ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, February 10, 2012

ක්ෂිතිජයේ ඉම සොයා රේඛා සහ සඳලී...

"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
----------------------------------------------------------------------------




නිරන්තරයෙන්ම හඬ නැගෙන හෝ හෝ හඬ ජීවිතයේ ජය හමුවේ නැගෙන විජයග්‍රහණයේ සංගීතය මෙන්ම, අනන්ත දුක්ඛ දෝමනස්සයන් හමුවේ හඬන හංස විලාපය වැනිය. සමුදුරේ හඬ දෙසවන් වැකෙන්නේ කොයි මොහොතේද එතැන මගේ දිවියේ සියලු භාවයන් ක්ෂණයකින් වැසීමට නොහැකිවූ පැන්ඩෝරාගේ පෙට්ටියේ වූ සියල්ල මෙන් මගෙන් නික්මී මා සමීප අවකාශයේ සැරි සරන්නේ නැවතත් , නැවත නැවතත් මා කිසිම වගකීමක් නැති සරල සැහැල්ලු කුඩා දරුවකු බවට පත් කරමිනි. මෙම විශ්මිතය තුළ කාලයේ බාධකයන් නොතකමින් මගේ සරල සුගම ධ්‍යානයන්ට සම වැදීම මගේ කිසිදා නොසන්සිඳුණු පිපාසයක්ම විය.


"කෝ මයෙ පුතා ඔය පොත් පාඩම් කරනවද නැත්නම් මුහුද කරේ බලන් හූල්ලනවද?"


කුස නොදැරුවත්, ලේ කිරි කර නොපෙව්වත්, වචනයේ පරිසමාප්ත අරුතින්ම අම්මා වූ මේ ආදරබර ගැහැනියගේ උණුසුම් අත මා හිස මත පතිත වන තෙක් මා මුනිවත රකින්නේ..මා කුමක් හෝ ඊට පෙර දෙඩුවොත් ඈ ගේ මේ උණුසුම ආදරය අහිමි වෙතැයි සැලෙන බියෙනි. 


"මයෙ පුතා ඒ අම්මයි තාත්තයි ගැනද හිතන්නෙ? මායි තාත්තයි කතා කරගත්තා ඒගොල්ලන්ව හොයන්න..ඉන්නකො තාත්තා මේ සැරේ මූදුකරේ ගිහින් ආවහම අපි හොයල බලමු මය පුතේ"


"අම්මට නම් පිස්සු..ඕවා දමන්න එපා තාත්තයෙ ඔළුවට එහෙම"


මා ආරුඪ කර ගත් නොරිස්සුමකින් පවසමි.
මාළු ඇල්ලීම සඳහා මාස ගණන් මූදුකරයට ගොස් ආපසු පැමිණෙන පියාගේ සෙනෙහසින් දිදුලන දෑස මාගේ මනැසේ ඇඳෙන්නේ ක්ෂණයකිනි.
මා ජාතක නොකළත් එතරම් පිය සෙනෙහසක් මා සම වයසේ සිටින කිසිවකු නොලබන බව මා දන්නේ අත්දැකීමෙනි.


"මන් මාව දමලා ගිය අය ගැන හිතන්නෙ නෑ මයෙ අම්මෙ.. මන් මේ පාඩමේ තියෙන කරුණු ටිකක් පත්තරවල තිබ්බ දේවල් ටිකක් එක්ක ගළපලා ඒ ගැන හිත හිතා උන්නෙ.."


"මට ඕවා දැනෙන්න මන් ඉස්කෝලෙ ගිය එකක්යැ? ඉන්න මන් පුතාට තේ එකක් හදන් එන්නම්"


මහ විශාල මාලිගාවක් නොවූවද සුව පහසුව , සෙනෙහස පිරුණු කැදැල්ලක් අපට තිබුණි. පියා මූදු රස්සාවද, පියාගෙ දැඩි අකමැත්ත නොතකා මව අසල සංචාරක හෝටලයක පිරිසිදුකරන්නියක් විලස සරි කර ගත් සියල්ලම වියදම් කළේ මගේ අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහායි.
කුඩා කල සිටම සමුදුර දිවියේ කොටසක් වූයේ සමුදුරු දිය මා හට මගේ හොඳම කල්‍යාණ මිතුරු තෙම වූයේ..මා පිහිනීමේ, රළ මත ලිස්සා යාමේ සහ කිමිදීමේ ශූරයකු කරමිනි. මෙහි ප්‍රතිඵලය වූයේ මා දෙමාපියන්ගේ සාඩම්බරය ඉහළ නංවමින් පාසල් කාලය තුළදීම ජාතික පිහිනුම් සූරතා කීපයක්ම දිනා ගැනීමත්, මා තව තවත් මහ මුහුදට ආදරය කිරීමත්ය. එකිනෙක පරයා නැගෙන රළ ගෙඩි අතික්‍රමණය කර පිහිනීම සහ ජයග්‍රහණය කරා යාම මගේ එකම අදිටන වූයේ මෙන්ම එසේ නොවන කල මා මහත් කැළඹීමකට පත්වීම නිරාකරණය කර ගැනීමට කෙසේවත් නොහැකිවිය.


"ඇයි පුතේ දිනුවහම වගේම පැරදුනහමත් හිත හදා ගන්න මයෙ පුතා පුරුදු වෙන්න ඕනි "


විටෙක බෝට්ටුව පුරවා මාළු රැගෙන එන විටෙක එම උපේක්ෂා සිතින්ම හිස් අතින් ගෙදර එන පියාගේ ජාන මට නොතිබිණි. ඔහු මා ජාතක කළා නම් කෙතරම් මැනව දැයි සිතුණ වාර අනන්තය. 


සරසවි සිහිනය ලකුණු දෙක තුනකින් බිඳ වැටෙද්දී බිඳ වැටුණු මාගේ හිස අත ගාමින් පියා දෙඩූ වදන් දින කිහිපයකින් මා නැවතත් සතුටට පත් වූයේ මා ජයගත් ජාතික ක්‍රීඩා නිසා විශේෂ සරසවි පිවිසුමකට් මා ලක් වීම නිසාය. මාගේ ප්‍රියතම පරිසරය අත හැර නගරයට ආගමනය එසේ සිදු වුවත් ඉඩකඩ ලද හැකි හැම විටකම මා දිවගියේ මගේ ජන්ම භූමිය වෙතටයි.
සයුර නිසාම දිවිය දිනූ මා පසුව ජාතික තලයක ක්‍රීඩා උපදේශකයකු වීමේ භාග්‍යය ලද්දේ අග නගරයේ ස්ථීර පදිංචිය මා හට අනිවාර්‍යය විය. කෙතරම් වද කළත් මව හෝ පියා කිසි දිනයක නගරයේ ස්ථීර පදිංචියට නොආවේ නමුත් මා හැකි හැම විටම ඔවුන් හා රැඳෙන්නට පසුබට නොවීමි. රේඛාගේ ආගමනය මගේ ජීවිතයට නව අරුතක් ගෙන ආවේ දිවිය තව තවත් යහපත් අතට පත් කරවිමිනි. 


"මොනවද ඔට්ටු පුතෙක්..හරියටම ඔයා වගේ පුතෙක් තමයි මට ඕනි"


රේඛා අපහසුවෙන් වූවද මහත් උද්දාමයෙන් පවසන්නී,


"මට නම් දුවෙක් නම් වැඩිය හොඳයි..එතකොට පස්සෙ අක්කා මල්ලියෙක්ව බලා ගනීනේ හොඳට"


"මල්ලියෙක්..හිතලා තියෙන දුර.." 


ඈ සිනා සලයි.


"පුතෙක් හරි දුවෙක් හරි..බලමු බලමු.."


අවසානයේ මගේ අනාවැකිය නිවැරදි කරමින් අපගේ දිවියට සඳලී දියණිය පැමිණියේ පරිපූර්ණ දිවිය යන්න කුමක්ද යන්න අප හට පසක් කරවමිනි. මිනිපිරිය සමඟ කාලය ගත කරන්නට මා මව හා පියා වැඩිපුර කාලයක් ගත කළත් සමුදුර හා බැඳුණු ගෘහය කිසි දින අමතක කළේ නැත. ඉසුඹු ලද අඩියේ අප තිදෙනද වහා දිව යන්නේ..අපගේ ක්ෂේම භූමියක් වන් සයුරු අබියස අපගේ මාලිගයටයි. මුලින් අකමැත්ත දැක්වූවද පසුව රේඛාද මුහුදට ආලය කරන්නට වූයේ..පිහිනීමටද යම් දස්කමක් දැක්වූවාය.සඳලීට අවුරුදු තුන පිරෙද්දී අප තවත් දරුවකු ලබා ගැනීමේ උත්සාහය නිරර්තවූයේ අපගේ දිවිය යම් කිසි කම්පනයකට පත් කරවමිනි. ගැබ පීහිටා තුන් මස යද්දී ඇගේ ශරීරය එය ප්‍රතික්ෂේප කළේ..ඈ මහා විශාල ජීවිත අනතුරකට පත් කරමිනි.


"මිස්ටර් ලියන්නා අපිට රේඛාගේ වූම්බ් එක අයින් කරන් වෙනවා..වෙන ඔප්ෂන් එකක් නෑ. සතුටු වෙන්න දුව ඉන්න එක ගැන..ඕනිම නම් පුතෙක්ව ඇඩොප්ට් කරගන්නත් පුළුවන් පහු කාලෙදි"


මෙන්න මේ ආකාරයට අප දෙදෙනාගේම පුත් සිහිනය බිඳ යද්දී..


"පුතේ අපි ළමයි වැදුවෙ නෑ..ඒත් හැදුවා පුතාව.. වෙන අම්මලා පුතාලා දෙගොල්ලො ගැනම පසුතැවිලි වෙන කාලෙක බලන්න අපේ දිහා..අපි මේ ඉන්නෙ සතුටින්ම..ඕක එච්චර දුර හිතන්න ඕනි නෑ..හිත හදා ගෙන කාලෙක අපි පුතු පැටියෙක්ව අර හදා ගමු"


මගේ දෙමව්පියන්ගේ සහ රේඛාගේ අදහස මෙය වූවත් මාගේ නියම ජාතක පියා හා වැදූ මව මෙන් කිසිදා පුතකු තම නියම දෙමාපිය තුරුළින් ඉවත් නොවිය යුතුයි යන මතයේ දැඩිව සිටි මා කාලයත් සමඟම සඳලී අපගේ මහාර්ඝ වස්තුව බවට පත් වූවාය.


මේ හේතුව නිසාමදෝ සඳලීගේ කුඩා අසනීපයකදී පවා අප දෙදෙනාම ඉතා සැලකිලිමත් වීමු. ඇයද මා මෙන්ම මහත් ලෙස සයුරට ඇලුම් කළාය. රන්වන් පැහැ වෙරළේ කුඩා රැළි නැගෙන වාර වල ඈ සිනා නගමින් සිටින්නේ..මා මෙන්ම ඈද දෙපා කිතිකවමින් යටි පතුල් යටින් සිහින්ව ඇදී යන දිය රැළ සහ වැලි කැට වල සියුම් පහස විඳ ගනිමිනි. කුඩා කල සිටම මා දවසක් වූවද මෙලෙස වෙරළේ සිට ගෙන සිටීම ප්‍රිය කළේය. ගන හිරුරැස් වල දැඩි බව මැකීමට නිරන්තර ව නගන සුළං රැල් සහ එම සුළං රැල් සමඟ තොලේ දැවටෙන සිහින් ලුණු රසය කිසිදා එපා නොවන කුඩා සංසිද්ධීන් සමූහයකි.


"ඔයාගෙම පොඩ්ඩීනෙ ඉතින් කොහොමද බීච් එකෙන් එහෙ මෙහෙ කරන්නෙ"


රේඛා නිතරම මවාගත් නොරිස්සුමක් මා වෙත පල කළාය. 
අපගේ නගරයේ නිවසේ සිටි මෙහෙකාරිය නිවාඩු ගිය සතියක මා හට හදිසි කැඳවීමක් ලද්දේ මාගේ සහායක උපදේශකවරයාගේ හදිසි අසනීප තත්වය නිසාමය. පුහුණු වාරයන් සියල්ලම යොදා තිබුණේ නගරයෙන් පිට ස්ථාන වල නිසා මා රේකාට යෝජනා කළේ ඈ සඳලී සමඟ මා දෙමාපියන් වෙත යායුතු බවයි. මන්ද යත් රේකාගේ මහ ගෙදර සිටීමට වඩා ඈ ප්‍රිය කළේ මෙම සයුරු පරිසරයට වීමයි.


"රේඛා ඩාලිං මන් ට්‍රේනිං එක ඉවර කරපු ගමන්ම එන්නම් එහෙ..අපි වීක් එන්ඩ් එකත් එහෙ ඉඳලම ආයි එමු"


අහේතුක මද නොරිස්සුමක් මධ්‍යයේ වූවද ඇය මගේ අදහසට එකඟ වූයේ..අපගේ දෛවයේ කුරිරු සරදමට එරෙහි වන්නට ඈට සිත් පහළ නොවුයේ මන්ද යන මගේ පිළිතුරු නොමැති ප්‍රශ්නය අදටත් ඉතුරු කරමිනි.
පුහුණුවාර කීපයක් අවසන මා හට හදිසි ඇමතුමක් ලද්දේ..මා වහාම මගේ දෙමාපිය නිවස වෙත යායුතු බවට ආ පණිවිඩය නිසාය. සඳලී අසනීපව ඇත. පියා කිසිවිටක දුරකථනය රේකාට නොදුන්නේ මාගේ සිත මදක් කෝපයෙන් මුළුගන්වමිනි.


"පුතා එන්නකෝ ගෙදර හනික..ඇවිත් අපි කතා කරමු"


"තාත්තා මන් එනකම් ඉන්නෙ නැතුව සඳලීව එක්කන් යන්න චැනල් සර්විස් එකට. මන් කෙළින්ම එතනට එන්නම්.. මන් ගෙදර එනවට වඩා එතනට එන එක ලේසිනෙ.. ෆෝන් එක දෙන්න  රේඛා ට"


"පුතා ගෙදර එන්නකො"


මා කෝපයෙන් මුත් කිසිත් නොකියා දුරකථනය විසන්ධි කළෙමි. 
මා කෝපයෙන් යුතුවම වාහනය ගෙදර මිදුලේ නැවතූයේ..නිවස අවට සිටි පිරිස දැක තරමක් මවිත වූයේ..


"කෝ රේඛා..අම්මේ..?"


මව හඬමින් උන්නාය. 


"මොකද මේ කෝ රේඛා ? කෝ සඳලී ?" 


මා කෝපයෙන් හා වික්ෂිප්තයෙන් ගැහෙයි.


"පුතා දෙන්නවම දියඹට ගහ ගෙන ගිහින් තවම හොයනවා"


ඒ පියාගේ කටහඬද ? 
කිසිවකු මා නවත්වන්නට හදනවාත් ඔහු පසකට විසිවන්වාත් සමඟම මා ඊළඟ මොහොතේ සිටියේ දිය රැළි අතර පිහිනමිනි. .. මා වටා කරකැවෙන බෝට්ටු රැළ වදෙන් පොරෙන් මෙන් මා එක් බෝට්ටුවක නංවා ගත්තේය.එහි වූ අයකුගේ කිමිදුම් කට්ටලය ඇඳ ගත් මා සිහිය විකල් වූවකු මෙන් එහි වූ ඔක්සිජන් ටැංකිය අවසන් වන තුරුම මුහුද පතුල පීරා බැලුවේ රේඛා හෝ සඳලීගේ ජායාවක් වත් නොදිටිමි..මෙය කෙලෙස විණිද යන්න ගැන කිසිවකු විටින් විට කියවයි. ඒ මගේ මවද,පියාද මට මතක නැත. 


රේඛා මාව දමලා ගිහින්..


රේඛා ඇයි මාව මෙහෙම දමලා ගියේ.. මට පිස්සු හැදෙයි..


ඇයි රේඛා සඳලිවත් එක්කරගෙන ගිහින්..


කෝ රේඛා...


කෝ සඳලී ?


දිවිය පුරාවටම සයුරු දිය රළට මා පරාද කල නොහැකි විය.. හුස්ම ගැනීමට නොහැකි වනතුරුම දිය රැළි අතර සෙවුවද ඔවුන් ???


මෙය සිහිනයක්ම විය යුතුයි. බියකරු සිහින මා දැක නොමැත. නමුත් මෙය මා දිවියේ දකින මුල්ම බියකරු සිහිනයයි. මා මෙම නින්දෙන් අවදි වන්නේ කුමන වෙලාවෙද යන්න සිතමින් මා බලා සිටියෙමි. නමුත් බියකරු ගොර බිරම් සිහිනය මට තවමත් පෙනෙයි. වියරුවෙන් මෙන් බදා ගත් රේකාගේත් , සඳලීගේත් සිරුරු දෙක ගොඩ ගසා ඇත..චාම් මල ගෙයක් මා දෑස අබියස මැවෙයි..සිහිනය තවම මා අවදි කරන්නේ නැත..කවුරුන් හෝ මා තදින් සොලවා අවදි කල යුතුයි.. ඒ කවුද රේඛා ම විය යුතුයි.


මා සෙමෙන් දෑස හැර බැලුවෙමි..අත පය බැඳ දමා ඇති සේය. මා තවමත් දකින්නේ සිහිනයද නැත්නම් මා සැබවින්ම ඇහැරී ඇත්ද? මුළු ශරීරයම වේදනාවෙන් ඇදුම් දෙයි. සිහියත් අසිහියත් අතර කිසිවකු මා හට වේවැලකින් දැඩිව පහර දුන් බවක් හැඟේ. ඒ මා මේ සිහිනයෙන් මුදවා ගැනීමට විය යුතුයි. වේදනාවෙන් තැවෙන තැන් අත ගා ගැනීමට දෙ අත ඔසවා ගත නොහැක. හිස මදක් හරවා බැලීමි. මා අසලම අත පොව්වන මානයේ සඳලී නිදා ගෙන සිටිනු පෙනේ. ඇගේ ලා රෝස පැහැ කම්මුල් රන්වන් පැහැ කෙහෙරැළි වලින් වැසී ඇත. මදකින් ඈ අවදි වනු ඇත. රේඛා ඇයගේ යෙහෙළියක් සමඟම මා නිදා සිටි ඇඳ අසලම කතා කරමින් සිටිනු පෙනේ. 


"රේඛා කෝ දෙන්න සඳලීව මගෙ උකුලට, දැන් ඇහැරිච්ච ගමන්ම ඔන්න බලන්න තාත්තාව හොයලා අඬනවා..අනේ බලන්න චූටි කටේ ඇඳිච්ච හිනාව ? ලස්සන හීනයක් දකිනවාද කොහෙද..."
-------------------------------------------------------------------------------
"ආ මිසී කමලා මේ ලියන්නා ඇහැරලා දැන්..බෙහෙත් ටික දෙමුද ? "


"පොඩ්ඩක් ඉන්න චාට් එක බලන්න ඊයෙ රෑ ඉන්ජෙක්ෂන් එක දුන්නෙ එකොළහ හමාරට නේද? දැන්ම එපා. තව පැයකින් දෙමු.පහු ගිය දවස් ටිකේම සද්ද බද්දයක් නැතුව හිටි මිනිහට ඊයෙ මොකද වුණේ රම්‍යා ?"


"ලොකු මිසී මන් කේලම් කියනවා හෙම නෙවෙයි. ලියන්නා කොහොමත් ඔය බෝනික්කා ළඟ තියෙන කම් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා. ඊයේ අර සිරිපාල මරුමුස් ඇටෙන්ඩන් කාරයා බෝනික්කව බලෙන්ම අරන් වහල උඩට වීසි කළා. හොඳ පාරක් වැදුණා සිරිපාල කාරයාට..ඊට පස්සෙ තමයි ඔය කලබල සේරම"


"ලොකු යුද්ධයක් කළාලු නේද කන්ට්‍රෝල් කර ගන්න?"


"ඔව් ඔව් ඔය අත් කකුල් වලට බෙල්ට් දැම්මෙත් බොහොම අමාරුවෙන් ඩියුටි හිටි සේරම අල්ලලා..පවු ලොකු මිසී අර මරුමුසා අන්තිමේ වේවැලෙන් ගැහුවා හොඳටම, මන් බලා ඉන්න බැරි තැන යන්න ගියා. ඩොක්ටර් ඇවිත් තමයි ඉන්ජෙක්ෂන් එක දුන්නෙ.. එතකොට නින්ද ගියා..මම සේනට කියලා වහලෙන් අරගෙන බෝනික්කව ඔන්න ළඟින් තිබ්බා. ඇයි මිසී ලියන්නට මොකද වෙලා තියෙන්නෙ ? කවුද රේඛා කියන්නෙ ? මට කතා කරන්නෙ රේඛා කියලයි. කවුද මිසී සඳලි කියන්නෙ?"


"වයිෆුයි, දුවයිනෙ දෙන්නම මුහුදෙ ගිලිලා මළා.ඒ නිසයි ලියන්නට පිස්සු හැදුණෙ, දන්නවද රම්‍යා ලියන්නා කියන්නෙ නම්බර් වන් ස්විමින්ග් කෝච් කෙනෙක්.  එහෙම වෙලත්  එයාට එයාගෙ නෝනවයි, දුවවයි බේරා ගන්න බැරි උණා. ඔළුව අවුල් වෙන එක අහන්න දෙයක්යැ? ඔයාට රේඛා කියනව නම් පරිස්සම් වෙන්න රම්‍යා මතකනෙ සුසිලාට වෙච්ච දේ අර සුනිල් කියන එකා මුළු ඇඟම හපාකාලා තිබුණා."


"අනේ නෑ ලොකු මිසී මගේ අතින් අල්ලන් රේඛා රේඛා කියලා එක එක දේවල් කියවනවා..සඳලී ගැන. ලියන්නව සනීප කරන්න බැරිලුද මිසී ?"


"බෑයි කියලයි කියන්නෙ.මොළේ කෙමිකල් ඉන්බැලන්ස් එක ස්ට්‍රෝන්ග්ලු. බැලන්ස් කරන්න ස්ට්‍රෝන්ග් මෙඩිසින් දුන්නොත් සයිඩ් ඉෆෙක්ට්ස් වැඩීලු.ඒත් දිග කාලයක් බෙහෙත් දුන්නොත් හරි යන්නත් පුළුවන්ලු. රම්‍යා එහෙනම් පැයකින් බෙහෙත් ටික දෙන්න. මන් කිව්වා කියලා කියන්න සිරිපාලට ඔය බෝනික්කව ලියන්නගෙන් උදුර ගන්න එපා කියලා..ඔය පිස්සට බෙහෙත් දෙන්න ඕනි ඉස්සෙල්ලම"
--------------------------------------------------------------------------


" රේඛා අනේ සඳලිව මගේ උකුලෙන් තියන්න රේඛා.. රේඛා ඔයයි , සඳලිවයි නැතුව මට පිස්සු හැදෙයි රේඛා .."

96 comments:

  1. පිස්සු හැදිල ආයෙත් හැදෙනව ඕයි . . . .
    ගහමු ඕයි පොතක් . . . .
    මරු ඕයි . . . .

    ReplyDelete
    Replies
    1. ලොවෙත් පොතක් ගහමු වෙනී අයියේ.

      Delete
    2. අනේ මන්දා ඕනයා..බ්ලොග් වලම ලියමු කියලයි මගේ හිත කියන්නෙ නම්..

      Delete
    3. ගැමියා, කසුන් ස්තූතියි..පොතක් ගහපු දවසට ඔය දෙන්නටම පොත් දෙකක් දෙනවා..අගය කරලා ද්න සහයෝගයට...

      Delete
  2. හදවත හිර කරන තරම් දුක හිතෙන සංවේදි කතාවක් කතාව මැදදි අතරමං වුනා වගේ දැනුනා ඒත් කියවලා ඉවර වෙද්දි සේරම වැටහෙන්න ගත්තා ලිවීමේ ශෛලිය නම් අපූරුයි... හැමදාමත් වගේ හිතේ ඉතුරු වෙන්නේ එක ප්‍රශ්නයක් කොහොමද මේ තරම් අපූරුවට ලියන්නේ මේ අත්දැකීම්ද මවාගත් සිද්ධිද ඇසූ සිද්ධිද....???

    කතාව උපරිමයි

    ReplyDelete
    Replies
    1. සතුටුයි ගැමියා ඔබ වින්දා නම්.. මම ලියන්නෙ අත්දැකීම්, සියසින් දුටු දේවල් සහ කියවපු දේවල්. අහපු දේවල් ඔය සේරම මගේ කරගෙන ලියනවා..එච්චරයි

      Delete
  3. යකෝ මෙන්න ලිවිලි..! හිත කොයි තරම් තැන් ගොඩකට එක්කගෙන ගියාද..! මාරයි ලියන්නා ඔයානම් මාරම මාරයි..! මෙහෙම තමා ලියන්න ඕනේ..! අපි මේක ගැන වැඩිදුර සෙට් වෙච්ච් වෙලාවක කතා කරමු..!
    තව ලියන්න..දැනටමත් මම උඹේ රසිකයෙකු වී හමාරයි..!
    ජය..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොයුර, මම හොඳට ලියනවා කියලා ඔබ කියනවනම් ඒකට වග කියන්න ඕනි මගේ මෙලෝ රහක් නැති ඒවාත් කියවලා ඒවාට කමෙන්ට් කරපු මාව අගයපු සියළුම දෙනා තමයි. බොරු නම් ඔබට වෙලාව තීයෙනවා නම් මගේ එක මුල ලිපියක් බලන්න..මන් කියන ඇත්ත ඔබට තේරෙයි.

      Delete
    2. මැණිකක් පොලොවෙන් උඩට ගන්නකොට රළුයි, අවපහැයි.., ඒත් කලක් ගතවන විට රටාදමන්නා විසින් අඳුරු තැන් කපා ඔප දමාගත් විට එයට නියමිත මිල ලැබෙනවා..,
      මට ඔබේ ලියවිලි ගැනත් කියන්නට ඇත්තේ එපමණයි..

      Delete
  4. හීනෙකින් ඇහුරුණා වගේ බං... උපරිමයි!

    ReplyDelete
    Replies
    1. සිහිනය වින්ඳා නම් මගේ සතුට එයයි..

      Delete
  5. කියලා වැඩක් නෑ වෙනී අයියේ සිරාම සිරාය!
    මාව මුදුදේ ගිලිලා දවස් ගානකින් සිහිය ආවා වගේ දැනුනේ!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මට සතුටුයි..මන් 1% සාර්ථකයි කියලා..තව 99%ක් කියන්නෙ ?!

      Delete
  6. වෙනී අයියේ පිස්සු හැදෙන පෝස්ට් එකක් කාලෙකින්,,එක හුස්මට කියෝගෙන ගියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිලා හැමදාම වගේ !

      Delete
  7. අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ වෙනි අයියේ.. කෙටියෙන්ම කියනවනම් සුපිරිම කතාවක්.. එක මොහොතකට මමත් හිතුවේ මේ හීනයක් කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක හීනෙකින් නවත්තන්න මට හිතුනෙම නෑ දිනේශ්..

      Delete
  8. එක හුස්මට කියවගෙන ගියා. විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් ලියලා හැමදාම දකින කමෙන්ට් නොදැක්කොත් මට ඇත්තටම පිස්සු හැදෙයි අෆ්ෆා..

      Delete
  9. හෙහ්...හෙහ්...නියමයි වෙනියො...

    [උඹ සනීපෙන් ඉන්නව නේද ? ]

    ReplyDelete
  10. හෙහ්...හෙහ්...නියමයි වෙනියො...

    [උඹ සනීපෙන් ඉන්නව නේද ? ]

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් මසෙ ඉවර වෙනකල් සනීපෙන් ඉන්නවා අයියෙ අනිවා..

      Delete
  11. අප්සෙට් යන කතාවක්.අහිංසක පවුලක් විනාස වෙලා ගියානේ. ලිවිමනම් ඉතින් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ඔව් අසරණයා සිදුවීම් සිය දහස් ගනනාවලින් එකක් විතරයි මේ

      Delete
  12. විශිෂ්ටයි. ෆේස්බුක් මාකටින් පාරත් මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉඳුනිල්,

      Delete
  13. මාත් බැලුවා මූණු පොතේ එක එක සීන් යද්දී.... මාර්කට් කරලම දාලා තියෙන්නේ.... පුපිරි වෙනි අයියේ..........

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි පොඩ්ඩක් මාකට් කරලම දැම්මා !

      Delete
  14. කියල වැඩක් නෑ. උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ස්තූතියි ඇගයීමට හැමදාම වගේ..

      Delete
  15. ආදරණීය වෙනී අයියේ.......
    කියන්න දෙයක් නැත.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මාණය උපරිමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පසන් හොඳටෝම.. ලොකු හයියක් බන් උඹලා සේරම...

      Delete
  16. උඹනම් ලියන්නෙක්ම තමයි... ලියපන් හිතේ තියෙන හැමදෙයක්ම කියෝනවා අකුරක් නෑර... මොන වැඩේ තිවුණත් නවත්තන්න නම් එපා මේක :)

    ReplyDelete
    Replies
    1. ඔව් බීටල් අනිවා..මට දැන් ලියන එක නවත්තන්නෙ නෑ කොහොමටවත්ම..

      Delete
  17. චූටි චූටි මූනීස්සං අතරේ මල්ටි බැරල් එකක්...

    ReplyDelete
    Replies
    1. මන් දන්නෙ ඉතින් සතිඥ්ඥා තමයි මල්ලියෙ..

      Delete
  18. වෙන වදන් නැත උපරිමයීන්ම පට්ටය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අහිංසකී..මේ අර පොත් ප්‍රදර්ශනයෙදි හම්බ වුනු අහිංසකීම නේද ?

      Delete
  19. කිව්වත් වගේ Weni ලියන්න තියෙන්නෙ පොතක්!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පොතක් ලියලා දැම්මහම හෙන්රිලා කියවනවද කියලවත් මන් දන්නෙ නෑ අෆ්ෆා.. බ්ලොග්ම ලියන්නම් අනේ ඔන්න ඔහේ..

      Delete
    2. ඒකත් හරි. ඔන්න ඔහෙ බ්ලොග්ම ලියමු.
      henryblogwalker the Dude

      Delete
  20. වෙනියෝ, උඹට විතරක් නෙමෙයි මේ කියවන අපිටත් පිස්සු හැදෙන බං......! ලියවිල්ල නම් පට්ට සුපිරියි.....!

    මේක කෙටි කතාවක්ද කියලා අහන්නෙ නෑ..... ඒක එහෙම වේවා කියලා විතරක් පතනවා.....

    මේකට උඹව ආදේශ කලේ මොකද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමියො, යම් යම් සිද්ධීන් ගනනාවකින්ම කම්පනය වෙලා අඬ අඬා හිටපු එකේ දෝංකාරය තමයි මේ. ඇයි මාව ආදේශ කලේ ?
      එහෙනම් අහපන් දුමී මල්ලි,
      මම අවුරුදු ගනනාවකට පෙර කීප වාරයක්ම ගිහින් තියෙනවා අංගොඩ මානසික රෝහලට, එක දවසක් හවස මට වඩා අවු. 10 විතර වැඩිමාල් රෝගියෙක් දුවන් ඇවිත් මගේ අතේ තිබ්බ බිස්කට් පැකට් එක කඩා ගෙන දුවන් ගියා..ඊට ටික වෙලාවකට පස්සෙ දැක්කෙ ඇටෙන්ඩන් කාරයෙක් තඩි වේවැලකින් ගහනවා අර ලෙඩාට..අනේ එක අතක බිස්කට් එකක්, එකක් කටේ..මන් දිහා බලා ගෙන හිනා වෙලා හිටපු අර මනුස්සයගෙ පිටට වැදුනු වේවැල් පාරට කටේ තිබ්බ බිස්කට් එකෙන් කෑල්ලක්ම බිමට වැටුනා..වේවැල පිටේ වදින කොට විතරක් මුහුණ පොඩ්ඩක් වේදනාවෙන් ඇඹරුනත්..එහෙම ගුටි කාලා පුරුදු ඇති නිසාද කොහෙද..ආයිමත් මන් දිහා බලලා හිනා වෙච්ච ඒ මූන ..මට ඇඬුනා බන්..මන් ඇඬුම වහ ගත්තෙ සන් ග්ලාස් දෙක දමා ගෙන..ටැප් එක ළඟට ගිහින් මූන හෝදා ගත්තා. පැයකින් විතර මන් ආපහු එද්දිත් අර හිස් බිස්කට් කවරෙ අතේ තියන් මන් එක්ක හිනා වෙච්ච මූන..මට මැරෙනකන් අමතක වෙන්නෑ..මේ සේරම මන් දැකපු දේවල් වල දෝංකාර.. මට දැනෙනව වැඩී බන්z..
      දියේ ගිලිලා මැරිච්ච ළමයින්ගෙ තාත්තලගෙ කඳුළු කොච්චර දැකලා ඇද්ද මගේ මේ පවුකාර ඇස් දෙක..
      ලියන්නාව ආදේශ කරලා ලියන කොට මට ලේසියෙන් ලියන්න පුළුවන් , වෙහෙසක් නෑ..

      Delete
  21. උපරිමයි.
    රටාව ගැලපීම හා චරිත එක්ක නිකම් අතරමං වුනා වගේ.

    ඔයාගේ මුල්ම කාලයේ ලිපි වලදි මම ෆලෝ කරන්න ගත්තා. කොටින්ම එදා බැංකුවෙදි අඳුනගත්තෙත් ඒ බ්ලොග් අස්සේ පුරුද්දට තමයි.

    දිගටම මෙවන් සටහන් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මට අමතක නෑ.. මගේ මෙලෝ රහක් නැති පෝස්ට් වල ට පවා කමෙන්ට් කරලා මාව මෙතනට ගෙනාවෙ ඔයගොල්ලො හැමෝම.. හැබැයි රංගි එදා නම් මාව හොඳටම සර්ප්‍රයිස් උනා. මමත් හදිස්ස්යෙම ඔෆිස් දුවන ගමන් හිටිය නිසා.. කතා කරන්නවත් බැරි උනා..

      Delete
  22. මුල ටික කියෙවිවේ වෙනි අයියගේ කථාව කියලා හිතාගෙත
    නියමයි වෙනි අයියේ මාව නිකන් කරකවලා දැමිමා වගේ වුනා
    ලෙසටම ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට , අගය කිරීමට..

      Delete
  23. කමෙන්ට් එකක් හිතා ගන්න බැරුව අනිත් එවුන්ගේ කමෙන්ට් හිටන් බැලුව..

    "පිස්සු හැදෙනවා"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම්.. බොහොමත්ම..

      Delete
  24. වෙනී..අයියේ..උඹ..කෙටි කතා පොතක් ලියන්ඩ පටන්ගනින්..ජය..ආ උඹ එක දැනටමත් පටන් අරන් බව මම දන්නවා...

    ReplyDelete
    Replies
    1. මේ සේරම කතා ටික තව ටිකක් පිරිපහදු කරලා කෙටි කතා පොතක් කරන්නත් පුළුවන් තමයි දවසක.

      Delete
  25. අදනම් සුපිරි ලිවිල්ලේ උපරිම.. නියමෙටම ලියල තියෙන්නේ ආයේ ඇහැ මානේ මැවෙන විදියට. ඔක්කොම වැඩ අස්සේ ඉවර වෙනකම්ම කියෙව්වා.. වෙලාව යනවා දැනුනේ නෑ. ගහමුද පොතක්? කතා සෙට් එකම එකට එකතු කරලා?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර් ඔබලා වැඩ අධික ඇති කියලා හිතුවා..ඒකනෙඔබේ බ්ලොග් එකත් එහෙ පාළු වෙලා තියෙන්නෙ..

      Delete
    2. ලියන්න වෙලාව නැතත් ලියන එව්වා කියවන්න එනවා හැමදාම.

      Delete
  26. රෝගී සිතක් තුළ ඇති වෙන හැලහැප්පීම් සාර්ථකව ඉදිරිපත් කරලා. මුල සිට අගට කුතුහලය සමග එක දිගට කියවගෙන යන්නට පුළුවන් කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ ඇගයීමට නලිනි,

      Delete
    2. සිත්ආර 1ද? ලියන්න 1ද?

      තියුණු තරගයක්...

      Delete
    3. සොයුර, සිත් ආර කියන්නෙ මම ලියන්න ඕනි කොහොමද කියලා ගුරු හරුකම් ගත්ත සිංහල බ්ලොග්වලින් එකක්. මන් එදා වගේම අදත් බලා ගෙන ඉන්නෙ සිත් ආරෙ කොයි වෙලාවෙද කතාවක් පල වෙන්නෙ කියල.අපි 100 කියන රෑන්ක් එකේ තිබ්බොත් සිත් ආර ඉන්නෙ 99.9 ඒක ගැන තර්ක නෑ. ලියන්නා ඉන්නෙ 0.99. ඔබ කොහොමද ඔය දෙක සසඳන්නෙ ? සිත් ආර ගැන හිතෙන කොට මට හැම වෙලාවෙම හිතෙන්නෙ අනේ අපේ නලිනි ඩොක්ටර්ට ඉක්මනට වැඩ අඩු කාලයක් එන්න කියලයි තව පෝස්ට් කීපයක්ම ලියන්න...

      Delete
    4. සමාවෙන්න මගේ හිත පොඩ්ඩක් රිදුනා ඔබේ කතාවට..ස්තූතියි ඔබ කතාව කියවලා කමෙන්ට් එකක් දැමීම ගැන..ඊළඟ සැරේ ඔබ කී දෙය නොව මේ කතාවෙ තියෙන අඩුවක් පෙන්නලා දෙන්න තරම් කාරුණික වෙයි කියලා හිතනවා !

      Delete
  27. අදමයි මම මේ පැත්තේ ආවේ.අද ඉඳන් මාත් ලියන්නාගේ රසිකාවියක්...

    අපූරු ලියවිල්ල.. කියවන්න ආසාව ඇති කරනවා.. ආයි මොනා කියන්නද උපරිමයි.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදු හංසි ඔබ බස් වලදි හමු වුනු සුදු හංසිම නේද ?

      Delete
  28. සුපිරි කතාව..
    ඇස්දෙක වගේ ජීවිතේ ලඟින්ම හිටිය අය දාල යද්දි පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. අනිවා රූ ඒක බොහොම සරල සත්‍යයක්..දවසක් දෙකක් ආශ්‍රය කරපු කෙනෙක් වුනත් නික්මිලා යන කොට මට නම් දැනෙන්නෙ පොඩි හිතේ අමාරුවක් තමයි

      Delete
  29. මම නම් අදයි මේ පැත්තෙ ආවෙ... ඒ හින්දා ඔයාගෙ කතා ශෛලිය ගැන කලින් දැනගෙන හිටියෙ නෑ.... මේක කියවගෙන යනකොට හිතුනෙ ඇත්ත කතාවක් ලියනවදෝ කියල..... ඒ තරමට පණ පිහිටුවල ලියල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු, එහෙනම් ආයිමත් එන්න.. ඔබේ පැමිණීම හරිම සතුටක්..

      Delete
  30. ඇඩේනවා වෙනි අයියේ...උපරිමයි කියන්නේ උපරිමෙත් උපරිමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චම්මා.. කියවන කෙනාට ඇඬෙනවා නම් මට සතුටුයි...මන් චුට්ටක් සාර්ථකයි කියලා හිතෙන නිසා

      Delete
  31. කතාව පට්ට ! මෙන්න ලියවිලි !
    අඩේ ලියන මහත්තයාට මරුවට ලියන්ඩ පුලුවන් නෙව !
    අර වූම්බ් එක කියන්නේ මොකටෙයි කියලා මම් මල්ලි ගෙන් අහගත්ත නිසා හොදයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග.. දෙබස් ටික තරම් කතා කරන විදියට ලීවා.. ඔතනට ගර්භාෂය කියලා ලියලා පස්සෙ ඒක ටිකක් ගැලපෙන්නෙ නැති නිසා වෙනස් කලා..

      Delete
  32. "ඇයි පුතේ දිනුවහම වගේම පැරදුනහමත් හිත හදා ගන්න මයෙ පුතා පුරුදු වෙන්න ඕනි "

    මට මතකයි මගේ තාත්තාත් මට ඔහොම්මම දවසක් කියුවා

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණා හැම දෙමව්පියෙක්ගෙම මුවින් සිය වාරයක් පිටවෙනවා ඇති ඔය වචන ටික

      Delete
  33. අපොයි මේක කියෙව්වට පස්සේ මම ආයෙත් කතා ලියන්නේ නෑ කියලා හිතාගත්තා.:) විස්තර කරන්න නම් වචන නෑ වෙනී අයියේ. ලොවෙත් නෑ, උපරිමයි. ඇත්තටම කෙටි කතා පොතක් ලියමු. සිරාවට කියන්නේ.

    මොහොතකට මමත් හිතුවා මේක හීනයක්‌ කියලා. ඒත් එහෙම නෙමෙයි. විනාඩි ගානක් ඇතුලත කොයිතරම් දේවල් අපේ ඔලුවට දැම්මද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්, මට කසුන්ට වගේ නිසදැස් ලියන්න බෑ..

      Delete
  34. ලියන්නෝ ...විස්වාස කරපන් මම මේ ලගදි ඇත්තටම හීනයක් දැක්කා මුහුදක් වගේ වතුර ගොඩක් ඒ වතුර උඩ නයෙක් අඩනවා...ඒ අස්සෙ ලියන්නෝ උබ ගැනත් මොකක් මොකක් හරි මගේ කනට ඇහුනා..පිලිවෙලක් නැති හීනයක්..ඒත් අද මම මේක කියව්වාම මට ආයම ඒක මතක් උනා.
    තව එකක් ..අර සුනාමිය එන්න දින කීපයකට කලිනුත් මම ඒහා සමාන හීනයක් දැක්කා..ඒත් එතකොට සුනාමි කියන වචනෙවත් මම අහල තිබුනේ නෑ..ඒ ඔක්කොම මගේ හීන.
    දිගටම ලියපන් මචෝ..

    කුරුම්නියා.

    ReplyDelete
    Replies
    1. මගේ අර මූනුපොතේ මුහුදෙ ඉන්න ෆොටෝ ටිකවත් දැක්කද ?!
      ස්තූතියි ඔබේ ඇගයීමට හැමදාම වගේ..

      Delete
  35. එපා වෙනී මේවගේ එව්වා ලියන්න :-(

    ReplyDelete
    Replies
    1. නවනළු රස දන්න අයට දැනෙනවා වැඩී තිසා..මන් දන්නව..ඒත්..උඹ කියන්නෙ මට හැමදාම මේවා දැක දැක අඬන්න කියලද ?

      Delete
  36. අද තමයි මේ පැත්තේ ආවේ ඉස්සරවෙලාම! නියමෙට ලියලා තියෙනවා, ආයේ කියන්න දෙයක් නෑ! හරි ම සංවේදියි, උපරිමයි!

    ReplyDelete
  37. බොහොම ස්තූතියි ලහිරු ඇවිත් කියවලා රසවින්ඳාට..

    ReplyDelete
  38. සිරා කියන්නේ සිරාම සිරා.. ඊට එහා කියන්න දෙයක් දන්නේ නෑ මම....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෝරෝ මලයා

      Delete
  39. මාරයිනෙ වෙනී අයියේ.....
    ලාස්ට් රෝ එකේ මෙලෝ රහක් නැති කතා ලියපු වෙනීමද කියලත් හිතෙනව හික්ස්ස්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිසාචයා මල්ලි, ඒ මමම තමයි

      Delete
  40. හදවත හිරවෙනවා අයියේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩක් සංවේදී විදියට ලියන්න ගත්ත උත්සාහයක්..පොඩ්ඩක් සාර්ථකයි කියලා හිතෙනවා

      Delete
  41. බොක්ක කූල් වුණා වෙනි අයියා ඉඳලා ඉඳලා බ්ලොග් කියවන්න ආපු මේ ගමන පාඩු නෑ කියලා ආයේ ආයේමත් හිතුනා . ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරූ මල්ලි, උඹලගෙ ඒවා කියවලා ඒවයින් පාඩම් අරන් තමයි මන් මේ ලියන්නෙ

      Delete
  42. බෝතල් අස්සෙ කුප්පි ගහන්න බැරි හන්ද මං මුකුත් ලියන්නෙ නෑ බං අයියෙ. ඒත් කිව්වයි කියල හිතාගනිං. උඹ අපූරු මනුස්සයෙක් විශිෂ්ට හැකියාවක් තියන. සුභ පැතුම්, ජය !

    ReplyDelete
    Replies
    1. නවම් තරම් හොඳට ලියන්න මට බෑ මල්ලි, හැබැයි හැමදාම උත්සාහ කරන්නෙ එතනට එන්න තමයි..

      Delete
  43. මම මුලින් කියෙව්වෙ ‍අද දාපු ර්‍අලි මදිවට හරක් ..උපත් පාලන කොපු මදිවට සනීපාරක්ශක තුවා..ර්‍ පෝස්ට් එක. ‍හැමෝම කමෙන්ට් කරලා තිබුනෙ මුල් එක හොඳයි කියලයි. ඒ නිසා ඇවිත් බලන්න හිතුණා. මටනම් කියන්න තියෙන්නෙ දෙකම් අපූරුයි කියලයි. මේක සංවේදී බව නිසා හැමෝගෙම කැමැත්ත ලැබිලා ඇති. දහසක් බ්ලොග් පෝස්ට් අතරේ සුන්දර සුමට නිර්මාණ අතලොස්සට ඔබේ නිර්මාණය එකතුවෙලා රැඳේවි. අයෙත් පාරක් ර්‍අපූරුයි ....ර්‍

    ReplyDelete
  44. බොහොම ස්තූතියි බුද්ධිෂ ඔබේ කියවීමට සහ කමෙන්ට් එකක් දමලා දීපු හයියට..

    ReplyDelete
  45. ඇත්තෙන්ම ලස්සනයි . .

    ඒත් අනේ මන්දා බන් උඹ ලියන ඒවත් එක්ක හිතලා බැලුවාම මොකද්ද අඩුයි වගේ දැනෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ . . .

    හිතට දැනෙනවා හොඳින්ම ඒත් තව ටිකක් මොනව හරි එකතු කරන්න තිබ්බ වගේද මන්දා

    ReplyDelete
  46. ඔව් දුකා අඩුවක් තියෙනවා..ඒ අඩුව පුරව ගන්න තව කතාවක් ලියනවා...තව එක .. තව එකක්..

    ReplyDelete
  47. මං මේ වෙනීගෙ බ්ලොග් එකක් කියෙව්මද කොහෙද..!!
    නෑ නෑ මීට කළින් එක් දෙකක් කියවල තියෙනවා තමා..!
    මේක කියවලා ලියන්නෙ මොනවද කියල හිතා ගන්න බැරි වුණා...!
    මෙනවත් ලියල ඒ හිතිවිල්ලෙ වටිනාකම අඩු කරන්න මං කැමති නැහැ.

    ReplyDelete