ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, May 13, 2012

ජීවිතේ එහෙම තමයි...ඒත් කොහොමද ,මෙහෙම දමලා යන්නෙ ???! සහෘදය ඔබට නිවන් සුව !


ජීවිතය අනියතයි..අපිට කොයි වෙලාවෙ යන්න වෙනවද කියලා දන්නෙ නෑ..ඔය පොදු ධර්මතාවය හැම වෙලාවෙම අදහැව්වත් උදේම මූනුපොතෙන් ආපු මේ ආරංචියට ඇහේ කඳුලක් නැගෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..


එහෙම කොහොමද මේ ආදරණීය මනුස්සයා අපිව දමලා යන්නෙ ? එහෙම අයිතියක් තියෙන්නෙ කොහෙද ? තව කී සැරයක් නම් හම්බ වෙන්නද හිටියෙ ? 


සයිබර් අවුරුදු උළෙලේ කොයි තරම් නම් සතුටින්ද අපි හිටියෙ ? මොන තරම් දේවල් කතා කලාද ? හිනා කමින්...ඒ සේරම.. ඒ සේරම..උඹ අපිව දමලා ගිහින්


අපේ ආදරණීය සනත් අයියා.. 


මන් කීවෙ උඹට 


"සනත් අයියා කීවහම දුර වැඩී බන්..ඔබා අයියා කීවහම හරිම සමීප හිතවත් බවක් දැනෙනවා"


ඔබා අයියට නිවන් සැප ලැබේවා..


මන් ගියේ මගේ කැමරා කාචයේ රැඳිලා උන් උඹ දිහාවට..
මේ ෆොටෝ එකින් එකට කමෙන්ට් කරන්න බෑ..අද මට..


මගේ දෑස් බොඳ වෙලා..උඹව පෙනෙන්නෙ බොඳ වෙච්ච සිතුවමක් විදියටමයි..


ඒ බොඳ වෙච්ච සිතුවම හැමදාම හදවතේ රැඳිලා තියේවි.. හැමදාම...


ප.ලි - 

දුක වැඩි කමට මන් මේ පෝස්ට් එක ආයි කරලා තිබ්බත්..
2012/05/14 - 21.25






























නිවනින් නිවෙනා තුරු ඔබ අප සමඟ මෙවන් සොයුරු, මිතුරු සබඳතාවයකින් බැඳේවා !

34 comments:

  1. පියෝහි විප්පයෝගෝ දුක්ඛෝ..........

    අද ඒ දුක අත්වින්දෙමි......

    ඔබා මාමෙ ඔබට නිවන් සුව.........!

    ReplyDelete
  2. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  3. ඔබා මාමේ... බ්ලොග් අවකාශයේ ඔබ සැමදා අමරණීයයි....

    ඔබට නිවන් සුව....!!!

    ReplyDelete
  4. හිතා ගන්නවත් බෑ...
    ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  5. ලොකු පොඩි, අලුත් පරණ, හැම සිංහල බ්ලොග් ලියන්නෙකුගෙම හිතවතා...කාගෙවත් හිත නොරිදෙව්ව... හැමෝම වචනෙකින් හරි සතුටු කරපු දයාබර බ්ලොග් සහෘදයා... ඔබා අයිය මාමා.... ඔබට නිවන් සුව... !!!

    ReplyDelete
  6. ජීවිතේටම හැබහින් නොදුටු ඔබා මාමේ.. ඒත් ඔඹේ වියෝව මගේ දෑස් කඳුලින් තෙත් කළා.. ඒ නුඹ තුල තිබුනු ලෙන්ගතුකම් නිසා වෙන්ඩ ඇති.

    නිවනින් නිවෙනා තුරු ඔබ අප සමඟ මෙවන් සොයුරු, මිතුරු සබඳතාවයකින් බැඳේවා !

    ReplyDelete
  7. මා මේ දැන් සනත් විජේවර්ධන ගේ දියණිය සමග කතා කළා.

    බ්ලොග් ලිවීම සහ ඒ මහින් ඇතිවූ සියළු මිතුරු සම්බන්ධකම් ගැන තම පියා ඉතාමත්ම සන්තෝශයෙන් හිටි බව ඇය මට කීවා.

    පරමායුෂ නොගෙවා මිය යාම ඥාති මිත්‍රාදීන්ට දුකක් වුනත් මෙලෙස රෝගී දුක් නොවිඳ, සිතේ සතුටින් ම මොලොව හැර යන්න ලැබීමත් එක්තරා වාසනාවක්.

    නුදුටු මිතුර, සනත්, ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. පුළුවනි නම් මල් ටිකක් යවන්න ඔහුගේ ලිපිනය අරන් දෙන්න පුලුවනිද?

      Delete
  8. blog awakashayedi piyeku wan oba mame obata niwan suwa atwewa!

    ReplyDelete
  9. නුදුටු මිතුර, ඔබට නිවන් සුව!!!

    LA

    ReplyDelete
  10. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  11. වෙච්ච දේ ගැන නං කියලා වැඩක් නෑ, උදේ නවම් කතා කරලා කිව්වාම තමා දැන ගත්තෙ, මොනා කරන්නද “පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ“, ඔබා මාමේ ඔබට නිවන් සුව .....

    ReplyDelete
  12. හැබැහින් දැකල කතා කරල නැති උනත් හිත හොඳ මිනිහෙක් වග සයිබරය හරහා තේරුම් අරං හිටියෙ. මෙච්චර ඉක්මනින් වෙන්වෙලා යයි කියල හිතාගන්න බෑ.
    මාරය කියල තියෙනව වගේ පැරදිච්ච මනුස්සයෙක් නෙමෙයි.

    ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව..!

    ReplyDelete
  13. ජීවිතය අනියත බව ඇත්ත...ඒත් මේ තරම්ම ඉක්මන් සමුගැනීමක්....!!!

    ඔබා අයියෙ ඔබට සුබ සැන්දෑවක්....!!!!!

    ReplyDelete
  14. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  15. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  16. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. ඔහුව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  17. මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ ඔබා මාමා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියල..

    ReplyDelete
  18. ඔබා අය්යාට නිවන් සුවය අත් වේවා.

    ReplyDelete
  19. මට නම් තාම මුකුත් කියාගන්ට බෑ. හිතාගන්නටත් බෑ. :(

    ReplyDelete
  20. සිංහල බ්ෙලාග් අවකාශයේ ෙසාදුරුම මිනිසා වූ ඔබා අයියට නිවන් සුව!

    ReplyDelete
  21. මේ නම් අදහා ගත නොහැකි පුවතකි. කඳුළු පිරි දෙනෙතින් පතමි ඔබට නිවන් සුව. තව බොහෝ දේ ඇතත් ලිවීමට සිත් නොදේ...

    henryblogwalker the Dude

    ReplyDelete
  22. මට මේක අදහ ගන්න බැරි උනා..හැමෝම දාල තියන බ්ලොග් පෝස්ට් එක එක දකිනකොට ඇත්ත තමා කියල හිතුනෙ....නිවන් සුව ලැබේවා ඔබා මාමට....

    ReplyDelete
  23. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  24. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  25. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  26. අයෙත් ඉතින් ඔබා මාමා මේ කොමෙන්ට් එක කියවන්නෙවත් රිප්ලයි කරන්නේවත් නෑ කියල හිතෙද්දි පපුව පිච්චෙනවා. කවදාවත් දැකල නැති උනත් දන්නා කියන කෙනෙක්ට වඩා ඩිජිටල් අකුරු වලින් අපිට සමීප ඔබා මාමා, ඊයෙත් මට ඊයක් දාපු ඔබා මාමා, අපෙන් වෙන්වුනා කියල කොහොම අදහන්නද? කඳුළු කඩාගෙන වැටෙනවා. බ්ලොග් වල තිබ්බත් මඩක් කියල හිතල රීඩරේ බලද්දී ගොඩක් අය මේ ගැන ලියල තිබ්බා. අයෙත් ලංගම කතාවක් කියකියා පඳුර වටේ තලන්න, ගෝල්ඩ් නගට් එකක් ගැන කියන්න.. කුරුණෑගල ඩිපෝවේ, අලව්ව ඩිපෝවේ කතා කියන්න ඔබා මාමා එන්නේ නෑ කියල හිතන්න මටනම් හිත දෙන්නේ නෑ. අද ඔබා මාමා කොහේ නමුත් හොඳ තැනක ඇති. ඉතින් සමුගන්න අවසරයි ඔබා මාමේ..

    ඔබට අමා මහා නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  27. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

    "ඔබා මාමේ" ඔබට නිවන් සුව!!

    ReplyDelete
  28. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ReplyDelete
  29. ඔබා මාමේ ඔබට සදා මොක් සුව ලැබේවා....!!!

    (මට හිතා ගන්න බෑ මොනවා ලියන්න ද කියලා.....මේ ලියන ටිකත් ලියන්නේ හිතේ බරින්(ඇත්තම කියනවා නම් අඬමින්..ඔහුව මම දෑසින් නුදුටුවත් )....මම ඔබා මාමාගේ බ්ලොග් Post එකක් නෑර බලලා තියෙන්නේ...ඇත්තම කියනවා නම් ඔහු කතන්දර නැවක්...ඔහු අපේ ලේ පිරිසිදු කරපු වාර ගනන අනන්තයි )....මට දුක එතුමාගේ බ්ලොග් එකේ මම comment නොකිරීම ගැන....
    දැන් ඉතින් ලන්ගම කතා නෑ....18+ කතාත් නෑ....හිතින් ලන්වූ ඒ සොදුරු මිනිසාත් නෑ...

    ඉතින් ඔබා මාමේ ඔබට සදා මොක් සුව ලැබේවා කියා නැවතත් පතමි......

    ~මීට ඔබ්සවර් රසිකයෙක්

    මම මේ බ්ලොග් එකක comment කරන පලවෙනි වතාව අයියේ.....වැරදි ඇත්නම් නිවැරදි කරන්න ලියන්නා අයියේ....නමුත් මෙය කරුනාකර පල කරන්න....මොකද මම ඔබ්සවර් මාමාගේ ඉතාමත් තද රසිකයෙක්..

    ReplyDelete
  30. මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
  31. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  32. ඔබ හැමෝම එකතු වෙලා කිසියම් පින්කමක් කරනවා නම් එය බ්ලොග් නොලියන කියවමින් රස විදින අපි වගේ අයටත් එකතු විය හැකි ආකාරයට සංවිදානය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔහුට නිවන් සුව නොපතමි මම කියවීමට කැමති නිසා අප අතර ඉපදේවායි පතමි.

    මෙය පල නොකලත් කරුණාකර පලවෙනි ඉල්ලීම ඔහු වෙනුවෙන් ඉටු කරන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  33. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete