ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, October 12, 2012

වීදුරුව බිඳුනද ? (කෙටිම කෙටි කතාවක්)


මේ සිද්ධිය වෙනකොට  අනිවා..මට මතක හැටියට උ.පෙල කරන්න ගියා විතරයි..



අපි වීදුරු එක්ක සෙල්ලම් කරන්න හරි ආස මොකද ඒක එක්ක සෙල්ලම් කරද්දි සෙල්ලම වගේම නොබිඳෙන්න තරම් අවධානයෙන් , පරිස්සමින්  සෙල්ලම් කරන්න ඕනි මොකද... ආන්න ඒ වගේ අර පරිස්සමට සෙල්ලම කරමු කාලයක් තමයි ඒ කාලෙත්...වීදුරු අයිතිකාරියොත් අනෙ අප්පේ කොයි තරම් නම් අර පරිස්සමින්ද හිටියෙ !!! අද කාලෙ වගේ නෙවෙයි ඕන් ඒ කාලෙ.. අද නම් එච්චර අරපරිස්සමක් නැති නිසාදෝ කොහෙද..එව්වා බිඳුනත් එකයි නැතත් එකයි..බිඳුනොත් ආයි අලවන්න ක්‍රමත් තියෙන නිසා..ඒ කාලෙ වීදුරු එක්ක සෙල්ලම් කරල ගත්ත සතුට දැන් නැද්දෝ මන්දා ?

ඉතින් ඔහොම වදෙන් පොරෙන් වීදුරු අයිතිකාරයෙක් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා..

"ඕන් දවසම උඹලගෙ " 

කියලා ගෙවල් අයිතිකාර යාළුවා යන්න ගියා කියන්නෙ ඉතින්...
දවස අග භාගය වෙනකොට අපි  හොඳටම හෙම්බත් වෙලා..සෙල්ලම් කරන එක උනත් ඉතින් අර හීන වන උපයෝගීතාවය කියලා තියරියක් තියෙන නිසා...හා හා ආර්ථික විජ්ජාව නොකරපු අය මේ මොන කුනුහබ්බයක්ද කියලා නොහිතා ඉන්න එක හොඳයි ඕන්..ඉවරයිනෙ එතකොට...

මන් ගියා නාන කාමරේට නාලා කියලා එන්න.. මෙන්න ආපහු එනකොට...වැලහින්න සේ අඬනවා මෙච්චර වෙලා හොඳට සතුටින් සෙල්ලම් කර කර හිටපු එක්කෙනා...

"ඇයි මොකද ?"

"වීදුරුව බිඳිලා" 

ඇඬිල්ල වැඩි උනා එක පාරටම..

මමත් උඩ ගිහින් සිවිලිමේ ඔළුව වැදිච්ච වගේ තුෂ්නිම්භූත උනා..

"වෙන්ඩ බෑ වෙන්ඩ බෑ.. අපි කොයි තරම් පරිස්සමින්ද සෙල්ලම් කලේ "

මගේ උගුර කට වේලෙන්ඩ ගත්තෙ ඒ වෙලාවෙ..
මෙන්න ඇඬිල්ල තවත් වැඩි උනා..

"කොහොමද එහෙම වෙන්නෙ?"
මේ කියලා එහාට මෙහාට වෙනකොටයි දැක්කෙ..
වීදුරුව බිඳිලා නේන්නම්..නැත්නම් කොහෙන්ද ජපන් **** මෙතන ?
මගේ සියොළඟම රත් උනා..
"වෙන්න බෑ අපි පරිස්සම් උන තරම මතකයිනෙ"

"ඔව් ඒක ඇත්ත තමයි ඒත්.." ඉකිබිඳුම අස්සෙන්ම 

මට එක පාරටම මතක් උනේ මන් නාද්දි ඇඟිල්ල රිදුනෙ මොකද කියලයි..
ආයි බාත් රූම් එකට ගිහින් මන් ආවෙ කොක් හඬලලා හිනා වෙවී..

"ඇයි?"

ඇඬිල්ල මැද්දෙන් තවත් ප්‍රශ්ණයක්..

"වීදුරුව බිඳිලා නෑ අනේ..අපි සෙල්ලම් කරද්දි මගෙ මේ ඇඟිල්ල කොහෙ හරි වැදිලා මේන් තුවාල වෙලා ඒකයි ඔය"

දෙන්නටම හිනා.

නිමි

56 comments:

  1. ඈ බන් ලියන්නෝ මේ උසස් පෙළ කරන කාලේ වීදුරු බිද ගන්න සෙල්ලම කරන්න තරම් වයස මදි නේද, අනික ආරක්ෂක උපක්‍රම අවුල් ගියානම් උඹල දෙන්නගෙම ජීවිත අදුරේ. වෙලාවට උඹගේ අත කැපිලා තිබ්බේ.
    හැබැයි මේක කියවන අය දැන ගත්තොත් හොදයි වීදුරුව බිදෙන්නම ඕනේ නෑ වැඩේ වරදින්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඉතින් කාගෙ කාගෙත් හොඳ වෙලාවට ඔහොම උනා

      Delete
  2. බුදු අම්මෝ ..... අපි තාම චූටී එවුන්, වීදුරු බිඳගන්න සෙල්ලම් ගැන අහලවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්වා හොයන්න යන්නත් එපා පොඩිඋන් !

      Delete
  3. Replies
    1. හැම එකම අකුරෙන් අකුර නම් කියා දෙන්න බැරියෝ....

      Delete
  4. අපූරු සෙල්ලම...:

    ... ඉතින් ඊට පස්සෙද බිඳුන වීදුරු එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තෙ.?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ අපි හොඳ ළමෝ උනා ලකී...

      Delete
  5. හි හි... කතාව නම් හොඳයි... ඔය කාලෙදි ඔය වීදුරු සෙල්ලම තමා ඉතිං ලිස්ට් එකේ පළවෙනියට තියෙන්නේ... හබැයි කතාවේ සියලුම අහුමුලු ගැන තේරුමකුත් නැති ඒකේ, හිතේ තියෙන බය තමා පොඩ්ඩක් හරි ආරක්ෂාව දෙන්නේ...

    ඕවා හොඳ නැති වැඩ කියලා බණ කිව්වට වැඩක් නෑ කියලා දන්නවානේ.. ඒකයි නොකිව්වේ... ඔය කාලෙදි වැඩිපුර බලපාන්නේ පෙර ආත්ම වල කරගත්ත පිං පවු......

    මට වෙලාවකට හිතෙනවා අපි දැන්වත් ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්නෝනෙ කිය කිය කෑ ගැහුවට, උන් ඔය හැම කෙහෙල්මලම දැන ගත්තට පස්සෙ වීදුරු සෙල්ලමට තියෙන බයත් නැති කරගනී කියලා...

    එහෙම උනොත් ඊළඟට ආණ්ඩුවෙන් දෙන සහනාධාරෙ වෙන්නේ අඩු වයස් අම්මලාට දෙන දීමනාව... ඇමරිකාවේ ටෙක්සාස් වල වගේ...

    ReplyDelete
    Replies
    1. කතාව නම් සහතික ඇත්ත හිරු..

      Delete
  6. අපූරු සෙල්ලමක් තමා ඒක නම්...:ඩී

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දැන් නම් හිතන කොටත් මොකද්ද මොකද්ද වගෙයි !

      Delete
  7. පළවෙනි පාර කියවනකොට නම් ටියුබ් ලයිට්..
    දෙවැනි පාරත් කියෙව්වම තමයි මීටරේට වැටුනේ..

    හි හී..සෝක් සෙල්ලම..

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඉතින් කෙලින්ම භාශාවෙන් කියන්ඩ ඇහැකියැ ?

      Delete
  8. මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි... !

    ReplyDelete
    Replies
    1. වීදුරු මුට්ටියක්ද?? මැටි එකක්ද?? මැටි එකක් නම් කොහොල්ලා ගුලියක් ගහතෑකි

      Delete
    2. ඔව් සෑම්...
      ගැමියා වීදුරු වීදුරු..

      Delete
  9. අනේ අනේ... මෙහෙම වැඩ..හික්ස්..

    ReplyDelete
  10. වෙනි අයියා මේකට පොටෝවක් ගන්න වීදුරුවක් පොලොවට අතෑරලද කියලයි මං මේ කල්පනා කලේ...

    මට මතක්වුනේ ඉස්සර ටීචර් කෙනෙක් එන්න පරක්කු වුන ගමන් මේස පුටු එක පැත්තකට ඇදලා දාලා වන් බම්ප් ගහපු හැටි.ඔය වෙලාවට ඉතින් කෙල්ලෝ තමා ඔත්තු සපයන්නේ ටීචර් එනවද නැද්ද කියලා.ඉතින් ඔහොම සෙල්ලං කරද්දි වීදුරුවක් කෙසේ වෙතත් මිස්ගේ මල් පෝච්චිය නම් බිඳුනා බෝලේ වැදිලා.ඕකට අපේ මිස් මාර ලව්.කොල්ලොන්වයි කෙල්ලන්වයි මරෝ මරෝ තමා මල් ගෙන්නගන්නෙත්.මල් නැතිවුනොත් අපිව මරන්න හදන ටීචර් පෝච්චිය නැතිවුනොත් මොනා නොකරයිද...

    ඔන්න එතකොට තමා අපේ සිඟිති මොලවලට ආවේ ටොප් අයිඩියා එකක්.කොහොමත් එදා අන්තිම පීරියඩ් එකේ සිද්ධිය වෙච්චි නිසා ඉස්කෝලෙ ඇරුණාම සුපර් ග්ලූ එකක් අරන් ඇවිත් කෑල්ලෙන් කෑල්ල ඇලෙව්වා... හැබැයි බිඳුණු පාරවල් තියෙන නිසා වැඩේ ගස් යන පාටක් ආවා.චිත්‍ර කරපු එකේ පින පැදුනේ ඔය වෙලාවේ තමා.තිබ්බටත් වඩා ලස්සනට ඒක පාට කරලා පහුවදා ගැහි ගැහි හිටියේ.හැබැයි ඉතින් අලවපු එක මාට්ටු නෑ...

    ඉතින් අපි පොඩි එව්වෝ කාලේ දැනගත්තා මල් පෝච්චියක් බිඳුනොත් මාට්ටු නොවෙන්න අලවතෑකි කියලා.ඒත් වීදුරුවක් කොහොමෙයි එහෙම කොරන්නේ?? ඇයි මේ කාලේ වීදුරු වැඩියෙන් බිඳෙන්නේ??

    කලබොලේට මොකක්ද එකකටත් අත දාගන්න බෑ කියනවලුනේ.දෙයක් දැක්කම ගෙඩිය පිටින්ම ගිලින්න හිතෙනවනේ ඉතින්.කුතුහලේ ඔක්කොටම හපංනේ... හැබැයි ඔහොම සෙල්ලං කිරීම පිළිබඳ විරුද්ධත්වයක් නෑ මගෙනම් හැබැයි හොර අවුට් නොදී කරන්ඩෝන...

    ReplyDelete
    Replies
    1. ඔය ගූගල් මල්ලි හොයා දීපු පින්තූරයක් මල්ලි..හොර අවුට් දෙන්නෙ නරක ලමයි !

      Delete
  11. අද ගැටළුව... ඇඟිල්ලට මොකද වුනේ..?

    ReplyDelete
    Replies
    1. මන් අහන්නෙත් ඇඟිල්ලට මොකද උනේ ! තාම හරි උත්තරේ ආවෙ නෑ බීටල්

      Delete
  12. වීදුරු බඩු පාවිච්චිය පරිස්සමෙන් හා හා පරිස්සමෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරියටම පරිස්සම් වෙන්න ඕනි..

      Delete
  13. වීදුරු බඩු වලට ඇඟිල්ල ගහන්න ගියාම ඔහොම තමයි! :D

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ල කිව්වට ඉතින්...

      Delete
  14. මමත් වීදුරුව පරිස්සම් කරන් ඉන්න කෙනෙක්ව හොයනවා මේ ටිකේ

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම හමු වේවා !

      Delete
  15. විදුරැ... සෙල්ලම පොදුයි. සෙල්ලම් කරන විදිය අනුව තමයි. අම්මාගෙන් අහලා සෙල්ලම් කලානම් අවුල් අඩුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන්නෙ පලපුරුද්දත් එක්කනෙ..ඔය මුල්ම කාලෙ දීනේශ් මල්ලි...

      Delete
  16. එක්කෝ පොඩි එවුන්ට වීදුරු සෙල්ලම කියල දෙන්න ඕනේ. නැතිනම් නිකා ඉන්න ඕනේ. කියල දුන්නත් අර හිරු කියන්නා වගේ වීදුරු එක්කම රේන් කෝට් දෙන්නත් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට කාරුවත් කියලා නුදුන් එකේ වැරැද්දනෙ ක්සැන්ඩර් !

      Delete
  17. ඒක අර ටීක් බෝල ගහනවා වගේ සෙල්ලමක්ද අයියේ?
    අනේ මං දන්නෑනේ ඔය සෙල්ලම ගැන.
    අනේ මගේ සුදු (කළු උනත්) වෙනි අයියේ මටත් කියලා දීපංකෝ. අනේ මොකක්ද අනේ.

    --------------------.
    සුන්දර වරදක්.
    මොනා උනත් පරිස්සම ඉතා වැදගත්.
    ගෙදරට මාට්ටු උනොත් මූණ බලන්නේ කෝමෙයි? අනික දෙමවුපියන්ට ඇති වෙන දුක? ගමේ උන් දැන ගත්තොත්?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය දහසක් බය අස්සෙ සෙල්ලම තමයි !

      Delete
  18. //"වීදුරුව බිඳිලා නෑ අනේ..අපි සෙල්ලම් කරද්දි මගෙ මේ ඇඟිල්ල කොහෙ හරි වැදිලා මේන් තුවාල වෙලා ඒකයි ඔය"//

    නිගමනය: වීදුරු එක්ක සෙල්ලම් කරදී, අත පය තුවාල විය හැක.:D

    ReplyDelete
    Replies
    1. අනිවා පරිස්සම් වෙන්න ඕනි

      Delete
  19. මට තියෙන ප්‍රශ්නේ වීදුරුව බිඳුන එක නෙමෙයි. කොහොමද ඇඟිල්ල තුවල උනේ කියන එක. බ්ලේඩ් එකක්වත් දාලා තිබුනද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. සරුංගල් අරින කොටවත් නූල කඩා ගෙන ගිහින් නැද්ද මාතලන් කවදාවත්ම ?

      Delete
  20. වෙනියත් සෙල්ලං නෑ උපෙල කාලේ වීදුරු සෙල්ලම් කොරන්න
    බලන්න එන පොඩි ඈයෝ වැරදි ආදර්ස ගනී ඕන්

    ReplyDelete
    Replies
    1. අද පොඩි ඈයෝ අපිට වඩා හරි ඇඩ්වාන්ස් මල්ලි..

      Delete
  21. මට හම්බ වෙච්ච එවුං නම් වීදුරුවට අත තියන්නවත් දුන්නෙ නෑ මලේ ...!

    ReplyDelete
    Replies
    1. එහෙම ස්ටෙප් බයි ස්ටෙප් ආවහම තමයි නියම අයියෙ ! සෙට් වෙනකන් තියෙන පොරොත්තු කාලය තරම් සුන්දර කාලයක් තවත් තියෙයිද ?

      Delete
  22. බිදුනොත් බදුනක පිළියම් කරනට බැරි කැළලක් මතුවී තිබුනා....

    ReplyDelete
    Replies
    1. ආන්න ඒ නිසාම පරිස්සමින් !

      Delete
  23. මඟුලක් කියෝනවා... මං මේ බැළුවේ තෝ මගේ කතාවක් ඉස්සුවද කියලා... ඇඟිල්ලනං මංදා..ඒත් ඔය වීදුරු සෙල්ලං කොරන්න ගෙහුං ඔය කියන ඇඟිල්ල අර විදුරුවේ අයිතිකාරි විසින් අත පත ගාන්න ගෙහුං එයාගේ තියුණු නිය පොත්තක් ඇඟිල්ලේ සියුම් තැනක වැදීමෙන් ඇති වූ සුළු කැපුමක් හින්දා වෙච්ච සිද්ධියක්නං ඔන්න මට මතක් උනා මේ කතාව හින්දා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මේක බොහොම සුලබ සිදුවීම්ක් නොවැ..!

      Delete
  24. වීදුරු සෙල්ලං කිරීමේදී ඇඟිලි ගැන ප්‍රවේශම් විය යුතුය. නැතිනම් භයානක තත්ත්ව වලට මුහුණ දිය හැක.

    ReplyDelete
    Replies
    1. අති භයංකර තත්වයන් ප්‍රසා මල්ලි...

      Delete
  25. යකඩෝ.....මරු කතාව ඒක නම්. :D

    ReplyDelete
  26. ඔය වීදුරු එක්ක වැඩ කටයුතු කරත්දි පරිස්සම් වෙන්න  ඕන විදිය මේං මෙතන තියෙනවා ...http://www.nursinglk.com/2012/10/121.html

    කවුරුත් දැගත්තට කමක් නැහැ ...නැත්නං ඉතින් ඔය වීදුරුවක් නිසා ජීවිතේම බිද ගන්නවනේ ..

    කොහොම වුනත් ලස්සන කතාව ...

    ReplyDelete
    Replies
    1. ඔව් මහේශ් මට ඔබගේ ඔය ලිපිය මතක් උනා.. .. ස්තූතියි ලින්ක් ඒක දැම්මට ..

      Delete
  27. මේක හෙන අවුලක් මචං. මීට කලින් ඉතිහාසයේ මේ වගෙ දෙයක් සඳහන් වෙලා තියෙන එකම අවස්තාව වාර්තාවෙන්නෙ "කල්ලල්ලෑ-බොල්ලල්ලෑ-ගාලල්ලෑ" සිද්දියෙන්. එතකොට... ඇඟිල්ල කැපුනෙත් අරයගෙ නම්... බ්ලේඩ් එක තිබ්බෙ වෙනියගෙ කොහෙද?
    hutaaaa.!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ල කැපුනෙ එයාගෙ නෙවෙයිලූ...
      කැපුනෙත් ඇඟිල්ල නෙවෙයිලූ
      හූ හූ...

      Delete
  28. රජ්ජුරුවන්න් යුද්දෙට ගිහින් එනකොට රාජ සභාවේ ඇමතිවරුන්ගේ කැපිල තිබුනේ දිවනේ..

    ReplyDelete