ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, April 29, 2016

ආච්චිගෙ සෙද්ද හෙවත් සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016

Photo courtesy - http://tech.firstpost.com/news-analysis/look-no-hands-augmented-reality-gets-a-grip-29341.html

 
සයිබර් සහෝදරත්වයේ ප්‍රේමණීය ඉසව්ව 2016 සයිබර් බක්මහ උළෙල 2016 වැල්ලවත්ත ග්‍රවුන්ඩ් එකේ තියෙනවනෙ. 

ඕන් හෙට ඒ කියන්නෙ සෙනසුරාදා උදෙන්ම එතනට එයි එන කට්ටිය..එන්න බැරි කට්ටිය බුකියෙන් බලයි අප්ඩේට්ස් වෙන ඒවා. බුකිය පෙම් බැන්දට ඒකට නොයන අයට ඔන්න බ්ලොග් අප්ඩේට් එකක් දෙන්ඩයි යන්නෙ මම හෙට...

පැයකට සැරයක්වත් ෆොටෝ අප්ඩේට් එකක් දෙන්නම් මේ බ්ලොග් එක හරහා.


මේකම බත්තරමුල්ල තිබ්බ අවුරුදු උත්සවයේ මම කලා..
හොඳ ප්‍රතිචාරත් තිබ්බා.


පස්සෙන් පහු ඇනෝලා කීප දෙනෙක් කියන්ඩ ගත්තා..ෆොටෝ කෑලි 2-3ක් එල්ලලා හිට් ගන්ඩ දඟලනවා කියලා උන්ගෙ ආච්චිගෙ රෙද්ද තමයි.කවුද බන් තම්බලා කන්ඩ වත් බැරි හිට්ස් ගැන හිතන්නෙ..නාස්පොල්ලෙ මට්ටමෙන් හිට් නොම්බරේ එල්ලලා තිබ්බත්...  උන් උන්ගෙ නියම නම් වලින් ලියන බ්ලොග් වලින් ඒක වෙන්ඩ ඇති අරමුණ වෙලා තියෙන්නෙ. ඒකනෙ අනුන් කරන්නෙත් තමුන් කරන පට්ට පජාත වැඩමයි කියලා හිතා ගෙන කියොවන්නෙ...


එහෙම ඇනෝලා කිව්ව හින්දා මම ෆොටෝ කෑලි වලින් සයිබර් අවුරුදු උත්සවේ අප්ඩේට් කරන එක නවත්තන්නෙ නෑ..


එන්ඩ අවුරුදු උත්සවේ බ්ලොග් එකෙන් බලන්න හෙට උදේ ඉඳලම...

 

23 comments:

  1. එහෙම කිව්වට ඔයා අපි කියන ඒවට බය වෙලා ඔය පොටෝ දෙක තුන හෙට දාන්නෑ කියල මං කෙස් තියනවා. හැක්..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඇනෝලා අවුස්සගෙන ආතල් එකක් ගත්තෙත් නෑ කියහංකො...

      Delete
    2. ඇනෝල අවුස්සගන්නෙ මොකටද අයියා... එන්නකො බුකියට අපි නංගං ඇතුවම අයියව අවුස්සල ගන්නං‍.

      Delete
  2. අනේ උඹ ගනන් ගන්නෙ නැතුව වැඩේ කොරහං අපි බලං ඉන්නව ඕං

    ReplyDelete
  3. මටත් එන්ඩ හිතයි ඒත් එන බව කලින් දන්වන්න අමතක වුණා ..

    ReplyDelete
    Replies
    1. කලින් දන්වන්ඩ ඕනි නෑ බන් අද දන්වපන්..දවල්ට කන්ඩ නැති වෙයි නැතිනම්..අපේ බයි එකක් කමු බන්..උඹ වරෙන්..

      Delete
    2. පලයං ගොනෝ සඳරුවෝ.. මෙතුවක් කාලෙකට ඔය වෙනියගේ දතක් ගලවල තියෙන්නේ අර හෙන්රි ද ඩුඩ් විතරයි.. හැව් අ නයිස් ටයිම් මචෝ.. හැක්

      Delete
    3. අඩ්ඩෝ උඹ කලින්ම කියපු එක හොඳා ..

      Delete
    4. අපේ බයි එකෙන් කමු... අනේ සඳරුවො ‍ඔය මනුස්සය උඹට බත් ඇට දෙකක් කන්න දීල උඹේ සබ්බ සකලමනාවම සුද්ද කරල දායි. අන්තිමට උඹේ ඇට දෙකත් ගලෝල නොගත්තොත් මගේ කන කපහං. හැක්..

      Delete
    5. නැතුව...නැතුව ! මතකනෙ කොන්ක්‍රීට් බාස්ට මහරගම දි වෙච්ච ඒවා !

      Delete
  4. දැං ලියන්න දෙයක් නැති හින්ද ෆොටෝ කෑලි 2-3ක් එල්ලලා හිට් ගන්ඩ දඟලනවා නේද‍? අපි අහුවෙයි ඕවට.

    -ඇනෝ කෙනෙක්-

    ReplyDelete
  5. හුහ් පැයකට සැරයක් ෆොටෝ එකක්.. !! ඕක පැය කීයක් තියෙයිද ?

    අපිට ඕනා බෝබයිබෝ අප්ඩේට් එකක්.. ඕන් ආයෙ නොකිව්වයි කියන්න එපා හරිය...

    ReplyDelete
  6. උන් උන්ගෙ නියම නම් වලින් ලියන බ්ලොග් වලින් ඒක වෙන්ඩ ඇති අරමුණ වෙලා තියෙන්නෙ. ඒකනෙ අනුන් කරන්නෙත් තමුන් කරන පට්ට පජාත වැඩමයි කියලා හිතා ගෙන කියොවන්නෙ...///
    බුහැක්.. එහෙම අයත් ඉන්නවද හිහි

    ReplyDelete
  7. අනේ තොගේ පොටෝ කෑල්ල.. ගහ ගං පෂ්ෂ පැත්තේ... :P
    (කෝ යකෝ අර ලේ දන්දීමේදි ගත්ත මගේ පොටෝ..? )

    ReplyDelete
    Replies
    1. බුකියෙ ඒ ඉවන්ට් එකේ ඒ වෙලාවෙම ඒ ෆොටෝ ඒක අප්ඩේ කලා බලහන්..උඹලා අපිව බ්ලොක් කරල හින්දා ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්ඩ නම් බෑහ්...

      Delete
    2. උඹලා අපිව බ්ලොක් කරල හින්දා ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්ඩ නම් බෑහ්... :D

      Delete
  8. ඈ ලියන්නෝ කලින්ම අහන්නේ අර සම්මාන උළෙල වගේ බජට් එකක් නැති ගෙමක්ද මෙතන යන්නේ UN NGO රාජ්‍ය අනනුග්‍රහය වගේ සපෝට් එකක් ගැවිලාවත් නැ නේද බජට් ගැන ඇහුවහම අපේ දෙමව්පියන්ට පින් අනු.. මොදන් කරයිද දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. ඇනෝ ගෙ දෙමව්පියොත් ඇනොනිමස් වෙන්ඩ ඇතිනෙ..මතක් කලා කියලා ලොකු ගිණි විජ්ජුම්බරයක් වෙනවා කියලයෑ !

      Delete
    2. ලොකු ගිණි විජ්ජුම්බරයක් වෙනවා කියලයෑ !/////// ඔව් ඒකත් ඇත්තනේ මොනා වෙන්නද

      බජට් එකක් නැති ගෙමක්ද මෙතන යන්නේ UN NGO රාජ්‍ය අනනුග්‍රහය වගේ සපෝට් එකක්////////[කෝ මේකට ඉතින් ....උත්ත ...රේ.... ] නැද්ද?

      Delete
    3. බජට් එකක් නැද්ද ?
      බජට් එක ඇනොනොමස්
      ගේමක්ද යන්නෙ ?
      ගේම් ගොඩක් යන්න තමයි සෙට් කරලා තියෙන්නෙ ?
      රාජ්‍ය අනුග්‍රහය වගේ එකක් ? අනුග්‍රහයට ඇනොනිමස් නොවන ප්‍රසිද්ධ ආයතන කීපයක් එකතු වෙලා තියෙන්නෙ..අර උන්ගෙ බ්ලොග් එක කියවන්ඩකො ඇනෝ...මාවම කන්ඩ හදන්නෙ ?
      ඒක නෙවෙයි ඉ...සොරි තව පොඩ්ඩෙන් ඇනෝ එලියෙ..මල්ලි එදාට එනවනෙ ?

      Delete
  9. පල යන්න. උඹ හිට්ස් වලට පෙරේතයි තමයි. ඒක මෙච්චර වේගෙකින් ලියන්නෙත්.
    2014 39
    2015 5
    2016 5

    ReplyDelete
  10. හෙහ් හෙහ්, උත්සවේ අන්තිම හරියේ පොටෝ ටිකත් දාගන්න තරම් සිහිකල්පනාව තියෙයි නේද?

    ReplyDelete