ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, November 1, 2011

බූරුවා තැපීම - දෙවන දිග හැරුම


මෙහි පළමුවෙනි කොටස මීට පෙර පළවිය.ප්‍රථම වරට කියවන අය කරුණාකර  එය කියවා එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙන්නෙ ලින්ක් එක

බූරුවා තැපීම - පළමුවෙනි දිග හැරුම
"සෝමා මොකද කාමරේ ජනේලෙ වහලා මේ මහ දවල් ? ඇයි දොර අඩවල් කර ගෙන හිටියෙ ? මොකද ඔය සාය පිටින් ඉන්නෙ ?"


ඒ කරුණෙ අයියාගෙ ගොරහැඩි කටහඬයි !



"ස් ස් ස් කෑ ගහන්න එපා අනේ ලියන්න මල්ලි පස්සෙ පොලීසිය පන්නලා..මන් කාමරෙ අස්සෙ හැංඟුවා"
"දෙල් ගහ ළඟ ගෙදර අපේ ලියන්නා මල්ලි ?"
"ඔව් ඔව් මන් කිව්වා උණ වගේ නිදා ඉන්න කියලා"
"දැන් කෝ ?"
"ආන්න නිදිවගේ ඉන්නවා"


කරුණෙ අයියා මදක් දොර ඇර මා දෙස බලා නැවත දොර වැසුවේය. 


"මේකත් මේ අවුරුද්දෙ කාලා බීලා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව රිංගනවා බූරු පොළවල් අස්සෙ ! හිටු මන් ඉල්ලලා දෙන්නම් මාමට කියල"


ඥාති සහෝදරයකු වන කරුණෙ අයියා මගේ මවට සහ පියාට අති මහත් ලෙස ගෞරව කරන ලද්දේ ඒ වනවිටත් අපගේ කුඹුරු කිහිපයක්ම අස්වද්දන්නෙ ඔහු නිසාය. 


"කෑ ගහන්න එපා ආන්න පොලිසියෙන් මේ පැත්තට එනවා !"


යාන්තම් සන්සුන් වීමට තතනන මගෙ හදවත නැවතත් ඩිග් ඩිග් ඩිග් හඬින් අවදි වන්නට විය.
ඒ සමඟම සපත්තු අඩි ශබ්ද කීපයකට අනතුරුව,


"ඒයි මේ පැත්තට හීන්දෑරි උස කොල්ලෙක් දුවගෙන ආවා.. කොහාටද රින්ගුවෙ?"


ඒ මගේ පොලිස් මාමාගෙ කටහඬයි..
කරුණෙ අයියා මොනවාද මුමුණනවා ඇසිණි. 


"ඉස්සෙලා සැරෙත් එහා කට්ටියෙ හොරෙන් මැණික් ගරලා එළවන කොට දෙන්නෙක්ම අල්ල ගත්තෙ ගේ ඇතුළෙ ඉඳල"


උස් කටහඬ වෙනත් රාළහාමි කෙනෙකුගෙ විය යුතුය. හපොයි මෙදා පාර නම් බේරෙනවා බොරුය. මම මහා කර්මයක් කර ඇති හැඩය..


"ඇයි කාමරේ වහලා ? කවුද ඇතුළෙ ඉන්නෙ ?"


රාළහාමි මාමගේ කටහඬ සමගම සපත්තු හඬ කාමරය සමීපයට පැමිණෙ..
මම වහා කාමරයේ ජනේලය පැත්තට හැරී මා ඇඳ සිටි ටී සර්ටය සහ සරම හොඳින් වැසී ඇත්දැයි පරීක්ෂා කරනවාත් සමඟම මහා හඬින් කාමරයේ දොර පලු දෙක ඇරී ගියේය.


"අපේ මල්ලි රාළහාමි පෙරේදා රෑ ඉඳන් උණ හැදිලා"


ඒ සෝමා අක්කගේ කටහඬයි.


සද්ද නැතුව හිටින් අක්කෙ දැන් නම් මම ඉවරයි.. මේ යකා මාව අඳුනා ගත්ත ගමන්ම අක්කලත් අමාරුවෙ වැටෙනවා මම නිසා බොරු කියලා..මගේ හිත මොර ගසයි.


සපත්තු අඩි සද්ද දෙකක් ඇඳ අසලට පැමිණෙ..
අයෙක් ඇඳේ වාඩි වෙනවාත් සමඟම මා පොරවා සිටි චීත්තය අයෙක් පහළට ඇද මගේ කකුල් දෙක හොඳින් ආවරණය කරනවා දැනිණ. 
හත්දෙයියනේ !!!! කලබලේට මම සෙරෙප්පු දෙක ගලවලාත් නැහැ..කරුණෙ අයියා රාලහාමිලාට නොදැනෙන්නට එය ආවරණය කර ඇත..හද ගැස්ම වැඩිවීමත් සමඟ මා වෙව්ලන බව මට දැනේ. 


"සෝමා ! මල්ලිට කොත්තමල්ලි දුන්නද ? හොඳටම ගැහෙනවා උණ වැඩිකමට"


මගේ බෙල්ලට අත තැබූ කරුණෙ අයියා මෙසේ කියන අතර කාමරයට පැමිණි රාළහාමිලාගේ තීක්ෂණ ඇස් හතරකින් මාව දැඩිව නිරීක්ෂණය කරන ආකාරය මට මැවී පෙනිණි. ඇඳට දනිස්ස තබා කරුණෙ අයියා ජනේලය ඇර..
 දියෙන් ගොඩට දැමූ මාළුවෙක් මෙන් ගැහෙන මා දෙස බලා


"සීවරන් දෙවියනේ !!! සෝමා මල්ලිගෙ ඊයෙ තිබ්බ පලු දැන් වැඩිවෙලා .. සහසුද්දෙන්ම පැපොල තමයි.. ඔයාට හැදිලා නැති නිසා සාත්තුවට එන්න එපා.. මට නම් පොඩි කාලෙ හැදිලා තියෙනවා.. මේ කාලෙ ඉතින් කොහොමත් ඌෂ්ණ කාලෙනෙ.."


කියමින් නැවත ජනේලය වසා දැමීය. ඒ සැණින් රාලහාමිලා දෙදෙනාද එළියට යන ශබ්දය ඇසිණි..


"ඉන්න මන් කොහොඹ කොළ ටිකක් කඩා ගෙන එන්නම් !"


කුස්සියේ සිට සෝමා අක්කා හඬ නඟා කීවාය.
විනාඩි පහකින් පමණ සියල්ල නිශ්ශබ්ද වූ පසු.. කැකිරි පලන්නට පටන් ගත්තෙ සෝමා අක්කා සහ කරුණෙ අයියායි..


"යකෝ අපි අපායෙ යනවා මේකා නිසා බොරු කියලා.. වරෙන් නැගිටලා පැපොල ලෙඩා.. "


ඒ කරුණෙ අයියායි.


"මන් හොඳ වෙලාවට දැක්කෙ මේකා සෙරෙප්පු දෙකත් දමා ගෙන බුදියන් ඉඳලා තියෙන්නෙ.. අරුන් දෙන්නා දැක්කනම් එහෙම අපි දෙන්නත් කූඩුවෙ තමයි.."


මා අනූනමයෙන් බේරී ආ ආකාරයත් අක්කාගේ ක්ෂණික උපාය නිසා මා බේරුණු ආකාරයත් මා විස්තර කළවිට


"කොයිකටත් ඔහොමම හිටින් තව පැය භාගයක් විතර..
යන් සෝමා අපි ගිහින් බලමු කාවද අහු වෙලා තියෙන්නෙ බලන්න."


"උඹලා දෙන්න නොවෙන්න මමත් ඔය ගොඩේ තමයි අද.."


 මම පැවසූවේ කෘතඥපූර්වකවය.


පැය භාගයකට පමණ පසු අයියලා පැමිණි විට මාද ඇඳෙන් බැස ..


"ආ කොහෙන්ද ඔය ලේ සරම පුරාම !!?"


ආ !!!!!??? කූඩැල්ලො දෙන්න..!
මට මතක් වූයේ එවිටයි.


"සෝමා ඔය ලුණු වතුර ටිකක් ගෙනෙන්"


"එපා එපා අයියෙ"


ඒ වන විටත් ලේ බී කූඩලු ගෙඩි සේ මහත් වූ කූඩැල්ලන් දෙදෙනා පොළව මතය. මල් දෙකක් මෙන් පරිස්සමට අතට ගත් මා උන් දෙදෙනාව මිදුලේ ගසක් යට තැබුවෙමි. 


මුව නොසෑහෙන සේ සෝමා අක්කාටත් කරුණෙ අයියාටත් ස්තූති කල මා මෙම සිද්ධිය අපේ ගෙදරට නොකියන බවටද පොරොන්දු කරවා ගෙන පැමිණියේ කෙසේ හෝ පොලීසියෙන් බේරී පැන ගත් මගේ අනිත් යාළුවන් සොයා ගැනීමටය.


මින් පසු මෙම බූරු සිද්ධිය අවසන්ව සියල්ලෝම සතුටින් ජීවත් වූහ යනුවෙන් කියා මට සැනසීමට හැකි වීද ?


"උඹ මහලොකුවට කයිය නම් ගැහුවෙ ඒ දවස්වල පොලීසියෙ ගොඩාක් අයව දන්නවා.. ඕ.අයි.සී. පවා අඳුනනවා කියල නේද?"


"එතකොට උඹට ඇන්න පොලිස් මාමාව විතරයි නේද දන්නෙම නැතුව ඇත්තෙ?"


මේ මගේ සෙට් එකේ උන්ගේ ප්‍රශ්න කන්දරාවයි. 


"මම දන්නෙ අපේ ඉස්කෝලෙ ළඟ පොලීසියේ අයව විතරයිනෙ බන්.. ඒ එන්න ඇත්තෙ අනිත් පොලීසියෙන්"


මා ජාමේ බේරා ගත්තෙ ඒ ආකාරයටයි.


මා පෙර කී පරිදිම අපෙ ගම පිහිටියේ පොලිස් සීමා දෙකක් අතරය. එක් පොලීසියක් තිබුණේ අපේ පාසල අල්ලපු ඉඩමේ වන අතර සැබවින්ම මා යහළුවන්ට කියා තිබුණේ බොරුවක් නොවිණි. එම කාල සීමාවේදී පාසල, පොලීසිය සහ පන්සල යන සංකල්ප යටතේ විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වෙන්නට යෙදුණු නිසාම පාසලේ කථික සහ විවාද තරඟ වල නිත්‍ය සාමාජිකයෙක් වන මා බොහෝ විට පාසල හා පොලිසිය අතර සම්බන්ධීකාරක වරයෙක්ද විය. මේ නිසාම පොලිසියේ බොහෝ දෙනෙක් මා ඇතුළු මෙම කණ්ඩායම පෞද්ගලිකවම හඳුනයි.


අවුරුදු නිවාඩුව අවසන්ව ඊළඟ සතියේ පාසල ආරම්භ කල අතර මුලින්ම අපහට මහන්සි වීමට සිදුවූයේ පාසල විසින් සංවිධානය කරන ලද බක් මහ සැණකෙළියටයි. පාසල් සිසුන් මෙන්ම දෙමව්පියන්ද සහභාගි වන මෙම උත්සව කාලය අප හට නම් ඉතාමත් විනෝදජනක කාලසීමාවක් විය. මෙම උත්සවයේ ගම හරහා දිවීම සහ අනිකුත් ක්‍රීඩා කටයුතු වල ආරක්ෂාව සඳහා පොලීඑසියේ නොමඳ සහාය අපට ලැබිණි. 
පාසල ආරම්භ වී අඟහරුවාදා උප විදුහල්පති තුමා විසින් මා සමඟ තවත් සිසුවකු කැඳවා ,


“ලියන්නා යන්න සමීර එක්ක පොලිසි ලොකු මහත්තයාට මේ අපේ ප්‍රෝග්‍රෑම් එක දීල සාකච්ජා කර ගෙන එන්න මේක ඉවර කරලා දමන්න. හැබැයි ගම හරහා දිවීම විතරක් පටන් ගන්න වෙලාව වෙනස් කරන්න දෙන්න එපා මොකද ඔය උදේම වෙලාවෙ ඕක පටන් ගත්තහම අව්ව වැටෙන්න ඉස්සෙල්ල ඉවර කර ගන්න පුළුවන්”


මමත් සමීර සමඟ උත්සව සංවිධාන ගොනුවද රැගෙන එම කාර්යයට යෑමට පිටත් විය.


“සමීරයො මට චූ බරයි. පොඩ්ඩක් මේ ෆයිල් එක අල්ල ගනින්, මන් ටුක් ගාලා එන්නම්”


යකෝ උඹටත් ඔය බරවල් හැදෙන්නෙ කොහෙ හරි යන්න ඕනි වුණාමමයි, වරෙන් වරෙන් විනාඩි 10න් ආපහු එන්න පුළුවන්.. ඇවිත්ම පරිසරයට විනාඩියක් කරමු”


“හා යමන්… ඒක නෙවෙයි අහපන්කො මට අවුරුදු දවසෙ වෙච්ච දේ  වෙච්ච දේ…..”


සමීරයා කට ඇරගෙන බලා ඉඳිද්දී මා කතාව තවත් බියජනක කරමින් කියූවෙමි, 
පොලීසියේ ඉදිරියේම සිටියේ පතිරණ අයියායි.


 “කෝ අයියෙ ලොක්ක ඉන්නවද”


"ආ මල්ලි ! ඕ.අයි.සී. මහත්තයා ගියා එළියට..හැබැයි විනාඩි 10න් එයි. මල්ලිලා ඇතුළට ගිහින් ඉඳ ගෙන ඉන්න."


අපිද පොලීසිය ඇතුළට ගොස් පුටු දෙකක් උඩ වාඩි වී අවට සිරි නරඹමින් සිටින අතරතුර අප ඉදිරියේ සිටින පී.සී. විශාල වතුර බෝතලයක් ගෙන බොන්නට පටන් ගත්තේය. මෙතෙක් වේලා සැඟවී තිබු මගේ චූ බර නැවත ඇවිස්සී ආවේ මේ දැකීමත් සමය. 


"සමීරයො මට ඉන්න බැහැ චූ බරයි.. තෝ ඒක කර ගන්න දුන්නෙත් නැහැ.. දැන් කොහාටද යන්නෙ ?"


"හිටහන් බන්"


සමීර ඒ අසල සිටි රාළහාමි කෙනෙකුට පැවසූ විට,


“මල්ලි ඔය කොරිඩෝ එක දිගේම යන්න ගිහින් දකුණු අත පැත්තට යන්න"


මා හැකි ඉක්මනින් එදෙසට යන්නට හැරුණේ තිබූ තදබල අවශ්‍යතාවය නිසාමය.
කොරිඩෝව දිගේ ගොස් දකුණට හැරී.. ඉදිරිය බලත්ම..
දුටු දර්ශනය මගේ චූ බර දෙගුණ තෙගුණ කරමින් ගත පුරාම දහඩිය ගලන්නට සමත් විය..
එක් අතක වූ බැටන් පොල්ල අනිත් අතේ අල්ල මත තට්ටු කරමින් මගේ මුහුණ දෙස පරීක්ෂාකරීව බලමින් මගේ ඉදිරියට එන්නෙ පෙරදා මගෙන් මිදී ගිය රාළහාමිය.. දෙඇස් සිහින් වනවාත් සමඟම බුරුසු රැවුල නටන්නට පටන් ගත්තේය..


"ඔහෝ..... උඹ ? ???"


එම ගොරෝසු කටහඬ සහතිකවම කීවේ මා හඳුනා ගත් බවයි. ඒ අතර මට අවබෝධ වූයේ මෙතෙක් වෙලා හිතේ සහ ගතේ ශක්තියෙන් නවතා ගෙන සිටි චූ බර එයින් නිදහස් වන්නට ඉතාමත්ම ආසන්න බවයි..


කොරිඩෝව අසලම තිබූ වතුර කරාමය අසලට පැමිණි තවත් සුරූපී පොලිස් නිළධාරිනියක් මා දෙස විමසුම් සහගතව බලමින් වතුර කරාමය විවෘත කරන්නට විය...




අවසන් කොටස මතුවට... 

අවසාන කොටසට මෙතනින්... http://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post_13.html

51 comments:

  1. ඇති යන්තම් හිතුව විදියට නෙමේ කතාව ගලාගන යන්නේ.

    තවත් කොටසක් තියනවද?...:D

    ReplyDelete
  2. හුටා බයටම සුළු දිය පහ උනාද මන්දා..

    ReplyDelete
  3. ගියා ගියා . . ඔය කියන විදිහට පොලොස් මාමව දැක්ක ගමන් ගියා . . හූ

    ReplyDelete
  4. ඒ සමගම ලියන්නාගේ කරාමයද විවර විය.

    ReplyDelete
  5. හපොයි චූ බරේ ඉන්න වෙලාවෙම මේ යකා මුලිච්චි වුණු එකනම් කරුමයක්..

    ReplyDelete
  6. කලිසමේ හුජ්ජ ගිය වෙනියට පොලීසියෙං ගැහුවා වගේ . . .

    ඔන්න ප්‍රස්තාපිරුළු . . . .

    ReplyDelete
  7. මාර කතාව.. දැන් කොයිකෙදීද පොලිසියෙන් කෑවේ?

    ReplyDelete
  8. පොඩි කුමාරිහාමි කිව්වත් වගෙ කතාව ගලාගෙන යන හැඩයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  9. @පොකු - තව එක කොටසයි තියෙන්නෙ.. මේ සිද්ධිය අද උනා නම් එහෙම .. ගොඩාක් අය හිතුව විදියටමයි කතාව ගලා ගෙන යන්න තිබුනෙ.

    ReplyDelete
  10. @cjgayan ඔය වෙලාවට ඉතින් දන්නවා ඇතිනෙ අමාරුව !

    ReplyDelete
  11. @දුකා - තරහ කාරයෙකුටවත් ඔහොම හූ කියනවද අෆ්ෆා ????

    ReplyDelete
  12. @ප්‍රසන්න - කොහොම දරා ඉන්නද අප්පා ඔය බර ?

    ReplyDelete
  13. @Outsider- ආන්න අමාරුව දන්න එකෙ කෙනෙක් හරි ඉන්නවා කියල මට හිත හදා ගත්තැහැකි !

    ReplyDelete
  14. @ඕනයා - අනේ බොගෙ ප්‍රස්ථා පිරුළ... ඔබා ගෙන් බේරෙන්න රට පැන්න එකාට හෙන්රි මුණ ගැහුනා වගේ කිව්වොත් !

    ReplyDelete
  15. නියමයි, චූ ගියාද ........

    ReplyDelete
  16. @ක්සැන්ඩර් - ඊළඟ එකේ .. ඊළඟ එකේ සුවර් එකටම කනවා.. හුදී ජනයාගෙ පහන් සංවේගය පිණිස !

    ReplyDelete
  17. @ ඩූඩ් - තව එකයි.. කෑ ගහන්නකො වන් මෝ !!! කියලා

    ReplyDelete
  18. @ මාරයා - අනේ මල්ලිගෙ ගණිත හැකියාව මාරයි මෙයා.. කොටස් තුනේ මෙගා ! එතනින් ඉවරයි මලේ..

    ReplyDelete
  19. @පංසල් හංදිය - හෆොයි අර පොලිස් අක්කගේ බැල්මට් එක !

    ReplyDelete
  20. කාලා වරෙන්කො

    ReplyDelete
  21. මොන මගුලක්ද බන්... සික්... අවසානය නෑනේ...


    උබට සුරූපි පොලිස් කාන්තාව දැක්ක ගමන් මොකුත් උනේ නෑ... චූ බරකුත් තිබ්බ එකේ... හක් හක්

    ReplyDelete
  22. @ශානු - බීලා වරෙන්කො කිව්වනම් එහෙම එතනම කලන්තෙ දමලා වැටෙනවා..

    ReplyDelete
  23. @පිපම - දිග වැඩී බොලේ එකකට ලියන්න.. තව එකයි.. අවසානයි !

    ReplyDelete
  24. පොඩි කාලේ මගේ මල්ලීවත් කූඩැල්ලෙක් කෑවා, හැබැයි ඒ චූව!

    ReplyDelete
  25. @ කශු - හෙලිබැල්ලෙන් කැලේ දිව්වද අෆ්ෆා.. අපෙත් කූඩළු විමානයක් ඒ කාලෙ.. කාපු නැති තැනක් නැහැ..

    ReplyDelete
  26. හප්පේ.....මම හිතුවේ කණ ලගින්ම අල්ලගෙන කියලා...බලද්දී වෙන හුට්ටප්පරයක්නෙ :P

    ReplyDelete
  27. @දිල් - සමාවෙන්න ඔබේ බලාපොරොත්තු කඩ වුනානම් !

    ReplyDelete
  28. තෙමා ගත්තා නේද.... මං උඩ කමෙන්ට් එකක් වත් බැළුවේ නෑ.

    ReplyDelete
  29. අපේ ගම් පලාතේ නම් අපි කවමදාකවත් කූඬැල්ලෙක්ව දැකලා නැහැ .

    මමත් හිතන්නේ කලිසමේම මූත්‍රා ගියා ! එහෙම නේද ?

    ඊලඟ කොටස එනතුරු ආසාවෙන් ..මග බලමින්

    ඔන්න අද මම මේක මගේ බොක්කට වදින බ්ලොග් ලැයිස්තුවට දාගත්තා

    ReplyDelete
  30. මම හිතපු නඩුව නම් ෆයිල් වෙලා නෑ.:D කලින් එකේ කතන්දර අයිය කිව්වා වගේ කොටස් වෙන් කිරීම නම් ලොවෙත් නෑ. ඉතුරු ටික නම් ඉක්මනට දාන්න.

    ReplyDelete
  31. හික්ස් කලිසම හෝදගන්න උනා නේ

    ReplyDelete
  32. @ ප්‍රසන්න - හිකීස්..කලිසමේ චූ කර ගන්න ඔන්න මෙන්න..

    ReplyDelete
  33. @ සඳරූ - දැන් නම් අපේ පැත්තෙත් කූඩැල්ලො හරි අඩුයි. කුඹුරු වලට සහ වතුවල තණකොල වලට පළිබෝධනාශක ඉහින නිසා ඒ වගේ සත්තු දිය කඩිති වල හිටි ලස්සන මාළු සෑහෙන්න මැරිලා ගිහින්..

    ReplyDelete
  34. @ කසුන් - මේ සිද්ධිය උනේ අසූ ගණන් වල අග භාගයේ නිසා ගම් වල ඒ වෙනකොටත් සැකය නිසා සිදුවන අඩ දබර හරිම අඩුයි . ඒත් දැන් ටීවී චැනල් වලින් පෙන්නපු එව්වයින් ඒවාත් බෝ වෙලා වගේ..පොඩි පොඩි කාරණාවලටත් අඩ දබර ජර ගන්න අඹුසැමියො එමටයි !

    ReplyDelete
  35. @ItaliDilan - ටොයිලට් සහ වතුර ටැප් අහල පහල තියෙන නිසා..අවුලක් වෙන්න නැහැ.

    ReplyDelete
  36. වෙනියො, ගම රත්නපුරේ පැත්තෙ වත්ද?

    ප.ලි.
    ඊළඟ කොටසත් ඉක්මනට දාමු.

    ReplyDelete
  37. @ ඔබසර්වර් අයියෙ - පැත්තෙ නෙවෙයි රත්නපුරේම තමයි.. ආන් ගම දමලා තියේ එෆ්බී එකේනම්..අන්තිම කොටස තවම ගැටගහනවා අයියෙ.. මේ කතාව පළ කිරීම නිසා සිදුවූ එක සංවේදී කරුණක් -මේ පොලිස් මාමා ගැන - මාව සසල කලා ! ඒ නිසාම ලබන සතියට කතාව පළ කිරීම කල් දැම්මා..!

    ReplyDelete
  38. බුදු අම්මෝ වෙච්චි සංගෙදියක හැටි.

    ReplyDelete
  39. මං පරක්කුද මංදා..දැන් නම් ඉතිං ජංගිය තෙමා ගෙන ඇති...
    කවුරු මොන කතා කිව්වත් මට නම් හිතෙන්නේ
    "කොරිඩෝව අසලම තිබූ වතුර කරාමය අසලට පැමිණි තවත් සුරූපී පොලිස් නිළධාරිනියක් මා දෙස විමසුම් සහගතව බලමින් වතුර කරාමය විවෘත කරන්නට විය..."(copied)
    පස්සේ අර ආපු උල්පත ආයෙම උඩට යන්ට ඇති...ඒක දැක්කෙ නැති හැටි හැබෑවටම මේ එකෙක් වත්.....
    හුටා මොනා කොරයිද දන්නේ නෑ පොලොසියේ මාමා...බලමුකෝ අනිත් එකත් දාහන්කෝ....
    හැබෑටම මොකෝ ඔය සරම පුරාම ලේ...?:))))))
    මරු පූසෝ සීන් එක තාමත් හිනා...:DDDDD

    ReplyDelete
  40. මං හිතුවා කරුණේ අයියගෙන සෑහෙන්න කන්න ඇති කියලා...

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. @ රාජ් - ස්තූතියි විස්සෝප උනාට.. මටමමයි වෙන්නෙ !

    ReplyDelete
  43. @ගලයා - අපොයි පරක්කු නැහැ.. ගලයා දැකලා තියෙනවා නේද පොදු වැසිකිලි වල පයිප්පයක් තියෙනවා දිගටම හිල් කරලා ඒකෙන් වතුර වැක්කෙරෙනවා ඒ කානුව දිගටම.. ඒකෙ අරමුණ මොකක් කියලද හිතන්නෙ? ඒ කානුව පිරිසිදු කරන්න නම් ඒක එක පැත්තකින් වතුර ගලායන්න හදන්න තිබුනා.. ඒකෙන් කරන්නෙ අපේ මනස සකස් කරනවා ටුක් ගාලා චූ කරන්න ! ඇයි වතුර වැක්කෙරෙනවා පේනවා.. සද්දෙ ඇහෙනවා..! ආයිමත් ගිය වෙලාවක බලන්න..
    කූඩැල්ලො ලේ බීලා උන්ට ඇති උනහම බිමට වැටෙනවා..ඒත් කූඩැල්ලගේ ඛේටයේ තියෙන අපේ ලේ කැටි ගැහෙන එක වලක්වන රසායනිකය නිසා කූඩැල්ල කාපු තැනින් සෑහෙන වෙලාවක් යනකම් ලේ ගලා ගෙන යනවා..කූඩැල්ලො බහුල පැති වල අය ඔය සීන් එක දන්නවා. එතකොට කරන්නෙ අපි නම් කඩදාසි කෑල්ලක් පුච්චලා එතනට තියනවා..

    ReplyDelete
  44. @නිසුපා - මගේ යාළුවො ටික දෙනෙක් හිනා උනාට දුක් වෙන අයත් ඉන්නවා.. ඒක හිතට සැනසීමක් !

    ReplyDelete
  45. @dhinesh - කනගාටුයි.. එහෙම උනේ නැහැ වෙලාවට !

    ReplyDelete
  46. එක පාරක් මට්ටු වෙච්ච එකා පොඩ්ඩක් පරිස්සමින් ඉන්න එපායැ
    දැන් ඉතින් හත්පොලේම ගාගනියි වගේ

    ReplyDelete
  47. අපිත් පොඩි කාලේ කහවත්තේ ආච්චිලගේ දිහා ගියාම ලේ දන් දෙනවා . ආච්චි කරන්නෙත් කඩදහියක් පුච්චලා ගාන එක . .පොලිසියක් ඇතුලේ මුත්‍රා කිරීමේ වරදට දඩය කීයද

    ReplyDelete
  48. හිහිහි...හිහි......අයියෝ බනිස්.....!!!

    ReplyDelete