ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, December 2, 2013

බිඳීගිය නවමු සිහිනය.. Fire at Innovation 2013 exhibition

මම මෙහෙම කිව්වෙ 2012 නොවැම්බර් මාසෙ

http://www.liyanna-liyanna.blogspot.com/2012/11/skills-and-innovation.html


\\සාමාන්‍ය පෙල නැත්නම් උපෙල කඩ ඉමේ නතර වෙලා ඒත් ජීවිතයේ මහා හර පද්ධතියක් හඹා යන රටේ ජීවයට ජීවන හුස්ම පිඹින ඒත් මුළු ස්වභාවධර්මයම විකුණන් කන මේ ආර්ථික මඩ ගොහොරුවේ එළියට එන්න අවස්ථාවක් නැතුව ඉන්න නමුත් අනාගතය ගැන බිඳක් හරි හිතලා සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තාරුණ්‍යය ගැන..

මට පහු ගිය දවසක ආන්න ඒ රත්තරන් තාරුණ්‍යය ජවය පිරිච්ච මාව ආයිමත් විස්මයෙන් අළලවන්නට හැකි තරුණයින් පිරිසකට තෝතැන්නක් වෙච්ච ප්‍රදර්ශණයකට සහභාගි වෙන්න ලැබුනා..

මේක තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරපු නිපුනතා හා නිර්මාණ තරඟය 2012 එකේ මේ දින තුන පුරාවටම BMICH එකේ තිබුනා. ලැබිච්ච පොඩි ඉඩකඩෙන් මාත් එතනට ගිහින් ආපහු ආවේ තවත් දැනුම් සම්භාරයක් එක්කම අපේ වල් වැදිලා නොගිය තාරුණ්‍යය ගැන ලොකු අභිමානයක් එක්කයි..

ඒක මන් හැමෝම එක්ක බෙදා නොගත්තොත් මගේ හිතට හරි මදි..\\
\\මේ අපූරු අයිස් කැටයම කරන තරුණයා සුවිශේශී තරුණයෙක් කිව්වොත් ඔබ පිලි ගන්නවද ? බැලූ බැල්මට තාරුණ්‍යයේ එලිපත්ත මත සිටින හුරු බුහුටි කොළු ගැටයෙක්..ඔහු දක්ෂ අයිස් කැටයම් නිර්මාණ ශිල්පියෙක්..ඔහුටත් තිබ්බා බස් එකකට නැගලා කොලයක් දික් කරලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා කල්ලි ගැහිලා කුඩු හරි සිගරැට් හරි ගහලා ජීවිතේ වෙනම මඟක ගෙනියන්නත්..ඒත් ඔහු එහෙම කලේ නෑ..ඔහු ඒ වෙනුවට බැඳුනෙ ජාතික ආධුනිකත්ව මණ්ඩලයට..ඔහු ගොළු බිහිරි තරුණයෙක්..ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔහු Differently Able  තරුණයෙක් බව..\\
න් අද පත්තරේ දැක්කා බියගම ප්‍රදේශයේ ගම්පහ මේ සැරේ ඕලෙවල් ලියන්න ඉන්න තරුණයෙක් විභාගෙට පාඩම් කරන්න යනවා කියලා ගිහින් තව කට්ටියක් එක්ක පැණිය බීලා ගංජා ගහලා නිදි ඇඳේම මැරිලා.. එක පාරටම හිතට ආවෙ ඒ වගේ දෙමව්පියො රවට්ටලා ඒ ගොල්ලන්ගෙ සල්ලි වලින්ම මේ වගේ ආතල් ගන්න කාලකන්නි හැත්ත නම් මැරිලම යන්නයි ඕනි කියලත්..ආයිමත් හිතට අනුකම්පාවක් ආවෙ මේක ඒ තරුණයන්ගෙ සම්පූර්ණ වැරැද්දෙන් සිදු වෙච්ච දෙයක්ම නොවන නිසායි..සමීපම දෙම්ව්පියන්ගෙ ඉඳන් සියළුම සමාජ ස්ථරයන් හා දේශපාලන බලවේග මෙයට වග කිවයුතු නිසා..ඒ තරුණයන්ටම බැනලා වැඩක් නෑ..

මම මේ ප්‍රදර්ශණය පුරාවටම දැක්ක මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මේ තාරුණ්‍යය එක්ක සුළුතරයක වෙච්ච නොමඟ ගිය ඒ තාරුණ්‍යය පොඩියක් සංසන්දනය කලොත්...

මේ බහුතරය එක්ක මට හරිම ආඩම්බරකාරී හැඟීමක් දැනුනා..

තාරුණ්‍යයේ සීමා මායිම් ?

කියලා ප්‍රශ්ණාථයක් දමලා පටන් ගත්තු මාතෘකාව මන් අවසන් කරන්නෙ

නෑ තාරුණ්‍යයට සීමා මායිම් කොහෙවත් නෑ..යන හරි  මඟ පෙන්නුවහම ඒ අය යන්නෙ තමන්ගෙ ඉලක්කවලට මුළු සමාජයම ඉදිරියට ගෙන යමින්..\\

මම මෙහෙම කිව්වෙ 2012 ඔක්තෝම්බරයේදි ,


http://www.liyanna-liyanna.blogspot.com/2012/10/blog-post_15.html

\\අදටත් මන් කවුරු හරිම නව නිර්මානයක් කරලා තිබ්බොත් ඒ දිහාවෙ උනන්දුවෙන් , ආසාවෙන් බලලා තෘප්තියක් ලබන්නෙ..

ටෙක්නො 2012 ප්‍රදර්ශනය රටේම ඉංජිනේරු සහ තාක්ෂණික  දියුණුව විදහා පාන ප්‍රදර්ශනයක් නිසා මම ඒක බලන්න හැම සැරේම යනවා. අද 14 ඉරිදයින් ඉවර වෙච්ච මේක බලන්න ගියත්..අපොයි 2012 මෙච්චරද ඉංජිනේරු සහ තාක්ෂණික  පැත්තෙන් අපි ළං කරගෙන තියෙන්නෙ කියලයි මට නම් හිතුනෙ මොකද්දෝ ලොකු අඩුවක් තිබ්බා...ඒ නිසාම වෙන්න ඇති වෙනදා තරම් ප්‍රදර්ශනය බලන්න සෙනඟක් හිටියෙන් නෑ මන් ගිය වෙලාවෙ නම්..


මේ ප්‍රදර්ශණය 18වෙනි වතාවටනෙ තියන්නෙ..10 සැරයක් විතර බලලා ඒකෙ තිබ්බ දේවල් දැකලා දැකලා අර කුකුලගෙ මොකද්ද එක සුදු පාටයි වගේ වෙලාද මන්දා මට..
කොහොම වෙතත්..ටිකක් අසතුටින් ඒත් අපේ පාසල් ළමුන්ගේ නව නිර්මාණ අංශයට ගියේ..ප්‍රදර්ශනයෙදි නොලැබිච්ච සතුට, තෘප්තිය එතනින් ලැබේවි කියන අදහසින් තමයි..\\



හැම අවුරුද්දෙම ඔක්තෝම්බර් , නොවැම්බර් මාස එනකොට බලාගෙන ඉන්නෙ මේ ප්‍රදර්ශන බලන්නම තමයි..


පහුගිය 29 වෙනි සිකුරාදා අර සිංගර් එකේ ප්‍රදර්ශනය බලන්න ගියහම දුටුවා සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් 2013 ප්‍රදර්ශනය තියෙනවා කියලා මෙතන..සෙනසුරාදා වැඩඇරිලා එමින් ගමන් එතනට යනවයි කියලා හිතා ගත්තෙ සිකුරාදම තමයි.


ඒත්...


උදේ 10.15 ට විතර තේ එකක් බොන්න කැන්ටිම පැත්තට යනකොට ඔෆිස් එකේ හිටි අය කලබලෙන් දුවනවා දුටුවහම මම ඇහුව ඇයි කියලා. බීඑමයිසීඑච් එක ගිනි ගන්නවලු..මාව හිටිවැටුනා..මාත් ඒ පැත්තට ශුවලා යන කොට දුටුවෙ මහා දුම් වලාවක් අහසට නගින හැටි..




ඕකෙ ඉතුරු කතන්දරේ මේ වෙනකොට හැමෝම දන්නවනෙ මාධ්‍ය හරහා..


ඔය සහසක් නිමැවුම් ප්‍රදර්ශනය තියන්න තිබිලා තියෙන්නෙ ස්ථාන හතරක. පාසල්, වාණිජ, විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල හා ජාතික..විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල හා ජාතික අංශයට අයත් නව නිර්මාණ තිබිලා තියෙන ඔය තාවකාලිකව හදපු ප්‍රදර්ශන ස්ථානය තමයි ගිණිබත් උනේ..


එතන ප්‍රදර්ශනය කරන්න ගෙනාපු පෙට්‍රල්, විදුලි හයිබ්‍රිඩ් උදුනක් ක්‍රියාත්මක කරන්න ගිය නිර්මාපකයගෙ අයියා අතින් කාන්දු වෙච්ච පෙට්‍රල් වලට ඉණි ඇවිලිලා එතන තිබ්බ පෙට්‍රල් භාජනයත් ගිනි අර පැය භාගයක් වගේ සුළු කාලයක් ඇතුලට සම්පූර්ණ ප්‍රදර්ශන ශාලාවම එතන තව මොහොතකින් ආරම්භ කරන්න තිබ්බ ප්‍රදර්ශන භාණ්ඩත් එක්කම ගිණිබත් උනා.


ගින්න නිවන්න මහන්සි වෙන සිය ගානක් අස්සෙ මමත් කලේ ඒ වේලාවෙ මම අතේ තිබ්බ කැමරා ෆෝන් එකෙන් එහෙන මෙහෙන් ෆොටෝ කීපයක් අර ගෙන පොඩි වීඩියො ක්ලිප් එකක් ගහ ගත්ත එක. දකින මොහොතේ ඉඳන්ම හිතට දැනුනෙ කෝටි ගනනක්නෙ මේ පිච්චෙන්නෙ කියන දුක්බර අදහස..හිත කඩා ගෙන වැටුනෙ..මේ පිච්චෙන්නෙ මම බොහොම ආශාවෙන් බලන්න යන්න හිටි නව නිර්මාණ ගොන්න කියලා ඇහිච්ච වෙලාවෙ මට දැනිච්ච කම්පනය නම් කියලා නිම කරන්න බැහැ..


ඒක මුළු දවස පුරාම තිබුනා..මම මූනු පොතට එකතුකල ෆොටෝ සහ වීඩියෝ ටිකෙන් තව එක වැඩක් වෙලා තිබුනා. ඒ තමයි ප්‍රසිද්ධ මාධ්‍යය ආයතනයක මම දන්න මල්ලි කෙනෙක් හරහා මගෙන් අහලම ඒ ටික එයාලගේ ආයතනික වෙබ් සයිට් එකේ පල වෙච්ච එක..අහම්බෙන් ගත්ත ෆොටෝ ටික උනාට ඒකෙන් යම් ප්‍රයෝජනයක් උනා කියලා මට සෑහීමකට පත් වෙන්න පුළුවන්..


ආයි ආයි දකින කොට දුක උනත් මේ තියෙන්නෙ ඒ ෆොටෝ ගොන්න..


































 හැබැයි පාසැල් අංශයේ නව නිර්මාණ තිබුනා මම සෙනසුරාද ඒක බලන්න ගියත් එච්චර හිත එකඟ කරන් බලන්න හිතුනෙම නෑ...











අදාල බළධාරීන් මේ විනාශ වෙලා ගිය නව නිර්මානකරුවන්ට අත දෙන්න වැඩ පිළිවෙලක් හදලා කියලා ආරංචි වෙනවා. ඒක හිතට සැනසීමක්..නැත්නම් අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා තමන් කරපු දේ මෙහෙම අළු වෙලා ගිය එක කාට නම් වාවන්න පුළුවන් වෙයිද ?



47 comments:

  1. වැඩක් නෑ මචන් කියලා. අනික මගේ පපුව පත්තු උනේ මේකලු චොගම් එකට ආපු උන්ට තිබුන මාධ්‍ය මධ්‍යස්ථානේ. ඒ වෙලාවේ මේක උනා නම් කොහොමද. කොහොමත් බූරූ බලධාරින්ගේ වැඩ තමයි ඔය. ඇමතියා නම් ඇවිල්ල හිනාවෙලා ගියා. ඌගේ ලබ්බක් වත් මේකේ නෑ නේ. නිර්මාන කරපු මිනිස්සු තමයි අමාරුවේ. සමහරු ඇඬුවා.. අපෙත් ඇස් තෙත් උනා...

    ReplyDelete
    Replies
    1. මම එතන හිටි විනාශ වෙච්ච නව නිර්මාන කරුවන් කීප දෙනෙක් එක්කම කතා කලා.ඒ ගොල්ලො හිටි මානසිකත්වය එක්ක කතා කරන්න බෑ..සමහරුන්ගෙ ජීවිත කාලෙම යොදලා තිබ්බෙ ඒකට..සේරම අළුවෙච්ච අළු ගොඩ දිහා බලා ගෙන හිටියෙ..ඒ ඇස් ඇතුලෙ තිබ්බ වේදනාව...මම ඒ පැත්ත කතා කලේම නෑ ලිපියෙන්..මොකද අපිට මේ බ්ලොග් එකෙන් හම්බ වෙන ලබ්බක් නැති උනාට කීප දෙනෙක් කියන්නෙ අපි මිනිස්සුන්ගෙ දුක විකුනන් කනවා කියලනෙ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එහෙම එක එකාට බයේ කියන්න ඕන දේ කියන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඊට වඩා ජාතික අපරාධයක්..

      Delete
    4. ඒ කතාවත් ඇත්තම තමයි මාතලන්..

      Delete
  2. අපිට නම් කණින් කොනින් ඇහුනේ වෙනී මහත්තයාගේ සාදර අනුග්‍රහයෙන් ගින්නක් ඇවිත් කියලා. ඔය රට්ටු කියන්නේ බොරුද එතකොට?

    මේවගේ අවිදිමත් විදියට ඔය සම්මන්ත්‍රණ ශාලාවේ දැන් කීප පාරක්ම වැඩ කරන්න ගිහින් ප්‍රශ්න වුනා නේද? කලින් අර මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මට නම් තේරෙන්නේ නෑ මේ මිනිස්සු මේ රටේ මිනිසුන්ගේ ජීවිත වලට දෙන වටිනාකම මොකක්ද කියලා? දැන් ඔය වෙච්ච අලාභහානියට ගැලපෙන වන්දියක්වත් ගෙවන්න රජය සැරසෙනවද? ළමයින්ගේ බලාපොරොත්තු ගැන ඉතින් මොන කතාද?

    ReplyDelete
    Replies
    1. අපොයි බූරු බබා රට්ටු කියන කතා විශ්වාස කරන්ඩෙපා අප්පා.
      ඔය තාවකාලික ගොඩනැගිල්ල අවුරුදු 2ක් තිස්සේම තියෙනවා. බිත්ති හාඩ්බෝඩ් වගේ පේන්නෙ..වහල මොනා හරි රෙදි වර්ගයක්..පොඩි ගින්නත් ඇති ක්ෂනිකව සේරටම ඇවිලෙන්න..පැය භාගෙන් ඉතුරු උනේ යකඩ සැකිල්ල විතරයි...ඒ නොසැලකිල්ල ගැන නම් කියා වැඩක් නැත..

      Delete
  3. සැහෙන්න දුක හිතුන සීන් එකක්.අහින්සක උත්සාහවන්ත මිනිස්සුනෙ දෙවල් නැති උනෙ එකයි දුක

    ReplyDelete
    Replies
    1. ඒවා ගොඩනගලා දෙන්න උදව් දෙනවයි කියන්නෙ..ඒත් ගින්නට මොහොතකට ඉස්සෙල්ලා ඒ ගොල්ලන්ගෙ කොයි තරම් නම් බලාපොරොත්තු ගොඩක් තියෙන්න ඇතිද ?

      Delete
  4. ඔය තියෙන්නේ පින්තූර. අපි ඔතනට යනකොට ගින්නක් ගැන දැනගෙන හිටියේ නෑ. නමුත් පිච්චිලා ඉවරවෙච්ච ගොඩනැගිල්ල වටේ පොලිස් ටේප් ඇදලා SOCO කට්ටිය පිරිලා හිටියා දැක්කා. එතකොටත් මේක මොකක්ද කියලා කියන්න කවුරුවත් හිරියට දැනගෙන හිටියේ නෑ.
    BMICH එකේ නිළ ඡායාරූප ශිල්පියා කවුද කියන එක ගැන දැන් සැකයක් හෝ විවාදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. සිද්ධිය වෙනකොටත් ශොපිං ගිය අය වෙන්නෙ මොකද්ද කියලා දැනන් හිටියෙ නෑ..එලියට එනකොට සේරම වෙලා ඉවරයි..

      Delete
  5. මේ ගොඩනැගිල්ල සැලසුම් කරපු උන්නැහේලා මෙතරම් ඉකමනින් ඇවිලෙන ද්‍රව්‍ය වලින් මේක හැදුවේ ඇයි. මේ ගොඩනැගිල්ලෙන් පිටවෙන්න හදිසි දොරටු නොතිබුනේ ඇයි. ගිනි නිවන ක්‍රමයක් සැලසුම්කර නොතිබුනේ ඇයි. ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණවත් තරම් නොසිටියේ ඇයි. මේ ඔක්කොම යට ගහලා හෙට අනිද්දට අර උදුන නිපදවූ තැනැත්තා හිරේ යවයි.

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව හදපු ගොඩනැගිලි නෙ විචාරක..ඒවා දිගටම පාවිච්චි කරපු එක ! මම දුටුවා ටීවී ප්‍රවෘත්ති වල අර පොඩි ගිණි නිවීමේ උපකරනත් උස්සගෙන දුවන්නෙ අල්ලපු ගොඩනැගිලි වලින්...රිජිෆෝම් වලින්ද මන්දා හදලා තිබ්බෙ..එහෙමයි පිච්චුනෙ..

      Delete
  6. වැරැද්ද මේකයි ඕක රිපීට් වෙන එක වලක්වන්න කිසිම ක්‍රියාමාරගයක් ගන්නෙ නැති එක... නොසැලකිල්ලෙන් ක්‍රියා කරපු නිලධාරී කවුද කියල හොයා බලන්නෙවත් ඒකට දඬුවමක්වත් නැත්නම් ඊලඟ පාරත් ඔහොම වුනාම හූලන්න තමයි අපට තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආඃ.........සපර ගොමු කොල්ලෝ......

      Delete
    2. වැරැද්දට අර නිර්මානකරුවා අල්ලලා බේරෙයි..එච්චරයි...ඕක අමතක වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ..

      Delete
  7. මට ආපු එකම ප්‍රශ්නෙ ඔවැනි ස්ථාන වල,විශේෂයෙන් ගින්දර භාවිතා කරද්දීවත් ගිනි නිවීමේ උපකරණ භාවිතා කලයුතුයි කියා පාලන අංශය නීතියක් විදියට හෝ ක්‍රියාත්මක නොකර තිබුනෙ ඇයිද කියලයි.

    ReplyDelete
    Replies
    1. හරි නම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ගිනි නිවීමක් හරි තියෙන්න ඕනි..එතන හිටි අයෙක් කීවා ..කවුරු හරි වතුර දැම්මා කියලත්..වැලි තිබිලා නෑ..

      Delete
  8. පහුගිය දවස්වල news බලලා නෑ. කියවලත් නෑ.
    අය්යෝ අපරාදේ....:(

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි..කියලා වැඩක් නෑ..

      Delete
  9. අඩේ මමත් යන්න හිටපු තැනක් බොල....

    ReplyDelete
    Replies
    1. ඇත්තමද ලබන අවුරුද්ද වෙනකම්ම ඉන්න වෙනවා එහෙනම්..

      Delete
  10. ඒ ලිප අනතුරු දායක වැඩි නම් ඒ දේ දුර දිග ගෙනියන්න දීපු අය, ඔතනට ගෙන්න අවසර දීපු අය, නිසියාකාර ගිනි ආරක්ෂණ ක්‍රම නැතිව ඕක සංවිධානය කරපු අය ගැන වෙනුවට දැන් කතා කරන්නේ ඒ අයිය මලෝ දෙන්න ගැන විතරයි වගේ..

    අද කාලේ බහුතරේ වගේ වෙන්න යන්නේ නැතිව, ළමයි නව නිර්මාණයක් කරන්න හිතුවත් එකට තෑගී දෙන්න ඕනි. ඔය ලිප කියන විදියට මහා ලොකු නිර්මාණයක් නොවුනට එහෙම දෙයක් හදන කෙනෙකුට තව දේවල් කරන්න පුළුවන් කියන එක අමුතුවෙන් කියන්න ඕනි නෑ. අඩු පාඩු හදාගෙන ආයේ දෙයක් කරන්න ඒ අයට උදවු කරන්න ඕනි.

    ඊ ළඟ වතාවේ ඉඳලවත් හොඳ සැලසුමකින් වැඩේ කෙරෙයි කියල බලාපොරොත්තු තියා ගමු.

    මීට අවුරුදු ගානකට කලින් හොඳ ගිනි ආරක්ෂණ සැලසුමක් මම දැක්කා. ඉලෙක්ට්‍රොනික බඩු කඩයක ගින්නක්. නගර සභාවේ ගිනි නිවන ඒකකේට කියපු ගමන පිඹගෙන ආවා ගිනි නිවන රථය. හැබැයි වතුර බවුසරයක් නෑ. ටික වෙලාවක් යන කොට බවුසරයක් හොයාගෙන ආවත් ඒකෙ වතුර තිබුනේ නෑ. ආයේ ගිහින් වතුර හොයාගෙන ඇවිත් වැඩේ කරන කොට ගින්න නිමෙන්නත් කිට්ටුයි. පස්සේ නම් විදේශාධාර එහෙම අරගෙන ටිකක් පිළිවෙලට ගිනි නිවීමේ ඒකකය හදල තියෙනවා. ඒත් ඊට පස්සේ දන්නා තරමින් හරි හමන් ගින්නක් වුනේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් රාමා මේ සිද්ධිය මතක තිබ්බොත් ලබන අවුරුද්දෙ හොඳට කරයි කරලා කියලා නම් හිතෙනවා..මේකෙ නම් ගිනි නිවන රථ එනකොට ගින්න නිමිලා ඉවරයි..

      Delete
  11. ඔය වගේ අනාරක්ෂිත දෙයක් ඔතන ක්‍රියාත්මක කරන්න යනකොට ඒකෙ තියන අනතුරුදායක භාවය ගැන තක්සේරුවක් ඔතන සංවිධානය කරන අයට වැටහෙන්න තිබ්බ. එහෙම දෙයක් විවෘත ස්ථානයක තියන්න තිබ්බ. ලංකාවෙ ඒ වගේ තත්වයක් නැති එක ගැන කණගාටු වෙන්න ඕන.
    බැරිවෙලාවත් ප්‍රදර්ශනේ පටං ගත්තට පස්සෙ ඔය දේ උනානං ඔයිට වැඩිය තත්වෙ බරපතල වෙන්න තිබුණ.

    BMICH නිල ඡායාරූප ශිල්පී තනතු‍රින් පිදුම්ලද ප්‍රියන්ත වෙනිවැල්පිටිය මහතාට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. හප්පා මිනිස්සු ඉන්න වෙලාවක උනා නම් ලොකු ජීවිත හානියක් උනත් වෙන්න තිබුනා මල්ලි..

      Delete
  12. බොහොම කණගාටුදායක සිදුවීමක්. මෙන්න මේ ලිපියත් මේ සම්බන්ධව
    සංවේදී - ඛේදවාචකයේ අතුරු කතා

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර ඒ ගෝලයො දෙන්නා එක්ක මම කතා කලත් එක්ක නොදැන උනත්..

      Delete
  13. අර පහුගිය ලිපියෙ (2012) මොරටුව විශ්වවිද්‍යාලය අහපු ඔළුවෙන් වැඩ කරන රෝදපුටුව ආබාධිත රඛවිරුවෙක් දැන් පාවිච්චි කරනවා මිහිඳු සෙත් මැදුරේ. මොනවා වුනත් අපේ රටේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි ආරක්ෂණ විධිවිධාන (Safety protocols) නැති එක. දෙයක් වුනාම තමයි හේතු හොයන්නේ. බැරි වෙලාවත් ඔය ගින්න ඔය දොරටු දෙක ළඟ වුනා නම් සියක් දෙසීයක් මිනිස්පු ඒක ඇතුලෙම අළු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඒක ප්‍රායෝගිකව පාවිච්චි වෙනවා කියන එක අහන්න ලැබීමත්..එහෙම නොවුනේ වාසනාවකට වගේ මල්ලි..

      Delete
  14. මම දැන ගත්තෙ දැන් නේ....

    ReplyDelete
    Replies
    1. සෙනසුරාදා මේක බ්‍රේකිං නිව්ස් එක වෙලා තිබුනෙ හැම ටීවී මාධ්‍යයකම..

      Delete
  15. මේ වගේ තැන් වල ගිනි නිවන උපකරණ තිබ්බේ නෑ කිව්වහමත් පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ක්ෂණිකව ගිනි ගත්තා..ශාලාව ඇතුලෙ ස්වයංක්‍රීය ගිණි නිවන පද්ධතියක් තිබුනා නම්.. ඒත් අවාසනාවකට එහෙම එකක් තිබ්බෙ නෑ...

      Delete
  16. http://ctkumara.blogspot.com/2013/12/blog-post.html?m=1

    ReplyDelete
  17. සමහරුන්ගේ පේටන්ට් බලපත්‍ර පවා ගිනිබත් වුනාලු නේද? ඒවා ආපහු ගන්න විදිහක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ මල්ලි..ගොඩක් ජාත්‍යන්තරව සහතික ගත්ත ඒවා..ඒවා නම් ගන්න බැරි වෙයි මයෙ හිතේ,,

      Delete
  18. අපේ බ්ලොග් සගයෙක් මේ වැඩේට මූලික වෙලා තියෙනවා.
    http://sanwedi.blogspot.com/2013/11/blog-post_9491.html

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියෙ..මම කමෙන්ටුවකුත් දැම්මා

      Delete
  19. දැන් බලපන් වෙනී මෙවැනි දේ දිගින් දිගටම සිද්ද වෙනකොට ඒ දේවල් වලක්වන්න ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න සිරිතක් තියනව නේද.කෝ එහෙම දෙයක් මේ අන්තිම එක වේවා කියල අපි පැතුවට පැහැදිලිවම මෙය අන්තිම ගින්න නොවේ.
    අර අහිංසක තරුණයන්ගෙ ජීවිත් කාලයකම මහන්සිය ගින්නට බිලිවෙලා යද්දී ඒ අය ඇස්වල කඳුළු පුරෝගන ඉන්නව මම දැක්ක මාධ්‍යයෙන්.
    මේ අය පාඩම් ඉගෙන ගන්නේ කවදද

    ReplyDelete
    Replies
    1. හරි නම් මුළු රටම මේ සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනි..ඒත් එතන වත් පාඩමක් ඉගෙන ගත්ත පාටක් නෑ..

      Delete
  20. මගෙ යාලුවෙක් හදපු ගඩොල් කපන යන්ත්‍රයත් මුළුමනින්ම පිච්චිලා.බුවා හරිම හිතේ අමාරුවෙන් තමයි ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුක ඇති..බලපු අපිටත් මෙච්චර දුක නම්...

      Delete
  21. අනේ පව්...මටත් ඔය ආරංචිය ආවම ගොඩාක් දුක හිතුනා...කොච්චර මහන්සි වෙලාද මේ ළමයි මේවා හදන්න ඇත්තෙ...සමහරු තමන්ගෙ මව්වරුන්ගෙ කණකර පවා උකස් කරලා වෙන්න ඇති නිෂ්පාදන වියදම පියවගන්න ඇත්තෙ...නිසි අධීක්ෂණයක් කරලා ප්‍රමාණවත් වන්දි මුදලක් දෙනවා නම් හොදයි...වෙනී අයියා හොම්බ දිග කැමරාවට වඩා ගති ෆොටෝ ෆෝන් එකෙන් ගන්නවනෙ බොලේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මේ ෆෝන් එකේ කැමරාව හසුරුවන්න ලේසියිනෙ..

      Delete
  22. අපි හරිම අවාසනාවන්තයි ලියන්නා. මෙතනදිත් උනේ තරැණ දක්ෂ නිර්මාණ කරැවන්ට අපරාධයක්. ඒ නිර්මාණ කරන්න ගිය ශ්‍රමය, ධනය හා කාලය ගැන දන්නේ නිර්මාණ කරැවම පමණයි.

    ReplyDelete
    Replies
    1. හැමෝටම කරන්න බැරි දෙයක්නෙ නව නිර්මාන..ඒ නිසාම වෙච්ච පාඩුව නම් කියා නිම කල නොහැකියි..

      Delete