේ සිට නැවතත් ඉහලට..ගමනේ යා...

      Delete
  2. මටත් ඒ සෙතේම තමා.. හෆොයි.. :/

    ReplyDelete
  3. මෙහේ ඕකට වලි යනව කියල දැනගෙන බ්ලොගර් කාරය ඕක කළාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මගේ එක අද දවසට 2667 දෙනෙක් බලලද? වෙන්න බෑනෙ.

      Delete
    2. මොකද බැරි. කෂ්ටිය දුවගෙන යන්න ඇති අති සාර්ථක බ්ලොගර්ගෙ එකත් රීසෙට්වෙලාද බලන්න.

      Delete
  4. මටත් ඔය දේම වෙලා තිබුනා.. මම හිතුවා මම මොකක් හරි මගුලක් කරන්න ගිහිල්ලා කෙල වෙලා කියලා.... කොහොමත් මහලොකු ගානක් තිබුනත් නෑ..

    ReplyDelete
  5. මමත් මේ කල්පන කලේ මං මොකක් හරි කරන්න ගිහි්න වෙච්ච වැඩක් දකියලා.. නෑ ‌ේන.. එහෙනම් කමක් නෑ.....

    ReplyDelete
  6. උදේ එහේම අවුලක් තිබ්බා දැන් හරි වෙනි අයියා...ඇතුවත් බැරි නැතුවත් බැරි හිට්ස්..හිට්ස්...

    ReplyDelete
  7. මටත් ඔය සන්තෑසියම වෙලා තියෙනවා.... මේ වගේ අවස්ථා වල සැලෙන්න නරකයි...

    ReplyDelete
  8. බ්ලොග් එකක් ලියපුවාම සල්ලිවත් ලොකු ප්‍රසිද්ධියක්වත් ලැබෙන්නැති එකේ හිට්ස් ගැන මොකට වද වෙනවද?!!

    ReplyDelete
  9. බලන් ගියාම බ්ලොග් ලියන එකත් පනයන වැඩක්නේ. ඒ වුනාට අපිත් එක්ක හිටපු ලක්‍ෂපතියො කීපදෙනාට මේ වැඩෙන් කොච්චර පාඩුක්ද? ඕකට මොකුත් විකල්පයක් එහෙම නැත්ද?

    ReplyDelete
  10. Now all is ok...it is a temporary problem of blogger site I think

    ReplyDelete
    Replies
    1. අම්මෝ යන්තම් ඇති.. නැත්නම් මේ වැඩ අස්සේ මල ගෙවල් කීපෙකත් යන්ඩ වෙනවා.. :)

      Delete
    2. හ්ම් ... මාත් ගිහින් බැලුව, දැන් නම් හරි වගේ නේද?

      Delete
  11. ලක්ෂපතියෝ එක රැයින් නැතිවෙන්න ගිහින් නැති උනේ නෑ :) අපේ ජීවිතත් ඔය ව්ගේම තමයි.මේ තියෙන දේවල්වලට නිදාගෙන නැගිටිද්දි මොනා වෙයිද දන්නේ නෑ! මේ ටික දන්නෑ වගේනෙ මිනිස්සු හැසිරෙන්නේ!

    ReplyDelete
  12. මට නම් කොහොමත් හිට් කවුන්ටරේ එල්ලන්ට අමතක වෙලා තිබුනේ හොඳ වෙලාවට. :D

    ReplyDelete
  13. මන් දැක්කේ නැහැ එහෙම වෙලා කියල . ඔය එහෙම්ම තියෙන්නේ .

    ReplyDelete
  14. මල හුට්ටප්පරයයි. අපිනම් ඉතින් තාම කබ්බෝ තමයි. ඔන්න මමත් ආව මේ පැත්තේ

    ReplyDelete
  15. හිට් බලාගෙන නොලිව්වට හිට් කවුන්ටරේ දැක්කම හිතට නිකන් මෙව්වා එකක් එනවා අප්පා. නිකන් හරියට අතීතේ නැති වුනා වගේ එක බින්දුවට කෙරකුනාම හිතුනේ

    ReplyDelete
  16. ජීවිත කාලෙදි ඔයිට වැඩිය කොච්චර දේවල් නැති වෙනවද?මොන හිට්ස් ද වෙනී අය්යාස්...

    ReplyDelete
  17. අනේ මගේ හිට්ස්
    වෙලාවට මම ඒක ඇහැට දැක්කේ නැහැ
    මගේ හිට්ස් ටිකත් අඩුවෙලා තිබ්බා නම් අම්මපා මට හාට් ඈටෑක් එකක් හැදිලා මැරිලා.මන් වෙනුවෙන් එක එක බ්ලොග් වල පොස්ට් පවා වැටෙන්න තිබ්බා.

    ReplyDelete
  18. Io mama nam danneth dan :)

    ReplyDelete
  19. මේක පිටිපස්සෙ උඹ ඉන්නවද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා....

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  20. මටත් උනා. ඊට පස්සේ අලුත් කළා. ඔන්න හිට් ටික අඩුවෙලා.

    ReplyDelete
  21. ගණන් ගන්න එපා, අටලෝ දහමට අනුව හිතහන් වෙනියෝ ...

    ReplyDelete