ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, May 23, 2012

විකල්පය ?


"යන්තම් ඇති ඇඟට දැනෙන්න ආයිමත් වඩියක් බොන්න පුළුවන්"
"ඒ මොකෝ ?"


"ආන් විලියොන් අයියා හිරෙන් නිදහස් වෙලා ඇවිත්"


"අවුරුදු තුනකට නේද ගියේ? තාම අවුරුද්දක් උනෙත් නෑනෙ"


"ඔව් කල්කිරියාව හොඳයි කියලා එලියට දමලයි කියන්නෙ"


"එහෙනම් හෙට අනිද්දා පැත්තෙ යන් ඒ පැත්තෙ ආයි පෙරන්න පටන් ගනී"






මා සෙමින් සෙමින් දෙවැට දිගේ පිය මනින විට මා පසු කරගෙන ගිය ජේමිස් මාමාගේත් සුබේ මාමාගේත් කතාවෙන් මා සවන වැකුන කොටස මෙය විය..


මගේ මතක ජීවිත කාලයේ අවුරුදු විස්සක පමණම විලියොං මාමා කලේ කසිප්පු පෙරීමයි. අවුරුදු දෙක තුනකට සැරයක්ම පොලීසියට කොටු වී දඩ මුදල් ගෙවීමට නොහැකිව හිරේ ගොස් කල්ක්‍රියාව හොඳ නිසා නිදහස ලබන මාමා නැවතත් වසර කීපයකින් පසු හිරේට නියම වන්නේ එකම වරදටය. දරු තිදෙනෙක් සිටියත් ඔවුන් තිදෙනාම ගමෙන් පිටව ගොස් ඇත්තේද සිමියොන් මාමාගේ විමලෙ නැන්දා ඔහු හැර දමා ගොස් ඇත්තේද මෙය නිසාමය. ඔහුත් ඔහුගේ ගෝල බාලයනුත් එක්ව කසිප්පු පෙරීම කරගෙන යන අතර සිමියොන් මාමා නැති අතරතුරේ ඔහුගෙ ගෝලයන් මෙම ව්‍යාපාරයට පන පොවයි.ඔහුගේ කසිප්පු පෙරීම හැර වෙනත් කිසිම දුර්ගුණයක් ඔහු සතු නොවීය. එසේ කීමෙන් මා මොහුගේ සමාජ විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට පෙලඹෙන්නේද නැත. 


"සීල් බොන්න සල්ලි තියේ නම් ඔය ජරාව බොන්න යනවද පුතේ ?"


දවස තිස්සේම තේවතු, රබර් වතු වල සහ පතල් වල කය වෙහෙසා, වෙහෙස නිවා ගැනීමට කසිප්පු වඩියකට රොක් වෙන බොහෝ අයගේ තර්කය වන්නේ එයයි.  කෙසේ වෙතත් සිමියොන් මාමා පෙරන කසිප්පු ඉතා ප්‍රසිද්ධය..කුමක් හෝ හේතුවක් නිසා ඔහුගේ ගෝලයන් හට එම කීර්තිනාමය හම්බ කරගන්නට කිසිදා නොහැකි වීය. ජේමිස් මාමා හා සුබේ මාමා මෙන්ම අනිත් කසිප්පු පරිභෝගිකයන් සියල්ලගේම අදහස එක සමාන විය.ගමේ සිටින බිරින්දන් සහ මව්වරුන් තම ස්වාමීපුරුශයන් හා පුතුන් කසිප්පු බීමට ඇබ්බැහි කිරීම ගැන සිමියොන් මාමාට හෙන ඉල්ලූ වාර ගනන් නම් අනන්තය..


"මන් පෙරන්නෙ බොන්න එන උන් ඉන්න නිසා..උඹලයෙ මිනිහයි පුතයි හදා ගනින් උන්..එන්නෙ නැත්නම් මන් බලෙන් ඇවිත් කුදලා ගෙන යනවයැ?"


සෑමවිටම ඔහුගේ පිළිතුර වූයේ එයයි.


"ඈ සිමියොන් මාමේ උඹ හිරේ ඉන්න කොට මොනවැයි කලේ ? මොනාවත් අතේ පයේ රස්සාවක් පුරුදු පුහුණු උනේ නැත්ද ?"


මා පහුගිය දිනක ඔහුගෙන් ඇසූ විට,


"නැත්තෙ මොකෝ  මහත්තයො ඔය යන හැම සැරේම මොනව මොනවා හරි ඉගෙන ගන්නවා..වඩු වැඩ, මේසන් වැඩ, වගේ එව්වා.."


"ඉතින් මාමේ ඔය කසිප්පු පෙරන වැඩේ නවත්තලා ඒවගේ එකක් පටන් ගනින්කො"


"පිස්සුද බන් මන් වගේ හොඳට පෙරන්න පුළුවන් එකෙක් මේ අහල ගම් හතකවත් ඉන්නවද ? මන් හොඳටම දන්න බඩ රස්සාව මේක. අතේ පයේ වලංගු නැති කාලෙක පන රැක ගන්න තියෙන්නෙ මේකෙන් හම්බ කර ගන්න ටික තමයි. ඒක පුළුවන් කාලෙ කරනවා "


මට කට උත්තර නැති විය..


එක් පැත්තකින් විග්‍රහ කලහොත් සමාජ විරෝධී කසිප්පු කාරයෙකු වන ඔහුගේ මෙම ව්‍යාපාරය.. ඔහු වෙත පැමිනෙන දුප්පත් කුලී කාරයන්ගේ පැත්තෙන් බැලූ විට දිනය පුරාම වෙහෙසෙන ගත ඇදුම් කන වේදනාව නිවා සනහා ගැනීමට අඩු මුදලකින් ගතහැකි එකම විකල්පය ට උර දීමකි.. අවන්හල් වලට ගොස් බලයලත් මත් පැන් ගැනීමට කරන වියදම හා මෙම විකල්පය අතර වෙනස යෙදවෙන්නෙ ඔවුන්ගේ කුටුම්භ පරිභෝජනයටයි. මත්පැන් මෙන්ම කසිප්පු බොන්නන්ද ඇදෙන්නේ වලපල්ලට වූවත්..බීම සඳහා විකල්පයක් නැති සන්දර්භයක් තුල සියල්ලෝම අසරනයෝ වෙති.


"අපිත් ආසයි බන් උඹලා වගේ බණක් දහමක් අහ කියා ගෙන අදහා ගෙන ඉන්න..ඒත් දවසම නැහිලා නැහිලා ඇඟ පත රිදෙන කොට ඔය කොයි බණත් කැලේ..ආයි හෙට නැගිටලා ඔය සුමේ කරන්න යන්න මතක් වෙන කොට අමෘතයා තමයි කසියා වඩිය..බිව්වා කෑවා නිදියා ගත්තා.."


මගේ සම වයසේම වූ මිත්‍රයකුගේ වචන මතින් මට නැවතත් කට උත්තර නැති වීය..

49 comments:

  1. උඹ කසියා ගැහුවට කසියා මෙහෙම සධාරණීකරණය කරන්න පුරුදු වෙයි කියලා මම හිතුවේ නෑ...

    කසියානම් දන්කොටුව තමයි...

    ReplyDelete
    Replies
    1. හොඳම එක තියෙන තැන දන්නෙ අත්දැකීමෙන්ම වෙන්න ඕනි අභියා...

      Delete
  2. ගොඩාක් ප්‍රශ්න විසඳුම් දෙන්ට පුලුවන් ඒවා නම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අහලින් පහලින් යන විකල්පයක්වත් යෝජනා කලා නම් වටිනවා නොව පොකු..

      Delete
  3. චී චී වෙනියෝ මමනම් කොහෙත්ම හිතුවෙ නැහැ උබ මේ වගේ කියලා,කැමරාවත් අරන් ෆොටෝ ගන්න කිය කියා කැලෑ අස්සේ රිංගුවේ මේකටද?

    අභියාත් හොදම දේ ගැන දන්නවා වගේ?

    ReplyDelete
    Replies
    1. ඈහ්..අභියවයි මාවයි දෙන්නම මාට්ටු නේන්නම්..කමක් නෑ නිරුවතින් උනත් සපෝට් එකට ඉන්නවනේ එකෙක්...

      Delete
  4. වෙනී අයිය අපිට පොෂ් තැන්වල ගිහිල්ල කාපු බිත්තර ආප්ප වල ෆොටෝ දැම්මට හැන්දෑවට කරන්නෙ හොර පොට් වලට රිංගන වැඩේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකයි... ගෙදරයිනෙ මල්ලි...

      Delete
  5. කසිය නම් කැකණදුර කසියා!

    ReplyDelete
    Replies
    1. ආහා...දැන් කොයිකද හොඳම ? කැකුනදුර එරෙහිව දන්කොටුව...

      Delete
    2. රාජ් කසියා පෝස්ටුවලට පැනලා කමෙන්ට්.. ;)

      ජය සිරි කිව්වලු..

      Delete
    3. සෑම් මලයටත් වැඩේ මාට්ටු නේද ??? :-DD

      Delete
  6. මොන එක වුනත් ඕනෑවට වඩා ඕනෑ නැත.

    ReplyDelete
    Replies
    1. ආන් බලන්න..ඉංජිනේරුවො දන්නවා තමන්ගෙ සේවයකයන්ගෙ වෙහෙස මහන්සිය කොයිතරම්ද කියලා...එකඟයි..ඕනිවට වඩා නම් එපාම තමයි...

      Delete
  7. //මා මොහුගේ සමාජ විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට පෙලඹෙන්නේද නැත. // මෙහෙම කියුවට ඒකමනෙ මේ ලිපියෙන් කරලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..ලොකු ජෝන්..ඒකනෙ විකල්පයක් ඉල්ලන්නෙ...වතුර බොර කලේ නැත්නම් මාලු උඩට එන්නෙ නෑ..

      Delete
    2. ඒකත් එහෙමද ...

      Delete
  8. මේ දවස්වල හිරෙන් නිදහස්වන අය ගැන ප්‍රශස්ති ලියන්නේ දේශ ද්‍රෝහියෝය. එබැවින් මම මේ ලිපිය කියෙව්වේ නැත. මතට තිත තබා ඇති යුගයක කසිප්පු ප්‍රමෝට් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි.

    ReplyDelete
    Replies
    1. හ්හ්හ්හ්හ්...උපහාසය දන්නෙම නැති ගානට වැඩෙ දීලා DDT..

      Delete
  9. මම නම් කැමතියි ඕක නීතිගත කරලා ප්‍රමිතියකට ගේන්න පුළුවන්නම්!

    ReplyDelete
    Replies
    1. කමෝන් පූසා..ඔය තියෙන්නෙ..අපි දෙන්නවත් පෙරමුද ප්‍රමිතියකට ?

      Delete
  10. අපේ ගමෙත් සෑහෙන්න පාවිච්චි වෙනව ඕං.. දංකොටුවේ බඩු නැති උනහම අපේ ගමට තමයි එන්නේ .. ඒතරමට බිසිනොස් එක කරන කට්ටිය දන්නවා කොලිටි බඩු තියෙන්නෙ කියලා...

    හරි ප්‍රමිතියකට වැඩේ කරනවනම් ගල් වලට වඩා ගමේ බඩු හොඳයිලු... පලතුරු බෙහෙත් ජාති ටික හරියට දාල පළතුරු වඩියක් පෙරාගත්තනම් ආයේ විස්කි පරාදලු..අපේ ගමේ මගුලට කොට හළුවට තාමත් පළතුරු වඩියක් දානවා.. ටයි කෝට් මහත්තැන් කෙනෙක් ඉස්සෙල්ලම පාර බිව්වොතින් කියන්නේ සුපිරි භාණ්ඩයක්නේ ඕයි කියාල තමයි... ආයේ දෙකක් නෑ මගේ කණ් දෙකෙන් අනන්තවත් අහලා තියනව.


    ආ....... පළතුරු වඩිය නිකන් කසිප්පු වගේ බඩ වැල එළියට එන තරම ගඳකුත් නෑ ඕං ( මං හිතන්නේ මේක තමයි හොඳම විකල්පය )

    ReplyDelete
    Replies
    1. මාත් ඔය පලතුරු වලින් පෙරන එක නම් බීලා තියෙනවා දෙතුන් සැරයක්ම..ඒක හොන්දම විකල්ප වලින් එකක් තමයි..

      Delete
  11. හරි හරි.. කට්ටිය ලංකාවේ කසිප්පු ගැන කියනවා.. අපේ එවුන් පලතුරු වලින් එහෙ කසියා පෙරනවා. අපේ ලංකාවේ දේශීය නිෂ්පාදන කටාර් වල කොච්චර ප්‍රසිද්ධ ද කිව්වොත් අනිත් රටවල එවුන් හිට එන්නේ අපේ එවුන්ගේ පොට් වලට බඩු ගෙනියන්න.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කතාව නම් අහලා තියෙනවා..මගේ ඉන්න යාළුවො කීප සැරයක්ම කියලා තියෙනව ඔය කතාවම..ඕක මෙහෙ කරන්න බැරිද ක්සැන්ඩර් ? ආපු වෙලාවෙ පුහුණු කන්ඩායම් 2-3ක් හදලා යන්ඩකො..

      Delete
  12. ෂික් විතරක් මේ කසිප්පු පෙරන කස්ටියව කුදලගෙන් ගිහිල්ලා energy drink එකක් ලාබෙට පෙරන්න පුරුදු කලානම් මක්කැයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ආන් තවත් හොඳ විකල්පයක් ගැමියාගෙන්...

      Delete
  13. අර කිවුවත් වගේ මේ මොන හරුපයක්ද ? සිරි ලංකාවේ ඔක්කොම දේශපලයෝ අමද්යපයෝ.. මත තිත්තයි.. එහෙවු එකේ වටිනවද මන් අහන්නේ මෙහෙම කසියා වලට දැන්වීම් පල කොරන්ඩ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් සරත් අපි ඔයගැන කතා කරන්න සෙට් වෙමුද හවසක කසියා පොලකට...

      Delete
  14. අනේ මන්දා...අර නිසුපා අක්කා කියලා තියන දේට මාත් එකයි...මදපමනට වගේම,තම පමණ දැනගන්න ඕන කියලා තමා කියන්න තියෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු මාත් ඒකට එකඟයි..වෙන්නෙ දැනෙන ප්‍රමානය සැරින් සැරේ ඉහල ගිහින් ඔය මද පමන එන්න එන්නම වැඩි වෙන එකයි..

      Delete
  15. සිය රට දේ සිරි සැප දේ
    ගන්න අපේ දේ..

    ReplyDelete
    Replies
    1. නියම තීම් එක සිහින මල්ලි..

      Delete
  16. කසියා ෆ්ලෙවර් කරලා lion ලෝගෝ එකගහල කෑන් කරලා තිබ්බනම් නොබී ඉදියි ; ඕක packing එකෙයි ෆ්ලෙවර් එකෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
    නැත්තම් මෙන්න මෙහෙම විකුනන්න තිබුන
    'අපේකම හදුනන සැබෑ රසය '

    ReplyDelete
    Replies
    1. එල මකටින් පාරකුත් තියෙන්නෙ..බිස්නස් එක නම් නැගලා යයි වගෙයි..

      Delete
  17. මමනම් ලෝකල් ඒවවත් ෆොරින් ඒවවත් බොන්නේ නැති නිසා ඕක ගැන හරියටම කියන්න අමාරුයි.. ඒත් අර කියපු කතාව ඇත්ත.. මිනිස්සු බොන්න එන නිසානේ පෙරන්නේ..

    ReplyDelete
    Replies
    1. ඕන ඔහෙ බීලා බලන්න දිනේශ් මලයා දැන් ගෙදරිනුත් මංගල්‍යයක් හොයන එකේ ඊට ඉස්සෙල්ලා කරන එකක්..ඕන් අපි නොකීවයි කියන්න නම් එපා.. :-DD

      Delete
  18. කසිප්පු පෙරන අය ගෙවන්නේ බොහොම නිවට ජීවිත,අර කසිප්පු බොන අයගේ පවුලවල් ඉල්ලන හෙන එකක්වත් මේ වගේ අයට නොවදි තියෙයිද?

    ReplyDelete
  19. හුහ් හුහ්, පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්වම මම කල්පනා කලේ මුංගෙන් වැඩිදෙනෙක් ඉන්න ඕනෙ කූඩුවෙ නේද කියලා,
    යකුනෙ කසියා ගහන්න එපා. ගහපල්ල ජෙට් ෆ්යුවල්. විශේෂයෙන්ම ඔය තනිකඩ උං. කොච්චර පවර්ෆුල්ද කියනවානං ජෙට් ෆ්යුවල් ගහපු එකෙක් කසාද බැන්දා දවස් හයෙන්, ඕයි! රට යන්නත් පුලුවං ඕයි වීසා නැතුව.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හික්ස්..රංගයගෙ පෝස්ට් එක තාම මතකයි..මට නම් ජෙට් ෆූවල් එපා...වැරදිලාවත් පඩයක් ගියොත් කොහෙ නවතීද දන්නෙ නෑ.. :-D

      Delete
  20. අප්පට සිරි යකෝ...

    කසියා පෙරනවා අපේ පැත්තෙත්.

    ළඟදි අහු වුනා. මං හිතුවෙ අපේ පැත්තෙ විතරයි ලංකා දීපයේ කසියා තිබුනු එකම පොට් එක තිබුනෙ කියලා.

    බලාගෙන ගියාම හැමතැනම තියනවානෙ

    බලදාරීන්ගේ අවදානය මේ වෙත යොමු කරත්වා...

    අක්කො එපා.
    පවුනෙ Weni

    ReplyDelete
    Replies
    1. භූමිකම්පාවක් වගේ ඇවිත් අනුකම්පා කරපු එක ගැන නම් සතුටුයි...සෙට් වෙමු වඩියකට දවසක හවසක නේද ?

      Delete
  21. ෂික් වෙනි අයියා කසියා බිලා තමා එහෙනමි බල්ලන්ට ගල් ගැහුවේ

    කොහෙද අයියේ ඔය කසියා පොට් එක තියෙන්නේ 119 එකට කෝල් එකක් දාලා කියන්න එපැ

    ReplyDelete
  22. ඕන් ඕකනෙ ගම් පලාතෙ අයව ආස්සරේ කරන්න නාකයි කියන්නෙ.. ඕන් ගිහින් හොයනව එහෙම නෙවෙයි ජිංජි මලයා... :-DD

    ReplyDelete
  23. මෙරන මිනිස්සුන්ට ඒ කරන වැඩේ වැරදි කියල තේරුම යකම්ම පෙරනවා. එත ඒ දේවල් තේරුම යද්දී පවුල පිටින්ම විනාස වෙලා.ගොඩක්ම ගමේ ගොඩේ ඉන්න මිනිස්සුන්ගේ සාප කිරීම නිසා.

    කවුද වැරදි බොන කෙනාද පෙරන කෙනාද?

    ReplyDelete
    Replies
    1. කිකිලිද ? බිත්තරේද වගෙයි අසර් ...

      Delete
  24. හොර පොට් එකකින් ෂොට් එකක් දා ගත්තෙ නැත්නම් නින්ද නොයන එවුන් ‍රැලක්ම හිටියා අපේ ගමෙත්. උන්ගෙන් වැඩි දෙනෙක් බොක්ක දියවෙලා මේ වෙනකොට පොලවට පස් වෙලා. අලුත් පරම්පරාව කෂියා ගහන්නෙ නෑ. උන් ගන්නෙ වෙන වෙන ආතල්.

    ReplyDelete
  25. තව අයියා කෙනෙක් නිදහස් උනානේ ටික දවසකට කලින්.වෙනි මේ ලියුවේ ඒ ගැනද කියලත් හිතෙනවා. එයත් පෙරන්න ගනියිද දන්නේ නැ පුරුදු විදියට.

    ReplyDelete