ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, May 14, 2012

නිවනින් නිවෙනා තුරු...


20 comments:

  1. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  2. පැමිණ නෙක දනන් ගේ බ්ලොග් අඩවියට
    කෙටුවා පද දෙකක් හැමටම සෑම ----- විට
    මරුවා සමග ගිය දා ලොව හඬන ----- විට
    ඔබා මාමේ සිනැහෙන් මොක් පුරේ -- සිට

    ReplyDelete
  3. ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  4. හුඟක් අයගෙ ඔබා මාමා, ටික දෙනෙකුට ඔබා අයියා, කිහිප දෙනෙකුට නිකම්ම ඔබා වුන ඔබ සිංහල බ්ලොග් අවකාශයේ තරුණ, වැඩිහිටි සියළු දෙනාගෙම ආදරණීයයෙක්, සමීපතමයෙක් වුණේ ඉතාමත් කෙටි කාලයකින්. එතරම් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, ගෞරවය දිනාගත් කිසිවෙක් මේ සයිබර් අවකාශයතුළ කිසිදාක පහළ නොවූවා සේම කිසි දිනෙක පහළ නොවේවි. එයයි ඔබ තුළ තිබූ සුවිශේෂත්වය. ඔබවැනි සහෘදයෙක්, ලෙන්ගතු වැඩිහිටියෙක් මේ තරම් හදිසියෙන් එක් වරම නික්ම යාම අපි කොහොම ද දරාගන්නෙ, විශ්වාස කරන්නෙ. වෙනදාට නිදහසක් ලද සැනින් බ්ලොග් අවකාශයට එන්නෙ කොයිතරම් නම් සතුටකින් ද? ඒත් අද දරා ගන්න බැරි පාළුවකින් සිත වෙළිල ගිහින්. මේ හැමදෙයක්ම නැවත Undo කරන්න පුළුවන්නම්, ඒත් සැබෑ ජීවිතේට මොන Undo ද? ඔබ අපට නොකියම අපෙන් සමුඅරන්. ඒත් ඔබට සමුදීමට නොහැකිව අද අපි හැමෝම ලත වෙනව. නොකියාම නික්ම ගිය සහෘදයාණනි! ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  5. අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

    සසර ගමන කෙලවර නිවනම වේවා!

    ReplyDelete
  6. කිසිදා හැබැහින් මුණ නොගැසුණු අපටත් මේ වෙන්ව යාම දරා ගන්න අමාරුයි. ළඟින්ම ආශ්‍රය කරපු අයට ඒ දුක දරාගන්න කොහොමටත් අමාරුයි.

    ReplyDelete
  7. රූපය දිරයි නාමය නොදිරයි..
    "ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...

    ReplyDelete
  8. අපටත් හිමිනැති අපේ ජීවිතය

    ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  9. ඊයේ තිබුණු පොස්ට් 1 අද නෑ. අනේ මන්ද ඔබා මාමා බ්ලොග් ලියන අයට විතරක් අය්ති කෙනෙක් වෙන්න ඇති නේද ඇනෝලට ඉඩක් නැත්තේ? කමක් නෑ ඔය වගේ අය වැඩිපුර ඉන්න තරමට ඒ උතුම් මනුස්සයාගේ ගුණ වැඩියෙන් දැනේවි.

    ReplyDelete
    Replies
    1. අමනාප වෙන්න එපා ඇනෝ එහෙම දෙයක් නෙවෙයි..මන් පොඩ්ඩක් ඒ පෝස්ට් එක ඩ්‍රාෆ්ට් ලොට් එකට ආයිමත් දැම්මෙ..මම ඒ පෝස්ට් එක දවස් 2-3කින් අයින් කරන්න හිතාගෙනයි මුලින්ම හිටියෙ..ඒත් ඒකට කමෙන්ට් කරල තියෙන අයට අසාධාරනය්ක් වෙනවා එහෙම කලොත්..
      තව තව තැන් වල එක එක කතා යනවනේ අපි මේ ඔබා අයියගේ මරනෙ අල්ලන් බ්ලොග් ප්‍රසිද්ධ කර ගන්න හදනවා කියලා එහෙම කියන්නෙත් ප්‍රසිද්ධ බ්ලොග් කරුවො කිහිප දෙනෙක්මයි..
      මට නම් මගෙ ලියපු පෝඅස්ට් එක ගැනත් දුක නොහිතුනා නෙවෙයි ඒ කතාව දැක්කහම..හදවතින්ම ඇඬෙන එක දකින්නෙත් සමහරු වපර ඇහින්නෙ..

      Delete
    2. @ Weni,
      ඔයා රංගට දමපු කමෙන්ට් එකත් මම දැක්කා. ඒ ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. එක එක මිනිස්සුන්ගෙ දරාගැනීමේ හැකියාව වෙනස්. හැමෝම එක වගේ නෙවෙයි. හිතවතෙකුගේ සමුගැනීම සමහරු දුකක් උනත් ඉවසගෙන ඉන්නව. සමහරුන්ට බිම පෙරලිල ඇඬුවත් දුක තුනී කරගන්න බෑ.
      ලෝකෙට මෙතෙක් පහළ වුණු ශ්‍රේෂ්ඨතම උත්තමය වුණු ගෞතම බුදු හාමුදුරුවො පිරිනිවන් මංචකයෙ ඉන්නකොට, උන් වහන්සේගෙ සෙවනෙ වසර ගණනක් එකට හිටපු ආනන්ද හාමුදුරුවොත් හඬා වැලපුන. ඒ ආනන්ද හාමුදුරුවො එතකොටත් රහත් වෙල හිටියෙ නැති නිසා. ඒ වගේ උතුමෙකුගෙ බණ දම් අසමින් ලඟින් හිටිය, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවොන්ටත් ශෝකය දරා ගන්න බැරිවුණා නම් පෘතග්ජන අපි කව්ද? හිතවතෙකුගෙ වෙන්වීමකදි ඇති වෙන ශෝකය අපි කොහොමද දරා ගන්නෙ.
      ඒ නිසා එක එක අය කියන ඒවයින් වැඩක් නෑ. ඒ වෙලාවෙ ඇතිවුණ ශෝකය කවුරුවත් ආයාසයෙන් මවා ගත්ත එකක් නෙවිනේ. ඔයා විතරක් නෙවි. ඒ ලිපියට කමෙන්ට් කළ අයත් තමන්ට ඇතිවුණ අවංක හැඟීම තමයි සටහන් කරල යන්නෙ. ඒ නිසා ඒ ලිපිය නැවත පළකරන්න. අපටත් කවද හරි සිහිවටනයක් විදියට තියෙන්නෙ එහෙම දෙයක් විතරයි. අනාගතේ බ්ලොග් අවකාශෙට එන අයට දැකගන්න තියෙන්නෙ ඒව විතරයි. හැමෝම වගේ තමන්ගෙ ශෝකය ප්‍රකාශ කරල පෝස්ට් දමල තියනව. ඔයාගෙ මුල් පෝස්ට් එක අයින් කරගන්න කිසිම උවමනාවක් නෑ. ඒක නැවත පළකරන්න. මේ වගේ කණගාටුදායක අවස්ථාවකත් මතභේද හදාගන්නෙ මොකට ද? වෙනී බ්ලොග් එකට ප්‍රසිද්ධිය ගන්න ඒක පත්තරේ දැම්මෙ නෑනේ. අනෙක හිට්ස් ගන්න හිතාගෙන අමුතු මාතෘකාවක් දැම්මෙත් නෑනේ. කොහොමටත් බ්ලොග් එකට එන අය විතරනේ ඒකෙ තියෙන ලිපි දකින්නෙ. තවත් මනුස්සයෙක්ගෙ දියුණුව ඉවසගන්න බැරි මිනිස්සු බ්ලොග් අවකාශෙ විතරක් නෙවෙයි, කොහෙත් ඉන්නව. ඒ නිසා ඒව ගනන් ගන්න එපා. ඔබා මාම කවදාවත් කාගෙවත් කීමක් අහල හිත නරක් කරගෙන ලියල නෑනේ. ඔහු හැම විටම ඒව සැහැල්ලුවෙන් භාරගත්ත. අපිට එතුමගෙන් ගන්න පුළුවන් ලොකුම ආදර්ශය ඒක.

      Delete
    3. මේ සිද්ධියේ සම්පූර්ණ වැරැද්ද මගේ මිසක් රංග මල්ලිගෙ නෙවෙයි.. මොකද මන් කොයිතරම් ජීවිතෙ අනිත්‍යයි අරකයි මේකයි කීවට මේ වගේ සිද්ධියකදි දරා ගන්න බැරි වෙන තරමට හැඟීම්බරයි..ඒක මගේ තියෙන අඩුපාඩුවක් මට නිවැරදි කර ගන්න ගන්න ඕනි නැති..මන් ඒ මට කැමතී..නමුත් එහෙම හැඟීම් බර වෙච්ච වෙලාවට මන් ගන්නෙ හරිම ගොන් තීරන තමයි..මන් හිතන්නෙ රංග මලයා ඕක දන්න නිසා මුකුත් වැරදියට හිතන්නෙ නෑ..ආයි කල්පනා කරන කොට..මගේ වැරැද්ද තේරුනා..ආයි පෝස්ට් එක දැම්මා..වෙච්ච දේ උනා..ඒක ඔහොමම යන්න අරිමු..අභී කියලා ටිහ්යෙන විදියට අපි ලොකු පින්කමක් කරමු..එතකොට දුක අඩු වෙලා යයි හැමෝගෙම මට හිතෙන්නෙ..

      Delete
    4. ඒ කරන පින්කමකට ඔබී නැන්දා ඇතුළු පවුලේ අයට දැක බලා ගන්න ක්‍රමයක් සකස් කලොත් ඒ අයට ඒක ලොකු සතුටක් වේවි. වෙන දෙයක් ගැන ෆේස්බුක් එකේ පණිවුඩයක් දාන්නම්.

      Delete
  10. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  11. මමත් ඒ කතාව දැක්ක. ගණන් ගන්න එපා ඔය කතා තුට්ටුවකට. තමන් කරන දේ විතරක් හරි කියල හිතන ඒ වගේ මානසික ලෙඩ්ඩු හිත හදා ගනී. දන්නා හැමෝම ඇත්ත දන්නවනේ ඔබ හැමෝම හදවතින්ම දුක් වෙන බව. ඇත්තටම දුක හිතුන පොස්ට් 1 ඉවත් කල 1 ගැන. හිත රිදුන නම් අවංකවම සමාවෙන්න.

    ආදරණීය ඔබා මාමාට නිවන් සුව ලැබේවා.

    ඇනෝ

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ "කතාව"...??? මේ කලබල අස්සෙ තවත් ලොකු සිද්ධිය වෙලා වගේ...!!!

      Delete
  12. ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
  13. ඔබට නිවන් සුව :(

    ReplyDelete
  14. ඔබට සුභ ගමන් ඔබා මාමේ... නිවනෙන් නිවී සැනහෙන්න

    ReplyDelete