ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, March 27, 2014

ඊඩී වලට ෆිල් ටැබ්ලට්ස් ?


මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ කියලා ඩිස්ක්ලේම් එක දාලා අර කතාව ලිව්වොත් ලෝකයා ඒක පිළිගණීද ?

භෛසජ්‍යාගාරය...මොකද්ද යකඩෝ ඒ කියලා අහන අයට කියන්න කියන තියෙන්නෙ ඔය ෆාමසියට කියන සිංහල නම තමයි කියලයි.ඔසුසල කිව්වා නම් ඉවරයිනෙ බොල මහප්‍රාණ නැතුව මෙතන කියන අයට කියන්න තියෙන්නෙ හිකිස් කියලා තමයි..

ඔය ඔසු සල් නැත්නම් ෆාමසි වලින් මට හෙණ අපලයි අප්පා..අර කැම්පස් අවුට් උණ ගමන්ම රැකියා සම්මුඛ පරීක්ෂණයකට ගිහින් ෆාමසියෙ කොල්ලට වෙච්ච වැරැද්දට මට උණු සංගෙදිය දුටුවනෙ..ඕන් ඔය වගේ එව්වමයි මට ෆාමසි වලදි වෙන්නෙ. ඉංතේරුවෙන්ම පහු ගිය ආත්මෙක හරි ආත්ම ගණනාවක හරි ෆාමසි කාරයින්ට මම ලොකු අරියාදුවක් කරල තියෙන හැඩයි. ඔයක තමයි මට මේ ආත්මෙ පල දෙන්නෙ..

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

ඔය හතළිහ පැන්නහම එක එක අංශ වලින් දාන වැඩ එහෙම විසි ගණන් වල ආකාරෙටම දාන්ඩ බෑ බෑ වෙනවා කියලා ගොඩක් අය දන්නවනෙ..ඉතින් ඔව්වට කට්ටිය පෙනෙල, දූරියන්..වගේ වගේ එව්වා කනවා බොනවා..ඒවා ඉතින් පත්තියම් වෙලා මෙව්වා මෙව්ව වෙන්ඩ ටික කාලයක් යනවා කියලා ඕනි කෙනෙකුට තේරෙණවනෙ ඉතින්..
මේ කතාවට අදාළ කතා නායකයා..අපි කියමු ලේසියට සරත් කියලා.. නෑ නෑ ලංකා නෙවෙයි..උඹලට නමක් කියන්ඩ බෑ කාව හරි ඈදා ගන්නවාම තමයි..මම මේකට ප්‍රියන්ත කියලා නම දාන්ඩත් හදලා උඹලා මාතලන්ව අල්ලා ගන්න නිසයි එහෙම නොකළේ...

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

ඉතින් ඔන්න සරත් 40 පැන්න හම ටිකක් තේරිලා එහෙමයි මෙහමයි කියලා..ඕකට අර කිව්ව ජාති කාලා බීලා..ඒත් ඒවයින් ක්ෂණික විසඳුම් නො එන හින්දම..අවශ්‍ය වෙලාවලට ක්ෂණිකව ප්‍රතිඵල දෙන ටැබ්ලට් එකක් ගන්න පුරුදු වෙලා...හැමදාම නෙවෙයි බොලව්නෙ..ඒ විසි ගණන් වල..කෙරුවාවල් කොහෙද 40න් පස්සෙ..සතියකට දෙකක් නැත්නම් තුනක් විතර කියමුකො..ඔයකෙ නම හිස්තැනක් ෆිල් කියමුකො..මීට පස්සෙ ෆිල් කියන්නෙ ඔන්න ටැබ්ලට් එකට තමයි..

දවසක ඔයවා ඉවර වෙලා..එදා රෑ ට නම් නිකන් පුළුවන් පුළුවන් සයිස් එකකුත් තියන එකේ..ඕන් ඔහෙ ෆාමසියෙන් තව ටැබ්ලට් කාඩ් එකක් අරගෙන යනවා කියලා හිතලා..මොකද වැඩි වෙන්නෙ නෑ..ඒ සතියෙම සෙනසුරාද තියෙන ඡන්දෙ හින්දා ඔෆිස් වලත් නිවාඩුනෙ..සති අන්තෙම නිවී හැනහිල්ලෙ ඉන්නත් වෙන එකේ ආයි මොනාද...

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

කොහොම කොහොම කිව්වත් සරත් ටිකක් ලැජ්ජා කාරයා..ඔව් ලංකාවෙ බහුතරයක් වගේම තමයි සරතුත්..අර කොපුවක් ඉල්ලනෙත් ෆාමසි ගණනාවක් බලලා බලලා..පිරිමි පරාණයක් විතරක් කවුන්ටරේ ඉන්න..වැඩිය සෙනඟ ඉන්නෙ නැති ෆාමසියක් හොයලම තමයිලු..


ඉතින් එහෙව් ෆාමසියක් හොයා ගෙන හොයා ගෙන ගියත් ගොඩක් ෆාමසි වල හොඳටම සෙනඟ පිරිලලු..ගොඩක් කවුන්ටර වල ඉන්නෙත් ගෑනු ළමයිලු..

හොඳ වෙලාවට නගරයේ තිබ්බ තරමක් ලොකු ප්‍රසිද්ධ ෆාමසියෙ සෙනඟ වැඩිය නැති නිසාත්...කවුන්ටරෙ ඉන්නෙ කොල්ලො සෙට් එකක් නිසාත් සරත් ගියාලු මෙතනට..පොඩ්ඩක් හිටපු කට්ටිය යනකන් ඉඳලා සරත් ඇහුවලු එතන හිටි කොල්ලෙක්ගෙන්

"මල්ලි ෆිල් ටැබ්ලට්ස් එක තියෙනවද ?"

මොකද ඒ ජාතිය නැතිනම් වෙන ජාතියක් හරි ගන්න පුළුවන් නිසා..

"මොකද්ද සර් ඇහුවෙ?"

අර කොල්ලා ටිකක් හයියෙන් ඇහුවලු..

ඔය එක්කම එක පාරටම 10ක් 15ක් විතර බෙහෙත් ගන්නත් ඇවිත්..සරත්ට හීන් දාඩිය දා ගෙන එනවලු..ආයිමත් කොල්ලගෙ කනට කරලා

"ෆිල් ටැබ්ලට්"

"පොඩ්ඩක් ඉන්න මහත්තයා..

දැන් කොල්ලා ටිකක් එහා පැත්තෙ තිබ්බ බෙහෙත් පෙති අහුරලා තියෙන අල්මාරියක් ළඟ දන ගහ ගෙන එක එක ජාතියෙ පෙට්ටි අතට අර ගෙන තියනවලු..සරත් ළඟ හිටපු අනිත් කෙනාගෙ ටැබ්ලට්ස් ටික දීපු අනිත් කොල්ලා 

සර්ට මොනාද බැලුවෙ?"

කියලා සරත්ගෙන් අහලා..

"අර මල්ලි බලනවා"

කියලා සරත් පොඩ්ඩක් එහාට වෙලා..

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...


කවුන්ටරේ සෙනඟ පොදි කකා බෙහෙත් ගන්නවලු දැන්..සරත් දැන් බොහොම චකිතෙන් ඉඳලා තියෙන්නෙ මේ කොල්ලා බෙහෙත් පෙති ටික නිකම්ම කවරෙකවත් නොදා අරන් එයිද අනිත් අයට පේන්නත් එක්කම කියලා හිත හිතා ඉන්න කොට..

"හේෂාන් මොනාද බන් ඔතන දන ගහ ගෙන හොයන්නෙ? අපිට යන්නත් ඉඩ නෑනෙ.."

කියලා තව ෆාමසියෙ එකෙක් අපේ සරතගෙ බෙහෙත් හොයන එකාට දෝස්මුරයක් දාලා..

"නෑ බන් මේ ෆිල් කියලා ටැබ්ලට් එකක් හොයන්නෙ"

"ෆිල් කාටද ?


"දන ගහ ගෙන හිටපු කොල්ලා නැගිටලා සරත් දිහාවට අත දික් කරලා

"ආන් අර මහත්තයට"

කියලා මහ හයියෙන් කිව්වලු..

මුන් දෙන්නගෙ කතාවම ඇහිච්ච බෙහෙත් ගන්න ආපු අය සරත් දිහා බලන්න ගත්තෙ මහ අමුතු සතෙක් දිහා බලනවා වගේ..

වායු සමීකරණයෙන් එන හීතල පරදලා සරත්ගෙ ඇඟ දිගේම දහඩිය ගඟක් ගලන්න පට න් ගන්නෙ හරියටම මේ වෙලාවෙමයි

"මහත්තයා ෆිල් ටැබ්ලට්ස් වලට ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් තියෙනවද අපිට හරියටම නම බලා ගන්න?"

"ඔය ගොල්ලො ළඟ නැති හැඩයි..මම යන්නම්.." 

මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

තවත් ගැලවෙන්න රෙදි නැති හින්දම..

කියලා තොල් මතුරපු සරත් යන්න හැරෙන කොටම....මූට නම් කොහෙදි හරි අනිනවා හොම්බට කියලා මුල්ම ඕඩරේ දීපු කොල්ලා දිහා බලන කොටලු දැක්කෙ..මෙතන පොදි කකා ඉන්න සෙනඟගේ මූණෙ තිබ්බ හිනාව...

ඒ විගසම එතනට ආපු ෆාමසියෙ ලොක්කි වගේ හිටපු උස මහත ලේඩි කෙනෙක්..


"මොනවද ඒ මහත්තය ඕනි කරන ටැබ්ලට්ස් ? ඇයි ඒවා අපි ළඟ නැත්තෙ? බලන්න ස්ටොක් එකේ අපි ළඟ නැති වෙන්න බෑ..මොනවද හේෂාන් ටැබ්ලට් එක?"

කියලා අර කොල්ලගෙන අහපි..

"ෆිල් කියලා ටැබ්ලට් එකක්.."

"ස්ස්ස්ස් කෑගහන්න එපා ළමයො ඒක ඊඩී වලට දෙන ටැබ්ලට් එකක් ඉන්න මම ස්ටොක් එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කියන්න මහත්තයට.."

"මේ සර් මහත්තයා..ඒක ඊඩී වලට දෙන ටැබ්ලට් එකක්ලු නේද ? ඉන්ඩ සර් මැඩම් ස්ටොක් එකෙන් ගෙනත් දෙන්නම් කිව්වා. තව විනාඩියක් ඉන්න සර්"

අර හේෂාන් කියන එකාගෙ කට හඬ සරත්ට ඇහුණෙ ෆාමසියේ පඩි පලේ බහින්න ඔන්න මෙන්න තියා..

ඊ ළඟට ඇහුණෙ හේශාන්ගෙ කටහඬ

"මොනාද මචන් ඊඩී කියන්නෙ"?


මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ... 

කියලා හත් සැරයක්ම කිව්වහමවත් පිළි ගනිල්ලාකො බන්...

කළකම් ගෙවෙන්නෙ පළදීමෙන්මයි කියනවනෙ ඒ කරුමෙත් ගෙව්නා කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මුකුත්ම සරත්ට ඉතුරු වෙලා තිබ්බෙ නැහැල්ලු

පව් නේහ් ! 

71 comments:

  1. මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ... :P

    ReplyDelete
    Replies
    1. නැත්නම් හැම කෙනාම අහනවා ඉන්දික ඕක උනේ මටද කියලා..උත්තර දීලම අත රිදෙනවා !

      Delete
    2. ඔච්චරටම ඕක කියවන්නෙ අනිව ලේඛකයට වෙච්ච නිසාම වෙන්න ඕන :D

      Delete
    3. කවුරු ලිව්වත් පෝස්ට් එක වෙනිය ලියන ස්ටයිල් එකටම ලියල තියෙනවා :P

      Delete
    4. අම්මපා හැබෑව !

      Delete
  2. කියවලාම එපාවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වෙලාවට මුල වාක්‍යය 10 නැත්නම් 15 කියවලා අතෑරලා දාලා යන්ඩ අප්පා ! වද විඳින්නෙ මක්කටෙයි ඕන් !

      Delete
    2. /මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ../
      ‍මේක බං කියවලාම එපා‍වෙන්‍‍නේ.

      ආ‍‍යම ‍‍මේ මතක් ‍වෙලා ආ‍වේ.
      බම්බලපිටිය හන්දි‍යේ,හරියටම ස්‍ටේෂන් පාරට ‍කෙලින් ගාලු පා‍රේ අනිත් පැත්‍‍‍තේ.‍ටේස් ලැල්ල ගාව ෆාමසි‍යේ ඉන්‍‍නේ පිරිමි විතරයි.
      ‍කොල්ලුපිටි හන්දි‍යේ “‍කොල්පිටි ‍කෙමිස්‍ට්“ වලත් ඉස්සරනමි පිරිමි විතරයි.
      ඇයි..බං අර ගුවන්විදුලිය ඉස්පිරිතා‍ලේ පා‍රේ ෆැමිලි ප්ලැනින් ඇ‍සෝසියන් එ‍කේ ෆාමසිය.
      බි.එම් .අයි.සී.එච් එ‍කේ පිටිපස්‍‍සේ ‍‍ගේට්ටු‍වෙන් පැන්නම අඩි ‍දෙක‍නේ.
      සිදුවු ‍කෙනාව දැනුවත් කරන්න‍කො.පිරිමි විතරක් ඉන්න ෆාමසි වලට.


      Delete
    3. පිනි මට නම් දැන් බොලා කවුද කියලා දැන ගන්න ලොකු කුතුහලයක් තියෙන්නෙ ..සුවර් ඇන්ඩ් ශොට් මාව හොඳටම දන්න එකෙක් හෝ එකියක් ! :-D

      Delete
    4. ඈ බං වෙනී අයියේ... බම්බල පිටිය කියලා කිය උන ගමන් උඹ බය උනා නේද අම්බානකට.. මට මැවිලා පේනවා උඹ දත කට පූට්ටු වෙලා උඩ කමෙන්ට් එක කියෝනවා.. :D

      බය වෙන්න එපා ඔය මංවත්... බම්බල පිටි කේස් එක දන්න අනිත් කෙනාවත් නෙවෙයි.. පරණ හොල්මනක්.. :D

      Delete
    5. ඔතන බම්බලපිටිය කියලා දිතරක් තිබ්බා නම් උඹයි කියලා සැක කරන්න තිබ්බා..පොඩ්ඩක් හිටින් බලන්න ඒත් නෑ යකෝ උඹ එලිපිටම මගේ සායම යවන එකේ ආයි ඇනෝ එයිද ???? නෑ බන් ඇනෝ එයි කියලා හිතන ලිස්ට් එකේ පැත්ත පලාතකවත් බොලා නෑ. මට සැක කියලා තියෙන අනිත් තැන් ටික ටක්කෙටම හරි .. බොහෝ විට ඕනයට තමයි ඔය කොලෙජ් එක තියෙන්නෙ .. ඌ උඹට හපන් නමින් ඇවිත් ඔයිට ගපන් එවා කියලා තියෙන එකේ !!

      Delete
    6. නොලෙජ් එක !

      Delete
  3. කියවලාම එපාවෙනවා.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි පිස්තෝලයක් ඔලුවට අල්ලගෙන හිටියද කියෝපන් කියලා ..

      Delete
  4. මෙය කිසිසේත් ලේඛකයාට වෙච්ච වෙයක් නම් නෙවෙයි. වෙනිවැල් මහත්තයාට වෙච්චි දෙයක් මිසක් ඔය මනුස්සය පහුගිය දවස් වල වැල් පෙනල බිබී හිටිය පත්තියන් වෙන්නේ නැති තැන ෆිල්ස් ගන්න ගිහින් සෑහෙන්න දරුණුවට තියෙනවා වගේ අවුල.

    ReplyDelete
    Replies
    1. කිව්වට පිලි ගන්නෙම නැති හැටි අප්පා...

      Delete
  5. ඔච්චර මහන්සි වෙන්නෙ නැතුව එකපාරම කියල දැම්මනං හරිනෙ ඕක වුණේ වෙනී ට කියල.. -_-

    ReplyDelete
    Replies
    1. සංචාරකයා පහු ගිය පෝස්ට් 286ම පිලිගත්තෙ නැති එකේ මේකෙ පිලිගනී කියලා හිතනවද ඔච්චරම කිව්වෙ නැත්නම් මහන්සි වෙලා...

      Delete
  6. මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

    ඔන්න පිලිගත්තා..... :D

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ දරුවෙක් . අන්තිමට දාපි තිත් දෙකයි කැපිටල් ඩී යි තමයි ඇල්ලුවෙ නැත්තෙ

      Delete
  7. මොනාද ඇත්තටම ඔය ඊඩී කියන්නෙ? :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සසිඳුවගෙ කමෙන්ටුව මැකුවෙ ඒකෙන් මේකෙ තියෙන ආතල් එක අඩු වෙන හින්දා !

      Delete
    3. ඊඩී කියන එකේ තේරුම දැම්ම කියල කියන්න, නැත්තන් දකින අය හිතයි කුණූහබ්බයක් දැම්ම කියල :D

      Delete
    4. එතන කුනුහබ්බ තමයි බොලා ලියලා තිබ්බෙ ශිහ් ! (මරු පොයින්ට් එක...මට මතක් උනේ නෑනෙ ඕක ! )

      Delete
  8. යකෝ පෙනෙල ටිකක් ගත්තනම් හරිනේ! අපේ වෙනි අයියාගෙන් ;)

    ReplyDelete
    Replies
    1. වෙනී අයියටත් E.D හින්දද කොහෙද හැමදාම වැල්පෙනෙල බොන්නෙ :D

      Delete
    2. ක්ෂනික ප්‍රතිපල එන්නෙ නෑ නේද පෙනෙල වලින් පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහල බලමු !

      Delete
    3. ක්ෂණික නැතත් දීර්ඝ කාලීනව හරි ප්‍රතිථලයක් ලැබෙනව ඇතිනෙ, අයිය කැද බොනනිසා අත්දැකීම් ඇතිනෙ :D

      Delete
    4. අපි බොන්නෙ..අනිත් කැඳ ජාති...එව්වා නම් ඇඟට ගුනයි..

      Delete
  9. ඥාණපාල තියරිෙය් වෙන වර්ෂන් එකක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම් ඒ වගෙයි නේද බන් !

      Delete
    2. වර්ණපාල තියරිය නේද ඔය කියන්නේ...

      Delete
  10. ඔය කොච්චර කිව්වත් මට හිතෙන්නෙම මේක ලේඛකයට වෙච්ච දෙයක් කියලනෙ :D

    ReplyDelete
    Replies
    1. උඹලයෙ වල් හිතනෙ මම් මක් කරන්නද ඒකටෝන් !

      Delete
    2. වල් හිත නෙමේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ හැකියාව ;)

      Delete
    3. බම්බුව තමයි ! :-D

      Delete
  11. උබ අර රතුපාටෙන් ලිවුව ටික බොරු නේද

    ReplyDelete
    Replies
    1. කතාවෙ තියෙන එකම ඇත්ත ටික දමිතයො උඹ පල්ලා !

      Delete
  12. කවුද බං ලේඛකයා කියන්නේ. ඌ බ්ලොග් ලියන එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. හරස් ප්‍රශ්න නො අහා හිටින්කො හෙන්‍රි .. කියන දේ විශ්වාස කොරහන් අයියෙ !

      Delete
  13. මෙය කිසිසේත් ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ. බ්ලොග් ලියන්නාට සිදුවූ දෙයක් බව පාඨකයින් කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතින් විචාරක එක්ක බැරි ඕකනෙ .. ගොඩක් අයට මාව විශ්වාසයි ..

      Delete
  14. වෙනී උඹ අහල නැද්ද එකම බොරුව හත්පාරක් කිව්වොත් ඒක ඇත්ත වෙනවා කියලා..

    ReplyDelete
    Replies
    1. ගොබල්ස් තියරියද මොකද්ද කියන්නෙ ඕකට නේද බන් !

      Delete
  15. මේක උඹට වෙච්ච දෙයක් නෙවෙයි කියල දැන් නං ෂුවර්.

    ReplyDelete
    Replies
    1. මාව විශ්වාස නොකරන මේ නස්කූනි අස්සෙ උව රන් කඳක් හැලපෙ අයියෙ .. නිකන් නෙවෙයි දඹ රන් කඳක් !

      Delete
  16. හනේ හපොයි මෙයාටත් වෙන වැඩ... , ඇයි දැන් වැල්පෙනෙල වලට වැඩ කරන්නේ නැතෙයි ඕක..

    ReplyDelete
    Replies
    1. දිගු කාලීනව වැඩ කරනවා නම් ඇති ඉතින්...

      Delete
  17. //මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ.

    මේක නිකන් නාට්ටියක් මැද්දෙන් යන වෙළඳ දැන්වීමක් වාගේ... !!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොටනෙ..කියවන අයට මතක හිටින්නෙ !

      Delete
  18. අනේ අපිනම් මුකුත් කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා... අලුත් අවුරුදු උත්සවේට එන්න හිතා ගෙන ඉන්නවනෙ..ඔබනව දියවන්නාවෙ ! :-D

      Delete
  19. "ඔය ඔසු සල් නැත්නම් ෆාමසි වලින් මට හෙණ අපලයි අප්පා.."
    මේක මුලින්ම දාලා..

    ඊලඟට මේම දැම්මාම
    මෙය කිසිසේත්ම ලේඛකයාට සිදුවූ දෙයක් නොවේ...

    නිකන් ගැලපෙන්නේ නැති වගේ ගතියක් එනවා එනවා වගේ..

    නැතිනම් අර කෂ්ටිය උඩ කිව්වා වගේ මේක උනේ ලේඛකයාට නෙමෙයි අපේ වෙනි අයියාට කියලද අපි හිතන්ට ඕනේ. සෝ කන්ෆියුසින්..

    ReplyDelete
    Replies
    1. සෝ කන්ෆියුසන් නේද ??? හොඳ වැඩෙ උඹට ඕනි නැති එව්වයෙ සම්බන්දෙ ඇනලයිස් කොරන්ඩ යනවට !

      Delete
  20. සරත්ටත් වෙන ජාති නේද සරත් අයියේ... :D

    ReplyDelete
    Replies
    1. ටයිප් කරලා බලහන් බන් එකම නම දෙතැනම ටයිප් කරලා කොගෙද ඡන්ද උනනෙ මේ දවස් වල ..:-D

      Delete
  21. මේක ලේඛකයාට වෙච්ච දෙයක් නෙමේනම් ඌ කොහොමද මේක දන්නේ ? කවුද ඌට මේක කිව්වේ ? අර හේෂාන් කියන හාදයද ?

    ReplyDelete
    Replies
    1. නැතුව .. නැතුව ... ඌම තමයි කිව්වෙ සෙන්නා ..

      Delete
  22. මේක කොහොමත් ලේඛකයට වෙච්ච දෙයක් වෙන්න බෑ. ඒත් මේක ටයිප් කරපු කෙනාටනං වෙන්න පුලුවං දෙයක්. අර වෙනිවැල්පිටිය කියල හාදය දැං ටික කාලෙක ඉඳල වැල්පෙනෙල කැඳ බොනවයි කියල කියනවනෙ. අද ඉතිං ඡන්දෙ දවසෙ තාම මොකුත් කරගන්න බැරි උනාද?

    ReplyDelete
    Replies
    1. හම්මේ මේ ඉන්නෙ ප්‍රසා කොහෙද බන් ගියේ 23 වෙනිදා කොලඹ ඇවිත් සුදීකයව හමු උනායින් පස්සෙ අතුරුදහන් .. ආන් බුකියෙ ඒකටත් ලෝකයා හදන කතන්දර ! පව් සුදීකයා ! :-D

      Delete
    2. හැක්.. දැම්ම ඒ පැත්තෙ යන්න අදහසක් නෑ. මේ දවස් ටිකේ බුකිය වර්ජනය කරල තියෙන්නෙ.

      Delete
  23. මරැ කථාව මචං! හැමතැනම ලියපු එකාට උන දෙයක් නෙමේ කියලා ලියලා නිසා මටත් හිතෙනවා මේ සිද්ධිය උඹටම වෙන්න ඇති කියලා. කෙසේ වෙතත් රස වින්ඳා!
    ජය!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හිතන්ඩෙපා කියලා කියන දේම බොලාලට හිතෙන එක තමයි තියෙන එකම අවුල ...

      Delete
  24. ඈ බන් වෙනී.....ජුන්ඩා කෙලින් කරගන්නවාට වඩා අමාරුයිනේ බන් මුන්ගේ කතා අහගෙන ඉන්න ගියාම. වෙනී උඹට ED ද නැත්නම්VD ද? ඒකට නම් ඉතින් 32 වාට්ටුව තමයි.

    පුංචි බොරැල්ලේ ඩොනල්ඩ්ස් ස්ටුඩියෝ එකට ඉස්සරහට වෙන්න වගේ සිංහල බෙහෙත් සාප්පුවක් තිබුනා "ආයුර්වේද භෛශජ්‍යාගාරය" කියලා. ඕකෙ වැඩ කරා අපේ යාළුවෙක් ජගත් කියලා. ඌට අපි කිව්වේ භහියා කියලා.

    ReplyDelete
    Replies
    1. පහු පහු වෙලා නම් යන්ඩ වෙයිද මන්දා අරූ , තාම නම් නෑ. මමත් ඔය නම දුටුවෙ කොහෙන්ද කියලා දැන් මතක නෑ ..

      Delete
  25. හරි හරි දැන් කවුද මේ ලේඛකයා කියන්නේ. සිද්දිය වෙච්චි වෙනි අයියා මේක ලියන්නේ නැතිව ඇයි මේක ලේඛකයෙකුට කියලා ලියා ගත්තේ.

    ReplyDelete
    Replies
    1. නෑ බන් ඕක උනේ මේ සරත් කියලා එකෙකුට ..:-)

      Delete
  26. ලේඛකයා පව්නේ. ෆාමසි එකට ගිය එක්කෙනත් පව්... :D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි..කීයෙන් කී දෙනාද අනේ ඔහොම පව් කියලා කියන්නෙ...හිතන්නෙ..

      Delete