ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, June 29, 2012

භූමි කම්පා...


පොඩි කතන්දර දෙකක් හදිසියෙම කොටන්න හිතුවෙ පහු ගිය දවස් ටිකේම නිඔහිතුව විදියට මට පට්ට බිසි වෙන්ඩ උනු නිසාමයි. මන් සාමාන්‍යයෙන් මෙච්චර බිසි වෙන්නෙම නෑ..ඒත් ළඟ ළඟම වැඩ ගොන්නක්ම ඩෙඩ් ලයින්ස් එක්කම ආපු නිසාද මන්දා..
මේ කතන්දර දෙක තුනම භූමි කම්පා ගැනමයි..


ඉතාලිය කියන්නෙ පහු ගිය දවස් කීපය පුරාවටම භූමි කම්පා නිසා හෙලවෙච්ච රටක් වෙච්චි..අපේ ආදරණීය සොයුරියක් ඉන්නවනෙ එහෙ..චැට් කරන වෙලාවට අපි කියන්නෙ අනේ පරිස්සම් වෙන්ඩ දෝනා කියලයි..ඒතකොට එය කියන්නෙ අපි ඉන්නෙ උඩ තට්ටුවක කොහෙ පරිස්සම් වෙන්ඩද මුලින්ම කඩන් වැටෙන්නෙ පහලට බහින්න තියෙන තරප්පු පේලි තමයි කියලයි..අපේ ඇඟත් කිලිපොලා යනවා ඔය වෙලාවට මොකද බලලා තියෙන ච්ත්‍රපටි වල තියෙන සීන් එහෙම මතක් වෙලා..අනෙ මන්දා මන් ප්‍රාර්ථනා කරන්නෙ දන්න කියන අය විතරක් නෙවෙයි..කාවවත්ම මොනම විපතකටවත් පත් වෙන්න එපා කියලයි..
ඉතින් ලංකාවෙත් පොඩි පොඩි භූමි කම්පා 2-3ක්ම ඇති උනානෙ පහුගිය දවස්වල බිල්ඩින් වල හිටි අයට දැනුනලු.. ඔය කියන වෙලාවල් වල මන් හිටියෙ බස් වල.. ඉතින් කොහෙ දැනෙන්නද?



ඉතින් ඔය අපේ ඉතාලි සොයුරිය ලංකාවට ආපු මේ දවස් ටිකේම එක දවසක අපේ හමුවක් තිබ්බා.. හරිම සොඳුරු හමුවක්..සොයුරි සොයුරියො ටික තව පොඩ්ඩෙන් ගාළු මුවදොර භූමි කම්පාවක් කරන්න ගිය වගක් තමයි ආරංචෙ වෙන්නෙ..




එතෙන්දි අපිට තෑග්ගක් විදියට ලැබිච්ච ග්‍රීන් එක තාමත් මන් ළඟ සුරක්ශිතව තියෙනවා..හැබැයි කොයි කාලෙකටද මන්දා ?ඉවසුම් නැතුව මන් ළඟදිම ඕක ඕපන් කරනවා..


ඔය බෝතලේ ගැන මන් මගෙ යාළුවො ටිකක් එක්ක කියෙව්වා..ළඟදි දවසක,


"මචන් අර ග්‍රීන් එක ගහමුද?"


"බෑ බෑ ඒක ගහන්න වෙනම සෙට් එකක් ඉන්නවා"


"ඉතින් බන් උන්ට කියමු ඒ බෝතලෙ බිම වැටිලා බිඳුනා කියලා"



"පිස්සුද බන් එහෙම කවුද විශ්වාස කරන්නෙ ?"


"මොකෝ නැත්තෙ අර බෝතල් දෙකට උන විදිය මතකද ?"


"ඒ මොකද්ද බන්?"


කට්ටිය හිනා කනවා..සිද්ධිය මතක් වෙලා.. මන් දන්නෙ නෑ එහෙම බෝතල් ඩෙකකට වෙච්ච දෙයක් ගැන..


"කියකො කතාව"


"අර පාටිය ඉවර වෙලා බෝතල් දෙකක් ඉතුරු උනා"


"ඉතින්?"



"ඒ ඉතුරු වෙච්ච දෙක ගැන ඇහුවා මේ ළඟදි ..මන් කිව්වා අර භුමි කම්පාව වෙච්ච වෙලාවෙ මේසෙ හෙල්ලිලා ඒක වැටිලා බිඳුනා කියලා"


"ඇත්තටම එහෙම උනාද ? එච්චර හෙල්ලුනෙ නෑනෙ බන්"


"පිස්සුද බන් ඒ වෙනකොට ඒවයෙ මූඩිවත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ ආන්න ඒවගේ හොඳ පිලි ගන්න පුළුවන් උත්තරයක් දෙමු බන් උඹගෙ යාළුවන්ට"


ඔහොම භූමි කම්පා කතාව යන අතරේ තව එකෙක් ඇහුවා..






"අර භූමි කම්පාවට බෙහෙත් බීපු කතාව දන්නවද ?"



"නෑ.. මොකද්ද වෙලා තියෙන්නෙ?"


"ඔය මිස් හිටියෙ ඒ වෙලාවෙ තුන් වෙනි තට්ටුවෙ..භූමි කම්පාව වෙලා..ටිකකින් හැමෝම කලබල වෙලා තම තමන්ගෙ සෙක්ශන් වලට ගිහින්.. මෙයාගෙ යාළුවෙක් යන කොට මෙයා බෙහෙත් බොනවළු..යාළුවා අහලා ඇයි බෙහෙත් බොන්නෙ කියලා.. එයා කියලා අනේ මාව විසික්වෙලා යනව වගේ කලන්තයක් ආවා..ඒකයි මන් බෙහෙත් බීවෙ කියලා"


හැමෝම හිනා කනවා..


"වෙලා තියෙන්නෙ අර කම්පනයට එයා වීසි වෙනවා දැනිලා තියෙන්නෙ එයාට කලන්තයක් හැදිලා විසි උනා කියලයි"


ඔහොම කියලා හිනා වෙලා අපි ආයිමත් අපි කරමින් හිටි අපේ වැඩ ගොඩ දිහාවට  හැරුනා..


හම්මේ හොඳ පණ යයි මේ ටික ඉවර වෙන කොට...




15 comments:

  1. ඔච්චර බිසි වෙන්න මොකද හේතුව? මඩ මිසයිල් වලට කරුණු ‍රැස් කරනවා වත්ද? වෙනියා ඇඳපු චිත්‍රයක් නැති එකනම් හරීම අඩුපාඩුවක්!!! :(
    henryblogwalker the Dude

    ReplyDelete
  2. :D බෙහෙත් බීපු නෝනාගෙන් අහගන්න බැයිද දන්නේ නැහැ බෙහෙතේ නම

    ReplyDelete
  3. මම හිතුව කොළ පාට ලේබල් පෙට්ටියක් කියලා. දැන් බලද්දී බොන්න නේ.. :P

    ReplyDelete
  4. ෂික්, කෝ අයියගෙ චිත්තරේ. භූමිකම්පාවක් කියන්නෙ පුරුදුවෙන්න චිත්‍ර අඳින අයට ලේසිම මාතෘකාවක් නෙව.

    ReplyDelete
  5. අපොයි, භූමිකම්පාවට බෙහෙත් බීලා! :D

    ReplyDelete
  6. භූමි කම්පා කියන දේවලුත් ලංකාවේ අපිට සුපුරුදු දේවල් වුණා අන්තිමට :D

    ReplyDelete
  7. ඔය කියනවා ඇත්තේ ග්‍රීන් ටි වෙන්න ඇති. බොන්න බොන්න වයසක උන්දලට ඒක හොඳයි.

    ReplyDelete
  8. කවුරු උනත් පාවෙලා ගිය සිහියෙන් බෙහෙත් බිවුව එක හොදයි.. අමතක වෙලා වෙන ලෙඩක් හැදුනනම්..

    කිවුවත් වගේ මෙච්චර බිසී කාර අංචියක් අදින්නද දන්නේ නෑ.. :)

    ReplyDelete
  9. මම හිතුවේ ඇත්තටම භූමි කම්පා ගැන ලියලා කියලනේ. ඒ කියන්නේ දෝනා ලංකාවට ආවේ භූමි කම්පා ගොඩක් අරගෙනද? :)

    ReplyDelete
  10. ඔය ග්‍රීන් එක බීල ආයෙ පාරක් වැටක් අල්ලගන ඉන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
  11. මං බැලුවා ඒත් පටන් ගද්දිම‍ දෝනා ගැන කීවෙ මොකද කියලා?

    ReplyDelete
  12. බූමිකම්පා කතා දෙකම මරු !!!

    ReplyDelete
  13. මේ පැත්තෙත් එක වතාවක් චලනයක් දැනිලා අපේ ගොඩනැගිල්ලේ ඔක්කොම ඉවත්වෙලා ගිහින් .. අපි විතරක් දන්නේ නැහැ.. මන් හිතන්නේ බෙහෙත් ඇඟේම ඇති..

    ReplyDelete