සයිබරය හරහා සමීප උනු දහසක් මිතුරු දම් ආයිමත් අළුත් කර ගන්න... හමු නොවෙච්ච දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් ගැන හෝරාවක් දෙකක් වදනක් දොඩන්න..වගේම සයිබරය හරහා විතරක් සමීප උනු තමන්ගේ බ්ලොග් එකේ ආදරණීය පාඨකයන වගේම තමන් ප්‍රිය කරන බ්ලොග් එක ලියන අය හමුවන්න ඔන්න ආයෙමත් සයිබරයේ ගෙට්ටුවක් තියන්නයි යන්නෙ..
http://cyberfestival.blogspot.com/2013/11/set.html
වැඩි විස්තර ගන්න යන්නකෝ මේ ලින්කුවෙන් අදාල බ්ලොග් අවකාශයේ මිතුරෝ අඩවියට..
මේ තියෙන්නෙ මූණු පොතේ ඔය ගැන තියෙන විස්තර..මම මේ ටික මෙතනට කොපි කරලා දැම්මේ අපේ සහෘදයක් කීප දෙනෙක්ම ඉන්නවනෙ මූණු පොතේ නැති..ඒ අයට දැන ගන්නයි..
ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිත්.. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙනවා.. මෙවර බ්ලොග් ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවා. ඒ තමයි මෙවර තියෙන්නෙ Beach Party එකක්.. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න මේ සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නෑ.. ඉතින් ලංකාව පුරා විසිරි ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලොකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවා..
*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )
*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00
*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම සහිතව බලා ගැනීමට පහත සබැදිය(link) භාවිතා කරන්න
http://goo.gl/maps/MdRGp
වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙමු..
*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්..
*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවා ..
*වැඩි විස්තර දැනගැනිම සඳහා සංවිධායක මණ්ඩලයේ පහත සාමජිකයින් සම්බන්ද කරගන්න
නලීන් දිල් රුක්ෂ - 0777 210 068
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
රසික නානායක්කාර - 0718 252 735
අසංක සෙනෙවිරත්න - 0779 060 830
මුදියා නොහොත් සමියා - 0714 108 681
මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න පුළුවන්.
https://docs.google.com/
වැඩි විස්තර සදහා බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියට පහත සබැදීය ඔස්සේ පිවිසෙන්න
http://
--------------------------
ඔබගේ බ්ලොග් සඳහා විජට් -
<a href='http://
<script language="JavaScript">
TargetDate = "12/21/2013 8:00 AM";
BackColor = "none";
ForeColor = "white";
CountActive = true;
CountStepper = -1;
LeadingZero = true;
DisplayFormat = " %%D%% %%H%% %%M%% %%S%% ";
FinishMessage = "ගෙවී අවසන් ය!";
</script>
<script language="JavaScript" src="http://
</div></a>
මම මූණු පොතේ මේ සැරේ ගෙනියන්නෙ නෙගටිවෙ ඇඩ්වටයිසින් පාරක්..අද අළුතෙන් ඉන්න පරම්පරාව කරන්නෙම මොනා හරි එපා කිව්වොත් ඒ දේම හින්දා..මම හිතුවා එහෙම වැඩක් කරන්න..
මොකද පහුගිය අවුරුද්දක ගාල්ලෙ තිබ්බ ගෙට්ටුවෙ ෆොටෝ ගොන්න අතරේ සැරි සරන කොට දුටුව සමහර ෆොටෝත් එක්ක මට ආපු අදහස් එක්ක "මඩ" ෆොටෝ ටිකක් හදන්න තමයි මට ඕනි උනේ..
තර්ජන ගර්ජන ගොඩක් ආවත් අපි නම් යන්නෙ නෑ ව්‍යාපාරය නැගලා යනවා..එහෙම ෆන් එකකුත් තියෙන්න එපාය ඉතින්...
හැබැයිමට මෙදාපාර කැමරාව එලියට ගන්නවත් දෙයිද මන්දා සමහරු නම් ...
එහෙනම් ඉතින් එදාට අපි හමුවෙමු !
අනේ වෙනි අයියේ දුක කියන්නේ මට එන්න වෙන්නේ නැති එකයි. ඇයි යකෝ මම ලංකාවේ ඉන්න කාලවලදී මේ ගේට්ටු නැත්තේ.
ReplyDeleteanna hari.. enna epaa oya get walata...
Deleteapi nam yanne ne wyaapaaraya....
මම හිතන්නෙ දෙසැම්බරයෙ තිබ්බෙ රට ඉන්න ගොඩක් උදවිය ලංකාවට එනවනෙ දෙසැම්බරයෙ ඒ නිසා කියලයි..ඔබත් දෙසැම්බරයේ එන්න ඊළඟ සැරේවත්...
Deleteඅනේ වෙනීයෝ... බැරිද ඔය කමරාව අස්සටම දාල තියා ගන්න.,...
ReplyDeleteසලකා බලන්නම්කො ! ඒත් සුවර් එකටම හා කියන්න නම් බෑ...
Deleteමෙදාපාර කැමරාව විතරක් නෙමේ වෙනියවත් හොයාගන්න ලැබෙන එකක් නෑ.. :)
ReplyDeleteඇයි ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ මාව පැහැර ගෙන යන්නවත් ප්ලෑනක් තියේද අප්පා ???
Deleteඉතාම වටිනා අවස්ථාවක් මඟ හැරෙන එක ගැන දුකයි. ලංකාවේ හිටියානම් සහතිකවම එනවා. ඊළඟ එකවත් අපි ලංකාවට එන කාළයක තිබුනොත් සහභාගි වෙනවාමයි. ගෙට්ටුව සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!!!
ReplyDeleteසාමාන්‍යෙන් ගෙට්ටුව දෙසැම්බරයෙත් අවුරුදු සැනකෙලිය අප්‍රේල් 20 ගනන් වලත් තමයි තියෙන්නෙ..
Deleteකොහොමත් කැමරාව එලියට ගන්න හම්බ වෙන්නේ නම් නැති වරයි! ;)
ReplyDeleteඒ ඇයි නාඩියා ? බනිස් බදා ගෙන කාපුවා ලෝකයටම් පෙන්නලා කොයිතරම් ලොකු සේවයක් කලාද අපි අවුරුදු උත්සවේදි !
Deleteඅපිටත් බෑ බං අය්යෙ
ReplyDeleteවීයත් ඔය කාලෙ මෙහේ නැද්ද ?
Deleteඅයිය එන්නෙ සැඟඋනු අමුත්ත විදියටද?
ReplyDeleteඑහෙමවත් එන්න වෙයි වගේ මල්ලි..
Deleteවෙනි අයියා සැගවුන අමුත්තාට හිටපු සැරේ දිනපු එකාගේ තෑග්ග දුන්නේ නැහැ කියලා නාකියා එදා ඉදන් අද වෙනකම් බ්ලොග් එක ලියලා නෑ ....
Deleteඅලුත් ව්‍යාපාරයට සුබ පැතුම් !
ReplyDeleteහිහ්..දැනටමත් සාර්ථකයි වගේ සෙන්නා..
Deleteඋඹ යටින් ඉඳන් මේ දෙන සහයෝගයට බොහොම ස්තුතියි වෙනී. ප්‍රචාරණ කලාවේ නව මානයට සුබ පැතුම්
ReplyDeleteමට ඉතින් එදා ඉඳන් පුරුදු දේනෙ නලියා..
Deleteබොලා කොහොමත් ගෙට්ටු දාන්නෙ අපි ලංකාවෙ නැති කාලෙක තමා
ReplyDeleteඅයියෙ එන්නකො දෙසැම්බර් හරි අප්‍රේල් හරි..මොකක් හරි සෙට් වෙනවා සුවර්..
Deleteදාපන් අගෝස්තුවෙ. ළමයි ඉන්න උන් එන්නෙ ඒ කාලෙට
Deleteහාහ් වෙනිගේ කැමරාව ..නරියාගේ කැලෑව වගේය හික් හික් හි
ReplyDeleteහොඳ දෙයක් දුටුවොත් ඒ පැත්තට දික් වෙනවා නම් තමා ඉතින් !
Deleteඅපිත් එනෝ.........
ReplyDeleteඑන්න එන්න ඔය ගොල්ලො නැතුව වැඩක් තියේයෑ !
Deleteදුක තමා වෙනි අයියේ ඊළඟ නිවාඩුව වෙනකන් :(
ReplyDeleteආහ් ඔව්නෙ මල්ලි ඒත් අප්‍රේල් කාලෙදිද ඊළඟ නිවාඩුව ? එහෙනම් අවුරුදු උත්සවේට සෙට් වෙන්න පුළුවන්නෙ..
Deleteඅපි නම් එන්නේ නෑ :v
ReplyDeleteමම වගේ කීවොත් ඒ කියන්නෙ එනවා කියන එකනෙ..
Deleteආ වෙනී මාමේ....... හම්බෙමුකෝ මේ පාරත්... දෙන්නං මඩ පාර......... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හා හා කට කට ! කට ඉස්සර ගන්නෙ නෑ ඕන් !
Deleteබලමු මගේ ඩයරිය බලන්න කියල සෙකට්‍රිට කියන්න වෙනවා..කියන්න බැහැ නේ..අපේ කම්පැනිය සමාර කාලවල හිටපු ගමන් අපිට ස්කොල් දෙනවා යුරෝපියන් කන්ට්‍රිස් වලට.. එහෙම එකක් නොවැටේවා කියලා පාර්ථනා කරං ඉන්නවා..
ReplyDeleteඋඹ නාවත් කමක් නෑ සෙකට්ටිරි කෙල්ල එවපන් මල්ලියෙ !
Deleteඅනේ උඹට එහෙම හිතෙනවනම් කොයි තරං දෙයක්ද ?
ReplyDeleteමට හිතෙන්නෙම ඕකෙ අනිත් පැත්තනෙ බන් !
Deleteවෙනියෝ.......ජායාරූප සහිතව විස්තරාත්මක පෝස්ට් එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා.........
ReplyDeleteඑකක් නෙවී දෙක තුනක්ම දානවා අරූ..
Deleteමෙහෙම දේවල් තිබුන කියලනම් දන්නව.එතකොට අපි සයිබර් එකට ඇවිත් නැහැ.තාමත් ආදුනිකයි..එන්න තමයි හිතාගෙන ඉන්නෙ..
ReplyDeleteඑන්න එන්න මෙතන ආධුනික, ප්‍රවීන කතන්දර නෑ අප්පා...සේරම එකයි..
Deleteඅයි බන් අපිට එන්න වෙන්නෙ නෑ කියල ව්‍යාපාරයක් නැත්ද අපිට එකතු වෙන්න. . .
ReplyDeleteඒකනෙ මඟියා අප්‍රේල් වල සෙට් වෙමු අවුරුදු උත්සවේදිම එහෙනම්..
Deleteවෙනි අයියා ආවාට කමක් නෑ.. කැමරාව දාලා එන්න.. අඩුම තරමෙ.. වෙනි අයියා එක්ක කැමරා ෆෝන් එකක් වත් ඇතුළට ගන්න දෙන්නෙපා කියලා මම වගකිව යුත්තන්ට කියනවා.
ReplyDeleteබලමු බලමු වගකිවයුත්තෝ කවුද කියලා ! :-D
Deleteතෝ වරකො.... තියෙනවා ඇරියස් ගොඩාරියක්.... එදාට තමයි අර අවුරුදු උස්සවේ දෙවනි කොටස රඟපාන්නෙ....
ReplyDeleteමේ බෝපැලයක් සේ ඉන්න අහිංසක මට ගහනවා එහෙම නෙවෙයි ඕන්..ආනන්තරීය පාපකර්මයක් වෙන්නෙ !
Deleteවෙනී අයිය ඉන්න තැන කැමරාව නැත්තං ඒක පරිප්පු නැති හෝටලය වගේ. උඹ වගේ ආදරණීයයන් තමයි බ්ලොග් ලෝකය සුන්දර කරන්නේ. ස්තුතියි අයියේ පසුබිමින් ඉඳගෙන දක්වන සහයෝගයට.
ReplyDeleteමඩ ෆොටෝ කන උන් නම් කියන්නෙ ඕකෙ අනිත් පැත්ත තමයි !
Deleteමම මේකට කොමෙන්ටුවක් දාන්නේ නැත.
ReplyDeleteඒ කියන්නෙ එන්න වෙන්නෙ නැත කියන එකනෙ ..
Deleteවෙනියා සට පට ගාල රිප්ලයි ගහනව අනික් පොස්ට් එක දාන්න
ReplyDeleteනෑ බන් මේක තමයි තියෙන්නෙ ඉතින් කාලයක්ම !
Deleteමමත් හරි ආසවෙන් ඉන්නෙ ඔතෙන්ට සෙට් වෙන්න.පරන ආතල් බැලුවනෙ මඩ හරහා.වෙනියත් දෙන්ව නියම පබ්ලිසිටියක් නෙද.එල මචො
ReplyDeleteගාල්ලෙන් බැරි නම් ගම්පහින් අරන් මඩ ගහපං ලොකු මාමෙ...කොහෙ තිබ්බත් බ්ලොග් ලියන උන්ගෙ සුහදතාව වර්ධනය තමයි අපේක්ෂාව...බෝතලේ කඩද්දි අපිවත් මතක් කොරහල්ලා...
ReplyDeleteඅපි නම් එන්නෙ නෑ
ReplyDeleteපුළුවන් කාලෙක එනවා ඕවටත්.ඒත් දැන්ම බෑ.තවම ඉගෙනගන්න අය නෙව අපි.
ReplyDelete