ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, December 7, 2013

ස්ත්‍රීයක් දූෂණය කරන්නේ ඇයි ? සමාජ අපගාමීත්වයේ ප්‍රවනතා Social deviance - Rape

පහු ගිය කාලෙ මූණු පොතේ ගොඩක් අය බෙදා හදා ගෙන තිබුනු මේ කතාව බහුතරයක් කියවලා නම් ඇති මයෙ හිතේ..මමත් මගේ මූනු පොත් බිත්තියෙ බෙදා ගත්තා මතකයි. මතක හැටියට මේ කතාව ආයි මෙතන දාන්නම්කො නොදුටු අයට කියවන්න..

ඔන්න තර්කවතී සහ ගණිතවතී ගමනක් ගිහින් පොඩ්ඩක් හැන්දෑ ජාමේ ආපහු ගෙදරට එනවලු. ගෙදර යන්න හැතැප්ම එකහමාරක් විතර තියෙන්න ගන කැලෑවකුලු. ... පාළු සහ අහල පහල ගෙවල් මුකුත්ම නැති. ඔය කැලෑවෙ භාගයක් විතර එනකොට දෙදෙනම දුටුවලු තමුන් පිටි පස්සෙ තරමක් ඈතින්  මහ මරුමුස් මනූස්සයෙක් එනවා. (හරි හරි ඉතින් උඩුරැවුලකුත් තිබුනා කියමුකො මිනිහට ඉවරයිනෙ..ඕකට ඔච්චර උඩ පනින්ඩ ඕනියෑ..)

දෙන්නා බයේ ගැහි ගැහී උනත් මෙහෙම කතා වෙනවලු..

ගණිතවතී - අපි යන මේ වේගෙයි අර මිනිහා එන වේගෙයි බැලුවහම 100%ක්ම සුවර් තව විනාඩි 10න් මිනිහා අපි ළඟ.

තර්කවතී - ඔව් පාළු පාර අහල පහල ගෙවල් දොර්වල් මුකුත්ම නෑ. මිනිහගෙ මරුමුස් පෙනුමත් එක්ක ශුවර් එකටම අපි දෙන්නගෙන් කෙනෙක් දූෂණය කරනවාම තමයි

ගණිතවතී - අපි දුවන්න ගත්තොත් මිනිහත් දුවන්න ගනී. දුවන වේගෙ බැලුවත් අපි සාරි ඇඳ ගෙන  දුවන නිසා විනාඩි 18ක් යනකොට අපි දෙන්නවම අහු වෙනවා

තර්කවතී - හරි අපි ඉස්සරහ තියෙන දෙපැත්තට බෙදිච්ච පාරවල් දෙක දිගේ දුවමු. එතකොට එක්කෙනෙක් හරි බේරෙනවනෙ. පස්ස නොබලා  දුවන්න ගමු එහෙනම්..

පාරවල් දෙකේ දුවන්න ගත්ත දෙන්නගෙන් ගණිතවතී පස්ස නොබලාම ගෙදර දුවල හති දම දමා බලන් ඉන්නවලු දැන්..මෙන්න විනාඩි 5ක් 10ක් යනකොට තර්කවතීත් දුවන් ආවලු..හති හැරලා ඉවර වෙලා..

ගණිතවතී - මොකද උනේ අනේ ?

තර්කවතී - මොනවා වෙන්නද විනාඩි 20 ක් යද්දෙ මිනිහා මගේ ළඟටම ආව. හතියයි බයයි හින්දා මමත් නැවතුනා..

ගණිතවතී - ඉතින් ඉතින් ?

තර්කවතී - මොනවද ඉතින් මිනිහා කෙල පෙරාගෙන මම දිහා බලන් ඉන්නවා අඩිය අඩිය මට කිට්ටු උනා. මමත් ඒ වගෙ වෙලාවකදි ඕනිම ගෑණියෙක් කරන දේ කලා

ගණිතවතී - ඒ මොකද්ද ?

තර්කවතී -  මම සාරිය ඉස්සුවා

ගණිතවතී - ඉතින් මිනිහා ?

තර්කවතී - මිනිහත් ඒ වගේ වෙලාවක ඕනිම මිනිහෙක් කරන දේ කලා.

ගණිතවතී - ඒ මොකද්ද ?

තර්කවතී - මිනිහා කලිසම පහත් කලා දනිස්ස ළඟට

ගණිතවතී - අයියෝ ඉතින් ඔයා මොකද කලේ 

තර්කවතී - මම උස්ස ගත්ත සාරිය පිටින්ම ගෙදර දිව්වා මොකද සාරිය උස්ස ගත්ත ගෑණියෙක් දුවන වේගෙන් කලිසම පහත් කර ගත්ත මිනිහෙකුට දුවන්න බෑයි කියන එක තර්කානුකූලයිනෙ.

මේ කතාව මම ලියන මේ දූෂණ ගැන ලිපියට කොහොමද ගලපා ගන්නෙ කියලා පොඩියක් හිතන්නකො..

මම ඇසුරු කරන අයියා කෙනෙක්ගෙ කතාවක් ඇසුනු සැනින් මට මතක් වෙච්ච ශාස්ත්‍රීය පොතක තිබ්බ පර්යේෂනයක කරුනුත් එක්ක ගලපලා බොහොම කඩතොලු තියල ලිව්ව ලිපියට තරමක හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. සාමාන්‍යෙන් ලිපියක් හරි අන්තර්ක්‍රියාකාරීත්වයක් තියෙන යමක් කරනකොට ඒක බලන කියවන අයට පුරවන්න කඩතොලු ටිකක් තිබ්බහම ඒකට ලැබෙන ප්‍රතිචාර ඉහල යනවා. ගහක ෆොටෝ එකක් දාලා මේ ගහක් කිව්වොත් ඒකට ඌණපූරනයක් නැහැනෙ. ඒ ගහක් තමයි. ගහකට කිව්වොත් නෑ මේ හරකෙක් කියලාවත්..ඕන් කට්ටියට කියන්න දෙයක් තියෙනවා..මොන හරකෙක්ද ගහකට හරකෙක් කියන්නෙ කියලා..නැත්නම් දාන්න වෙන ප්‍රතිචාර තමයි. ශා නියම ගහක්..ලස්සනයි...පට්ට පට පට..ශෝක්..අදමයි දැක්කෙ.. වගේ ප්‍රතිචාර තමයි. ඒ නිසා මම බොහෝ වෙලාවට හිතා මතාම කඩතොලු තියෙන්න හරිනවා අනිත් අයට පුරවන්න..

ස්ත්‍රී දූෂණය කියන්නෙ මොන විදියකින් බැලුවත් සාධාරනීකරනය කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. මිනිස් කමට නිගා දෙන අමානුෂික , තිරිසන් ක්‍රියාවක් තමයි කෙනෙක් ස්ත්‍රීයක් බලෙන් දූෂණය කරනවයි කියන්නෙ. ඒක ගැන නම් කිසිම තර්කයක් නෑ. මගේ පුද්ගලික මතය තමයි නිසියාකාරව ඔප්පු වෙන ස්ත්‍රී දූශකයනට දැඩි දඬුවම් දෙන්න ඕනියි කියන එක.

Deviance and Control : Theory , Rea search and Social Policy By Craig B. Little පොතේ හැටියට මේ පර්යේෂනයෙන් හෙලි වෙලා තියෙන අනිකුත් කරුණු මෙහෙමයි වෙන්නෙ..

දූෂණය කියන්නෙ බලහත්කාරයෙන් අනෙකාගේ කැමැත්ත නැතුව ලිංගික කාර්යයේ යෙදීම..මේ කියන දූෂණය ඔවුන් හතරාකාරයකට හඳුනා ගෙන තියෙනවා

1. විවාහයේ සිදුවන දූෂනය Marital Rape

2. සේවස්ථානයේ සිදුවන දූෂණය Workplace rape

3. යෝජිත හමුවීම් වලදී සිදුවන දූෂණය Date Rape

4. නිල වශයෙන් නීතිවිරෝධී යැයි පිළි ගන්නා  බලහත්කාර  දූෂණය Official Illegal  forcible rape

මේ හතරෙන් පළමු වෙනි එක අපේ සමාජයෙත් සාමාන්‍යයෙන් නීතිමය දූෂණයක් විදියටයි සැලකෙන්නෙ නෑ. බිරිඳගෙ අකමැත්තෙන් කලොත් ඒක දූෂණයක්.. බහුලවම දකින්න පුළුවන් අංක දෙක සහ තුන.. බොහොම වෙලාවට මේ සිද්ධීන් සමාජයෙන් එළියට ඇවිත් නීතිය ඉදිරියට යන්නෙ හරිම කලාතුරකින් තමයි. අවසාන එක තමයි බොහොමයක් වෙලාවට නීතිය ඉදිරියට ඇවිත් නීතිය පසිඳලීමේ ක්‍රියාවලිය හරහා යම් දෙයක් සිදු වන්නෙ..ඒත් සමාජීය පරිචය අනුව ඒවත් නීතිය ඉදිරියට නොයා වින්දිතයා විඳවමින් සිටින තත්වයක් තමයි පේන්න තියෙන්නෙ. අපේ රටේ නම් මේ පිළිබඳව සමාජීය පර්යේෂණ කෙරෙනවාද යන්න සැක සහිතයි. එහෙම කෙරෙනවා නම් ඒවා ප්‍රචාරය වීම සහ යම් යම් ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒවායේ යොදවා ගැනීම කොහොමද කියන්න මට හරි හැටි අදහසක් නැහැ. කෙරෙනවා නම් හොඳයි. නමුත් එහෙම කරනවා නම් එන්න එන්නම දූෂණ වැඩි වෙන්නෙ ඇයි කියන ප්‍රශ්ණය නිතැතින්ම හිතට නැගෙනවා.

අපේ  සුමිත්ගෙ අදහස මෙතනට බොහොම ගැලපෙන නිසා ගෙඩිය පිටින්ම ඔන්න දැම්මා. 

\\1. මූල්‍යමය - ද්‍රව්‍යමය හෝ මානසික අල්ලස් හරහා අපේක්ෂිත ස්ත්‍රිය අර්ධ වශයෙන් මෙල්ල කරගෙන කරන දූෂණය. මෙහිදී ස්ත්‍රිය ශාරීරික හිංසනයකට භාජනය නොකෙරේ. වරකට වඩා අපෙක්ෂා කරයි ( සමස්ථ පරමාර්ථය ලිංගික තෘප්තියමයි)

2. අපේක්ෂිත ස්ත්‍රිය උපක්‍රමශීලීව කොටුකර තර්ජනයෙන් හෝ බියගැන්වීමෙන් දූෂණයට ලක්කරයි. වරකට වඩා අපේක්ෂාකරයි. ( මූලික පරමාර්ථය ලිංගික තෘප්තියයි/ මතු අවස්ථා අපේක්ෂාවෙන් හිංසාකාරී ආධිපථ්‍ය මුදාහරී. අවි හෝ බලය භාවිතාකර තර්ජනයෙන් සිද්ධිය යටපත් කරගනී)


3. අපේක්ෂිත ස්ත්‍රියක් නැත. ක්ෂණික සිතුවිල්ලක් මත මෙල්ල කරගත හැකි ස්ත්‍රියක දූෂණයට ලක්කෙරේ. (දූෂණයට ලක්වන ස්ත්‍රිය නොහඳුනයි) නැවත වරක් අපේක්ෂා නොකරයි. දූෂණයෙන් පසු පැන යයි. (මූලික පරමාර්ථය ලිංගික තෘප්තියයි)


4. අපේක්ෂිත ස්ත්‍රිය උපක්‍රමශීලීව කොටුකරගනී. (ඇය හඳුනයි). කෲර ලෙස දූෂණය කරයි. අනතුරුව ම්ලේඡ්ච ලෙස මරා දැමේ. (මූලික පරමාර්ථය පලිගැනීමයි. ලිංගික තෘප්තිය නොසැලකේ)


5. අපෙක්ෂිත ස්ත්‍රියක් නැත. ක්ෂණික ආවේග මත ක්‍රියාකර, ස්ත්‍රියක කොටු කරගනී. කෲර ලෙස දූෂණය කරයි. අනතුරුව මරා දැමේ. (ලිංගික හෝ වෙනයම් පරමාර්ථයක් නැත. සිදුවීමෙන් පසු බෙහෙවින්ම පසුතැවිලි වේ).\\


දූෂණයට ලක් වෙච්ච ස්ත්‍රීයගේ තත්වය නම් අපේ සමාජයේ හරිම දුක්ඛිතයි. අර දූෂණය වෙච්ච වෙලාවෙ දැනුනා වගේ සිය දහස් ගුණයක් වේදනා වලට මූන දෙන්න වෙනවා. ඒ නිසාම ආකල්පයක් ගොඩනැගෙනවා දූෂණය වෙල ඉන්නවට වඩා හොඳයි මැරෙන එක කියලා. කොයි තරම් නම් අවර ගනයේ පරිචයක්ද අපේ සමාජයේ තියෙන්නෙ ? කෙටි කාලීන සහ දිගුකාලීනව විඳින්න වෙන මානසික පීඩාව ගැන කතා කරන්න වෙනම ලිපියක් ඕනි වෙයි.. ඒ පීඩාව සමාජයට එන්නෙ නැති එක අවාසනාවක්. මොකද සියළුම එය කියවිය යුතුයි..
දූෂණය කියන අවර ගනයේ අපරාධය වෙන්න හේතු මොනවද කියලා විග්‍රහ නොකර එය වලක්වා ගැනීමට මේ පර්යේෂනයෙන් යෝජනා කරලා තියෙන දේවල් කතා කරමු. ඒ යෝජනා වලින් ඒ අපරාධය වෙන්න හේතු ගොඩක් විග්‍රහ වෙනවා.

ගත යුතු ක්‍රියාමාර්ග පුද්ගලික සහ ආයතනිකමය වශයෙන් දෙකොටසකට බෙදෙනවා. 

පුද්ගලිකව ගත හැකි ක්‍රියා මාර්ග

1. යම් කිසි දූෂණයක් වීම නැවැත්වීම පිළිබඳවට වඩා කාන්තාවන්ට දූෂණයක් වැළැක්වීම පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම. වෙන්න ඔන්න මෙන්න තියා නවත්තන්න දඟලනවට වඩා වෙන්න තියෙන ඉඩකඩ වලක්වන්න අවශ්‍ය දැනුමින් සන්නද්ධ කරන්න ඕනි.

2. අවදානම් අවස්ථා හඳුනා ගැනීම සහ ඒවයින් ගැලවී සිටීමට අවශ්‍ය දැනුම ලබා දීම.

3. ස්වකීය ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය නිපුනතා ඉගැන්වීම. මෙහිදී ආත්මාරක්ෂක සටන් ක්‍රම ලොකු පිටුවහලක් වේවි.

4. දූෂණයකට ලක්වෙන එක වලක්වා ගන්න බැරි අවස්ථාවක නම් කටයුතු කලයුතු ආකාරය පිළිබඳ උපදෙස් දීම

ආයතනිකමය වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග

1. ආර්ථික, දේශපාලනික සහ නීතිමය තත්වයන් ඉදිරියේ ලිංගික සමානාත්මතාවය ආරක්ෂා වෙන විදියට නීති පද්ධතිය සැකසෙන්න ඕනි. අපේ රටේ නම් මේ සමානාත්මතාවයේ බොහෝ අඩුලුහුඬු කම් තියෙනවා.ඒකට නිදසුන් නම් 100ක් 200 උනත් එක පේලියට පෝස්ට් 10ක් 15ක් ලියන්න පුළුවන්

2. නීතිය ප්‍රතිසංස්කරනය විය යුතුයි ලිංගිකමය පහර දීම් කොතැන සිද්ද උනත් ඒක නීති විරෝධී ලෙස සලකන්න පුළුවන් වෙන විදියට.

3. නීති ප්‍රතිසංස්කරන එන්න ඕනි විත්තිය සහ පැමිණිල්ල සමානව සහ සාධාරනව සැලකිල්ලට භාජනය කෙරෙන. මොකද අද තත්වය වින්දිතයා දූෂණය වෙන්නෙ එක වරයි. නීතිය ඉදිරියට ගියහම තව සිය වරක් දුෂණය වෙනවා කියන ආකල්පය ගීන්නක් නැතුව දුමක් නගින්නෙ නැහැනෙ..

4.  අධ්‍යාපනික මැදිහත් වීමක් වෙන්න ඕනි පිරිමින්ගේ කාන්තාවන් පිළිබඳව තියෙන ආකල්පමය වෙනසක් කරන්න. කාන්තාවො කියන්නෙ ඕනිම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් බඩු කියන ආකල්පයත් වෙනස් වෙන්න ඕනි ඔය කියන මැදිහත්වීම තුලම..

5. දූෂණයන්ට පොළඹාවලන මාධ්‍ය උපායමාර්ග වෙනුවට ඒක වළක්වාලන උපායමාර්ග එළි දක්වන්න ඕනි

6. ආර්ථිකමය සහ සමාජීය වශයෙන් අසහනයෙන් ඉන්න පිරිස් වල ඒ අසහනය නැති කරන්න හෝ අවම කරන්න අවශ්‍ය උපාය මාර්ග ප්‍රතිසම්පානයන වෙන ඕනි.

ඔන්න ඔහොමයි ඇමෙරිකාවෙ කරපු පර්යේෂනයෙන් කියන්නෙ. ඒවයි බොහොමයක් හෝ සියල්ලම අපේ සමාජයටත් යොදා ගන්න පුළුවන් කියන එක නම් මට වැටහෙනවා. 

අපේ සමාජයේ ඔය ස්ත්‍රී දූෂණයට අමතරව පොඩි මල් කැකුළු වගේ ඉන්න දරුවන් දූෂනය කරන එක බහුලවම දකින්න තියෙන දෙයක්. ඒකත් මහ පිළිලයක් තමයි.

ඒකට නම් අවදානම් කලාපයේ ඉන්න සියළුම ළමයින්ව දැනුම්වත් කරන්න ඔනියි කියලයි මට නම් හිතෙන්නෙ..

ඉන්දියා වෙ ළමයින්ව මේ ආකාරයෙන්  දැනුම්වත් කරනවා නම් අපේ රටේ බැරි ඇයි මේ වගේ දෙයක් කරන්න..හොඳින් බලන්න පහල දාලා තියෙන වීඩියෝව. අපේ රටේ මේ පොඩි දුර යන්න තව කිලෝමීටර් කීයක් නම් යන්න ඕනිද ? තව මල් කැකුළු කීයක් නම් තැලෙලා පොඩි වෙන්න ඕනිද ?

https://www.facebook.com/video/video.php?v=307919075995969

ඒ ළමයට උනාට අපේ ළමයට නම් වෙන්නෙ නෑ කියන අධි මානසිකත්වයෙන් මිදුනු දවසට යම් ඵලදායී ක්‍රියාමාර්ගයක් එළියට එයි මයෙ හිතේ...

න්‍යාය සහ යෙදීම් බිහි උනේ මොන රටේද කියලා හොයනවට වඩා ඒකෙන් ඉස්මතු කරන කාරණයේ යෝග්‍යතාවය ප්‍රස්තුත කාරණයට ගැලපෙනවා නම් එය යොදා ගත යුතුයි කියන ආකල්පයේ ඉන්න එක සහ හඳ පෙන්නනකොට ඇඟිල්ල විවේචනය කරන සමාජයක මේක උඩුගං බලා පීනිමක් වන බව නම් නොකියාම බෑ..

 මගේ මුල් ලිපිය ලියන කොට ලියන්න  සැලසුම් කරලා තිබුනු කොටස මෙතනින් අවසන් උනත් පහුගිය ලිපියේ කමෙන්ට් හරහා මගේ හිතට ආපු අදහස් කීපයක් තමයි මේ. 

මේ වගේ මාතෘකා වෘත්තිකයන් විසින් කතා කරලා පර්යේෂණ කරලා ඒවයේ විසඳුම් සහ යොදාගැනීම් ජාතික මට්ටමේ සැලසුම් ප්‍රතිපාදනයේදි මූලික කර ගන්න ඕනි. ඒ ගැන තර්කයක් නෑ. නමුත් අපරාධ එන්න එන්නම වැඩි වෙන ප්‍රවනතාවය දුටුවහම වෘත්තිකයන් නිදිවදිනවාද යන්න සැකයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඇයි ඔවුන්ගේ ප්‍රයත්නයන් එළියට එන්නෙ නැත්තෙ කියන එකත් හොයන්න ඕනි දෙයක් තමයි.


දූෂණයකට ලක් උනහම මැරෙන එක ඊට වඩා හොඳයි කියලා ආකල්පයක් ගොඩනැගෙන සමාජයක සියල්ලන්ගේම ආකල්ප වෙනස් කිරීමේ වැඩපිළිවෙලක් යෙදෙන්න ඕනි ඒක වෙනස් කරන්න. 89 මිනීමරු හමුදාවක් කියන සංකල්පයේ ඉඳන් 2010 වෙනකොට රට ජාතිය බේරගත්ත රණවිරුවන් කොටසක් කියලා මලින් පුදන්න ආකල්ප වෙනස් උනා නම්..මේක මොකද්ද ? ඒඩ්ස් රෝගීන් අද  බහුතරයක් පිළිකුල් කරන්නෙ නෑ .. ඔවුන්ව ආදරයෙන් වැළඳගන්න කැමතී ..එහෙනම්..

තමුන්ගේ ලෙයින් උපන් දරුවනුත් දූෂණය වෙන සිද්ධීන් අහන්න ලැබෙන නිසා අනේ ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ අපේ ළමයි විතරක් බලා ගෙන හිටියම ඉවරයි කියලා ගොඩනැගෙන පසුගාමී ආකල්පයත් නැවතත් ප්‍රශ්ණ කිරීමට ලක් විය යුතු කාලයක් තමයි මේක. තමුන්ගේ නංගි කෙනෙකුට හරි බිරිඳට හරි උනා නම් මෙහෙම විග්‍රහ කර කර ඉඳීද කියලා අහන අයට කියන්නෙ...නෑ ඌ ඒ වෙලාවෙ අතට අහු උනානම් මරලා මාත් හිරේ ගිහින් උන්ගෙ පවුලයි මගේ පවුලයි දිගු කාලීනව සමාජයේ අනාථ කර ගනී මමත්. මොකද මමත් සාමාන්‍ය මනුස්සයෙක් හින්දා.. 


ඒත් විය යුත්තේ එයද ? යන්න මට තවමත් ලොකු ප්‍රශ්ණයක්..
නෑ ඒක වෙන්න ඉස්සර වළක්වා ගන්න කරන්න දෙයක් තියේ නම් කරනවා අදම..


 2013 දෙසැම්බර් 08 වන ඉරිදා පුවත් පත් මෙසේ පලකොට තිබිනි.

http://www.sundaytimes.lk/131208/columns/lankas-rape-plague-set-to-burst-75646.html

ලිංගික අතවර සපිරි සුබ අනාගතයක් මැයෙන් සුදර්ශන සමරවීර රාවය 2013/12/08 පුවත්පතට ලියූ ලිපියද වැදගත් කරුනු රාශියක් එලි කරයි.  //

17 comments:

  1. //ඉන්දියා වෙ ළමයින්ව මේ ආකාරයෙන් දැනුම්වත් කරනවා නම් අපේ රටේ බැරි ඇයි මේ වගේ දෙයක් කරන්න..// ඒක ඇත්ත.

    ReplyDelete
  2. ළමයින්ට අදාල වයස්වලදි ඔය ගැන දැනුමක් දෙන්නෙ නැතුව හැම දෙයක්ම කුණුහරුප කියල වහගෙන ඉන්න එකෙන් සෑහෙන විනාශයක් වෙනව නොදැනුවත්කම හින්ද. මමනං කියන්නෙ අදාල වයස්වලදි ඒ වයස්වලට ගැලපෙන ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕන කියලයි. නගරබදව කෙසේ වෙතත් ගම්බදව ලොකු වෙලාවත් ඔය අධ්‍යාපනය ලබාගන්න ක්‍රමයක් නැතිවෙන්න ඉඩ තියෙනව.

    ReplyDelete
  3. 'ලිංගිකත්වය පිළිබඳ කරුණු සැඟවීම' තමයි ගොඩක් දුරට ඕකට හේතු වෙනවා ඇත්තේ. ලංකාව හැටියට නම් මං දකින ප්‍රධාන හේතුව ලිංගික අධ්‍යාපනය අඩුකම. එතකොට ලිංගික කුතුහලය වගේම ලිංගික අසහනය වැඩි වෙනවා......

    ReplyDelete
  4. දැනුවත් බවක් ළමයි තුල තිබ්බත් කුතුහලය නිසා ළමයි මේ වැනි තත්වයන්ට නොදැනුවත්වම ගොදුරුවෙනවා. මොකද අද කාලේ අසභ්‍ය දෑ නැරඹීමේ හැකියාව බොහෝසෙයින් ඉහල ගොස් තිබෙන නිසා, ඉතින් මෙවැනි දේකදී ඇත දැකීමක් වින්ද බලන්න පෙළඹෙන එකත් එක්තරා හේතුවක්. මේ සඳහා විසඳුමක් තිබේද?

    ReplyDelete
  5. ඊයෙ පෙරේදා වෙනී මාමගේ පෝස්ට් එක කියවපු වෙලාවෙ ඉඳලා ඔය වගේ අවස්ථා වලින් බේරෙන්න ගන්න පුලූවන් ක්‍රියාමාර්ග ගැන පෝස්ට් එකක්ම ලියන්න අත කසනව.. අර කවුදෝ කිව්ව වගේ ජීවිතේනෙ ඔය ඔක්කොටම වඩා වැදගත්... ඒත් වෙලාව නෑ මේ දවස් ටිකේ... පස්සෙ දවසක වත් ඒවා ලියල දාන්න හිතාගෙන මේ පෝස්ට් කියෝල නිකා ඉන්නව දැනට...

    ReplyDelete
    Replies
    1. අනේ ඉක්මනට ලියන්ට හිරු.

      Delete
  6. මට මේක ලියපු එකා රේප් කරන්න හිතෙනවා.. දිග වැඩියි.. සරළ නෑ...

    ReplyDelete
    Replies
    1. මූ වැල් පෙනෙල බීල බීල ලේසි වෙන එකක් නෑ, ඒත් කමන්නෑ මාත් එන්නං. මොකද අර පරණ කතාවට පස්සෙ ටිකේ මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ.

      Delete
  7. වෙනි......ලිංගික අධ්‍යාපනය ඉතාම කුඩා වයසේ සිට උගන්වන, වඩාත් විමසිල්ලෙන් සිටින සිවිල් සමාජ සහ සංවිධාන ඇති රටක් ලෙස සැලකෙන එංගලන්තයේ ළමුන් එල්ල කර සිදුවෙන විශමාචාර සම්බන්ධව ඔබට තොරතුරු ටිකක් සපයන්නම්. මම පුදුමයට පත්වුනා...
    Crime statistics on sex offences
    England and Wales

    18,915 sexual crimes against children under 16 were recorded in England and Wales in 2012/13.

    35% of all sexual crimes (53,540 sexual crimes in total) recorded in England and Wales in 2012/13 were sexual crimes against children under 16.

    In 2012/13 the police in England and Wales recorded:

    5,156 offences of rape of a female child under 16

    1,138 offences of rape of a male child under 16

    4,171 offences of sexual assault on a female child under 13

    1,267 offences of sexual assault on a male child under 13

    6,634 offences of sexual activity involving a child under 16

    176 offences of abuse of children through prostitution and pornography

    373 offences of sexual grooming.

    In 2012/13 the police in England and Wales also recorded 192 offences of abuse of a position of trust involving a child under 18.

    More than one third (39%) of all rapes recorded by the police in England and Wales in 2012/13 were committed against children under 16 years of age.
    From: Office for National Statistics (2013) Appendix table A4 In: Crime in England and Wales 2012/13: findings from the British Crime Survey and police recorded crime (xls).

    Police recorded over 23,000 sex offences against children aged under 18 years in England and Wales between April 2012 and March 2013.
    From: Information obtained by NSPCC from all 43 police forces in England and Wales under the Freedom of Information Act. See: NSPCC (2013) Courts unjust to child sexual abuse witnesses. NSPCC press release 7 October 2013. London: NSPCC.

    ReplyDelete
  8. මෙතනදි සමාජ විද්‍යාත්මක කාරණාවකුත් රේප් අස්සෙ තියෙනවා කියලා මට හිතෙනවා. අද කාලෙ යොවුන් වයසේ තරුණ තරුණියන් එකට ගැටෙන අවස්ථා අඩුයි..බාලක බාලිකා පාසැල් වෙනම. ටියුෂන් වලත් දෙගාල්ල දෙපැත්තක.. එක එක ඉවෙන්ට්ස් තිබුනත් ඒවයිදි ගෑනු පිරිමි නිකං ඒලියන්ස්ලා වගේ හැසිරෙන්නෙ... මේ වාගේ ගැටලුවක් දියුනු රටවල නැහැ. නමුත් ඉන්දියාවෙ ලංකාවෙ තාම ඒ වගේ දේවල් පවතිනවා.. පිරිමි ළමුන් සහ ගැහැනු ළමුන් එකට හැසිරෙන්න ලැබෙන නිදහස්කාමී වටපිටාවක් ඇතිවුනාම අඩුතරමෙ තමුන්ගේ ක්ලාස් එකේ ගෑනුලමයා එක්ක තනියට යන්න හරි කොල්ලෙක් සෙට් වේවි.. එහෙම මුර වැඩේට හරි කොල්ලෙක් හොයාගන නැති කෙල්ලො කී සීයක් නම් තාමත් වේලි වේලි ඉන්වද. එහෙම කෙල්ලන්ට සමාර විට ස්ත්‍රි දූසනයක් වත් වෙනවනම් කොස්සර හොදද කියලා හිතෙනවා ඇතාි.. අපි බටහිර දේවල් ඉගෙනගත්තට සමහර එහේ තියෙන හොද දේවල් අරගෙන නැහැ. මම නම් හිතන්නෙ රජය මගින් හිතලා මතලා යොවුන් වයසේ තරුණ ගැහැනු පිරිමි එකට ගැටෙන අවස්ථා වැඩිකරන්න වැඩපිලිවෙලක් ගේනවා නම් හොදයි..

    ReplyDelete
  9. මටත් කලින් ලිපිය මීට වඩා සරලයි වගේ. :)

    ReplyDelete
  10. අරු ඉදිරිපත් කරලා තියන සංඛ්‍යා ලේඛන දැක්කහම මට හිතුනේ, ඇත්තම වෙනස තියෙන්නේ දූෂණ සිදුවීම හෝ නොවීම කියන කාරණය මත නෙමෙයි, දූෂණයක් සිද්ධවුනාට පස්සේ සමාජය ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්දිතයාව ආරක්ෂා කිරීම ඇතුළුව.

    ReplyDelete
    Replies
    1. තිසර.......ඇත්තටම මේ දත්තයන් සමාජයට ඉදිරිපත් වීම පවා හොඳයි...ඒ කියන්නේ මේ සිදුවීම් වාර්තා වෙනවා කියන එකනේ.....අනිත් එක එවැනි සිදුවීම් සම්බන්ධව වින්ධිතයා වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග තියෙනවා කියන එකයි....තිසර කියනවා වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සහ වින්ධිතයාට නියමිත රැකවරණය තමයි වැදගත්.

      Delete
  11. දැන් කාලෙ ස්ත්‍රී දූශණයක් කියන්නෙ ලොකු දෙයක් නෙමෙයි... ඒක දැන් පොඩි හොරකමක් වගේ.... අනේ මන්ද අපේ රටට යන කලදසාව....

    ReplyDelete
  12. ලොකු සංවාදයක් යන්න ඕනේ මාතෘකාවක් මේ ...මම දන්න දෙයක් තියෙනවා... දෙවෙනි තුන්වෙනි වතාවටත් ධූෂණය වෙන්නේ නීතිය හමුවට ගියාමයි... අසරණ මනුස්සයා තවත් අසරණ වෙනවා .... :(

    ReplyDelete
  13. මදැ මන් ලියන්නා අයියගේ බ්ලොග් එත කෙල්ලෙකුට කියන්න දුන්නා එයාගෙ ලිංගික අධ්‍යාපනේ කොච්චරද කියනවනම් කියෝලා ඉවරවෙනකොට වෙනි අයියා අතින් දුෂනය උනා වගේලු :D

    ReplyDelete
  14. කෑම බීම මෙන්ම මෛතුනය ජීවිතයට අත්‍යවශ්‍ය දේ.
    යහපත් ආශ්‍රය නොමැති වීම තව ලොකු හේතුවක්.
    ලිංගික අධ්‍යාපනය අත්‍යවශ්‍යයි

    ReplyDelete