දරුවන් හැදිල්ලයි දරුවන් නොහැදිල්ලයි ගැන එහාට මෙහාට ඇඟිල්ල දිගු වෙන කාලෙක හැමෝටම අමතක වෙන එකක් තමයි එක ඇඟිල්ලක් තමන්ගෙන් පිටතට දිගු වන හැම වෙලාවකම අනිත් ඇඟිලි හතරම දිගු වෙන්නෙ තමුන් දිහාවට බව. අහපු කතන්දර, දේශනා මදි කියලා මම කියන්න යන්නෙ නම් උවදෙස් පත්‍රිකවක් නෙවෙයි. මෙය සත්‍යය ජීවිතයේ මම අත්දුටු දෙයක් සහ මෙහි කියවෙන චරිත අදටත් මේ පොළවේම පය ගහලා ඉන්න චරිත වීම. මම මේවා බ්ලොග් වල ලියන බවක් ඔවුන් දන්නවාද යන්න ගැන නම් හරියටම කීමට නොහැකි වූවත්..ඔවුන් මෙය දුටොත් මා හට සමාවක් දෙන බැව් නම් නියතයි. මන්ද මීට වඩා වැරදි වලට ඔවුන් ආ හට සමාව දී ඇති බැවින්.
කාලය 1994 හෝ 1995 වන්නට ඇත. මේ වනවිට මා සරසවියට යන අතරේ නැවතී සිටියේ මාගේ ඥාති සොයුරකුගේ නිවසේය. ඔහුගේම පුතුටත්, දුවටත් දක්වන සෙනෙහසට අඩු නොවන සෙනෙහසක් ලද මා මේ කාලය තුළ ජීවිතය පිළිබඳ උගත් දෑ මහමෙරටත් වඩා වැඩිය.
අදාළ දැරිය එවකට සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හදාරන ඥාති දුවණියගේ හොඳම යෙහෙළියයි. ඔවුන් දෙදෙනාම අගනුවර හොඳම පාසැලක ඉගෙන ගත් අතර සාම්ප්‍රදායිකත්වය කර පින්නා නොගත් දෙම්ව්පියන් ලැබීම ඔවුනගේ මහත් භාග්‍යයක් වීය.
සිදුවීම් දෙකක් සිහියට නැගේ.
එයින් අප්‍රධාන වූ සිදුවීම මුලින් පවසා යම් ප්‍රවේශයක් ගැනීමට සිදු වේ.
දිනක් මා හා ඥාති සොහොයුරා නිවසේ මිදුලේ යම් කටයුත්තක් කරමින් සිටියෙමු. මිදුලේ වල් ගැලවීම වන් කටයුත්තක්. ප්‍රධාන වැඩය ඔහු කරමින් සිටි අතර මා ඉඳහිට එහෙන් මෙහෙන් උදව් වෙමින් සිටියෙමි. අධ්‍යයන කටයුතු පාඩු කරගෙන නිවසේ සිදුවන කුඩා හෝ කටයුත්තකට සහය වීමට මා හට ඉඩක් නොදුන් කෙනෙකි ඔහු.. දුව සහ ඇගේ යෙහෙළිය සවස පන්ති අවසන් කර ඉක්මන් ගමනින් නිවෙස දෙසට පැමිණෙයි. ඔවුන්ගේ යම් කලබලකාරී බවක් දුටු නිසා අප දෙදෙනාද නැගිට ඒ දෙස බැලුවෙමු.
"ඔන්න ගොඩක් දුර ඉඳන් අපි පස්සෙ කොල්ලෙක් එනවා"
කියමින් ඔවුන් දෙදෙන වහා නිවෙස තුළට ගියෝය. මාගේ කේන්තිය නිම්හිම් නැත. කොල්ලෙක් සෙමින් සෙමින් වට පිට බලමින් නිවෙස දෙස බලමින්ද ඉදිරියට ඇදේ. මාගේ ඥාති සොහොයුරා කේන්තියෙන් ගැහෙමින් වූවද ඔහුටම අවේණික වූ හික්මීමකින් යුතුව නැගී සිට පාර දෙස බලා සිටී. මාද පාර දෙසට ගියෙමි.
"අපේ ළමයින්ට ඉගෙන ගන්න තියෙනවා මේ වයසේ ඔය විකාර ගැන නොහිතුවට"
අයියා මහ හඬින් එල්ලයක් නොමැතිව එම වචන පැවසුවේය. අර තරුණයා දෙස තියුණු බැල්මක් හෙළුවා මිස එතැනින් එහාට කිසිම දෙයක් සිදු නොවීය.
ඔහු දුවටත් යෙහෙළියටත් කුමන අවවාද දුන්නාද මතක නැත. එවන් සිදුවීම් නැවත සිදු නොවීය..
පාරට පැන හතර අතට නෙලා ගෙන නෙලා ගෙන යෑමට තරම් මානසිකත්වයකින් පසු වූ මා එයින් ඉගෙන ගත් දෑ බොහෝය..
වචන ටිකකින් ඔහු ඒ සියල්ලම කළේය..
දෙවන සිද්ධිය වන්නේ මා කී අර යෙහෙළියටයි.
ඈගේ පියා ගැන කිවහොත් ඒ වනවිට ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ ඔහුට සිටියේ මේ දියණිය පමණි. කොල්ලෙක් නැති ගෙදර කෙල්ලෙක් මෙන්ම කොල්ලෙක් ලෙසින්ද සෑදුණු ඇය..කෙළිලොල් බව මෙන්ම තැනට සුදුසු අයුරින් හැසිරීමේ නුවණින් අපවද පසු කර ගොස් තිබුණා මතකය. කිලෝමීටර් 4-5ක දුරකින් තිබුණු ඈගේ නිවසේ සිට අප නිවසට තිබූ දුර ඈ එන්නේ නයින්ටියකිනි හෝ එවන්වූ යතුරුපැදියකිනි. හවස හය හය හමාර වූවද ඈ තනිවම එයින් ගමන් බිමන් යෑමට බියක්ද නොදැක්වූවාය. අපගේ ඥාති පවුල මෙන්ම ඈගේ පවුලේ අයද සැම විටම ඈ පිළිබඳව සැලකිල්ලෙන් සිටි නිසා එවන් ගමන් බිමන් සියල්ලන්ටම සාමාන්‍ය දෙයක් වීය. විශ්වාස කිරීම සහ එම කරන විශ්වාසය රැකීම ඔවුන් කුඩා කල සිටම ලද පුහුණුවක් වැනි වීය.
එක් සෙනසුරාදා දිනයක ඈ එලෙස තම බයිසිකලයේ ගමන් කරන විට ඉදිරියෙන් ගමන් කල කොල්ලන් හතර දෙනෙකු කල විහිළුවක් නිසා අපි සියල්ලම මහත් භීතියට පත්වීමු. කෙල්ලකු යතුරුපැදියක යන විට කොල්ලන්ගේ කොලු කම ඉහවහා ගොස් තිබුණි. ඒ ඉදිරීයෙන් ගමන් කල කොල්ලන් හතර දෙනා විහිළුවට මෙන් පාර පුරා ගමන් කරමින් සිටියෝය. ගිය වේගයට ඈ හට බයිසිකලය නවතා ගන්නටද නොහැකි වීය. අර තරුණයන් හතර දෙනා ගේ ඇඟේ නොහැපී බයිසිකලය නවතා ගැනීමට ඈ හට කල හැකි එකම දෙය වූයේ අසල වූ විදුලි පහන් කනුව දෙසට යතුරුපැදිය හැරවීම පමණි. එහි වැදුණු ඈ තුවාල සහිතව රෝහල් ගත කෙරිණි. නළල මතද තුවාලයකි. මගේ මතකයට අනුව සති ගණනාවකකින් පසුව ඈ සුවය ලබා නිවෙසට පැමිණියාය. කලකින් හමු නොවූ නිසා තවමත් නළලේ වූ තුවාල කැළල තිබෙන්නට පුළුවන..
එම කොල්ලන් වෙනුවෙන් ගත් පියවර කුමක්ද මා නොදනිමි...යමක් සිදු නොවූවා සේ ඔවුන් සිටියා මතකය.
සියලුම තුවාල සුව වූ සැණින් ඇගේ දෙමවිපියන්ගේ අනුදැනුමද ඇතුව ඈ කළේ ආත්මාරක්ෂක පන්තියකට බැඳීමයි. එහිද බොහෝ දුර ගොස් එවකට තිබූ ආත්මාරක්ෂක ක්‍රම හඳුන්වා දීමේ රූපවාහිනී වැඩසටහන් කීපයකම ඇය මෙහෙයවීම්ද කළා මතකය.
කිසිවෙකින් නොසැලීමේ ගුණය මා දුටු එක අවස්ථාවක් වූ ඈ අද වනවිට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. මා හට ඇගේ නම කීමට නොහැක්කේ පසුගියදා ප්‍රධාන පුවත් පත් කීපයකම ඈ තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා කල පර්යේෂණය පිළිබඳව බොහෝ කරුණු අඩංගුව තිබු ලිපි කීපයක්ම පල වූ බැවිනි.ඇගේ හොඳම යෙහෙළිය වූ මාගේ ඥාති දුවනියද අද වන විට ප්‍රසිද්ධ පාසැලක රසායන විද්‍යාව පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරියකි.
මේ කාලය 1995-2000 වැනි කාලයයි. අද වන විට අසන්නට දකින්නට වන දෑ මඟින් සලිත වන සිතට මා හට නැගුණු මේ සිද්ධි දාමයන් දෙක කෙතරම් අපූරුවට සම වන්නේදැයි මා හටම සිතා ගත නොහැකිය. යම් කාලයකට පෙර පාසැල් දරු දැරියන්ගෙන් අපට අසන්නට, දකින්නට නොලැබෙන තරමේ ප්‍රවෘත්ති ඇසෙන්නේත් කාලය මැවූ වෙනසක අරුමය අපට පසක් කරමිනි.
හදන්නන් වාලේ නොහදා ළමයින් හැදීම දෙමව්පියන්ගේ ප්‍රධානම යුතුකම වන බව නම් ඉඳුරාම වැටහේ.
දමිත් කේතක සොයුරා මතු කල අදහස වේසි කිව්වොත් පල පොන්නයො යන්න කියා හෝ කීමට ශක්තියක් ඇතිව ළමයින්ව සෑදීමේ අවශ්‍යතාවයනම් අන් කවරදාටත් වඩා අද පැන නැගී ඇති බව පෙනේ..
ප්‍රශ්නයක් පැන නැඟි සැණින් විකල්ප විසඳුම් රාශියක් ජනිත කර ගැනීමේ දක්ෂතාවය නම් වයස් භෙදයක් නොසලකා ප්‍රගුණ කල යුතු වූ ගුණාංගයක් බව පෙනේ.
විදුලි පහන් වැට කිව්වේ මොකක්ද වෙනී?
ReplyDeleteලයිට් කනුව බන්..ඒක වැරදියට ලියවෙලා..පෙන්නුවට ස්තූතියි !
ReplyDeleteමේ වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවෙන්නේ ඉතා කලාතුරකින් දරුවෙක්. බහුතරය ඔය ප්‍රශ්න සමග කෙසේ හෝ ගනුදෙනු කරන්න ඉගෙන ගන්නවා. නමුත් ඒ ඉඳහිට තමන්ගේ දිවි තොර කරගැනීමට පෙළඹන දරුවාව පවා එයින් මුදවා ගැනීම තමයි යහපත් සමාජයක සිදුවිය යුත්තේ. සමාජ සම්බන්ධතා අද හරි සංකීර්ණයි. දරුවන්ට පමණක් නොවේ වැඩිහිටියටද සමහර ප්‍රශ්න දරාගන්න බැරිවෙන අවස්ථා එමටයි. දෙමාපියන් සහ ළමයින් අතර සම්බන්ධය ඉතාම ශක්තිමත්විය යුතු අවධියක්. ප්‍රශ්නයක් ඇති විට ඊට විසඳුම් ඇති බව සහ ඒවාට යොමුවන විදිහ ගැන දරුවන් දැනුවත් කිරීමත් අත්‍යාවශ්‍යයි.
ReplyDeleteනියම කතාව අයියෙ :)
ReplyDeleteනියම කතාව අයියෙ :)
ReplyDelete\\\\\\\\\\\\\\\වේසි කිව්වොත් පල පොන්නයො යන්න කියා හෝ කීමට ශක්තියක් ඇතිව ළමයින්ව සෑදීමේ අවශ්‍යතාවයනම් අන් කවරදාටත් වඩා අද පැන නැගී ඇති බව පෙනේ..//////////
ReplyDeletehttp://amaleymunasinghe.blogspot.com/2014/01/blog-post_7.html
මෙන්න මේකත් ටිකක් ගැලපෙනවා.
වෙලා තියෙන්නේ ප්‍රින්සිපල් හෝ ගුරුහොරෙක් වේසි කිව්වාම, පල පොන්නයෝ කිව්වොත් ඉස්කෝලෙන් අස්කරන එකයි
ReplyDeleteපිරිමි සිය වගකීම් අත්හරිමින් තිබේ
ReplyDeleteසිය පිරිමිකම අසරණ කොටස් පෙලන්නට
යොදාගැනීම නිසා
ගැහැණියට නැවත සිය ඓතිහාසික, පරිණාමික හා සමාජීය අයිතිය
ඩැහැගැනීමට සිදුව ඇත.
ගැහැනියකට අපහාස කොට, වද දී, ඉඟියකින් හෝ පෙළා, සමහර මිනිසුන් ලබන්නේ තිරිසන් කාමාස්වාදයක්.
ReplyDeleteගැහැණුන්ට හින්සා කරන්නේ පොන්සියොම තමා බං.. මොකද උං හිතනවා ගෑනු උන්ට වඩා පහත් කියලා. අපේ පැත්තේ පොරකුත් ගෑනිට හෙන සත්තම. ඒ ගෑනි ගේ වටේ දුවනවා ගම වටේ දුවනව බේරෙන්න. අහුඋනාම දත් එක එක ගැලවෙනවා. බලං ඉන්න බැරිම තැන මං කිව්වා ආයි ගහන්න ආවොත් මෝල්ගහ අරන් ඕකගේ මුණට දෙකක් දෙනවයි කියන්න කියල සැරෙන් ඇගට අත තිබ්බොත්. බයෙන් උනත් ඒ දේ කරල තිබ්බ එදා ඉදල කොච්චර බීල ආවත් කරදරයක් නං නෑලු..
ReplyDeleteවෙනී අයිය කියල තියෙන කතාව සහතික ඇත්ත. ළමයි ගොන්නු කරන්නෙ දෙමව්පියොමයි. සමහරුන්ට විභාග පාස් කිරීමෙන් තොර ලෝකයක් නෑ. විභාග පාස් කිරීම කියන්නෙ ජීවිතේ නෙමෙයි කියන එක ළමයට තේරුම් කරල දෙන දෙමව්පියො ඉන්නෙ බොහොම සුලු කොටසක්.
ReplyDeleteකියෙව්ව එහෙනම්..
ReplyDeleteඔව් දෙමාපියන්ගේ වගකීම සහ යුතුකම ළමයාට හරිමග තොරාගැනිමේ ඉව හුරුකිරිම
ReplyDeleteඑච්චර ලොකු දෙයක් නොවුනත්, කෙල්ලෙක් කලිසමක් ඇඳීම ටිකක් මැජික් එකක් වුනු අපි ඉස්කෝලේ ගිය කාලේ කතාවක් මතක් උනා.
ReplyDeleteඑක කෙල්ලෙක් හිටියා ටියුශන් පන්තියට කලිසමක් හැඳ පැමිනෙන. කොල්ලෝ කොලු කමට සුපුරුදු පැනයන් අහනවා. තාත්තා ගෙදරද?අයියා ගෙදරද? කෙල්ලට ගානක් නෑ ඕවායේ. දවසක් කොල්ලෙක් ඔට්ටුවක් අල්ලලා ඇයව හඬවනවා කියලා, ගිහින් ඇහුවා
"නoගි ඔයා චූ කරන කොට කලිසම ගලවනවද "කියලා
මේකි ගත් කටටම කිව්වා හැමොටම ඇහෙන්න
"ඇයි ඔයා කලිසම පිටින් ඔහොම්මද චූ කරන්නේ ?"
මට මේකට දාන්න කොමෙන්ටුවක් ඔලුවට එන්නෙම නැ
ReplyDelete