ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, October 28, 2011

බූරුවා තැපීම

ගම් වල වගේම නගරෙත් එක විදියට තියෙන ක්‍රීඩාවක් තමයි, බූරුවා ගැහීම කියන්නෙ. බේබි කැපීම, ආස්කින් හිටින් හෝ නගරයේ නම් පෝකර් කියමින් ගහන්නෙ එකම බූරුවා ගැහීමයි.  මෙම බූරුවා ගැහීම යන නම නිර්මාණය  වීමේදී අර පුත්තලම් පැත්තේ ඉන්න අස්ප පවුලට අයත්, ලොකු කං ඇති කකුල් හතරේ සිවුපාවාගෙ නම ඈඳුණේ කෙසේදැයි තවමත් හිතා ගත නොහැක.






සමජයේ මෙතරම් ප්‍රචලිත ක්‍රීඩාවක් නිසා බූරුවා ගහන්නෙ කොහොමද කියා මා කියන්නට යන්නෙ නැත. නමුත් මගෙ සිසු අවදියේ බූරුවා ගැසීම සම්බන්ධ සිදුවූ යම් සිද්ධියක් මගේ මතකයට නැගේ. 


හැම ගමකම වාගේ මල ගෙවල් වල, අළුත් අවුරුදු කාලයට සහ සමහර විට අවුරුද්ද පුරාම පවත්වා ගෙන යන බූරු පොළවල් අපෙ ගමේත් තිබිණි.


අප බොහෝ විට යන්නෙ මෙම අළුත් අවුරුදු කාලයේ තිබෙන බූරු පොළවල් නැරඹීම සඳහා පමණි.


බූරුවා ගැසීම නීතිවිරෝධී මෙන්ම පොලෝසියෙන් කඩා පැන බූරු ගසන්නන් සහ බූරු ගසන අය දෙස බලා සිටින්නන් - බූරු තපින්නන් - ද කුදලා ගෙන ගොස් නඩු දමයි. අපිත් මෙසේ කුදලා ගෙන අය දෙස ප්‍රීතියෙන් බලා සිටීම කළෙමු .නමුත් අළුත් අවුරුදු කාලයේ නම් බූරු තැපීම කරන්නේ.. බූරුවා පිටියම සුද්ද කර ගත් මහා  ජයග්‍රාහකයන් අවට සිටින අයටද රු. 50 රු. 100 බෙදා දී යන බැවිනි. මෙසේ එකතු කර ගන්න මුදල් අපි පතංචි, කැට ආදී  ක්‍රීඩාවලට යෙදවීමු.


එසේම සමහර අන්තයටම පරදින්නන් තමා සන්තකයේ ඇති වාහන, රන් බඩු, සමහර විට ඇඳ සිටින ඇඳුම පවා උකස් කර සූදු කෙලී. මෙවන් සිද්ධි අපට මහාත් විනෝදයක් සැපයුවේය. අප බොහෝ විට බූරු තපින්න යන්නෙ අළුත් අවුරුදු දින කීපයේ ය මන්ද යත් අප්‍රේල් 12 සිට 15 හෝ 16 දින අතරතුරදී පොලිසියෙන් පනින්නෙ නැත යන්න ඉර හඳ සේ විශ්වාස නිසා අපද බිය නොමැතිව බූරු පිට්ටනිවල කරක්ගසා දිනන්නන් ලබා දෙන සන්තෝසම් භුක්ති විඳීමට පුරුදුව සිටියෙමු.


එවන් අවුරුද්දක අපේ සෙට් එකේ 4-5 දෙනෙක් මෙසේ බූරු තපින විට.. 


"පොලීසියෙන් එනෝ" 


යනුවෙන් කිසිවෙක් කෑ ගසන හඬ සමඟම අපිද තැති ගැන්වී.. හිස් ලූ ලූ අත දුවන්නට සූදානම්ව මිදුලට පැන්න විට දුටු දර්ශනයෙන් තුෂ්ණිම්භූත  වීමු. සෑම පැත්තෙන්ම පෙනෙන්නේ කාකි සූට් ගසා ගත් සේනාවකි. අපගේ ගම පොලිස් බල ප්‍රදේශ 2කට මැදිව ඇති නිසා යම් සිද්ධියක් වුවහොත් මෙම පොලීස් ස්ථාන දෙකෙන්ම පැමිණෙයි. 20ක් 30 වූ බූරු පිරිස කෙසේ හෝ බේරී පලා යන්නට උත්සාහ ගනිද්දී අපද එහෙන් මෙහෙන් රින්ගා.. සරම් කරට ගෙන වේගයෙන් දුව යන්නට වීමු. පොලිස් මාමලාගෙ කුණුහරුප සමඟ ඇසෙන තර්ජන හමුවේ.. අපිට හුරු අපේ ගමේ තේ වතු, රබර් වතු, කාණු හරහා අපි සියල්ලෝම සී සී කඩව දුව යන අතරතුරේදී අසුවූ අය හට ලැබෙන ගුටි පූජා දකින අප හට කෙසේ හෝ මෙතනින් පලා යාමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට වීය..මා පසු පස හඹා ආ පොලිස් මාමාට වෙට්ටු කීපයක් දමා මමද අසල තේ වත්තෙ උසට  වැඩුණු තේ පඳුරු අස්සෙන් සැඟවී දිව ගියෙමි. තේ වත්ත ආසන්නයේ වූයේ රබර් වත්තකි. මෙම රබර් වත්ත පිහිටි ප්‍රදේශයෙ කඳු ප්‍රදේශයක් වූ අතර මෙමකඳු ගැටය එහා පැත්ත කුඹුරු යායකි. මගේ සැලැස්ම වූයේ මෙම කුඹුර හරහා පැන යාමටයි. තේ පඳුරු අතරින් හෙමින් ඉස්සී බැලූ විට අහල පහළ කිසිවකුත් නොපෙනුණ නිසාම ක්ෂණිකව  රබර් වත්තට පැන ගතිමි. තව විනාඩියෙන් මන් ගොඩ.. මගෙ අනිත් යාළුවො අහු උනාද දන්නෙ නැහැ ..
එක්වරම බෙල්ල පිටුපස දඩු අඬුවකට අසු උනාක් මෙන් දැනුණ අතර මා උත්සාහ කළේ  පසු පස හැරී සිදු වන්නෙ කුමක්ද බැලීමටයි.


"තෝ හිතුවෙ මගෙන් බේරෙන්න නේද? දැඟලුවොත් කුඩු කරනවා උඹේ කකුල් දෙකම.."


කියා නොවේ පොලිස් මාමා කිව්වෙ.. කියවන්නන්ගෙ දැනුමේ හැටියට මෙම වචන වලට සුදුසු වචන ආදේශ කර ගන්න මෙන් ඉල්ලා සිටිමි. ඔහු කී දෙය කළේ නම් මෙම සිද්ධිය ලියන්නට මේ වනවිට ලියන්නෙක් ඉතිරි වන්නේ නැත. ලියන්නාගෙ පරපුරම එතනින් ඉවරය. එක් අතක වූ තුවක්කුව කරේ දමා ගත් පොලිස් මාමා මට පා පහරක් එල්ල කර සරම් ගැටය ළඟින් අල්ලා ගත්තේ කෙසේ වත් ගැලවී නොහෙන පරිද්දෙනි . දැන් නම් සියල්ලම ඉවරය.. මෙතෙක් පොලීසියෙන් රැගෙන යනවුන් දෙස බලා වූ ප්‍රීතිය ඵල දෙන්නට පටන් ගෙන තිබේ. තව මොහොතකින් ගම මැදින් අපව ඇද ගෙන යනවිට සිදු වියහැකි සියල්ලම මා දෙනෙත් ඉදිරිපිට මැවී පෙනෙන්නට වීය. 


"අනේ මාමෙ අපි බූරු ගැහුවෙ නැහැ..බලා හිටිය විතරයි. මට යන්න දෙන්න."


"තොට යන්න දෙන්න නේද ?..හිටු "


කියමින් අසල වූ රබර් ගසක දෙපාරක් ඇන.. බඩට ද දෙකක් අනිමින් කී නොසරුප් වදන්... සමහර වදන් නම් ජීවිතේටම ඇසුවේ ඒ මොහොතේදීමය..


මේ පහර දෙකින් වේදනාවක් නොවූවත් මා අතිශයෝක්තියෙන් කෙඳිරි ගාමින් දෙකට නැමුණේ  පොලිස් මාමා තවත් පහර දෙතැයි  සැකපහළ වූ නිසාය. එසේ නැවෙනවාත් සමඟම මා දුටුවේ කූඩැල්ලන් දෙදෙනකු මගේ කකුල් දෙක මනින්නට කරන උත්සාහයයි. වඩාත් සාර්ථක කූඩැල්ලා මගේ දණහිස  ළඟය.


 "පොඩ්ඩක් ඉන්න රාළහාමි කූඩැල්ලො දෙන්නෙක් ඉන්නවා අරන් දමන කන්"


මන් එක කූඩැල්ලෙක් අතට ගෙන කෙළින් වූයෙමි.


පිළිකුල  මිශ්‍ර දෙනෙතකින් බුරුසු රැව්ල නටවමින් මා මොහොතකට අත හැරිය පොලිස් මාමා තමාගේ දෙකකුල් සහ අත් දෙස විපරමින් බලන්නට විය..


ඊළඟ ක්ෂණයේ දර්ශනය නම් සෑහෙන පරතරයක් තබා ඉදිරියෙන් දුවන මා සහ අසභ්‍ය වචන වලින් වෙඩි තියමින් මා පසු පස පන්නන පොලිස් මාමාය.. රබර් ගස් වලින් කට්ටි පනිමින් දුවන මා ඉදිරියේ දසුන මගේ කකුල් හිරි වැට්ටවීය.. තවත් පොලිස් කීපදෙනෙක් රබර් වත්ත පාමුල කුඹුරු යායෙ කෙළවරක බූරු සෙට් එකේ කීප දෙනෙක් අල්ලා ගෙන සිටී. නොපෙනුණත් මගේ රාළහාමි මාමා මොහොතකින් මා  අසලට පැමිණෙනු  නියතය.  රබර් වත්තේ එක් කෙළවරක කරුණෙ  අයියාගේ ගෙදර ඉදිරි දොර විවෘත ව ඇත. වෙන කිසිම විකල්පයක් නැත. 


ඇසිල්ලකින් මා එහි සාලයේය. කරුණෙ අයියාගෙ බිරිඳ සෝමෙ අක්කා කුස්සියෙ දවල් ඉවීමට මෑකරල් කඩමින් සිටියාය.


 "අක්කෙ පොලීසියෙන් පන්නනවා මාව බේරගනින්. "


"රින්ගපන් මල්ලියෙ කාමරේට"


දඩාස් හඬින් කාමරේ ජනේල වැසූ අක්කා..


"උඹ නිදා ගනින් ඇඳේ ! උණ වගෙ හිටින්!"


"මාව අහු උණා කොස්සෙකුට ඌ මාව අඳුරනවා අක්කෙ "


මගේ සූට් එකම පෙන්නමින් ගොත ගසන මගේ හඬ හැඬුම්බරය.


"බය වෙන්න එපා මන් උඹව බේරා ගන්නම්..මේක ඇඳ ගනින්"


ඇඳ පාමුල බිම තිබූ කරුණෙ අයියා යන්නට පෙර ගලවා දැමූ සරම් රවුම මා අතට දෙන ගමන් කීය. මගේ සරමට උඩින් එය පටලවා ගෙන මම ඇඳේ ගුලිවී නිදා ගත් වහාම අක්ක හැඳ සිටි චීත්තය ගෙන මගේ ඔළුවේ සිට පොරවා එළියට ගියාය. මම වහාම  දෑස පියා ගෙන වසා සිටි ජනේලය පැත්තට හැරී.. වේගයෙන් ස්පන්දනය  වන මගේ හදවත නිසල කිරීමට තැත් කළෙමි.


අනේ දෙයියනේ මේකෙන් මාව ගලවා දෙන්න කොහොමහරි.. මන් මොනවාහරි පූජාවක් තියෙනවා ඔබ තුමාට.. මන් උත්සාහ කළේ පන්සලේ දේවාලයේ ඇති දෙවිවරුන් කවුරුද යන්න මතකයට නඟා ගැනීමටය. 


අක්කාද තමා ඇඳ සිටි දිග සාය පිටින් කාමරයෙන් එළියට යනවා යාන්තමට දකිනවාත් සමඟම කාමරයේ ජනේලය අසලින් එළියෙන් වේගයෙන් දුවවිත් ගෙයි පඩිය උඩට කවුරුන් හෝ අඩිය තියනවා මට  ඇසිණි. අප්පට සිරි පොලිස් මාමා දැකලවත්ද මන් ගේ අස්සට රින්ගනවා.. අනේ බුදු අක්කෙ මාව බේරා ගනින් උඹේ මොළේ  කල්පනා කරලා බොරු ටිකක් කියලා.. මම සිතින් යැද්දෙමි..


"සෝමා මොකද කාමරේ ජනේලෙ වහලා මේ මහ දවල් ? ඇයි දොර අඩවල් කර ගෙන හිටියෙ ? මොකද ඔය සාය පිටින් ඉන්නෙ ?"


ඒ කරුණෙ අයියාගෙ ගොරහැඩි කටහඬයි !






මතු සම්බන්ධයි...

දෙවන කොටසට මෙතනින් යන්න.  http://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post.html



81 comments:

  1. දෙයියෝ බුදු වෙන්න......... ඊළඟ කොට ස ????

    ReplyDelete
  2. හප්පා... හොඳ රසවත් සිද්දි තියෙන සූදුවක් තමා ඕක

    ReplyDelete
  3. බුරුවා ගැසීමේ වරද කෙසේ වෙතත් වෙනී අයියට ෂුවර් එකටම වෙන නඩුවක් වැටෙයි වගේ..

    ReplyDelete
  4. ඇත්ත කතාවකට වඩා කෙටි කතාවක් වගේ... අප්පේ...ඊට පස්සෙ මොකදෑ වුනේ... කරුණේ අයියගෙන් හම්බුනාද පොලිස් මාමගෙන් හම්බුනාට වඩා? මනුස්ස කමක් ගෑවිලා තියෙනවද පොලිස් මාමලා ගාව?

    ReplyDelete
  5. හප්පා...ඊට පස්සෙ මොකද වුනේ??? නියම විදිහට ඔක්කොම සෙට් වෙලා තියෙන හැටිනම් මාරයි...:))

    ReplyDelete
  6. හප්පේ මේක නම් බලන්න වටින කතාවක් දෙකට කඩාපු එක හොඳා එතකොට ආතල් එක වැඩියි ..

    ඉතින් ඉතින් ..?

    ReplyDelete
  7. පොලීසියට අහු උනාට වැඩිය කෑමක් කන්න වෙයි වගේ..

    ReplyDelete
  8. ලියන්නටත් මර්ෆිගෙ තියරිය බලපාන්න වගේ යන්නෙ.... කන්න නියමිතව තියෙනවනම් පොලීසියෙන් නැත්නම් කරුණෙ අයියගෙන් හරි කන්න ලැබෙනව...

    ..............

    බෝඅර් (Boer) වරු කියන්නෙ අපේ රටේ ඉන්න බර්ගර් ජාතිකයො වගේ දකුනු අප්‍රිකාවෙ ඉන්න ලන්දේසින් ගෙන් පැවත එන ජාතියක්.... සුද්දො ( ඉංග්‍රීසි )අපේ රටේ හිටපු කාලෙ ඔය බෝඅර් කාරයොත් එක්ක එහේ යුද්ධ තිබිල තියෙනව... ඒවයෙදි අල්ලගත්ත බෝඅර් හිරකාරයො ලංකාවටත් ගෙනැත් තියෙනව.....

    බූරු කුට්ටම, බූරු ඇඳ වගේ වචන එන්නෙ අපේ කට්ටිය ඒව මුලින්ම දැක්කෙ බෝඅර් කාරයො පාව්ච්චි කරද්දි නිසා....

    පොර වෙන්න හෙම කිව්ව නෙමෙයි ... පෝස්ට් එකේ ඒගැන සඳහනක් තිබුන නිසා ලියල දැම්මෙ...

    ReplyDelete
  9. මෙන්න මෙහෙම තමයි කොටස් වශයෙන් පල කෙරෙන කතන්දර ලියන්න ඕනෑ.

    මේ කොටස අවසාන කරලා තියෙන විදිය අති විශිෂ්ඨයි!

    ReplyDelete
  10. ඒ පාර නම් පොලිසියට අහු උනු එකට හපන් දෙයක් වෙයි වගේ

    ReplyDelete
  11. @ සොසී - ඕන්න සොසී මුලින්ම ඇවිත් කියවල කතාව.. ඊළඟ කොටස ඉක්මනින් දමන්නම්..

    ReplyDelete
  12. @ චාමි - අනිවාර්යෙන්ම ඔව්.. සුන්දර, අසුන්දර හැම ජාතියේම සිදුවීම් ගොඩායි !

    ReplyDelete
  13. @කසුන් - බලමු, බලමු.. තරහා අවසර..සතියක් වත් යයි ඉතුරු කොටහ ලියන්න..

    ReplyDelete
  14. @ ඇනෝ - ස්තූතියි කමෙන්ට් එකට.. පොඩි අදහසක් තමයි..පොලිස්සියෙත් ඉන්නවා ඇත්තටම මානුෂික අය..ඒත් සුළුතරයක් නම් තමයි

    ReplyDelete
  15. @නිසුපා - ඔව් නංගි කන්න තියේනම් ඔව්ව අපිට සෙට් වෙනවා නියමෙටම !

    ReplyDelete
  16. @සඳරූ - ආ මලයනෙ ! මේ මන් බැලුවා ඒත් පහුගිය ටිකේ නොදැක්ක නිසා අපිව අමතක වෙලාවත්දෝ කියලා.. හිස් අහස වගේ එව්ව කියෙව්වහම..අපිත් ටික ටික ඉගෙන ගන්නවා සිද්ධියක් රසවත්ව ලියන්න..ඒත් තාම සාර්ථක නැහැ..මටම ආයි කියවද්දි අඩුපාඩු පෙනෙනවා !

    ReplyDelete
  17. @ දිනේශ් - ලෙසටම හම්බ වෙයි වගෙ මල්ලි මෙදා පාර නම් !

    ReplyDelete
  18. @ සපතේරු උන්නැහෙ - බොහෝමයක්ම ස්තූතියි.. ඒ කතාවට නම්.. ඉන්නකො මෙන්න මේ කොටස මන් ඊළඟ කතාවෙ සුදුසු තැන තියන්නම් !
    \\මගේ හිතවත් අයියා කෙනෙක් කිව්වෙ නම් මෙහෙම නම හැදිලා තියෙන්නෙ
    " මල්ලි, බෝඅර් (ඹෝර්) වරු කියන්නෙ අපේ රටේ ඉන්න බර්ගර් ජාතිකයො වගේ දකුනු අප්‍රිකාවෙ ඉන්න ලන්දේසින් ගෙන් පැවත එන ජාතියක්.... සුද්දො - ඉංග්‍රීසි - අපේ රටේ හිටපු කාලෙ ඔය බෝඅර් කාරයොත් එක්ක එහේ යුද්ධ තිබිල තියෙනව... ඒවයෙදි අල්ලගත්ත බෝඅර් හිරකාරයො ලංකාවටත් ගෙනැත් තියෙනව.....බූරු කුට්ටම, බූරු ඇඳ වගේ වචන එන්නෙ අපේ කට්ටිය ඒව මුලින්ම දැක්කෙ බෝඅර් කාරයො පාව්ච්චි කරද්දි නිසා...."
    එහෙම කියලා අයියා පන්සල පැත්තට ගියා. \\

    ReplyDelete
  19. @ කසූ - ස්තූතියි ඔබේ ඇගයීමට ! හොඳ පාඩමක් කර ගන්නම් ඉදිරියේදී ඒක..

    ReplyDelete
  20. @ItalyDilan - මටමමයි වෙන්නෙ අප්පා !

    ReplyDelete
  21. වෙනී, ලිවීමේ ශෛලිය නම් විශිෂ්ඨයි. මීලඟ කොටස කොටාගන්න කලින් කිසිම ගෑණු හුටපටයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමි.
    henryblogwalker the Dude

    ReplyDelete
  22. පොලිසියෙන්ද ??? කරුණෙගෙන්ද ??? යන ප්‍රශ්ණය හිතේ තද කරන් ඉතිරි කොටස ලැබෙන තෙක් මඟ බලමි.

    ReplyDelete
  23. සපතේරු උන්නැහෙගෙ කොමෙන්ට් එක දැකලා පොඩි සපෝට් එකක් දෙන්න හිතුවා. මේත් පොර වෙන්න හිතාගෙන කියනවා නෙවෙයි. ජර්මන් ඕලන්ද වගෙ එක පවුලෙ භාෂාවල Herr, Frau (ඉංග්‍රීසියෙන් Mr, Mrs) කියන වචන, මෙතනදි හේරා, පොරොව වගෙ පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට hart (English: heart) aas (English: ace) හාරත ආසියා වුනේ කොහොමද කියලා හිතාගන්නත් අමාරු නෑ නේ?
    Herr henryblogwalker the Dude

    ReplyDelete
  24. මට පේන්නේ හොඳ සංග්‍රහයක් ලැබිලා තියෙන පාටයි අයියට....! ලියමුකෝ බලන්න ඉතුරු ටික....

    ReplyDelete
  25. හූඌඌ මෙයා හොදවයින් කාලා වගේ කරුණෙ අය්යගෙන්.හික්z.
    පව් අර අක්කා උදව් කරන්ඩ ගියා මදෑ.

    ReplyDelete
  26. නයි කයිද රෝස් පාන් කිව්වලු අනිත් කොටස එනකන් කමෙන්ට කරන්න හොඳ නෑ

    ReplyDelete
  27. මට නම් පේන්නෙ කාලා වගේ අම්බානකට...කමක් නෑ කමක් නෑ...අපි මොනවත් හිතන්නෙ නෑ...ඊ ලඟ එක බලනකම්...හික්ස්

    ReplyDelete
  28. පෝකර් කියන්නේ වෙනම සෙල්ලමක් වෙනියො...

    බූරු තැපිල්ල මුලදි කලත් පහු පහු වෙනකොට සිඟිති කැපීම ආරම්භ කොට එයින් ලත් ප්‍රවීනාචාර්ය පදවිය හේතු කොටගෙන බේබී කැපීමට එකතු වූ මංතුමා පසු කාලීනව එම සුවිශේෂී ක්‍රීඩාවෙන් සමු ගන්නට යෙදුණේ එවකට තිබූ ආදර සබඳතාවයක් කරණ කොට ගෙන වග මෙසේ සටහන් තබමි... අදටත් බූරුපොලක වාඩි වෙන්නට අකමැත්තක් නොමැති වගද සතුටින් දන්වා සිටිනු ලබන අතර ඒ සඳහා වෙනියා විසින් අපහට අවස්ථාවක් හැකි ඉක්මනින් ලබා දේ යැයි උදක්ම බලාපොරොත්තු වෙමි... ස්තූතියි...


    ඇත්ත කියහං කරුණේ අයියා උඹට මොනවත් අතවරයක් කලේ නැහැ නේද වැරදීමකින් හරි සෝමක්කා කියල හිතලා.....

    ReplyDelete
  29. හහා!මල්ලි එකම කෑමක් වගේ ආ!

    ReplyDelete
  30. වෙනියෝ, ලියවිල්ල නියමය්. ආසාවෙන් කියෝගෙන ගියා, ඉතුරු ටිකත් ඉක්මනට පබ්ලිෂ් කොලා නං......

    ReplyDelete
  31. අපොයි වෙච්ච වැඩේ. ඉතුරු ටිකත් ඉක්මනට කීවානම්.
    පව් අර හිත හොඳ අක්කා.... :-)

    ReplyDelete
  32. හෆ්ෆට සිලිගජ පිචැර් එකේ දෙවනි කොටස කවදටද රිලීස් කොරන්නේ :D වෙනී අයියේ.....

    ReplyDelete
  33. @ ඩූඩ් - ස්තූතියි එකතු කිරීමට... ඔය පොඩ්ඩක් ලියලා තිබ්බ දේ මට ගොඩාක් කියවලත් හොයා ගන්න බැරි උනා ඩූඩ්.. ඒ නිසා ඒක ගොඩාක්ම ගොඩක් වටිනවා !

    ReplyDelete
  34. @ ගොඩයා - ටික දවසක්.. ඒත් වැඩි දවසක් නම් නොවේ..ඉවසන්න වෙනවා !

    ReplyDelete
  35. @ ප්‍රසන්න - අවුරුදු කාලවල මේ වහෙ එව්ව උනහම... සංග්‍රහත් ඉතින් ලෙසටම තියේ..

    ReplyDelete
  36. @ නදී - ඔහොමද හූ කියන්නෙ හිතවත් කෙනෙක් අමාරුවෙ වැටෙන්න යනකොට ? හනේ !!!! කියල කම්මුලෙ අත තියන් හූල්ලනව මිසක්ක !

    ReplyDelete
  37. @cjgayan - කපටියා ...!!!! DDD.. ඒ උනාට එහෙම කියලා කමෙන්ට් කරපු එකත් හයියක් !

    ReplyDelete
  38. මාර සීන් එකනෙ වෙලා තියෙන්නෙ. බලමුකො ඊළඟ කොටසින් කවුද කන්නෙ කියල.

    ReplyDelete
  39. @දිල් - ස්තූතියි.. මොනවාවත් නොහිතපු එකට ! මන් බයේ හිටියා ගුටි කෑවයි කියල හිතයි කියල !

    ReplyDelete
  40. @ මාරයා - මන් කියවපු එකක තිබුනා එහෙම මල්ලි, ඒකයි මන් එහෙම කිව්වෙ.. ආ ඉතින් 5-6 දෙනෙක් සෙට් කරන් බූරු පොලක් දමමු !... හොඳ වෙලාවට කරුණෙ අයියාට ඇස් පෙනීම හොඳයි..නැත්නම් !...

    ReplyDelete
  41. @ සබිත් - නැතුව !!! නැතුව !!!

    ReplyDelete
  42. හප්පච්චියේ . . . !!!!!

    පොලොස් මාමාට කුඩු කරන්න බැරි උනු එක කරුනේ අයියා කොරන්න ඇති මහිතේ . .

    හෆොයි . ..

    ReplyDelete
  43. @ඔබ්සර්වර් අයියා - හැකි ඉක්මනින් පබිලිශ් කොරඥ්ඥ්...පශ්චාත් තයක් කොරඥ්ඥ පටන් ගත්තා අයියෙ.. පු* ඉරෙන්න ඇසයින්ට්මන්ට් දෙන්න ගත්ත හෆ්ෆා !

    ReplyDelete
  44. @ පොකු - හැබැයි හිත හොඳ අක්කලාට හැම දාමත් වරදින්නෙ නැහැ..කොච්චර වැරදුනත් ඒ ගොල්ලන්ගෙ හිත හොඳයි අප්පා !

    ReplyDelete
  45. @ප්‍රසන්න - බලමු බලමු ! අපිත් බලා ඉන්නෙ ලට පට වල මොනවහරි ලියනකම් තමයි ..

    ReplyDelete
  46. @ දුකා - මේ ලෝකෙ වෙන්න යමක් තියේනම් මහ ශක්‍රයාටවත් වලක්වන්න බැහැයි කියනවනෙ ! අනේ සාන්දුක්කෙ !!!

    ReplyDelete
  47. කරුණෙ අයියා: අද නං තදයි . . . හැබැයි ගඳයි . . . .

    ReplyDelete
  48. @ ඕනයා - ඔය ගම් ගොඩැලි වලට ඔයවා තිබ්බෙ නැහැ මල්ලි ඒ කාලෙ !

    ReplyDelete
  49. ගංගොඩවල් වල අපි නොදන්න මොණරතැන්න . . හික්ස්

    ReplyDelete
  50. @දුකා - කියන තැනකට වඳින්නම් මල්ලියෙ උඹ ඕනයාට අලගු නොතියා හිටින් !

    ReplyDelete
  51. ෂාහ්... මං පරක්කුයි නොවැ අද කතාව කියවන්න. කොහෙන් ගියත් කෑමක් කිව්වලු.. පොලිසියට අහුවුනානම් හොඳයි කියල හිතෙන්න ඇති..

    ReplyDelete
  52. හම්මෝ ජරා පොලිස් කාරයන්ටනම් අහුවුණොත් ඉවරයි..

    ReplyDelete
  53. @ ක්සැන්ඩර් - කොහෙද පරක්කු පොස්ට් එක තාම තාම උණුවෙ උණුවෙ ඊයෙ රෑ (28) දැම්මෙ..!

    ReplyDelete
  54. @ පිටස්තරයා - ස්තූතියි ඔබේ කමෙන්ටුවට ! ඒක නම් සහතික ඇත්ත..

    ReplyDelete
  55. අනේ පව් ඉතින් ඉතින්

    ReplyDelete
  56. හොඳ මෑකරල් දම්පාටයි කියන්නේ හැබෑද...?

    ReplyDelete
  57. හහ් හහ් හා.............
    හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කිව්වලු........
    මම නම් හිතන්නෙ අක්ක ඔක්කොම ෂේප් කරගන්නව...........

    ReplyDelete
  58. @ගිම්හානි - තැන්කූ අනේ ඔයාවත් මගෙ අසරණකමට අනුකම්පාකලාට.. ඉන්නකො පොඩිත්තක් ඉවසන් !

    ReplyDelete
  59. @තිස්ස - ඔච්චර කූර වෙන්ඩ එපා අප්පා... මන් අහරෙ රෙද්ද අස්සෙ ගැහි ගැහී ඉන්නවා.. මෙහා මෑකරල් වල පාට අහනව ?!!!!

    ReplyDelete
  60. @Enemy - ස්තූතියි.. කමෙන්ට් එකට ! හිත හොඳ අක්කලාට කවදාවත් වරදින්නෙ නැහැ.. නේද ?

    ReplyDelete
  61. රාලහාමි මාමා, ජනේලයෙන් එබී බැලු විට දුටුවේ බාල්කයක චීත්තයකින් එල්ලී සිටි ලියන්නාත් , මඩ ගෑවුණු සරමකින් එල්ලී සිටි සෝමක්කාත්ය...

    ReplyDelete
  62. මට මැවිලා පේනවා ඊලඟ කොටස... කරැනේ අයියා කාමරේට ඇතුල්වෙනවා... වෙනියා කනවා... අර රාළාමිට අහුවුනානමි හොඳයි කියන්න....

    ReplyDelete
  63. @දුකා:
    ටැංකිවු මචෝ . . .

    @වෙනී:
    හප් . . !!

    ReplyDelete
  64. දෙය්යෝ සාක්කි . පොලෝසියේ කෑම හොඳයි කික්යල හිතුනද . අර අහින්සකි ගුටි කෑවද

    ReplyDelete
  65. @ඉඳුනිල් - මලයගෙ අදහසත් හොඳයි.. නැත්නම් මේ වගෙ පුන්චියට එව්ව අඳීද ?
    http://www.ramadasa.name/%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B6%A2%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF/

    ReplyDelete
  66. @බස්සා - හෆොයි මන් ගැන නම් කිසිම අනුකම්පාවක් නැති ගානට ඒක ලියල තියෙන්නෙ !

    ReplyDelete
  67. @ඕනයා - බලා හිටු ..දැන් දුකා මලයා හ්ම්ම්ම් කියන්නෙ නැහැ..

    ReplyDelete
  68. @බින්දි - ගම් වල කාලය සහ තාලය වෙනස් බින්දි අද කාලෙට වඩා !

    ReplyDelete
  69. උඹව පොලිසියට අහු උනා නං හොඳයි කියලා හිතෙයිද දන්නෙ නැහැ, බලපං දැන් කරුනෙ අයියා වැරදියට එහෙම හිතුවොත් බොට මොකද වෙන්නෙ ........

    මටත් අපරාදේ කියන් බැහැ ඔය ගැන හොඳ අත්දැකීම් තියනවා, මෙන්න මමත් ලියපු එකක් අවුරුදු නවයෙදී බූරුවා ගැසීම හෙවත් ලමුන් නොමග යෑම .........

    ReplyDelete
  70. @පංසල් හංදිය - ස්තූතියි ඒ ලින්ක් එක බෙදා ගත්ත එකට..මට මතකයි ඒ ලිපිය මන් ඒකාලෙම කියෙව්වා..ඒ කාලෙ කියවන්න විතරයිනෙ..බලන්න ඒ කාලෙ අත්දැකීම් වල ලස්සන !

    ReplyDelete
  71. අනෙ හපොයි බන්.... මට හිනාව නවත්තගන්න විනාඩි 2ක් ගියා..... හපොයි..... පිස්සු කොර බන්..... පොලිසියට අහු උනා නම් ගොඩ....
    නවත්තපු තැන නම් උපරිමයි....


    ඕනයා ගෙ කතා තමයි කතා...

    ReplyDelete
  72. හික් හික් හික්.... කරුණෙ අයියා මක්කෙයි කිව්වෙ ඉතින්?

    ReplyDelete
  73. @බිඟු - ස්තූතියි කමෙන්ටුවට..මොකේ මොකක් වෙයිද මන්දා ?

    ReplyDelete
  74. @ පිපම - බොලා හිනා වෙයි.. මන් තවම අරහෙ රෙද්ද අස්සෙ බයේ ගැහෙ ගැහී ඉන්නව !

    ReplyDelete
  75. @ අවංක පැට්ටා - බලමු සති අන්තෙ දිහාවට මොකෝ උනේ කියල !

    ReplyDelete
  76. බුරුවා ගැසීම බොහොම හොඳ ක්‍රීඩාවක් තමයි පරාද වෙනකන්
    කරුණේ අයිය බුරු ගහපු හැටි අපිට ඊළඟ පොස්ට් එකෙන් බලාගන්න පුළුවන් වේවි මගේ හිතේ...
    හික්.. හික්

    ReplyDelete
  77. @ ලොකු පුතා - ස්තූතියි කමෙන්ට් එකට.. බලමු බලමු !

    ReplyDelete
  78. @ ලොකු පුතා ... කරුණෙ අයියා බූරුවා ගහපු හැටි නෙවෙයි බූරුවට ගහපු හැටි. :P :P :D

    ReplyDelete
  79. අම්මෝ....මගෙ නම් ඇඟ ගැහෙනව....කථාවෙ ඊ ළඟ කොටස බලනකම්....

    සරෝජා

    ReplyDelete