ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, February 25, 2014

මෙදාපාරවත් ඡන්දෙන් සයිබර් අවකාශයේ දිනන අයම දිනයිද ? Effectiveness of Social media networking and social media tools in Election campaigns in Sri Lanka

http://www.deccanchronicle.com/131025/news-current-affairs/article/election-commission-vet-posts-parties-candidates-social-media



මේ ලිපිය පොඩියක් විතර දේශපාලනයට බර වෙච්ච එකක්. මම සාමාන්‍යෙන් මේ බ්ලොග් එක පුරාවටම සරල රස වින්දනයට අදාළ ලිපි මිසක්කා ඔය හරබර දේශපාලන ලිපි ලියලා නැහැනේ.. මේකත් ඉතින් අදහස් එකතු කර ගැනීමකට ලියපු එකක් මිසක්කා ආයි..

එහනම් මෙන්න තොරණේ විස්තරේ..


අපි පහු ගිය කාලෙ බුකියෙ සැරිසරද්දි දුටුව දෙයක් තමයි..


ඡන්ද කාලෙට බුකියෙ දිනන පිරිසක් ඉන්නවා..ඇත්තටම නියම ලෝකෙදි දිනන්නෙ අයමද කියන එක ලොකු ගැටලුවක් වෙනවා. නිසාම අද වෙනකොට නුකිය හරහා ඇදිලා යන ඡන්ද ව්‍යාපාර විහිළුවට ලක් නොවෙනවාත් නෙවෙයි. සැබෑ ජනාධිපති කෙනෙක් පත් වෙන අතරේ බුකියෙ ජනාධිපති කෙනෙක් පත් වෙලා හිටි ආකාරයක් තමයි පහු ගිය කාලෙ අපි දුටුවෙ..


ඉතින් බුකිය බුකිය කිව්වට බ්ලොග් ලෝකෙත් ඔය සංසිද්ධිය ඔහොමම උණා වගේ මතකයි. වර්තමාන සැබෑ ජනාද්පති වෙනුවට බුකියෙනුත් තෝරාපත් කර ගෙන තිබුණෙ නම් වෙන අපේක්ෂකයෙක් තමයි.ඇත්තටම කියන්නෙ නම් බුකිය අපි කියන ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය සහ බ්ලොහ් ලෝකය ඇතුළත් සයිබර් අවකාශයම සමාජයේම කොටසක් නියෝජනය කරනවා කියන එක තමයි. එහෙම නම් සමාජයේ බහුතර පිළිගැනීම නේද සයිබර් අවකාශයෙන් ඉස්මතු වෙන්න ඕනි. එහෙමම වෙනවාද ?


මට ප්‍රශ්න දෙකක් තියෙනවා මේ ගැන..


1) " the effectiveness of the social networking/social media tools used in elections in sri lanka in general" will it benifit for collect more votes.


මම මේක ඉංග්‍රීසියෙනුත් දැම්මෙ මම දාන සිංහල අදහසෙන් කියන්නෙ මොකද්ද කියන එක පොඩ්ඩක් එහෙමෙහෙ උණොත් බලා ගන්නයි. කියන්නෙ

  අන්තර්ජාල සමාජශාලා සමූහ සහ ඒවායේ පවතින උපක්‍රම අද පවතින ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඡන්ද ගන්න ප්‍රයෝජනවත් වෙනවද නැද්ද ?


2) "the effectiveness of the social networking/social media tools used by sri lankan election candidate with compared to the traditional campaign methods" 


දෙවැනි ප්‍රශ්නෙ තමයි සාම්ප්‍රදායික ඡන්ද ලබා ගැනීමේ ක්‍රම සහ නූතන අන්තර්ජාල මත පදනම් වූ සමාජජාලා වල ක්‍රම සන්සන්දනය කළොත් කොයිකද වඩා වැදගත් වෙන්නෙ කියන එක ?


මේ හෙටානිද්දා ඡන්දයක් ඔළුවට කඩා වැටෙන්න තියෙන අවු අස්සෙ ඔන්න ඔය කියන ප්‍රශ්න දෙකට ඔය ගොල්ලන්ට කියන්න තියෙන දේවල් ටිකක් කියලා දාන්ඩකො එහෙනම්..


මේක අන්තිමේ ප්‍රයෝජනවත් වෙන කොට්ඨාශයක් ඉන්නවා මේ වෙලාවෙ


මගේ සගයෙක් මේ ගැන සොයනවා..


ඉතින් ඔබලාටත් පුළුවන් නම් ඔය තව මේගා බයිට් දෙක තුනක් ඔහොමම වියදම් කරලා ඔබගේ වටිනා කියන අදහස මෙතන ඉදිරිපත් කොරණ්ඩලකෝ එහෙනම්.


ඒකට මෙන්න මගේ හද පිරි තුතිය !

34 comments:

  1. ෂල්ලි දෙන එක තමා වැදගත් වෙනී

    ReplyDelete
    Replies
    1. ඔව් අද ඒකත් පලදායී ක්‍රමයක් තමයි දේශකයා. ස්තූතියි

      Delete
  2. ඔය මොනව කරත් මිනිස්සුන්ගෙ බඩට ඇරියොත් නූතනයටත් අතීතයටත් මොනව වෙයිද කියන්න බෑ. හැබැයි තාම නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් වැව් ඒත් ඒක ප්‍රතිපල වලින් පේනවද කියන එක තමා ප්‍රශ්නෙ

      Delete
  3. අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ කීයෙන් කී දෙනාද ? ඒ ප්‍රතිශතය වැඩි උනොත් නම් ඔය කියන නූතන ඡන්ද ක්‍රම වල ප්‍රයෝජනවත්භාවය වැඩි වෙයි. තව කොයිතරම් මාධ්‍යයය් තියෙනවද අද ? වැඩියෙන්ම පලදායී වෙන්නෙ පහු ගිය කාලෙ ඊ ගොල්ලො කොයි තරම් මිනිස්සුන්ට වැඩ කරලා තියෙනවද කියන එක තමයි.

    ReplyDelete
  4. ඉන්නේ හම්බන්තොට නිසාද මංදා පළාත් සභා ප්‍රාදේශීය සභා මෙව්වා වල කාට ගැහුවත් මට නම් යුද්දේ ඉවර කරපු මහින්ද මහත්තයාට ඇර වෙන කාටවත් දෙන්න හිත හදාගන්න බෑ කියලා මට නම් දෙතුන් දෙනෙක්ම කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් රෙපා ඒකෙ ලොකු බලපෑමක් තියෙනවා තාමත් කවුරු මොනවා කීවත් ..

      Delete
  5. ප්‍රතිශතයක් ලෙස ඡන්දය හිමි පුද්ගලයින්ගෙන් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි අන්තර් ජාල භාවිතා කරන්නේ...ඒ වගේම අන්තරජාලය භාවිතා කරන අයගෙන් යම් ප්‍රතිශතයක් ඉන්නවා චන්දය දාන්න තවම සුදුසුකම් නොලබපු. අනික තමයි මේ කතා කරන බහුතරයක් කරන්නේ රැල්ලට කඩේ යාම මිසක් තමුන්ගේ සැබෑ මතය පෙන්වීමක් නෙවෙයි .

    ReplyDelete
    Replies
    1. මේ ඉවාන් කියන රැල්ල කතාව ඇරෙන්න ඉතුරු ටික තමයි මමත් කියන්න හිටියේ වෙනියෝ. රැල්ල කියන එක බුකියේ වුනත් නැතත් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

      Delete
    2. ඉවාන් , සිංදු ස්තූතියි මල්ලිලා දෙන්නටම

      Delete
  6. වෙනී මම හිතන්නෙ නම් මෙහෙමයි එහෙම වෙනස් වෙන්න පුලුවන් ඡන්ද සංඛ්‍යාෙව් ප්‍රතිශතය සියයට එකක් වගේ ප්‍රමාණයක් වෙනවා.
    දැන් අපි ෆේස්බුක් එකේ රංග ජයවර්ධන ගනිමු. ඔහු ඇඩ්කරගෙනඉන්නෙ ඔහුගේ ගෝලබාලයො ටික විතරයි. ඔහුගේ එහෙයියන් ටික විතරයි. අපි වුනත් අපේ මතවලට දැඩිව ගහන පෙරලා පහර දෙන එකෙක් හිටියොත් මොකෑ කරන්නෙ? අපි ඌව අයින් කරනවා. ඒ විදියට අපි කැමති අපි ආස කරන අය ටිකක් විතරයි ඔය පේස්බුක් හෝ බ්ලොග් වල අපිට සැරිසරන්න ලැබෙන්නෙ. දැන් බ්ලොග් ගැන හිතුවොත් දැන් ඔය යන හැම බ්ලොගම කියවන්න හුරු වුනාට මේක පේස්බුක් පොපයිල් ගාන්ට වැඩිවුනොත් අපි කැමැත්තෙන් කියවන්නෙ අපිට රුචි වෙන බ්ලොග් විතරයි. යු ඇන් පී කාරයා යු ඇන් පි බ්ලොග් ටික කියවාවි. ජෙප්පා ඌට ඕන ටික කියවයි. ඒ කියන්නෙ අන්තර්ජාලය කියන විශාල අවකාශය තුල අපිට ගැලපෙන කොලනියක් අපි කම්බි ගහල මායිම් කරල වෙන් කරගන්නවා. ඒ කොලනියට පිටින් මත අනම් මනම් කොයි තරං ගියත් අපි ගනං ගන්නෙවත් ඒවා ගැන සලකන්නෙ වත් නැහැ.
    සමස්ථ මතයට බලපෑමක් කරන්න අනෙක් මාධ්‍ය වලට තියෙන හැකියාව අන්තර්ජාලයට නැහැ. උදාහරන ලෙස රනිල් මහත්මය ාකරන කතාවක් ටීවී එකේ පෝර්ති වලින් ගියොත් ඒක ඒ වෙලාවෙ පෝර්ති බලන කැමති අකමැති හැමෝම බලනවා. නමුත් ඒක යු ටියුබ් දැම්මොත් බලන්නෙ රනිල් දිරවන අය විතරයි. අනික් අය ඔය යකා වැඩක් නැහැ කියල නිකං ඉන්නවා.

    මේ අන්තර්ජාලය කොයි තරම් දැනුම සපයන තැනක් වුනත් ඒ දැනුම ලැබෙන්නෙ ඉල්ලුවොත් විතරයි. නමුත් අනික් මාධ්‍ය වලින් මීඨ වඩා ඉල්ලුවත් නැතත් යම් ප්‍රමාණයක මතවාදයක් ඉදිරිපත් කරනවා.නවල් එකක් සැලකුවොත් අපිට ඒ නවල් එකේ දේශපාලනය මග ඇරලා ඒක කියවන්න බැහැ. නමුත් බුකිය හෝ සයිබර් එකේ දේශපාලනික නොවී ඕනි තරම් සබන් බබාල ලෙස ජීවත් වෙන්න හැකියාව තිබෙනවා නේද?

    සයිබර් දේශපාලනය අපේ සමාජයට තවම ලාමක වැඩියි. කියලයි මට නම හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අමිල මල්ලිගෙන් බලාපොරොත්තු වෙච්ච විග්‍රහය ලෙසටම දීලා තියේ. ස්තූතියි !

      Delete
  7. බුකියෙ කෙසේ වෙතත් බ්ලොග් ලෝකෙ දැන් එහෙම "දේශපාලන බ්ලොග්" නෑ නේ? තියෙන්නෙ නිකන් කෑම දිරවන්න මොකක් හරි හිට් වෙන ජනප්‍රිය මාතෘකාවක් අරන් කතා කරන බ්ලොග් නේ? ඉස්සර ඔය රාමචන්ද්‍ර, ටැබූ, sittingnut, indi, තරමක් දුරට බයෙන්ද ප්‍රේමේ වගේ අය නම් බ්ලොග් වලින් දේශපාලනේ කතා කරා. දැන් උන්ට තියෙන්නෙ නිලියො චන්දෙ ඉල්ලන එක, ෆේස්බූක් තහනම් කරන එක වගේ රටේ ඇත්ත දේශපාලනේට වත් ආර්ථිකේට වත් එහෙමට ඉම්පැක්ට් එකක් නැති ආතල් ගන්න හොඳ මිසක් අත පය රිදෙන කතා නෙවෙයි නේ? ඉතින් කොහොමද කාගෙවත් මතයක් වෙනස් වෙන්නෙ? ඒ ලිපි වල හරය වශයෙන් ගත්තම තියන පොඩ්ඩත් බොහොමයක් දෙනාට එකඟ වෙන්න පුලුවන් දේවල්. පැරා පවා ඒ පතෝල වැටකොළු ක්‍රමේට වැටිල.

    ඒවට එන කමෙන්ට් කියවල බලන්න, බහුතරයක් "එලට දීල තියනව" "පට්ට විදියටම කියල තියනව", "පට්ට පට පට ආ" වගෙ සීන්, නැත්නම්, "මුන් ඔක්කොම හොරු", "එල්ලිලා මැරෙන මානසිකත්වයට ෆේස්බූක් තහනම්කිරීම ගොන් වැඩක්." වගේ ඉතින් කවුරුත් කොහොමත් දන්න සරල කෑලි. මේ අයගෙ මේ අහිංසක ආතල් දේශපාලන සංවාද කියල වරදවා වටහ ගත්තෙ නැතුවම, ඒවයින් සමාජෙ වෙනස් නොවෙන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ, අඩු ගානෙ ඒවයින් සමාජෙ වෙනස් වෙනවද කියන ගැටලුව වත් එන්නෙ නෑ.

    ඇත්තටම නම් මට හිතෙන්නෙ ඒවයින් වෙන්නෙ පවතින ක්‍රමේට උදව්වක්. මේ ක්‍රමේ යටතෙ ඔක්කොම උන් චූන්, (ටිකක් දුරට අර ප්‍රේමෙ ගෙ කාලෙ ත්‍රිශූලෙ පත්තරේ කියවපු මෝඩ හැත්ත වගේ). හැමෝන්ටම නිදහස තියනව පොඩ්ඩක් දෙකක් දාගෙන බැනල, තරහ පිට කර ගන්න. බනින්න දෙයක් නැති වෙන කොට කවුරු හරි ඇම්බැට්ටයෙක් "ෆේස්බුක් තහනම් කළොත් මොකද" වගේ කටුවක් විසි කරනව, පොරවල් සරම් උස්සගෙන හිටු කියල ප්‍රොටෙස්ට් කරනව, අන්තිමේ මහ රජානෝ කියනව "පිස්සුද ෆේස්බුක් තහනම් කරන්නෙ නෑ" කියල. සබාතොමෝ සතුටින් විසිර යනව.

    මම ඔය කිව්වෙ බ්ලොග් ගැන ෆේස්බුක් ගැන නම් මම දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි ඇනෝ ඔබගේ විග්‍රහයටත්. මේ අධ්‍යයනය කරන සොයුරාට මෙය ව්ඪ්හගත් වෙයි.

      Delete
    2. ඇයි ඇනෝ මාතලං මාචාර්යතුමා ලියන්නෙ දේශපාලන බ්ලොගක් නෙමෙයිද? ඔන්න බලහන් ඉතින් උඹෙත් දේශපාලනය ගැන තීන අඩු දැනුමෙ තරම!!!

      Delete
  8. රටට හෙණ ගැහුවත් උඹ ඉතින් මහින්දයට පුක දෙන රජයේ සේවකයනෙ...දැන්වත් මේ හොරාව එළවන්න ඡන්දයක් දීපන්....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඇනෝ දෙන්න වෙන කෙනෙක් නෑ. ඉල්ලන අනිත් අයට දුන්නොත් පුකේ කෑලිත් ඉතුරු වෙන්නෙ නෑ බන් !

      Delete
  9. ප්‍රශ්න දෙකට කලින් උඩ කෑල්ල ගැන කියන්නං.
    මම දකින විදියට සාපේක්ෂ්‍ව ෆේස්බුක්/බ්ලොග් වල ඉන්නෙ සමාජයේ යම් කොටසක් උනත් ඔවුන් විශේෂීවූ කොටසක්. සමස්තය මහින්ද ලොක්ක පත් කරද්දි අන්තර්ජාලය වෙනත් කෙනෙක් පත් කරන්නෙ අන්න ඒ වෙනස නිසා. මුළු ජනගහනය ෆේස්බුක්/බ්ලොග් කියවන කාලෙක ඔය දෙන්න සමපාත වෙයි.

    අන්තර්ජාල භාවිත ප්‍රතිශතයේ ඇති අඩුව නිසා මම හිතන්නෙ තවමත් සාම්ප්‍රදායික ක්‍රමය වාසිදායකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්..විශේෂීවූ කොටසක්..

      Delete
  10. 1. වෙනවා. ඕනෙම දෙයක් ට්‍රෙන්ඩ් එකක් කරන්න පුළුවන් අන්තර්ජාලේ ඔස්සේ. ජනමතයක් ගොඩනගන්න පුළුවන් තැනක් වෙලා / කරගෙන.

    2. දෙකම වැදගත්. අන්තර්ජාලේ ඉන්න අයට නම් ඒක.... එත් සාම්ප්‍රදායික ඡන්ද ලබා ගැනීමේ ක්‍රමත් භාවිතා කරන්න වෙනවා, සීයල ආච්චිලත් ඉන්නවා නේ තව.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමටත් බොහොම ස්තූතියි බඩී

      Delete
  11. /*1අන්තර්ජාල සමාජශාලා සමූහ සහ ඒවායේ පවතින උපක්‍රම අද පවතින ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඡන්ද ගන්න ප්‍රයෝජනවත් වෙනවද නැද්ද ?*/
    පොඩි ප්‍රතිශතයකින් ඡන්ද වැඩිකරගන්න පුලුවන් වෙයි. මොකද ලංකාවේ මිනිස්සු දේශපාලනයේදි අනික් කෙනාට ඇහුම්කන් දෙන්නේ හරිම අඩුවෙන්.බුකියේ උනත් තමන්ගේ මතයට විරුද්ධ මත පලකරන කොට ඒවා කියවන්නෙ, එ දේවල් හොයල බලන්න පෙළඹෙන්නේ කීයෙන් කීදෙනාද? අනික් දේ තමයි, කවුරු මොනව කිව්වත් අන්තිමට ඡන්දේ දෙන්නේ පරම්පරාවෙන් දෙන පක්ෂයට නැත්නම් තමන්ගේ හිතවතාට. මම අනන්තවත් දැකල තියෙනව ඡන්දෙට කලින් මහින්දට පලු යන්න බැනල ඡන්දෙ දෙන්න ගිහින් "මොනව උනත් මහින්ද මහත්තය තමයි යුද්දේ ඉවර කලේ" කියල මහින්දටම ඡන්දෙ දෙන මිනිස්සු.

    /*2සාම්ප්‍රදායික ඡන්ද ලබා ගැනීමේ ක්‍රම සහ නූතන අන්තර්ජාල මත පදනම් වූ සමාජජාලා වල ක්‍රම සන්සන්දනය කළොත් කොයිකද වඩා වැදගත් වෙන්නෙ*/
    මම හිතන්නෙ සාම්ප්‍රදායික ක්‍රමයේ (සාම්ප්‍රදායික ක්‍රමය කියල මම කියන්නෙ අන්තර්ජාලයෙන් තොර අනික් මාධ්‍ය ) පලදායීතාව වැඩියි. තවම ලංකාවේ සුළු පිරිසක් තමයි අන්තර්ජාලය භාවිතා කරන්නේ.ඊට සාපේක්ෂව සාම්ප්‍රදායික ක්‍රම වලින් වැඩිපුර මිනිස්සු අතරට යන්න පුලුවන්. ලංකාවේ මිනිස්සු පිට ඔපයට නිකන්ම රැවටෙනවා. ප්‍රාඩෝ එකකින් එන, වේල් තුනටම ෆ්‍රයිඩ් රයිස් කාල පළතුරු කන, ලොකු තාප්පයකින් වහල තියෙන ලොකු ගෙයක් තියන, හද්ද දහජරා වැඩ කරපු කෙනෙකුට ඕනේ තරම් ඡන්ද හම්බවෙනවා. හැබයි ඡන්දේ ඉල්ලන කෙන තමන්ගේම මට්ටමේ නම් හරි යන්න එන්නෙ බස් එකෙ නම් හරි මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කූල් ෆයර් ඔබගේ විග්‍රහයෙන් ඔබ අදහස් කරන්නෙ මොකද්ද කියලා තේරුම් යන නිසා ඒක ගොඩක් වැදගත්..

      Delete
  12. අන්තර් ජාලයට, සමාජ ජාල වලට බලයක් තියෙන හින්දනෙ ඔය ෆේස් බුක් තහනං කරන්න බය වෙලා තියෙන්නෙ. නැත්තං අර ගොසිප් සයිට් වගේ එක රැයෙන් බ්ලොක් කරන්න තිබුණනෙ ඒකත්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා එහෙම කියන්නත් පුලුවන් තමයි..

      Delete
  13. සයිබරය සාමාන්‍ය සමාජය නියෝජනය කරන්නෙ නෑ weni . 18% වගෙ පිරිසක් අන්තර්ජාල සාක්ෂරතාව තිබෙන්නෙ.ඒ අයගෙනුත් පැල් බැද ගෙන ඉන්නෙ 5% ක් වගෙ පිරිසක්.ඒ අයත් මධ්‍යම පාන්තික පසුබිමක් තිබෙන නාගරිකයන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යකා ඔබට හැකිනම් ඔබගේ සංඛ්‍යාවල මූලාශ්‍රය දෙන්න මෙතනදි ගොඩක්ම කෘතඥ වෙනවා..

      Delete
  14. 1) අන්තර්ජාල සමාජශාලා සමූහ සහ ඒවායේ පවතින උපක්‍රම අද පවතින ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඡන්ද ගන්න ප්‍රයෝජනවත් වෙනවද නැද්ද?

    අනිවාර්යයෙන්ම වැඩිපුර ඡන්ද ලබාගැනීමට මේවා උපකාරී වෙනවා. හැම අවුරුද්දෙම 18 වැඩි අලුත් ඡන්දදායකයෝ ලැයිස්තුවට එකතු වෙනවා. මේ අලුතෙන් එකතුවෙන පිරිසගෙන් අඩුම ගාණේ 25-50% වත් අන්තර්ජාලය එක්ක කුමන ආකාරයේ හෝ ගණුදෙනුවක් තියෙන්න ඉඩකඩ වැඩියි. මූලාශ්‍ර නම් නෑ, නිකම් අනුමානයක් විතරයි. කොහොම හරි මේ අලුතෙන් එකතුවෙන පිරිසට් අන්තර්ජාලය සමග සම්බන්ධමක් වැඩි නිසා, යම් කිසි අපේක්ෂකයෙක් සමාජජාලා මෙවලම් භාවිතා කරනවා නම් මේ නවක ඡන්දදායකයන්ගේ අවධානයට ලක්වෙනවා. ඔය පෝස්ටර් ගහන්නේ, අංක එක ගන්න පොරකන්නේ මිනිසුන්ගේ මතකයට පහසුවෙන් රිංගගන්නනේ. බොහෝවිට පාවෙන ඡන්ද වැටෙන්නේ ඔය වගේ ලේසියෙන් මතකේ රැඳෙන පුද්ගලයන්ට. මම හිතන්නේ 'පබා' එහෙමත් දිනුවේ එහෙමයි. ඉතිං නිතර සමාජජලා වල පෙනී සිටින සැරිසරන අයෙක් නම්, මේ තාක්ෂණයත් සමග බොහොම සමීප තරුණ ඡන්ද තමන්වෙත ලබා ගැනීමේ වැඩි හැකියාවක් තියනවා.


    2)සාම්ප්‍රදායික ඡන්ද ලබා ගැනීමේ ක්‍රම සහ නූතන අන්තර්ජාල මත පදනම් වූ සමාජජාලා වල ක්‍රම සන්සන්දනය කළොත් කොයිකද වඩා වැදගත් වෙන්නෙ කියන එක?

    මෙහෙමයි, කෙනෙකුට පාවිච්චි කරන්න අවසර තියෙන්නේ මේ දෙකෙන් එක ක්‍රමයයි වගේ තත්වයක් යටතේ නම් සාම්ප්‍රදායික ක්‍රම තමයි වඩා වැදගත්. මොකද තවමත් ලංකාවේ බහුතර ඡන්දදායකයා ඉන්නේ සාම්ප්‍රදායික පැත්තේ. හැබැ‍යි අනාගතයෙදි මේක ඉක්මනින් වෙනස් වෙයි. නමුත් දැනට සාම්ප්‍රදායික ක්‍රම තමයි අවශ්‍යවන්නේ. නමුත් අපේක්ෂකයෙක්ගේ අරමුණ වැඩිම ඡන්ද ගණනක් ලබාගැනීම නිසා, මේ දෙයාකාරයම පාවිච්චි කිරීම තමයි කලයුත්තේ. කලින් ප්‍රශ්නෙට දීපු පිළිතුර අනුව නව ක්‍රම වලින් ඡන්ද වැඩි කරගන්න පුළුවන්. විශේෂයෙන් අලුත් ඡන්ද. අනික මේක සාම්ප්‍රදායික ක්‍රම වගේ ලොකු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය, ලොකු මුදලක් වැයවෙන වැඩක් නෙමෙයිනේ.

    ReplyDelete
  15. // අන්තර්ජාල සමාජශාලා සමූහ සහ ඒවායේ පවතින උපක්‍රම අද පවතින ඡන්ද ක්‍රමයේ වැඩිපුර ඡන්ද ගන්න ප්‍රයෝජනවත් වෙනවද නැද්ද ?//

    ප්‍රශ්නෙ හරිද? වැඩිපුර කියන දේ සාපේක්ෂයි. මේ අදහස් කරන්නෙ මොහොකට වඩා වැඩිපුර කියන එකද? කලින් ලැබුනට වඩා, බලාපොරොත්තුවෙනවට වඩා, තමන්ගෙ ලඟම පක්ෂෙ එකාට වඩා, විරුද්ධ පක්ෂෙ ප්‍රතිවාදියට වඩා, සභාවට පනින්න ඕන අඩුම ගානට වඩා වගේ ගොඩකින් කෝකට වඩාද? ඊළඟට ඔය ඕන එහෙකට දෙන්න තීන උත්තරය ඒ කියන්නෙ ඔව් හෝ නෑ කියන එක ප්‍රාදේශීයයි. ඒ නිසා නිවැරදි උත්තර බලාපොරොත්ත්වෙන්න ප්‍රශ්නෙ නිවැරදි කරගන්න කියන්න.

    //සාම්ප්‍රදායික ඡන්ද ලබා ගැනීමේ ක්‍රම සහ නූතන අන්තර්ජාල මත පදනම් වූ සමාජජාලා වල ක්‍රම සන්සන්දනය කළොත් කොයිකද වඩා වැදගත් වෙන්නෙ //

    මෙතනත් ප්‍රශ්නයක් තියෙනවද උත්තරයක් බලාපොරොත්තුවෙන්න? මේ දෙක අතරෙ උපයෝගීතාවයෙ වෙනස ගැන සසඳන්න, කිරන්න තරන් සමබර හෝ කරට කර ගතියක් තීනව කියල හිතා ඉන්නෙ මම දන්න විදියටනම් සරත් ෆොන්සේක මහත්තයි එතුමගෙ මීඩියා යුනිට් එකයි විතරයි! අඩු ගානෙ පෝස්ටර් කටවුට් හෑන්ඩ් බිල් VS විද්‍යුත් මාධ්‍ය වගේවත් කිව්වනං තව!

    ReplyDelete
  16. චන්දෙට ඉස්සර ජනමත විචරන තැබීම අද ඊයේ උන දෙයනම් නෙවේ. ඒත් මේක ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් ජන්ගම දුරකතන වලින් තියන එකෙන් වෙන්නෙ වැරදි නියදියක් අරගෙන අපි සම්පූර්ණ ජනගහනය අර්ථ දැක්වීමට උත්සහ දැරීමක් නේද..?

    ReplyDelete
  17. ඔය හැමදෙයක්ම මාර්තු 29 වෙනිදයින් පස්සෙ ඉවර වෙනව..

    ReplyDelete
  18. වෙනී.....මටනම් හිතෙන්නේ බ්ලොග්ස් වලින් කතාකරන මතයන් චන්දෙදි යථාර්තයක් නොවන්නේ මේ තුල ගැවසෙන ප්‍රමාණය අල්පයක් නිසා. නමුත් බ්ලොග් කියවන්නන් යම් තාක් දුරට විමර්ශනශීලි ලෙස ලෝකය දකිනවා යැයි හිතනවා. මම ෆේස්බුක් ගැන දන්නේ නැහැ.

    දෙවැනි ප්‍රශ්නයට මම හිතන්නේ අන්තර්ජාලය පරිහරණය රටේ ජනගහනයෙන් වැඩි කොටසගේ මාධ්‍යයවූ දවසක අනිවාර්යෙන්ම සම්ප්‍රදායික ක්‍රම බැහැර කරන්න වෙයි...උදළු තල,සාරි, ලන්කට්, අරක්කු, මුදල් නම් දිගටම තියෙයි ඡන්ද ලබා ගැනීම වෙනුවෙන්. ඒ තුලින් ඡන්ද ගැරීමත් හරි හරියට වෙනවා නේද?

    ReplyDelete