ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, April 10, 2015

ප්‍රශ්ණ, ඔබට ප්‍රශ්ණයක් වන තුරු ප්‍රශ්ණ , ප්‍රශ්ණ කර ගත යුතුද ?

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප්‍රකාශනයක්, එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ ) අන්තර් ක්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන්  කරන කාරියක්, එසේම බ්ලොග් රචකයන් ප්‍රසිද්ධිය සොයා නොයන, සමහර විට ආරූඨ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරි හැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.



බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නෙ මෙයයි.ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරි සරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත්‍රත්වය සහ ගති සොබා හඳුනා ගන්න. එසේ ප්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමන වලට එළැඹෙන්න.

උපුටා ගැනීම - සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ. - සිවු මංසල කොලුගැටයා, නාලක ගුණවර්ධන, රාවය, 2015.04.12 පිටුව 06.



 බ්ලොග් කියවීම සඳහා අළුතෙන් පැමිණේ යැයි සිතන නව පාඨකයන් සඳහා හොඳ ආරම්භයක් ප්‍රවේශයක් මේ ලිපිය හරහා ලැබෙනවා. මොකද රාවය පුවත් පත කියවන  පාඨකයන් සමූහය බ්ලොග් වෙත ආකර්ෂණය වේ යැයි උපකල්පනය කරමු. 

බ්ලොග් රචකයන් මේ පාඨකයන් බ්ලොග් කියවීම තුල රඳවා ගැනීමට සූදානම්ද ?


නව පාඨකයන් හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ බ්ලොග් තුල ඇති හොඳ දේ පමණක් උකහා ගනීද ? 


බ්ලොග් වල ඇති සහජ ගති ලක්ෂණ සහ ජීවමය ගුණය මේ නවාගමනය නිසා රැකෙයිද ?


වැඩියෙන් හිට්ස් ලැබෙන , ජනප්‍රිය වේ යැයි සැක හිතෙන බ්ලොග්, කමෙන්ට් දමා අල කිරීමට නිදා සිටින ඇනෝ සෙට් එක නැවතත් පැමිණෙයිද ???

සංවාදය සඳහා විවෘතයි..
බලන්න සහෘදය ඇඟිල්ල දෙස නොව සඳ දෙස... !






18 comments:

  1. දැන් තමා නමට ගැලපෙන්න වැඩ කරන්නේ ලියන්නා

    ReplyDelete
    Replies
    1. මේකෙ සම්පූර්ණම ලිපියම අරගෙන කියවන්න ඉවාන්...මම බොහොම පොඩි කොටසක් තමයි මෙතනට උපුටනයක් විදියට දැම්මෙ..බලමු ලිපියම ඔන්ලයින් තියෙනවා නම් ලින්ක් එක දමන්න

      Delete
  2. එක එක මතවල ඉඳල ඒ මතවාදයන් මේ වෙද්දි බැහැර කරල, මම දැන් ඉන්නෙ මේවගේ තැනක.
    බ්ලොග් කියන්නෙ කැටපත් පවුරක් තමයි. ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න පුළුවන්. අපේ ලියමන් යටිනුත් තවත් අයට ලියන්න පුළුවන්. ඕක තමයි ලිවිල්ල.
    මේ ලිවිල්ල ගැන සහතික දෙන්න කාටවත් බෑ. හොඳ දේවල් හරවත් දේවල් ලියපල්ල කියල කාටවත් කියන්න බෑ. පත්තරෙන් දැකල මේක මාර දෙයක් වෙන්නැති කියල හිතල බ්ලොග් කියවන්න එන අය සමහර විට බලාපොරොත්තු කඩ කරගන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නෑ. මේක පැරණි කැටපත් පවුරක් වගේ තමයි. නැත්තං පොදු වැසිකිලි බිත්තියක් වගේ තමයි. මේකෙ කවි කතා ලියන අය ඉන්නව. දේශපාලනය ලියන අයත් ඉන්නව. කුනුහබ්බ ලියන අයත් ඉන්නව. හැමෝම ඉන්න ඕන. තෝරාගැනීම කියවන්නා සතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් ඔන්න ඔය වගේ මධ්‍යස්ථ මතයක් තමයි රචකයා දෙන්ඩ උත්සාහ කරන්නෙත්. මේ සම්පූර්ණ ලිපියම තාම ඔන්ලයින් දමලා නැහැ..පහු වෙන කොට රාවයෙ වෙබ් සයිට් එකේ දමයි..

      Delete
  3. Replies
    1. හම්මේ බොලාට මේක තෙරුනා නම් හෙම දහසක් දේවල් කියයි..මගේ හොඳ වෙලාවට තේරුනෙ නැත්තෙ..

      Delete
  4. අපිතමයි The මාධ්‍යය යි සිතා සිටින ආයතන හා “කරුවන්“ යල් පැනයන වේගය නවකයන් බ්ලොග් කියවන්නට හා ලියන්නට එක්වීමේ වේගය හා සමාන යයි උපකල්පනය කළ හැකි ද ?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රචනයට තවමත් නවකයෙක් විදියට මම දකින දේ තමයි අපි තමයි `කරුවන්` කියලා හිතපු කට්ටිය හැමදාම හිටියා..ඉන්නවා..ඉඳිවී..ඒ සිතුවිල්ල එක්කම ඒ අය යල් පැනගිය මන්ද මානසිකයන් බවට පත් වෙන්නෙ නම් තාක්ෂණය වෙනස් වන වේගයටත් වඩා වේගයකින්..නවකයන් අළුතින් කියවන්න එන වේගයටත් වඩා වේගයකින්... මගේ පුද්ගලික මතය නම් එහෙමයි...

      Delete
  5. සම්පූර්ණ ළිපිය කියෙව්වා.. එදා කතාවත් මරු.. ඒ වගේම චානුක වත්තේගමත් අගය කළ යුතුමයි...

    ReplyDelete
    Replies
    1. මම එතනට ගියේ මාතා, දමිත් සහ ඉවාන් සම්මානයට පාත්‍ර වීම නිසා..නමුත් නාලකගේ සහ පැරා ගෙ කතාව ගිය ගමනට බොහොම ලොකු වැලියු ඇඩිශන් එකක් උනා..

      Delete
  6. මා පාඨකයෙක් පමණි. මට කැමති දේ මා කියවා කැමතිනම් කමෙන්ට් කරනවා.

    (ඔය මං කියපු එක මේ ලිපියට අදාලද කියන එකත් මට ෂුවර් නෑ ඒත් කැමති නිසා කමෙන්ට් කලා :-D )

    ReplyDelete
    Replies
    1. ඔව් බ්ලොග් වල තියෙන සුවිශේෂීතාවයත් එයම තමයි....පාඨකයා අකමැති නම් එය පවා ප්‍රකාශ කරලා කමෙන්ට් කරන්න පුළුවන් වීම..

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අම්මට සිරි මෙන්න මූ ඒ පාර ප්‍රබුද්ධ සංවාදයක් පටන් අරගෙන.....! පොඩ්ඩක් හිටින්, තාම ඉන්නෙ මඩ මූඩ් එකේ....! පස්සෙ දෙකක් නවාගෙන ඔෆිෂල් ස්ටේට්මන්ට් එකක් දෙන්නම්...!

    ReplyDelete
  9. ලියන්නෝ.....................

    අපි ලියමු.... කියවන්නෝ කියවාවි..... ඔවුන් කියවන විට අපිට ලියන්න හිතේවි... අපි ලියන විට ඔවුන්ට කියවන්න හිතේවි........... ඒ නිසා අපි ලියමු

    ReplyDelete
    Replies
    1. අනිවා ... ලොක්කා...උඹල ලියපල්ලා.....අපි ඉන්නව එකෙන්ම කියවන්න.....

      Delete
  10. කවුරු මොනව කිවුවහම අපිට මොකෝ බාංංං ...

    ReplyDelete
  11. රාවය කියවනො උනත් බ්ලොග් වල කියවෙන නොස්ටැල්ජික් කතා, දේශපාලනය දැක්කොත් මේකට ඇබ්බැහිවෙනව ෂුවර්. නමුත් ඒ වෙනුවට ඒ අයට මුලිම්ම හමුවෙන්නෙ මෙලෝ රහක් නැති මඩ සහ කාපු බීපු දේ ගැන ලියන ඩයරි උනොත් ඉතින් උන් යයි යන්න. එච්චරයි.

    ReplyDelete