ඩ් ර් ර් ර්.....ඩ් ර් ර් ර් ර් ර් .... ඩ් ර් ර් ර් ර්.....ඩ් ර් ර් ර් ර් ..
ෆෝන් එක උදේ පාන්දරම බෙරිහන් දෙනවා. රැ තිස්සෙම දමල තිබුනු වයිබ්‍රේශන් මෝඩ් එක තවම වෙනස් කලෙත් නැහැ. කවුද ????? මේ උදේ පාන්දරම. ලෑස්තිවෙලා ඔෆිස් යන්නත් තියෙනවා..රෑට වැඩියෙන් කෑවහම උදේට නැගිටින්නෙ හරිම අමාරුවෙන් තමයි..සාමන්‍ය්යෙන් ගෙදර කම්මැලි කමට නිකන් ඉන්න වෙලාවට වැරදිලාවත් කතා කරන්නෙ නැති යාලුවො කතා කරන්නෙම මොනවා හරි වැඩක් කරන්න කඩි මුඩියේ දඟලන වෙලාවටම තමයි !පොඩි පහේ නොරිස්සුම් හැඟීමක් එක්කම ෆෝන් එක අතට ගත්ත ගමන්ම දැක්කෙ අයිස්චර්යාගෙ ෆොටෝ එක එක්ක ඊට පහලින් දේශි කියන නම සහ දුරකතන අංකය... දුන්නක් වගෙ කෙලින් වෙච්ච මම ටුක් ගාලා රැල් බුරුල් ඇරලා කට හඬ පොඩ්ඩක් පාදා ගෙන ෆෝන් එකේ ආන්සර් බට්න් එක එබුවා.
"ගුඩ් මොර්නින්ග් අයියෙ මම දේශි නන්ගි"
"ආ නන්ගිද මන් බැලුවා ඒත් කවුද කියල මේ නොදන්න නම්බර් එකකින් කතා කරන්නෙ?"
"ඇයි අයියෙ මන් ඊයෙත් තුන් හතර සැරයක්ම කතා කලේ ෆෝන් නම්බර් එක සේව් කර ගත්තෙ නැද්ද?"
"නැහැ නන්ගි මොනම දෙයක්වත් කලේ නැහැ."
"අනේ අයියෙ තවම ඔයාට අමාරුද? ඉහි ඉහි ඉහි.. මන් හින්දනෙ මේ සේරම දේවල්.. මට ඊයෙ රෑ නින්ද ගියෙත් නැහැ."
"අයියෝ නන්ගි අඬන්න එපා. දැන් මොනව කරන්නද? වෙච්ච දේ වෙලා ඉවරයි. අතීතය වෙනස් කරන්න පුලුවනෑ"
"ඒ වුනාට අයියෙ..ඇත්තටම තවම අමාරුද ඔයාට? රිදෙනව ඇති හරියට නේද? මොනවද රෑට කෑවෙ?"
"ටිකක් රිදෙනව නම් තමයි නන්ගි. මොනවාවත් කෑවෙ නෑ.. බනිස් ගෙඩියක් කන්න ගියා අමාරු නිසා නිකන් හිටිය. අද උදේට නම් කන්න ට්‍රයි කරනවා.."
"ඉහි ඉහි ඉහි.. අනේ අයියෙ අපේ ගෙදර උදේට ඉඳිආප්ප ඉව්ව කිරිහොදි වැඩිපුර දමලා ඔයාට ගෙනත් දෙන්නද. මන් ළඟ තියෙනවනෙ ඇඩ්‍රස් එක.."
"එපා එපා නන්ගි.."
ඊයේ රාත්‍රියේ ඉතුරු වූ ෆ්‍රයිඩ් රයිස් පිඟානම මයික්‍රෝවේව් එක ඇතුලට දමමින් මම කීවෙමි.
"මම ඊයේම අපේ අම්මටයි තාත්තටයි කිව්ව. තාත්ත කිව්ව ගිහින් බලමු කියල.. මන් දැන් එන්නද තාත්තවත් ලෑස්ති කරගෙන."
"එපා නන්ගි එපා මම ලෑස්ති උනේ ගෙදර යන්න. මේ දවස් ටිකේ ඔෆිස් යන්නත් බැහැ. මෙහෙ හිටිය කියලත් වැඩක් නැහැ. මම ගෙදර යනවා හෙට සිකුරාදා සති අන්තයෙ ගෙදර ඉඳන් හොඳ උනොත් විතරක් සඳුදා ආපහු මෙහෙ එනවා."
"ඉහි... ඉහි... ඉහි... බලන්න අයියෙ මේ සේරම මන් හින්දනෙ.. මම අපේ වාහනයක් එවන්නද ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අයියට ගෙදර යන්න."
"එපා එපා නන්ගි මම ඊයේම බස් එකක සීට් එකක් බුක් කලා. තව පැයකින් බස් එක තියෙනවා.. කතා කරනකොට හරි අමාරුයි නන්ගි.. මන් එහෙනම් පස්සෙ කතා කරන්නම්. "
"හා අයියෙ.. මන් ආයිමත් කතා කරන්නම්.. බායි"
----------------------------------------------------------------------------------
පෙර දින රාත්‍රීයේ හදිසියේ කඩා වැදුනු කැරපොත්තන් හට එල්ල කල මෝර්ටීන් ප්‍රහාරය නිසා දිවි තොර කර ගත් සියල්ලම එකතු කර එලියට වීසි කලෙමි. මට අප්‍රසන්නම සත්තු ජාතිය තමයි කැරපොත්තන් !
මම සුපුරුදු ලෙසම ඇඳ පැළඳ නුපුරුදු ලෙස මා හට මේ දින වල රැගෙන යන්නට සිදු වූ ලැපා සහිත මල්ල සුරතට ගතිමි. මා හට ලබා දී තිබු පරිගනකය අප්සට් වී ඇති නිසා පහු ගිය දින කිහිපයේම මා අකමැත්තෙන් වූවද ලැප්ටොපා ඔෆීසිය වෙත ගෙන යාමට තීරනය කර තිබුනි. කිලෝ 2-3ක් බර සමග තවත් පොත් පත් කිහිපයක බර සෑම දිනකම රැගෙන යාමේ ප්‍රතිපලය වූයේ මනාව පුශ්ටිමත් වූ මගේ සිරුර කෘශ වී යාමය.
මොනවා කරන්නද දුක තමයි රන්ජනී කියමින් මම මේ දුක වැළඳීමට පුරුදු විය යුතු වන්නේ කාර්යාල කාලය තුල එෆ්බී, බස් හා බ්ලොග් සඳහා කාලය ගත කරන බැවින් ඔබට ලබා දී ඇති පරිගනකය නැවත ලබා නොදීමට පාලක අංශය තීරනය කර ඇති බව සතුටින් දන්වමි යනුවෙන් ඊයේ මා නමට යොමු කර තිබූ ලිපිය නිසාය.
මෙයින් නිසැකවම පෙනී යන්නේ මාගේ කාර්යසාධනය පිළිබඳව ආයතනය සෑහීමකට පත්ව ඇති බවයි.
මා බස් නැවතුමට යන විටද බස් රථයක් පැමිණ තිබූ අතර පිටතට පෙනෙන ආකාරයට නම් බස් රථයේ ඉඳ ගැනීමට හිස් ආසනයක් නොතිබුනි. නමුත් ඊළඟ බසය එනතුරු බලා සිටීමට වුවහොත් නියමිත වෙලාවට යාමට නොහැකි වන නිසා මම බසයට නැග්ගෙමි. පසු පස දොරටුවට ආසන්නව අනිත් පැත්තේ එක් අසුනක කවුළුව ආසන්නයේ අසුන හිස්ය.
මෙම අසුන්පේළියට ඉර අවුව වැටෙන නිසා බොහෝ අය ඉඳ ගැනීමට අකමැතිය. එම අසුනේම වාඩි වී සිටියේ ඉතා දැකුම්කළු යුවතියකි. පොශ් ගෑල්ලමෙක් ! තරමක් කොටට ඇඳ සිටි බව මා නෙත ගැටුනේ මා හට කවුළුව ආසන්නයේ අසුනට යාමට ඉඩ දීමට ඇය තම පාද අසුනෙන් එලියට ගෙන ඉඩ ලබා දුන් නිසාමය. මමද හරි බරි ගැසී ඉඳ ගෙනා ලැපා සහිත බෑගය මගේ උකුලමත තබා ගතිමි. දෙතුන් වරක්ම බසයට ගොඩ නගින අයවලුන් දෙස බැලුවේ මා අඳුරන අය සිටීද යන්නට මිස ළඟ සිටි ඇය දෙස බැලීමට නොවන බව දිවුරා කිව හැක. සැබවින්ම ඇය මන බඳින රූ සපුවකට හිමිකම් කීවාය. අහල පහල සිටි තරුණයන්ද මා දෙස බලා සිටින්නාක් මෙන් ඇය දෙස බව මට නෙත් කොනින් පෙනිනි. බස් රථය ගමන ආරම්භ කරන විටම මට මතක් වූයේ කාර්යාලයට ගිය විගසම කල යුතු රාජකාරී කිහිපයකි. ඒ අතර ලිපි කීපයක්ම ඊ මේල් කලයුතු අතර ඒ සඳහා මගේ මිතුරකු මා හට යම් කරුනු රාශියක් මේල් කරන බව සිහි විය. හා ! ඊ මේල් චෙක් කර ඒ කරුණු එවා නැත්නම් කෝල් කර මතක් කිරීම දැන් කලහොත් කාර්යාලයට ගිය විගසම ලොකුම වැඩේ අවසන්ය.
මා සාමාන්‍යයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වන ෆෝන් රාජයා තබා ගන්නෙ බෑගයේ ඉදිරිපස පොකැට්ටුව තුලය. නැවතත් හරි බරි ගැසී එක අතකින් බෑගයෙ එක කොනක් අල්ලා ගෙන අනිත් අතින් සිප් එක ඇර.. අත එහාට මෙහාට කාල් ගා ෆෝන් එක අතට ගතිමි.
ඒ සමඟම සිදු වූ සිදුවීම් සමූහය සිදුවූයේ අසුරු සැනිනි.
මා ළඟ හිඳ ගෙන සිටි යුවතිය මහා හඬින් කෑ ගසමින් නැගිට්ටාය.. නැගිට ඇයගේ අතවූ බෑගය මා දෙසට විසි කරමින් එයත් රැගෙන අවට සිටි තරුණයන්ද තල්ලු කරමින් මගේ දර්ශන පතයෙන් ඈත් විය.
ඉස්සරහ සහ පසු පස ආසන වල සිටි සැවොම නැගිට සහ ඉඳගෙනම මා දෙස හැරෙමින් බලයි.
"පාහරයා ලස්සන ගෑනු ලමෙකුට බස් එකක යන්න දෙන්නෙ නැහැ..."
"මමත් දැක්ක බෑග් එක යටින් අත දමාගෙන මූ ..."
"කලිසමුත් ඇඳගෙන යන මුන් තමයි.."
"යකෝ අම්මල, අක්කල, නන්ගිලා නැද්ද මුන්ට.."
"මුන්ට දෙන්න ඕනි රජකාලෙ දඩුවම් !"
එකපිට එක නැගෙන කටහඬ සියල්ලම මට එරෙහිවය .. සිදුවූයේ කුමක්ද ???
වැරදීමකින්වත් තරුණියගේ ශරීරය ස්පර්ශ වීමක් මට නොදැනිනි.
ඒ සමඟම අසල සිටි හැඩි දැඩි තරුණයාගෙ අත මගේ මුහුණ වෙත ඇදී ආවේය. මදකට නැවී පහර වැලකීමට කල උත්සාහය වැරදී ගියේ මුශ්ටි ප්‍රහාරය මගේ වම් කම්මුල සහ මුඛය වෙත පතිත වෙමිනි.
නැගිටපන් ! මුන් ගහන්නයි යන්නෙ..ගහ ගන්න බැරි උනත් ආරක්ශාවට අවශ්‍ය පියවර ගනින් ! මගේ හදවත කෑ ගසයි.. කම්මුල සහ ඒ ප්‍රදේශය හිරි වැටී ඇත.
පරිගණකය සහිත බෑගය අසුනේ පැත්තකට තියන්නට වුවමනා වූවත් අවශ්‍ය ඉඩ සහ කාලය නොමැත.එනිසාම බෑගය කකුල සහ අසුන අතරින් රූටා ගොස් බිමට පතිත විය. ඊළඟට පැමිනි මුශ්ටි ප්‍රහාරය ෆෝන් එක සහිත අතින් වැලැක්වූ නිසා ප්‍රහාරකයාගේ අත වැදුනේ බස් රථයේ වීදුරුවේය..
හොඳ වෙලාවට කොලු කාලෙ කරටේ , කුන්ග්ෆු ටිකක් ඉගෙන තිබ්බෙ...
ප්‍රහාරකයා මදක් පසු බැස්සත් ඔහුගේ සහායට තව ඩැනී ලා කීප දෙනෙක් ඒ වනවිටත් පැමින ඇත. එක් අයෙක් මගේ ෆෝන් එක ඇති අත අල්ලා ගෙන එය උදුරා ගැනීමට දත කයි. සුළු උපක්‍රමයකින් එයින් මිදුනු මා එක කකුලක් ස්ථාවරව තබා ගෙන නිදහස් දෑත ඊ ළඟ ආරක්ශා කාරී වැලැක්වීම සඳහා ස්ථාන ගත කලෙමි. බස් රථය නැවතී ඇත. සියළුම මඟීන් සහ කොන්දොස්තරද අප සිටින දිශාවට පැමිණේ. තුන් දෙනෙක් එක් වර ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරයි.. තරමක අසීරු අවස්ථාවකි..
ඒ සමඟම.. යම්කිසි අයකු කෑ ගසමින් මා හට ප්‍රහාර එල්ල කිරීමට යත්න දරන තිදෙනා තල්ලු කර දමමින්..මා දෙසට පැමිණෙයි. ඒ අර තරුණියයි..
"ගහන්න එපා ගහන්න එපා.. ඒ අයියා මුකුත් කලේ නැහැ"
මට පහර දීමට සිටින තිදෙනා සහ මා අතරේ ඇය පවුරක් මෙන් සිට ගෙන සිටී.. මට පසු පස අසුනේ උන් මැදිවියේ පුද්ගලයාද මගෙ අල්ලා ගෙන තිබූ කමිසය අත හැරීම නිසා මා සම්පූර්ණයෙන්ම නිදහස් විය.. කමිසයේ බොත්තම් බොහෝමයක්ම කැඩී ගොස් සට සට හඬින් බිමට හැලී ගියේය.
"මොකද්ද වුනේ ? මොකද්ද වුනේ ? මේ යකා බෑග් එක අස්සෙන් අත දමලා ඔයාගෙ කකුල අත ගෑවා නේද ? මන් හොඳටම දැක්කනෙ?"
පහර දුන් හැඩිදැඩි තරුණයා විමසයි
"පිස්සුද ඒ අයිය එහෙම දෙයක් කලේ නැහැ.. අයියා මොකද්ද ගන්න බෑග් එක ඇරල ටික වෙලාවකින් ඒක ඇතුලෙන් කැරපොත්තෙක් පැන්න එලියට..මන් කැරපොත්තන්ට හරීම බයයි.. මන් දන්නෙ නැහැ මන් කෑ ගහගෙන දිව්ව.."
සියල්ලෝම බිම බලන විට දුටුවේ කාගේදෝ පතුලකට පෑගී අවසන් ගමන් ගිය කැරපොත්තාය.
"අනේ අයියගේ ලේ.. "
ඇය නැවතත් කෑ ගසමින් ලේන්සුව ගෙන මගේ මුව දෙසට ලන් කරමින්.. පිස දමන්නට වූවාය.. ඔහ් එවිටයි මා දුටුවේ මගේ කමිසය ලෙයින් තෙත් වී ඇත..එක් වරම හිරි වැටී ඇති කම්මුල දෙසට අත ගිය අතර ..යම් කිසි අමුත්තක් දැනේ..
"කවුද මෙහෙම ගැහුවෙ අයියෝ..ඉන්න අයියෙ ඉන්න"
ඇය ලේන්සුව ගෙන මගේ කම්මුලට තද කරමින්.. මගේ අතින් අල්ලා ලේන්සුව අල්ල ගන්නා ලෙස සන් කලාය. මා සමඟ ගුටි ඇන ගත් තිදෙනා පෙනෙන්නටවත් නැත.. සියල්ලෝම කුටු කුටු ගායි..
"දැන් සේරම හරි නේද.. යන් යන් "
කොන්දොස්තර බසය ආරම්භ කිරීමට සන් කලේය.
"අනේ අයියෙ දැන් මොකද කරන්නෙ ?"
ඇය ටිශූ පෙට්ටියක්ම ගෙන මගෙ ලේ වැකි කමිසය තෙත මාත්තු කරයි..ඇයගේ දෙනෙත බියපත් මුවැත්තියක් සේය..
"කමක් නැහැ නන්ගි.. "
අමාරුවෙන් කීවත් මමද බියපත් වූයේ හිරි ගතිය නැතිවීමත් සමඟම මුවට නැගෙන වේදනාව සමගය.
අහල පහල සිටින සියල්ලෝම මා දෙස මහත් අනුකම්පාවෙන් බලා සිටින අතර ඇයට දොස් නගන්නට වූවාය..
"නෑ නෑ කාටවත් දොස් කියන්න එපා මගේ වැරැද්දනේ.. "
මම අපහසුවෙන් වූවත් හඬින් කීවෙමි..
"දැන් ඔයා අයියව එක්ක යන්න බෙහෙත් දමන්න.."
ඇයගේ යෙහෙලියන් දෙදෙනකුද මේ අවස්ථාවේ ඇයගේ සහායට පැමිනි අතර.. සැමගේම අදහස වූයේ අසල වූ වෛද්‍ය මධ්‍යස්ථානයට යන ලෙසය... එක් යෙහෙලියක් මගෙ ලැප බෑගය ගත් අතර.. ඇය මගේ එක බාහුවකින් අල්ල ගෙන ඇයට වාරු කර ගත්තෙ මමද ඇයගේ බඳ වටා අතක් දමා වාරුවී කකුලද කොර ගසමින් බසයෙන් බැස ගතිමි. බසයේ සිටින සෑම දෙනාගේම ඇස් අප වෙත යොමු වී ඇති ආකාරයත් මම ඇස් කොනකින් දුටු නමුත් එය නොදුටුවා සේ සිටියෙමි. මට ප්‍රහාර එල්ල කල තිදෙනා ගල් උඩ පැහැරූ බළලුන් තිදෙනෙකු සේ සිටිනු මම දුටු නිසාම ඔවුන් දෙසා මා නෙත් යොමු කල නිහඬව කියා පෑවේ මා ඔවුන් සිතේ සටහන් කර ගත් බවයි.
ළඟම වූ බෙහෙත් ශාලාවෙන් බෙහෙත් දමා ගත් විට වෛද්‍යවරයා පැවසූයේ දන්ත සායනයකට ගොස් දත් පරීක්ශාවක් අත්‍යාවශ්‍ය බවයි. ඇය යෙහෙලියන් දෙදෙනා සමඟ මගේ අකමැත්ත මධ්යයේම බිල ගෙවා දමා..
"දැන් මොකද කරන්නෙ අයියෙ ? මෙහෙම ඔෆිස් යන්න බැහැනෙ.. ශර්ට් එක පුරාම ලේ.."
"නන්ගි මෙන්න මේ විසිටින් කාර්ඩ් එකේ මගෙ ඔෆිස් එකේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා කතා කරලා කියන්න මම අද ඔෆිස් එන්නෙ නැහැ කියලා."
"ආ දෙන්න අයියෙ .."
ඇය ඇගේම ෆෝන් එකෙන් කෝල් එක ගෙන කාර්යාලයට පැවසූයේ බස් රතයේදී හදිසියේ ගැසූ බ්‍රේක් පහරක් නිසා මුහුන තුවාල වූ මා අද දින ඔෆිස් නොඑන බවයි.
"මම යනවා නන්ගි එහෙනම්"
"අනේ ඉන්න අයියෙ අපි අයියව ගෙදරට එක්ක යන්නම් කැබ් එකකින්"
"එපා නන්ගි මන් ත්‍රී වීල් එකක යන්නම්"
මට මැවී පෙනුනේ මගේ කාමරයේ තැන ගොඩ ගැසූ ඩීවීඩී , පොත් පත්තර සහ කියවූ සඟරා රාශියයි. ගෑනු ලමයෙක් තියා පිරිමි කෙනෙක් වත් ඒ කාමරයට යන්න ඉස්සෙල්ලා සෑහෙන්න සුද්ද කරන්න වෙනවා..
"පොඩ්ඩක් ඉන්න අයියා ඔහොමම අපි ත්‍රී වීල් එකක් අරන් එන්නම්"
තිදෙනාම මා බෙහෙත් ශාලාවේම හිඳුවා එලියට ගියේය.. ඔය අතරේ මා දුන් මගේ විසිටින් කාර්ඩ් එක ඇයගේ කුඩා පර්ස් එක තුල බහා ගන්නවා දුටුවත් නොදැක්කාක් මෙන් සිටියෙමි.. මොහොතකින් ෆෙයාර් කැබ් එකක් මා ඉදිරිපිට
"මෙන්න අයියෙ ෆාර්මසියෙන් ගන්න කිව්ව ටැබ්ලට්ස් ටික
මේ බෑග් එකේ තියෙනවා යෝගර්ට්, බනිස් එක්ක කිරි පැකට් වගයක් ඩොක්ටර් කිව්වනෙ මොනවාවත් කන්න එපා කියලා.. "
විශාල ශොපින් බෑග් එකක් මා අත තැබූ තිදෙනා..
"අනේ අයියෙ මට සමාවෙන්න ..මගේ වැරැද්ද.."
ඇය මගේ සුරතින් අල්ලා ගෙන මගේ දෑසට එබෙයි.
මුහුණට මඳ සිනහවක් මවා ගත් මා
"කමක් නැහැ නන්ගි මගේ නරක වෙලාවට ඒ කැරපොත්තා මගේ බෑග් එකට රින්ගා ගෙන තිබුනෙ.. එහෙනම් නන්ගිලා යන්න
අපි යමු මල්ලි කිරු... ට"
ත්‍රී රෝද රථය නොපෙනී යන තෙක්ම ඇය එදෙස බලා සිටි බව මා දුටුවේ ත්‍රී රෝද රථයේ පැති කණ්නාඩියෙනි..
"මොකද වුනේ සර්?"
"පොඩි ඇක්සිඩන්ට් එකක් මම වැටුනා"
ගමනාන්තයට පැමිණි මා..
"කීයද මල්ලි ගාන ?"
"සර් අර නෝනලා සල්ලි දුන්න රු.500ක් ගාන 200යි. මෙන්න ඉතුරු 300."
කාමරයට පැමිණ පිරීක්සීමේදී මට පෙනී ගියේ සිතූ තරම් මහා ලොකු තුවාලයක් නොමැති බවත් සහ දත් වලට කිසිම හානියක් නොමැති නමුත් වම් කම්මුලේ පමණක් ජීවිතාන්තය දක්වාම තිබිය හැකි තරමේ කැළලක් ඉතිරි වේයැයි සිතිය හැකි තුවාලයක් පමණක් ඇති බවයි.
ඊයේ සිදු වූ මෙම සිද්ධියේ සිට අද මේ දක්වාම දේශිනී නගා ගෙන් දුරකතන ඇමතුම් 9ක් ලැබුනු අතර ඒ සියල්ල තුලදීම ඇය සිද්ධිය මතක් කර හඬා වැටුනු අයුරු මටද වාවන්නේ නැත.
ගෙනා අළුතම වාගේ තිබු මෝර්ටීන් ස්ප්‍රේ එක මේ මොහොතේදී කුණු ලොරියේ මුල්ලක සැඟවී තිබෙන්නට පුළුවන...
ප.ලි. මෙය සත්‍ය සිදුවීමක මූල බීජ ගෙන කරන ලද ප්‍රබන්ධාත්මක නිර්මාණයක් බව සලකන්න. සරලව කිව්වොත් ටිකක් ඇත්ත, ඩෙකරේට් කරල ගත්ත නිසා 50% ඇත්ත. ප.ලි ලිව්වෙ පෙ.ව 9.00 ට
අනේ අම්මෝ මෙහෙම දෙයක් නම් කාටවත්ම වෙන්න එපා. අර ගහපු එවුන් තුන්දෙනා උඹට මතකයිනේද හොඳට. හොයාගත්ත නම් දෙන්න තිබ්බා රිටර්න් එක ඇප නැතිවෙන්න. ෂිහ් කාළකන්නි *&^*&%&^%&^&%^.
ReplyDeleteවෙනී ඉන්නෙ කිරුළපනද.. මාත් මේ දවස්වල ඉන්නෙ කිරුළපන තමා. මට මේල් එකක් දාපන්කෝ.. nuwan.kumaranayake at gmail.com
මාර සිද්ධි ලංකාවෙ වෙන්නේ!
ReplyDeleteමේ කෙල්ලොන්ට නම් පිස්සු අෆ්ෆා. තව බස් වල යන කට්ටියක් ඉන්නවා එයාලා ළඟින් කොල්ලෙක් ගියත් හැරිලා බලන්නේ නිකම් අපි අහවල් එක කරන්න ආවා වගේ!
ඉතින් ඉතින් වෙනි අයියේ ඊළගට දෙන්න ඩබල් දාලා ගියාද...
ReplyDeleteහරියට ටෙලිඩ්‍රාමා එකක් වගේනේ . ඊලඟට අපට ආරංචිවෙයි ඔය පොශ් ගෑනු ලමයා අපේ ලියන්නාගේ කරේ එල්ලිලා කියලා...:D
ReplyDeleteඔයත් මාර වැඩ තමා කරගන්නේ...:)
හපොයි මේ වගේ ගෑල්ලමයි එමටයි අය්යේ.. මේ වගේ අයට කවද හරි දරුවෙක් ලැබිල දරුව අතේ ඉන්නකොට කැරපොත්තෙක් වැහුවොත් අනිවාර්යෙන් දරුවත් බිම දානවා .
ReplyDeleteදෙයියෝ සාක්කි!
ReplyDeleteඔය වගේ ගොං යක්කු ඉන්නවා කෙල්ලො ඉස්සරහ පොරවල් වෙන්න හදන... තමන් හරි සුචරිතවාදියො කියල පෙන්නගන්නනෙ ඔය දඟලන්නෙ...
වෙනිට දැං කොහොමද?
සිරාවටම මේක ඇත්ත සිද්දියක්ද?හිහ් හිහ් ..
ReplyDeleteඑතකොට ඇත්තටම ඔයා වරදක් කරේ නැද්ද?
මාර ගෑනුලමයෙක්නේ කැරපොත්තෙකුට ඔච්චර බය වෙනවද? :O
එතකොට අංකල් ඉන්නෙ කිරුළපනද?
අප්පට සිරි අයියේ... මේක සත්‍ය සිද්ධියක්මද?
ReplyDeleteහොඳ වැඩේ සෙවල පෙර පෙර ගෑණු ළමයි ගාවින් ඉඳගන්න යනවට....
ගෙදර උන්දැට මේ සිද්ධිය ගැන කියපු හැටි පොඩ්ඩක් අපිට කිව්වනම් එහෙම... මට හිතෙන්නේ ඒක තමා ජොලිම...
කොහොම වුනත් ඉක්මනට සනීප වෙන්න...
ගුටි කන්න කලින් කට ඇරල කියන්නෙ තිබ්බෙ නැද්ද ඔයා මොනවත් කරේ නෑ කියල.නිකන් ගුටි කන්නෙ මොකටද?බයගුල්ල කට වහගන ඉදලා.:)ඒත් අවසානේ ඒකෙන් හොදක්නේ උනේ.:))
ReplyDelete" ආ නන්ගිද මන් බැලුවා ඒත් කවුද කියල මේ නොදන්න නම්බර් එකකින් කතා කරන්නෙ? "
ReplyDeleteඅනේ අයියාගේ බොයිය කිව්වලු....
" දෙතුන් වරක්ම බසයට ගොඩ නගින අයවලුන් දෙස බැලුවේ මා අඳුරන අය සිටීද යන්නට මිස ළඟ සිටි ඇය දෙස බැලීමට නොවන බව දිවුරා කිව හැක "
හක් හක් හක්.... අන්න තියරි එක..
ඈ බන් දැන් මේක ඇත්ත සිද්දියක්ද.... දැන් උබේ තුවාල හොඳද.... දේශානි නංගි ව හම්බුනේ නැද්ද ඊට පස්සෙ... ගෙදර කස්ටිය දන්නවද මේක...
හා හා පට්ට සීන් එකක් තුවාල උනාට මොකද සාත්තුවකුත් හම්බ උනානේ..ඇයි බන් කට තිබුනෙ නැද්ද කතා කරන්න ඒ වෙලාවෙ.
ReplyDeleteෂ...මේ වෙලාවට තමා ඕනය වගේ එව්වො ඕනෙ වෙන්නෙ. ඕනය නිමාඩුවට ලංකාවට ආවම අර තුන් දෙනාව ඌට පෙන්නමු.
ReplyDeleteඅව්ලක් නැහැනෙ මචෝ. අන්තිමට කෙල්ලව සෙට් උනා නේද?
ReplyDelete@ පැණි දොඩම් - ඒක ඇත්ත වුනත්, උනේ උන් සෙට් එක වලිගෙ පාගා ගැනීමනෙ.. ඒක උන්ට හොඳ පාඩමක් වෙයි ! මේල් එකක් දැම්ම !
ReplyDelete@ පූසා - ඒක ඇත්ත ! බහුතරයක්ම එහෙම තමයි. එහෙම හිතන්න තරම් අතවර එයාලට වෙලා ඇති! ..ඒත් අවට පරිසරය ගැන හොඳ අවබෝධයෙන් ඉන්න අළුත් පරම්පරාවක් ඉන්නව ඔය අතරේ.. අමාරු කවුද ඒ අය කියල හඳුනා ගන්නයි !
ReplyDelete@ චම්මා - හිතලා තියෙන දුර ! මගේ වටිනා කියන යාළුවො ගොන්නට තවත් එක යාළුවෙක් එකතු උනා කිව්වොත් නිවැරදීයි
ReplyDelete@ පොකු - මට වුනොත් ඔහොමමනෙ වෙන්නෙ ! දැනටමත් කරේ එල්ලිලා.. හොඳම යාළුවෙක් විදියට..ගෙදර අයත් දන්න !
ReplyDeleteඅප්පච්චියේ සිකුරා උඹේ මූන බලලා තියෙන්නේ හෙනහුරාගේ කරේ අතදාගෙනම වගේ . . හෆොයි . . .
ReplyDelete@ගිම්හානි - ඔව් නංගි , ඒත් ඔය කැරපොත්තන්ට, මකුළුවන්ට වගේ බය හිතෙන එක ෆෝබියා කියන ලෙඩක්ලු නේද ? එහෙම හිතන කොට පවු කියලත් හිතෙනවා. නන්ගි කියන විදියට හරි භයානකයි ඒ තත්වයත් !
ReplyDeleteඅපොයි අයියටත් වෙන දේවල්...හැක හැක...මොනවා වුනත් ලස්සන නංගි කෙනෙක්නම් ටිකක් ගුටි කෑවත් මොකෝ නේද...;))
ReplyDelete@ගීතක - ඔව් ඒක නම් සැබෑව ! පොර වීමේ සංකල්පයම තමයි එතන රඟ දුන්නෙ ! ඒත් අන්තිමේ මොකද්ද වුනේ කියල හොයන්නෙ නැතුව කල දෙයින් වුනෙ උන් නෝන්ඩි වීම සහ පැත්තක හිටිය මම "පොර" වීම
ReplyDelete@ නදී - 50%යි ඇත්ත
ReplyDeleteනැත.
ඔව් ෆොර්බියා එකක් කියන්නෙ
ඔව් දුව !
@ ප්‍රසන්න - 50% මල්ලියෙ ඇත්ත..
ReplyDeleteමොන සෙවලද ඒ වෙලාවෙ නම් වැඩ වලින් ඔලුව පිරිලා තිබ්බෙ
පිළිතුරු දීම තරයේ ප්‍රතික්ශේප කරමි
තැන්කූ
@ නදී - සිද්ධියේ මුලදීම දන්නවනම් කැරපොත්තෙක් කියලා මෙච්චර දුර දිග යන්නෙ නැහැ.. මමත් උඩ බිම නැතුව ගියා..
ReplyDelete" මමද ඇයගේ බඳ වටා අතක් දමා වාරුවී කකුලද කොර ගසමින් බසයෙන් බැස ගතිමි."
ReplyDeleteහිනා කාලා මලා... අත දැමිල්ල පැත්තකින් තියමුකෝ.. කොර ගැහැවුව කිව්ව හින්දා මං බැළුවා අරුන් තොගෙ කකුලට නෙළුවද කියලා...කෝ එහෙම කෑල්ලක් නැහැනේ පේන්ට..හැක්...
හරියන්නේ නැහැ බං..මාත් මේ බයික් පැදිල්ල ටිකක් නවත්තලා ඉඳ හිටලවත් බස් එහෙක යන්න එන්න ගන්න ඕන..කොයි තරංනං දේවල් මට මිස් වෙනවද කියලා හිතුනේ මේ ඊයේ පෙරේදා දවසකදී "බයික් එකේ එන්න එපා බස් එකේ වර" කියලා ඉහළින් ලැබුන නියෝගයක් මත කොළඹට යනකල් බස් එකේ ගිය දවසෙයි..
@ පිස්සගෙ පලා මල්ල - ඔහොම සිරාවටම බ්ලොග් එක කියවනවද මන් අහන්නෙ ? අරෙහෙ සඳරූව අමාරුවෙ දමලා..
ReplyDeletehttp://hisahasa.blogspot.com/2011/10/blog-post_18.html
50%යි අෆ්ෆා ඇත්ත..
ඒ නන්ගි දැන් මගේ හොඳම යාලුවෙක්.. ඒ අයගේ ගෙදර හැමෝම දන්නවා !
@ cjgayan - ඔව් ඔව් අන්තිමේ තවත් හොඳ යාලුවෙක් හම්බ උනා. මොනා කියන්නද.. වුනේ මොකද්ද කියල දැන ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි !
ReplyDeleteඅඩේ අපි ඇවිල්ල සිරා පොරවල් හරි... ඉතින් කියවන්නෙත් සිරාවට... හික් හික්... දැන් නංගි මේක කියවයිද දන්නෙ නෑ නේ.... හික් හික්
ReplyDelete@ ඔබ්සර්වර් - ඔව් අයියෙ බලන්නකො ඕනයත් ගියානෙ හරියටම මේ දවස්වලම ! දේශිණි නන්ගි නම් කියන්නෙ ආයි උන් ටික දැක්කොත් කුඩේ කැඩෙනකම් ගහනවා කියලයි ! ඒත් මම දැක්ක ඒ කුඩේ හයකට හතකට අකුලන පොඩි කුඩයක්!
ReplyDelete@ ඇනෝ - ඔව් ඔව් මචෝ දැන් මගෙ හොඳම යාලුවෙක් ! ස්තූතියි කියවලා කමෙන්ට් කලාට !
ReplyDelete@ දුකා - ඕන්න ඔය වචන සෙට් එක මගේ ඔලුව ඇතුලෙ තිබ්බනම් මම පෝස්ට් එකේ ටොපික් එකට දමනවා !
ReplyDeleteමට හිතෙන්නෙ ගහපු එවුන්ටයි කැරපොත්තටයි තැන්ක්‍යු කියන්න කාලයක් එයි වගේ.
ReplyDelete@ නිසුපා - ඔව් නන්ගි ඔහොම වෙලාවට නොකන ගුටි මක්කටෙයි කිව්වලු ! ඉස්සෙල්ල මන් දිහා ඇහැක් ඇරල නොබලපු ළමයා කාපු ගුටිවල බලයෙන් යාලු වුන හැටි !
ReplyDelete@ මාරයා - කකුලට මොන හෙනයක් වත් නැහැ මල්ලි, මට බය මාව තව දුරටත් වත්තන් කර ගෙන යන්න හේතුවක් දෙන්න එපායැ..
ReplyDeleteහා හා උඹ ඔය බයික් රාජයාගෙම ගමන් බිමන් යන් ඔය විදියටම !
මේ ට්‍රේන් වල ඔයිට වඩා ෆන්ලු මලේ.. මන් ඉතින් කිරුලපන ඉඳන් නාරාහෙන්පිටට යන්නයෑ ට්‍රේන් එකේ !
@ රාජ් - මෝර්ටීන් එක භාර දුන්න කුණු ලොරියට !
ReplyDeleteසිද්ධිය කියවූ සැනින් ලියන්නාට දුරකථනයෙන් ඇමතුවත් මේ කියන තරම් අමාරුවක් ඔහුට නැති නිසා දුක් වීමි... ඔහුට යම් අපහසුවක් තිබුනානම් කිරුළපනට ගොස් මට අසේලට පසන්ට සෙට් වීමට කාරණයක් හදා ගන්නට තිබිණි...
ReplyDeleteඒත් අර ගෑණු ළමයා තව දුරටත් දුරකථන ඇමතුම් දෙන බව ඇසීමෙන් මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.... කැරපොත්තෙක්ගේ කපුකමින් ලියන්නාගේ තනිකඩ ජීවිතය නිමා වන ලකුණු පෙනෙන්නට ඇත.....
"නන්ගි මෙන්න මේ විසිටින් කාර්ඩ් එකේ මගෙ ඔෆිස් එකේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා කතා කරලා කියන්න මම අද ඔෆිස් එන්නෙ නැහැ කියලා."
ඒ වගේම මෙතනත් තියෙනවා ලියන්නගේ සූක්ශම මොලයේ තරම... ඇයි යකෝ මෙච්චර වෙලා ඔක්කොම කියවපු එකාට ඕකට කෝල් එකක් දෙන්න බැරිද?
මේක කියවලා මම හොල්මන් වෙලා ඉන්නෙ. මට දැනගන්න පුලුවන්ද මේ කතාවෙ ප්‍රබන්දයක් නොවන කොටස කොයි හරියද කියලා? මට හිතෙන විදියට කැරපොතු කතාව ලඟ ඉඳලා ප්‍රබන්දය වෙන්නෙ ඕනෙ. ඇත්තටම කකුල අත ගෑව නේ? ගුටිත් කෑව නේ?
ReplyDeletehenryblogwalker the Dude
මේක කියවද්දී දවසක් මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් උනා,
ReplyDeleteඅතක් පයක් කැඩිලා හරි කමක් නැ, සිර කැල්ලක් set වෙනවා නම් කියල තම උ කියන්නේ..
හික් හික්
තුවාල උනේ මූණට.. ඒත් මොකෝ මේ අර ළමයගේ ඇගට හේත්තුවෙලා කොර ගැහුවේ?? අයියට මේ දවස් වල සිකුරා හිස මුදුනටම ඇවිත් වගේ.... අර ළමයා තාම කතා කරනවද??
ReplyDelete//මනාව පුශ්ටිමත් වූ මගේ සිරුර කෘශ වී යාමය.//
ReplyDeleteපවු දෙයියනේ....
දේශීනි තවමත් කතා කරනවැයි ?
@ අබීත - තෑන්කූ කෝල් කලාට !
ReplyDeleteහෆොයි ඔය බව දන්නවනම් හොඳටෝම අමාරුයි කියනවනෙ ! ඩෙන්ටල් එකෙන් කිව්ව ඒත් දත් වලට අප්සැට් එකක් නැහැයි කියලා..ඒත් වෙන්න දෙයක් තියෙනවනම් ! අවංක පැට්ටයි, ලසියයි !
කොහොමද මගේ ටිකිරි මොලේ !
@ ඩූඩ් - මන් වගේ සුපේශල, නිකළැල් ,අවංක, නිහතමානී බෝ පලයක් ගැන හිතා ඉන්න හැටි නේද ඔය ?
ReplyDelete@ දුශ් - මම කියන්නෙත් ගුටි කාලා හරි හොඳ යාලුවෙක් සෙට් එනවනම් හොඳයි කියලයි ! ඒක වුනා
ReplyDelete@ දිනෙශ් - හ්ම්ම්ම්ම් ඔව්ව තමා ට්‍රික්ස් කියන්නෙ ! ඒ ළමයා සහ පවුලෙ අය දැන් මගේ හොඳම මිතුරන් !
ReplyDelete@ සොසී - මගේ එෆ්බී එකේ ෆොටෝ බලල එහෙම නෙවෙයිනෙ ඔහොම කිව්වෙ !හික්ස් ! ඔව් එයා මගේ හොඳම යාලුවෙක් !
ReplyDeleteගෙදර ඉන්න කැරපොත්තො දෙතුන් දෙනෙක්ව අල්ලගෙන මගේ ලැප්ටොප් බෑග් එකට දාගන්න ගමන් තමයි මම මේ කමෙන්ට් එක දාන්නෙ....!
ReplyDeleteබාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ReplyDeleteගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
මාරාතිරේක මභියුජ් ජිත සා භ රත්තිම්
ඝෝරම්පන්-ආලවක මක්ඛ මතද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවංගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තංබුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපද-අංගුලිමාල වන්තං
ඉද්ධීභි සංඛතමානෝ ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
කත්වාන කත්ථ මුදාරං ඉවගබ්භිනීයා
චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සංතේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
සච්චං විහාය මතී සච්චක වාදකේයුම්
වාදාභිරෝ පි තනානං අති අන්ධ භූතං
පංඥා පදීප-ජාලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
නන්දෝපනන්ද භුජගං විබුධම් මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
දුග්ගාහදිට්ථි භුජත්ථ හත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඥානාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ
ඇය මගේ එක බාහුවකින් අල්ල ගෙන ඇයට වාරු කර ගත්තෙ මමද ඇයගේ බඳ වටා අතක් දමා වාරුවී කකුලද කොර ගසමින් බසයෙන් බැස ගතිමි.
ReplyDeleteමේ ටිකද අතින් පයින් එකතු කරලා ලිව්වේ වෙනී අයියේ
ඈ බොල අංකලයො එදා දුක හිතිලා මන් අර මරන්න ඇද ගෙන යන හරකා වගෙ යාලුවො දෙන්න එක්ක අරන් ගිහින් බෙහෙත් ටික දම්මලා තීවීල් එකක දම්මලා ගෙදර එව්වා ! කොයි වෙලාවෙද මන් ඇඟට වාරු කර ගත්තෙ ? මෙහෙම හිතන බව දන්නවනම් තව දෙකක් අන්නවනවා එදාම ! -දේශානි
ReplyDeleteවෙනි ගොඩ ගිහින් හිකිz
ReplyDeletekaapu kaamak! :P dan hodaida? :D :D
ReplyDelete@අවංක පැට්ටා - තැන්කූ කෝල් කලාටත් ! හි හි තේද ? තේ නම් එපාම කියයි අපි !!
ReplyDeleteබඩුම තමා... ඔන්න ඕකටනේ කියන්නේ දෙන දෙය්යෝ ඩිස්කවුන්ට් දාලම දෙනවා කියල... අම්මීයාව් ..
ReplyDelete@ දුමී - මට වාගේ ගුටි නොමැතිව ඉතිරි ටික ලැබේවා කියල පතන්නම් !
ReplyDelete@ ඕනයා - අහලක පහලක හිටියනම් දන ගහල වදිනවා ! ගාථා ටික කියන්න නම් පුලුවන් හත්දෙයියනේ කොහොමෙය් ඔය ටික සින්හලෙන් කෙටුවෙ ?!!
ReplyDelete@ ශානු - ස්තූතියි කමෙන්ට් එකට ! අපි කියමු ඒ ටික හැර අනිත් ටික කියල !
ReplyDelete@ ඇනෝ දේශානි - ස්තූතියි ඔබේ කමෙන්ටුවට ! ඔබ ඇත්තම දේශානි පෝස්ට් එකේ සහ කමෙන්ට් වල මොනවා තිබ්බත් මම ඔයාගේ අම්මටයි තාත්තටයි අයියෙ සහ අක්කෙ කියන කොට ඔයා මගේ කවුද ? හිකීස් !
ReplyDelete@ ඇනෝ - තෑන්කූ.. අලුතින් යාලුවෙක් එකතු වෙනවා කියන්නෙ ඉතින් ගොඩ යාමක්ම තමයි !
ReplyDeleteඕනයා මේ පාර දාල තියෙන බ්ලොග්පෝස්ට් එකයි මේකෙ කොමෙන්ට් එකට ජයමංගල ගාථා දැමිල්ලයි, ඌට යවන SMS එකකට වත් උත්තර නොදීමෙනුයි මොකක්ද මොකක්ද අපිට එන්න පුලුවන් නිගමනය?
ReplyDeletehenryblogwalker the Dude
@ මාධව - දැන් හොඳයි, අලුත් යාලුවෙක් සහ යාලු පවුලක්ම ඉන්නවා !
ReplyDeletexසැන්ඩර් - සර්ටිෆිකෙට් ඇත්ත ! මේ දවස්වල නිකන් ගෙදර ඉන්න වෙලාවලටත් බස් වල ගිහින් බලනවා !
ReplyDeleteමං බැලුවෙ, කිරුළපන ඉඳන් නාරාහේන්පිටට යන්න තියෙන ටික වෙලාවෙ, ලැප්ටොප් එක එළියට අරන්, මේල් බලන්න තරම් .... :P
ReplyDeleteපව් දේශිනි නංගි
@ ඩූඩ් - මම තාම දහ අතේ කල්පනා කරනවා මක්කැයි ඕනයාට වුනේ කියලා
ReplyDelete@ නලිනි චන්දිමා - හෆ්ෆා නැහැ.. මම හදිසියට මේල් බලන්නෙ මගෙ ෆෝන් එකෙන්. ෆෝන් එක තියෙන්නෙ ලැපා බෑග් එකේ ඉස්සරහ සාක්කුවෙ ! එතකොට මන් පව් නෑ ?!!!
ReplyDeleteමට මැවිලා පෙනෙනවා නලිනි දොස්තර නෝනා ඉන්න හොස්පිටල් එකට මාව එක්ක යනවා දේශිනි නන්ගි සහ යාලුවො දෙන්න.. මම ලේ පෙරාගෙන කෙඳිරි ගගා ඉන්නවා.. මාව පැත්තකට කරල මෙන්න දොස්තර නෝනා දේශිනි නන්ගීගෙ කැරපොතු ෆෝබියා එකට බෙහෙත් දෙනවා ! හයියෝ.. කාට කියන්නද ?
ReplyDelete@ඩූඩ්:
ReplyDeleteමගෙ ෆෝන් එකේ ක්‍රෙඩිට්ස් ඉවරවෙලා තිබුනෙ බොලාගෙ මැසේජ් එක එද්දි.
එළ කථාව.......
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් - ස්තූතියි කමෙන්ටුවට !
ReplyDeleteෆට්ට කතන්දරය ඈ! ලොවෙත් නෑ...........
ReplyDeleteකතන්දරේ නම් සුපර්...මම තාම කම්පනා කරන්නෙ මොන 50%ද ඇත්ත කියලා.කොහොම වුනත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteයකෝ කැරපොත්තෙක් ගිය දුර ........
ReplyDeleteහැමදේම වෙන්නේ හොඳටයි කියනවානේ... මේකත් හොඳටම වෙන්න ඇති වෙනියෝ... වාහනයක් එවන්න තරම් බරත් තියන එකේ නරකම නැහැ වැඩේ...
ReplyDelete@ විසිතුරු - දෙල්කඳ පොලෙත් නැහැ !
ReplyDelete@ රූ - ඕන්න ඔහෙ වැඩියෙන් හිනා යන 50% ඇත්ත කියලා හිතා ගන්නකො !
ReplyDelete@ පංසල් හන්දිය - ඔව් මට එපාම කර්පු සත්තු ජාතිය..ඒත් දැන් නම් ආවොත් මොනව හරි කන්නත් දීලා යවනව !
ReplyDelete@ බස්සා - ඔව් ඔව් ටිකක් බර කාරයො යාළුවො වෙන එක නම් හොඳයි. ඒත් ඇත්තටම නම් දුප්පත් යාලුවො දාහෙන් සම්පතයි මට නම් !
ReplyDelete@ඩූඩ් - හෆොයි ඕනයා ලංකාවෙන් යද්දි කොහොම ක්‍රෙඩිට් තිබ්බ කොල්ලෙක්ද අෆ්ෆා !!!????? දැන් ගිහින් තවම සතියයිද කොහෙද අනේ සාන්දුක්කෙ !!!
ReplyDeleteමේ වගේ සැලකිලි ලැබෙනවා නම් ඉතින් ඔය පාරක් දෙකක් කෑවම මොකද ? මටත් පෙනෙන්නේ ඕනයගේ ගාථා ටික ගැලපෙන පාටයි.
ReplyDeleteඒකත් ජය සිරි මංගලම් කිව්වලු...
ReplyDeleteweni ටත් වෙන වැඩ... කැරපොත්තෙක් කල හදියක් කියල කිව්වනම් හරි ! ඉතින් ඊට පස්සෙ මොකද වුනේ.. මේ කතාවේ දෙවෙනි කොටසකුත් තියෙනවාද ?
ReplyDelete@ ලංකා - හෆොයි නැහැ.. ඒ ගාථා ටික බරපතල වැඩී
ReplyDelete@ තාරක - හොඳම යාලුවෙක් ලැබුනා එච්චරයි
ReplyDelete@ අනිත් කොණ - එහෙම දැම්මනම් හොඳයි තමයි. ස්තූතියි අදහසට. දෙවනි කොටසක් නම් නැහැ.
ReplyDeleteදැන් ඔය කකුල් දිහා අත දදා හෙව්වේ පෝං එකද, මවුස් එකද?
ReplyDeleteමොන්න මෙ ලිපියෙන් පස්සෙ කස්ටිය ගජරාමෙට කැරපොත්තො එකතුකරනවා ! හා හාහ්හා
ReplyDeleteභය හිතුනත් ලස්සනට ලියල තියෙනවා.මටනම් කවදාවත් ඔහොම ගහල නෑ (බස් එකකදී )
ReplyDeleteහෆොයි තව ඩිංගෙන් දත් නැතුව බත් තමයි.
ReplyDeleteහොඳ වැඩේ ලියන්නාටත්...අම්මප නිකන් ඉන්න බෑනේ...මොකට කැරපොත්තෙක් දාගෙන ගියාද බෑග් එකේ
ReplyDelete