අද මේ කාලෙ නම් හෝම් තියටර් සිස්ටම් ඩීවීඩී සහ බ්ලූරේ තැටි වගේම අඟල් 60 විතර මහ තඩි ටීවී සෙට් තිබුනට ඒ කාලෙ හෝල් එකකටම යන්න ඕනි හිතෙ හැටියට ෆිල්ම් එකක් ඒ විදියට සවුන්ඩ් එක්ක බලන්න. මේ තාක්ශනය ගෙදරටම ආපු නිසා වෙන්න ඇති අද ෆිල්ම් බලන්න යන පිරිස අඩු වෙලා තියෙන්නෙ.
හේතුව නම් මොකද්ද මන්දා මට අපේ කාලෙ ෆිල්ම් බලන්න ගිහින් වෙච්ච සිද්ධි කීපයක්ම මතක් උනා..
80 ගනන් වල මන් මුලින්ම බලපු ෆිල්ම් එක තමයි මුවන්පැලැස්ස ඒත් අම්මා අක්කා සහ ගෙදර කට්ටිය එක්ක ගියේ කහවත්ත ඔය තොරන් ගහන ග්‍රවුන්ඩ් එක සහ හොස්පිටල් එක ළඟ තියෙන ෆිල්ම් හෝල් එකට..දැන් නම් ඒක තියෙනවද මන්දා ? ඊට පස්සෙ අයියා එක්ක ඒකෙම ෆිල්ම් ගනනාවක් බලන්න ගියා. ඒත් අයියා බැන්දට පස්සෙ නම් අක්කා එක්ක ගියා මිසක් මාව එක්කන් ගියේ නෑ. ඕලෙවල් කරලා ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සෙ නම් ටියුශන් පංති යන්න අහල පහල තියෙන ටවුන් වලට ගියාට පස්සෙ ඒ ටවුන් වල වල බැහලා ෆිල්ම් බලන්න සෙට් උන වාර නම් අනන්තයි. ඔය කාලෙ හොඳ ෆිල්ම් හත අටක් යන කොට වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් විතර දුවනවා ඕවයෙ. අපිත් ඉතින් ගෙදරට ක්ලාස් යනවා කියලා ගිහින් සෙට් එක එක්කම හොරෙන් පනිනවා ඔය ෆිල්ම් බලන්නත්. ටිකට් කවුන්ටරේ එකාට වැඳලා වගේ ටිකට් ගන්නෙ මොකද එතකොට යාන්තම් 18 ලැබුවට 18ක් කියලා පෙනෙන්නෙ නැහැනෙ. ඊටත් වඩා හෝල් එකට ගියාට පස්සෙ ගමේ කාට හරි අහු උනොත් ගෙදරට ආරංචි වෙයි කියන බයත් තිබුනා.
ඔහොම එක සෙනසුරාදාවක හෝල් එකේ ලයිට් නිවුවටත් පස්සෙ අපි රිංගා ගත්තා හෝල් එකට. ඒක වැඩිහිට්යන්ට පමණයි ගහපු දෙමල චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාවටම තිබ්බෙ කිතු දහමට අනුව මිනිසා සහ ගැහැණිය බිහි වෙච්ච හැටි සහ ආදම් සහ ඒව අර සර්පයගේ පලතුර කාලා සාමාන්‍ය මිනිස්සු වෙන විදිය වෙනකම්. ඒකෙ මොකද්ද වැඩිහිටියන්ට පමණයි වෙන්නෙ. ඔය චිත්‍රපටිය පුරාවටම ආදම් ඇඳ ගෙන හිටියෙ ගහකින් කඩපු ලොකු කොළයක් සහ ඒව නම් ලොකු කොළ තුනක් ඇඳ ගෙන හිටියා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකේදි අපි සෙට් එක හොරෙන්ම එහා පැත්තට වෙලා හිටියා කාටත් නොපෙනෙන්න. ඉන්ටවල් එකෙන් පස්සෙ ෆිල්ම් එක ටිකක් වෙලා යනකොට අපේ එකෙක් හයියෙන් කියාපි ,
"යකෝ මේ ෆිල්ම් එක ෆෙබරවාරි පෙන්නුවනම් ඉවරයිනෙ"
කියලා.
කවුද ඇහුවා .
"ඇයි බන් ?"
"ඇයි අහන්නෙ ෆෙබරවාරි කොළ හැලෙන කාලෙනෙ..ඒ කාලෙ උනා නම් අර කොළ තුනත් හැලෙනවනෙ බන් අපරාදෙ අපේ සල්ලි"
ඔය කතාවට සෙට් එකම බක ගාලා හිනා වෙන්න ගත්ත හින්දම හෝල් එකේ අනිත් උනුත් අපි දිහා බලන්න ගත්තා. කවූරු හරි එකෙක් අපේ සෙට් එක මැදට ආවා අපේ හිටිය එකෙකුට සට පට ගාලා කනට ගහනවා.
"මොකාද යකො කිශාන්තට ගහන්නෙ ?"
කියලා අපිත් ඌට නෙලන්න සෙට් උනා විතරයි.
ක්‍රිශාන්තයා කෙඳිරි ගගා වගේ අපිට කියනවා ඇහුනෙ,
"මචන් අපේ අයියා"
කියනවාෆිල්ම් එකේ එතනින් එහාට උනේ මොනාද කියලා අපි දන්නෙ නෑ.. අපිම කියලා නොදැන හිටියත් ගෙවල් වලින් අපිවත් සැක කලා එතන අපිත් යන්න ඇති කියලා.
ක්රිශාන්තලගේ තාත්තා ක්‍රිශාට විතරක්ම නෙවෙයි තලලා තිබුනෙ.. අයියටත් පයින් එකක් ගහලා..ඇයි ඌත් ගිහින් තියෙන්නෙ ඒ ෆිල්ම් එක බලන්නමනෙ..
ටික කාලයක් යනකම් ක්‍රිශා හරි උගේ අයියව හරි අපේ සෙට් එකට ආවෙ නෑ.
අපි කැම්පස් පළවෙනි අවුරුද්දෙ ඉන්න කාලෙම තමයි මී හරකා ෆිල්ම් එක ආවෙ. නුගේගොඩ අපි බැලුවට පස්සෙ අපි එක්ක ඉන්න කෙල්ලො සෙට් එකටත් ඕක බලන්න යන්න ඕනි උනා. අපිට මොකෝ අපිත් උන්ගෙ ආධාර වලින් ආයි ගියා බලන්න..ඔය ෆිල්ම් එක බලන්න එන අනිත් උන් අපි කොල්ලො තුන්දෙනයි කෙල්ලො පස් දෙනයි දිහා බැලුවෙ නිකන් අමුතු විදියට... අද කාලෙ නෙවෙයි ඔය 93 අවුරුද්දෙ... අර සුමිත් කියන්නා වගේ කාලෙට සාපේක්ශව බලන්ඩලකො...ඒකෙත් ෆිල්ම් එකේ අන්තිම බාගේ යද්දි අපේ පේළියට පිටි පස්සෙ හිටපු අයියලා දෙන්නා අපේ කෙල්ලො දෙන්නෙක්ගෙ පස්සට කකුලෙ ඇඟිලි වලින් මසාජ් එකක් දෙන්න ගිහින්..මොකද ෆිල්ම් එකේ මුල හරියෙ පොඩ්ඩක් ටච් එකක් දැම්මා කියලා උන් කීව හින්ද අපි කිව්වා..අපි බලා ගන්නම් කියලා. එහෙම කියලා එකෙක් හරි ආයි ටච් එකක් දැම්මොත් අපිට දන්වන්න කියලා අපි කීවා..එහෙම කරලා අපි තුන්දෙනා අපේ පස් දෙනා අතරින් එකෙක් ඇර එකෙක් විදියට ඉඳ ගත්තා. අපි සෙට් එකම මුකුත් නොදන්න තාලෙන් හිටියෙ.. මන් ළඟ හිටි සුනීතා මට කකුලෙන් ඇන්නා..මන් දන්නවා වැඩේ හරි කියලා. මන් හෙමිහිට සුනීතගේ පුටුව පස්සෙන් අත දැම්මා.මූ මුළු කකුලම සුනීතගේ පස්සෙ තියන්..හෙමිහිට කකුල අතගෑවා..මූ තව ටිකක් කකුල දුන්නා.. කකුලෙ අහුවෙන මයිල් පදාසයක් ගලවා ගත්තා.. මූ කෙඳිරි ගානවා ඇහුනත් එක්කම නැගිටලා යන්ඩ ගියා.. අනිකත් එතනින් එලිය ගියා. අපේ සුනිල් උගේ බාටා එක ගලවගෙන..
ඕක ගැන අපි හිනා වෙච්ච තරමක් ඉතුරු අවුරුදු තුනේම..
අපි ලව් කරන කාලෙ අද වගේ නෙවෙයි.. මාස ගාණක් බිත්තර තම්බලා තම්බලා.. වදෙන් පොරෙන් අහලා ලව් එකත් මාස හත අටක් ගියාට පස්සෙ තමයි උලත් එකයි පිලත් කේයි කියලා හිතලා ෆිල්ම් එකක් බලන්ඩ යන්ද කියලා අහන්නෙ..
ඒකට අද නම් අද ඇහුවා හෙට රෙස්ට් හවුස් එකක කාමරේට ගියා හෙට සේරම වැඩ ඉවරයි දෙන්නා වෙන දෙන්නෙක් සෙට් කරන්.. නැත්නම් කොල්ලා බැඳපු එකෙක්.. කෙල්ල කඳුළු බිබී සාප කර කර ඉන්නවා.
ඉතින් මන් මෙතන කියන්නෙ නෑ.. අඩේ අපේ කාලෙ පට්ට, නියමයි, සදාචාරේ රැකුනා.. අපි ඔව්වා කලේ නෑ..අපි හරී හොඳයි කියල නම්..ඒ වෙනුවට කියන්නෙ උඹලට හොඳ නම් ඕනි මඟුලක් කර ගනියව්.. ඉතින් අපිට පාන්ද ? හැබැයි නංගිලා... දූලා.. වැඩේ කොරවා ගෙන බොරුවට අපි බබ්බු කියලා ඔය බලෙන් ඇද ගෙන ගිහින් කොරා කියලා පොලෝසි පොත් පුරවන්නයි, පත්තර, එෆෙම් නාලිකා පුරවන්නයි ඉස්සර කල්පනා කොරහල්ලා.. එච්චරයි. කොල්ලන්ටත් කියන්නෙ නිකන් විරහා ඔළුවෙන් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්න හරි නැත්නම් අරකි මරලා තමන්ගෙ ජීවිතෙත් විනාශ කර ගන්නෙ හරි නැතුව කොරන මඟුලක් කර ගත්තට අපිට මොකෝ ඕන්..
අන්තිමේ අපිටයි මල කරදරේ ඔව්වා මීඩියා වලින් යනකොටයි නැත්නම් අනේ මන් බබා මට මේ සේරම කෙලි උනේ ලව් කොරන්ඩ ගිහින්ය කියලා කඳුළු පෙර පෙරා අපේ කාලෙත් කන්ඩ එනකොටයි උන්ගෙන් අහන්නෙ වෙන්නෙ යකෝ අපිට කියලද ඔව්වා කොරේ කියලා තමයි..මල පයින්නෙ කෙල උනහම චරු චුරු ගාන්ඩ එනකොට තමයි..
මහ පඳුරක් නොවැ තැළුවෙ.. කෝ කතාව ?
ඉතින් ඔහොම බොහොම අමාරුවෙන් කැමති කරවා ගෙන හෝල් එකකට එක්කන් ගිය ළමයව තමන්ගෙ අම්මටයි තාත්තටයි අතටම අහු උනහම කොහොමද තියෙන සනීපෙ ? හැබැයි ඒ අම්මයි තාත්තගෙයි මෝඩ කමට ඕක ගමේම ලීක් වෙලා ආයි ඒ කෙල්ලට තව කොල්ලෙක්ව හොයා ගන්න බැරි උනාට නම් පෙම්වතා වග කියන්ඩ ඕනියැ ? ඒ සිද්දිය උනේ මගේ හොඳම යාළුවෙකුට.. අන්තිමේ අර ගර්ල් රට ගියා ගියාමයි..ගමට ආවෙවත් නෑ. ගම්පහ පැත්තෙන් බැඳලා ඉන්නවා කියලා තමයි මේ ළඟදි මන් ඒ ගොල්ලන්ගෙ ගෙදර ගියහම කිව්වෙ. අර මගේ යාළුවා ටවුන් එකේම හොඳ බිස්නස් කාරයෙක්. ඒ මහ දෙන්නා අදටත් පසු තැවිලි වෙනවා ඒ දෙන්නා කරපු නාඩගමට. මොකද අපිත් ඒ කාලෙ හැදුවෙ ඒ සිද්ධිය ලීක් නොවී ගොඩින් බේරන්ඩයි. ඒ අම්මගේ යාළුවෙක්ගෙ පණ්ඩිත කමට මේ ළමයව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගිහින් කන්‍යා පටලය තියේද කියලා චෙක් කරලා. අර උපදෙස් දීපු යාළුවම පස්සෙ ඕක ප්‍රචාරය කරලා ගමේ. ප්‍රශ්ණයක් වෙලා නෑ..කියලා..
ෆිල්ම් හෝල් වල වෙච්ච කිව හැකි වගේම කිව නොහැකි කතාත් ගොන්නක් මතකෙට ඇදී ගෙන ආවත් තව කොටසකින් ඒ ටික කියන්නම්...



.jpg)
























