මගේ ඇඟ සීතල වී ගියේ දැනට අවුරුදු කීපයකට පෙර සිදු වූ සිදුවීම් සමූහය සිහියට නැගුණු නිසාය.
"සිරිපාල ටක් ගාල ලොකු නෝනා දකින්න ඉස්සෙල්ලා ඔය ලියුම් ටික මල්ලකට දමලා ගෙනිහින් තියන්න මගෙ ඔෆිස් කාමරෙ අර ලොක් කරලා තියෙන කබඩ් එක එහා පැත්තෙන්"
සිරිපාලගේ මහත් වූ දෑස් මා හට කීවේ විශාල අනතුරක් බවයි.
"මොනවද මොනවද කබඩ් එක එහා ඇත්තෙන් තියන්න කීවෙ?"
කර්ණ රසායන මධුර කටහඬ මගේ දෙසවන් තුළ මීබිඳු වත් කරන්නාක් මෙන් විය.
"නෑ මැඩම් ..මේ මැඩම්.."
"සිරිපාල මොකද ගොත ගහන්නෙ? මොනාද ලියන්නා ඩාලිං ?"
"නෑ අර ලියුම් වගයක් ඇවිල්ලලු..ඒක ගිහින් තියන්න කීවෙ"
"ලියුම් වගයක් ? මල්ලක දමලා ගෙනියන්න තරම්?"
අපහසුවෙන් යමක් මතකයට ගැනීමට දඟලන සේයාවක් සමඟම ඇයගේ මුහුණේ ඇඳී ගියේ කෝපයක සේයාවකි.
"ආයිමත් පටන් ගත්තද තව එකක්? සිරිපාල ගේනවා සේරම ලියුම් ටික දැන්මම"
ඇඳ සිටි ඔසරියේ පට ගෙන ඉනේ එක පැත්තක ගසා ගත් ඇය මා දෙස විමසුම් බැල්මක් හෙළන්නට වූයේ..මා අත වූ පුවත් පත දෙසට මා නැවත දෑස යොමු කළේ අසල වූ ඇල් මැරුණු තේ කෝප්පය නැවත අතට ගත්තේය.
"අර ඉස්සෙල්ලා වගේද දන්නෙ නෑ මේ සැරෙත් ? හැබෑටම තමුසෙට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද මන් අහන්නෙ ? විසි ගණන් පැනපු දුවෙක් ඉන්නවා කියලවත් ගාණක් නැති හැටි, අම්ම්පා මේ සැරේ නම් මන් දෙකෙන් එකක් කරනවා ඔන්න නොකීවයි කියන්න නම් එපා"
ලැසි ගමනින් ඈ දොර වෙත ගියේ සිරිපාල ලියුම් ගොන්න නිරුපද්‍රිතව ඈ අතටම පත් කරන්නේද යන්න සැක හැර ගැනීමටම විය යුතුය.
ගිය සැරෙත් දෙකෙන් එකක් කරපු පාර තමයි තවමත් බියට්‍රිස් තරම් දක්ෂ පුද්ගලික ලේකම් වරියක සමාගම් ජාලයටම තවම හොයා ගන්න බැරි උනේ..මා කීවා නොව සිතා නිහඬ විය.
චිහ් මේ ගෑනිට මාව සැක කරන එක ජන්ම පුරුද්දක්ද කොහෙද? නැත්නම් ගිය සැරේ ඔහොම හිස් උපත් පාලන පෙති අසුරන සහිතව ලිපි ගොන්නක් අපගේ තැපැල් පෙට්ටිය වෙත ලැබීමත් සමඟ වූ ජංජාලය මගේ සිහියට එන්නට විය.ව්‍යාපාර කටයුතු ආරම්භ කල කාලයේ අධිකව කළයුතු ලිපි ගනුදෙනු නිසාම විශේෂ තැපැල් අංකයක් සහිත තැපැල් පෙට්ටියක් ලබා ගත්තේ එය ඉතා ප්‍රයෝජනවත් වූ නිසාය. නමුත් කාලයත් සමඟම ලිපි ගනුදෙනු වලට වඩා විද්‍යුත් හුවමාරු ක්‍රම භාවිතයට ගත්තත්..මෙම තැපැල් පෙට්ටිය දිගින් දිගටම අප සමඟම සිටියේය.
දුව පිටරට අධ්‍යාපනය සඳහා නිවසින් බැහැර වූ කාලයේ පටන්ම සෝමා මා ආදරණීය බිරිඳ වඩ වඩාත් මාගේ ව්‍යාපාරික කටයුතු සමඟ බද්ධ වීමට තතනනු ලැබූයේ ඇයගේ දැඩි විවේක කාලය යම් ඵලදායී ලෙස ගෙවීමට විය යුතුයි.නමුත් එය මාගේ ව්‍යාපාරික කටයුතු සඳහා රුකුලක් වනවාට වඩා බාධකයක් වන්නට වූයේ..සේවාසථානයේ වූ ළඳුන් සමඟ ඈ ගැටීමට උත්සාහ කිරීමත් එය ආයතනික ගැටුම් ගැටුම් බවට පත් වන තත්වයක් කරා නිර්මාණය වූයේ..මාගේ දැඩි අකමැත්ත මතම ඈ හට ව්‍යාපාරික සහාය භූමිකාවෙන් ඉවත් වන්නට සිදුවිය.
"ඔව් මන් ඉන්නකොට බෑනෙ අර උඩිච්චියො එක්ක නඩලං නටන්න"
ඈ නිතර දෙවේලේ දොස් පවරන්නට වූයේ.. පසු කලක සමාජ සේවා කටයුතු කිරීමට සහභාගී වූ බැවින් එය තරමක් දුරස් විය.සමාජ සංගම් වල ආභාසය නිසාම ඇයද සුන්දර සිත් ඇද ගන්නා සුළු කාන්තාවකගේ ස්වරූපයේ සිට අධික ලෙස ආභාරණ පැළඳි , බොරු ආටෝපයෙන් පිරි පඤ්චස්කන්දයක්ම බවට පත් වීය. ඕන්න ඔය කාලයේ අපගේ තැපැල් පෙට්ටියට ලැබුණු හිස් උපත් පාලන පෙති දවටන සහිත විශාල ලියුම් කන්දරාව ඇයගේ දැඩි කෝපයට භාජනය විය.
"තමුසෙ රිංගන ගෑනුන්ගෙ ගෙවල් වල ඉන්න එවුන් තමයි ඔය එවලා තියෙන්නෙ..නැත්නම් අහවල් එකකටද මේවා අපිට එවන්නෙ..උන් බය ඇති මගේ මල්ලි හින්දා කෙළින්ම මේක මට කියන්න"
බලවත් ස්ථානයක පසු වූවද ඇගේ මල්ලී පටලවාගත් පැටලිලි බොහෝමයක් මා මඟ හරවා දුන් බව ඈට මතක තිබුණද ඈ ඒ සියල්ලම අමතක කොට හැසිරුණේ කෙලෙසදැයි මට තවම සිතා ගත නොහැක. එක්කෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුව ඉවසා ගත නොහැකි පිරිසක් විසින් මගේ පවුල් ජීවිතය කඩා බිඳ දැමීමට කරන ලද උත්සාහයක් යැයි සිතිය හැකි එම සිද්ධිය පිළිබඳ මා වැඩිදුර සොයා බැලීමට උත්සාහ ගත්තත්
"නෑ මන් තියා ගන්නවා මේ ලියුම් ටික සේරම මන් ළඟ කවදහරි ඩිවෝස් එකකට යන්න ඕනි උණොත් මේවා ප්‍රයෝජනවත් වෙයි . දැන් මේවයේ එවපු උන්ගෙ කියලා නම් ඇඩ්‍රස් එහෙමත් තියෙන්නෙ"
ඈ සියලුම ලිපි ටික ඇගේ ග්‍රහණයට ගත්තාය.එසේම ඉන්පසුව ඈ දුරකථන පණිවිඩ පිට පණිවිඩ දෙමින් අපගේ සමාගම ජාලයේ සිටි බියට්‍රිස් හට තර්ජනය කරන්නට වූයේ..එක් දිනක් කාර්යාලයටම කඩා වැදී මහා හඬින් බැණ වැදුණු බැවින් බියට්‍රිස් සමාගම අතහැර ගියාය. සියලුම සම්බන්ධීකරණ වැඩ කටයුතු වලට අති දක්ෂ තැනැත්තියක් වූ ඇයගේ අස්වීම තවමත් නැවත ගොඩ නගා ගත නොහැකි පාඩුවකි. සුරූපී බව මෙන්ම දක්ෂකම අතැතිව පැමිණි ඇයහට සමාගම ඉතා විශාල වන්දියක් ගෙවූ බව සහ දැනට වැඩ කරන තැන පවා සමාගමෙන්ම ඇයට සොයා දුන් තැනක් බව නොදන්නා නිසා සෝමාගේ මතකයෙන් එය ගිලිහී ගියත්
"ඔව් තමුසෙට මන් එක්ක තමයි ටිකක් කතා කර කර ඉන්නවත් බැරි.. අරකි එක්ක නම්..රටවල් රටවල් ගානේ ගිහින් නටපු නැටිලි වල ෆොටෝ තවම මං ළඟ තියෙනවා"
ඉතා අධිකව වෙහෙසවී පැමිණෙන රාත්‍රීන් බොහෝමයක ඈ නෝක්කාඩු කීවාය.එම ජායාරූපය වෙන කිසිවක් නොව එක් ජාත්‍යන්තර සමුළුවකදී රාත්‍රී සාදයකදී සමූහ නැටුමකදී ගත් එකක් වූ අතර එහිදී බියට්‍රිස් විසින් ඇඳි සරාගික ඇඳුම සියල්ලගේම කතාබහට ලක්වූ එකක් වීය. කෙසේ හෝ මෙම සමුළුව තුළින් අප දිනාගත් ව්‍යාපාරික ගිවිසුම් රාශිය අප සමාගම් ජාලයම රැඳවූයේ ඉතා ඉහළ දියුණු තත්වයකයි. කවුරුන් හෝ මෙම ජායාරූප පෙළක් සෝමාට එවා තිබිණි. ඇයගේ හේතු විරහිත සැකය නම් පුළුන් ගොඩට දැමූ පෙට්‍රල් ටිකක් මෙන් එය ඇවිලී ගියේය. ඈ සැක කල පරිදි මා නම් කිසි දිනක එවන් සල්ලාල ජීවිතයකට හුරු නොවූයෙක් වූයේ නමුදු එවන් ජීවිතයක් ගත කරන්නේ නම් එයට මා හට නොමද හේතු කාරණා තිබිණි. පිය පරම්පරාවෙන් මෙන්ම බිරිඳගේ පරම්පරාවෙන් ලද ධනය බලය නොමඳව හිමි මා හට එවන් ජීවිත ගත කරන මගේ මිතුරන්ගෙන් මා ලද විහිළු තහළු නම් නොමද විය. බියට්‍රිස් වූවද සමුගෙන යන විට ම දෙපතුල වැන්දේ
"සර් කවුරු කොහොම කීවත් එදා වගේම අදත් හෙටත් මට මගේ තාත්තා ළඟට මන් සලකන්නෙ ගරු කරන්නේ සර්ටම තමයි"
ලෝකයා කෙසේ කීවත් අපගේ සම්බන්ධය වචනයේ පරිසමාප්ත අරුතින්ම එසේම වීය. ජීවිතයම බෙදා හදා ගන්නා බිරිඳ එය පිළිගන්නේ නැත්නම් අවට ලෝකයාට මා එය කෙසේ ඒත්තු ගන්වන්නද?
"සිරිපාල ගේන්න ඔය ටික අපේ කාමරේට"
සිරිපාලද මහා වරදක් කල අයකු මෙන් ලියුම් ගොන්න සහිත මල්ලද රැගෙන සෝමා පසු පස ඇදුණේය.
මොහොතකින් ආපසු පැමිණි ඔහු මා දෙස බලා සිටියේ ඉතා අසරණ අයකු මෙනි. ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් මා අපගේ නිදන කාමර්ය වෙත ඇදුණේ මෙය කුමන වර්ගයේ බෝම්බයක්ද යන්න ගැන සිතමිනි.ගොර බිරම් යකින්නියක් මෙන් ඈ ලිපි කිහිපයක් කඩා එහි වූ දෑ සියල්ල ඇඳ මත දමා තිබුණි. තව ලිපි කිහිපයක්ම ඇගේ අතේ විය.
"තමුසෙ කවදාවත්ම හැදෙන මනුස්සයෙක් නම් නෙවෙයි..බලනවා කරන වැඩ වයසටද ? ඕන්න ආයිමත් සෙට් කර ගෙන ඇති තමුන්ගෙ දුවටත් වඩා බාල එකියක්.. ඒකනේ මේවා එවලා තියෙන්නෙ"
ලිපි කවර වලින් එළියට ඇද තිබුණේ රෝස පාට සනීපාරක්ෂක තුවා වල හිස් පැකට් රාශියකි. නැවතත් අපගේ ව්‍යාපාරය බිඳ දැමීමට ගත් උත්සාහයන් වැරදුණු විට යම් අයකු හෝ සමූහයක් විසින් අපගේ පවුල් ජීවිතය බිඳ දැමීමට උත්සාහ දරා ඇත.
"ඔය මදැයි ඉවසුවා මමත්.. දැන් මේවා අර රට ඉන්න දූට එහෙම ආරංචි උණොත් ඉඳලා වැඩක් තියෙනවද?"
ඈ කෝපයන් නැගිට මා දෙසට පැමිණියේ මාද ආරක්ෂාව පතා එක පියවරක් පසුපසට තැබූවත්
"ඔයිට වඩා හොඳයි තමුසෙ යනවා පාරෙ ඔහොම"
ඇඳ සිටි සරම සිතා ගැනීමටත් බැරි වේගයෙන් කඩා දැමූ ඈ මා නැමී එය ගෙන හැඳ ගැනීමටත් පෙරම
"සිරිපාල.. සිරිපාල..පීරිස්ට කියන්න බෙන්ස් එක ලෑස්ති කරන්න කියලා පැය භාගයකින් යන්න ලෑස්තිවෙන්ඩ කියන්න"
ගුගුළාය.
"බෙන්ස් එක අරගෙන කොහෙ යන්නද? මට මේ සතියම බිස්නස් ට්‍රිප් තියෙනවා..වෙන වාහනයක් අරන් යනවා"
මම සරම අඳිමින් කීවෙමි.
"මගේ සල්ලි වලින් ගත්ත බෙන්ස් එක මන් මට ඕනි දිහා අරන් යනවා..තමුසෙ ඕනි මගුලක යනවා ඕනි කෙල්ලෙක් එක්ක තව වාහන තියෙන්නෙ.. ලෑස්ති වෙනවා ඩිවෝස් එකේ වන්දි ගෙවන්න ළඟදීම..මන් මේ සැරේ ලේසියෙන් මේක අතාරින්නෙ නෑ"
"මේ රට හිනස්සවන්නෙ නැතුව ඉන්නවා මෙහෙ ගෙදරට වෙලා"
"ඔව් මන් තමයි රට හිනස්සවන්නෙ, තමුසෙ හැමතැනම ඉන්න ගෑනු එක්ක ලැගලා ඉන්න කොට හිනා වෙන්නෙ මොකාද? මගේ මල්ලි හින්දා මිනිස්සු මේවා එළියට අදින්නෙ නෑ..ඒ උණාට මෙහෙම තමයි ඕවා දන්වන්නෙ මට"
ඈ අත දිගු කරමින් ඇඳ පෙන්නුවාය. කෝපයෙන් විරූපී වුණු මුහුණක් සහිත වූ ඇය සමඟ තර්ක කර දිනීමට මෙය වෙලාව නොවේය යන්න අවුරුදු 32ක කාලය මට උගන්වා තිබුණි.
"මන් යනවා මාතලේ ගෙදරට"
ඔව් ඉතින් ගිහින් නටන්න පුළුවන් එහෙට වෙලා ඕනි නැටිල්ලක් යනුවෙන් සිතමින් මා කාර්යාල කාමරයට ගියේ ලෝයර් පෙරේරාට කතා කරන්න ඕනි යැයි සිතමිනි. ධනය හා බලය හැරෙන්නට කිසිම ගැලපීමක් නැති මේ විවාහය මෙතරම් කාලයක් ගෙවුණේ කෙසේදැයි විටෙක මාවම විස්මයට පත් කරයි. අධික රාගයකින් දැවෙමින් සිටි ඈගේ ජීවිතය නිවීමට මාගේ නිවී ගිය දිවිය කෙසේවත් නොසෑහුනි. එය සෑම විටම අවබෝධවූවත් තැබූ අඩිය කිසිදා ආපසු නොගැනුණු මා කෙසේ හෝ ඉවසීමෙන් යුතුව වසර 32ක් කාලයක් ගෙවා දැමිණි. ඉතින් ඈ හට අවශ්‍ය නම් එය නිමා කිරීමට මා ඉඩ දිය යුතුය.
මා කිසි දිනක නොකීවද ඈ සම්බන්ධව සිටි රාත්‍රී සමාජ ශාලාවලදී ඈ ඩැහැගෙන ගිය තරුණයන් සමඟ සිටි ජායාරූප මෙන්ම වීඩියෝ පවා මා සන්තකව ඇති බැවින් නීතිමය කටයුතු වලදී වැඩි වාසිය හිමිවන්නේ මා හට බව නිසැකය. ඇයගේ මේ අධික කාමුකබවම ඈ අනිත් පැත්තට මා හට ඇති බව සිතා සැක පහළ කර ගෙන මෙසේ හැසිරීම නම් ඉතා පහත් නමුත්..මාගේ මිතුරු මනෝ වෛද්‍ය මහේෂ් පවසා සිටියේ මෙය තරමක් සංකීර්ණ මුත් සාමාන්‍යයෙන් දැකිය හැකි මානසික තත්වයක් බවයි.
"මචං තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම හුණු තියෙන එකා තමයි අනිත් උන්ගෙ තියෙන කිල්ලෝට වල තියෙන හුණු පොඩ්ඩක් දැක්කත් උඩ පනින්නෙ..ඕක අපේ සීයලා, ආච්චිලා කීවෙ කට කහනවටයැ"
සෝමා සම්බන්ධයෙන් බැලූ කල මෙය නම් සියයට සියයක්ම සත්‍ය කාරණාවක් බව මා හට අත්දැකීමෙන්ම කිව හැක. ඔවුන්ගේ ඉල්ලීම නිසාම නිවසේ වාහන වල සේවයට බඳවා ගත් තරුණ රියැදුරන් සියල්ලම සමාගම් සේවයට යොදා තලතුනා කිහිප දෙනෙක්ම සේවයට යොදා ගැනීමට වූ හේතු කාරණා දන්නේ අප කීපදෙනාම පමණි.
"සර් බණ භාවනා කරන කෙනෙක් තරම් නිවුණු කෙනෙක් නිසයි කියන්නෙ සර්..අපිට අමාරුයි සර් නෝනා එක්ක වැඩ කරන්න"
යන වදන මා ඇසූවේ දැනට සේවය කරන මැදිවියද ඉක්මවූ පීරිස්ය.
මේ සියල්ලම ගොනු කොට ලෝයර් පෙරේරාට දීම ඉතා වැදගත්බව සිතුණේ එවිටම අත තිබූ දුරකථනය නාද වන්නට වූයේ..
"හලෝ ඩැඩී මොනාද ඔයා මේ කරන ජරා වැඩ ? අන්න මමී යනවා මාතලේ. මට දැන් කීවේ අඬ අඬා.."
"දුව එයාට පිස්සුද මන්දා වැඩේම මාව සැක කරන එකමයි.. ඔයා ඕවා හිතන්න ඒපා..කොහොමද ඔයාගෙ ස්ටඩීස් දැන්? තව ටික කාලයයි නේද තියෙන්නෙ ඔය කෝස් එක ඉවර වෙන්න. ඒක ඉවර කර ගන්න"
"මමී කියනවා මේ සැරේ ඩැඩී මටත් වඩා පොඩි කෙල්ලෙක් යාළු කර ගෙනලු මොනාද ඩඩා ලැජ්ජා නැද්ද ඔයාට ? ඉස්සෙල්ලත් අර බියට්‍රිස් අක්කා එක්ක..එයාත් මට වඩා අවුරුදු 3යි වැඩිමාල්. ඔයාට නම් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ..මට ඩඩා කියන්නත් ලැජ්ජයි"
"මන් දැන් එක සැරයක් කීවනෙ එයාට පිස්සු කියලා..ඔයා ඉක්මනට ඔය ස්ටඩීස් ඉවර ක්‍ර ගෙන එන්න ළමයො එතකොට මගේ කම්පැණියෙ ඩිරෙක්ටර් බෝඩ් එකට ජොයින් වෙන්න පුළුවන්"
"එ උණාට මමී කීවෙ ඔය කේස් එක අල්ලලා ඩඩාව ඩිවෝස් කරනවා කියලා..ලැජ්ජයි ඩඩා මට ඔයා එක්ක වැඩ කරන්න.. එහෙම වුණොත් මත් ක්‍රිස්ව මැරී කරලා මෙහෙම නවතිනවා"
"කවුද ක්‍රිස් ඔයා ඉස්සෙල්ලා කීවෙ ජේක් ද කවුද කියල නේද ඔයාගෙ එෆෙයාර් එකක් තියෙනවා කියලා?"
"ජේක් මගෙ ෆස්ට් එක ඩඩා මන් කීවෙ ටෝනි ගැන ඒ අෆෙයාර් එකත් ඉවරයි.දැන් ක්‍රිස් එක්ක තමයි මන් ඉන්නෙ. ඩඩාලා අවුට් ඔෆ් ෆැෂන් කල්චර් එකක් ඔළුවෙ තියන් ඉන්නෙ ඕ ගොල්ලන්ට ඕවා තේරෙන්නෙ නෑ. ඕන්න මන් නොකීවයි කියන්න එපා ඔය කෙල්ලො පස්සෙ යන එක නවත්වන්න ඩඩා ඔයාගෙ වයස ගැනවත් හිතලා..බායි"
"බායි"
අම්මගෙම දුවනෙ ඉතින්.. දුරකථනයෙන් ලෝයර් පෙරේරා අමතා අවශ්‍ය උපදෙස් දුන් මා නව ව්‍යාපාරික පුවත් දැන ගැනීමේ අටියෙන් අසල වූ රූපවාහිනිය ක්‍රියාත්මක කළෙමි.
වෙළඳ දැන්වීම දෙස ඇස් කොනින් බලමින් මා අසල තිබූ වතුර වීදුරුව තොල ගාන්නට වූයේ එක්වරම මගේ දැහැන බිඳී ගියේ රූපවාහිනියේ දිස් වන වෙළඳ දැන්වීමක් සමඟය. මා ඇඳ මතට හෙළූ සනීපාරක්ෂක තුවා පිළිබඳ දැන්වීමක් ප්‍රචාරය වෙයි. අවසන එම සමාගම වෙතින් ප්‍රවර්ධන කටයුත්තක් ලෙස සකසන ලද යම් තරඟයක් පිළිබඳ දැක්වේ.. එහි කොන්දේසි වන්නේ හිස් දවටන කිහිපයක් සමඟ තැ.පෙ. අංක 8154 වෙත එවිය යුතු බවයි. එය මා හට හුරු පුරුදු තැපැල් පෙට්ටි අංකයකි. අපගේ සමාගම් ලිපි ශීර්ෂයක් වෙත දෑස යොමු කළවිට පෙනුණේ එය මාගේ තැපල් පෙට්ටි අංකය බවයි. වෙළඳ දැන්වීම සකසන විට ඔවුන්ගේ අංකය වැරදී ඇත. කරුණු සොයා නොබලා සෝමා මාතලේ බලා යමින් සිටින්නීය. දුරකථන නාමාවලිය ගෙන බැලූ විට පෙනුණේ ඔවුන්ගේ තැපැල් පෙට්ටි අංකය 8145 වීය. මා ඊළඟට පෙරලූයේ අර ඉහත කී උපත් පාලන ආයතනයේ ලිපිනය වෙතයි. එහි තැපැල් පෙට්ටි අංකය 8514 වීය.
හදවතේ ඇතිවූයේ සැහැල්ලුවක්ද බරක්ද යන්න නොදැනීම මා අත වූ දුරකථනයෙන් නීතිඥ පෙරේරා අමතා සියල්ල අවලංගු කරන මෙන් ඉල්ලා ඊළඟ ඇමතුම සෝමා වෙත යොමු කළෙමි. ..
කලින් පෝස්ට් එකත් එක්ක සසඳනකොට මේකනම් ගොඩාක් හොඳයි කියන්න බෑ.
ReplyDeleteකොහොම වුනත් මට මේ කතාවේ හම්බවුනු හොඳම කෑල්ල තමයි...
"තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම හුණු තියෙන එකා තමයි අනිත් උන්ගෙ තියෙන කිල්ලෝට වල තියෙන හුණු පොඩ්ඩක් දැක්කත් උඩ පනින්නෙ"
පෝස්ට් එක තාම බැලුවෙනම් නැ . මේ පූසගේ කතාවට මාත් එකඟයි.
Deleteඅනුන්ගේ වැරදි සොයන්නේ තමන් ලඟ ගොඩාක් වැරදි තියෙන අය.
ඒක මගේ කතාවක් නෙමෙයි ගිම් අක්කේ. ඒක මේ කතාවේ වෙනී අයියා ලියලා තියෙන කෑල්ලක්! :)
Deleteපූසාගේ කතාවේ ඇත්තක් තියනවා. කලින් කතාවත් එක්ක බැලුවම මේකේ පොඩි පසුබෑමක් තියනවා වෙනී අයියේ...
Deleteනෙළුම් මල ගොඩක් ලස්සන මඩ ගොහොරුවෙ පිපෙන නිසා නම් මම උත්සාහ දරන්නෙ මඩ ගොහොරුවක් මුලින්ම හදන්න..ඒක හංගලා නෙළුම විතරක් පෙන්නන්න මන් කැමති නෑ මල්ලි..කොහොමද කෙලවුනහම ගොඩ දමා ගන්න දාන තර්ක ඕක එකක් !
Deleteගිම්හානි හා කසුන් ස්තූතියි ඔබේ මුක්කු වලට..ඒවා නැත්නම් මුළු ගේම බිම !
Deleteප්‍රශ්නෙ නං ගොඩ ගියා කියමු. ඒත් ඔය ගෑනිත් එක්ක ඉන්නෙ කොහොමද?
ReplyDeletehenryblogwalker the Dude
32ක චෛත්‍යය ගිලපු මට හෙන්රි ?? :DD
Deleteපරක්කු වෙලා පරක්කු වෙලා..බදින්න කියල හිතන කොටම මේ වගේ එපා වෙන කතා කියන්න එපා ලියන්නෝ..
ReplyDeleteකුරුම්නියා.
මල්ලි කෙටිකතා කියවලා රස විඳින්න ඒත් ජීවිතය විඳින්න ඕනි තත්පරෙන් තත්පරේ..ඔයිට වඩා ගොඩක් සුන්දරයි...
Deleteනියම කතාව..
ReplyDeleteස්තූතියි හරි ඇගයීමට !
Deleteකතාවනම් නියමයි අයියේ... අංකයක් වැරදුනායින් උන දෙයක්..
ReplyDeleteඔව් දිනේශ් එහෙමත් වෙන්න පුළුවන්..
Deleteකලිං එක එක්ක බලද්දිනං මේක මදි මචෝ . . . කිවුවට තරහ වෙන්න එපා
ReplyDeleteමෙහෙමයි ඕනයා මල්ලි ගාඟක් ලස්සන වෙන්නෙ කඳු, තැනිතලා, දෙකම පහු කර ගෙන යන කොටනෙ.. ඒකාකාරී වුනොත් ලස්සන නෑ..ඒ නිසා මේ කතාව ගඟ ඔහේ මෙලෝ රහක් නැතුව ගලා ගෙන යන හරියක් කියලා හිතමු. මෙන්න පූසා මල්ලිට දීපු තියරියෙ දෙවැනි එක..
Deleteහැබැයි ඕක එක එක්කෙනා බලන විදිය නේද ? උදාහරණයක් විදියට ඉස්සර වෙලා ලිව්ව එකට මම කැමති නැහැ..අඩු ගානෙ කොමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ..ඒත් මේකට මම කැමතියි.
Deleteහැබැයි ඉස්සර වෙලා කතාවට වඩා මේකෙ පොඩි අමු ගතියක් තියනවා..තව ටිකක් ආලවට්ටම් දාලා හැඩකලා නම් හොදයි..එතනදි මම ඕනයත් එක්ක එකඟයි ( නැත්තං මට ඉන්න හම්බවෙන එකක් නෑ :D)
This comment has been removed by the author.
Deleteස්තූතියි ලකියො ඒ අඩුව පෙන්නල දුන්නට.. ඔව් හෙට ඉඳන් ලබන බදාදා වෙනකන් මට ඉස්පාසුවක් නොලැබෙන වැඩ කන්දරාව නිසා වෙන්න ඇති..ඒ අමු ගතිය මටත් දැන් කියවද්දි පෙනෙනවා..
Deleteහොඳ නොහොඳ ගැන මාරය ලියල තියෙන එකත් කියෙව්වනං...අනික අවුරුද්දකට සැරයක් පෝස්ට් එකක් දාන උඹ..හෙහ්...හෙහ්...
Deleteඔබා අයියවයි ඕනයා මලයවයි පැය භාගයකට එක තැනක ඉන්ඳවලා තිබ්බ නම් මට පෝස්ට් 10-15කට කතන්දර මුල් අහුල ගන්න පුළුවන් වෙයි වගේ .. :DD
Delete"මචං තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම හුණු තියෙන එකා තමයි අනිත් උන්ගෙ තියෙන කිල්ලෝට වල තියෙන හුණු පොඩ්ඩක් දැක්කත් උඩ පනින්නෙ..ඕක අපේ සීයලා, ආච්චිලා කීවෙ කට කහනවටයැ"
ReplyDeleteඔන්න මම නම් ගත්තු ආදර්ශය
ඩිලා ඔය කතාව අපේ සීයා ඇත්තටම කියන කතාවක් මට තවම මතකයි...
Deleteදැං මං මොකද්ද ගන්න ඕන ආදර්ශෙ.....කියල කල්පනා කළේ.
ReplyDeleteමමත් තවම කල්පනා කරනවා ඔය ගැන මල්ලි, කම්පනාවට ආවොත් දන්වලා එවන්නම් ! :DD
Deleteඅපරාදේ ටී.වී. එක දැම්මේ... :D
ReplyDeleteඅනේද කියන්නෙ බීටල් ?!! :DD
Deleteමේ කේස් එක ගොඩ ගියාට ආපහු ඒ වගේ ගෑනියෙක් එක්ක දීග කන්නේ කොහොමද කියල ලියන්නට හිතුනේ නැද්ද
ReplyDeleteඒත් ඉතින් අවුරුදු 32 ක් කාපු එකේ ඉතුරු ටික මොන කජ්ජක්ද, නැද්ද මං අහන්නේ :)
අනිවා දෙපා ලොකු පුතා ! :DD
Deleteකොයිතරම් බ්ලොග් කියෙවුවත් පොත් කියෙවුවත් උඹගෙන් කතාවක් ලියැවෙනකම් මම දැන් බලාන ඉන්නේ පුදුම ආසාවකින් .
ReplyDeleteසිරාවටම අයියේ උඹේ මූන බැලුවාම ජීවිතේට හිතන්න බෑ උඹ මේ වගේ ගිනි ගින්දරට ලියන එකෙක් කියලා ..
අනේ මන්දා සඳරූ මල්ලියෙ මමත් ඔහේ ඔළුවට එන එන ඒවා ලියලා දමනවා.. හැබැයි ඊළඟ එක ලියන කොට ඉස්සෙල්ලා එකේ කමෙන්ට් කරපුවා ඔළුවෙ තියා ගෙන ලියනවා..උඹේ වචන කොහොමත් මට වගේම අපි වගේ අළුතින් බ්ලොග් ලියන හැමෝටම හරිම හයියක් !
Deleteකතාව නම් හොඳයි, ඔය වගේ ගෑණුත් එක්ක පවුල් කනවට වඩා ඩිවෝස් වෙන එක දාහෙන් සම්පතයි.
ReplyDeleteඔව් කිරි පුතා ගොඩක් අය ඔහොම හිත හිතා ඒත් එහෙම නොකර තමයි ජීවත් වෙන්නෙ !
Deleteමරු....
ReplyDeleteසිරාවට බීටල කිව්වා වගේ මොකටෙයි ටීවි එක දැම්මේ!
ReplyDeleteඅෆ්ෆේ කතා පොජ්ජ ඉවර කරන්නත් එපාය සාබිත් :DD
Deleteමට තියන ප්‍රශ්නේ අහවල් එකකටද ආයෙත් අර ගෑනි එක්ක පවුල් කන්න ගියේ කියන එක. කතාවේ ආදර්ශයට නම් මම විරුද්ධයි වෙනී අයියේ....:)
ReplyDeleteකසුන් මල්ලි ඒක එච්චර හිතන්න එපා..ඒකසර්ව සාධාරනීකරනය කල හැකි ආදර්ශයක් හෝ කියමනක් නෙවෙයි කොහොමත්ම !
Deleteඅනේ වෙනි අයියෙ කතාවක් ලියන කොට හොඳ හොඳ ආදර්ශ දෙක තුනක් දාලා ලියපං. මම එනකොට පරක්කුයි. ගන්න තියන හොද ආදර්ශ සේරම උඩ කට්ටිය අරගන. මට ගන්න දෙයක් දෙයක් ඉතුරු වෙලා නෑ....
ReplyDeleteඔන්න ඔහෙ ආපු එකේ අර තරහ කාරයන්ගෙ ගෙවල්වලට යවන පාර්සල් ගැන තියන ආදර්ශෙවත් අරගන්නවා...:D
ප.ලි.
ඔය ගෑණු ලමයි අර තරහ ගියාම සරම කඩන ආදර්ශෙ එහෙම ගන්නව නෙවෙයි..
සිරාවටම මට මේකට මුකුත් කියන්න බයයි ලකියො.. :DD
Delete:D සහ :P
Deleteහිටපං ලකියා මං ගිහිං පාර්සල් කරලා අතටම දීලා එන්නං...:D
Deleteඑපා මාරයා ඔය හතරැස් මූන රවුම් කර ගත්තෙ කොයි තරම් නම් අමාරුවෙන්ද ? ආයිමත් පාරක්...
Deleteඅප්පට බොල.. මෙහෙමත් කේස් වෙනවා එහෙනම් .. අපි තාම පොඩි ළමයිනෙ.. පස්සෙ කාලෙක බලමු.. :D :P
ReplyDeleteස්තූතියි පිටසක්වලයා.. ඔය පොඩි ලමයි ලොකු වෙනකොට ලෝකෙ මීට වඩා ගොඩක් වෙනස් වෙලා..
Deleteඅපොයි දෙයියනේ..මොනවා කියන්නද මේවට..
ReplyDeleteසුපිරි කතාව..
බොහොම ස්තූතියි රූ හැමදාම වගේ..
Deleteපිස්සු හැදෙනවා අප්පා කරකවලා කරකවලා ගෙනල්ලා අතාරිනකොට කියවපු සේරම ලස්සනට මතක් වෙලා කතාව මැවෙනවා අන්තිමට මාර ලිවිල්ලක් ලියන්නේ මම නම් බොහෝම ආසාවෙන් කියවනවා මට මේක කියවලා ඉවර උනාම මතක් වුනේ අර කැරපොත්තෙක් නිසා ගුටි කාපු කොල්ලගේ කතාව අන්තිම වෙනකන් කිසිම දෙයක් හිතාගන්න බෑ.... උපත් පාලන කොපුවල කවර සීන් එකත් ප්‍රවර්ධන කේස් එකක්ද?
ReplyDeleteනියමයි ඈ තව ලියන්න මාර අත්දැකීම් තොගයක් තියෙන්නේ ආසාවේ බෑ කියවද්දි...ජය වේවා.....මෙච්චර සරලව ලස්සනට කෙටි කතාව ගොඩනගන හැටි විශිෂ්ටයි
ගැමියා ස්තූතියි..අපොයි අද මොන භාණ්ඩයද මාර්කට් කරන්න ඇඩ් දමලා ප්‍රොමෝට් නොකරන්නෙ ?
Deleteකතාව නම් ආසාවෙන් බැලුවා ඒ තරම් අවුලක් නෑ . ඒ වුනත් මටත් අර අමු ගතියනම් දැනුනා. අවුලක් නෑ. රහට කාපු හෝටලේකින් ඊළඟ දවසේත් ඒ රහම බලාපොරොත්තු වෙන්න බෑ නේද?
ReplyDeleteඔව් ක්සැන්ඩර් අච්චාරුවක තියෙන තමන් කැමති දේවල් විතරක් අරන් කන අය ගොඩාක් ඉන්නවා..මමත් ඒ වගේ..මම අච්චාරුවලට හරි කැමතී. ඔබේ අදහස මම තේරුම් ගත්තා කියලා හිතෙනවා
Deleteඅපි කෙනෙක්ව සැක කරන්නේ අපේ තියෙන වැරදි වැඩ අනිත් කෙනත් කරයි කියන බයට.
ReplyDeleteකතාව කියවද්දී හැබැයි මට තේරුනා මේවගේ තරඟ කථන්දරයක් වෙන්න ඇති කියලා.
ඔව් අසරණයා..තරහ කියන්නෙ අපි පෙලන තවත් එක හැඟීමක් නේද..ඒ රසය මතු කරන්න පුළුවන්ද කියලා බැලුවා අකුරු හරහා..මම ලියපු "පුතා" පෝස්ට් එකෙන් මම බලාපොරොත්තු වුනු දේ හම්බ වුනේ නැති නිසා
Deleteබලපං මට වෙච්ච වැඩේ. මම මේක කියවන්න කලින් කියෙව්වෙ කරුණා අම්මාන් ගැන රාමචන්ද්‍ර ලියපු පෝස්ටුව. ඒකෙ තියනව කරුණගෙයි එයාගෙ සුප්‍රසිද්ධ ලේකම් තුමියගෙයි පිංතූරයක්. මට මේ කතාවෙ කතා නායකය කරුණ කියලමයි හිතෙන්නෙ. කරුණයි එයාගෙ ලේකම් තුමියයි අතරෙත් තියන බැදීම් මේ කතාවෙ චරිත වලට ආදේශ වෙලා. උඹේ සාර්තකත්වය ගැන කියන්න වෙන දෙයක් නෑ.
ReplyDeleteමමත් ඒක කියවල බලන්නම් රාජ් සිදුවීම් ගොඩක එකමුතුවක් තමයි මන් අකුරු වලට හරවන්න උත්සාහ කලේ..
Deleteකතාව බලලා රාජ්ගෙ කමෙන්ටුව දැක්කම මටත් ඒකම හිතුනා..
Deleteජය ශ්‍රී වෙනි !!
ස්තූතියි සෑම් බොහොමත්ම..
Deleteමට නම් කතාවේ ලොකු අවුලක් නෑ වෙනි අයියේ........ සංසන්දනය කරද්දී කලින් එක හොඳයි. ඒත් කතා දෙකේ පදනම වෙනස් නිසා එහෙම කියන්න අයිතියක් නෑ නෑ වගේ හිතෙනවා. කොහොමත් වෙනස් දෙයක් ලියවෙන එක හොඳයි..... ජය...........
ReplyDeleteඔව් ගොඩයා වෙනස් වෙනස් දේවල් ලියන්න ගන්න උත්සාහයන් සමහර විට සාර්ථක වෙනවා.. සමහර විට අසාර්ථක වෙනවා..ඔබේ ඇගයීමට ස්තූතියි
Deleteවෙනී අයියා මේ කියලා තියෙන දේවල් ඇත්ත ලෝකෙ මම එමට දැකලා තියෙනවා. මම මේක නොයිවසිල්ලෙන් කියවගෙන ගියෙ එවුන්ට දෙන්ඩ පොඩි උපදෙසක් මේකෙ තියෙයිද බලන්න.
ReplyDeleteඩුඩියයි, බීටලෙයි කියන දේමයි මටත් හිතුනෙ.... කොහොමද ආය එකට ඉන්නෙ කියන එක. ඒකට උත්තරෙකුයි මම බලාපොරොත්තු උනේ.....
මං නං කියන්නෙ දෙන්නා වෙන්වෙන්න ඹ්නෙ කියලා...එතකොට දෙන්නම නිදහස් නේද?
ඔව් බුද්ධි ඔබ හරි..ඒත් දුර ගමනක් ගියහම ආපහු හැරෙන්න බැරි නිසා බහුතරයක් ඉතුරු වෙලා තියෙන පොඩි දුරත් සේරම ඉවසා ගෙන යනවා..
Deleteහෙහ් හෙහ්.... වෙනී අයියා කියන්නෙ ඕක දුර ගමනක් කියලද! අවුරුදු වලින් ද විවාහ දිවියෙ දුර මනින්නෙ වෙනී අයියා.....???
Deleteබුද්ධි මලේ මනුස්සෙක්ගෙ ජීවිත කාලය අවුරුදු 70 වුනොත් 32ක් කියන්නෙ දිග කාලයක් නේද? අවුරුදු 20 ගනනක දරුවෙක් ඉන්න අවු. 45 පැනපු කෙනෙක් වෙච්ච ලියන්නා ආයි කොහෙ පටන් ගන්නද මුල ඉඳන් ඔය සෙල්ලම ? හැබැයි වෙනී ගෙ ඔය ගැන පූද්ගලික අදහස වෙනස්..ඒක දවසක අපි හම්බ වුනහම කියන්නම්..
Deleteඅම්බෝ මෙයාගෙ සැර! නෑ මං කිව්වෙ කරත්තෙ ලිහලා ඉතුරු ටිකවත් නියුටල් එකේ යන්ඩ තිබුනා කියලයි..... දවසක අපි හමුවෙමු! මතක ඇතුව දිග ලෙන්ස් එක තියෙන කැමරාව අරං එන්ඩ....:P
Deleteහා හා..ස්තූතියි උපදෙසට ! :DD
Deleteකියන්න දෙයක් නැහැ මං දන්න තරමින් උඹ කෙටි කතාව කියන රාමුව අස්සේ හොඳටම සිල්ප දක්වනවා.
ReplyDeleteකලින් ලිපිත් එක්ක සංසන්දනය කරලා මේකට අගතියක් කරන්න යන්න ඕන නැහැ මොකද ඒක එකක් මේක තව එකක්..මං දකින්නේ උඹ කොයි තරං හොඳට වෙන වෙන අංශ ගැන හිතනවද කියන එකයි...කතා ලියන්න හුග දෙනෙකුට පුළුවන්..ඒත් බං ඒවට බීජ හොයා ගන්න යන එකට වෙනම දක්ෂතාවයක් තියෙන්න ඕන..අපේ හුග දෙනෙක් ලියන්නේ එකම රාමුවේ ඇතුලේ කතා..ඒත් උඹ හැමදාම අපි නොහිතන පැත්තකට අපිව ගෙනියනවා...
මං ඕනම නිර්මාණයකදී ඒක හොඳයි කියලා හිතන එක සාධකයක් තියෙනවා..ඒ තමා "ෂික් ඇයි මට මේක ලියන්න හිතුනේ නැත්තේ මේ තියෙන්නේ නියමම නිර්මාණයක්නේ" කියලා මට හිතෙන එක...ඇත්තටම ඒක කුහකකමක් වගේ දෙයක්..යම් කිසි ඉරිසියාවක් වගේ දේකුත් ඒ අස්සේ ගැබ් වෙලා තියෙනවා..ඒත් මං දන්නවා ඒ තමයි මගේ ලොකුම ඇගයීම...
මට ඔය ඉරිසියාව වගේ හැගීම වැඩියෙන්ම එන්නේ සේකරගේ නිර්මාණ කියවද්දී... සේකර ලියපු හැම දේම මටත් ලියන්න තිබුන දේ නේද කියලා හිතෙනකොට මං ඒ මනුස්සයගේ නිර්මාණවලට ඇති බැඳීම වැඩි වෙනවා.. ඒ වගේ තමා උඹේ නිර්මාණත්...
බ්ලොග්කරුවකුට හෝ කිසිම නිර්මාණ කරුවෙකුට ඒකාකාරී විශිෂ්ඨ නිර්මාණ එක දිගට කරං යන්න බැහැ..අතරින් පතර හොඳ දේවල් වගේ වැද ගැම්මකට නැති දේත් ලියවෙන්න පුළුවන්..එහෙම නැතිනම් එයා විශ්වකර්මයා වෙන්න ඕන..එතනදී ප්‍රශස්ත නිර්මාණ වලට යම් ආකාරයක බලපෑමක් ඒ නිර්මාණ ශිල්යාගේම දුර්වල නිර්මාණවලින් දක්වනවාය කියලා මං විශ්වාස කරනවා..එහෙම බැළුවම උසස්ම මට්ටමේ නැති නිර්මාණ කියන දේවළුත් කෙනෙකුගේ අතින් උනාට ඒකේ ඇති වරදක් මං දකින්නේ නැහැ...
මේක ලියං යන අතරේ වෙන දෙයක් ලියන්න මතක් උනා..ඒ හින්දා දැනට නවතින්නං..කොහොම උනත් මේකත් උඹේ කතා අතර තවත් එක වටිනා කතාවක්...
මන් සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්තෙ "මාරයාගෙ හෝරාවෙන්".. ඒ කාලෙ මම උඹට අමු අමුවෙම ඉරිසියා කරපු තරම උඹ සිරාවටම දන්නවනම් මන් එක්ක කතා කරන එකක්වත් නෑ.ඒ කතා අස්සෙ මන් ජීවත් වෙච්ච හැටි...හැබැයි අර ඇනෝලා වගේ පන්නා පන්නා ගහන්න හිතා ගත්තෙ නෑ.එහෙම කලෙත් නෑ.උඹේ බ්ලොග් එක කියවලා කියවලා මල්ලි මන් අල්ලා ගත්තා ඒ විදියට ලියන ක්‍රම ගොඩක්..ඊට පස්සෙ අනිත් සිංහල බ්ලොග් කියවලා ඒවට ඉරිසියා කර කර ඉඳලා මම ලියන්න කරන මේ උත්සාහයට මල්ලිම ඔහොම කියනව නම්..තව මොනවා කියන්නද ඉතින් ? ඔය හයිය අරන් ලියන්නම්කො අන්තිම හුස්ම යන කන්ම...ස්තූතියි බන් !
Deleteදැන්වත් ඔය තැපැල් පෙට්ටිය ගලවල දාන්න.
ReplyDeleteඔව් ප්‍රසන්න මලේ.. දැන් ඊ මේල් තියෙනවනෙ !
Deleteදැන් බ්ලොග් වලින් මේ වගේ හොඳ නිර්මාණ කියවන්න හැකි එක ගැන මගේ සතුට
ReplyDeleteස්තූතියි බින්දි ඔබේ ඇගයීමට
Deleteඅහ්හ් හැක හැක මාර සිද්දිය හාහා
ReplyDeleteමොනවා තේරුම් ගත්තත් මේ හිනාව තේරුම් ගන්නෙ කොහොමද වර්ණා නගේ ?
Deleteතාම එක සැරයයි කියෙව්වෙ...ආයෙ කියෝල හෙමීට එන්නං හෙට දිහාට...
ReplyDeleteහා අයියෙ ! අනේ මන්දා අයියෙ උඹ මගෙ බ්ලොග් එක ලියන්න පටන් ගත්ත ගමන්ම ඒක අර අන්තිම පේලියෙ පබ්ලිස් කරලා කරපු දෙයක් ! හැරිලා බලද්දි මටම පුදුමයි ..
Deleteඅර දුවගේ කට කැඩෙන්න එක්ක ගහලා.. සෝමාට යන අතක යන්න කියලා ලියන්නාට පාඩුවේ ඉන්නයි තිවුනේ.. :)
ReplyDeleteහිතින් දහස් වාරයක් එහෙම කර කර ඇත්තටම හිනා වෙලා ඉන්න අය බොහෝයි සුදු හංසි,
Deleteමොන දේ කරන්න කලින් වුනත් හොදට හොයලා බලලා ඉන්න ඕන.
ReplyDeleteඅර ඇහින් දැක්කත්, කනින් ඇහුවත් විශ්වාස කරන්න ඉස්සෙල්ලා හිතන්න් කියලා තියෙන්නෙ ඒකනෙ නිශාන්..
Deleteමට නං කථාව නියමෙට අල්ලල ගියා...ඒකත් ඉතිං එක එක්කෙනාට වෙනස්නෙ....
ReplyDelete//උපත් පාලන කොපු මදිවට සනීපාරක්ශක තුවා..//
මොනවද බංz ඒ ?
ස්තූතියි ඔබා අයියෙ...! ඒ මොනාද කියන්න නම් මන් දන්නෙත් නෑ :DD
Deleteඅම්මයි දුවයි එක අච්චුවෙ... :) ගොඩක් වෙලාවට හොඳ මිනිස්සුන්ව සැකේට ලක්වෙනව වැඩී... කරන්න තියෙන හැම දහජරා වැඩේම කරන උන් තමයි හොඳ...
ReplyDeleteකට්ටිය කියල තියෙනව වගේ කලින් එකට වඩා අප්සට්ද කියන්න දන්නෙ නෑ... ශෝකාන්තයක් කියල ලේබලයක් දැක්ක එකෙන් ඒක බැලුවෙ නෑ... කොහොමත් මට හැඟීම් එක්ක යන ගනුදෙනු දිරවන්නෙ නෑ :)
ඔව් සාතන්, එක එක අයගෙ රසිකතවය විවිධයි..මමත් නොකියවන කැටගරි තියෙනවා..
Deleteකලින් එක කියවන්න නම් තාම බැරි උනා . .
ReplyDeleteඒත් මේක මට නම් ලියලා තියෙන විදිහ ලස්සනයි . . .
කෙටි කතාවක දෙබස් වැඩිපුර තිබ්බාම තමා ලස්සන කියලා ගොඩක් අය කිව්වට මම නම් කැමති මිනිස්සු තමන්ගේ හිතත් එක්ක පොර බදන විදිය විග්‍රහ කරන ලියවිලි වලට.
ඔව් දුකා.. මන් වැඩියෙන් ලියාවි ඒ විදියේ එව්වා..
Deleteසිරාවටම දැනෙන කතාවක්. උඹගෙ කතා කමෙන්ට් කරත් නොකරත් හැමදාම කියවනව බං. මම ආස නෑ ඒ එකකට එකක් සසඳන්න. උඹ හැමදාම අලුත්ම දෙයක් ගැන ලියන්නෙ. මම නම් ඒ වෙනසට කැමතියි.
ReplyDeleteඔව් රංග මල්ලි මන් අනුමාන කලා එහෙම..කමෙන්ට් දැම්මෙ නැතුවට සද්දෙ වහලා කතා කියවනවා ඇති කියලා.. ඒ උනාට කමක් නෑ.. හ්ම්..කියලා හරි කමෙන්ට් එකක් දමලා යන්න හොඳේ...
Deleteචැක් ! කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක, ඒකනෙව අන්තිම මොහොත අර මනුස්සයට ටී.වී එක දාන්න හිතුනෙ. අපරාදෙ.
ReplyDeleteමෙකෙ තියන පොඩි ඩ්‍රොප්වීම කලින් එක තවත් උස්සල තියල
අනිවා නවම්..කරුමෙම තමයි..
Deleteමන් මේ කල්පනා කරේ විචාරේද මොකද්ද කියන එක මට කොරන්න බැනේ
ReplyDeleteඒ නිසා නියම කථාව කියලා මාරු වෙන්නමි
ජිංජි මමත් විචාර නම් කියවන්න දන්නෙ නෑ.. ඕන්න ඔහේ හිතට එන දෙයක් කියවලා දමන්න..
Deleteඋබේ කතා සෙට් එකක්ම මග ඇරිලනෙ අයියේ.... ඔන්න මේකත් කියෙව්වා
ReplyDelete