ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, March 20, 2014

ලිෆ්ට් එකේ ජරමරේ..Mishaps in the Elevator

ලිෆ්ට් එක එහෙමත් නැත්නම් විදුලි සෝපානය..ඇමරිකන් නම් එලිවේටරය.. මම යන්න අකමැතිම වාහනයක් තමයි.. 

වාහනයක් කිව්වහම නිකන් ඔඩ් ඔඩ් වගෙයි නම් ඕන් ඕන එකක් කියා ගන්නවලා..

මම ජීවිතේ මුලින්ම විදුලි සෝපානයක ගියේ 1991 වසරෙදි තමයි. අපේ ගම් වල කොහෙද ඔව්වා. විස්ස විජ්ජාලෙට තේරුණත් 88-89 කාලෙ ගොයියලගෙ වැඩ හින්දා වහලා තිබ්බ විස්ස විජ්ජාල ටික අපිට ඇරුණෙ අවුරුදු තුනකට පස්සෙ. කියන්නෙ අවුරුදු හතරක එකට අවුරුදු හතක් බලන් හිටියා... 


ඉතින් ඔය 1991 අවුරුද්දෙ ගෙදරට වෙලා ඉන්න ගමන් ඥාති අයියා කෙනෙකුගෙ කීමට මම ඇප්ලයි කොරා අර විගණන පරීක්ෂක ජොබ් එකට තියෙන විභාගෙට..විභාගෙ තිබ්බෙ කොළඹ හින්දා ආවා මාත් මගේ තවත් ඥාති අයියා කෙනෙක්ගෙ ගෙදරට.. අයියා වැඩ කොරපු ඉන්ෂුවරන්ස් එකේ මහ ඔෆීසියෙ ලිෆ්ට් එකට තමයි මම මුලින්ම හා හා පුරා කියලා පය තිබ්බෙ..මගේ නුහුරුවට වෙන්ඩැති පළවෙනි සැරේ යද්දි මම අර අයිය්ගෙ අතින් අල්ලා ගෙනයි ගියේ..


ඔයින් ඊට පස්සෙ නම් ඉතින් ඕනි තරම් යන්ඩ ඇති ඕකෙ..


මම දැන් ඉන්න ඔෆිස් එකේ ලිෆ්ට් එක හැදුවෙ මම ඇවිත් අවුරුදු ගණනාවකට පස්සෙ..හදපු මුල් දවස් වල නම් ඉතින් පළවෙනි තට්ටුවට ගියෙත් ඕකෙමයි. පස්සෙන් පහු අඩු වෙලා අඩු වෙලා ගිහින් අදට නම් මම ඔෆිස් එකේ ලිෆ්ට් එක පාවිච්චි කරන්නේම නැති ගානයි. විශ්වාසෙට ගන්ඩ 2013 අගෝස්තුවෙ ඉඳන් අද වෙන කන් එක වතාවක්වත් මම ඔය ලිෆ්ට් එක පාවිච්චි කළේ නෑ..









ඔය තියෙන්නෙ අපේ ඔෆිසියේ ලිෆ්ට් එකේ දොරේ ගහලා තියෙන උපදේශයක්..


හේතුව නම් ඉතින් ශරීරෙට හොඳයි නෙ පඩි පෙළවල් ටිකක් නගින එක..ඔව් දවසට අවමය හතර පස් වතාවක් වත්..ඔය පඩි පෙළ තරණය කොරන එක මට දැන් සිම්පල්..තට්ටු දෙකයි නම් තමයි බිම ඉඳන් මගේ සෙක්සොන් එකට තියෙන්නෙ..


මේක උණේ අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එක පටන් ගත්ත මුල් කාලයෙදීමයි.. ස්ත්‍රී පක්ෂය ඉතින් කොහොමත් බයයි..හෝ අර මායම් වලින් එකක් විදියට අනීඊඊඊ...බයයි ඕකෙ යන්ඩ හදිසියෙවත් ලයිට් ගියොත් එහෙම..කියලා දඟලන දැඟලිල්ලකුත් තියෙනවනෙ.. හින්දම ගොල්ලො හැම වෙලාවෙම තනියෙන් ඕකෙ ගියේ නෑ..කවුරු හරි පිරිමියෙක් එක්කම තමයි ගියේ..


ඔය කියන දවසෙත් මගේ අංශයේම වැඩ කොරන ගෑවු ලමෙක්..මාත් එක්කම ඔෆිස් එකට එකම පෝස්ට් එකට ආපු ගෑවු ළමයා ඉතින්..අපි දෙන්නා හවස තේ බොන්ඩ ගියා කැන්ටිමට..දෙවැනි තට්ටුවෙන් අපි ලිෆ්ට් එකට නැග්ගා..ලිෆ්ට් එකේ තිබ්බ G බට්න් එක ඔබලා තත්පර දහයක් ගියේ නෑ..හාත්පසම කළුවර උණා සැණින්..අපි දෙන්නා විතරයි ලිෆ්ට් එකේ..මට සුටුස් ගාලා තේරුණා ලයිට් ගියා තමයි කියලා..ඒත් මගේ සහායිකාව ළමයා කෑ ගහනවා අනේ...අනේ..දැන් මොකද්ද කරන්නෙ කියලා..මගේ අතේ එල්ලිලා..හරි නම් ලයිට් ගියත් බැකප් බැට්‍රි එකකින් ලිෆ්ට් එක ඇතුළේ තියෙන ලයිට් එක පත්තු වෙන්න ඕනි..සහ වාතය ඇතුළට එන පංකාව වැඩ කරන්න ඕනි..ලයිට් එක පිච්චිලාද කොහෙද..ඒක පත්තු වෙන්නෙත් නෑ..මම සුවිච් තියෙන පුවරුව අතගාලා හොයා ගත්තා ඊට උඩින් තියෙන අනතුරු හඟවන ස්විචය..ඒක ඔබා ගෙන ඉන්න ගමන් අර ළමයට බය වෙන්නෙප කිව්වා වගේ මතකයි.. ඔයගොල්ලො දැකලා ඇති ඔය මිට්සුබිෂි ලගේ අලුත් ලිෆ්ට් වල තියෙනව මෙල්ඩ් කියලා ෆන්ක්ශන් එකක්... MELD - ඒකෙන් වෙන්නෙ හදිසි විදුලි බිඳ වැටීමකදි විදුලි සෝපානයට සම්බන්ධ කරලා තියෙන බැට්‍රියක විදුලි බලයෙන් ලිෆ්ට් එක ළඟම තියෙන පහළ තට්ටුවට අරගෙන ඇවිත් දොර ඇරලා දෙනවා..පිටින් යතුර දාලා දොර අරින කම් බලන් ඉන්න ඕනි නෑ..මම ඕක දැනන් හිටියට අර ළමයට ඒකෙ වගේ වගක් නෑ..හැබැයි ලිෆ්ට් එක ළඟම තියෙන පහළ තට්ටුවට එන්නෙ බොහොම හෙමින්..ඒකට විනාඩියක් දෙකක් යනවා..විනාඩි දෙකකින් විතර අර අපි දෙන්නා හිටපු ලිෆ්ට් එකෙත් දොර හෙමිහිට ඇරුණා..එතකොටත් මම අර අනතුර හඟවන බොත්තම ඔබා ගෙනමයි හිටලා තියෙන්නෙ.. සීනුවෙ සද්දය මුලු බිල්ඩිමට ඇහෙන්න වගේ තමයි හදලා තියෙන්නෙ..කොහොමද ඔෆිස් එකෙන් භාගයක් විතර ලිෆ්ට් එක ළඟ පිරිලා පොඩි කකා බලා ඉද්දි..හෙමිහිට ඇරෙන ලිෆ්ට් එකෙන් මම එළියට එනවා දාඩිය පෙරාගෙන.. අර ළමයවත් තුරුළු කරගෙන..ඉවරයි නේද...සේරම.. ළමයා නම් පස්සෙ කිව්වත් ලයිට් ගිය ගමන්ම මම මුලින්ම කළේ බයට මෙයාගේ බෙල්ලෙ එල්ලිච්ච එක කියලා..ඔය සීන් එක කාලයක් යනකන් ඔෆිස් එකේ කතා උණා..දැන් නම් අර ළමයත් කැනඩාවට පදිංචියට ගියා..මමත් ආයි ලිෆ්ට් එකේ යන එක නතර කරලම දැම්මා..ඕන් ඔය වගේ සංඝෙදි තමයි අපිට වෙන්නෙ..


මට  නම් ලංකාවෙ එපා කරපුම ලිෆ්ට් එක තියෙන්නෙ ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ තමයි කට්ටියට මතකද ඒ ඇයි කියලා ?

ලංකාවෙ විදුලි සෝපානවලදි යනකොට මිනිස්සුගෙ තියෙන අමුතුම චර්යාවක් ඔය ගොල්ලො නිරීක්ෂණය කරලා තියෙනවද මෙන්න මේ වගේ ?


ලිෆ්ට් එක ඇතුළේ එක් කෙනෙක් හරි කීපදෙනෙක් හරි ඉන්න කොට එක්කො වචනයක්වත් කතා කරන්නෙ නෑ..හරියට ගොළුවො වගෙයි ඉන්නෙ..කතා කළොත් ලිෆ්ට් එක නවතීවි වගේ..


අලුතින් ලිෆ්ට් එකට කෙනෙක් නගින කොට...කතා කර කර ඉන්න අය උණත් සුටුස් ගාලා කතාව කවත්තනවා..


ලිෆ්ට් එක ඇතුළෙදි මොබයිල් ෆෝන් වල සිග්නල් හොඳටම අඩු වෙනවා නැත්නම් නැත්තටම නැති වෙනවා..ඒත් නොනවත්තාම අනේ ඔයාව ඇහෙන්නෙ නෑ..කිය කියා බෙරිහන් දෙන සමහරෙක්..


ලිෆ්ට් එකෙන් බහින්න යද්දි අනිවා තට්ටුවෙන් නගින්න යන අයගේ කකුල පෑගෙන එක හරි ඇඟේ හැප්පෙන එක හරි...


ලිෆ්ට් එකක ගෙනියන්න පුළුවන් උපරිමය සීමාව පැන්න ගමන්ම නාද වෙන සීනුවත් එක්කම ලිෆ්ට් එකේ ඉන්න මහතම කෙනා දිහා හැමෝම බලන බැලිල්ල..


ලිෆ්ට් එකේ ඉන්න කවුරුම හරි එක්කෙනෙක් ලිෆ්ට් ඔපරේටර් ජොබ් එක ස්වකැමැත්තෙන්ම භාර ගන්න එක..


පිරිමි සහ ගෑනු හරි හරියට ඉන්න වෙලාවක ගෑනු අයවත් පෙරළා ගෙන බහින පිරිමි අය..


වගේ දේවල් ඔයගොල්ලො නෝට් කරලා තියේද ? නැත්නම් බලන්නකො ආයි ලිෆ්ට් එකක යද්දි..


මේ ලිස්ට් එක හදධි නම් අද මාර්තු 20 ඩේලි මිරර් එකේ පළවෙච්චි Hot Sri Lanka Danu ලිපියත් මට උදව් උණා..


.ළි. - පහු ගිය කාලයේම මගේ බ්ලොග් ලිපි ලියවිල්ල සහ කියවන ලිපි වලට කමෙන්ට් කිරිල්ල බොහොම අඩු උණා..මාත් එක්කම ජීවත් වෙච්ච ළැපී..ලෙඩ උණ හින්දා..ගොඩ දාන්න බැරිම තැන..අලුත් ලැපියෙක් අර ගත්ත හින්දා ආයිමත් ඉස්සර වගේ වැඩ දාන්න පුළුවන් වෙයි..

59 comments:

  1. අනේ අපිට කොයි ඔය උඩ යන ,බිම එන එවුවා. හද්ද දොඩේ කඩේක ඔවුව හයි කරල තිබිලා.පස්සෙ වහල දැම්ම මීනිමැරීමට තැත්කිරීම නිසා ඒ මුදලාලිට හිරේ යන්න වෙයි කියලා.
    මේ වෙනීයෝ ඔවුවයේ නැද්ද සීසීටී ද මොනා ද හයි කොරලා.

    ReplyDelete
    Replies
    1. නෑ සොසී සීසීටීවි හයි කරලා නම් නෑ මම මෙච්චර කල් ගිය ලිෆ්ට් වල..ලිෆ්ට් එකට නගින තැන නම් එහෙව් එකක් හයි කොරලා තියේ..

      Delete
    2. නුගේගොඩ සරසවි බුක් ෂොප් ලිෆ්ට් එකේ කැමරාවක් තිබුනා වගේ මතකයි..

      Delete
    3. ඒකෙ ලිෆ්ට් එකේ ගිහින්ම නෑ. පඩි පෙල හරි පහසුයි ..

      Delete
    4. ඒකෙ ලිෆ්ට් එකේ ගිහින්ම නෑ. පඩි පෙල හරි පහසුයි ..

      Delete
    5. දැන් නම් ගොඩක් ලිෆ්ට් වල තියනවා මම හිතන්නෙ

      Delete
    6. ඔව් හරි නම් ඒක අනිවාර්‍ය අංගයක් වෙන්න ඕනි ලිෆ්ට් එකක..

      Delete
  2. ඔය තරම්ම සොඳුරු විදිහට නොවුනත් මමත් වතාවක් ලිෆ්ට් එකක හිරවෙලා ඉඳලා තියෙනවා විනාඩි පහළොවක් විතර . ඒක පරණ තාලේ එකක් නිසා බෙස්මන්ට් එකට අරගෙන එළියෙන් යතුරෙන් ඇරලා තමයි මාව එලියට ගත්තේ. අදටත් ලිෆ්ට් එකක යනකොට මගේ හිතේ පොඩි චකිතයක් තියෙනවා අර අත් දැකීම නිසා.

    ReplyDelete
    Replies
    1. මටත් කොයි තරම් ගියත් පොඩි බයක් තියෙනවා හිරවෙයිද කියල නම්. ආයි ලිෆ්ට් එකක හිර වෙලා නැතත් ෆිල්ම් වල ලිෆ්ට් ඇක්සිඩන්ට් දැකලම බය වෙලා..

      Delete
  3. මටත් තියනවා අර ලිෆ්ට් ඔපරේටර් ලේඩේ.. ඒක වෙන කවුරු හරි කළොත් මගේ හිතට හරි නෑ.. නිකන් පඩි පෙලේ ආවා වගේ තමා එතකොට දැනෙන්නේ.. :D

    Spellbinder එකේ තිබුනා ලිෆ්ට් එක සම්බන්ධ කරලා අපූරු ජෝක් එකක්. බැලුවනම් මතක ඇති..

    ReplyDelete
    Replies
    1. ඒකෙ අනෙක් පැත්ත සිද්ධ වෙනවනම් අපේ ගෑනු උදවිය ඔක්කොම ලිෆ්ට් එකේ යන්න පොරකයි.. :D

      Delete
    2. ලිෆ්ට් ඔපරේටර් .. මම නම් මම යන ෆ්ලෝර් එක ඔබන්නත් කම්මැලියි.. ස්පෙල් බයින්ඩර් නම් බැලුවා. ඔය කියන සීන් එක නම් මතකනෑ.

      Delete
    3. ඇයි අර රියානා හොස්පිට්ල් එකේ ඉන්නකොට දකිනවා, කෙල්ලෙක් ලිෆ්ට් එකට ඇතුලු වෙනවා, ඊට ටික වෙලාවකට පස්සේ මෙන්න දොර ඇරිලා නාකි ගෑණු කෙනෙක් එනවා. මේකි බයවෙලා ඇස්දෙක නලලේ තියන්න් ඉන්නකොට හොස්පිට්ල් එකේ එව්වෝ රියානවත් ඒ ලිෆ්ට් එකෙන්ම කොහාටද ගෙනියන්න හදනවා. ඔන්න එතකොට හොස්පිට්ල් එක දෙක වෙන්න කෑ ගහපි මට නාකි වෙන්න බෑ කියලා.. දැන් මතකද ?

      Delete
    4. ඔව්...ඔව් යන්තම් මතකයි..ඒ කාලෙ ඕක බැලුවෙ ක්ලාස් ගිහින් ඇවිත් ගෙදරදි..එතකොට කතාවෙන් භාගයක් ඉවර වෙලා..

      Delete
    5. ස්පෙල් බයින්ඩර් එකේ පලවෙනි කොටසෙ මතකද පෝලුයි, ඇලෙක්සුයි වෙඩි බෙහෙත් හදනවා. අපිත් ඉතිං වඳුරු කුලේනෙ. අදටත් අකමා ඉතුරු වෙලා ඉන්නෙ මිෂන් ෆේල් හින්දම තමා. ඔයගැන ලියාගෙන ආපු පෝස්ට් එක ඉක්මනින්ම ඉවරයක් කොරල දාන්න ඕනි......

      Delete
    6. පොඩි කාලෙ වෙඩි බෙහෙත් පිස්සුවක් තිබ්බෙ අකමා..ගිනි පෙට්ටි ඉවරයි..රතිඤ්ඤා වලින් අලුත් අලුත් එව්වා ට්‍රයි කලා..ඒ සිද්ධිය ලියන්නකො

      Delete
  4. //හදිසියෙවත් ලයිට් ගියොත් එහෙම..කියලා දඟලන දැඟලිල්ලකුත් තියෙනවනෙ..ඒ හින්දම ඒ ගොල්ලො හැම වෙලාවෙම තනියෙන් ඕකෙ ගියේ නෑ..කවුරු හරි පිරිමියෙක් එක්කම තමයි ගියේ..//
    ඒක ඊටත් වඩා භයානක දෙයක් නොවෙද අයියේ? :D

    ReplyDelete
    Replies
    1. ඔෆිස් ඒකේ සේරම ඩ්ගන්න දන්න අයනෙ ඉන්නෙ මල්ලි.. :-D

      Delete
    2. බියුටි සැලෝන් වලට ගෑණු යන්නත් බය නෑ කියනවලුනේ.... ;)

      Delete
    3. නැතුව නැතුව .. මට නොතේරුනා නෙවෙයි බෝ කීව දේ..ඔය පොඩි වෙලාවෙ යමක් කොරන්න තරම් ගායක් තිබ්බෙ නෑ බන්

      Delete
  5. උඹ යද්දී එක සැරයයි නේද බං කැඩුනේ අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඒක කැඩුන්නැති හින්ද තමයි මිනිහට ලිෆ්ට් එක ගැන සදා වෛරයක් ඇතිවෙලා තියෙන්නෙ.

      Delete
    2. සහතික ඇත්ත. මගෙ තිබ්බ එකම ලක් දවසඒක වෙන්න ඇති...

      Delete
  6. බලාපන්කෝ මෙයාටත් වදින චෑන්ස්!!! චික් අපි යන ලිෆ්ට් කරුමෙකටවත් හිර වෙන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. මොන චාන්ස්ද මම ලැජ්ජාවෙ හිටියෙ.. ඊට වඩා බය ලිෆ්ට් එකේම මියැදෙන්න වේදෝ කියල..

      Delete
  7. ඔයාට ඉතින් චුට්ටක්වත් දැනුණේ නැද්ද කවුරු හරි බෙල්ලේ එල්ලිලා ඉන්නවා වගේ...:D

    මාත් ගොඩක් වෙලාවට ඔයා කීවා වගේ පයින් උඩට, පහලට යනවා...

    ReplyDelete
    Replies
    1. නෑ පොඩ්ඩි දැනුනෙම නෑනෙ.. මාත් බයවෙලා හිටියෙ.. පයින් යන එක ඇඟටත් හොඳයිනෙ. නිකම්ම ව්‍යායාම ..

      Delete
  8. අර ඉමර්ජන්සි බැටරි කතාව දන්නේ අදනේ. ඈ බන් වෙනි අයියේ සුවර් නේද දොර ඇරෙනකම් ඔබාගෙන හිටියේ අනතුර හඟවන බොත්තම කියලා ? අනෙහ් අපි නොදන්න වෙනියගේ අනතුර හඟවන බොත්තම 

    ReplyDelete
    Replies
    1. ඒ ලිෆ්ට් වල MELD කියලා ගහලම තියෙනවා මල්ලි. ඒක හතරැස් බටන් එකක් බන්. මට හොඳට දැනුනා

      Delete
  9. සමහරුන්ට දුවන පඩිපෙල් ගැනත් ඔහොම භීතිකාවක්‌ තියේ.....දවසක් එම් සී එකේදී අපේ සෙට් එකේ කෙල්ලෙක් හූ තියල කෑ ගැහැව්වේ නැද්ද ඕකෙ යද්දී...බැලින්නම් කකුල ලෙස්සන්න ගියාලු.... :D

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් එක අප්පා.. ඒකෙන් බහින්ඩ ගියහම ව්ඨෙන්න යනවා. මම කරන්නෙඓන්න පඩියෙ අගටම වෙලා ඉන්නවා මාව එලියෙ පඩියට තල්ලු කරන කම්ම. බහින්න ගියොත් නම් වැටෙන්න යනවා..

      Delete
    2. මමනම් පඩියක් කලින් බහිනව :)

      Delete
  10. අපරාදේ අර ස්විච් එක හයි කරලා තිබ්බේ ..නැත්ටම් ලයිට් එනකම්ම් ඉන්න තිබ්බා බෙල්ලේ එල්ලගෙන ..නැද්ද මන් අහන්නේ .........?

    ReplyDelete
    Replies
    1. ලිෆ්ට් එකක හිර වෙලාම බලහන් මල්ලි.. බය ඇර වෙන මුකුත් මතක් වෙන්නෙ නෑ බන්..

      Delete
    2. වෙනියත් ඉවාන්ගෙ වයසෙ උනානම් ඔහොම කියන එකක් නෑ. නාකි උඹලට හිතෙන්නෙ අපි වගේ නෙමේ වෙනී.

      Delete
    3. ශික් මහ වල් මුන් දෙන්නම !

      Delete
  11. මාත් ඉස්සර ඔය ලිෆ්ට් වලයි, එස්කැලේටර් වලයි යන්න මාර බයක් තිබුණෙ. අපේ අයිය කෙනෙක් එක්ක ලිබර්ටි ප්ලාසා ගිය වෙලාවෙ බිල්ඩින් එකේ අනික් කෙරෝලටම පඩිපෙළක් හොයාගෙන ගියා. පස්සෙ පස්සෙනං ඕවට පුරුදු උනාට තාමත් කැමති පඩිපෙළේ යන්න තමයි.

    මටත් ශුවර් නෑ ලයිට් ගියාට පස්සෙ මනුස්සය මොකක් මිරිකගෙන හිටියද කියල. :D

    ReplyDelete
    Replies
    1. මේ භීතිකාව පොදු එකක් වගේ ප්‍රසා.. ව්‍යායාමෙට කිව්වට මට නම් තාමත් තියෙන්නෙ බය තමයි..

      Delete
  12. ඕකේ අනිත් පැත්ත උනයි කියල තමා ඒ ළමයා ඔපීසියේ කියල තිබුනේ. වෙනි අංකල් ලයිට් ගියපු ගමන් එයාගේ ඇගේ එල්ලුනාලු..

    මාත් දැකල තියෙනවා බං ලිප්ට් එකේ යද්දි නිකං ප්ලේන් එකක යන ගානට මිනිස්සු බීත වෙලා යනවා.. මැරිච්ච එකා වෙනුවට අළුත් එකෙක් ආවනං වැඩ දාහං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒ ලමයා එහෙඅ කීවෙ නෑ..
      ගොඩක් අය බය ඇති ..
      අපොයි මම දැන් ලිෆ්ට් එකේ යන්නෙ නෑනෙ ..

      Delete
  13. කොහොමහරි ඒ ගෑල්ලමයා ලෝකේ අනිත් පැත්තටම පැනලා ගියා ඒ වෙච්ච සිද්දියෙන්?

    ReplyDelete
    Replies
    1. නෑ බන් ඊට පස්සෙත් අවුරුදු හයක් විතර හිටියා. පස්සෙ හබියට වීසා ලැබුනා. ඒ නිසයි ගියේ..

      Delete
  14. නුවර ක්වීන්ස් එකේ තමයි මම දැකපු ඇන්ටික්ම ලිෆ්ට් එක තිබුනෙ. ඒත් කොළඔ වයි.එම්.බී.ඒ. එකේ තියෙන මිට්ෂුබිෂි ලිෆ්ට් එක ඊටත් වඩා ඇන්ටික්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. මම දුටු ලස්සනම ලිෆ්ට් එක තාමත් GOH එකේ..

      Delete
  15. ජයවර්ධනපුර ඉස්පිරිතාලෙ ලිෆ්ට් එක නම් ඇත්තටම එපාම කරපු එකක් තමයි. මට ඒ ඉස්පිරිතාලෙම මහා එපා කරපු තැනක්.ලෙඩෙක් බලන්නවත් යන්න හිතෙන්නෙ නෑ. අපේ රටේ මිනිස්සු ලිෆ්ට් වලදි හැසිරෙන හැටි නම් ඕනම තැනකදි එක වගේ. මම හැමදාම උදේ හවස යන WTC එකේ ලිෆ්ට් එකේදිත් ඔය කියපු දේවල් අඩු වැඩි වශයෙන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් චූටි සේරමත් හරි ඒකෙ යනකොට සේරම එලිය පේන කොට මට නම් මහ විකාරයි..කරකැවිල්ල හැදෙනවා..

      Delete
  16. බෙල්ලෙ එල්ලුනෙ නැලු.අත්දෙකෙන් අල්ලගත්තලු කෙල්ල ටක් ගාල.බොහොම අමාරුවෙන් දහ අතෙ පොරොන්දුවෙලාලු අර ස්විචෙක ඔබන්න අතක් නිදහස් කරගත් ගත්තෙ.අනෙ මන්ද ඔව රට්ටු කියන කතා.

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙනියො ඇත්ත කතාව. දමිය කොහොමද දන්නෑ හැබැයි ඕක දැනගත්තෙ.

      Delete
    2. අහු වෙයකො මටකතන්දර හදන මේ රට්ටු දෙන්නා අවුරුදු උත්සවේදී හෙම :-D

      Delete
  17. ලිෆ්ට් කිව්වේ අර ගෑල්ළමයාව උස්සාගෙන හිටපු එක ගැනද?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා මේ කශූ නම්.. දැන් මැදි වියේනේද ඉන්නෙ ??? එහෙව් කෙනෙක් අහන පුරස්නද මෙව්වා ? :-D

      Delete
  18. අනේ මන්ද. අපි කම්පීතරේ දාගත්තොත් ලයිට් යනව.මැච් එකක් බලන්න හැදුවොත් ලයිට් යනව. ටී වී එකේ ෆිල්ම් එකක් බලන්න හැදුවොත් ලයිට් යනව. හ්ම්ම්ම්... අපිත් ලිෆ්ට්වල ගිහිල්ල නැතුවයැ. ඒත් ඒ ගිය හැම දවසෙම ඔය යස අගේට ගියෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හැබෑව !
      මටත් චෑන්ස් එකක් කියලා ඔච්චරමයි වැදුනෙ :-)

      Delete
  19. ආච්චී කෙනෙක් ටොයිලට් එකක් කියලා ලිෆ්ට් එක පටලා ගැනීම එහෙම කොහොමද ?? :D

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ ... :-D

      Delete
  20. ලිෆ්ට් එකේ යනකොට එලිය පේන එක අවුල්නම් අර මම ලියපු මෝඩ මෝලට උඹට කවදාවත් යන්න වෙන්නෙ නෑ. ඒකෙ ලිෆ්ට් එකේ යනකොට එලිය පේනව. කොහොමද තට්ටු තිස් ගනන් එහෙම එහෙක යන එනකොට??

    අර ගෑණු ළමය බෙල්ලෙ එල්ලෙන්නැත්තෙ ආරක්ෂිත පියවරක් විදියට. එතකොට ආයි වෙන මුකුත් කරන්න වෙනියට සිහිය නැතිවෙනවනෙ. මොලේ තීන ළමයෙක්, ගණිතවතී වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ එව්වයෙ යන එක ගැන කතා කරනවා. මට මෙහෙ උනත් තියෙන ඒ වගේ ලිෆ්ට් දුටුවහම කලන්තෙ දානවා

      Delete
  21. මම ගියපු භයානකම විදුලි සෝපානය තිබුනේ (මම හිතන්නේ තාමත් තියනවා) කොම්පඤ්ඥ වීදියේ විදුලි බල මණ්ඩලේ ප්‍රධාන ශාඛාවේ එක.. ඒ සෝපානය නවතින එකක් නෙවි. උඩට යන්නයි පහලට එන්නයි සෝපාන දෙකක් තියනවා. ඒවා නොනැවතී වැඩ. නගින බහින අය දුවන බස්සෙකකින් බහිනවා නගිනවා වගේ එල්ලෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ඉතින් රු මිනිස්සු වැටෙන්නෙ නැද්ද අප්පා ! මම නම් ජීවිතේර එහෙම එකක යන එකක් නෑ..

      Delete