ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, June 22, 2012

රාජයියගෙ පෙත්ත...

මම පහුගිය දවසක පොඩි අසනීපයක් වෙලා බෙහෙත් ගන්න ගියා. මන් එතනට යනකොට අපේ අසල්වැසි රාජයියත් බෙහෙත් ගන්න ඇවිත් හිටියා.


පොඩි අසනීපයක්ය කීවහම මේක ගැන රටේ ලෝකයා අනීවාරතේ එක එක කතන්දර හදන්න ඉඩ තියෙන නිසාම කියන්නම් මොකද උනේ කියලා. මේ කතාවෙ කිසිම චරිතයක් බ්ලොග් ලෝකෙ හා සම්බන්ධ නැති නිසාත්..මේ බ්ලොග් කියවන්නෙ නැති නිසාත් බය හැක නැතුව කියලා දැම්මැහැකි... මන් පහු ගිය දොහක ගියා අඳුරන මල්ලි කෙනෙක්ගෙ මල ගෙදරක. බස් එකෙන් බැහැලා කිලෝමීටරයක් විතර පාරෙ ඇතුලට යන්න සිද්ධ උනා. යනකොට තුන් රෝද රියක ගියත්...ආපහු එනකොට තුන් රෝද රියක් හොයා ගන්න වෙච්ච අපහසුව නිසාම..එතකොටත් ඒ මල ගෙදරට ගිහින් හිටපු අපේම යාළුවෙක් අපේ බලවත් නමුත් පිටතට නොපෙන්නපු අකමැත්ත විරෝධය හමුවෙ එයාගෙ බයික් එකේ අපිව පාරට ගෙනත් දමන්න දත කෑවා. අකමැති වෙන්න හේතුව තමයි අපි හැමෝටම ආපු මරණ බය නිසායි..එක්කෝ බයික් එකේ තිබ්බ මොනාහරි පාර්ට් එකක් ඇඟේ ඇනිලා පැය දෙක තුනක් ඇතුලත පිටගැස්ම හැදෙන්න ඉඩ තිබ්බා..නැත්නම් ඉතින් තමන් බයික් එකේ යන්නෙ මාරයා එක්කයි කියලා ලොකු ජීවිත බයක් හිතට එන්න තිබ්බා..ඔය සේරම මධ්‍යයේ ඉස්සෙල්ලාම ඔය අවදානම ගත්ත මල්ලි මාව එතනට ගෙනත් දමන කොටත් තමන්ගේ කොන්ද අත ගගා බස් හෝල්ට් එකේ ඉන්නවා..එහෙමට අතවරයක් වෙන්න කාලයක් නොතිබ්බ නිසාත් මන් ඇහුවමයි කතාව තේරුනෙ..බයික් එක ඇවිත් තියෙන්නෙ පාරෙ වලවල් වලින්මයි..ඔය වලවල් වල වැටිලා ශොක්ස් බින්දුවටම බැහැපු බයික් එකක පිටිපස්සෙ එන කෙනාගෙ ශෝචනීය තත්වය ඕනිම කෙනෙකුට හිතා ගන්න ඇහැකිනෙ..මටත් උනේ ඔය ඇබැද්දියමයි..වලවල් 2-3ක වැටිලා ඇමැට්ටි වෙච්ච කොන්ද ආයි ඇදුම් කන්ඩ වෙච්ච නිසා ඒකට බෙහෙත් ගන්නයි මන් ඩොක්ටර් ළඟට ගියේ...


මමත් ගිහින් ඩොක්ටර් හම්බ වෙන්න පෝලිමේ රාජයියා ළඟින් වාඩි උනා..


"මොකද රාජයියෙ?"


"උන හැදිලා දැන් දවස් 4-5ක්ම වෙනවා"


"ඉස්සෙල්ලා බෙහෙත් ගත්තෙ නැද්ද?"


"අනේ නෑ මල්ලි"


"මේ දවස්වල ඩෙන්ගු අරෙහෙම මෙහෙම තියෙන කාලෙ එහෙම උන නොසලකා ඉන්න එපා රාජයියෙ"


මන් හිතේශිවන්ත කමට උපදෙසකුත් දුන්නා.


"ඔව් ඔව් මල්ලි ඒක ඇත්ත..මේ පහු ගිය දවස් වල සල්ලි පොඩ්ඩක් අමාරුකම් තිබුනා. ළමයි සල්ලි එව්වෙත් නෑ. ඉතින් පැන්ශන් පඩිය හම්බ වෙනකන් ඉන්න උනා"


මට ඇත්තටම දුකක් ඇති උනා. රාජයියගෙ දූලා පුතාලා ඔය අරාබිකරයෙ තමයි වැඩ කරන්නෙ. ඒ ගොල්ලො රාජයියට සහ හාමිනේට සල්ලි එවනවා කාලෙන් කාලෙට. ඒ වගේම ඔය පැන්සන් එකෙන් තමයි ඒ ගොල්ලො ජීවත් උනේ.


"ඉතින් රාජයියෙ ඒ වගේ වෙලාවක අපිට කියන්න. අපි අතේත් සමහර දවසට සල්ලි නෑ..සමහර දවසට සල්ලි තියෙනවා..උදව් කරන්න පුළුවන් වෙලාවක ඉතින් කරන්නම්කො"


කෘතඥපූර්වකව ස්තූති කල රාජයියා ඩොක්ටර් ළඟට ගියා. ඊළඟ වාරෙ තිබ්බෙ මට. මගේ පොඩි කොන්දෙ කැක්කුමක් අල්ලලා ඒකට බෙහෙත් ගේන්නයි ගියේ..ඩොක්ටර් නියම කරපු බෙහෙත් ටික අරන් ඒ බෙහෙත් සාප්පුවටම  අල්ලපු ෆාමසියට ගියා මගේ ටැබ්ලට් එක වර්ගයක් ගන්න. එතකොටත් රාජයියා එතන බෙහෙත් ගන්නවා. රාජයියගේ බෙහෙත් වල බිල දැක්කහමයි මට තව දුක හිතුනෙ..එතන රුපියල් 1500 ක් විතර..මන් කල්පනා කලා යකඩෝ උණ බෙහෙත් වලට යන වියදමක් කියලත්. 
ඔහොම මගේ බෙහෙත් ටිකත් අරන් දැන් අපි දෙන්නා කතා කර කර එනවා ආපහු ගෙදරට.


"ඈ රාජයියෙ රු.1500 ක බෙහෙත්ම ඔය උණටද?"


"නෑ මල්ලි මගේ මේ අනිත් ප්‍රෙශර් වලටයි හාර්ට් වලටයි ගන්න සේරම බෙහෙත් ගත්තෙ"


"අයියට ඉන්සුවරන්ස් එකක් නැද්ද ? ඕවා ක්ලේම් කරන්න"


"නෑ මල්ලි"


"මන් නම් මේ බිල් ටික සේරම සල්ලි ගන්නවා ඉන්සුවරන්ස් එකෙන්"


"මල්ලි ඔය ටැබ්ලට්ස් වලටත් ක්ලේම් කරන්න පුළුවන්ද?"


"ඔව් අයියෙ"


"අනේ මල්ලි එහෙනම් දැන් එකම දවසෙ එකම තැනින් ගත්ත නිසා ඔය බිල් ටික එක්ක මගේ බිල් ටිකත් දමලා මට සල්ලි අරන් දෙන්නකෝ..මල්ලිත් ගානක් තියා ගන්න"


ඇත්තටම මගෙන් එන්න ඕනි යෝජනාවක් වෙච්ච ඒක රාජයියගෙන් ආපු එක ගැන මට පොඩි පහේ ලැජ්ජාවකුත් නො ආවාම නෙවෙයි.


"ඔව්නෙ රාජයියෙ..මට ගානක් ඕනි නෑ..එහෙනම් ඔය ප්‍රෙස්ක්‍රිප්ශන් එකත් එක්කම මට දෙන්න බිල් ටික. මන් මගේ ක්ලේම් එකට ඒ ටිකත් දමන්නම්"


රාජයියා ආයිමත් කෘතඥතාපූර්වකව ස්තූති කරලා බිල් ටිකයි ප්‍රෙස්ක්‍රිප්ශන් එකයි මට දුන්නා.


"රාජයියට මේ ප්‍රෙස්ක්‍රිප්ශන් ටික ආයිමත් ඕනිද?"


"එපා මල්ලි මන් ළඟ වෙන ටිකක් තියෙනවා"


ඇත්තටම අපි ඉන්සුවරන්ස් එකක් ගන්න කොට නම් අලි දෙන්නම් කොටි දෙන්නම් කීවට ඒවයින් මොනා හරි ක්ලේම් කරන්න ගියහම තමයි හම්බ වෙන්නෙ හා බෙටි කියලා තේරෙන්නෙ. මගේ මෙඩිකල් ඉන්සුවරන්ස් එකත් එමමයි. මොනා හරි වෙලා බිලක් දැම්මහම තියෙන ආරලු බූරලු සේරම චෙක් කරලා නොගෙවා ඉන්න දඟලන එකක් මිස ගෙවන එකක් නම් නෙවෙයි. ඔය ගැන හිතේ එකතු වෙච්ච කේන්තිය මන් පිරි මහා ගන්නෙ මේ වගේ දේවල් වලින්ම තමයි. 
පස්සෙ දවසෙ මන් සේරම බිල් ටික එකතු කරලා ක්ලේම් එක රුපියල් දෙදාස් ගානක් තිබ්බාමයේ හිතේ..ඒක දැම්මා මගේ ඒජන්ට් හරහා..
ඊයෙ පෙරේදා දවසක එනවා මිනිහගෙන් කෝල් එකක්.


"හරිද මගේ ක්ලේම් එක ? කවද්ද සල්ලි ගන්න පුළුවන්"


"සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර බිල් වලට නම් ගෙවන්න බෑ සර්. මන් කතා කලෙත් ඒක කියන්ඩයි. රුපියල් හයසිය ගානක් තමයි සර්ට ක්ලේම් කරන්න පුළුවන්"


මට පහු ගිය තිබ්බ කෝන්තර සේරම එකතු වෙලා ඔළුවට යක්ශයා ආරූඨ උනා..


"මොනාද අයිසෙ බලනවා මන් ප්‍රීමියම් එකම මාසෙකට කීයක් ගෙවනවද කියලා. ඉන්සුවරන්ස් එක ගන්න යන කොට නම් ඔය ක්ලේම් කරන්න බැරි ඒව ගැන කීවෙ නෑ..දැන් බිල් දානකොට තමයි මේ සේරම. මට දැන් ඇති වෙලා තියෙන්නෙ තමුසෙලාගෙ මේ ඉන්සුවරන්ස් එක..ඉන්නවා මන් කන්සිඩර් කරලා තියෙන්නෙ මේක නවත්තලා වෙන එකකට යන්න"


"සර් සර් පොඩ්ඩක් ඉන්න මම අපේ බොස්ට දමන්නම්."


මන් බොසාටත් කීවා මගේ සේරම කේන්තිය පිට කරලා.


"මේකයි මිස්ටර් ලියන්නා මන් ආයිමත් ඔබතුමාගෙ පොලිසි එක චෙක් කරලා බලලා රිකන්සිඩර් කරන්නම් ඔය කියන ක්ලේම් එක කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සෙ පසන් (මගේ ඒජන්ට්) අතේ විස්තරේ කියලා එවන්නම් අදම."


අදම ???!!! එවයි අදම බම්බුව ! මන් හිතෙන් බැන බැනම ෆෝන් එක තිබ්බා. පව් දැන් මන් රාජයියගෙ සල්ලි දෙන්නෙ කොහොමද ? මගේ බිල් ටික රුපියල් හාරසීය ගානයි. එහෙනම් රාජයියගේ බිල් වලින් එකක් විතරයි පාස් වෙලා ඇත්තෙ..
මාව පුදුමයට පත් කරමින් හවස මෙන්න පසන් එනවා මාව හම්බ වෙන්න. මිනිහාගෙ මූනෙ තිබ්බෙ අමුතුම හිනාවක්.
වැඩේ හරි ඇති..මමත් යන්තම් සැනසුම් සුසුමක් හෙලුවා..


"සර් මෙන්න සර්ගෙ චෙක් එක"


මිනිහා හිනා වෙවීම කිව්වා.
මමත් හිනා වෙමින් චෙක් එක තිබ්බ ලිපි කවරය අරන් කඩලා බැලුවා..


"කෝ චෙක් එකේ තියෙන්නෙ රුපියල් හයසීය ගානයිනෙ..?"


මන් ඇහුවා පසන්ගෙන්.


"සර් ඔය අපේ පොලිසි එකෙන් සර්ට ගෙවන්න පුළුවන් කවර් වෙන ගාන කීවා. අපේ බොස් මෙන්න මේ ලියුම සර්ට දෙන්න කීවා. ඒ එක්කම මේ අනිත් ලියුම් කවරේ තියෙනවා සර්ගෙ ක්ලේම් කරන්න බැරි බිල් ටිකයි ප්‍රෙස්ක්‍රිප්සන් ටිකයි... බායි සර්"


පසන් හිනා වෙවීම තමන්ගෙ අතේ තිබ්බ හෙල්මට් එකත් අරන් වන වනා යන්න ගියා.


මට ආපු කේන්තියක්...


රහසිගතයි කියලා ගහලා තිබ්බ ලියුම් කවරේ මන් ඇරලාඅ බැලුවා. ඒකෙ තිබ්බෙ මගේ පොලිසි එකේ පිටපතක් සමහර ලයින් හයි ලයිට් කරලා..
ලියුමේ තිබ්බ එක වාක්‍යයක් දැක්කහම...




...Your insurance policy will not be covered prescribed medicine for impotency...


.....මෙම දුර්වලතාවයට ලබා ගන්නා ඖශධ සඳහා මුදල් ගෙවීම ඔබගේ රක්ෂණය මඟින් ආවරණය නොවන බව කාරුණිකව සලකන්න..


රාජයියගෙ බෙහෙත් වල ක්ලේම් කරන්න කියලා මට දීපු   බිල් ටික මන් ආයිමත් හොඳට චෙක් කරලා බැලුවා..


හත් දෙයියනේ...


දැන් නම් ආයි ඒ ඉන්සුවරන්ස් ඔෆිස් එකට ගිහින් හමාරයි.. පසන්ගෙ මූණෙ තිබ්බ අමුතු හිනාවෙ තේරුම මොකද්ද කියලා තේරුනෙ ඒ වෙලාවෙයි..


වතුර වීදුරුවකට දමපු ඩිස්ප්‍රීන් පෙති දෙක දිය වෙලා යනවා වගේ මගෙ මනසෙන් ඒ ඔෆිස් එකේ ඉන්න ඇහැට කනට පෙනෙන දැරිවියන්ගේ මූණු ටික දිය වෙලා ගියා.




මෙම චිත්‍රයද මා විසින්ම අරකෙන් අඳින ලද්දකි..
ඒක පිළිබඳ පෝස්ට් එකක් ළඟදීම..

72 comments:

  1. මුළින්ම, චිත්‍රෙ ලස්සනයි. වර්ණ යොදා ඇති හැටි අපූරුයි. මට හිතෙන්නෙ ඒ දුක් වෙවී ඉන්නෙ රාවණා කියල. මං හරිද මන්ද.

    කතාව ගැන: ඉම්පොටෙන්ස්වලට කිව්වට, සමහර හෘද රෝගවලටත් ඒ බෙහෙත්ම (සිල්ඩෙනෆිල්) දෙනවා. එහෙම වෙලාද දන්නෙ නැහැ.

    ඊලඟට, මමද දන්නෙ නෑ මුලින්ම කමෙන්ට් කරන්නෙ....

    අන්තිමට, මටත් සත පහකට විශ්වාස නැති ජාතියක් ඔය ඉන්ෂුවරන්ස් කාරයො. ඒ හින්දා මම මොනම ඉන්ෂුවරන්ස් එකක්වත් අරගෙනත් නෑ.

    ReplyDelete
    Replies
    1. හෘද රෝගවලට ඇස්ප්‍රින් දෙනවා බොහො වෙලාවට. වෙනම බ්‍රෑන්ඩ් එකක් දෙන්න ඇති. ඒ ජෙනරික් එකේම.

      Delete
  2. "වතුර වීදුරුවකට දමපු ඩිස්ප්‍රීන් පෙති දෙක දිය වෙලා යනවා වගේ මගෙ මනසෙන් ඒ ඔෆිස් එකේ ඉන්න ඇහැට කනට පෙනෙන දැරිවියන්ගේ මූණු ටික දිය වෙලා ගියා." ලස්සන යෙදුම!

    ReplyDelete
    Replies
    1. රාවණා ???? හෆොයි මටත් ප්‍රෙශර් වලට බෙහෙත් ගන්න වෙයි..:-D
      මන් මේ කමෙන්ට් එක ප්‍රින්ට් කරගෙන ගිහින් දෙනවා අර ඔෆිස් එකේ ළමයින්ට..නැතුව ඕක අපි කීවට ලෝකයා විශ්වාස කරන්නෙ නෑ..
      මේ ඉන්සුවරන්ස් එකත් බලෙන්ම මගේ ඇඟේ ගහපු එකක්..

      Delete
  3. අනුකම්පාව භූමිකම්පාව වුණා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ හසිත මෙහෙම ගියොත් මන් කවදා ගොඩ යයිද මන්දා ???

      Delete
  4. උඹත් එක්ක රාජයියාගේ තියෙන සමීප සම්භන්ධය පිළිබඳ මට සැක පහල වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඉන්න සමීපතම අසල්වැසියා වෙච්චි..ඉතින් හදිසියෙ අසනීපයක් උනත් කතා කරන්ඩ ඉන්නෙ ඔය ඩබල තමයි..ඊටත් වඩා හරිම හිත හොඳ දෙන්නා..

      Delete
  5. rajayiyath ese mese porak newe ehenam.wayasa giyath.........

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒත් ඕකට නම් වයස් බේදයක් නෑ..

      Delete
  6. hikz. අනුන්ගෙ පරිප්පු ඔයාගෙ පිඟානෙ දාගෙන වළඳන්න ගිහින්. හොඳ වැඩේ ! හොයන්නෙ බලන්නෙ නැතුව නොසැලකිලිමත්කමින් වැඩ කරනවට.

    ReplyDelete
    Replies
    1. ඕක මන් හැමදාම කරන කෑමක් තමා..ඒ බෙහෙත් තුන්ඩු කියෙව්වත් අපිට තේරෙනවයැ ? ඕකම නොවුනත් ඔය ලෙසටම හෙටත් ඔය වගේ පරිප්පු කයි,,ජීවිතේ මේ වගෙයි... :-D

      Delete
  7. lingika apranikathwaya neda lede..athtama liyanna aiyata tiyana lede koma hari patttaka inna rajaa ge pitin damme ekai tiyana waradda :P

    ReplyDelete
    Replies
    1. හා ඇනෝ මන් ඒ වැරැද්ද හදා ගන්නම්කො... :-D

      Delete
  8. මධුරගෙන් උදව් අරං තමා යන්තං මේ‍ක තේරුං ගත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒ එක වචනෙනෙ...අනිත් අතුරු කතා ??? :-D

      Delete
    2. මාරය අයියා මම නම් ඔය වචනෙ දකින්න කලින්ම හිතුව ඔයවගේ සීන් කෝන් එකක් තමා කියල. ඒකට කියන්නෙ යථාවබෝධය කියල. ඒව ඩික්ෂනරිවල නෑ. :)

      Delete
  9. වෙනී අයියටත් පෙත්තක් හින්ද විච්ච දේ.

    මංනං ඔය ලයිෆ් ඉන්සුවරන්ස් කාරයො එලවල ගොඩක් කල්.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, ඒකම තමයි කරන්න ඕනි දේ..ඒත් ඉතින් අපි අහු උනා..දැන් අර කොටි වලිගෙ අල්ලා ගත්තා වගේනෙ...

      Delete
  10. අපොයි දෙයියනේ...

    අවුලක් නෑ පොලිසි පිටපත රාජයියාටම දෙන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මන් කතාව කියලා රාජයියගෙ එක බිලක සල්ලි දුන්නා..අර ලියුමත් පෙන්නුවා..නැත්නම් හරි නෑනෙ..මිනිහා හිනා උනා..ඒ හිනාවෙ තිබ්බෙ එතන තිබ්බ බෙහෙත් හාර්ට් ප්‍රොබ් එකට ගන්න ඒවා නම් නෙවෙයි...

      Delete
  11. අනේ දෙයියනේ හතුරෙකුටවත් මෙවන් විපතක් නොම වේවා! කතාව කියවගෙන එනකොටම මටනං තේරුනා මොකක් හරි අවුලක් වෙයි කියල. ඇයි දෙයියනේ අනුංගෙ ලෙඩවල් වලට දීපු බේත් ගැන හොයල බලල එපැයි ක්ලේම් කරන්න. දැං ඉතිං නංගිලගෙ මූන බලන්නෙ කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. බලලා හමාරයි..නෑ කියලා ඔප්පු කරන්න දෙන එකක්යැ ?

      Delete
    2. // නෑ කියලා ඔප්පු කරන්න දෙන එකක්යැ ? //

      හික්ස්. ලැයික්යැ. දුන්නොත් නරකට හිටී. වයසෙ හැටියට ද වැඩ, මම අහන්නෙ. ඈ ....

      Delete
  12. චිත්‍රය තේරුම් ගත්තා. ස්තුතියි. වෙනත් ප්‍රතිචාර නොමැත.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හෙන්රි අද නම් බිසි වගෙයි.. :-D

      Delete
  13. හිටහං අයියේ මම වෙනි අක්කට ලියුමක් දාන්ඩ මු කරගන්න වැඩගැන කියලා එක අතකට හොඳා අර ගැටිස්සියො ටික බෙරෙනව නේව..එක සැරයක් ගැටිස්සියෙක් එක්ක ටොකක් දාන්ඩ හොහින් කොලයක් පපුවෙ අලොගත්තා මෙන්න දැන් තව එකක් අනුනට උදවුකිරිම උඹට අගුනයි හික්

    ReplyDelete
    Replies
    1. අර සිකුරද මොකාද මාරු උන එකද මන්දා මෙහෙම වෙන්ඩ හේතුව ?!

      Delete
  14. වෙනීගෙ හොඳ හිත ගැන ප්‍රසංශා කරමි..වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙන්නේ වරක් දෙවරක් නොවේ..


    අද චිත්‍රය ගැන නම් කියන්න බොහෝ දේ තිවුනත් නොකියාම යමි...

    ReplyDelete
    Replies
    1. ආ දැන් නම් චිත්‍ර අඳින්න නිකන් පොටක් පෑදී ගෙන පෑදී හෙන එනවා වගෙයි... :-D

      Delete
  15. රාජයියා හෙන වලා වගේ නේද...

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්න මල්ලි ලෝකයා අපි තරම් සංවරශීලී නෑ කියන එක මල්ලිත තේරුන අපූරුව..

      Delete
  16. මහාචාර්ය කොල්වින් ගුණරත්න "ලංකාදීප"යේ වෛද්‍ය ගැටළු තීරුවේ, වයස අවුරුදු 60ක සෙල්ලක්කාර තරුණයෙකුගේ ගැටළුවකට එතුමා දී ගිබූ පිළිතුරක් මගේ මතකයට ආවා.
    "ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රත්‍යක්ෂ බටහිර වෛද්‍ය ප්‍රතිකාර දැන් තියෙනවා, ඒ ගැන බිය නොවන්න...."

    මගේ අනුමානය ඉහත වෛද්‍ය ගැටළුව ඉදිරිපත්කළේ "රාජයියා" විය හැකියි.

    ReplyDelete
    Replies
    1. අපෝ ... සුමිත් අයිය, ඩොක්ටර් කොල්වින්ගෙන් ප්‍රශ්න අහන එවුන් රෙද්ද ඉහේ බැඳන් ඕන ප්‍රශ්න අහන්න. වෙලාවකට එයා දෙන්නෙ මාර උත්තරනේ.

      Delete
    2. ඒකනම් ඇත්ත, ඒත් අපේ සමහර මෝඩ වාහෙලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන එහෙම තමා.

      Delete
    3. ඔව් මාත් ඒ තීරුව කියවනවා හැමදාම නමුත් දැන් ඒක නෑ..ඩොක්ටර්ගෙ උත්තර නම් සුපිරියි කියලයි මටත් හිතෙන්නෙ

      Delete
  17. //නැත්නම් ඉතින් තමන් බයික් එකේ යන්නෙ මාරයා එක්කයි //බ්ලොග් ලෝකෙ අය සම්බන්ද නෑ කිව්වට මේ ඉන්නෙ.

    මදෑ වුන දේ.මොකෝ ඉන්සුවරන්ස් එකේ අයට කියන්නයෑ ඔය බෙහෙත් මගෙ නෙවේ කියලා.

    ReplyDelete
    Replies
    1. නිසූපා නංගි අර කසූ NOT gate වගේ එක දමලා බලන්න.
      (ඔයාට විතරක් හොරෙන් - බ්ලොග් ලියන බයික් එකක් තියෙන එකම කෙනා තමයි ඕක කලේ..අර වැප් අයියගේ මල ගෙදර දවසේ...) :-D
      ඔව් වැරදිලාවත් ඇත්ත කියන්ඩ බෑ ඉන්සූරන්ස් කම්පැනි එකට..මේක උභතෝකෝටිකයක්..

      Delete
  18. ඕං මං නෑ ඔව්වට ඇ....... මාව ගාව ගන්නවා එහෙම නෙමේ.. නැත්තං පසන් ඉන්සුවරන්ස් කරලා ‍බොරු කරනවා කියලා කියයි...හයියූ.. මං පවු.. :-D

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...පසන් මලයා ඉන්නවා නොවැ තාම මන් හිතුවා ඒත් සිකුරාත් මාරු උන නිසා...එක්කො ඕනි නෑ..

      Delete
  19. හයියෝ දෙයියනේ! :D

    බ්ලොග් ලියන රෙපෙක් ඉන්නො.ඉන්සූරන්ස් රෙපෙක්ද කියලනම් දන්නෙ නෑ.උගෙ බෙල්ලෙං හරි අල්ලගන්න තරහ යනකම් ;)

    ReplyDelete
    Replies
    1. හැබෑටම එහෙම එකෙක් වත් අල්ලගෙන අනින්ඩෝනි හොම්බට දෙකක්..

      Delete
    2. හී හී :))

      හැබැයි ඌ නම් හොඳ එකා!

      Delete
  20. විළි ලැජ්ජාවේ බෑ...පසන් දැං හැමෝටම කියලා ඇති සීන් එක..ලියන්නගේ පෑන ලියවෙන්නේ නෑ කියලා....හික් හික් හික් ....

    ReplyDelete
    Replies
    1. ඕම හිනා වෙනවද අප්පා..මනුස්සෙක් අමාරුවෙ වැටුනහම ?

      Delete
  21. වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ මෙන්න මේවට නේද වෙනි අයියේ.. හයියෝ ලැජ්ජාව... :)

    ReplyDelete
    Replies
    1. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කීවොත් හරි..

      Delete
  22. හයියෝ තේරුනා බෙහෙත බොකද්ද කියලා,,ඔය ඉන්ශුවරන්ස් කාරයෝ නම් ලෝක හොරු ඕකුන්ට මමත් අහු උනා

    ReplyDelete
    Replies
    1. දැන් මොනා කරන්නද ඉතින් ?

      Delete
  23. :D ඉල්ලන් කෑවා නේද වෙනි අයියේ.

    ReplyDelete
    Replies
    1. කෑව නේන්නම් හොඳටම...

      Delete
  24. අවුලක් නෑ තව කොච්චර ඉන්ෂුවරන්ස් කම්පනි තියනවද ? මට පේන්නෙ ලංකාවත් හැරෙමින් ඉන්නෙ ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් බේත් නැතුව මැරෙන තත්ත්වයටද කොහෙද ?

    සිත්තරේ හොඳයි, ලස්සනයි..නොකිව්වනම් ඉතින් අපිට තේරෙයි ඕවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒත් හැම එකක්ම ඔය වගේ ඇති..

      Delete
  25. පෙත්ත ගියා නේද හරහට? :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හරහට ගිහින් හිර උනා ආයි...

      Delete
  26. අප්පා වචනෙන් වචනේ හොයලා හොයලා තමා ඔය ඉගිරිසියෙන් තියන මෙවුවා එකේ තේරුම හොයාගත්තේ . අම්මප මට එහෙම ඔහොම දෙයක් වුණානම් වල දාගන්නවා

    ReplyDelete
    Replies
    1. ඉතින් මල්ලි එක වචනයයි බලන්න තිබ්බෙ..

      Delete
  27. හිත හොඳ මනුස්සයටනේ මෙහෙම වෙන්නේ.

    මාර ගැඹුරු අර්ථයක් තියෙන්නේ චිත්‍රෙ..

    ReplyDelete
    Replies
    1. හිත හොඳ ගෑනි හැමදාම බඩින්ලු...

      Delete
  28. මේක ඇත්තටම උනේ රාජය්යිටද? පොඩ්ඩිටත් පොඩි සැකයක් පහලවීගන එනවා. :D

    චිත්‍රේ නම් ප්‍රදර්ශනයකටත් සුදුසුයි.:)

    ReplyDelete
    Replies
    1. සැක නොකරන්න සොයුරිය..
      ඔව් මෙහෙම ඇඳලා ඇඳලා ප්‍රදර්ශනයක් තියෙනවා..

      Delete
  29. චිත්‍රය නම් පිකාසෝගේ එකක් වගේ . ඉන්ෂුවරන්ස් නම් ඉතින් ඕක නැත්නම් මේ රටවල වසල බොරු . මේකෙන් ගන්න තියෙන පාඩම ...කිසිවිටක අනුන්ගේ බිල් තමන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් නොකරන්න ..දුකයි අප්පා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ පාඩම නම් මතකයි..ඒත් කොයි තරම් පොඩි කාලෙකටද මන්දා ?

      Delete
  30. මාරයාගේ බයිසිමොටෝවේ ඇවිත් කොන්ද ඇනගත් අසරණ වෙනියා රාජයියා විසින් අන්ත අසරණ කරන ලදී.

    (ආයේ කොහොමෙයි කෙල්ලෝ දිහා බලන්නේ?)

    ReplyDelete
  31. ඕකට රාජයියෙක් සම්බන්ධ කොලේ මොකටෑ මට ඊයක් එව්ව නම් හරිනෙ. අන්න මාරය දීල නැති වෙන්නම්. මාත් බැලුවෙ ඒක නිසාමයි. හෙක්... හෙක්...

    ReplyDelete
    Replies
    1. අද දවසම වැඩ නිසා..දැන් තමයි ඉස්පාසුවක් ලැබුනෙ මේවා බලන්ඩ..ඊළඟ සැරේ නම් එන්නම් අනිවා වෙද මහත්තයා ළඟට..

      Delete
  32. හොඳ වැඩේ අනුන්ගෙ සීනි කිරන්ට යනවට....

    පොඩි කතාවක් කියන්නම්... 15 + .. මම ඉස්සරවෙලාම කලේ ඉන්ෂුවරන්ස් පැත්තෙ ජොබ් එකක්... ඕක පටන් ගන්න කලින් අපිට තියරි ක්ලාස් තියනව දවස් ගානක්... ඔය ලෙක්චර්ස් ඔක්කොම ඉවර වෙලා අන්තිම දවසෙ තිබුණ පොඩි අදහස් හුවමාරු වටයක්.. ඒ වෙනකොට කට්ටිය හෙන ෆිට්.... අපිට ලෙක්චර් දීපු පොර ඇහුව.. මොකද ඉන්ෂුවරන්ස් ගැන හිතන්නෙ කියල... මම දීපු උත්තරේට එතන හිටපු උන් මැරෙන්න ගියා හිනාවෙලා...මට ආරංචි වුණා පොර ඊට පස්සෙ ආපු බැට්ච් වලටත් ඔය කතාව කියනව කියල...

    මගෙ උත්තරේ මේකයි...
    " ඉන්ෂුවරන්ස් හරියට බලු *ට්ටුව වගෙ... දාන්න ලේසියි ගන්න අමාරුයි..!"

    - සපත්තු ඇනෝ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් පට්ටම පට්ට කතාවක් තමයි...

      Delete
  33. මේ ඇත්ත කතාවක්ද? ඕක ගැන ෂේප් එකේ දන්න කෙනෙක්ගෙන් ඇහුවනම් කලින් ඉවරයිනෙ...

    ReplyDelete
    Replies
    1. බිල් ටිකද ? කවුද දන්නෙ ඒ ඒවගේ බිල් ටිකක්ද කියලා ?

      Delete
  34. මේ ඇත්ත කතාවක්ද? ඕක ගැන ෂේප් එකේ දන්න කෙනෙක්ගෙන් ඇහුවනම් කලින් ඉවරයිනෙ...

    ReplyDelete