ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, May 26, 2012

නිරුවතද මේ ?


"මොනවද මේ නර්ස්  අලවන , හයි කරන කෑලි වලින් වෙන්නෙ?"


"ඔය වයර් සේරම සම්බන්ධවෙන්නෙ මේ Lie detector  කියන මැසින් එකට..ඔයා මොනවා හරි බොරුවක් කීවොත් ඒක මේ මෙශින් එකෙන් දෙන ප්‍රින්ට් අවුට් එකෙන් හොයා ගන්න පුළුවන්"






"මන් බොරු නොකීවොත්?"


"ඒකත් හොයා ගන්න පුළුවන්"


"ඒ කියන්නෙ මන් කියන දේවල් විශ්වාස නෑ.?"


"විශ්වාසද නැද්ද කියන එක මට ජජ් කරන්න බෑ ඒ නිසයි මේ වගේ යාන්ත්‍රික ක්‍රමයක් යොදා ගන්නෙ"


"ආ හරි මන් රෙඩි"


"මන් අහන ප්‍රශ්න වලට ඔව් නෑ වගේ කෙටි පිළිතුරු දෙන්න..ඔන්න මන් පටන් ගන්නවා.."


"ඔබේ නම !@@#$%^&& ?"
"ඔව්."


ඔබේ වයස 41යි ?
"ඔව්"


"ඔබේ ගම *******?"
"ඔව්"


"ඔබ දැන් පදිංචිය  ******?"
"ඔව්."


"ඔබ සත්තු මරලා තියෙනවද ? "
....කැරපොත්තො, කූඹි, කඩි, වේයො, මීයො, සර්පයො රාශියක් හිතට එයි
"ඔව්."


"ඔබ හොරකම් කරලා තියෙනවද ?"
"ඔව්."


"ඔබ කාමයෙ වරදවා හැසිරිලා තියෙනවද ?"
...සිතට නැගුනු සිතුවිලි සියල්ලම කොටු කොටු දමා වසා ගතිමි....
"ඔව්"


"ඔබ බොරු කියලා තියෙනවද ?"
"ඔව්"


"ඔබ සුරාපානය කරලා තියෙනවද ?"
"ඔව්."


"ටෙස්ට් එකේ පලවෙනි කොටස එක ඉවරයි. "



විනාඩි 15කින් පමන පසුව..


"ඩොක්ටර් මගෙ ටෙස්ට් එකේ රිසල්ට් කොහොමද ?"


"ඔබ 80% ඇත්ත කීවත් 20% බොරු කියලා තියෙන්නෙ..."


59 comments:

  1. 20% ක් බොරු.....

    ඒ කියන්නෙ මෙතන තියන සමහර ඒවා කරලා නෑ... (ඔබ කාමයෙ හැසිරිලා තියෙනවද ?) :D :D

    ReplyDelete
    Replies
    1. නම , ගම . ඉන්න තැන වැරදිද දන්නෙ නෑහ්...

      Delete
    2. මට හිතුනා.. මට හිතුනා..

      Delete
  2. මම බොරු අල්ලන රෝබෝගේ කතාව අහලා තියේ.., මුලින් කියවන්න යනකොට මම හිතුවේ ඒක කියලා :))

    ReplyDelete
    Replies
    1. නෑ ලිශන් මලයා මේ ආතම් විවරනයක්..හැබැයි රොබෝවෙක් කිව්වත් වැරදිත් නෑ..දවසෙ පැය ගනනාවක්ම රොබෝ තමයි...

      Delete
  3. අයි කුඩුන්ට් අන්ඩස්ටෑන්ට්!:P

    ReplyDelete
    Replies
    1. අයි ඩෝන්ට් නෝ හව් ටු සිම්ප්ලිෆයි මෝර්...

      Delete
    2. මට පේන්නෙ නම වැරදියි ව‍ගේ... @@#$%^&& ?" මෙහෙම නං තියෙනවැයි!:P

      Delete
    3. ආ ඔය අහු උනේ වැරදියට දීපු උත්තරයක්...තව තව..

      Delete
  4. ප්‍රෂ්න 9 යිනෙ තියෙන්නේ...

    එකක් බොරුනම් ප්‍රතිෂතය 11.11 වියයුතුයි...
    දෙකක් බොරුනම් ප්‍රතිෂතය 22.22 විය යුතුයි

    නිගමනය : යන්ත්‍රය දෝෂ සහිතයි !!!!

    ReplyDelete
    Replies
    1. ඩොක්ස් අතගාලා රවුන් කලාද දන්නෙ නෑ...

      Delete
  5. වැඩක් නැහැ..මැෂින් එක බොරු කියන එවුන් අල්ලගත්තට ප්‍රතිශත ගනන් වලට හරි දුර්වලයි වගේ.....

    ප.ලි.
    මාතෘකාව හරහා අපව නොමග යවා මෙතනට ගෙන්වා ගැනීමට දරන උත්සාහය හෙලාදකිමු.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...වචනෙ දැක්ක ගමන් ...එක්කො ඕනි නෑ..මන් වැරදී තමයි.. (රහසින්) ආයි වරෙන් බන් කමක් නෑ..හෙලා දැක්කටනම්..

      Delete
  6. 'කාමයෙහි වරදවා හැසිරීම' සහ 'සුරාපානය' වගේ වචන ඔය 'Lie Detectors' වලට තේරෙන්නේ නෑ.:D

    ReplyDelete
    Replies
    1. ඊඊඊහ් ඕවට අසභ්‍ය වචන පාවිච්චි කරන්නෙයි කියලද පොඩී කියන්නෙ ???

      Delete
  7. මම ට්‍රයි කොලේ කියපු බොරු මොනාද කියලා අල්ලගන්න... ම්හු මේක කොම්පීතර ජිල් මාට් එකක්.

    මම හිතන්නේ වයස වැරදි ඇති ආයේ ගම වැරදි ඇති... හික් හික්

    ReplyDelete
    Replies
    1. අනිවා ඒ දෙකම බොරු කියලා ඇත්තෙ...

      Delete
  8. මම හිතන හැටියටනං වයස වැරදියි වගේ...

    ReplyDelete
  9. වයස නම් හරි ඇති මල්ලි..පහු ගිය දවසක නේද සැමරුවෙ...

    ReplyDelete
  10. පිස්සුද අනේ, මොන Lie detector ද? අර පොලිෂ් මාමල වගේ දෙකක් ඇන්න නම් නිකන්ම ඇත්ත කියනව. :-)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒක නියමෙටම වැඩ කරන මැසිමක් තමයි...

      Delete
  11. වරදවා ගන්නේ නැතිව කාමයේ හරියාකාරවම හැසිරෙන්න ඇති..බොරු කියලා තියෙන්නේ එතන.. මීට වඩා විස්තර කරන්න බැහැ මට. වැඩිහිටියන්ට පොඩි එවුන් කියන එව්වා නෙවෙයිනේ ඒවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්..වරදවා නොගත්ත ඒවයින් එකක් නේන්නම් ඒකත්...

      Delete
  12. හෑ ඒ කුනුහබ්බේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. කෝ කෝ කුනුහබ්බ...?

      Delete
  13. කවුද දන්නෙ ඔය මැෂිමත් බොරැ කරනවද කියලා.

    එහෙම නැත්තං මේ වගේ රිසල්ට් එකක් එන්න විදිහක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කීවත් පිලිගන්නෙ නැත්නම් මොනා කරන්නද ?

      Delete
  14. අපරාදේ, මැෂිමට බයේ ඔක්කොම ඇත්ත වමාරලා.. (රහසින්) ඇත්තටම අය්යේ ඔහොම මැෂිමක් තියේද??

    ReplyDelete
    Replies
    1. අෆොයි තියෙනවා මල්ලි, මන් දැකලා තියෙන්නෙත් ෆිල්ම් වලින් තමයි..

      Delete
  15. ඔය මැශිම වැඩ කරන එකක් නෙමේද කොහෙද?
    නැත්නම් මෙච්චර කෙබර කෙලින වෙනියට 80% ලකුනු දේව්ද ?

    ReplyDelete
    Replies
    1. ඒකත් කෙබරයක්ද මන්දා ??? කල්පනා කරලා ඔළුව අවුල් වෙනවා අෆ්ෆා...

      Delete
  16. මෙහෙම වෙන්න බැරිද එකේ වයර් දෙක දෙපැත්ත මාරු කරලා ගහල තිබුනද කියල. 80% බොරු නේද කියන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. 20% ඇත්ත මොනාද එතන තියෙන ?

      Delete
  17. වයස නමි බොරුවත් කියලා තියෙන්නේ
    ලියන්නා සීයා පට්ට නාකියි නොවෑ

    ReplyDelete
    Replies
    1. 20% ඇත්ත මොනාද එතන තියෙන ?

      Delete
  18. ඇයි මට මේ ටික විතරක් තේරුනේ නැත්තේ.....

    ReplyDelete
    Replies
    1. තව කල් යන්න ඕනි මෝරන්න...

      Delete
  19. ඇත්ත කියන්න ගියාමත් ඔහොම වෙනවා , :D

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා...ඔහොමම තමයි වෙන්නෙ..

      Delete
  20. පන්සිල් පද පහ ආරක්ශා කලාද කියලා තියෙන ඒවට දුන්න උත්තර වෙන්න ඇති 80% අහු වෙන්නේ.. අනිත්වා තමයි 20% :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දිනේස්ට තේරිලා තියෙන්නෙ නියමෙටම..

      Delete
  21. මන් හිතන්නේ ඕක බොරු මැෂිමක්

    ReplyDelete
    Replies
    1. බොරු මැසිමකින් ඇත්ත දෙයක් දෙන්නෙ නැත්ද ?

      Delete
  22. සමහරවිට මැශිම බොරු කරනවා ඇති

    ReplyDelete
    Replies
    1. හික්ස්..අනේ මන්දා ??

      Delete
  23. නම,ගම කොටුවට දාලා වයස විතරක් පේන්න දාල තියෙන්නෙ අපිව රවට්ටන්න වෙන්නැති.....
    අහුවෙන් එපා කෙල්ලනෙ............

    ReplyDelete
    Replies
    1. හික්ස්..කෙල්ලො අහුවෙයි මේ වයසට නම්....

      Delete
  24. හ්ම්ම්ම්...... අපි හැමෝම වැරදි කරලා තියෙනවා. ඒත් සමහර වෙලාවට ඒ වැරදි අපි හිතන තරම්ම දරුණුත් නෑ!

    ReplyDelete
    Replies
    1. අෆොයි ඔව්..නැත්නම් මෙලහකටත් කූරු ගනිනවා...

      Delete
  25. ඒ කිව්වේ අප්පා. ??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒ කිව්වෙ මොකද්ද කියල නම්..

      Delete
  26. මොකක්ද කීව වැරද්ද ? මම හිතන්නේ බීලා නෑ හැමදාම වීදුරුව අතට අරන් මොනා හරි කියෝ කියෝ ඉඳලා සොට් එක අහක දාලා තියනවා ඒක තමා ඔය යන්තරෙට අහුවුණේ

    ReplyDelete
    Replies
    1. අහක දමන්නෙ නෑ..වටිනා කියන දේවල් අපිනම් අහක දමයි..

      Delete
  27. අම්මපා....මෙකත් නිකං බොරු සමග හෙලුවෙන් වගේ නොවැ...

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් ඒ නාට්‍යය බලන්න නම් බැරි උනා..

      Delete
  28. ඇත්තටම ඇත්ත කියනවා නම් මටත් තේරුනේ නෑ..!!

    ReplyDelete
    Replies
    1. ඔතන එච්චර තේරෙන්න දෙයක් කියලා නෑ අෆ්ෆා..

      Delete
  29. මට මතක් උනේ රජගෙදර තියන බොරු කියනකොට කනේ පාරක් දෙන මැසිම.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් මතක් උනා තමයි...

      Delete